Sunday 30 June 2019

ඝරසරප - ජයන්ත චන්ද්‍රසිරි


"1970 දශකයේ මෙම දේවස්ථානයට පැමිණෙන කැමිලස් ජයමාන්න පියතුමාගේ කාලයේ මෙය රට පුරා පතල වුණා. ඒ යක්ෂආවේෂ වූවන් සුවපත් කරවන ස්ථානයක් ලෙසට යි. එකල මෙම පල්ලියට දහස් ගණනින් බැතිමතුන් ඇදී ආවා. අදටත් ප්‍රදේශවාසීන් මෙහි හාස්කම් ගැන විශ්වාසයෙන් පැමිණෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප චිත්‍රපයට සඳහා තේමාකරගෙන ඇත්තේ මෙම පල්ලියේ භුත දෝෂ දුරුකිරීමේ කතා පුවත යි."
- කුසුම්සිරි විජේවර්ධන (අන්තර්ජාලය )


ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කල "ඝරසරප" නැරඹුවෙමි. සංගීතය හා පොත් කියවීම හා සාපෙක්ෂව, මා චිත්‍රපට බලන්නේ ම නැති තරම් ය. ඒ නිසා ම දැඩි අධිෂ්ඨානයෙන් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රීන් හි අර්ධ වශයෙන් එම චිත්‍රපටය බලා හමාර කලෙමි.

සිනෙමාරූපණය අතින් පමණක් වුව මේ චිත්‍රපටය මා මහත් සේ සිත් ගත්තේය. නිදසුනක් ලෙස ජයමාන්න පියතුමාගේ යාඥ්ඥා මෙහෙය අතරතුර, ආතුරයන් ගේ ආතුරබව එළියට විත් ඔවුන් නටනා දර්ශනය සිනමාවට ග්‍රහණය කරගන්නා අයුරු ඇත්තෙන් ම අපූරුය.


සිංහල භූත විද්‍යාවට අනුව එන කළු කුමාර දිස්ටිය යන සංකල්ප, මේ චිත්‍රපටියේ ප්‍රධාන වන අතර, සඳරැස් නම් යෞවනයා ට කලෙක කළු කුමාරයා පරදින්නේ, ඔහු ගේ සිතේ  "ඇඟිල්ලක් ගහන්න ට" තරම් හෝ ඉඩක් නැති තරම් ආදරයන් පිරී පවතින බැවිනි. තැනෙක "කළු කුමාර" කට හඬ පවසන්නේ සිතුවිලි වල නැවතීමේ ලකුණක් නොහොත්, අවිශ්වාසයක්, ප්‍රේමය පිළිබඳ සැකයක් තිබුනහොත් ඔහුට "රිංගීමට" එය ප්‍රමාණවත් බවයි.

චන්ද්‍රසිරි තව දුරටත් නිරූපනයට උත්සාහ දරන්නේ මානසික ව්‍යාධි සහ "ආවේශ වීම්", සංස්කෘති  මූලයන් වල විවිධත්වය හේතුවෙන්, විවිධ සුවපත් කිරීමේ ක්‍රම පැවතිය හැකි බවයි. හේ මෙය තම කලා නිර්මාණය ට බරක් නොවෙනා ආකාරයෙන් පවසයි. තොවිල් පවිල් වල මේ විශ්වාසය බහුලව ඇතත්, මට හැඟුණේ, චන්ද්‍රසිරි, ඉතා සූක්ෂම ලෙස කුඩා ගම දේවස්ථානයේ සිද්ධිය මෙහි ආරම්භය ලෙස භාවිත කොට ඇත්තේ, මේ සංකල්පයන් එලිදක්වද්දි අපේ සමහර අයගේ ආවේශ වීම් අවම කිරීම උදෙසා විය හැකිය. කෙසේ වෙතත් චන්ද්‍රසිරි ගේ නිර්මාණ ඉතිහාසය දෙස හැරී බැලුව ද, හේ පැරණි අදහස්, වෛකල්පිත සුව කිරීම් ආදිය ගැන තරමක් උනන්දු අයෙක් බවයි.



දැන් අපි මේ විවාදාත්මක මාතෘකාවෙන් මෙපිට චිත්‍රපටිය යන කලාකෘතිය වෙත යොමු වෙමු. එහි දි ඔහු සියල්ල සුදුසු මාත්‍රා වලින් පමණක් භාවිතය ඔහුගේ ප්‍රාගුණ්‍යය ට දෙස් තියයි. නිදසුන් ලෙස, කළු කුමාර චරිතය ට දායක වන ජැක්සන් ඇන්තනී සහ මනෝ වෛද්‍ය දොරේ-අප්පා ගේ චරිතය ට පණ පොවන සංගීතා වීරරත්න ගේ රංගන දායකත්වය සැලකිය හැකිය. ඔවුන් චිත්‍රපටිය තුල රංගනයෙන් අවම කාලයක් වුව, උචිත ම කාලයක් පමණක ට දායක වීම, චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයේ ගුණ වයයි.


පැරණි වයින් මෙන්, චන්ද්‍රසිරි දිනෙන් දින තම ප්‍රාගුණ්‍යය ගැන ඇති කර ගන්නා විශ්වාසය ට දෙස් තියමින් ඉතා සූක්ෂම ලෙස දේශපාලනය ආඳවා ගන්නේ දැනෙන නොදැනෙන තරමින් ය. තැනෙක සඳරැස් (දෙව්නක පෝරගේ)  ට විද්‍යා (කවින්ද්‍යා අදිකාරි)පවසන්නේ ඇගේ පියා ට "කොල්ලන්ගෙන්" ( Boys ) කරදර පැමිණෙන්නේ කප්පම් ඉල්ලන නිසා බැවිනි. සඳරැස් ට උන් කොටි ය.

අනෙක් පසින් ආවේශයක් නිසා ආතුර වූ ඇන්තනි (ජයනාත් බෝදාහන්දී) නම් මෙහි එන චරිතය, පසුව ප්‍රාදේශීය දේශපාලඥ්ඥයකු වන බව කියමින්, අප සැම ට බොහෝ දේ අඟවයි .


වසර තිස ගණනකට පසුව  විද්‍යා (සංගීතා වීරරත්න)  සහ සඳරැස් (කමල් අද්දරරාච්චි) උනුන් අඳුනාගැනීමෙන් පසුව ගන්නා තීරණය චිත්‍රපටියේ සමස්ත තනුව ට අනුකූල වේ. චිතපටිය පුරාවට ඉතා ම සුදුසු ලෙස ම දර්ශනයන් නිර්මාණය චිත්‍රපටියේ සමස්ත  විශ්වාසනීයත්වයටත්, පරිපූර්ණත්වයට ත් හේතු වේ. නිදසුන් - ෆෝක්ස්වැගන් මිනි බස් වෑන් රථය හා බෙඩ් ෆෝඩ් ලොරි බස් රථය අතර තරඟය, සහ තම පොරොන්දුව ඉටු කල බවට උදම් අනන කළු කුමාර යා හෙදියක් හරහා කරනා රංගනය.



සමස්ත වශයෙන් මා බොහෝ සේ රස විඳි, කතා රසය, ගුප්ත රසය, කලාත්මක බවේ පරිපූර්ණත්වය ආදි සියළු පාර්ශවයන්ගෙන් සිත් ගත් කෘතිය කි. වෙසෙසින් හංකිති දහතුන නාට්‍ය තුලින් චන්ද්‍රසිරි වෙත මා තැබූ විශ්වාසය යම් පළුද්දක ට ලක් වුනා දෝ, ඔහු නැවතත් මේ නිර්මාණ මගින් තම නිර්මාණ ශක්තිය  ගැන විශ්වාසය ගොඩ නංවයි.

මට දැනුණු සුවිශේෂි රංගන දායකත්වය - කවින්ද්‍යා අදිකාරි ; සංගීතා වීරරත්න ; ජැක්සන් ඇන්තනී ; ජයනාත් බෝදාහන්දී

Sunday 23 June 2019

මනුස්ස යන්තර - පියසීලි විජේමන්න


මෙවර හොඳම කෙටි කතාව උදෙසා වූ රජත  පුස්තක සම්මානය ට නිර්දේශ වූ, පියසීලි විජේමන්න ගේ මනුස්ස යන්තර කෘතිය කියවූවෙමි. මේ ලේඛිකාවගේ මා කියවූ පළමු කෘතියයි. "මිත්තණියෝ" කෘතිය මා සතු වුවත්, එය කියවීම තවම මග හැරී ඇත.

කෘතියේ කෙටි කතා එකොළසකි. බොහෝ කෙටි කතා තරමක් රසවත් ය; එහි කතාන්දරමය ස්වරූපයක් ඇත. බොහෝ එවා හි රේඛිය විකාශනතක් ඇත. එහෙත් ඒ සියල්ලෙහි ම පාහේ අලුත් මාතෘකාවක්, අලුත් සන්දර්භයක් නැති තරම් ය. ඉතා ව සියුම් ව ඔවදනක් දීමේ ස්වභාවයක් ද ඒ සෑම කෙටි කතාවකම පාහේ ඇත.

"මනුස්ස යන්තර" ගතහොත්, එහි කියවෙන්නේ තරඟකාරි අලුත් පරම්පරාව හා ඔවුන්ගේ  මවු පිය පරම්පරාව  අතර නොපෑහීම ය. කෙටි කතාව කියවෙන්නේ ඒ වැඩිහිටි පියෙකුගේ දෘෂ්ටි කෝණයෙනි. කතාව රසවත් වුව, අප රට සුලභ මාතෘකාවකි -කෙටි කතා, නවකතා, නාට්‍ය , චිත්‍රපටි ආදි අනේක කලාකෘති  ආකාරයෙන්.

"නයි-මුගටි පොරයට පසු" කෙටි කතාව, අප පවුල් වල කාන්තාවන්, වෙසෙසින් මවු වරුන් සේවය උදෙසා විදෙස් ගත වීම, සහ එවන් පවුල් වල  පියවරු මුල් වී පවුල තුල ආරවුල් ඇති වීම අලලාය. වෙසෙසින් පවුල් වල දියණියන් ඇති නම් තත්ත්වය බැරෑරුම් ය. වෙසෙසින් සිංහල පත්තර වල නිතර කියැවෙන සෝචනීය කතාවන් ඊට නිදසුන් ය.

මෙහි එන "එක්තර අවිවාහිකාවකගේ වස්තුව", අන් කෙටි කතා තරම් ම සුලභ මාතෘකාවක් නොවේ. අප රට තවමත් කාන්තාවක ට තනිකඩ ජීවිතයක් ගත කිරීමට සුදුසු මානසික නිදහස නොලැබෙන තරම්‍ය. පිරිමින් ට සහ ගැහැනුන් ට, තම සහෝදර සහෝදරියන්ගේ එන බලපෑම් වලින් බේරි සිටීම පහසු නැත. ඔවුන් අවිවාහක නම් සහෝදර-සහෝදරියන් ට, ඔවුන්ගේ දරු-දැරිවියන් ට "කල" යුතුම ය.

පුරුෂයින්, අන් කතුන් හා අනියම් ඇසුරු වස්තු බීජ කර ගත කථා අති බහුලය. එසේ සලකනා කල, "කම්පනාවේශ" මගින් ලේඛිකාව කුමන වෙසෙස් කරුණක් ඉස්මතු කරලීමට උත්සාහ කලේ ද යන්න මට සිතා ගත නොහැක. රසවත්- සුලභ කතාවකි.

"යතුරු "කැරැල්ලක්"' කෙටි කතාව  අයෙක් නොසිතන මාතෘකාවක් අලලා ලියූ කෙටි කතාවකි. අප රට සේවයට නවතා ගන්නා අය ට අප ඒ ගැන නොසිතීම නිසා ම ඔවුන් හට කෙතෙරම් දුක් ගැහැටක් අනුභවයට හේතු වන්නේ ද යන්න සිතනට පොළබවයි. මෙහි එන තරමක් සාර්ථක කෙටි කතාවකි. එහෙත් පසු දින ඔවුන් අවදි වන "කරදරයට" මෙහෙකාරිය සම්බන්ධ නම්, ඒ බව තරමක් මතු පිටින් අලලා ඇති බවක් හැඟෙයි.

මේ කෙටි කතා සංග්‍රහයේ මා දුටු එක් විශේෂත්වයක් නම්, කතා වස්තුව තරමක් සම්ප්‍රදායෙන් බැහැර වේ නම්, ඉන් කුමක් දෝ අවිශ්වාසි බවක් ඇතුලත් වීමයි. මෙහි එන "සොයමින් දුවන්නෙක්" එවන් කෙටි කතාවකි. ඒ කෙටි කතාවේ වීරසිංහ තම පෙම්වතිය වෙතින් පළායෑමට තරම් ඔබින හේතුවක් මතු නොවේ. එවිට පාඨකයාට දැනෙන්නේ ලේඛිකාවගේ කතාව ගලා යාම උදෙසා කුමන හේතුවක් නිසා හෝ ඔහු පළා ගිය බවක් අඟවන්නා සේය. මෙය කෙටිකතාවේ විශ්වාසනීයත්වය සහ සංඝත  බව පළුදු කරයි.

සුන්දර යැයි  පිටත ට පෙන්වන විවා පත් යුවලක, ලෝකයට පෙන්වන ආකාරය සහ පෞද්ගලික ජීවිත අතර ඇති අහසට පොළව මෙන් වූ වෙනස වස්තු බීජයක් ලෙස ගෙන ලියැවී අති " යස ඉසුරක අපුළ" කෙටි කතාවත්, කියවා ගෙන යාමෙදි රසවත් ය. එහෙත් මේ කෙටිකතා වල යම් අඩුවක් ඇත. ඒ පෙර කීවා සේ, කතුවරියගේ පණිවුඩයට ම සේවනය කරනු වස් ලියැවුන්නක් බව කියවන්නා ට වැටහීම යි. එවිට කෙටි කතාව ස්වභාවික බව පළුදු වේ.

"ධනාත්මක චින්තනය" මෙහි එන කෙටි කතා අතරින් තරමක් වෙනස් ආඛ්‍යාන රටාවක් ගනී. ධනාත්මක චින්තනය යන වදන් සමඟ තරමක වචන පෙරලීමක් මගින් ඊට විකල්ප අරුතක් ආරෝපනය කරයි. එහෙත් මින් මෙහා කෙටිකතාවේ චරිත වල ස්වභාවය සැලකුවහොත් ඒවා සාම්ප්‍රදායික ය.

මෙහි එන හොඳම කෙටි කතාව සුසීගේ රොටි කඩේ විය යුතුය. ප්‍රධානම දේ අප ඉලයප්ආරච්චි, කම්මැල්ලවීර, විජේමාන්න ආදීන්ගේ බලාපොරොත්තු විය ආරේ තරමක් නුපුරුදු පරිසරයක් පදනමක් ලෙස තනා ගනිමින් කෙටි කතාව ගොඩනගා තිබීමයි. මෙම සංග්‍රහයේ එන  අන් කෙටි කතාවලට වඩා මෙම කෙටි කතාව සාහිත්‍ය රසයෙන් ද  වැඩි වන්නේ, අන් කෙටි කතාවලට සාපේක්ෂව සමහර දේ නොකියවා ඇඟවීමේ ගුණාංගය භාවිත කර තිබීමෙනි. නිදසුනක් ලෙස සුසීගේ බාප්පාගේ අවතීර්ණය පෙන්වා දිය හැකිය.

මා මෙතෙක් කියවා ඇති රසවත් ම කෙටි කතාන්දර කියවා ඇත්තේ ඇරැව්වල නන්දිමිත්රයන්ගේ ය. ඒවා රසවත් ය; ආකෘතිමය හරඹ අඩු වුව ද ඔහුට නැවුම් කතාන්දර බොහෝමයක් තිබුණි. ඒ නිසා මම ඒවා මහත් රස විඳිමි.ඒවා හා නූතන අනෙක් කෙටිකතා අතර ඇති වෙනස කතා කිරීම දීර්ඝ මාතෘකාවකි - මා එය මුල පිරුමට තරම් විෂය කරුණු දන්නේ ද නැත. මට කිව හැක්කේ,  විජේමාන, කාරියවසම්, ඉලයප්ආරච්චි, කම්මැල්ලවීර යන අයගේ කෙටි කතාවලට වඩා කතාන්දර ස්වරූපය නන්දිමිත්රගේ වැඩි බව පමණකි. මේ සංග්රහයේ ඇත්තේ ද බොහෝ සෙයින් කතාන්දර යැයි සිතේ. එහෙත් ඉන් බොහෝ ඒවාහි වෙසෙස් සුවිෂේෂිතාවක් නැත. කියවාගෙන යනවිට තරමක රසයක් දැනුන ද, මීට කලින් සිදු වූ නැතහොත් සිංහල පත්තර වල සැමදා කියවන ආරේ  පුවත් මුල් කොට ගෙන බිහි වූවක් මෙනි. ඉතින් මට නම් මේ කෘතිය රජත පුස්තකයට නිර්දේශ වීමේ පදනම වටහා ගත් නොහැකිය.

රෝස මුසැන්ඩාස් පිස්සුව - සුසන්ත මූණමල්පේ


මූණමල්පේ ගේ නම අපට මතකයට නගන්නේ ඉතා සිත්ගන්නා සුළු පොත් කවර නිර්මාණය කරන්නෙකු ලෙසයි.  සමහර විට අලුත් පොතක නිකුත් වීම අප දැන ගත්තේ මූණමල්පේ තම නවතම පිටකවර නිර්මාණය මුහුණුපොතේ බෙදා ගැනීමත් සමඟයි. එහෙත් මේ ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහයයි. එය රජත පුස්තක සම්මාන නිර්දේශයන් අතරට නොපැමිණි මුත්, පාඨක අවධානය දිනූයෙන් යම් කතාබහක් ඒ ගැන ඇති විණ. මේ වන විට අප රට සම්මාන විනිශ්චය මඩුළු වලට වඩා, මුහුණු පොතේ සමහර පොත් කියවන්නියන් සහ කියවන්නන් පාඨක අපේ විශ්වාසය දිනා ඇති හෙයින්, මේ පොත කියවීමට සිතුවෙමි.

 පිටු 56ක් පමණ පුරා දිවෙනා කෙටි කතා හයකින් සපිරි මේ කුඩා පොත් පිංචේ, දුර්වල යැයි කිවහැකි එක් කෙටි කතාවක් හෝ නොදැක්කෙමි. අයෙක් කෙටි කතාව වනාහි ජිවිතයෙන් හරස් පළුවක් නැතිනම් කෑල්ලක් යැයි අර්ථ දක්වනවා මා අසා ඇත. අද දින වටමඩල ට අදහස් දක්වමින් ඉලයප්ආරච්චි පවසා තිබෙන්නෙ "කෙටිකතාවේ ආදි කර්තෘ එඩ්ගා ඇලන් පෝ කෙටිකතාව ගොඩ නැගුවේම සම්භාව්‍ය සංගීතයේ දී මෙන් අන්තර්ගතය සහ ආකෘතිය එකක් බවට පත් කරලා. කෙටි කතාවට අකෘතියක් සම්පාදනය වන්නේ මෝස්තරයක් වුවමනා නිසා නොවෙයි. ආඛ්‍යාන භාෂාව සතු කාල බන්ධනය, එනම් සිද්ධි දාමයක් සමඟ බැඳුණු  විස්තර කථනය හා සංවද කථනය 'කාලය' නැමැති මහපොදු සාධකය මත."  මෙය වැදගත් වන්නේ අප රට මහත් කීර්තිමත් කෙටිකතාකරුවන් වන විජේමාන්න, කාරියවසම්, කම්මැල්ලවීර මෙන්ම අමරසේකර සහ ඉලයප්ආරච්චි ම පවා මේ ගුණයන් යම් ආකාරයෙන් අවබෝධ කරගෙන සිටී යැයි පාඨකයා ට වැටහෙන විටය. මූණමල්පේ ට ද බව පසක් වී ඇත - එය බොහෝ විට ශ්‍රේෂ්ඨ කෙටිකතා පරිශීලනය ඔස්සේ විය යුතුය. එය සාම්ප්‍රදායික හෝ අලුත් හෝ වේවා, වස්තු බීජයක් ඔස්සේ ඔවදන් පැකට්ටුවක් නොවන බව තේරෙන්නෙ එසෙ ලියූ කෙටිකතා කියවා පාඨකයා නොපහන් වූ විටය. මේ බව නොතෙරේන විනිශ්චය මඩුළු සිටිතැයි විශ්වාසයට පවා අසීරුය.

කෙටිකතා වලට යොමු වෙමි;
2001-2002 පමණ කාලයේ මාළාඹේ මංසන්දියේ, ඔරලෝසු කණුව ඉදිරිපිට, මහා විශාල කළුවර කසක් විය. මා එය දෙස විස්මයෙන් බලා සිටියේ මෙවන් තැනක එවන් ගසක් කෙසේ නම් පවතී ද යන්න ය.  ඒ දවස වල තරමක ගස් පිස්සුවක් තිබූ හෙයින් මට වඩාත් හොඳින් එය නිරීක්ෂණය විය ( එකල මගේ අනාගත මාමණ්ඩියගෙන් කළුවර පැලයක් සොයාගෙන විත් අප ඉඩමේ ද සිටවුවෙමි. දැන එය අවුරුදු 16 ක ගසකි.)  එහි නාගරික සංවර්ධන අධිකාරිය මගින් එය නඩත්තු කෙරෙන  බවට තහඩු කෑල්ලක් ද විය. ඊට වසර කිහිපයකට පසු, නඩත්තුවේ හොඳ වැඩි කමට දෝ, ඒ සුවිසල් ගසේ - එය අනිවාර්යයෙන් වසර සියයකට වැඩි ගසක් විය යුතුය -  සියළු පත්‍ර කහ පැහැවී ගස මිය ගියේ ය. ගහ මැරුණ ම එය කපන්න එපෑ නේ ? නේ ද ? මට මේ කළුවර ගහ මතක් උනේ මූණමල්පේ ගේ, කවරකු හෝ අවධානයට ලක් නොකල කොස් ගහේ කතාන්දරයත්, ඊට ඈඳුණු ගිමාරා හාමිනේ ගේ කතාවත් සබැඳි "ස්-මරණය සහ ගස්-මරණය" යන විශිෂ්ඨ කෙටි කතාව කියවීමේ දී ය.
"ගිමාරා හාමිනේ කියන්නෙ ඔය එහෙට මෙහෙට යන පංචස්කන්ධය විතරක්ම නෙමේ. සියදෝරිස් මුදලාලි, දරු මල්ලො විතරක් නෙමේ ඔය තට්ටෞ දෙගේ කඩ ගෙදර කියන්නෙත් හාමිනේමයි. හාමිනේගෙම කෑලි. මේ මම ඉන්න පොළොවෙ බඹැ තුනක් යටට ගියාම මගෙ මුල් ඔය පැත්තට හැරිලා තාර පාර යටින් කඩ ගෙදර පාදම යටට ගමන් කරනවා. ඒ ගිහින් කඩ ගෙදර පාදමේ කළු ගල් අතර සී සී කඩ දුවනවා කිරි මුල් හරියට නහර වගේ. මම කියන්නෙත් ගිමාරගො තව කෑල්ලක්. එහෙම නැතිව ආගන්තුකයෙක් එහෙම නෙවේ. හාමිනේට දැනෙන හැමදේම මගේ මුල් දිගේ ඇවිත් මේ මටත් දැනෙනන්වා."
මෙහි පාරිසරික සබඳතාවට අමතරව, තනි වූ ගිමාරා හාමිනේ ගේ තනිකම මකා ගැනීමේ මග ගැන ද යමක් පවසයි.

විද්‍යාත්මාක සාක්ෂිය සියල්ල නම්, තම භෞතික උවමනාවන්ට පමණක් සිත් පිත් නැතුව භාවිත කල කෙල්ලක් පසු කලෙක  මුණ ගැසුණහොත් ඒ පෙර කිව් කෙනා බව, "කොහොම ද ඔප්පු කරන්නේ ?"
"ඔයා ඇත්ත ලෝකෙදි මට අගු පිළක් දුන්නම, මාම් කරබාගෙන හිටියා. උඹ හිතුවා මගේ මෝඩකම, ගොන්කම කියලා, නල්ල මලේ බඩුවක් කියලා. එදා ඉදන් මම අර ඇන්දේ මේකට තමයි යකෝ, උඹට තේරෙනව ද? දැන් ?"
තවත් විශිෂ්ඨ කෙටි කතාවක්. ජීවිතය සුවිසල් කේක් එකක් නම්, මෙහි ඇති සිහින් පළුව, ඒ ජීවිතයේ සියළු ස්ථර පෙන්නුම් කරයි. ආත්මාර්ථය, නපුරුකම, අසංවේදිකම, පසුතැවිල්ල !!!

පළමු ප්‍රේමය හෝ ලිංගිකත්වය හෝ  ආශ්‍රිත අත්දැකීම හෝ අයෙකුට සැමදා සුවිශේෂි වේ. එහි දි එක් පාර්ශවයක් අනෙක ව රැවැට්ටුවේ ද යන්න සිත් රිදුමක් විය හැකි වුව, ඒ හැඟීම් මුල් වරට විඳි කෙනා ට අනෙකා සැමදා සුවිශේෂි වේ. ඒ හා ආශ්‍රිත මතකයන්, ස්ථාන, ගස් කොළන් හැමදා සුවිශේෂිය. "රෝස මුසැන්ඩාස් පිස්සුව" තිබූ කලෙක පැල කල ගසක් වුව එසේ වෙසෙස් මතකයන් රැඳි ස්ථානයක් විය හැක්කේ, ජීවිතේ චමත්කාරය පෙන්වමිනි. මුසැන්ඩාස් ගසේ "ඇත්ත මල" යනු ඒ රෝස පාට බාහිර පෙති මැද ඇති කහ පාට කුඩා මල ය. එය නැට්ටෙන් කඩා ඉරුවහොත් එහි පැනි රසක් ඇති බව අත්දැකීමෙන් දනිමි. එවන් පැනි රසක් හැම දා මල්කාන්ති ට ද තිබෙන්න ට ඇත.

මිනිසුන් හා ගැහැණුන් වෙනස් වෙති. වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ අව්‍යාජ බව සහ අහිංසක බවත්, ඔවුනට නොදැනී ම, තමන් වඩා කාලයක් ගත කරන පරිසරයට අනුකූල ව වෙනස් වීමය. මෙය බොහෝ අයට පොදු ය. ආපසු සිතා බලද්දි රැකියාවක ට මුලින් ම ගිය කාලයේ මා හට ද මෙය සිදු වූ බව පිළිගත යුතුය. අව්‍යාජ පළපුරුදු නැති කෙල්ලකට බස් කොන්දොස්තරගේ අතේ වූ වළලු රාශිය අරුමයකි. තම නව කාර්‍යාලයේ අරුමය ඉදිරියේ ඒ "විජිතගේ වළලු විජිතය" ට පෑහෙන්න නොහැකිය. එහෙත් ඒ නොපෑහීම විජිත ට තම විජිතය කෙරෙහි කුමන බලපෑමක් අති කලේ ද? මෙවන් නොසිතන ආරක මාතෘකා, කතා බීජ ඔස්සේ, මූණමල්පේ සාදන කෙටි කතා විජිතය නම් අගනේය.  මෙය 2018 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රහණයට සෑම අතින් සුදුසුය.

"ප්‍රේමය නම් මුවහත් සැතකින් ලෝකයේ සබඳතා පැහැදිලිව බෙදා වෙන් කිරීමෙන් එවන් රමණීය වූ කුඩා  පටු මාවත් වැසි ගොස් ඇති බව ඈ දුටුවා. ඇත්තෙන්ම ඒ ලේසියෙන් ම රැවටිය හැකි ඒ වචනයෙන්  මිදුණු නිර්ව්‍යාජ ක්‍රියාදාමය තුළ තහනම් වචනයක් කර ඝැනීභවනය කරපු විදිහ ඇය පිළිගත්තේ ඔහු සතු දුර්ලභ මිනිස් දහමක් ලෙස"
ජීවිතයේ වැදගත් ම කාරණය විඳීමය. එය තමන් තමනට කල හැකි උපරිම සාධාරණයයි. ඉන් අන් අයට වන හානිය අවම කර ගැනීමට කවුරුත් පාහේ කැමතිය. විඳීමේ බලාපොරොත්තුව වයස් සීමාවෙන් තොරව තිබෙන්නක් විය යුතුය ("හිස් මල් වට්ටියක් කිහිල්ලේ ගහගෙන"). ඒ සංවේදී බලාපොරොත්තු කෙටිකතාවට නගා ඇති අයුරු අරුමැසි ය.

දුරට ඇපල් ළඟට පැපොල් යැයි  කොල්ලන් පවසන්නේ සමහර කෙල්ලන් සබැඳිව ය ( එහි සදාචාරත්මක පාර්ශ්වය දැනට තිබුනාවේ ). පරිසරය සම්බන්ඳයෙන් ද එය සැබවිය. කඳුකර දර්ශනයක්, වැවක් දර්ශ්නයක් ගැන ද මෙහි සත්‍යයක් ඇත. සමස්තයක් ලෙස ඈත සිත නරඹන්නේ නම් ඒවා මනස්කාන්තය. එහෙත් ළඟට ගිය කල ඒ අත්දැකීම වෙනස් වේ.  මෙහි එන "වැව් සාගර" ට  ද එවන් ආසාවක්  ඇත්තේ ඔහු දුර සිට වැව් දැක ඇති කෙනෙක් නිසා ය. "සොහොන් අරලියා" ට කොළඹ අලුත් ලෝකයක් මවන්න සිදු වන්නේ ඈගේ මුල් හා දැන් සිටින "ලෝකය" අතර නොපෑහීම මකන්නට ය. මෙවන් මනරම් නිර්මාණයක් කිරීමට ලේඛක පරිකල්පනය කෙසේ විය යුතු ද ?

මා හරාරි ගේ සේපියන්ස් කෘතිය කියවීමෙන් සාක්ෂි සහිතව පසක් කල ගත් එක් කාරණාවක් නම්, අප වෙසෙන්නේ ඉතිහාසයේ හොඳම කාලයේ බවය. ජනප්‍රිය ගායක පෝල් සයිමන් ( Paul Simon ) කියූ ලෙස අපි Born at the Right Time ය. නොසිතූ ඛේදවාචයකයක් නොවුනහොත් අප දරුවන්, මුණුබුරන් ට අපිට වඩා මේ ගැන උදම් ඇණිය හැකි වනු ඇත. එහෙත් මේ තත්වය ගෙනෙන සංකීර්ණත්වය අප පෞද්ගලික ලෝක වඩා සවිමත් කරයි. ඒ බාහිර ලොව හා පෞද්ගකිත්වය අතර පරතරය නොතිබුනහොත්, මෙහි රැඳීම අපහසු වනු නියතය. ගිමාරා හාමිනේ ගේ සාංකාව, මල්කාන්තිගේ පළමු පෙම, නෙළුම් ගේ අරලියා ලෝකය ( හා සාගර ගේ වැව් ලෝකය ), නිර්මලා ගේ හිස් මල් වට්ටිය ට ඇති බිය, මල්කාන්ති බව ඔප්පු කිරීමට ඇති නොහැකියාව, විජිත ගේ වළළු විජිතය බිඳ වැටීම  පෙන්නුම් කරන්නේ මේ පෞද්ගලික ලෝක වල සවිමත් බව වගේ ම, මරු පහරක් එල්ල වූ විට එහි ඇති බිඳෙන සුළු බවයි .. මූණමල්පේ නූතන පාඨකයාට මේ බව පසක් කර ඇති කලාත්මක බව අතිවිශිෂ්ඨය. මා ඉතා කෙටි සටහනක් ලියන්න සිතා ඇරඹු මෙය මූණමල්පේගේ කෙටිකතාවක් තරම් විය යුතුය. ඊට කමන්න.

Sunday 16 June 2019

චයිනා ටවුම - එරික් ඉලයප්ආරච්චි


( හොඳම කෙටි කතා සංග්රහයට හිමි රජත පුස්තක සම්මානය 2018 )එරික් ඉලයප්ආරච්චි නම් වූ කෘතහස්ත ලේඛකයාගේ 2018 පළ වූ කෙටි කතා සංග්‍රහය කියවීමි. ඒ ඔහු මගේ ප්‍රියතම ලේඛකයා වීම නිසා සහ, කෘතිය කියවීම අරඹන විට එය රජත සම්මානයට නිර්දේශ වී තිබීම හේතුවෙනි.

පළමු කෙටි කතාව, "තනි කකුල" නමි. යුද්ධය හමාර වීමෙන් පසුව නැගෙනහිර පලාතේ මාර්ග සංවර්ධන කටයුතු බාර සිදුකරන අබේසිංහ  සහ ඔහුගේ වැඩ පාටියේ සිදු වීමක් අලලා ලියැවුන්නකි. එතරම් දිගු කෙටි කතාවක් නොවුන ද, මාර්ග සංවර්ධන විස්තර, වැඩ පාටියේ විස්තර ප්‍රමුඛව, අබේසිංහ නම් තරමක් ගුප්ත චරිතයේ ඇතුල් සිතුම් පැතුම් ඉඟි කිරීම් තුලින් මගින් පමණක් බොහෝ දේ අපට පවසන ආකාරය අපූරුය. දිළිඳුකම ඉදිරියේ නව යොවුන් වියේ කෙල්ලක, තම සිරුර තමන්ගේ එකම ගැලවීමේ මග යන්න ඒත්තු ගන්වා ඇති අයුරු,  එරික් ගේ කුසලතාවන් මැනවින් පෙන්වන තැනකයි සිතමි.

"කඩ දෙක" කෙටි කතාව, දැන් දැන් අභාවයට යමින් පවතින පැරණි පොත් කඩ හා සැබැඳි සංස්කෘතිය පිළිබඳ නිර්මාණයකි. මෙහි වෙසෙසින් වාර්ෂිකව පැවැත්වෙන පොත් සංදර්ශනය ඒ පැරණි පොත් කඩ වල ක්‍රමික අභාවයට හේතුවක් බව සලකන මුත්, කෙටි කතාවෙන් ඔබ්බට ගොස් මේ සිද්ධිය ගැන බලුවහොත් පෙනෙන්නේ, සුලභ පොත් අලුත් පොතක මිල හා ආසන්න මිලක් ගෙවා පැරණි පොත් කඩයකින් ගැනීමට ඇති නොකැමැත්ත, ඉලොක්ට්‍රොනික පොත් කියවන උපාංග ආදි නිසා එම ව්‍යාපාරය අප රට අභාවයට යන බවකි, පෙනී යන්නේ. එය අන් රටක තවම වෙළඳපොළක් ඇති ව්‍යාපාරයක් බව අත්දැකීමෙන් දනිමි.
දුලභ පොතක් පැරණි පොත් වෙලෙන්දෙකුගෙන් මිල දී ගැනීම යුක්තියුක්ත වුව, එය එම ව්‍යාපාරය පවත්වාගෙන යාමට තරම් ආදායමක් ගෙන දෙන්නක් යැයි නොසිතමි.

"කිරි මුහුද", යම් තරමක් සාම්ප්‍රදායික තේමාවක් උඩ දිගැරුන ද, එරික් ට ආවේණික ලෙස සංකේතාත්මක අවසානයක් වෙත ගමන් කිරීමෙන් ඒ සාම්ප්‍රදායිකත්වයෙන් තරමක් ඈත් වේ. සේනාධීර තමන් ගත් තීරණය හේතුවෙන් තමන්ට ම සමාව නොදුන් බවකි ඇඟවෙන්නේ.

පුළුල් වශයෙන් මිනිසුන් දෙවිදියක් ඇතැයි සිතමි. එක් කොටසක්, කිසිදා තමන්ගේ පාසැල් ගිය කාලයේ විත්ති අමතක නොකරමින්, ඒ මතකයන්  වැඩිහිටි දිවිය පුරාවට ද රඳවාගනිමින්, එ කල සිදුවීම් ඔස්සේ වර්තමානයේ ද තම මිතුරන් තරමක් හෝ තක්සේරු කරනා කොටසකි. අනෙක් කොටස, පාසැල් කාලයේ සිදුවීම් තම දිවි ගමනට පසුබිමක් කරගෙන වැඩිහිටි දිවිය ට බට විට, අර පෙර මතකයන් අමතක කරලමින් ඉදිරියට යන්නෝ ය. මෙහි එන නාසිසස්ගේ ළමා කාලය ආවර්ජනයේ යෙදෙන්නේ අර පළමු ආරේ පුංචි මිනිසෙකි. ඔහු ට අනෙකා වෙත ඇත්තේ පසමිතුරු හැඟීමක් ය. ඔහු ආවර්ජනයේ කරන්නේ දෙවෙනි ආරේ, යම් සාර්ථකත්වයක් ( හොඳින් හෝ නරකින් හෝ ) ලබා ගත්තෙකු පිළිබඳව ය. ඔහු අර දෙවෙනි පුද්ගලයා මගැරීමට යත්න දැරුව ද, අතීත මතකයන් ම පසමිතුරු  අදහස් මකාලයි. මෙහි එන මා තරමක් රසවිඳි කථාවකි.

මූසිකයෙකු මූලික චරිතයේ ලා, චීනුන් ගේ මීයා ගේ අවුරුද්ද යන සංස්කෘතික මූලය භාවිතා කොට ලියූ කෙටි කතාවකි, "චයිනා ටවුම". ලේඛකයා නොකියා අඟවන්නේ, නුදුරු අනාගතයේ චීන සංස්කෘතිකාංග ලංකාවේ පවත්වන නිත්‍ය, මෑත මෙහි පැමිණි චීන ප්‍රජාවක් ප්‍රතිශ්ඨාපනය කරන බවකි. ඒ අතරම, නවගත්තේගමයන්ගේ "සාගර ජය මදි හැඬුවා ඔබ සන්දා" කෙටි කතාවේ  යම් ආභාෂයක් ද මෙහි තුල ඇති බව හැඟේ. ඒ කෙසේ වුවද, මේ කෙටි කතාව තරමක් රස හීන කෙටිකතාවකි. කැෆ්කාගේ Metamorphosis කෙටි කතාව කියවා නැතත් , කෆ්කානු ආභාෂයක් තිබිය හැක.

පසුගිය දිනෙක මා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ තේරීම් කාරක සභාවට අමාත්‍ය ලේකම්වරයකු කැඳවා, අප රට මෑතක ගත් තිරණයක් සම්බන්ධයෙන් ඔහු මුල්ලකට තල්ලු කර වැරදිකරු කිරීමට තැත් කලේය. ඒ, තම සගයින් වන අගමැති සහ විෂය භාර අමාත්‍යවරු කිසිත් නොදත්, කිසිත් වරදක නොකල, කිසිත් වගකීමක් භාර නොගන්නා බබ්බු ලෙස පෙන්වමිනි. ඒ සිද්ධිය මට මෙහි එන "අත්සන හා පෙත්සම හෙවත් එක්තරා ලේඛකයකුගේ ණයට ගත් කතාවක්" මතකයට නැගුණේ , දැලි පිහියෙන් කිරි කෑම ද මතක් කරලමිනි. "damned if you do, damned if you don't" ය. කෆ්කාගේ කෙටි කතා වල එන තෙරපුනු, රාජකාරි බරින් පීඩිත වූ, උස්මක් කටක් ගන්න ඉඩ නැති කාර්යාල පරිසරය මතකයට නගන ආරේ කෙටි කතාවකි.

"මුදුව" වූ කලි මෙහි එන ඉතා ම සාර්ථක කෙටි කතාවකි. මුදුවක් පැළඳු විවාහ ගැහැනියක් එය ගැල වූ පසු එම ගැහැනිය ගේ නිදහස අන් පිරිමියකු දකින ආර ඉතා ම සියුම් වින්දනීය ලෙස පිළිඹිබු කරනා, මා මහත් රස විඳි කෙටි කතාවකි. මෙහි එන කෙටි කතා පෙළට කියවාගෙන යන කල, එතෙක් කියවූ ඉතා රසවත් වූත්, නිර්මාණනීය වූත් කෙටි කතාව මෙයයි.


"ලියුම් දෙකක්" වූ කලි තරමක් වෙනස් ආකෘති භාවිත කරන කෙටි කතාවකි. වචනයේ පරිසමාප්තියෙන් ම එහි ඇත්තේ වසරේ තිස් අටක  පරතරයකින් ලියැවුණු ලිපි දෙකකි. ඒ ලිපි මගින් එක් ලේඛකයකුගේ එක්තරා දර්ශනයක් කරා ඇති ඇල්ම හෙළි වන අතර, ඩා වින්සිගේ අන්තිම කැමති පත්‍රය සහ රෝලන්ඩ් බාත්ගේ අවාසනාවන්ත වියෝව එහි එන මාතෘකා හා ආභාෂයන් ය. මෙහි එන සාර්ථක කෙටි කථා කිහිපයකින් එකකි.

"පොත් බඳින්නා" කෙටි කතාව, එකල කලාවක් හා සම වූ පොත් බැඳීමේ ක්‍රමවේදය, වර්තමාන පොත් කර්මාන්තයේ ප්‍රවේගය හමුවේ මුහුණ දී ඇති වෙනස්කම් සමඟ  සසඳමින්, එරික් ට ආවේණික ක්‍රමවේදයක් වූ අප රට වෙසෙන විවිධ ජනවර්ගයන්ගේ අඳුරු කොන් පාදා නිර්මාණය කොට ඇත. රසවිඳිය හැකි නිර්මාණයකි.

"කිඹුලා" කෙටි කතාව මගින් "තේ කෝප්පයේ කිඹුලන් දැකීම" යන කාරණාව ඒත්තු යන ආකාරයේ නිර්මාණයක් ලිවීමට යත්න දරා තිබුණ ද, එහි විසිරුණු බව අවිශ්වාසනීය බවක් ගෙන දෙයි.  ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය අතර ඇති විශ්වාසනීයත්වයේ වෙනස ගැන සියුම් විචාරයක් ද මෙහි වේ. එහෙත් පසුව කෙටි කතාවා අරමුණක් නැති බවක් අඟවයි.

"මිනිරන් පතල සහ වී කුරුල්ලා"  කතාව මට ඇත්තට ම තේරුණා ද යන්න ගැන  සැකය. ඒ මා ඉලයප්ආරච්චි නම් ලේඛකයා කෙරෙහි මා ගේ කියවීමේ හැකියාව ට වඩා විශ්වාසයක් මට ම හොරා තියෙන නිසා විය යුතුය. කිම ද එවැනි තත්ත්වයකින් මෙහා මේ කෙටි කතාවේ කිසිදු අපුරත්වයක් දැකිය නොහැකි නිසාය.

"නගරයට නගරයක්" කෙටි කතාව ද තරමක සුළු කාරණාවක් අලලා ලියවුණ කෙටි කතාවකි. අප ජාත්‍යන්තර භාෂා ගැන සිහින මව්ව ද අපේ ගරා වැටෙන ගම් වල ට ඇති බැඳීම් අලලා ලියවූවකි. තරමක් විශ්වාස කල නොහැකි ආරේ සිතුවිලි වලින් පෝෂණය වූ, එහෙත් යථාර්තවාදි සීමාවන් තුල නිර්මාණය වූ මේ කෙටි කතාවේ යම් ආකර්ෂණයක් තිබුන ද, මෙය සාර්ථක නිර්මාණයක් යැයි පිළිගැනිමට මැළි වෙමි.


"මනරම් වෙරළ" කෙටි කතාව මා මීට දිනකට පමණ පෙර කියවූ නීල් ගේමන් ගේ "Looking for  the Girl" කෙටි කතාව මතක් කලේ ය. එහි එන කතා නායකයා දහ නම වනි වියේ දී සඟරාවක දකින කෙල්ලකු ගැන සිහින මවයි. ඔහු අවුරුදු පනහ ඉක්මවන විට ද ඒ කෙල්ල දහ නම වැනි වියැතිව තැනින් තැන මතු වන්නේ, අප කතා නායකයාගේ සිතේ ඇය ජීවත් වන නිසා ය. එහෙත් ඔහු ට කිසි දිනෙක ඇය ව තමන් නතු කර ගත නොහැකි වේ.  අප  එරික් ගේ කෙටි කතාව දෙස බැලුවහොත්, බාහිර සාධක වල බලපෑම් තිබුන ද, ඒ කථා නායකයා ද, සැම දා තමන් තුල වාසය ට, එහෙත් සැබවින්  කවදාවත් තමන් නතු නොවන ආදරයක් උරුම කර ගැනීමට අඩිතාලම සදා ගනී.
"ජීවිත කාලය පුරා ඇයට ආලය කිරීම නතර කළැ නොහැකි වන බව ඒකාන්ත වන බැවින් කඳුළු හෙළමින් ඇගෙන් සමු ගන්නා මොහොත බලාපොරොත්තුවෙන් මම ඈ අසල රැඳුණෙමි."
මෙහි එන මා රස විඳි කෙටිකතාවකි.

"යාචකයින්ගේ දවස", අවංකත්වය ඉතා වේගයෙන් තමනට ද හොරා පළා යා හැකි බව පෙන්නුම් කරන කෙටි කතාවකි. පරිපූර්ණ කෙටිකතාවකට තරම් මූලයක් මෙහි වේද යන්න සැක සහිතය.

මිය යාමෙන් පසුව වුව, වෛරය සන් නොසිඳෙන බව මුල් කොට ගෙන ලියැවුණු කෙටි කතාවකි, "කැරකෝප්පුවේ ඥාතියෝ". යම් රසවත් බවක් නොතිබෙනවා නොවේ - එහෙත් එහි අපූරුත්වයක් නොදුටුවෙමි.

සේදවත්ත, මාළිගාවත්ත, ඔරුගොඩවත්ත පැති වල වැසියන් ගෙන් සමහරෙක් ට අලුත් තට්ටු නිවෙස් ලබුණි. එහි තට්ටු නිවෙස් ජීවිතය ඔවුන් මෙතෙක් ගෙවූ ජිවීත වලින් ඇති වෙනස නිසා යම් පිරිසකට පුරුදු වීමට නොහැකි වනු ඇත. ඒ ඔවුන් එතරම් සාමුහික ජිවීතයක් තරමට ළඟින් ආශ්‍රය කල නිසා විය යුතුය. මේ කාරණාකාරණා මුල් කොට ගෙන ලියූ කෙටි කතාවකි, "ජීවන යාත්‍රා". තරමක් සාර්ථක කෙටි කතාවකි.

නුවර එළියේ සැණකෙලි සමය, පුංඡායාංගධාරි ප්‍රජාවගේ හැසිරීම් සමඟ බැඳ නිර්මාණය කල කෙටිකතාවකි, "තන්කොට සාමි". සැමවිටම ආලය අපේක්ෂාවෙන් ( සහ වෙනත් විදිහකින් පවසතොත් සමාජය තමන් ව කොන් නොකට පිළිගන්නා මිනිස් ප්‍රජාවක් වීමට සිහින දකිනා) වෙසෙන පිරිසක් ලෙසිනි මෙහි ඔවුන් ව නිරූපනය වන්නේ. කෙටිකතාව තරමක් රසවත් ය. අසාර්ථක ම නැත.

ඉතා කෙටි, කෙටි කතාවක් වන "වීදුරු හස්තියෝ"  හි අප රට ප්‍රාසාංගික කලාවේ දුප්පත් කම ගැන සසඳෙන්නේ, දැන් අපට නෙළුම් පොකුණ වන් රැඟුම්හල් තිබුන ද, ඊට සාධාරණයක් ඉටු කල හැකි කලාවක් මෙහි ඇත්තේ ද යන්න ප්‍රශ්ණ කරමිනි. මෙය නම් ඇත්තෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණයකි.
"එහි (නෙළුම් පොකුණේ) ප්‍රධාන වේදිකාවේ ඇගේ කණ්ඩායම ඉදිරිපත් කළැ රංගනය මට පෙනුනේ  පෙකනි, කකුල් සහ පිම්බුණු පස්සවල් මතු කරන ලෙස නෙළා ඇති රූකඩ සමූහයක් ලෙසිනි. බොරු බෙර රිද්මයක් මවාපාන ඒ රූකඩ නොයෙක් විට ප්‍රතිමා මෙන් නිසලව සිටියි. ඔවුන්ගේ පාද සහ අඩවන් කළ දෙනෙත් සහිත මුහුණු දැකීමෙන් මට ලැබිය හැකි නෘත්‍ය රසයක් නැත" ( 167 පිටුව )
මෙහි දී ද අපේ රටේ කලාව හා සබැඳි යම් ප්‍රශ්ණයක් මතු කල ද එය සාර්ථක කෙටි කතාවක් බවට පත් වී ඇද්ද යන්න විමසිය යුත්තකි.

ලංකා ගමන, බැග්ඩෑඩ්, ලේ විල සහ ඩාන්ටේ කියවා, මා එරික් ගේ සෑම කෙටි කතාවක් ම කියවිය යුතුය යන ස්ථානයේ පසු වන්නෙමි. "මුඩු බිම" සහ අමරකීර්තිගේ "නව කවි සලකුණ" කියවා, එරික් ගේ කවිය ද නව මානයකින් බැලීමට යත්න දරන්නේ, මා මුලින් ඔහුගේ කවිය ට අකමැති වුවද, ඒවා ඉතා නූතන මෙන්ම සාර්ථක කවි නිර්මාණයන් බව වටහා ගැනීම ඔස්සේ ය. ඔහුගේ නවකථා වලින් තවම කියවා නත්තේ "රතු පලස" පමණි.  මා විශ්වාස කරන්නේ ඔහු අපිට වර්තමානයේ සිටිනා පරිපූර්ණ ම සාහිත්‍ය නිර්මාණකරුවා ලෙසට ය. ඔහුගේ කෘති ඇගයීම ට තරම් දැනුමක් මට නැති බව සත්‍යයකි. එහෙත් පාඨකයකු ලෙස මා කියවූ දේ  රසවිඳි ආකාරය ගැන කීම, මගෙ යුතුකමකි. ඉන් මගේ දැනීමේ සීමිත බව පසක් වන්නේ නම් ඊට කම් නැත. කිමද සත්‍යය නම් මේ කෙටි කතා සංග්‍රහය ගැන නම් මගේ කිසිදු පැහැදීමක් නැත. පළමු කාරණාව කෙටි කතා 18ක් පමණ එක් කොට එය අනවශ්‍ය ලෙස දිගු කොට තිබීම ය.  මට වැටහෙන පරිදි "තනි කකුල", "නාසිසස්ගේ ළමා කාලය",
'අත්සන සහ පෙත්සම...", "මුදුව", "මනරම් වෙරළ", "ජීවන යාත්‍රා", "කිරි මුහුද","වීදුරු හස්තියෝ", "ලියුම් දෙකක්" යන කෙටි කතා නමය පමණක් තෝරාගෙන පිටු 70-80 ක පොතක් නිර්මාණය කලේ නම් එහි යම් සාර්ථකත්වයක් තිබෙන්න ට ඉඩ තිබුණි ( ඒත් එය සම්මානයට සුදුසු යැයි නොසිතමි ). ඒත් මේ සංග්‍රහයේ, ලේඛකයා ලියූ සියළු ආකාරයේ කෙටි කතා එකතු කොට බිහි වූවක් ලෙසිනි මා නම දකිනුයේ. සුප්‍රසිද්ධ බටහිර ගායකයින් සහ සංගීත කණ්ඩායම්, දශකයක් දෙකක් ක්‍රියාත්මක වූවායින් පසුව, ඔවුන්ගේ ගීත සමුච්චි වලට ඇතුලත් නොකල, සහ තනි ගීත (singles) ලෙස නිකුත් වූ තැටි වල B-sides හෙවත් අමතර ගී එක්කාසු කොට , "The B-Sides" ලෙස  වෙළඳ පොළට නිකුත් කරයි. පණ මෙන් ඒ කණ්ඩායම් කියන කරන දේ අගයන් අතලොස්සක් පමණක් ( die-hard fans / cult following ) එම තැටි මිලදී ගනි. මට එරික් ඉලයප්ආරච්චි ගේ මේ කෙටි කතා 18කින් සපිරි මේ සංග්‍රහය එවන් B-Sides වලින් ම අඩක් පමණ පිරුණු කෙටි කතා පොතක් ලෙස දිස් වේ. සමහර විටෙක එය එරික් ගේ සවිඥ්ඥාණක තීරණයක් විය හැකිය;  මා වැරදි වීමට ද පුළුවන. හෙමිංවේ ගේ, චෙකොෆ්ගේ එක්කාසු කල කෙටි කතා සංග්‍රහ වල ඔවුන් කිසිදා නිල කෙටි කතා සංග්‍රහ වල ඇතුලත් නොකල කෙටි කතා කොතෙකුත් ඇත. හාස්‍යයට කාරණාව නම්, බැග්ඩෑඩ් සහ ලේ විල සහ ඩාන්ටේ මෙන්, සම්මානයට සුදුසු කෘතීන් මග හැර නැතිනම් නොදැක්කා සේ සිට, මෙවන් කෘතියකට රජත සම්මානය දීමෙන් ඒ කමිටුව උත්සාහ කලේ පෙර වැරදි  නිවැරදි කර ගැනීමටද ? කියා ය. වැරදි දෙකක් පෙළ ගැසූ විට යමක් ඉබේ නිවැරදි නොවන බව පමණක් කියා සිටිමි.


[  පිංතූරයේ කතාව - බෲස් ස්ප්‍රිංස්ටින් ( Bruce Springsteen) ගේ ඇල්බම වලට නොතේරු ගී 66කින් යුක්ත වූ Tracks නම් වූ සංයුක්ත තැටි හතරේ  එක්කාසුව සහ, පර්ල් ජෑම්  ( Pearl Jam) කණ්ඩායමේ ඇල්බම වලට නොතෙරුණු සහ තනි ගීත ලෙස එළි දැක් වූ නිර්මාණ වලින් සුසැදි සංයුක්ත තැටි දෙකකින්,  ගී  29කින් සපිරි  Lost Dogs එක්කාසුව, සමඟ  කෙටි කතා 18කින් සපිරි වුව ද, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් කෙටි කතා සැකිලි පමණකින් යුක්ත, චයිනා ටවුම කෙටි කතා සංග්‍රහය. ]





Thursday 13 June 2019

The Ministry of Utmost Happiness - Arundathy Roy



Arundathy Roy wrote "God of small things" in 1997. I think I read it around 2007. 20 years later, she published, "The Ministry of Utmost Happiness", which made it to the Long list of Man Booker nominees in 2018. Although I didn't plan on reading her second work, a  chance partial encounter with an abridged audio book ( the glimpse into which gave me enough taste to read the whole book ), resulted in my reading the novel, and hence my comments here about it.

Roy with her political activist background has written a book in which she has brought into the fictional fabric, many of the political stands that she has been very vocal about. Indian authors have criticised her, with her post 2008 Mumbai bombings comments being shot down as "the latest of her series of hysterical diatribes against India and all things Indian".  Whatever exaggerations she may  be voicing in her political opinions ( and we don't know if they are exaggerations, or not ), her novel of 2017 presents a good political landscape within a fictional fabric, which makes for a engrossing read. While it is apparent that she wanted to touch on her all political pet subjects in one extended volume, it works largely and makes for an interesting read overall. We see here, how India treated her Hijra or transgender people, and how over the last decade or so with advancement of technology their conditions have improved. There are the Muslim-Hindu conflicts visited in some detail via 2002 Gujarat violence. Speaking of Gujarat, her public denouncement of a leading Indian politician is given its space too.

Hell was closing in on the home front too. Gujarat ka Lalla had swept the polls and was the new Prime Minister. People idolized him, and temples in which he was the presiding deity began to appear in small towns. A devotee gifted him a pinstriped suit with LallaLallaLalla woven into the fabric. He wore it to greet visiting Heads of State.

Arundhati Roy. The Ministry of Utmost Happiness (Kindle Locations 5689-5691). Penguin Books Ltd. Kindle Edition.

Her political fabric doesn't stop there - dalits, religious minorities and Adivasis are all included to show the political unrest in India, while it shines and makes an impressive presence in a Global context. But  her main political subject is Kashmir. The larger potion of the book is interwoven with the Kashmiri situation as well as how the subjects have been victimized by both the Indian and Pakistani Military.The following extract which is towards the final part of the book, after a many a heart breaking  and painful episode in the Kashmir, is probably her way of leaving a cautionary message to India at large ( I feel). I only hope that she is wrong.

‘One day Kashmir will make India self-destruct in the same way. You may have blinded all of us, every one of us, with your pellet guns by then. But you will still have eyes to see what you have done to us. You’re not destroying us. You are constructing us. It’s yourselves that you are destroying.

Arundhati Roy. The Ministry of Utmost Happiness (Kindle Locations 6146-6148). Penguin Books Ltd. Kindle Edition.

At times, the stretches she goes on to include all her political demons is obvious and contrived. How she includes the Adivasi grievance is a case point.

For all her one sided  nature of most of  the political utterances in the public fora, she comes out well with a more balanced outlook in most of the political cans of worms she opens, here. She even introduces humor at times:  


Yesterday a Pakistani friend forwarded me this – it’s making the mobile phone rounds, so you may have seen it already:
I saw a man on a bridge about to jump.
I said, ‘Don’t do it!’
He said, ‘Nobody loves me.’
I said, ‘God loves you. Do you believe in God?’
He said, ‘Yes.’ I said,
‘Are you a Muslim or a non-Muslim?’
He said, ‘A Muslim.’
I said, ‘Shia or Sunni?’
He said, ‘Sunni.’
I said, ‘Me too!
Deobandi or Barelvi?’
He said, ‘Barelvi.’
I said, ‘Me too! Tanzeehi or Tafkeeri?’
He said, ‘Tanzeehi.’
I said, ‘Me too! Tanzeehi Azmati or Tanzeehi Farhati?’
He said, ‘Tanzeehi Farhati.’
I said, ‘Me too!
Tanzeehi Farhati Jamia ul Uloom Ajmer, or Tanzeehi Farhati Jamia ul Noor Mewat?’
He said, ‘Tanzeehi Farhati Jamia ul Noor Mewat.’
I said, ‘Die, kafir!’
and I pushed him over.

Thankfully some of them still have a sense of humour.

Arundhati Roy. The Ministry of Utmost Happiness (Kindle Locations 2359-2377). Penguin Books Ltd. Kindle Edition.

Her take on the communist parties and how its membership looks at the party may even have something that one of the local parties can relate to:

My Party is my Mother and Father. Many times it does many wrong things. Kills wrong people. Women join because they are revolutionaries but also because they cannot bear their sufferings at home. Party says men and women are equal, but still they never understand. I know Comrade Stalin and Chairman Mao have done many good things and many bad things also. But still I cannot leave my Party. I cannot live outside.

Arundhati Roy. The Ministry of Utmost Happiness (Kindle Locations 6032-6035). Penguin Books Ltd. Kindle Edition.

Yet despite these obvious political plans or little agendas of hers' the book is interesting to read, although it is convoluted at times. Maybe the diversity of India, touching most of its peoples and their challenges bring a rainbow like colorfulness, not withstanding the brutality  of some of the anecdotes.
Would I recommend this to other readers ? Yes, I would, for those who can go through a labyrinth, of a complex novel to enjoy the holistic joy such a work gives, as well as the certain parts it can reward one with. I am not under any illusion that this is a ground breaking novel. No, it is a vehicle for Roy to bandwagon all her political djinns, yet she has done it in an admirable way. However it is not for the faint hearted, who are easily perplexed by the non-linearity of a narration or the untied loose ends which the author ties at some point, but in her own cool time. Me ? I was impressed, and I might even store a physical copy, for a revisit. A complex work by a complex author is good for postponed or revisited digestion.






Friday 7 June 2019

Burmese Days - George Orwell


"and it is one of the tragedies of the half-educated that they develop late, when they are already committed to some wrong way of life”

This quote is attributed to one John Flory, the main character of this novel by Orwell, first published in 1934. He is a man battling his demons, his looks, his excesses, but deep down someone more enlightened in his thinking than all the others of the small white party present. Flory is our tragic hero in this novel.

 Having read Animal Farm and 1984 a few years back, it is a little different to find Orwell writing in the time of the Britsh Raj in Burma, He had served in the Police service back in  Burma, and his experience and close observations have made the novel, a captivating one. At times, reminiscent someone of Passage to India, this book attempts to explore collective dark mindsets of another time - just less than a hundred years to Orwell's first hand experience of his stay in Burma. The bigotry and corruption of the British Raj, and worse still - natives who have benefited from the British Raj who don't hesitate to subject their own people to much suffering for financial  benefits and prestige. Here, reading now, in this era, one cannot but note that we are possibly living in the best of times so far, as the number of people suffering in the world unfairly  - albeit a large figure still - becomes lesser and lesser.

The other subject that is explored here is the role of the British citizen who goes to the colonies, and how he or she, for better or worse gets his or her expectations changed drastically. Flory, has started appreciating certain ways of the natives having spent more than fifteen years in Burma. However when he meets Elizabeth, he seeks an escape route from the life style that has bogged him down. Elizabeth, still young and pretentious, is on a husband finding mission, and is at odds with Flory for she sees nothing worthy of the native ways.  But Flory has spent such a long time in Burma, that his feelings run akin to;
"The time comes when you burn with hatred of your own countrymen, when you long for a native rising to drown their Empire in blood. And in this there is nothing honourable, hardly even any sincerity. For, au fond, what do you care if the Indian Empire is a despotism, if Indians are bullied and exploited? You only care because the right of free speech is denied you. You are a creature of the despotism, a pukka sahib, tied tighter than a monk or a savage by an unbreakable system of taboos."

Another interesting observation was Orwell's reading of Buddhism. The most corrupt and oppressive native characters here, is said to believe that as long as they construct sufficient pagodas before their death, in spite of how they lived and how they earned, they can go to a better realm after death. While I think, it can safely be assumed this is due to Orwell's own misunderstanding, it reflects the overall stance the author had towards religion. Yet, he seems to be having a firmer grasp on the the Buddhist thinking behind consumption of meat. Note:
"The fisherman catches fish, and he is damned for it. But are we damned for eating the fish? Certainly not. Why not eat the fish, once it is dead? You should study the Scriptures more carefully, my dear Kin Kin" ; the speaker of these words is probably the most corrupt character we meet in this book, and he is native dreaming of rebirth in a good realm in his next birth,

In essence, this novel written with the experiences from Burmese policing still fresh in his mind,  captures the condition of the British citizen, logically stranded as an alien and trying to make a life from what is available to him or her - a club, having a remote semblance to one back in the home country. Orwell, or rather Blair, matured to a more complete author in the next decade and came to publish such classics as Animal Farm (1945) and  1984 (1956), where he made classics out of his opposition for totalitarianism and social injustice. If one imagines Blair to have some characteristics of Flory, it can then be second guessed as to how as he matured, he created that brilliant dystopian world for 1984 to live and breath ( although big brother watched you).

( a note on the book covers - Left, internet copy of the book cover ; Right, much used Colombo Municipal Council Library copy which I read )