2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ ව්‍යායාමයේ සිව්වෙනි අදියර ලෙස ප්‍රවීණ ලේඛිකාවගේ උක්ත සංග්‍රහය කියවුවෙමි.
කෙටි කතා දහයකින් සපිරි සංග්‍රහයේ බොහෝ කතාවසානයේ පෙරළුමකින් සියුම් ආල රසයක් පාඨකයාට ජනිත කරලීමට සමත් කෘතියකි. අවස්තා දෙක ක දී පමණ, කියවාගෙන යාමට සියුම් කම්මැලි කමක් ඇති වුව ද, කෙටි කතාවසානයේ විහිදාලන රසයත්, ( තෙවෙනි කෙටි කතාවෙන් ඔබ්බට) වඩා රසවත් බලාපොරොත්තු නොවෙන ආරේ ආල අන්දර හැරවුම් මගින් පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමටත් සමත් වේ. බොහෝ ආදර කතා වල පෙරළිකාර නැතහොත් කැරලිකාර ගතියක් ගැබ් ව පවතින්නේ "ප්‍රේමය හමුවේ සියල්ල සාධාරණය" යන ප්‍රකාශනය මත පිහිටා සේ ය.
"ප්‍රේමනීය නිමේෂයක්" කෙටි කතාවේ, එක් සුළු සිද්ධියක් වුව ආදරය විඳීමට කැමැත්තෙකු ට බලාපොරොත්තු බිහි කරන අයුරු ගෙන හර දක්වයි. අපට ජීවිත වල අත්දැක ඇති මෙවන් හැඟීම් සහ සිදුවීම්, කෙටි කතාවේ දිල්ලිය පසුබිමෙන් ඉදිරියට පැන අප හුරු පුරුදු බවක් ඇති කරයි.
"ප්‍රේමාභියෝගය", ආදරයේ කෙළිලොල් බවත්, එය දෙපාර්ශව ට ම ක්‍රීඩා කල හැක්කක් බවක් ද පසක් කරයි.
වියට්නාමයේ සිදුවීම් පෙළක් පසුබිම් කරමින් ලියැවී ඇති "දිග කතාවක කෙටි කතාව", මෙතෙක් සාමාන්‍ය උනන්දුවකින් කියවාගෙන යන පාඨකයා ට, රස ගුලක් මවයි. අයෙකු ට ලැබෙන අත්දැකීම් හමුවේ සිතා මතා "පහත් තත්ත්වයකට වැටීමට"තිරණය කල ද, තම චරිත පසුබිම අනුව මත, ප්‍රායෝගිකව කල නොහැකි බවත් මේ කෙටි කතාව කියා පායි. ආලය ඉදිරියේ "හිඟ" මකා ගැනීම එතරම් පහසු නැති බවකි කතුවරිය ඉඟිකරනුයේ. හැරවුම කිහිපයක් රැගත්, හැඟුම් කිහිපයක් රැගත් මෙය සාර්ථක කෙටි කතාවකැයි සිතුණි.
පෙර කෙටිකතාවෙන් පාඨකයා 'නැගිටවූ' ලේඛිකාව, "නැගිටීම" මගින්, දුවෙකුගේ තරමක අවාසනාවන්ත ආල කතාවක් තුලින් පවුලේ පියා ට හිමි ආධිපත්‍යය අහිමිවීමේ, "හරි ම ශ්‍රී ලාංකික" ආල අන්දරයක් ගොතා ඇත. මෙහි අනපේක්ෂිත හැරවුම් අවම වුව ද, අවසානය පාඨකයා ට කලින් ම ඉව වැටුන ද, පාඨකයා රස විඳිනාකාර කෙටි කතාවකි.
"ෂාලිමාර්" පකිස්තානය පසුබිම් කරගත් කෙටිකතාවකි. ලාංකේය මාධ්‍යකරුවෙකු තම අනියම් භාර්යාව හා රාජකාරි කටයුත්තකට එ රට ට යන්නේ, එහි දි පෙර දිනෙක ලාංකේය කතක ට පෙම් බැඳි පාකිස්තානුවෙකු හා මිත්‍ර වෙයි. ජවාඩ් නම් වූ ඔහු ඉල්ලා සිටින්නේ ඒ කත ගැන විස්තර සොයා දෙන ලෙස ට ය. අප මාධ්‍යකරුවා ද, ජවාඩ් යහ අරමුණින් එසේ කරන බව විශ්වාද කල ද, නැවත ලංකාවට ආ කල ඔහුගේ සැබෑ බිරිඳ පවසන්නේ අනෙකකි. මේ කතාවේ හැරවුම ඇත්තේ එහි ය.
"අනේ ඔයාට තේරෙන්නෙ නැද්ද? එයා ලොකු වෛරයකින් ඉන්නෙ. ඒකයි ලංකාවෙ පත්තරකාරයෙක් හොයලා ඕක කිව්වේ.... ඔයාට නං ගෑනුන්ව විතරක් නෙවෙයි පිරිමින්වත් තේරුම් ගන්න බෑ."
එනම් පිටු පහළොවක විතර කෙටි කතාවේ අවසාන වචන පණහ පමණ තුලින් කතාව හා පාඨක සිතුවිලි කණපිට හරවනාකාර නිර්මාණයකි; මේ ලක්ෂණය මේ සංග්‍රහයේ කිහිප අවස්තාවක ම හමු වේ. කෙටි කතා සංග්‍රහයේ සමස්ත සාර්ථකත්වයට එය බල පා ඇති බව මගේ හැඟීමයි.
සවෙනි කෙටි කතාව වන "පරණ ගෙදර" තකා පාඨකයා එන විට, ඇය විචිත්‍රවත් නුමුදු යම් ගැඹුරක් ඇති ආල අන්දර රැසක් කියවීමේ සාධාරණ බලාපොරොත්තු ඇත්තියකි. මේ කෙටි කතාවේ, එන මිත්තණිය තම මිණිබිරියට ආදරය වෙනුවෙන් රැඩිකල් වීමට සැඟවුණු අවසර දෙන්නේ තමන ට නැති වූ තම සැබෑ ආදරය වෙනුවෙනි. කතුවරිය ඉඟිකරන්නේ සිතේ ආදරය සහ සැබෑ දිවියේ ආදරය යනු දෙවර්ගයක් බවට යි.
"දොස්තර මහත්තයා වියන් ඇඳේ අනිත් පැත්තේ දාඩිය පෙරාගෙන හති දමන සෑම විටෙකම හෙන්‍රි අයියා සිරුර මත සිටි බව නම් ඇනස්ටා නෝනා නිසැකව දැන සිටියා ය. ඕස්ට්‍රේලියාවට යන්නට පෙර නිතර කාමරයට රිංගු හෙන් රි අයියා තම දරුවන් සියළු දෙනාගේම පියා යයි විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වෙතත් එය එසේ ය."
මෙහි එන "නිදහස් වීම" ද වෙසෙස් අරුතින් කියවෙන නිදහසක් ගැන පවසන කෙටිකතාවකි. තමන ට ඇවැසි දේ දිනා ගැනීමට සමත් ගැහැණියක ට, තමන ට අවශ්‍ය පුරුෂයා දිනා ගැනීමට ද, තමන් ට ලැබෙන ආලය වෙනුවෙන් ඔහු නඩත්තුව ද කල හැක. එහෙත් පසු කලෙක එය වගකීමක් වී, වගකීමෙන් මිදීමෙන් අනතුරුව ඉන් ලැබෙන නිදහස ගැන අඟවන මේ කෙටිකතාව ද අගනා නිර්මාණයකි.මේ වන විට මේවා හුදෙක් ආලන්දර පමණක් නොව, දාර්ශනික ආලන්දර බවට ද පත්වේ.
සතුට නොසතුට වූ කලි හැරුම් වලින් ගහණ වූ පරම්පරා දෙකක ආල කතා රොත්තකි. පියාගේ පෙම් පළහිලවු සහ පුතාගේ පෙම් පලහිලවු, බිරිඳක් සහ මවක් ලෙස ඉවසන අයුරුත්, පියෙක් ලෙස පුතුට අගතියක් නොවෙන්න ට ක්‍රියා කල යුතු අයුරුත් ගැන කියවෙන කතා පුවතකි. එහෙත් පුතු අමරිකාවේ දි සිදු කරගන්නා කටයුත්ත සීමා කිරීමට දෙමව්පියනට නොහැක; එලෙසම තම ගමේ දී සිදුවීමට ඉඩ තිබූ කටයුත්තේ පරණ සෙවණැලි අමරිකාවේ නොතිබූ හෙයින්, එය ම සැපයකි.
මෙහි එන අවසන් කෙටි කතා දෙක අතර සබැඳියාවක් ඇත. හෙවත් නමවැන්නේ වර්ධිත අවස්ථාවකි, දහවැන්න. නමවැන්නේ ෂෙරීන් නම් වූ ඇය පළමුව පැරදිව පසු ව ආදරය දිනා ගන්නීය; දස වැන්නේ ඒ කතා තේමාව වඩා රසවත් කොට, හින්දි චිත්‍රපටියකට සුදුසු ආරෙන් වඩා සංවේදි කොට ඉදිරිපත් කොට ඇත. ඉන් කතා ගොතන්නියක් තමනට ලැබෙන කතා මූලාශ්‍රයන් වර්ධනය කරන්නේ කෙසේ ද යන්න ඉඟි කරයි.
සමස්ත ලෙස කිවහොත්, පළමු සාමාන්‍ය කෙටි කතා දෙකක් ඉදිරිපත් කොට ඇවෑමෙන්, ඉතා රසවත්, වෙනස් හා නිර්මාණශීලි කෙටි කතා අටක ට මේ සංග්‍රහය මුල පුරන්නේ ය. 2017 ප්‍රකාශ වූ කෙටි කතා ගොන්න අතර ත්, ලේඛිකාවගේ කෙටිකතා සංග්‍රහ ගොන්න අතරත්, කියවිය යුතු සංග්‍රහයක් විය යුතු යැයි අනුමාන කරමි. මා ලේඛිකාවගේ කෙටි කතා සංග්‍රහයන් අතරින් කලින් කියවා ඇත්තේ "රතු කමිස සහ වෙනත් කතා" පමණකි. මෙය ඊට බොහෝ රසවත් හා නිර්මාණසීලි සංග්‍රහයක් බව සිතමි.
ශ්‍රේණිය: ****

No comments:
Post a Comment