Monday, 9 July 2018

දෙපා නොලද්දෝ - ගුණදාස අමරසේකර

අමරසේකරුන් ගේ නිර්මාණ කියවීම  රුචි වන්නේ, සාමාන්‍ය ජීවිතයේ සියුම් ඉසවු භාෂාවේ ව්‍යාකූලත්වයෙන් අසමාන්‍ය බරක් එකතු නොකර, පාඨකයා වෙත එම ඉසවු තුල සැරිසැරීමට අවකාශ ලබා දීම මගිනි. කරුමක්කාරයෝ , ප්‍රේමයේ සත්‍ය කතාව , එක් අසත්‍ය කතාවක් , ගන්ධබ්බ අපදානය, යළි උපන්නෙමි සහ සෝමරත්නගේ සංක්‍රාන්තිය මගින් ඔහු මේ හපන්කම් කලේ ය ( හේ කෙටි කතා වලින් ද එවන් ම වික්‍රම පාන්නේ ය.)  ගමනක මුලින් ඇරඹි නව කතා නවය මගින් ඔහු සාමාන්‍ය ජීවිතයේ පීඩිත අවස්තා, ගැටළු වෙනුවට රටක් අයාලේ යද්දි එය පෞද්ගලික ව එක් එක් පුද්ගලයාට බලපාන අයුරු  සමීක්ෂණය කලේ ය. ඉතින් අමරසේකර කියවීමේ තවත්  අවස්තාව  මට "දෙපා නොලද්දො" මගින් උදා විය. මෙය මුලින් ම ප්‍රකාශ වී ඇත්තේ 1966 තරම් ඈතක ය - එනම් අවුරුදු පණහකටත් පෙර ය.

දෙපා නොලද්දෝ මගින් පාඨකයා ට පෙන්නුම් කරන්නේ අයෙකුට භෞතික ව දෙපා තිබුන ද දිවිය සාර්ථක කර ගැනීමට ඇවැසි අවදානම, ආකල්පයන් හීන වන්නේ, හේ දෙපා නොලද්දෙකු ට වඩා දුබලයෙකු බවයි. මෙහි එන පියසේන තමන ට දෛවය ගෙන ආ අවාසනාව ට තමන් ව පැරදවීම ට ඉඩ නොදෙයි. ඊට සාපේක්ෂව කතා නායකයා හෙවත් බාල මහත්තයා, දිවියේ අභියෝග වලට මුහුණ දීමට බියෙන් පෙළෙන්නෙකි. ජිවිතයේ අවස්තා ගෙන එන සිද්ධී මාලවන් ඔස්සේ පරෝපකාරකයෙකු, සදාචාරවාදියෙකුගේ වෙස් පළඳින - තමන් එම වෙස් පළඳන බව තමන් ද නොදැන වුව - හේ අන් අයගේ ජීවිත වලට ද බලපෑම් කරමින් පිළිලයක් සේ ජීවත් වෙයි. නොදෙයි. ඊට සාපේක්ෂව කතා නායකයා හෙවත් බාල මහත්තයා, දිවියේ අභියෝග වලට මුහුණ දීමට බියෙන් පෙළෙන්නෙකි. ජිවිතයේ අවස්තා ගෙන එන සිද්ධී මාලවන් ඔස්සේ පරෝරපකාරකයෙකු, සදාචාරවාදියෙකුගේ වෙස් පළඳින - තමන් එම වෙස් පළඳන බව තමන් ද නොදැන වුව - හේ අන් අයගේ ජීවිත වලට ද බලපෑම් කරමින් පිළිලයක් සේ ජීවත් වෙයි. විවෘත ලෙස ව්‍යභිචාරයක් නොතිබුන ද, සැඟවුණු ව්‍යාභිචාර සිතුවිල්ලක සෙවනැල්ලක් අයියා විසින් නගා වෙත හොල්මන් කරයි. 
"යම් ලෙසකින් ඇගේ අතින් නොව මගේ අතින් ඒ බෙහෙත විඳිනු ලැබුවහොත් මට දැනෙන්නේ අඩ සුවයක් පමණකි. මට අමතක වි ගිය ද පළමු වර බෙහෙත් විඳි අත ඈ දණී. බෙහෙත් විද උණු වතුරෙන් අත තවා නිමකරත් ම මගේ පෙණහලු මොහොතකින් සැහැල්ලු වන බව මටැ හැඟේ. වරක් ඇඇ අතින් විඳින ලද්දේ බෙහෙත් කුප්පිය නොව ඇල්වතුර කුප්පියක් බව මා දැනගත්තේ පසු දින ය. එහෙත් ඉන් සුවයක් ලැබුණු බව මම හොඳහැටි දනිමි." ( 6-7 පිටු )

මෙයත් සමඟ මට ලේඛකයාගේ කියවීමට ඉතිරි ව ඇති එක ම නවකතාව 2017 වසරේ ප්‍රකාශ වූ "ධාතුසේන" නවකතාව පමණි. මෙතෙක් දුරට සිංහල නවකතාකතුවන් අතරින් මා වඩාත් රස විඳ ඇත්තේ අමරසේකරුන්ගේ නිර්මාණ ය. මගේ අනෙක් ප්‍රියත ම නවකතාකරුවන් වන එරික් ඉලයප්ආරච්චි සහ සයිමන් නවගත්තේගම ඇත්තේ, අමරසේකරුන් ට පිටු පසිනි.

No comments:

Post a Comment