Tuesday 16 March 2021

තාණ්ඩව - ඉසුරු චාමර සෝමවීර


මීට කලින් මා කියවා තිබුනේ ඉසුරු ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" නම් වූ කෙටි කතා සංග්‍රහය පමණි. එය 2019 ප්‍රකාශයට පත් වූ, මා කිය වූ කෙටි කතා සංග්‍රහයන් අතරින් විශිෂ්ඨම කෘතිය යැයි හැඟිණි. ඉන් ලැබූ රසය හේතු කොට ගෙන, කතුවරයා මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කල තාණ්ඩව නම් කාව්‍ය සංග්‍රහය කියවීමි.

මෙය ඉතා පැහැදිලි ලෙස, බහුතර සාර්ථක රසවත් කාව්‍ය නිර්මාණ වලින් සුසැදි සංග්‍රහයකි. පුළුල් මාතෘකා පරාසයක් ඔස්සේ කාව්‍ය රචනා 74කින් සපිරිය. කාව්‍ය සංග්‍රහයක් ලෙස එහි සාර්ථකත්වය පෙන්වනු වස් නිදසුන් කිහිපයක් ගෙන හැර දක්වමි.

මෙහි එන වඩාත් සාර්ථක් සමහර කවි කෙටි ඒවාය. කාව්‍යමය බව ට හානියක් නොවෙන ලෙස එහි යම් දාර්ශනික අදහසක් ගැබ් වී තිබීම එහි පරිපූර්ණත්වයට හේතු වේ. නිදසුන ක් ලෙස "තාරකා" නම් කවිය අපගේ ක්ෂුද්‍ර බව, මෙහි අල්ප කාලයක් ම සැරිසරණ බව ඒත්තු ගැන්වේ.
 

"අපි බිම බලාගෙන
ලොකු ම ලොකු වැඩකට වගේ
පොඩි පොඩි වැඩවලට
කඩිසර ගමන් යනකොට

වැඩි කඩිසර ගමන් නැති
දිලිසෙන පහන් සිත් ඇති
අපමණ තනිය ඉවසන
ලොකු පොඩි තාරකා
දිලෙනවා අපට නොපෙනී
හිසට ඉහළින් අහසේ"
"ඔයා සතුටින් ද?", කවියත් මා වඩාත් රස විඳි කවියකි. එහි රැගත් ප්‍රතික්ෂේප නොඅකල් හැකි ව්‍යංගාර්ථය එහි රසවත් බවට හේතු වේ.

"ඔයා සතුටින්ද?
ඔව් මං හුඟක් සතුටින්
මඟුලකදී මල ගෙදරකදි
මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි
පොඩි පොඩි විහිළුවලටත්
මහ හඬින් හිනාවෙනවා මං...

රිදෙන්නේ නැතුව
ඉඳිකටු තුඩු මතින් ඇවිද යන හැටි දැන්
දන්නවා හොඳහැටි මං"


ආගමික සිරිතක් ගැන, එම ආගමික විශ්වාසයෙන් බාහිරව හොඳම අර්ථදැක්වීමක්, කවියා ගේ "පහන්" නම් කවියෙන් කියවීමි.

"සැලෙන සිළු එළියට වඩා
පින්බර, දුක් බර මුහුණු

දිවා හිරු එළියට වඩා
සඳ එළිය දනී මිනිසුන් ගැන
ඊටත් වඩා ඒ ගැන
දන්නේ මැටි පහන් එළි

පහන් දැල්වීමෙහි
අරුත් කිම දයි විමසයි
මා සමඟ ආ විදෙස් මිතුරා

ඔබ දකින අරුත හැර
නොමත අන් අරුතක්
ම'මිතුර"

පහත කව සලකන්න. එහි එක් පාර්ශවයක් සතු විශ්වාසය, යම් සබඳතාවක් පරිණත තත්වයට පත් වන  බිහි වන්නකි. සමහර විටෙක පෙරදින වූ යම් මතභේදයක ඡායාවක් එහි තිබෙන්නට පුළුවන. එහෙත් "සරුංගලයේ නූල සවිමත්" ය.

"ඉස්සර වගේ
මා පිට ව එන විට
එන්නේ නෑ ඔබ
පසු ගමන් දොර ළඟට
මඳ මුදු සිනා පා ගෙන

වැතිර ඇඳ පිට
බලා ඉන්නවා දොර දෙස
මා ද පසුකර
ඉතා ඈතක්
නිහඬ ව

ඉගිල්ලෙනවා සරුංගල්
ඉතා ඉහළැට ඈතට
නූල සවි ඇති තෙක්

දන්න්වා ඔබ එය
මට වඩා හොඳට" 
අසම්මත පෙමක් ගැන ලියැවුණු  කවකි, "නුහුරු ඇති ඔබට". එහි, බලාපොරොත්තුව, ආගන්තුක බව සියල්ල ගැබ් ව ඇත.

"වීනස්...
ඔබ සතුව නැත
ම හද පිරිමදින අත්

නැවත පිටතට යන විට
පැළඳ ගන්නා තෙක්
එළියෙන් තබා ආවෙමි
සුපුරුදු වෙස් මුහුණ"
මෙහි එන විශිෂ්ඨතම කවිය ලෙස, දිවි අරුත නම් වූ කවිය දකිමි.  එහි සඟුන් නොමැති කහටගස්දිගිලියේ මූකලන්බද ගමක, අතැරුණු පන්සලක, සිල් සමාදන් වූ මහළු ගොවි මවකගෙන් අප කවියා දිවි අරුත කිම යැයි විමසයි. එහි ඇති සියුම් අරුත, බොහෝ වෙලාවක් විසඳා ගත යුතු කාරණාවකට මුල පුරයි.

"ඇසූ විට නැවත මා
ඈ දකින දිවි අරුත

'පුතේ අපි අතු ගාමු
හැඩි වෙච්චි බෝ මළුව...'
දිවි අරුත නොකියා ම
ඈ කීවේ නිම නොවෙන
මුදු ළදරු සිනාවෙන්"

පෙර කිව් සේ, මෙහි බහුතරයක් කවි රස විඳිය හැක. එහි දුෂ්කර ගැටපද හා තේරුම් ගැනීමට අපහසු, කවියාට පමණක් ගෝචර වෙන ආරේ අරුත් ඇති කවි නැති තරම් ය. එහෙත් ඒ තරමකට සරළ යැයි බැලූ බැල්මට පෙනෙනාකාර කවි පේළි අතර ගැඹුරු අරුත් රැසකි. එය කවියාගෙ කාව්‍යකරණයේ ලක්ෂනයක් යැයි සිතෙනාතරම් ය.

කවියා ගේ කෙටිකතා තරම් ම කවි ද මහත් රස විඳි බවක් නොවළහා කිව හැක.

ශානරය: කාව්‍ය
ශ්‍රේණි ගත කිරීම: ****1/2
2011 ( කර්තෘ ප්‍රකාශනයකි)



සුළු තනිතිත - ජයතිලක කම්මැල්ලවීර

 මා අලුතින් පළ වෙනෙ පොතක් කියවන අවස්ථා ඉතා ම විරළ ය.  එහෙත් විටෙක යම් කතුවරයෙකු ගැන  ඇති කැමැත්ත නිසා, අලුත් පොතක් කියවන්න ට ම සිදු වෙයි. මා කැමති ම ලේඛකයකුගේ පොතක්, ඇරත් ඔහු ගේ මතක සටහන් පොතක් පළ වූ ආරංචිය හේතුවෙන්, එම පොත විගසින් ම මිල ට ගෙන කියවන්න ට යොමු වූවෙමි. ඒ පොත ජයතිලක කම්මැල්ලවීරයන්ගේ සුළු තනිතිත නමැති මතක සටහන් එකතුවයි.


තම පැටි වියේ තම පියා ගේ ඇවෑම, එතැන් පටන් අභියෝග හමුවෙ තම දිවිය ඉදිරියට ගෙනයාම, අධ්‍යාපනයට පැමිණි බාධා, "මිතුරන් තමන් ව ජීවත් කරලීම", විරැකියාව, වාමවාදී දේශපාලනය, විවාහ දිවිය, ලේඛකයකු ලෙස යම් කීර්තියක් ලබා ගැනීම සහ සිය දියණිය ගේ සාර්ථක්ත්වය ආදී අනේක මැයන් ඔස්සේ ඔහු තම දිවි මග දස වන වියේ සිට, පසු ගිය අවුරුද්දේ කෝවිඩ් වසංගත අවධිය දක්වා ගෙන හැර දක්වයි. මෙය මා මහත් රස විඳි කෘතියක් යැයි කීම මුසාවක් ය. මා මෙය මහත් විඳි කෘතියක් ය, ඒ, කතුවරයා ගේ යම් දුක් ගැහැටයන්ගේ පීඩාවන් එම පිටු හරහා අප සන්තානයට ගලා ඒම නිසා ය. කතුවරයා බොහෝ දෑ නොවලහා කියා ඇත. ඒ අතින් අප කතුවරයා නූතනය. පන්සල්, පල්ලි ආශ්‍රිතව කරගෙන යන ළමා නිවාස වල අනේක අක්‍රමිකතා,  අපචාර සිදුවේ. එම අපචාර වලට එම ආයතන වල මුලිකත්වය දරණ පූජ්‍ය - පූජක පක්ෂය ද සම්බන්ධ වන බව නොරහසකි. මීට පෙර අප කිය වූ ඔහුගේ සමහර නිර්මාණ වලින් තම දිවියේ අත්දැකීම් වල ආභාෂයෙන්, තම නිර්මාණ පෝෂණය කොට ඇති අයුරු  අප ට පෙනී යයි.මා මීට පෙර කියවා ඇති "පුරාහඳ" සහ "චක්‍ර" ඊට නිදසුන් ය. පොතෙන් 2/3 ක් පමණ කියවාගෙන යද්දි,  මා කලේ ඔහු ගේ මා සතු නොවූ සියළු නවකතා මිල දී ගැනීමය. ඔහු ගේ සියළු කෙටි කතා සංග්‍රහයන් එක්කෝ මා කියවා ඇත - නැතිනම් අනාගතයේ කියවීම උදෙසා මා සතුව ඇත.


1950 දශකයේ සිට, 2020 දක්වා පමණ වූ කාලය තුල ලංකාවේ සමාජය ගැන එක්තරා කියවීමක් ලෙස ද, අවම වශයෙන් 1970 මුල සිට 2010 දශකය දක්වා දේශපාලන කියවීමක් ද අප ට මෙ කෘතිය හරහා උකහා ගත හැක. එම හෙළිදරව්ව ඉතා ම වැදගත් ය - ඇත්තෙන් ම, කම්මැල්ලවීරයන් විඳි දුක් ගැහැටයන් ගැන විස්තරයන් වලට වඩා, මින් ලැබෙන සමාජ කියවීම ඉතා වටින බවකි, මගේ අවංක අදහස. ඔහු ගේ දිවිගමනේ දුෂ්කරතා හමුවේ පවා, ඔහු පසුගිය අවුරුදු 35 පමණ කාලය තුල, අප රට ඉදිරියෙන් ම සිටින ලේඛකයකු බවට පත්වීම මගින් පැවසෙන්නේ, අයෙකු ගේ උත්සාහයත්, ජීවත් වීම ගැන ඇති උනන්දුව ඇත්තේ නම්, අයෙකු සාර්ථක වීමට ඇති ඉඩකඩ මකා නොහැකි බවකි.

පොතේ අවස්ථා කිහිපයක් පමණක වෙත යොමු වෙමි;

1950 දශකයේ ජීවිතය කෙසේ ද යන්න තේරුම් ගැනීමට පහත උපුටනය ප්‍රමාණවත් ය.

"තාත්තාගේ මුහුණුවර මතක නැතැයි මා කියන විට තාත්තාගේ ඡායාරූපයක්වත් නැත්දැයි කිසිකකුට ප්‍රශ්නයක් මතු වන්නට පුළුවන. ඒ කාලයේ අප උපන් ගම්වල දුප්පතුන් මඟුල් පින්තූරයක්වත් නොගත් බව ද මා ෆොටෝ එකක් ගත්තේ වසර දාසයේ දී විභාගයකට පෙනී සිටීම සඳහා තැපැල් හැඳුනුම්පතක් වෙනුවෙන් බව ද සටහන් කළ යුතු ව ඇත." ( 8 පිටුව )
මේ කියනා ගම, මිනුවන්ගොඩ ආශ්‍රිත ගමකි.


පෞද්ගලික විස්තරයක් ඔස්සේ කෘතියේ කොටසකට යොමු වෙමි. මා මැණියන් කුඩා කල තම පවුලේ උදවිය සමඟ රඹුක්කන ආශ්‍රිතව කලක් ජීවත් වී ඇත. අප කුඩා කල, ඇය අපට රඹුක්කන එක්තරා මගක වංඟු හතක් ඇති බවත්, කලකට පෙර එහි බසයක් පෙරළි කිහිප දෙනෙකු මිය යාම හේතුවෙන් ඒ අසල හොල්මන් සිටින බවත් රාත්‍රියේ ඒ මගේ ඔස්සෙ ගමන් කරද්දි හාවුන් පාර හරහා පනින බවත් පවසා ඇත. ඒ අප කුඩා කල ඈ කී කතාවකි. මා හා නැගණිය ඒ ඔස්සේ මවා ගත් මනෝ චිත්‍රයන් ඔබට සිතා ගත හැක. අනතුරුව අප නව යොවුන් වියේ දී පවුලේ සිව්දෙනා යම් ගමනක් යද්දී ඒ මග ඔස්සෙ ගමන් ගත්තෝය. එම මග ගැන විස්තරයක් මෙහි කියවීමෙන් ඒ මතකය ආවර්ජනය විය.
 

"මා යන පාරේ කන්දක එක ළඟ පිහිටි වංගු හතක් ඇති බවත් වසර කිහිපයකට පෙර එතැන බස් රථයක් පෙරළී කීපදෙනෙකු මියගිය බවත් දැන සිටියෙන් මා ඇවිද්දේ එතැන දී හොල්මනක් මුණගැසෙන බවත් එසේ වුවහොත් කුඩාකල ඉගෙන ගත් ලොකු ම කුණු හරුප කියන්නට පටන් ගත යුතු බවත් සිතමිනි. එහෙත් එතැන නම් හොල්මනක් නොවී ය. වංගු හත නිරුපද්‍රිත ව පසු කළත් ටික දුරක් යන විට පාරේ එක් පසෙක සිට අනෙක් පසට මාරු වෙන්නට එන මිනිසෙකු මුණ ගැසිණ. ඔහු අත ලොකු කුඩයක් ද විය. ඒ මිනිසා කිසිදු කතාවක් නැති ව මට සමීප වී, මගේ මුහුණට එබී බලා, පාර පැන බෑවුමට බැස ගියේය. කළු බල්ලෙක් ද ඔහු සමඟ විය. මා අම්මලා ජීවත් වූ වත්තේ මුරමඬුවට යන විට රාත්‍රී දොළහට ආසන්න ය." ( 59 පිටුව )

1956 න් පසු ව අති වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන මෙසේ සඳහන් වේ:

"අප සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට කලින් අවුරුද්දේ අපේ පාසලේ ද එතෙක් අනිවාර්‍ය විෂයයක් ලෙස තිබුණු ඉංග්‍රීසි ඒ අනිවාර්‍ය ලයිස්තුවෙන් ඉවත් කෙරිණ. එය පීඩිත සිංහල පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහත් සහනයක් ලෙස දැනුණ ද පසුව එය බලපෑවේ ඔවුන්ගේ අනාගතය අඳුරු කරන ප්‍රතිපත්තියක් හටියටය." ( 63 පිටුව )

කතුවරයා තරුණ වියේ දී තමන් පෙම් කල තරුණියක් මතක් කරලමින් ඇය වෙත කෙරෙන ගෞරව පූජාව මා සිත් ගත්තේය. එය මෙසේ ය;

"ඇය මට ආදරය කළේ කවදා හෝ මා මේ රටේ ලොකු ලේඛකයකු වන බවක් දැනගෙන නොවේ. දෙමාපියන්ගෙන් ගුටි කමින් ඇය වසර හතක් ආදරය කළේ නිකමෙකු, අනාථයකු ලෙස සිටි කොල්ලෙකුට ය. එහෙයින් ඇයට ගරු කළ යුතු යයි මම සිතමි." ( 91 පිටුව )
පළමුව වෘත්තීය සමිති මගින් ද, අනතුරුව ඍජුව වාම දේශපාලනය සඳහා ද තම දිවියෙන් වසර පහළොවක් පමණ ඔහු කැප කර ඇති සේය. මේ ගැන යම් කියවීමක් ඔහු ගේ "මාංචු" කෙටි කතා සංග්‍රහයේ එන "පාර මැද" කෙටිකතාව මගින් ඉඟි කරන බවය මගේ අදහස. මේ පොත කියවන්නියක්, එම කෙටි කතාව ද අනතුරුව කියවන්න ට ආරාධනා කරමින්, යම් කුහුළක් රඳවමින්, ඉදිරිය ඇදෙමි. එහෙත් එම කාලයේ අප කතුවරයා වෙසෙසින්,  එකල මන්ත්‍රි ආරක්ෂකයකු ව සිටි රෙජී රණතුංග,  ඇන්. ඇම්. පෙරේරා, වාසුදේව ( ඔහු වාසු ගැන වෙසෙස් අප්‍රසාදයකින් කතා කරයි ), මහින්ද රාජපක්ෂ ආදීන් සමඟ මුසු බව කියවෙන අතර, වෙසෙසින් 1971 කැරැල්ල ගැන ඔහු ගේ කියවීමෙ මෙහි සඳහන් කිරීම වැදගත් යැයි සිතමි.

"පේෂකර්ම සංස්ථාවට අයත් විශාල රෙදි කම්හල් තුනක් ඒ කාලයේ තිබුණි. එහි තුල්හිරියේ පමණක් සේවකයෝ 14000ක් රැකියාව කළහ. ඉන්ජිනේරු සංස්ථාවේ සේවක සංඛ්‍යාව 25000 ඉක්මවීය. මේ සංස්ථා නිසා විශාල තරුණ පිරිසකට රැකියා ලැබුණු අතර ඒවායේ නිෂ්පාදනවලින් රට ස්වයංපෝෂිත වෙමින් තිබිණි. එසේ තිබියදී වුව ද කැරැල්ලක් නිර්මාණය වන තරමේ තරුණ අසහනයක් රටේ පැවති බව 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් ප්‍රදර්ශනය විය. කැරැල්ල මර්දනය කළ ආකාරය ගැන එකඟතාවයක් නැතත් මගේ දේශපාලන දැක්මේ හැටියට එම කැරැල්ල අදූරදර්ශි නායකත්වයක් විසින් මෙහෙයවන ලදුව රට ආපස්සට තල්ලු කළ එකක් විය." ( 123 පිටුව)

වෙසෙසින් 1975න් පසුව පූර්ණ කාලීන් දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලන පොරපිටියේ විස්තර වලින් මෙම පිටු පිරී තිබුන ද, එය කියවන්නියකට විඳ ගැනීමට ඉඩ තබමි. ඊට සමගාමීව, මහත් දුක්ගැහැට අනුභව කරමින් දරුවන් දෙදෙනෙකු සමඟ දිවි ගෙවූ අයුරු ඇත්තෙන්ම පුදුමාකාරය. වරෙක නදී කුඩා දැරිවියක් කාලයේ  බස් රථ අනතුරකින් තම පාදය අහිමි නොකර ගැනීම ආශ්චර්‍යක් බඳු වූ විස්තරය කියවන  විට, ඉබේ ම මොහොතකට මා හුස්ම පහත හෙළීමට නොහැකි විය. එකල වමේ දේශපාලනයේ නියැළුණු නලීන් ද සිල්වා ට ද අප ලේඛකයා ස්තූති පූර්වක වන්නේ, කළු සපත්තු නම් තම පළමු කෙටි කතා සංග්‍රහය පළ කරලීමට කල උදවු මතක් කරලමිනි. වාසු වෙත පල කලාක් මෙන් වර්තමාන විවේචනයක් නලින් වෙතෙ මේ කෘතියේ සඳහන් නොවේ.( ඔහු අද මහින්දවාදියෙකු බවට පත් ව ඇති බව පමණක් පවසන්නේ, ඔහු ගේ එකල උදව් වලට ස්තූති පූර්වක වන ගමන් ය). එකල ගොඩගේ මුදලාලි ගැන සොඳුරු මතකයන් ද මෙහි ඇතුලත් වන්නේය.


මේ කෘතියේ එන වැදගත් කොටසක් ලෙස, අප ලේඛකයා තම සාහිත්‍ය නිර්මාණ භාවිතාව ගැන කරන විස්තරය දකිමි. සමහර ලේඛකයන් වෙත පාඨකයන් ඇදී යාමත්, සමහර ලේඛකයන් කෙතෙරම් උත්සාහ දැරුව ද, යම් විචිකිච්ඡාවකින් ඔවුන් දෙස පාඨකයින් බැලීමට ඇති නැඹුරුතාවෙත් වෙනස මෙය යැයි සිතමි.

"ඒ වන විට අපේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රය අරක් ගෙන සිටියේ දේශපාලන ප්‍රචාරකවාදයයි. පටු දේශපාලන කෙටිකතා ඉහළින් අගය වෙමින් තිබිණි. ප්‍රචාරකවාදයෙන් බැහැර ව දේශපාලන කෙටිකතා ලියන්නේ කෙසේ ද යන්න පෙන්වීම මගේ උත්සාහය විය. මා ලිවේද නිර්ධනයන් ගැනය. එහෙත් මා ඒ චරිත මුහුණ දෙන ප්‍රශ්න මානුෂික කෝණයකින් ඉදිරිපත් කළා මිස ඔවුන් වීරයින් බවට පත් කළේ නැත." ( 156 පිටුව )
'87-'88 භීෂණ යුගයේ ඉන්දියාවට පලා යාම, හා ඒ ඔස්සේ ඇති වූ මිතු දම් මුල් කරගෙන බිහි වූ අපූරු කෙටිකතා කිහිපයක් ඔහුගේ මාංචු සහ කැඩපත් දහයක් ඔස්සේ අපට හමුවේ. මා තවම නොකියවූ සංග්‍රහයන් තුල තවත් "ඉන්දියානු කතා" තිබිය හැක.

අද මා කවුද යන කොටසින්, මෙම මතක සටහන් අවසන් කරන කතුවරයා "සැබවින් ම මා තෘප්තිමත් මිනිසෙකි" බවට පවසයි. මට ඊට එක් කල හැක්කේ, ඔබ ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා, එය ජයගත් මිනිසෙකි කියා ය.  ඒ අනුව ඔබ සතුව අද යම් සතුටක් ඇති බවට මා විශ්වාස කරමි.

අප රට ලේඛකයන්ගේ චරිතෝපාදාන, මතක සටහන් අතරින් මා තවම කියවා ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහ සහ සරච්චන්ද්‍ර යන දෙපළ ගේ පොත් පමණකි. ජී.බී. සේනානායක සහ කේ. ජයතිලක ගේ මතක සටහන් කියවීමට ද ඉටා ඉන්නෙමි. වික්‍රමසිංහ ගේ සහ සරච්චන්ද්‍රගේ මතක සටහන් කියවීමෙන් ලත් වින්දනයට සමාන වින්දනයක් මා මෙම කියවීමේ ක්‍රියාවලිය ඔස්සේ ලදිමි.

ශානරය : මතක සටහන්
ශ්‍රේණිගත කිරීම : *****
ප්‍රකාශනය: විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ (2021)





Monday 15 March 2021

මාංචු - ජයතිලක කම්මැල්ලවීර


 කම්මැල්ලවීරයන්ගේ සියළු කෙටිකතා සංග්‍රහයන් කියවිමේ අභ්‍යාසයක් මා ඇරඹුවේ මීට වසර කිහිපයකට පෙර ය. ඒ අනුව  කළු සපත්තු (1985), මිනිස්සු යක්කු සහ දෙවියෝ ( 1987) සහ තවත් කමලාවියක් (1990) කියවූවෙමි. එවන් අදහසකින් පරිබාහිරව, අහඹු ලෙස අන්තිම කැමත්ත (1994) සහ ඔහු මෑතක ප්‍රකාශ කල එකොළහ (2016) සහ කැඩපත් දහයක් (2019)  කියවා ඇත්තෙමි. ඒ අනුව ඔහු 1992 ප්‍රකාශ කල මාංචු වූ කලි, මා කියවූ ඔහු ගේ හත්වෙනි කෙටි කතා සංග්‍රහයයි. විජේමාන්න, නවගත්තේගම, ඉලයප්ආරච්චි, කාරියවසම් යන සිව්දෙනා සමඟ එක පෙළට සිටිය හැකි අයෙක් ලෙස කම්මැල්ලවීර සැලකිය හැකි අතර, අනූව දශකය මුල වන විට ම කෙටි කතාව වෙනුවෙන්, මහත් පිළිගැනීමට ලත් වූවෙකු ලෙස ඔහු කැපී පෙනෙන්නේ, 1985, 1992, 1994 සහ 2003 වසර වල කෙට කතාව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වීම හේතුවෙනි.

මාංචු, 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේය.

1) අර්ධ වශයෙන් සත්‍ය සිද්ධීන් මුල් කොට ගෙන ලියූවක් දෝ යැයි සැක හිතෙන "එක්තරා නගරයකදී" නම් වූ කෙටිකතාව ඉන්දියාවේ, කාන්පූර් නගරයට, මිතුරෙකු මුණ ගැහීමේ අටියෙන් යන ගමනක් මුල් කොට ගත්තකි. කැඩපත් දහයක් සංග්‍රයේ එන අවසන් කෙටි කතාවේ වන "මායිම් නැති හිත්" හි ද ඔහු ගේ ඉන්දීය මිතුරු මිතුරියන් රැසක් ගැන විස්තර ගෙනෙනාකාරය හේතුවෙන් ම, ඔහු ගේ නිර්මාණ වලට බලපෑ කතා රැගත් යැයි සිතිය හැකි "ජීවිතයෙන් උපන් කතා" කෘතිය මිල දී ගත්ත ද තවම කියවීමට නොහැකි විය. කාන්පූර් ජීවිතයේ දුෂ්කර බව, 1980 දශකයේ අගබාගයේ ඉන්දියානු ජීවිතයේ ඇති දුෂ්කරතාව, ඔවුන් ට දුක් අනුභවය ට ඇති අප්‍රතිහති ධෛර්‍යය, තමනට ඇති දෙයින් සැහීම පමණක් නොව අමුත්තන් සංග්‍රහය ද උපරිමයෙන් ඉටු කිරීම නිර්මාණය තුලට ගොණු කර ඇති අයුරු අපූරුය. 

"දුම්රිය සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදී යද්දී ඊට සමාන්තරව පැමිණි පැල්පත් පේළිය නැවතිණි. එතැන් සිට ඇරඹෙන්නේ ගල් අඟුරු කුඩු ගොඩවල්‍ය. එ අඟුරු කුඩු ගොඩවල් අතර ඇඟත් ඇඳුමත් එක වගේ කළු ගැසුණු ගැහැනු පිරිමි වැඩ කරති. ඔවුන් විසින් අවුස්සනු ලබන දුවිල්ල වෛරයක් පිරිමසන්නට මෙන් නගරය දෙසටම දුවයි." (10 පිටුව )

එම පරිසරයේ ඇති අප්‍රසන්නතාව කෙමෙන් අප කතානායකයා තුලින් මැකී යාම, පාඨකයා ට අඟවා ඇති අයුරු ද අපුරුය.

"නුහුරු සමාජයක, නුහුරු පරිසරයක එක් හමුවීමකින් පමණක් ඇති කරගත් සීමිත දැන හැඳුනුම්කමක් ඇති මිනිසුන් සමග අප කාටත් පොදු වූ හිස් අහස යට, කොන්ක්‍රීට් වහලයක් මත නින්දක්....! විස්මයත් චමත්කාරයත් මිශ්‍ර වූ එම අපූරු අත්දැකීම විසින් මේ නගරය කෙරෙහි මා තුළ උපන් අපුල සෝදන බව මට දැණිණ." (28 පිටුව)
 

කතුවරයාගේ මතක සටහන් පොතේ, වෙසෙසින් මේ ගමනට පාදක වූ සමාජ දේශපාලන වාතාවරණය ගැන පවසයි. එය, මේ අති සාර්ථක කෙටි කතාව,  විශිෂ්ඨත්වයට ගෙන ඒමට හේතු වෙයි.

2)  මේ කෙටිකතාවේ අපට "පිස්සෙකු" හමු වේ. විධායක නිලදාරියෙකු, වෛද්‍යවරයෙකු, භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙස යම් රඟපෑම් කරනා මේ උන්මන්තක යැයි අපිට කියනා තරුණයා, අවසන මේ කියනා යුගය වෙන විට ( අදටත් එහි එතරම් වෙනසක් නැත) "කෑලි" එකතු කර ගැනීමේ රස්සාවක පරිසරයක දී තම රෝගී තත්වය නොපෙන්වයි. මේ අවරෝහණ තත්ත්වය, මතින් මුළු සමාජයක පිරිහීමත්, උන්මන්තකභාවය යන්න ම ප්‍රශ්ණ කරලීමටත් යොමු කරයි. 

3) කම්මැල්ලවීරයන්ගේ එක් සුවිශේෂීයත්වයක් වන්නේ,  තම නිර්මාණ වල මද වේගී ගලායාම් මධ්‍යයේ සියුම් පෙරළීම් කෙරෙනා අපූරත්වයයි. ඉන් පාඨකයා ට තමන් කියවනා නිර්මාණයේ විශ්වාසනීයත්වය තහවුරු වේ.  මාංචු කෙටි කතාවේ එන සිරකරුවා, මුලදී තම වික්‍රමයන් ගැන පාර්ම්බෑවද, තරුණයෙකු ලෙස ස්ත්‍රීන් අසල ගැවසෙන කල තම තත්ත්වය පිළිබඳ ලජ්ජාවීම පෙන්නුම් කර ඇති ආකාරය අපූරුය. මාංචු, අප සිරකරුවා දමා ගන්නේ තමන්ට ම ය - ඒ යමක් සැඟවීමටය.

4) භක්තිය යන්න ඉන්දියානුවන් අතර අදට ත්, ලාංකිකයින්ට වඩා තීව්‍රව පවතින්නක් බවකි මගේ අදහස. අත් උදවුකාරයා සහ ස්වාමියා අතර පරතරය, අත් උදවුකාරයා ම තීරණය කොට ගෙන එය තමන් වෙත පීඩනයක් බවට පත් කරගන්නා ආකාරය මගින් 1980 දශකයේ අග, සාමාන්‍ය ඉන්දියානු සමාජය නිරූපනය කරනා අපූරු ස්ථානයක් ලෙස සැලකිය හැකිය.

5)  ඇල්බ' කැමූ ගේ The Fall වන් ඒකපාත්‍ර භාෂණ නිර්මාණයකින් යම් ආභාෂයක් ලද්දෝ යැයි සිතුණු කෙටිකතාවකි, "බෝල සබන්". සියුම් උපහාසයක් රැගත්, සිය දිවි හානි කරගැනීම වරදක් වන ලෝකයක්, ජීවත් වන මිනිසා නොමරා මැරීමෙ න්‍යාය ගෙනහැර දක්වන අපූරු නිර්මාණයකි.

6) කුඩාවෙකුට, වෙසෙසින් තම කුඩා වියේ ඇති බලාපොරොත්තු සරල ඒවාය. එහෙත් ඒවා ඔහුට සුවිශේෂි ය. වැඩි මුදලකට තමනට ලැබෙන යමකින්, එම අහිංසක ආශාව ට විකල්පයක් නොලැබීමට පුළුවන. විදෙස් සේවයට ගිය මවකගේ නැවත ඒමත්, ඇගේ පුතාගේ අවුරුදු දෙකක් පරණ බලාපොරොත්තුව මුදුන්පත් නොවීමේ දුකත් උක්ත කරලීමකින් ලියූ නිර්මාණයකි, "වරක් වැන්දෝත්......".

7) සමහර අසල්වැසියන් අතර සුහදත්වයක් ඇති වන්නේ එකම පවුලක සහෝදර-සහෝදරියන පරිද්දෙන් ය. මෑතක් වන තුරු ම අප රට මෙය බොහෝ සුළභ තත්ත්වයකි. සියළු අසල්වැසියන්ගේ ආර්ථික තත්ත්වයන් අතර එතරම් වෙනසක් නැත්තේ නම්, මේ බැඳීම් වඩා ශක්තිමත් යැයි සිතිය හැකිය. "බොන්සා" නම් හුරතලේට ඇති කල බළලෙකු, සාමාන්‍ය බළල් සිරිත් විරිත් හා එයට එන ප්‍රතික්‍රියාවන් ඔස්සේ මෙම අසල්වැසි බැඳීම් කියැවුණු අපූරු නිර්මාණයකි.

8) අයෙකු ගේ හදිසි මරණය, අප සැම කම්පනයකට ලක් කරන්නට සමත් ය. ඒ අප ගේ දිවියේ ඇති නොතිර බව, අපට මතක කරලීමට එය සමත් නිසා ය. "ඔහු මිය ගිය දා මා", සේවය කරන තැන තරමක් ළඟින් ආශ්‍රය කල අයෙකුගේ හදිසි ඇවෑම, ඒ මරණය පිළිබඳ ඇති ඕපා දූප හේතුවෙන්, යම් කම්පනයකට, මානසික චංචලවීමක් ලත් වූ, ආඛ්‍යායික ගේ දිගැරමකි.

9)

"ඔහු  මරදාන පැත්තේ සිට බොරැල්ල හන්දියේ වට රවුම දෙසට ඇවිදගෙන ආවේය." (102 පිටුව )
මා පාසැල් යන වියේ සැම දා පසු කරමින් ගිය බොරැල්ල වට රවුම දැන් එතැන නැත. මට මේ කෙටිකතාව කියවීම අරඹත් ම, එහි එන මුල් වාක්‍යයෙන් ම එම අතීතය මතක් විය. එකල බොරැල්ලේ, කන්තෝරු නිම වීමට හොරාවකට පමණ පෙර, පාර මැද,  අයෙක් බී මතින් තමන් සමඟ ආත්ම භාෂණයක යෙදෙන්නේ, තමනට සිදු වූවා යැයි සිතෙන මදි පුංචි කමක් හේතුවෙනි. මීට වසර තිහකට පෙර යුගයක වෙසෙසින්, තම මුළු දිවිය යම් දේශපාලන දර්ශනයක් වෙනුවෙන් කැප කලෝ අද ට වඩා බහුල යැයි සිතිය හැකිය. 

"'කරපු මෝඩ කං ඔක්කොම අමතක කරලා දාපන් ජයේ. උඹ තවම තරුණයි. දැන් උනත් කසාදයක් බැඳගෙන අලුත් ජිවිතයක් පටන් ගන්ඩ පරක්කු නෑ.'
    ඌ කියන්නෙ මෙච්චර කල් මම කළේ මෝඩකං කියලයි. එත්කොට මිනිස්සු එහෙමද අපි ගැන හිතන්නෙ." ( 108 පිටුව )

අද වන විට එසේ කරන්නේ යැයි කියන අය ගේ පෞද්ගලික හැසිරීම් වලින් ද, එහි සද්භාවය ගැන සැක මතු වේ ( "රැකියාවට" දේශපාලනය කරන අය ගැන මෙහි කතා නොකරමි). කම්මැල්ලවීර ගේ මතක සටහන පොත වන "සුළු තනිතිත" කෘතියෙන් ද මෙසේ දේශපාලන දර්ශනයක් වෙනුවෙන් ජීවත් වන පිරිසක් ගැන කතාවෙයි.

10) කම්මැල්ලවීරගේ නිර්මාණ වල සාර්ථකත්වය ට ප්‍රධාන හේතුව වන්නේ, ඔහු ගෙනෙන ස්වභාවික ජීවිත විත්තිය තුල සමාජ දේශපාලන ගැටළුව අප්‍රධාන ලෙස මතු වී, එය පාඨක සිත තුල අතු ලා ලියලා ඊට අනුරූප වැඩීමක් කරා ඉඩ හදා ගැනීමය. "බෝනික්කිනි හැංගියෝ" කෙටි කතාවේ, අප රට "ළඟම පාසැල" තවම හොඳම පාසැල නොවන්නේ මන්ද, ජනප්‍රිය පාසැලකට ඇතුළු කරලීමට දරුවෙකු සහ දෙමාපියන් කරන යුද්ධය පිළිබඳ තාත්වික මනෝචිත්‍රයක් අප ඉදිරියේ මැවීමට කතුවරයා සමත් ව ඇත.

ඉතා රසවත් කෙටි කතා සංග්‍රහයකි. ඉවද දැමිය හැකි එකදු කෙටිකතාවක් මෙහි නැති තරම් ය. මෙය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම යුක්තියුක්තය.


ශ්‍රේණි ගත කිරීම : *****


අන්තිම කැමැත්ත - ජයතිලක කම්මැල්ලවීර

අන්තිම කැමැත්ත මා කියවා, ඒ ගැන සටහනක් ලියා ඇත්තේ 2011 ජනවාරි මස දෙවෙනි දා ය. මා සතු සටහන පොතක තිබූ සටහන අවම සංශෝධන වලින් යුතුව පහත ඉදිරිපත් කරමි. මෙහි එන පොත් කවරය මෑතක මා මිල දි ගත් පිටපතක බව සලකන්න. මා එවක කියවූ පිටපත මහජන පුස්තකාලයෙනි. ලියමනේ, තැනෙක ඇල අකුරෙන් යම් සඳහනක් ඇත් ද, ඒ, මුල් සටහනට වෙනස් අදහසක් මේ ලියනා මොහොතේ එක්කාසු කරලීමක් ලෙස සැලකිය යුතුය .මෙහි එන සියළු කෙටි කතා නැවත උඩින් උඩින් කියවූයේ, ඉන් බොහෝමයක් සැලකිය යුතු මට්ටමකින් අමතක වී තිබීම හේතුකොටගෙනය.

*************************************************************************

මීට පෙර මා කියවා ඇත්තේ කම්මැල්ලවීරයන්ගේ නවකතාවක් පමණි ( ඒ 'අට අවුරුද්ද' ය). (ඒ අනුව) අන්තිම කැමැත්ත වූ කලි (ලේඛකයාගේ) පළමු කෙටි කතා සංග්‍රහයයි. මා නිවැරදි නම්  1994 වසර සඳහා හොඳම කෙටිකතාවට ( sic ) හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ මේ කෘතියයි. සැබවින්ම මෙහි එන කෙටි කතා 10 ම සිත් ගන්නා සුළු අනර්ඝ නිර්මාණයෝමැ යි.

'ගුරු සිත රිදවා'  වූ කලි පශ්චාත්තාපයට ලක් වන විශ්‍රාමික ගුරුවරයෙකු පිළිබඳ කෙටිකතාවකි. මවක හා පියෙකු කොතරම් යහපත් අදහසකින් තම දරුවන් ගැන තීරණයක් ගත්ත ද, එය පාරාවළල්ලක් වී පසු තැවීමට හේතු විය හැකි අයුරු ඉන් මොනවාට පෙන්වා දෙයි.

'ලොකු මහත්තුරු' සියුම් හාස්‍යයක් ද, අද සමාජ රටාව පිළිබඳ ( සැ.යු. මෙම සටහනේ අද යැයි මා ලියා තිබුන ද 1990 දශකය යනු මීට වසර තිහකට පෙර කලෙකය. වේගයෙන් වෙනස් වන යුගයක මෙය දීර්ඝ කාලයකි) යම් ඇණුම් පදයක් ද, විවේචනයක් ද ගෙන දෙන ආකාරයේ දක්ෂ නිර්මාණයකි. තමන් ගැන අතිමහත් තක්සේරුවක යෙදෙන 'මැනේජර්' මහත්තුරු කොතෙකුත් ඇත.

( සටහන් පොතෙන් පිටක් )
අන්තිම කැමැත්ත යනු මට සැබෑ තක්සේරුවක් කර ගත හැකි නිර්මාණයක් දෝ යැයි සිතුණු අවස්ථාවකි. අති පිරිසිදුකම, සැළසුමක අනුව වැඩ කිරීමට පුරුදු පුහුණු වූ මහළු කාන්තාවක් ගැන ලියැවී ඇති මෙම කෙටි කතාව තරමක් වෙනස් නිර්මාණයකි. ( මේ කෙටිකතාව නැවත කිය වූ විට දී ද, එතරම් සුවිශේෂිබවක් මා වෙත ආරෝපනය නොවීය. සම අදහස් ඇති අය ගේ එක්කාසු වීම යන කාරණාවෙන් මෙපිට දෙයක් මට අදට ත් නොදැනේ.)

රතු බොත්තම, පැක්ටේරියක එකම වැඩක් කිරීමට කොටු කළ තරුණියකගේ මානසික තත්ත්වය අනාවරණය වන ආකාරයේ අනගි නිර්මාණයක්. මානසික ආතතිය හෙළිදරවු වන අයුරින්, එහෙත් ඉතා සංක්ෂිප්ත ලෙස රචිත මෙය ශ්‍රේෂ්ඨ නිර්මාණයක් යැයි මට හැඟේ. මොන යම් හේතුවක් නිසා හෝ, එය මා ළඟකදී කියවූ රුසියානු කෙටි කතා එකතුවක් මතකයට නැගීය. ( මෙහි සඳහන් කර ඇති රුසියානු කෙටි කතා සංග්‍රහය, පද්මහර්ෂ කුරණගේ ගේ පරිවර්තනයයි. එහි ගොගොල්, පුෂ්කින්, තොල්ස්තෝයි හා චෙකොෆ් ආදීන්ගේ කෙටි කතා තිබුණි. මේ කෘතිය සඳහන් කරලීමට ප්‍රධානම හේතුව චකොෆ් ගේ "බල්ලා කැටුව ඇවිදින කාන්තාව" විය යුතු යැයි හැඟේ. ඒ වන විට මා කියවා තිබූ එක ම චෙකොෆ් කෙටි කතාව එය විය. එහෙත් අතර කාලය තුල කියවූ චෙකොෆ් ගේ වඩා පරිපූර්ණ කෙටිකතා එකතුවක් හේතුවෙන් මේ අදහස වඩා තහවුරු විය )

අපේක්ෂා, යකඩ ගැහැනියක් ගැන, අගේ උපේක්ෂාශීලි බව ඉතා සරල ලෙස, පාඨකයාගේ සිත් ගන්නා අයුරින් ලියා ඇති කෙටි කතවකි.

පින්මද පුත්තු ද මිනිසෙකුගේ දෛවය ගැන කියාපාන කෙටිකතාවකි. වරක්, නගර සභාවේ කම්කරුවෙකුට නිවෙසක් තනා ගැනීමට ඉඩමක් ලබා දීමට නියමිතව තිබියදී, නොසිතූ විරූ ලෙස එය අහිමි වන අයුරුත්, එය තම අදහන ආගමට සබැඳි හේතුවක් තුල එසේ නැති වුවද, මිනිස් සිත එය විඳ දරා ගන්නා අයුරු අපූරු නුමුත්, එහි ඇති පුදුම සළු ස්වරූපය ඉන් හෙළි දරවු වේ. ( මෙය වර්තමානයේ නැවත කියවීමේදී, ආගමික භක්තියේ නාමෙන් ඕනෑම නොසන්ඩාල වැඩක් කොට බේරීමට අප රට වන් වල ඇති අවකාශය මෙහි මුඛ්‍ය කාරණාව බවත්, සීලදාස කිහිප විටක් හෝ පිළිමය ඉවත් කරලීමෙන් තම අයිතිය තහවුරු කරගනිමින් ජය ගත්තේ නම්, මගේ මහත් ගෞරවයට පාත්‍ර වන චරිතයක් බවට පත්වන බවත් නොකියාම බැරිය )

සංක්ශිප්ත, යම් රහස්‍ය බවක්, ගුප්ත බවක් තුලින් පෝෂණය වූ කෙටිකතාවකි. එහි තා සියුම් හාස්‍ය රසයක් ද නැත්තේ නොවේ. 

"කොහොම උනත් පුතා ට තමන්ගේ වයසට නොගැලපෙන වැඩිහිටි ආශ්‍රය කරන්ඩ දෙන්න එපා",

          යන සංක්ෂිප්ත අවවාදය තුලින්, පියා කුඩා කල, කල යම් කිසි වරදකට මානසික පීඩනයක් විඳ දරනා අයුරු කියා පායි. ( මේ රචනාව ලියන කාල්, කතුවරයා ගේ 'සුළු තනිතිත' යන මතක සටහන් කියවමින් සිටින්නෙමි. ඔහු කුඩා කල මහත් අභියොගයනට මුහුණ දුන් අයුරුද, සමහර අත්දැකීම් ඉලන්දාරි වයසේ දුක් අනුභවයේ අත්දැකීම් ලෙස දරා සිටිය ද ඒවා දීර්ඝ කාලීන කම්පනයකට හොඳටම ප්‍රමාණවත් බවත් සිතේ )

සත්‍යවාදියා නම් අප සැමට පොදු අත්දැකීමක්, කෙටි කතාවකට ගොණු කල අවස්ථාවකි. මෙහි විශේෂය නම්, එක්තරා ලේඛකයකු, මිහිරි මතකයන් අවම, ඔහුගේ දුක්බර පාසැල් විය පිළිබඳ යෙදෙන ආවර්ජනයක් වීමයි

අවුල, කෙටිකතාවද, යම් ගුප්ත බවක් අන්තර්ත, අවසන දක්වා ම යම් කිසි කුහුලක පාඨකයා රඳවා ගන්නා, එලෙසම කුහුලක් ඉතුරුකරලමින් අවසන් කරනා කෙටි කතාවකි.

පාපොච්චාරණය කෙටිකතාවේ, ජයතුංග නැමැත්තෙකු එක්තරා දේශපාලන කණ්ඩායමක් විසින් "පොලිස් ඔත්තුකාරයෙකු" ලෙස හංවඩු ගැසුව ද, දෙපැත්තෙන්ම තැලෙන අයුරු පාඨකයාට පෙනී යයි. අප රට දේශපාලනයේ අද වුවද, බොරුව සහ බොරුව මත බොරුව බිහිවීම නිසා, කිසිම අයෙකුට ඇත්ත යනු කුමක් දැ යි සොයා ගත හැකිදැයි යන්න සැක සිතේ.

සමස්තයක් ලෙස ගත් විට, මීට කලින් මා සිත් ගත් කෙටි කතා රචකයෙකු වන නිශ්ශංක විජේමාන්න ට පසු, මා සිත් ගත් රචකයා ලෙස ජයතිලක කම්මැල්ලවීරයන් බවට පත් වන්නේ ය. ඒ කිමද මෙම කෙටි කතා සංග්‍රහය කියවීමෙන් අනතුරුව, ලේඛකයාගේ තවත් කෙටිකතා එකතුවක් කියවීමට උත්සක වීම හේතුවෙනි. ( සුළු තනිතිත කෘතියේ කියැවෙන්නේ විභාවි මගින් පැවැත්වූ ස්වාධීන සාහිත්‍ය සම්මානයන් ගෙන් නිශ්ශංක විජේමාන්නයන් පිදුම් ලත් අයුරුත්, එසේ කරලියට ආ විජේමාන්නයන් සිංහල සාහිත්‍ය ක්ශේත්‍රයේ මහත් ගෞර්වයට පාත්‍ර වන ලේඛකයකු බවට පත් ව ඇති අපූරුවත් ය. කම්මැල්ලවීරයන් විජේමාන්නයන් ගේ සාර්ථකත්වය ගැන තම සතුට ප්‍රකාශ කරයි.)

ශ්‍රෙණි ගත කිරීම: ****1/2
කෙටිකතා ( 1994 )








Girl, Woman, Other - Bernardine Evaristo

"I hear babies cry  

I watch them grow
they'll learn much more

than I'll ever know

and I think to myself

what a wonderful world" ( Louis Armstrong),

modern England,
Amma, a socialist play write, living her life as she  deemed fit since the age of 16, when she came out,
Yazz, her daughter, challenging the feminism of her mum,
Dominique, Amma's life long friend and once, business partner, who has since moved to LA.
Shirley, another life long friend of Amma's, who's discontent with what she always wanted in life,
Carol, her student, a go getter, who hasn't looked back, in her single minded ambition, which makes her not realise, the contribution of others, and stays grounded, only because of her husband
...
and the list goes on,
twelve  characters in all,
connected across time, their social interactions, relations, tragedies, successes,
a collage of sorts, which makes London , ( And United Kingom to a lesser extent),
a multi-ethnic vibrancy of life today, where thinking change, acceptance is newly defined, wokeness itself is given new meaning, we meet Morgan, who was formerly Megan, and when life was explained to her,  by her friend,

"being trans wasn’t about playacting an identity on a whim, it’s about becoming your true self in spite of society’s pressures to be otherwise, most people on the trans spectrum felt different from childhood,”

not all whom we meet are positively woke, we come across Dominique's lover,  Nzinga,
who's version of possessiveness, and the physical and emotional torture can put to shame  any "not so awoke" wife abusing man of the former times,
while feminism itself sounds dated, as Amma is told by her daughter, Yazz, elaborating on the impending irrelevance of a binary gender, thus,

nor is the child she raised to be a feminist calling herself one lately
feminism is ho herd-like, Yazz told her, to be honest, even being a woman is passé these days, we had a non-binary activist at uni called Morgan Malenga who opened my eyes, I reckon we’re all going to be non-binary in the future, neither male or female, which are gendered performances anyway, which means your women’s politics, Mumsy, will become redundant, and by the way, I’m humanitarian, which is on a much higher plane than feminism
do you even know what it is?

in form, Bernardine, uses, one, a prose like structure, (which yours truly had tried to copy within his modest skill), and two,
narrates her tale of a hundred years or more, between the opening night of Amma's latest play,
and it's after party, coming a full circle, to show the connections, adding an epilogue,
to illustrate the irrationality of racism,via the only white character ( or so she  believed ),
of the twelve characters....

the beauty of Man Booker award winners is, the reader is continually challenged,
in structure, style and content, where I now took the ride that Bernardine Evaristo,
wanted the reader, myself, to take part,
similar to how George Saunders achieved a similar feat, with "Lincoln in the Bardo"...

Genre : Fiction
Published in: 2019
Man Booker Award Winner: 2020 ( tied with "The Testaments")
My Rating: ****1/2

 


Sunday 7 March 2021

Whiplash - d/ Damien Chazelle (2014)

 
First, am not a movie buff - so, am far behind when it comes to movies. I intentionally keep it that way, since a man has only so much time for hobbies. As such, here I am, having watched Whiplash, seven years after its release, trying to come to terms with it, having chats with a dyed in the wool movie buff, who thinks that the movie was stellar, and a Jazz aficionado who's highest praise is - "it has its moments" ( high praise from a snob, if you ask me :) )

Here's the catch - the movie buff is right in a general way. Any great  has sacrificed a lot to reach where he or she is. It can be the bird aka Charlie Parker, Virat Kohli,  John Bonham, or Lionel Messi. I think there would've be instances where they made hard decisions, hurting people around them to various level, in their single most pursuit. I think I can understand that. When Andrew scorns that his cousins only play division III football, whereas he aspires

Becoming the greatest musician of the twentieth century would be anyone’s idea of success,

                    the lines are very clearly drawn. Even when breaking up with Nicole, while admittedly when pushed, his confessional cannot be termed filled with empathy on the reasons for his breakup. I think to anyone who is not an out and out jazz fan, there premise for evaluating this movie is based on the sacrifices that one makes towards greatness - sometimes reaching the levels of fanaticism. For all of them this is a great movie.

Then there are the absolute jazz fans. They can nitpick and show so many cracks, that once shown, cannot be set aside too, at least for me. The Jazz aficionado mentioned, shared this, to stress his point - and yes, there are cracks in the movie - but only when the average dude like me is informed - not otherwise.

I watched Joker recently, and I was not overly impressed, finding it implausible in certain instances. The movie buff friend was at my throat over this. I think this is the very reason I can understand the jazz aficionado. If you think that there are no cracks, this is what my jazz lover friend shared - and I concur, a true jazz loyalist has enough reason, such that he cannot but see the cracks. Thus, the absolutist too is right in a precise way.

This takes us to the general question. Can there be any art which uses some discipline for its artistic use ( license ? ), which the experts in the field will not see the cracks in ? Recently a physician friend of mine found loopholes in a work in forensics - which, the lay reader in me, did not catch. Hence, this is a topic for discussion. Do experts usually find enough to disagree when any discipline is taken as a topic for artistic expression ?

And me ? Not a movie buff, and just a jazz enthusiast who cannot leave his rock leanings, even if threatened at the point of a gun, it remains a great movie. No, the above video hasn't discounted any part of the impression that the movie made on me. 

Genre: Psychological Drama
Rating: ****1/2

Monday 1 March 2021

The Joker - d/ Todd Phillips (2019)

Quite easily Joaquin Phoenix' as The Joker, is the highlight, in this movie, which can be one's favourite, or otherwise, depending on how much one takes to super-hero influenced  psychological thrillers. For some, who are particular about excesses, the movie can be a mixed bag. Clearly, this is more than an average movie of that type- that I grant. For example, I watched Black Panther for the sake of my kids a few years back, and I was not in awe.  Coming back to The Joker, while conceding it has its highs, the premise that Gotham city has declined to such a state, where "kill the rich" becomes a popular slogan suits a creation from comic roots - this, hung on to me like sore thumb. So while, appreciating the gradual lapse of Arthur Fleck to an insanity, due to being a victim of parental abuse, and due to the apathy of a rotting capitalist system  - ( the symbolic use of garbage not being collected due to a labour strike was good, I felt ) - the "excesses" as it were, including the slot that Arthur gets in Murray's show, didn't impress me. I am afraid that my capacity of treating super-hero/comic creations is at askance here. In fact I disagree about its nomination as the best movie at last year's Oscars. Joaquin's award is another matter.



Having said that, the similarity to "The Taxi Driver" ( I need to watch "King of Comedy), combined with the stellar acting of Joaquin Phoenix makes it a worthy watch. The Taxi Driver himself, Robert de Niro's role could've been filled by any other good actor, I felt - nothing special there.

My Rating: ***1/2