Saturday 28 July 2018

හතර වන ජයසිංහ - සමිත බී. අටුවබැන්දෑල



   2017 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් අතුරින් තොරා ගත් කෘති කිහිපයක් කියවීමේ මගේ ව්‍යායාමයේ සවැන්න ලෙස මයැති කෘතිය තෝරා ගත්තෙමි. මේ සංග්‍රහයන් තෝරා ගැනීමේදි, සම්මාන නිර්දේශයන් සහ ලේඛක ප්‍රවීණත්වය ට අමතර ව කතුවරුන්ගේ අන් නිර්මාණ වල සාර්ථකත්වය නිසා ම ඔවුන් ගේ  කෙටි කතා සංග්‍රහයන් ද කියවා බැලීම ට උත්සුක වූ අවස්තා තිබුණි/තිබේ. උදයසිරි වික්‍රමරත්න (නාට්‍ය ), සමිත බී. අටුවබැන්දෑල ( කාව්‍ය ) සහ අසෝක හඳගම ( සිනමා ) එවන් කතුවරු තිදෙනෙකි.

සමිතයන් පිටු හැට හතරක් පුරාවට කෙටි, කෙටිකතා දහයක් අප හමුවේ තියන්නේ ය. මේ කෙටි කතා වල යම් පොදු ලක්ෂණයක් වේ නම්, ඒ බොහෝ එවා කතා නායකයාගේ මනස හා කෙරෙන ගණුදෙණුවක කොටසක් වීම යි. මේ කෙටි කතා වල ආකර්ෂණය එයයි - නුමුදු වරෙක මේ සංග්‍රහයේ දුර්වලතාව ද එයම යි. මගේ ප්‍රේම වස්තුව, ඔයා නැති දවස්, මහතුන්, මන්ත්‍රිතුමා පැරදුණා, ජපානෙට යෑම, මට මගේ දුව ඕනේ සහ වැස්ස යන කෙටි කතා සියල්ලේ ම මේ ලක්ෂණය රැගත් ය. එහි රසයක් ඇත - එය වරෙක අජිත් තිලකසේනයන් මතක් කරවන සුළු රචනා ශෛලියකි. වෙසෙසින් "ඔයා නැති දවස් කිහිපය", "මට මගේ දුව ඕනේ" සහ "වැස්ස" යන කෙටි කතා තුන තිලකසේන සාධකය බෙහෙවින් මට මතක් කලේ ය. එනුමු දු සමිතයන් තිලකසේනයන් තරම් පාඨකයා ඔහුගේ අදහස් ගොණ්ණක් තුල අතරමං කර තම ලෝකයට පළා නොයන්නේ ය. බොහෝ විට සමිත කතාව නිම කරන්නේ අප ව නැවත මේ ලොවට ගෙන ආමෙන් පසුව ය. එය පාඨකයා ව්‍යාකූලත්වයෙන් බැහැර කරයි ( මම තිලකසේනයන්ගේ රසිකයෙක් යැයි නොසිතමි ). එහෙත් ආ පිට පැමිණි පාඨකයා ට ඒ අන් අයෙකු ගේ මනස තුල එතරම් ම  තිගැස්මක් ඇති නොකර ගනී. "මට මගේ දුව ඕනේ", ඒ කම්පාව යම් දුරකට අප තුල පවත්වන කෙටි කතාකි. මට තිලකසේන්යන්ගේ "මන් දා" නම් කවි පංතිය මතක් කලේය.

"ඔයාටයි, දුවටයි වෙන්වුණු ලොකු ජීවිතයක් ඇති. ඒ වගේම එයාටයි, දුවටයි ලොකු ජිවිතයක් ලැබිලා ඇති.

ඇයි එතකොට මටයි, ඒ මගේම දුවටයි එහෙම නිර්මාණය වුණ ලොකු ජීවිතයක් නැද්ද...?

....

ඔයා දන්නවනේ මට තරහ යන්නේ අවුරුදු හතකට එක පරයි. ඒ යකා නගින දවසට මට සොහොන් පිට්ටනිය අනික් පැත්තටම පෙරලන්ට පුළුවන්"



එලෙස ම කතා නායකයාගේ මනස් කම්පනය අප තුල ට පවත්වන්න ට සමත් කෙටි කතාවකි, "මහතුන්". ස්ත්‍රියක් තම පිරිමියා ගේ ස්වාමිත්වය ට සටන් වැදීම උදෙසා කෙතෙරම් දුරක් යා හැකිදැයි ඉතා හොඳින් පෙන්වන කෙටි කතාවකි. තම බේබදු වල්ලභයා හා එක්කාසු වීමට නොහැකි කතක් තමන් සේවය කරන නිවෙසට බලු වේසයෙන් ඔහුට ඒම ට පවසයි. ඔහු පැමිණි පසු, ඉතා ඉක්මනින් නිවෙස් හිමි කත හා මේ සුනඛයා ලැදී වී, අර පෙර කී කත වෙතින් ඈත් වෙයි. ඇගේ ආවේගය ඈ මෙලෙස පිට කරයි:

"මහතුන් උඹ බල්ලෙක්. මහ බල්ලෙක්. මං කියනවා මේ ඔක්කොම මහත්තයාට මේ ඔක්කොම. මං කියනවා මහත්තයට උඹලා ඉඹගත්තා කියලා. නොහොඹිනා විධට හැසිරුණා කියලා.... මහතුන් උඹ ආයෙත් මිනිහෙක් වෙයන්. මං එනකන් බීලා බීලා බීලා හැමදාම කුණු කානුවේ වැටිලා හිටපං. මං උඹව හෝදන්නම්. මට පුළුවන් උඹව දවස් ලක්ෂයක් උනත් හෝදන්න..."


එනුමුදු, අවංකව කිවහොත් මෙවන් උත්කෘෂ්ඨ කෙටි කතා දෙකක්, සහ සාර්ථක යයි කිව හැකි නිර්මාණ තුන හතරක් ( මගේ ප්‍රේම වස්තුව, ඔයා නැති දවස් කිහිපය, අමරණීය මරණය , ටොමියා) හැර, අනෙක් වා පාඨකයා ට වේගයෙන් අමතක වන සුළු ආරේ නිර්මාණ යැයි සිතමි. එහි ඇත්තේ ශෛලීයේ යම් සාර්ථකත්වයක් සහ සුළු සිද්ධියක් අලලා නිමවුණු කතා පුවතකි.

වෙනස් ආරක කෙටි කතා කියවීමට කැමති සහ, එක්තර අන්දමකින් ඉක්මනින් කියවීමට යම් කෙටි කාලයක් පමණක් ඇති පාඨකයකු මේ කෘතිය කියවීමෙන් යම් රසයක් විඳිය හැකිය. එහෙත් සමිත ගේ "කඳු මුදුන" නම් වූ අපූරු කාව්‍ය සංග්‍රහයෙන් මා ලෑබු ආස්වාදය මේ සංග්‍රහය තුලින් සමස්ත ලෙස නොලිදිමි.

Thursday 26 July 2018

ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගි සෙනෙවිරත්න

2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ මගේ ව්‍යායාමයේ පස්වැනි අදියර ලෙස, මෑතක රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලත් සුමුදු නිරාගි සෙනෙවිරත්නගේ "ගිහින් එන්න කානිවල්" කියවූවෙමි. මීට පෙර "දූල්වල අලංකාරේ" නම් වූ බොහෝ සෙයින් සාර්ථක රසවත් නවකතාවක් පළ කොට තිබූ (ශාස්ත්‍රීය කෘතීන් කිහිපයකට අමතරව), ලේඛිකාවගේ පළමු කෙටි කතා එකතුව මෙයයි.

මෙම සංග්‍රහය කෙටි කතා අටකින් හෙබිය;

"සිලි සිලි සිරි සිරි" - අද වන විට වසන්ගතයක් ව පවතින, ඉන් මිදෙන්නට දුර්වල ප්‍රයත්නයක යෙදෙන අප රට ට මුලින් ම "සිලි සිලි" මලු පැමිණි අවදිය අලලා ලියැවුණු කතාවකි. එම යුගයේ, වෙසෙසින් ම විදෙස් භාණ්ඩ වලට අප දොරඟුළු දමා තිබූ යුගයකින් පසුව උදා වූ එම යුගයේ, එම මල්ල අපුරත්වයකින් අප වැසියන් දුටු අයුරු කියා පානා කෙටි කතාවකි.

"මිදුණා! මිදුණා! මනාව මිදුණා!" - මේ සංග්‍රහයේ එන රසවත් ම වූත් සාර්ථක වූත් කෙටි කතාවයි. තරුණ රූමත් මෙහෙණින් වහන්සේ නමක ට අප රටේ මුහුණ පෑමට සිදු වන අභියෝග, අතිශයෝක්තියක ට නොනගා ලියැවුණු සාර්ථක නිර්මාණයකි. මෙහි එන නිර්මාණයන් මේ ආකාර සම්පූර්ණ වූයේ නම් මෙය සාර්ථක සංග්‍රහයක් වීමට ඉඩ තිබිණ.

"අග්නි ප්‍රේත වස්තුව" - වියළි කලාපයේ නුගයක් යට වන්දනාමානයට පාත්‍ර වන පුලෙයාර් පිළිරුවක් මුල්කොට ගෙන නිමැවුණු තරමක වෙනස් ආකාර කතාවකි. එහි පැහැදිලි ලෙස රස උත්පාදනයට සංයෝගයක් තිබුන ද කෙටි කතාවේ යම් අසම්පූර්ණ බවක් පාඨකයා ට අඟවයි.

"ගිහින් එන්න කානිවල්" - අප රට අදට ත් අනගාරික ධර්මපාලයන් ජාතික වීරයෙකු සැලකුව ද, ඒ කාලයේ හැටියට ඔහු පෙනී සිටි අදහස් පද්ධතියෙන් අද අප කෙතෙරම් ඈත ද? ඔහුගේ අදහස් වලට සම්පූර්ණ විරුද්ධ දිසාවක සිට ඔහු ව අදට ත් සමරන්නේ තමන් කුමක් කරන්නේ දැයි අප නොසිතනා නිසා නොවේ ද?

"ගඩුව" - රාජ්‍ය සේවය, හමුදා වැන්දඹුවන් හ අප රට ආදායම් මට්ටමත් සමඟ ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය අලලා ලියැවුණු තාත්වික කෙටි කතාවකි. සාර්ථක කෙටිකතාවකි.

"කළු පෙට්ටිය" - යම් තරමක ස්ත්‍රී ලෝලියෙකු, ඊට සමාන්තරව තම බිරිඳ ගේ ද සම්පූර්ණයෙන් ම බලාපොරොත්තු වන අයුරු පෙන්වා දෙන අපූරු චරිතයක් අලලා ලියැවුණු නිර්මාණයකි.

"රාමු දෙකක කතාවක්" - පාඨකයාට යම් ව්‍යාකූලත්වයක් මුසු රසයක් ගෙනෙන, තරමක අත්භූත සිද්ධීන් අලලා ලියැවුණකි. නැවත වරක් කෙටි කතාව සම්පූර්ණ ද යන සැකය පාඨක සිත තුල තිබුන ද, කියාවාගෙන යාමට රුකුල් දෙන ආරේ කතාවකි.

"පෙතියා" - වැවකින් ගෙනවිත් නිවෙසක ඇති කුඩා පොකුණක ඇතිකරනා මත්සයකු ගේ දෘෂ්ඨිකෝණයෙන් ලියැවුන්නකි. නාගරික ජීවිතය ගැනත්, එහි මිනිසෙකු සතු සීමිත නිදහසත්,  කුඩා පොකුණේ මත්සයාගේ නිදහසේ සීමාවන් පිළිබඳ යම් සියුම් සැසඳීමක් කතාවේ තිබුන ද, කතා රසය  පිළිබඳ ප්‍රශ්ණකාරි බවක් ඉතිරි කරලමින් අවසන් වූ නිර්මාණයකි.

සාරාංශගතව පැවසුවහොත්, රසවත් නිර්මාණ වලට ඇවැසි මූලාශ්‍රසපිරි වුව ද, ඒවා පරිපූර්ණ නිර්මාණ ලෙස එළි දක්වා ඇත්දැයි ප්‍රශ්ණකාරි හැඟීමක් ඇති කරනාකාර නිර්මාණයකි. අප රට සාර්ථකම කෙටි කතා කරුවන් දෙපළ ලෙස මට සිතෙන නිශ්ශංක විජේමාන්න සහ පියල් කාරියවසම් ද, ඊට ළඟා විය හැකි  අනෙක් කෙටි කතා ශිල්පීන් දෙපළ යැයි සිතිය හැකි එරික් ඉලයප්ආරච්චි සහ ලියනගේ අමරකීර්ති යන අයගෙන් කතුවරිය යම් ආභාශයක් ලබා ඇතැයි මට  සිතුණි. ආභාශයේ දොසක් නැති වුව ද, ඈ සතු ව ඇති පොහොසත් කතා මුලාශ්‍රයන් මීට ත් හොඳින් හසුරුවා, අනාගතයේ සාර්ථක කෙටි කතා සංග්‍රහයක් අප ට ලබා දේවි ‍යැයි බලාපොරොත්තු වෙමු.



Friday 20 July 2018

ආලන්දර - සුනේත්‍රා රාජකරුණානායක

2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ ව්‍යායාමයේ සිව්වෙනි අදියර ලෙස ප්‍රවීණ ලේඛිකාවගේ උක්ත  සංග්‍රහය කියවුවෙමි.


කෙටි කතා දහයකින් සපිරි සංග්‍රහයේ බොහෝ කතාවසානයේ පෙරළුමකින් සියුම් ආල රසයක් පාඨකයාට ජනිත කරලීමට සමත් කෘතියකි. අවස්තා දෙක ක දී පමණ, කියවාගෙන යාමට සියුම් කම්මැලි කමක් ඇති වුව ද, කෙටි කතාවසානයේ විහිදාලන රසයත්,   ( තෙවෙනි කෙටි කතාවෙන් ඔබ්බට)  වඩා රසවත් බලාපොරොත්තු නොවෙන ආරේ ආල අන්දර හැරවුම් මගින් පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමටත් සමත් වේ. බොහෝ ආදර කතා වල පෙරළිකාර නැතහොත් කැරලිකාර ගතියක් ගැබ් ව පවතින්නේ "ප්‍රේමය හමුවේ සියල්ල සාධාරණය" යන ප්‍රකාශනය මත පිහිටා සේ ය.

"ප්‍රේමනීය නිමේෂයක්" කෙටි කතාවේ, එක් සුළු සිද්ධියක් වුව ආදරය විඳීමට කැමැත්තෙකු ට බලාපොරොත්තු බිහි කරන අයුරු ගෙන හර දක්වයි. අපට ජීවිත වල අත්දැක ඇති මෙවන් හැඟීම් සහ සිදුවීම්, කෙටි කතාවේ දිල්ලිය පසුබිමෙන් ඉදිරියට පැන අප හුරු පුරුදු බවක් ඇති කරයි.

"ප්‍රේමාභියෝගය", ආදරයේ කෙළිලොල් බවත්, එය දෙපාර්ශව ට ම ක්‍රීඩා කල හැක්කක් බවක් ද පසක් කරයි.

වියට්නාමයේ සිදුවීම් පෙළක් පසුබිම් කරමින් ලියැවී ඇති "දිග කතාවක කෙටි කතාව", මෙතෙක් සාමාන්‍ය උනන්දුවකින් කියවාගෙන යන පාඨකයා ට, රස ගුලක් මවයි. අයෙකු ට ලැබෙන අත්දැකීම් හමුවේ සිතා මතා "පහත් තත්ත්වයකට වැටීමට"තිරණය කල ද, තම චරිත පසුබිම අනුව මත,  ප්‍රායෝගිකව කල නොහැකි බවත් මේ කෙටි කතාව කියා පායි. ආලය ඉදිරියේ "හිඟ" මකා ගැනීම එතරම් පහසු නැති බවකි කතුවරිය ඉඟිකරනුයේ. හැරවුම කිහිපයක් රැගත්, හැඟුම් කිහිපයක් රැගත් මෙය සාර්ථක කෙටි කතාවකැයි සිතුණි.



පෙර කෙටිකතාවෙන් පාඨකයා 'නැගිටවූ' ලේඛිකාව, "නැගිටීම" මගින්, දුවෙකුගේ තරමක අවාසනාවන්ත ආල කතාවක් තුලින් පවුලේ පියා ට හිමි ආධිපත්‍යය අහිමිවීමේ, "හරි ම ශ්‍රී ලාංකික" ආල අන්දරයක් ගොතා ඇත. මෙහි අනපේක්ෂිත හැරවුම් අවම වුව ද, අවසානය පාඨකයා ට කලින් ම ඉව වැටුන ද, පාඨකයා රස විඳිනාකාර කෙටි කතාවකි.

"ෂාලිමාර්" පකිස්තානය පසුබිම් කරගත් කෙටිකතාවකි. ලාංකේය මාධ්‍යකරුවෙකු තම අනියම් භාර්යාව හා රාජකාරි කටයුත්තකට එ රට ට යන්නේ, එහි දි පෙර දිනෙක ලාංකේය කතක ට පෙම් බැඳි පාකිස්තානුවෙකු හා මිත්‍ර වෙයි. ජවාඩ් නම් වූ ඔහු ඉල්ලා සිටින්නේ ඒ කත ගැන විස්තර සොයා දෙන ලෙස ට ය. අප මාධ්‍යකරුවා ද, ජවාඩ් යහ අරමුණින් එසේ කරන බව විශ්වාද කල ද, නැවත ලංකාවට ආ කල ඔහුගේ සැබෑ බිරිඳ පවසන්නේ අනෙකකි. මේ කතාවේ හැරවුම ඇත්තේ එහි ය.

"අනේ ඔයාට තේරෙන්නෙ නැද්ද? එයා ලොකු වෛරයකින් ඉන්නෙ. ඒකයි ලංකාවෙ පත්තරකාරයෙක් හොයලා ඕක කිව්වේ.... ඔයාට නං ගෑනුන්ව විතරක් නෙවෙයි පිරිමින්වත් තේරුම් ගන්න බෑ."

එනම් පිටු පහළොවක විතර කෙටි කතාවේ අවසාන වචන පණහ පමණ තුලින් කතාව හා පාඨක සිතුවිලි කණපිට හරවනාකාර නිර්මාණයකි; මේ ලක්ෂණය මේ සංග්‍රහයේ  කිහිප අවස්තාවක ම හමු වේ. කෙටි කතා සංග්‍රහයේ සමස්ත සාර්ථකත්වයට එය බල පා ඇති බව මගේ හැඟීමයි.

සවෙනි කෙටි කතාව වන "පරණ ගෙදර" තකා පාඨකයා එන විට, ඇය  විචිත්‍රවත් නුමුදු යම් ගැඹුරක් ඇති ආල අන්දර රැසක් කියවීමේ සාධාරණ බලාපොරොත්තු ඇත්තියකි. මේ කෙටි කතාවේ, එන මිත්තණිය තම මිණිබිරියට ආදරය වෙනුවෙන් රැඩිකල් වීමට සැඟවුණු අවසර දෙන්නේ තමන ට නැති වූ තම සැබෑ ආදරය වෙනුවෙනි. කතුවරිය ඉඟිකරන්නේ සිතේ ආදරය සහ සැබෑ දිවියේ ආදරය යනු දෙවර්ගයක් බවට යි.

"දොස්තර මහත්තයා වියන් ඇඳේ අනිත් පැත්තේ දාඩිය පෙරාගෙන හති දමන සෑම විටෙකම හෙන්‍රි අයියා සිරුර මත සිටි බව නම් ඇනස්ටා නෝනා නිසැකව දැන සිටියා ය. ඕස්ට්‍රේලියාවට යන්නට පෙර නිතර කාමරයට රිංගු හෙන් රි අයියා තම දරුවන් සියළු දෙනාගේම පියා යයි විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වෙතත් එය එසේ ය."

මෙහි එන "නිදහස් වීම" ද වෙසෙස් අරුතින් කියවෙන නිදහසක් ගැන පවසන කෙටිකතාවකි. තමන ට ඇවැසි දේ දිනා ගැනීමට සමත් ගැහැණියක ට, තමන ට අවශ්‍ය පුරුෂයා දිනා ගැනීමට ද, තමන් ට ලැබෙන ආලය වෙනුවෙන් ඔහු නඩත්තුව ද කල හැක. එහෙත් පසු කලෙක එය වගකීමක් වී, වගකීමෙන් මිදීමෙන් අනතුරුව ඉන් ලැබෙන නිදහස ගැන අඟවන මේ කෙටිකතාව ද අගනා නිර්මාණයකි.මේ වන විට මේවා හුදෙක් ආලන්දර පමණක් නොව, දාර්ශනික ආලන්දර බවට ද පත්වේ.

සතුට නොසතුට වූ කලි හැරුම් වලින් ගහණ වූ පරම්පරා දෙකක ආල කතා රොත්තකි. පියාගේ පෙම් පළහිලවු සහ පුතාගේ පෙම් පලහිලවු,  බිරිඳක් සහ මවක් ලෙස ඉවසන අයුරුත්, පියෙක් ලෙස පුතුට අගතියක් නොවෙන්න ට ක්‍රියා කල යුතු අයුරුත් ගැන කියවෙන කතා පුවතකි. එහෙත් පුතු අමරිකාවේ දි සිදු කරගන්නා කටයුත්ත සීමා කිරීමට දෙමව්පියනට නොහැක; එලෙසම තම ගමේ දී සිදුවීමට ඉඩ තිබූ කටයුත්තේ පරණ සෙවණැලි අමරිකාවේ නොතිබූ හෙයින්, එය ම සැපයකි.

මෙහි එන අවසන් කෙටි කතා දෙක අතර සබැඳියාවක් ඇත. හෙවත් නමවැන්නේ වර්ධිත අවස්ථාවකි, දහවැන්න. නමවැන්නේ ෂෙරීන් නම් වූ ඇය පළමුව පැරදිව පසු ව ආදරය දිනා ගන්නීය; දස වැන්නේ ඒ කතා තේමාව වඩා රසවත් කොට, හින්දි චිත්‍රපටියකට සුදුසු ආරෙන් වඩා සංවේදි කොට ඉදිරිපත් කොට ඇත. ඉන් කතා ගොතන්නියක් තමනට ලැබෙන කතා මූලාශ්‍රයන් වර්ධනය කරන්නේ කෙසේ ද යන්න ඉඟි කරයි.


සමස්ත ලෙස කිවහොත්, පළමු සාමාන්‍ය කෙටි කතා දෙකක් ඉදිරිපත් කොට ඇවෑමෙන්, ඉතා රසවත්, වෙනස් හා නිර්මාණශීලි කෙටි කතා අටක ට මේ සංග්‍රහය මුල පුරන්නේ ය. 2017 ප්‍රකාශ වූ කෙටි කතා ගොන්න අතර ත්, ලේඛිකාවගේ කෙටිකතා සංග්‍රහ ගොන්න අතරත්, කියවිය යුතු සංග්‍රහයක් විය යුතු යැයි අනුමාන කරමි. මා ලේඛිකාවගේ කෙටි කතා සංග්‍රහයන් අතරින් කලින් කියවා ඇත්තේ "රතු කමිස සහ වෙනත් කතා" පමණකි. මෙය ඊට බොහෝ රසවත් හා නිර්මාණසීලි සංග්‍රහයක් බව සිතමි.

ශ්‍රේණිය: ****

Thursday 12 July 2018

No Country for Old Men - Cormac McCarthy


My previous outing with McCarthy was with "The Road" - a kind of an doomsday novel, where for all the backdrop of hopelessness which runs throughout the novel, "the boy" finds someone to turn to - at least where the reader is concerned - by its end. Not so, with my second outing, "No Country for Old Men". Enter Anton Chigurh, the main antagonist, the very truthful, cold eyed psychopathic assassin ( played by Jarvier Bardem in the movie - for which he won an Academy award ), and he leaves all who crosses his paths, dead. One escapes calling Heads on a toss of a coin, in which he had everything to lose; the second toss caller wasn't so lucky, and had to die only because as per Chigurh's fatalistic ideology her fate was decided. Chigurh is precise, gives new meaning to ruthlessness and will probably be in mind for ever ( and then when I think that this man, Javier Bardem,  is pretty Penelope Cruz's husband ? )  as a testament to the unparalleled evil there is in the world. His matter of fact explanation, imagined to have been delivered g in a clear, unhurried, convincing manner makes the reader almost, patiently await her fate. Here's how:





“He shook his head. 'You're asking that I make myself vulnerable and that I can never do. I have only one way to live. It doesn't allow for special cases. A coin toss perhaps. In this case to small purpose. Most people don't believe that there can be such a person. You see what a problem that must be for them. How to prevail over that which you refuse to acknowledge the existence of. Do you understand? When I came into your life your life was over. It had a beginning, a middle, and an end. This is the end. You can say that things could have turned out differently. That there could have been some other way. But what does that mean? They are not some other way. They are this way. You're asking that I second say the world. Do you see?'



'Yes', she said sobbing. 'I do. I truly do.'
'Good', he said. 'That's good. Then he shot her.'”
Yet, this isn't a book about Chigurh, although he makes the most impact. It is about a man, a law officer, a man who's happy to not enforce law unless he has to, found wanting in his trade, accepting defeat, conceding his failure, in a time that he can no longer comprehend. An old man now, he finds the county that he spent his whole life in (except during WWII ), being out of reach and feels that the ground has slipped through his feet. An old man, and it is no longer his country!



The writing style of McCarthy is sparse in emotion, and economical with words, almost given a twist with the Texan patois. Often compared with Hemingway for his style, at least in this novel, he probably surpasses Hemingway for the thriftiness he shows  in using words. It goes in hand in hand with the barren land, where most of these gory incidents takes place.

 In essence these are the two streams in the novel, which made the most impact on me. One, horrific, consistent and disturbing, and the other defeated, hopeless and out of solutions. The book ends on a note where the defeated sheriff retires, with debt to his name - Chigurh, injured but very much alive and undefeated. Hence this is a book bleaker than the "The Road". And while The road suggested some respite at its end, even in an  doomed world, "No Country for Old Men" winds up, leaving the reader with the notion, that the world is too far gone to turn back. And our collective lot is so bad, that we may even be at the mercy of a random coin! But, hey it could be your lucky coin! Don't put it in your pocket with the others, even though its just a coin.


 

ලේ විල සහ ඩාන්ටේ - එරික් ඉලයප්ආරච්චි


  2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ මගේ ව්‍යායාමයේ තෙවෙනි කෘතිය ලෙස ප්‍රවීන ලේඛක එරික් ඉලයප්ආරච්චිගේ "ලේ විල සහ ඩාන්ටේ" කියවීමි. කෙටි කතා දහතුනකින් සපිරි සංග්‍රහය ආරම්භ කල ද, මා තුල කියවාගෙන ඉදිරියට යාමේ කැමැත්ත අවදි කලේ සෙමිනි. පළමු කෙටි කතා දෙක-තුන ( ලේ විල සහ ඩාන්ටේ, නිවේදකයෝ තිදෙනෙක්, පාර්වතී, අර්චනා සහ ලිලිත්), විවිධත්වයෙන් යුත් මාතෘකාවෙන් හෙබි නිර්මාණ වුව ද, කතුවරයාගෙන් දැන් දැන් බලාපොරොත්තු වන ආරේ ඉහළ රස වින්දනයක් ගෙන ආ නිර්මාණ නොවී ය. ඒ හැම නිර්මාණයක ම සිදුවීම් වල නුපුරුදු බවක්, අසම්මත බවක් සහ මනසේ යම් අඳුරු පැහැ චිත්‍රයක් නිමවීමට සමත් වුව ද, පූර්ණ රසාස්වාදයකට යම් දුරක් තිබිණැයි සිතුණි. මුල් කෙටි කතා තුන ට සාපේක්ෂ ව සිව්වෙනි සහ පස් වෙනි කෙටි කතා වන "පොළොවෙන් අහසට" සහ "ලුහුඬු දැන්වීම්" තරමක් ඉදිරියෙන් තිබිනි.

"ලුහුඬු දැන්වීම්", "පරදේසි" නවකතාවේ එන ලාංකීය වටපිටාවේ සිදු වූ සමාන්තර සිදුවීමක් ලෙස පෙනුණි. මේ අසම්මත, සාපේක්ෂ වශයෙන් අප ලේඛකයින් ට අවදානය යොමු නොකරන ඉසවු, උපේක්ෂාවෙන්, නිර්මාණයකට ගොණු කරලීම, එරික් ගේ ලේඛන ශෛලියේ විශේෂත්වය ලෙස දකිමි.

මේ වන තෙක් මට මේ කෙටි කතා සංග්‍රහය "තරු තුනහමාරක" කෘතියකින් ඔබ්බ ට නොගියේ ය. එහෙත්, කතුවරයා තම හොඳම නිර්මාණ ගෙන එන්නේ කෘතියේ මැදක් පටන් ය. දාං ලෑල්ල, මැතිවරණ කොමසාරිස්, පෙම් නොකළ පෙම්වතිය, රණරාල, පිම්ම සහ අවතාර ගත්කරු නම් වන ඊළඟ කෙටි කතා හය, එරික් ගේ ඉහළ ම නිර්මාණ අතර බැව් කීමට නොපැකිළෙමි.

අප කාර්‍යාල, වෙසෙසින් රාජ්‍ය ආතන වල තමනට නියමිත රාජකාරියෙන් පිට හීන් නූලෙන් ක්‍රියා කොට තම දිවි පෙවෙත් තනා ගත් වීරසිරි ආරේ අය සිටිත් ( දාං ලෑල්ල ).

"මැතිවරණ කොමසාරිස්" වනාහි අප රට එක් ජන කොට්ඨාශයක, රාජ කාරියට ඇති පක්ෂපාතීත්වය සහ අවංකබාවය හොඳින් පිළිඹිබු කල කෙටි කතාවකි ("ගනේෂ් සර්ට අපි මේවට ගෙවන්නෙ කොහොමද? ඡන්දෙ දවසෙ ටෙලිෆොන් බිල විතරක් ඩොලර් තුන්හාරදාහක් විතර වෙන්නැති.... ඉලෙක්ෂන් වෙනුවෙන් ජීවත් වුණු පින්වන්ත මනුෂ්‍යයෙක්... වර්ණභේදවාදය අයින් කරලා, මැන්ඩෙලාව හිරෙන් නිදහස් කරලා, දකුණු අප්‍රිකාවේ පවත්වපු පළමුවැනි ඉලෙක්ෂන් එකේ ඉන්ටනැෂනල් මොනිටරින් කොමිටියේ හිටියා."). මෙහි එරික්ගේ සාර්ථකත්වය වනුයේ, ගේ රාජකාරිය ට ඇති කැපවීම මතු කරන ගමන්, එතුමාගේ රහස් දේශපාලන සිතුවිලි ප්‍රතික්ෂේප කරලීමට උත්සක නොවීමයි. ("උතුරේ ප්‍රභූ පසුබිමක් ඇති ඔව්හු සිය ද්‍රවිඩ ලාංකිකයන්ගේ සටනට නිහඬ සහාය ලබා දුන්නත් එල්ටිටීය කෙරෙහි දැක්වුයේ බිය මුසු සැකයකි.") මෙහි යම් ස්වභාවික බවක් මම දකිමි. 

හැත්තෑ එකේ කැරැල්ල යුගයේ පාසැලක ජනප්‍රිය මලල ක්‍රීඩිකාවක ගේ චරිතයක් ඇසුරෙන් නිර්මාණය වූ "පෙම් නොකල පෙම්වතිය", එම ස්ත්‍රී චරිතය පිළිබඳ හොඳ කියවීමකි. තවත් සාර්ථක කෙටිකතාවකි.

"රණරාල" වූ කලි, අපේ ගම් වල සිටි, තමනට කිසිදු පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් කල නොගත්, පීඩිත ජනයා වෙනුවෙන් කැප වී දිවි ගෙවා, පසු පරම්පරා වල විහිළුවට තහළුවට ලක් වූ වඳ වූ මිනිස් කොට්ඨාශයක් පිළිබඳ අපූරු ගෙත්තමකි. එහි විස්තර පාඨකයා තුල මවන චිත්ත රූප අපූරුය.
"ගමට එන අඳුරු මැද පාරෙන් ඇසුණේ මා කුඩා කල අසා පුරුදු රස වෑහෙන ගායනයකි. බීමත් වී වැනි වැනි ගෙදර එන්නා විසින් හඬ නඟා ගයන ගායනාව මගේ කනට ඉතා මිහිරි එකක් විය... මුළු ගම ඒ හඳ වටා එක් රොක් වන බවත්, තොටිල්ලක් මෙන් ගම පැද්දෙන බවත් මට හැඟිණි. මඟ දිගට අලුත් වී ඇති ගම අතරින් පතර දිස් වන ගරා වැටෙන වලව්වකට හෝ සොහොන් කොතකට හෝ ඉදි කඩුල්ලකට හෝ කඩුල්ලකට හෝ නැවත ගොඩනැගිය නොහැකි පුරාණ ගම එක සැණින් ගොඩැනගන්නට ඒ බීමත් හඬට පුළුවන් විය"

ගාලු කොටුවේ වාසය කරන පවුලක ගෘහ මූලිකයෙකු, තමන් ට එම නිවෙස විකුණන්නැයි පවසන බිරිඳගේ පීඩනය හමුවේ, එම මනරම් පෙදෙස අතැර යාමට ඇති අකමැත්තත්, එහෙත් වෙනස්වීමේ ස්වභාවය ඉදිරියේ තමනට මුහුණ පෑමට සිදු ව ඇති යථාර්තයත් අතර ගැටුම අපූරුවට නිරූපනය කරන නිර්මාණයකි, "පිම්ම".

"අවතාර ගත්කරු" වූ කලි මෙහි එන වඩාත් විචිත්‍ර වූත්, සාහිත්‍ය ක්ෂෙත්‍රයේ විවාදයක ට දොර විවෘත කල හැකි ආරේ වූත් නිර්මාණයකි. අවතාර කතුවරයෙකු යොදා ගෙන හලාවත මහරෝහලේ දොස්තර මහතෙකු නවකතාවක් ලියයි. එය වැඩිම මුදල් ත්‍යාගය ලබා දෙන සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වෙයි.
"'උඹලා ලොකු ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා. ඔය ප්‍රවීණයි කියන ෆුල්ටයිම් ලේඛකයොයි, ප්‍රතිභාපූර්ණයි කියන මයිග්‍රන්ට් මහා පුරුෂයොයි, ෆුල්බ්‍රයිට් සිංහල ප්‍රොෆේසර්ලායි අතරේ දොස්තර කෙනෙක්ට එක පෙළට හිට ගන්න ලැබෙන්නේ නෑ' යි දොස්තර තේමිය සිය පරාජය පිළිගනිමින් පැවසුවේ ය."
එහෙත් ඉංග්‍රීසි භාෂව හා සාහිත්‍ය තම උපාධිය සඳහා හදාරණ තම පුතු මෙසේ කියයි:
"අප්පච්චියි අංකල්ලයි වලිගෙ පාගගෙන... ඕකේ කොටි ප්තක්වත්, ජේවීපී පොතක්වත්, ලෝ කාස්ට් පොතක්වත් නෑ... මේ රටේ සාහිත්‍ය කියලා කතා කරන්නේ වෙන මොකක් ද කෙහෙල්මලක්."
පසුව, රාත්‍රි නිදි යහනේදි, පුතු මෙසේ පාපොච්චරණය කරයි:
"සිංහල සාහිත්‍ය කෙතයි කියන එකට අම්බරුවෝ බැස්සේ නත්තං ඔය සම්මානේ ලබෙන්නේ අප්පච්චිගේ කියන පොතට තමයි."
එරික් ගේ බොහෝ නිර්මාණ වල වගේ, ඔහු යම් කරුණක් එසේ වීමට ඇති ඉඩකඩත් එහි පරස්පරයත් දෙකම පෙන්වන්නේ, දෙපාර්ශවයේ ම ඇත්තක ත්, බොරුවක ත් කොටස් ඇති බැව් අඟවන්නාක් මෙනි.

"කන් හැන්ද සහ යකඩ සේප්පුව" රසවත් කතාවකි. අන් අයගේ වහලෙක් ලෙස විවේකයෙන් තොරව තම දිවි ගෙවාලන මිනිසෙකුගේ කතාවකි. විවේකයක් තොරව දිවි ගෙවන ඔහුට විවේකයක් ලැබෙන්නේ හදිසි අනතුරක් නිසා ලත් විරාමයකිනි.

"ඓතිහාසික කතාවක්", ජපනුන් බොම්බ දැමූ සිද්ධිය අලලා, එ කල මෙහෙ පන්සලක් විසූ පිරිසක් ආශ්‍රයෙන් නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයකි. විචිත්‍ර චරිත කිහිපයක සම්මිශ්‍රණයක්, ඓතිහාසික සිද්ධියක් හා අලලා කතුවරයා වික්‍රමයන් පායි.

ඇත්තෙන්ම පසු ගිය දා නිම වූ රජත පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට මේ කෘතිය නොතේරුණු එක මට නම්  ගැටළුවකි. මෙහි එන "අවතාර ගත්කරු" කතාවේ එන සමහර දෙබස්, සම්මාන උළෙල  හා සබැඳි පිරිසට සියුම් පහරක් හෝ උපහාසයක් හෝ එල්ල කරන්නේ යැයි කෙනෙකු ට සැක සිතිය හැක
. එහෙත් ප්‍රබන්ධ නිර්මාණයක කියැවෙන්නක් අබි බවා යාමට තුමුල  සාහිත්‍ය විනිශ්ච්‍ය මණ්ඩලයකට හැකි විය යුත්තේ, නිර්මාණයේ සාහිත්‍යමය ලක්ෂණ පමණක් සලකා ය. එය  එම සම්මානයේ සමස්ත අගය වැඩි වීමට හේතුවක් බවකි මට නම් හැඟෙණුයේ. මා සහෝදර සිංහල සාහිත්‍ය පාඨක කැලට මට පැවසීමට ඇත්තේ, මෙය අවිවාදයෙන් 2017 ප්‍රකාශ වූ නිර්මාණාත්මක සහ රසවත් ම කෙටි කතා සංග්‍රහ අතරට අයත් විය යුතු බවකි. මෙහි කෙටිකතා තුනක් පමණ තෝරා ඉවත් කොට සංග්‍රහය පළ වුණි නම්, තරු හතරාමාරක, නැතහොත් පහකට ද ආසන්න කම් කියනා ආරේ සංග්‍රහයකි. නොපමාව කියවන්න.

Tuesday 10 July 2018

කඩේ යාම - උදයසිරි වික්‍රමරත්න


2017 ප්‍රකාශ වූ කෙටිකතා කියවීමේ  ප්‍රයත්නයේ, දෙවැනියට කියවා හමාර කලෙ උදයසිරි වික්‍රමරත්න ගේ "කඩේ යාම" කෙටි කතා එකතුවයි. ඔහු පසු පිටුවේ ඊට "නාට්‍යකරුවකුගේ කෙටිකතා" යන උපනාමය සපයයි. මා මේ සරසවි පොත හලේ දුටු කල්හි, එය මිල දි ගැනීමට ප්‍රධානතම හේතුව ඔහුගේ "සුද්දෙක් ඔබ අමතයි" නරඹා තිබීම සහ, මා ඉන් ලත් ඉමහත් වින්දයයි ( එහි මනෝරත්න, උඩුවෙල සහ මාධනි මල්වත්ත අතිවිශිෂ්ඨ රඟපෑමක් කරනුයේ වික්‍රමරත්න්ගේ සියුම් උපහාසාත්මක නාට්‍ය පෙළට ය.)

ඉතින් "කඩේ යාම" කෙසේ ද යත්;

    එහි නාට්‍ය පෙළේ රැගත් වික්‍රමරත්නගේ අනන්‍යතාවය රැගත් කතා වල දිගුවක් මෙනි. මේවා යම් තරමකින් හෝ තම අත්දැකීම් අලලා ලියවුණු ඒවා වීමට ද ඉඩ ඇතැයි කියවන්නියට  සිතෙන ආරෙන් ලියැවී ඇත. ඒ ඒ සිදුවීම් සුළු දෙයක් වුව ද එහි තුලින් කියවෙන චරිත ලක්ෂණය, මිනිස් දුර්වලතාව - මානය, ඊර්ශ්‍යාව ආදි වශයෙන් - කතුවරයා මතුකොට ඇත්තේ ඉතා අපූරු ලෙස ට ය.  ඒ, ඒ ඒ කෙටි කතවේ එහි චරිත වල ආත්ම ගවේශණයන් අප ඉදිරියේ ගෙන හැර දක්වන බැවිනි.

නිදසුන් ලෙස;
කඩේඅ යාම කෙටි කතාවේ, පුතා තාත්තා වෙනුවෙන් "කඩේ යනේ" පුතා තුල තමන් කෙරෙහි රැගත් අධිතක්සේරුව නිසා ය. කැපී පෙනීමට ඇති කැමැත්ත නිසා ය.ඉන් අනෙකුට අගෞරවයක් වන බවක් ඔහුගේ සිතට හෝ නොනැඟෙයි. තාත්තා තම මානය නිසා "තම පුතා" ව කඩේ යවයි.

"කිඹුලා ඇල්ලීමේ" දි, ඌ කලින් අල්ලා ගත් අයට පසුව ඌ අතැරුන් ද, පසුව සාර්ථක වූ අයගේ බිය දුරු කල බැවිනි. එක් අතකින් පෙර ඌ අල්ලා ගත් අය "රට හාවෙකු" ( හෙවත් පරීක්ෂාවට වැය කල හැකි ආරේ සතෙකු ) බවට ඔහු ද නොදැන පත් වී ඇත.

විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක් ඉංග්‍රීසි උපගුරුකමක ට හේ යන්නේ තමන් පෙර උගත් පාසැලට වුවත් තමන් ද උගත් තුන ශ්‍රේණියේ  තමන් උගැන්වූ බව ඔහුට මතක් වන්නේ එම රැකියාවෙන් ඉවත් ව දශක දෙකක ට පමණ ය. ඔහුට "අමතක බව මතක් වන්නේ" එවිට ය -ඒ ඔහු ට එවකට පැවති මාන්නය නිසා ඔහුගේ අතීතය තාවකාලිකව අමතක කරලූ බැවින් යැයි ඔහු පසුව වටහා ගනී.

ඉදින් මෙහි, මේ ආරෙ කෙටි කතා එකොළහකි. පිටු අසූවක් පුරාට ය. එහි බොහෝ කතා රසවත් ය. ඉන් වෙනස් වන සමාජය, මිනිස් මනසේ දුර්වලතා ආදි ය ගැන සියුම් නිරීක්ෂණයන් ය; ගවේශණයන් ය. මෙහි ආකෘතික වික්‍රමයන්, අත් හදා බැලීම් නැත. සුද්දෙක් ඔබ අමතයි හඳුන්වාදීමේදී නාට්‍යකරුවා කියනා පරිද්දෙන්,  "අප කතා අහන්න ආස ජාතියක්" බැවින් ද,  සියළු කෙටි කතා කියවෙන්න, කොට බිත්තියක් ඇති ආලින්දයක් මත වාඩි ව කහට කෝප්පයක් තොල ගාමින්, හෝ විටක් ඒදා කටේ ඔබා ගන්නා ගමන් කෙරෙන සල්ලාපයක ස්වරූපයකිනි යැයි කියාන්නිය ට සිතුනහොත්, පුදුම විය යුතු නැත.

එක් අතකින් සියුම් සිද්ධින් අලලා ගැඹුරු සිතුවිලි මත්කරනා එකම කතුවරයා ගේ වික්‍රමයකි. එහෙත් වරෙක කතුවරයා තම ගවේශනය මතුකරලීමේ තැතේ කිමිදෙන්නේ පුනරෝක්ති දොස ගැන නොසිතමිණි.

සියුම් සරල කෙටි කතාවකින්, තමන් නොසිතන ගැඹුරක් තම ඇස් පනා පිට මතුවීමෙන් යම් ආහ්ලාදයක් ලබන ආරේ කියවන්නියන් සිටිත් ද ඔවුන් ට මේ පොත නිර්දේශයට පසු බට නොවෙමි.

Monday 9 July 2018

නිකිණි කළුවර - දීප්ති මංගලා රාජපක්ෂ



     මිල දී ගැනීමෙන් පසුව ද  නොකියවා සිටීමට තීරණය කොට, 2016 කියවීමට තිබූ පොත් ගොන්නෙන් එකක් අඩු වීම හේතුවෙන් කියවීමට තීරණය කල කෘතියකි. පසු ගිය වසරේ සම්මාන උණුසම සමයේ සමහර පාඨකයන් මේ කෘතිය ඇගයූ සමහර පාඨකයන් නිසා මෙය ඒ සමයේ දී ම මිල දී ගත්තෙමි.

    ධනාත්මක පැත්ත ගැන පළමු බලමි. කෘතිය රසවත් ය. පිටුවෙන් පිටුව පෙරළීමට පොළඹවන සුළුය. පාඨකයා ව රඳවා තබා ගැනීමට සමත් ලෙඛණ ශෛලියකින් ලියැවී ඇත. චරිත වලට හොඳින් පණ පොවා ඇත. මහනුවරින් උඩහ තැන්නේකුඹුර සිට දහ අට වංගුව දෙසට ත්, රන්දෙණිගල දෙසටත් ඇති පරිසර වැණුම් පාඨකයා වශී කරවන සුළුය.හැත්තෑ හතට එපිට සහ මෙපිට, විවෘත ආර්ථිකය ඔස්සේ රටේ සිදු වූ වෙනස් කම්, ග්‍රාමිය පෙදෙස් තුල වෙසෙන්නෙකු දකින්නේ කෙලෙස ද යන්න ත කතුවරිය සාර්ථකව විදහා දක්වයි.චරිත ඉදිරිපත් කරලීමේ දී, ප්‍රධාන චරිත දෙක-තුන යම් තරමක සුදු චරිත ලෙස ඉදිරිපත් කර තිබුන ද, අවශේෂ චරිත යම් තරමක සාර්ථකත්වයකින් ඉදිරි පත් කොට තිබුණි. සමස්ත කතා වස්තුව සැලකුව ද, එහි අංගෝපාංග තරමක් සුලභ වුව ද - පුනර්ජන්මයේ මතක සටහන්, පෙම්වතිය තමා පතන පෙම්වතා වෙනුවට දෙමව්පියන් ගෙනෙන යෝජනාව කැමති වීම සහ ඉන් විවාපත් වන ස්වාමිපුරුෂයා අධමයකු වීම - සියළු කොටස් නිර්මිතයෙන් සෑදෙන කතාව රසවත් ය. ඉන් එහි සමහර කොටස් කලින් සිතා ගත හැකි අයුරු වුව ද, ධානාත්මක ලක්ෂණයන් වඩා ඔපවත් ව පෙනී හිටී.
තැනෙක දෙකක යම් ගැඹුරක් ඇති දෙබසක් තිබුන ද එය කෘතිය ටැ සමස්තයක් නොවේ- එය නවකතාවට අප්සුබිම් පරිසරය හා සසඳන කල ඖචිතය.
පොඩ්ඩි හෙවත් නිකිණි ගේ මේ වදන් නවකතාවේ සමස්තය හා හොඳින් ගැලපේ.
"...අපි වගේ පොළොවේ පයගහලා ජීවත්වෙන්න ඒ අයට බැහැ. පොඩි හුළඟටත් ඒ අයව ගහගෙන  යන්නේ ඒකයි. අපි පොළොව බඳලා අල්ලගෙන ජීවත්වෙන මිනිස්සු. ඒ හින්දා අපි වැටෙන්නෙ නැහැ. ඒ අය පරම්පරාව බඳලා අල්ලාගෙන ජීවත්වෙන හින්දා, ඒ අයට මහපොළොව දුරයි. ඉක්මනින් විනාස වෙනවා..." ( 232 පිටුව )

ඉහත කී චරිත නිපැයුමේ යම් සීමාවන් හා පාඨකයා ට කතාව හැරෙන්නෙ කොයි පැත්තට දැයි සිතා ගත හැකි වීම ට අමතර ව, මෙහි එන ප්‍රධාන දොස, ලේඛිකාව සමස්ත වශයෙන් අනේක වතාවක් සිංහල නවකතාවට ගෝචර වූ සිද්ධාන්ත නවකතාවට ඇතුලත් කොට තිබීම යි. ග්‍රාමීය දිළිඳුබව වේවා, විවෘත ආර්ථිකය සැලැස්මකින් තොරව හඳුන්වාදීම නිසා අප ගම් දනව් යම් විපරීතයකට ලක් වීම වේව, '71 සහ '83 කැරැල්ල වේවා රේඛියව දිගැරෙන ආකෘතික අත් හදාබැලීම් වලින් තොර නවකතා දුසිමක ට වැඩිය දැනට අප සාහිත්‍ය ට අයත් ය. කතුවරිය එම සුළභ කරුණු භාවිතාවෙන් හෝ රසවත් නිමැවුමක් ඉදිරිපත් කොට තිබීම ඇගේ දක්ෂතාවයයි.

මේ නවකතාව රචනා වූ යුගය සාමාන්‍ය ජනතාවට එතරම් බලාපොරොත්තු තබා ගත හැකි යුගයක් නොවී ය ( තවමත් අප රටේ තත්ත්වය එසේය - එය දැනට තිබුනාවේ ). ඉතින් යම් හෝ එක්වීමක්, සතුටුදායක් දෙයක් වුවත් එය සිදුවන්නේ ද දුක්ගැහැට රාශියක මධ්‍යයේ ය. එම සත්‍යතාව නවකතාව අවසන ඉඟි කරන යම් එක්වීමක දී ද අපට දැකිය් අහැකිය. එලෙස ම අබේ අයියා නොහොත් කීර්ති ට තම අවසන් බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගත නොහැකි වීම ද කෘතියේ තාත්විකත්වය ට උචිත ය.

සමස්ත වශයෙන් සොයාගෙන කියෙව්වොත්, සැලකිය යුතු මට්ටමක සංවේග රසයක් ජනිත කරවන ආරේ සාර්ථක නවකතාවකි. මෙය ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරීම සාධාරණය ය.

දෙපා නොලද්දෝ - ගුණදාස අමරසේකර

අමරසේකරුන් ගේ නිර්මාණ කියවීම  රුචි වන්නේ, සාමාන්‍ය ජීවිතයේ සියුම් ඉසවු භාෂාවේ ව්‍යාකූලත්වයෙන් අසමාන්‍ය බරක් එකතු නොකර, පාඨකයා වෙත එම ඉසවු තුල සැරිසැරීමට අවකාශ ලබා දීම මගිනි. කරුමක්කාරයෝ , ප්‍රේමයේ සත්‍ය කතාව , එක් අසත්‍ය කතාවක් , ගන්ධබ්බ අපදානය, යළි උපන්නෙමි සහ සෝමරත්නගේ සංක්‍රාන්තිය මගින් ඔහු මේ හපන්කම් කලේ ය ( හේ කෙටි කතා වලින් ද එවන් ම වික්‍රම පාන්නේ ය.)  ගමනක මුලින් ඇරඹි නව කතා නවය මගින් ඔහු සාමාන්‍ය ජීවිතයේ පීඩිත අවස්තා, ගැටළු වෙනුවට රටක් අයාලේ යද්දි එය පෞද්ගලික ව එක් එක් පුද්ගලයාට බලපාන අයුරු  සමීක්ෂණය කලේ ය. ඉතින් අමරසේකර කියවීමේ තවත්  අවස්තාව  මට "දෙපා නොලද්දො" මගින් උදා විය. මෙය මුලින් ම ප්‍රකාශ වී ඇත්තේ 1966 තරම් ඈතක ය - එනම් අවුරුදු පණහකටත් පෙර ය.

දෙපා නොලද්දෝ මගින් පාඨකයා ට පෙන්නුම් කරන්නේ අයෙකුට භෞතික ව දෙපා තිබුන ද දිවිය සාර්ථක කර ගැනීමට ඇවැසි අවදානම, ආකල්පයන් හීන වන්නේ, හේ දෙපා නොලද්දෙකු ට වඩා දුබලයෙකු බවයි. මෙහි එන පියසේන තමන ට දෛවය ගෙන ආ අවාසනාව ට තමන් ව පැරදවීම ට ඉඩ නොදෙයි. ඊට සාපේක්ෂව කතා නායකයා හෙවත් බාල මහත්තයා, දිවියේ අභියෝග වලට මුහුණ දීමට බියෙන් පෙළෙන්නෙකි. ජිවිතයේ අවස්තා ගෙන එන සිද්ධී මාලවන් ඔස්සේ පරෝපකාරකයෙකු, සදාචාරවාදියෙකුගේ වෙස් පළඳින - තමන් එම වෙස් පළඳන බව තමන් ද නොදැන වුව - හේ අන් අයගේ ජීවිත වලට ද බලපෑම් කරමින් පිළිලයක් සේ ජීවත් වෙයි. නොදෙයි. ඊට සාපේක්ෂව කතා නායකයා හෙවත් බාල මහත්තයා, දිවියේ අභියෝග වලට මුහුණ දීමට බියෙන් පෙළෙන්නෙකි. ජිවිතයේ අවස්තා ගෙන එන සිද්ධී මාලවන් ඔස්සේ පරෝරපකාරකයෙකු, සදාචාරවාදියෙකුගේ වෙස් පළඳින - තමන් එම වෙස් පළඳන බව තමන් ද නොදැන වුව - හේ අන් අයගේ ජීවිත වලට ද බලපෑම් කරමින් පිළිලයක් සේ ජීවත් වෙයි. විවෘත ලෙස ව්‍යභිචාරයක් නොතිබුන ද, සැඟවුණු ව්‍යාභිචාර සිතුවිල්ලක සෙවනැල්ලක් අයියා විසින් නගා වෙත හොල්මන් කරයි. 
"යම් ලෙසකින් ඇගේ අතින් නොව මගේ අතින් ඒ බෙහෙත විඳිනු ලැබුවහොත් මට දැනෙන්නේ අඩ සුවයක් පමණකි. මට අමතක වි ගිය ද පළමු වර බෙහෙත් විඳි අත ඈ දණී. බෙහෙත් විද උණු වතුරෙන් අත තවා නිමකරත් ම මගේ පෙණහලු මොහොතකින් සැහැල්ලු වන බව මටැ හැඟේ. වරක් ඇඇ අතින් විඳින ලද්දේ බෙහෙත් කුප්පිය නොව ඇල්වතුර කුප්පියක් බව මා දැනගත්තේ පසු දින ය. එහෙත් ඉන් සුවයක් ලැබුණු බව මම හොඳහැටි දනිමි." ( 6-7 පිටු )

මෙයත් සමඟ මට ලේඛකයාගේ කියවීමට ඉතිරි ව ඇති එක ම නවකතාව 2017 වසරේ ප්‍රකාශ වූ "ධාතුසේන" නවකතාව පමණි. මෙතෙක් දුරට සිංහල නවකතාකතුවන් අතරින් මා වඩාත් රස විඳ ඇත්තේ අමරසේකරුන්ගේ නිර්මාණ ය. මගේ අනෙක් ප්‍රියත ම නවකතාකරුවන් වන එරික් ඉලයප්ආරච්චි සහ සයිමන් නවගත්තේගම ඇත්තේ, අමරසේකරුන් ට පිටු පසිනි.

The Confessions of an Economic Hit Man - John Perkins


By  2004-2005, the topic of International Conspiracies had gained some currency in Sri Lanka more than ever ( By today, it has become somewhat a joke, due to the over use of the word ).  I think this book was published around 2004-2005, and gained popularity almost immediately, due to the prevalent political climate in the country - so much so, it was translated. I bought my copy in 2007, December, but never got down to reading it. Until, the other day, a fellow reader here, our friend Yasoda, was kind enough to share its audio version. Then, I finally got to "read" (listen) it. What a book it was - that is, amidst its terrifying revelations, some rather strange co-incidences but most of all for the overall political truth it carries.

Summary of what the book exposes:
The book broadly is broken into four parts - Part One tells us how John Perkins became an Economic Hit man (EHM) - how the puritanical attitudes contributed to make him look out for adventure and enjoyment when he could, and how whatever flaws he had was instrumental in the authorities selecting him for the role. His  "Training" happens in Indonesia, and some of the incidents which are described therein are prophetic to what happens decades later. The main area being focused here is how projects funded by the US or its lending agencies, are severely oversized, resulting in the receiving countries being indebted for decades. The book moves into part two, half way through Perkins' stay in Indonesia. One of the insights, that is revealed in these sections is that the next wars will be fought between the Christian world and the Moslem world - this prediction was made by Arthur Toynbee, back in 1948 and 1953 ( Civilization on Trial and The World and the West ), respectively. In these pages, another important question is coined:
"if the objective of foreign aid is imperialism, is that so wrong? I often found myself envying people like Charlie who believed so strongly in our system that they wanted to force it on the rest of the world . I doubted whether limited resources would allow the whole world to live the opulent life of the United States, when even the United States had millions of citizens living in poverty. In addition, it wasn't entirely clear to me that people in other nations actually want to live like us. Our own statistics about violence, depression, drug abuse, divorce, and crime indicated that although ours was one of the wealthiest societies in history, it may also be one of the least happy societies. Why would we want others to emulate us ?" ( page 48)

He then has an assignment in Panama and this was during the tenure of the  highly regarded General Omar Torrijos. In Panama, Perkins has first hand experience on how the Americans treat the Panamanians in their own land. Our EHM has a chance to discuss with Torrijos, and this is what he requests:
"I understand that your company wants more work and usually gets it by inflating the size of projects—wider highways, bigger power plants, deeper harbors . This time is different, though . Give me what's best for my people, and I'll give you all the work you want." ( pages 74-75)
This fair demand, Perkins tells us is not acceptable to the US, although Perkins goes out of his way to make things work as per Torrijos' expectation. Yet the dispute over the Panamanian canal, is a matter that simply couldn't be solved.



How did the U.S.A. become involved in Saudi Arabia, and with what intentions ? Saudi Arabia's history is explored from the point when Mohammed ibn Saud joined hands with the fundamentalists of the ultraconservative Wahhabi sect. The country has since then been under the house of Saud, and after the oil embargo of '73-'74, Washington started negotiations with the Saudis, "offering them technical support, military hardware and training, and an opportunity to bring their nation into the twentieth century, in exchange for petrodollars and, most importantly, assurances that there would never again be another oil embargo." (page 83)
The succeeding chapters speak of many similar stories.
4. The US's continuous role in Iran which finally resulted in that country falling into the hands of the religious fundamentalists. How the U.S. embassy crises put the final nail in the coffin of the presidency of Jimmy Carter - one president who took a different view point of the U.S,. in a global context, and paved way for the total opposite by bringing in Ronald Reagan. Reagan was succeeded by Bush, and one couldn't possibly ask for a worse successor, in the context of global peace.

5. How Presidents, Jaime Roldos of Ecaudor and Omar Torrijos of Panama died one after another in mysterious plane crashes. At the time of Torrijo's death, Graham Greene was writing his book on Torrijos, titled "Getting to know the General", and this is what he said:
" In August 1981, my bag was packed for my fifth visit to Panama when the news came to me over the telephone of the death of General Omar Torrijos Herrera, my friend and host. The small plane in which he was flying to a house which he owned at Coclesito in the mountains of Panama had crashed, and there were no survivors . A few days later the voice of his security guard, Sergeant Chuchu, alias Jose de Jesus Martinez, ex-professor of Marxist philosophy at Panama University, professor of mathematics and a poet, told me, "There was a bomb in that plane. I know there was a bomb in the plane, but I can't tell you why over the telephone ." ( page 159). Not stopping there, Torrijo's successor, Noreiga was captured and kept a prisoner in U.S. soil after invading Panama in 1989, upon the transition of power from Reagan to George W. Bush.
6. How Saddam Hussain ( tyrant, he was), didn't buy the face wash meted out by the EHMs, but played into the hands of GWB, by invading Kuwait. Bush reacted by military action, and this is how Perkins writes about the incident.
"However, by the late 1980s it was apparent that Saddam was not buying into the EHM scenario . This was a major frustration and a great embarrassment to the first Bush administration . Like Panama, Iraq contributed to George H . W. Bush's wimp image. As Bush searched for a way out, Saddam played into his hands . In August 1990, he invaded the oil-rich sheikhdom of Kuwait. Bush responded with a denunciation of Saddam for violating international law, even though it had been less than a year since Bush himself had staged the illegal and unilateral invasion of Panama." (page 184)

7. By 2011, Perkins has moved on from his previous role to a different one - one that saw him leading expeditions into the Ecuadorian Amazon ( his gradual distancing, and leaving his role is in detail here ). He visits Ground Zero, after the attack, and spends some time in contemplation:
"I forced my attention back to Ground Zero . At the moment, one thing was certain : my country was thinking about revenge, and it was focusing on countries like Afghanistan . But I was thinking about all the other places in the world where people hate our companies, our military, our policies, and our march toward global empire. I wondered, What about Panama, Ecuador, Indonesia, Iran , Guatemala, most of Africa?" ( page 195)

The Gist of the message: If one is to look at the overall idea that Perkins questions here, it is the overall attitude of the U.S. and how it uses several ways to subjugate the other countries to bow down to their interests. For money starved lesser developed countries, it used its lending agencies to over size development project proposals, creating avenues for the aid promised to those countries to go back to the US. In oil rich countries, the ruling class was influenced and offered a semblance of security, with the ultimate goal of all Petro Dollars going back to the US. Where leaders weren't willing to compromise their country's benefit for their own, more often than not they came to a sad end under tragic circumstances. While I've heard the occasional staunch U.S. supporter, even among us Sri Lankans ( who doesn't benefit anyhow from the US ) claim that it cannot be helped as they are the sole global super power - a free license if you will - the more reasonable types would concede that although the world as a large knows this, they can only turn a blind eye.

My reading is that those who opposed the US's actions, were brave men, yet flawed men. For, the level of flaws is relative. A friend of mine well versed in politics said that if Rajapakse hadn't lost the last election, it was a matter of time that he'd be taken out of the equation anyways. Only the most gullible would believe that the U.S. of A. wanted a regime change here, to rid the corruption that was purportedly happening during then.

The Criticisms: I think I've already inferred some of the failings when writing the summary above, but some of the incidents herein sound too far well written to the script. My feeling was that at times the author may have tried to convince the reader a tad too much, but the conscious reader can detect such instances. This in no way challenges the credibility of the narration as a whole.

Imperialism is nothing new to our world. To us, the current one is the one that we feel most since it is contemporary, and of course at their disposal are a wealth of resources, unmatched in the past. Imperialism shifts, and if the signs are anything to go by, China may take over the hat in years to come. While their overall philosophy may have something to do with how they go out their business, it is difficult to believe that they'd be remarkably humane than the Yankees, if and when it happens.

In conclusion I don't hesitate state this is a must read. In fact I do hope that at least a handful of people read this book, so that we can indulge in a dialogue of the historical episodes that this book throws light upon.