වරාමල් - ශාන්ති දිසානායක
=======================
****1/2
වීරපොකුණේ උපරතන හිමියන්ගේ "පැලෑනෙන් වෙන් කල ඉඩම්" කියවීමෙන් අනතුරුව, "ගොවි ජනපද" මාතෘකා වූ විවිධ වූ ලේඛකයින්ගේ දොළක් උපන්නා. ඒ දොළ සන්සිඳුනු වස්, දෙවනුව කියවීමට යොමු වූයේ ශාන්ති දිසානායකගේ විශිෂ්ඨතම නවකථාව යැයි සැළකෙන "වරාමල්" ය.
ඉහ වහා ගිය දරිද්‍රතාවය, ගිනි කාස්ටක අව්වේ කෙරෙන් ගොයිතැන,හෙනහුරෙකු වැ තිබෙන බේබදුකම, කුලවාදය, බේබදුකම, පෙම් සබඳතා හා පෙම් හබ - මේ සියළු කාරණා ඔවුනොවුන්ගේ ජීවිත වලට බලපාන අයුරු කියා පාන අපූරු නවකථාවකි.
මෙහි කථා නායිකාව ලෙස සැලකිය හැකි නිලන්ති, කථාරම්භයේදි වරාමල් පොහොට්ටු තම නළලේ ගසමින් ඉන් නිකුත්වෙන නදට සවන් දෙන්නී, කථාවසානයේ සියල්ල නැති කරගෙන, බිඳුණු බලාපොරොත්තු ඇතිව, අක්කා තමන් වෙනුවෙන් කල සියළු කැපවීම් ඵල රහිත වීම ගැන දුක්වන්නී, කිසි සුවඳක් නැති, පිණිපොදක් නැති කාස්ටකේ නිබඳව වැවෙන වරාමල් තුලින් තමාව දකින්නීය.
සොබණි නම් මහතුන් පෙමින් බැඳෙන යුවතිය හීන කුලේ යැයි තම පියා "මැහි තෙල්" බීමට තර්ජනය කරයි. ඔහු ඈ නොබැඳ දෙමාපියන් සොයා දෙන අන් යුවතියක් හා විවාහ වෙයි. පසුව තම පියා පුතුට සොබනී හා විවාහ නොවීම ගැන ස්තූතියි වන්නේ, තම පුතු එසේ විවාහ වූවා නම් භව ගණණාවක් හීන ආත්ම ලැබීමෙන් තමන්ව ගලවා ගැනිම නිසාය. මහතුන් ට එවිට ය ඒත්තු යන්නේ, තම පියාගේ තර්ජනයේ භයංකාර බව. දඹලෑව යන ගම නම කියූ පමණින් එහි කුල හීනයන් වෙසෙන බවට තේරුම් යාමට තරම්, කුලවාදය උග්‍රය. කුලවාදය ඉදිරියේ පොලිස් කූඩුව ලැගපු, ස්ථිර ජීවනෝපායක් නොමැති මහතුන්, සොබනිට වඩා උසස් වෙයි.
උපරතන හිමියන්ගේ කෘතිය ජනපද ආරම්භ කාලයේ සිට කියැවෙන්නක් හෙයින්, "කොළණියෝ" පිළිබඳ වඩා කම්පිත ලෙස කියැවේ. ඒ කෘතියේ "කොළනියන්" කුලහීනයන්ට වැඩිය ඉහළය (විශ්ව විද්‍යාල තුල සිසුන් අතර වූ සිදුවීම් ). ශාන්ති දිසානායක, ගොවි ජනපදයක දෙවෙනි නැතහොත් තෙවැනි පරම්පරාවෙන් පැවතෙන්නියක් විය යුතුය. එහිදි, ගොවිජනපද ආශ්‍රිත ප්‍රශ්න අප රට සාමාන්‍ය ගම්බද ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලින් එතරම් වෙන්ස් නොවෙන තරමට ගොවි ජනපද අප රට තුලට ස්වීකරණය වී අවසන් ය. දැන් ජනපදිකයින් පුලන්නන්ට හිර දෙන්නේ නැත.
ඒ අතින් ගොවි ජනපද පිළිබඳ වඩා පරිපූර්ණ හරස් කඩක් උපරතන හිමියන් තම නිර්මාණය හරහා පෙන්වා දෙයි. ඉන් ශාන්ති දිසානායක කථාව අසාර්තක යැයි ගම්‍ය නොවේ - කිමද එයද ඉතා හොඳ නිර්මාණයකි. විෂය වන කාල පරාස දෙකක් වීම වෙනසට හේතුවයි.
( 2013 සැප්තැම්බර් මස 12 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

No comments:
Post a Comment