Sunday 12 May 2024

The Fear of Gambling - Vihanga Perera

                                                                
     "Our memory is a continuing photo slide. We retain moments and people in snap form - as they engage in some action which, in turn, is fossilized and frozen: deposited in a rack where our memory collects. The earliest memory of someone doing something. But, there is an involuntary expectation in us that we remember and collect, the others, too, would have retained and preserved." (page 300)
This quote captures the gist of this novel, or anti-novel as some critics have labeled it. The novel captures deep etched memories of the narrator from his table tennis playing days (while being very honest about to his playing capabilities), his soft ball cricket playing in the front yard, and of course the fond memories of the girl that he is in love with - for the majority of the novel. While, clearly biographic, there is a spanner in the works with the statement that not all statements and episodes found in this narration are true - and that some are fiction - which leaves us to question whether the statement in question too is fiction. While not an easy read by any stretch of imagination, the narrator comes across as being giving an honest account, and the fact that these reminisces can easily take the reader to his or her own fond memories make the book that much more enjoyable. So much so that the reader would think that he or she could make an sketch of their memory photo slides, if not for their reluctance to share it with the wider world. In that sense this book could possibly be termed as the narrator's coming to terms with his life so far, and burning the corpse of memories that were bound to him, and moving on. The last chapter, titled 'coming home' suggests just that.

Outside of his deep etched memories, both fond and otherwise, contemporary happenings of the period that this book was written in, make the book even more interesting - since these are from the recent past - not older than 17-18 years back. The waging of war to defeat the LTTE, author's stance on the topic of self determination of the non-Sinhala races in Sri Lanka, cricket - of which the author has good memories - an example of which is where Champika Ramanayake sent Hansie Cronje's off stump cart wheeling ( the joke about Ramanayake in my circles was that Ramanayake will bowl one gem of a delivery per tournament ), Rugby, especially politically infused rugby when Navy SC was more equal than others, all figure in here. 

Vihanga's name came up when one of my friends' mentioned that he was looking out for Vihanga's books for his daughter  who is an under-grad at Ja'Pura. Then we got took to talking ( we as in my small reading circle), about Vihanga's work.  Still I was undecided on reading - leave alone buying a book of his. But then a random 4th floor visit to Perasaviya, got me looking at a single copy of FOG - and the back cover blurb - made me give it a try ( plus, if am to follow Vihanga - I wanted to buy something to mark the purchase of my new spectacles, having lost my pair in a 170 or 190 bus). Vihanga has stated in an interview that he's not worried about how many read his stuff. And frankly I might not read much by him ( for he himself has stated that he considers this his best book), but am on the lookout for Music.Death if I can find it.

The above comments by no way means that each sentence of this book is readable. At a guess there is at least 30% of the book that a reader may not be able to connect - but that didn't worry me, for what connected was quite good - plus there is hardly a story here so that the misses don't really matter ( or I read it as such).

If this is your kind of book you'd absolutely love it. But there's only one way to find out - plus I think this book is quite difficult to find.

Rating: ****
First published - 2011 (self publication)

Monday 6 May 2024

ලියසැවි ලිහී ගිය ගනසාමඬුලු - ලක්ශාන්ත අතුකෝරල


 මෙය කවියාගේ නවවෙනි ස්වතන්ත්‍ර සංග්‍රහය විය යුතුය. මා ලක්ශාන්තගේ කවියේ රසිකයෙකු වූයේ ඔහුගේ මුල් කවි පොත් හතර නිසා ය. ඊට පසුව ප්‍රකාශ වූ 'සමහර කමටහන්' කාව්‍ය සංග්‍රහයට ද මා බොහෝ ලැදිය. මේ සටහන ලියන අවස්ථාව වන විට මා තවම නොබැලූ ස්වත්‍රන්ත්‍ර කාව්‍ය සංග්‍රහයන් දෙකක් ලක්ෂාන්ත ප්‍රකාශ කොට ඇත. ඒවා ද අනාගත දිනෙක කියවීමෙහි අදහසක් අප සතු වේ. කවි පොත් විෂයෙහි, ප්‍රධාන වශයෙන් තරමක් වේගයෙන් කියවා යා හැකි සංග්‍රහයන්, සහ දෙතුන් වතාවක් කියවා තේරුම් ගැනීමට උත්සාහ කල යුතු ආරේ කවි රැගත් සංග්‍රහයන් ලෙස, දෙවර්ගයක් මා අත් විඳ ඇත. ඊට සිංහල භාෂාව පිළිබඳ ඇති දැනුමේ සීමාසහිත බව  බලපාන බව පැහැදිලිය. මීට අමතරව, දුෂ්කර බන්ධන වැනි පදපේළි, කවියේ සමස්තයට නූචිත යැයි හැඟෙන වදන් ආදිය අප සමහර කවියන්ගේ නිර්මාණ අතර හමු වේ. එවිට ඇත්තටම කවි පොතක් කියවීමට කාලය ගත කිරීමේ ඇති ප්‍රයෝජනය ගැන මට ම ප්‍රශ්ණ නැගෙනා අවස්ථා නැත්තේ නොවේ. එවන් වටපිටාවක, සහ පොත් කියවීමේ කාලය වඩාත් සීමිත වටපිටාවකය, වසරකට කවි පොත් හතර පහක් හෝ කියවීමට යොමු වන්නේ.

ලක්ශාන්තගේ කවිය කියවීමට වෙසෙස් කැමැත්තක් මා තුල බිහි වී ඇත්තේ ඔහුගේ කවි බසේ රසත්, වස්තු විෂයන්හි සිත් ඇදගන්නා සුළු බවත් නිසාය. එහෙත් විය යුතු ලෙස ම ලක්ශාන්ත තම කවිය නොනිමි අධ්‍යයනයන් ගේ ආභාෂයෙන්, වඩ වඩාත් මුවහත් කරගැනීමට උත්සාහ කරන බව පැහැදිලිය ( මා මෙය 'අනබිසෙස් අන්බිනික්මන්' ගැන මාගෙ සරල සටහනේ ද සඳහන් කලේය). මාගේ කියවීම් පරාසයට හසු වූ ආකාරයට, 'අනබිසෙස් අන්බිනික්මන්' හි ට වඩා කවියා පුළුල් භාෂා හා විෂය පරාසයක තම නිර්මාණ කර්තව්‍යයේ නිරතව ඇත. මේ බව අපට පළමු කවියේදී ම දැනුනි. 'සරාගය' නම් කවියේ එන භාෂාව එක්තරා මට්ටමකට හෝ ලක්ශාන්ත, ටිම්‍රාන් කීර්ති ට හුරු කවි බසක් වෙත යෑමක් දෝ යි සිතෙන සුළුය.

'තාත්තගේ කෙහෙල්මල් කැමැත්තෙන් වැඩක් නෑ කියා
අම්ම වුණත් කුද ගගත්තදෙන් කියද්දිත් ඔයා
නොවැටහෙයි ඒ ගෑනු දහිරිය මදිව ගිය නියා
කළ යුතුව තිබූ දේ හිතන්නට මට බැරුව ගියා'

පෞද්ගලිකව මේ පද පේලි වලත් මේ කවි පංතියේ අන් තැන් වලදීත් භාෂාත්මක අසංඝතබවක් වැන්නක් මා සිතට වද දෙයි.

මීට සාපේක්ෂව 'හිතින් ගමනක්' වැනි නිර්මාණ වඩා පරිපූර්ණ ලෙස ට ය අප ට හමු වූයේ. එහි අප වඩාත් ප්‍රිය කරනා ලක්ශාන්ත හමු වූවා ද විය හැකිය.

කහ ලන්තෑරුම් එළි සහ නිල් කළුවර           දරන
මහ කමතට ඇවිදින් වී කාටු හුළං                කරන
රහ බලමින් කහට විතක් රෙදි ගොටුවෙන් පෙරන
අහ ගනිමු ද ගොවියන්ගේ කෑ කොස්සන්     පරණ
අන් තැනෙක 'ගුස්ටාව්' වැනි කවියක් සැලකුවහොත්, එහි වඩා පූර්ණ රසවින්දනයක් උදෙසා කවියට අනතුරුව සටහනක් ලෙස ගෙනහැර දක්වා ඇති ඔහුගේ චිත්‍ර නිර්මාණ සොයා දැක බලා කවිය කියවීම, වඩා අර්ථාන්විත බව හැගුනි.

බොහෝ තන්හි ලක්ශාන්තගේ අපූරු කවි බස අප හට යම් චම්ත්කාරයක් ගෙන ආවද, කවි විෂය ඒ හැම අවස්ථාවේම ඊට අනුපූරකත්වයක් ලබා නොදෙන බවකි අපට හැඟුනේ. කවි මනස සියුම් විෂය කෙරෙහි සංවේදී වීමත්, අප ගේ නොනිත් ලෙස කාලය හා ගැටෙනා ගොරහැඬි බවත් අතර පරතරය මිට හේතු වනවා විය හැකිය.   'තණකොළ සිනහව', 'ආම්පන්න සම්මේලනයේ දී', 'කරදමුංගු කරාබුනැටි' ( මේ කවේ අවසන් පද පේළි දෙක කවිය ගෙන යන අභව්‍ය ස්ථානය ගැන ද අපට එතරම් පැහැදීමක් නැත ), 'කුරුල්ලනනි', අපට එසේ සිතුනු තැන් ය. සමහර කවි විෂයන් තරමක් සුලභ යැයි සිතුනි.'අබිලිං අප්පුහාමි','දෙවියෙකුට', එසේ හැඟුණු අවස්ථා දෙකකි.

සත්‍ය වශයෙන් ම,  එනම් කවි බස, කවි විෂය, මා කැමති විදිහට ගැලපුණු අවස්ථා කිහිපයකි අප ට  මෙහි හමු වුනේ. මා වඩාත් සිත් ගත්තේ එම කවි යැයි සිතමි. 'සිවදීපන්', 'හිතින් ගමනක්', 'බෝගන්විලා', 'වැරැන්ඩාවේ දී', 'ඇත්ත සිතුවම', ඊට නිදසුන් ය.

අවසන් වශයෙන් කීමට ඇත්තේ, කවි කියවීමේ මගේ සීමාවන් ගැන නොපහන් හැඟීමෙන් මේ කාව්‍ය සංග්‍රහය දීර්ඝ කාලයක් තිස්සේ, කවි පංතියෙන් පංතිය වාගේ කියවා අවසන් කල බවකි. එය අසම්පූර්ණ කියවීමක් බව ද දනිමි. මීට පෙර කිය වූ ඉසුටු චාමර ගේ 'මමත්වතා' කියවීමේදි ඇති නොවූ අභියෝග පිළිබඳව ද සඳහන් කර මේ කෙටි සටහන අවසන් කරන්නේ, මෙය ආරම්භයේ කියූ කාව්‍ය සංග්‍රහ වර්ග දෙක ට නිදසුන් ලෙසටය.

ශ්‍රේණිය: ***1/2
හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි ගොඩගේ සම්මානය, 2021
ප්‍රකාශනය, විදර්ශන (2021)


Sunday 5 May 2024

ජාත්‍යන්තර පාපොච්චාරණය - එරික් ඉලයප්ආරච්චි

 උක්ත කෙටිකතා එකතුව කතුවරයාගේ දොලොස්වැන්නයි. මගේ සීමිත කියවීම අනුව ජයතිලක කම්මැල්ලවීර සමඟ, හා එතරම් ප්‍රමාණයක් ම පාහේ කෙටිකතා ලියුවන් අතර අපූරුම කෙටිකතා රචකයා ය. මෙය ඔහු ලියූ දොළොස්වැන්නයි - මා ඔහුගේ කියවූ ද දොළොස්වැන්නයි.

ඉතින් එම දොළොස්වැන්න කෙසේද ?


මෙතෙක් මා කියවූ එරික් ගේ කෙටිකතා එකතු අතරින් අඩුවෙන් ම සිත්ගත්තේ 'චයිනා ටවුම' කෙටිකතා සංග්‍රහයයි. 'ජාත්‍යන්තර පාපොච්චාරණය', ඊට තරම්ක් උඩින්, සහ අනෙක් මා කියවූ සංග්‍රහයන් ට පහළින් ඇතැයි සිතමි. 

මෙහි එන කෙටිකතා දහයෙන්, එළුවා, ජාත්‍යන්තර පාපොච්චාරයණය, සහ හෙදියකගේ එදා මෙදා පුවත්, මා වඩාත් රස විඳි නිර්මාණය. මෙයිනුත්, වෙසෙසින් එළුවා කෙටිකතාව කියවාගෙන යන කල,  එම දැදුරු ගං ඉවුරේ එන ගුප්ත කතා ගෙනෙන හැඟීම පාඨකයා තුලට ගෙන ඒමට සමත්‍ ය. පසු ගිය සමයේ තිබූ සංස්කෘතික ඝට්ඨන ඉතා සාර්ථකව ගෙනෙන්නේ, මුන්නේශ්වරම් ප්‍රදේශයේ බහු ආගමික ශ්‍රද්ධාව ගෙනහැර දක්වමිනි. කතෝලික ප්‍රජාව බහුල වූ හලාවත ප්‍රදේශයේ එම ජනකායෙන් බොහෝ අය මුන්නේශ්වරම් දේවාලයේ උත්සවයට සහභාගි වන්නේ වතාවකට සහභාගි වන අයුරෙනි. නගරයට සංක්‍රණය වූවන් පවා දින දෙක තුනකට එදවස එම උත්ස්වය උදෙසා එහි ගියේ කොළඹ වෙසෙන දකුණේ සහ රජරට ජනයා සිංහල අවුරුද්දට ගිය ආකාරයටය.

ජාත්‍යන්තර පාපොච්චාරණය දෙවැදුරුම් ය. මෙහි එන කාන්තාව තම ස්ත්‍ර්‍රිත්වය, ලිංගිකත්වය අලෙවි කිරීමට මැළි නොවන්නේ එය විඳීමට ඇති දෙයක් පමණක් නොව, ප්‍රායෝගික තලයේ දී තමන් මුහුණ දෙන ප්‍රශ්ණ වලට එම ගණුදෙනුවන් පිලියමක් ලබා ගත හැකි නිසාය. තම රට මෑත ඉතිහාසයේ මුහුණ දී තිබූ ගැටළු වල අළු මත්තෙන් නැගී සිටීමට ප්‍රයත්න දරන්නියකි, ඇය. මෙම සැසිවාරයට සහභාගි වන නිලධාරියා ට මුහුණ දීමට සිදුව ඇත්තේ මුළු ලොව පිළිගැනීමට කැමති ලිංගිකත්වය පිළිබඳ නූතන අදහස් තම රට පිළිගැනීමට ඇති අකමැත්ත මත එක්තරා අන්දමක තමන් හා සමඟ ජාත්‍යන්ත්ර පාපොච්චාරණයක් යෙදෙන්නටය. ඒ අර්ථයෙන් එය ඉතා සාර්ථක නිර්මාණයකි.

එරික්ගේ ලිවිම අනුව ඔහු බොහෝ පොත පත, සිනමා, සහ අනෙක් කලා කෘති කියවා ඉන් පෝෂණය වූවෙකු බව පැහැදිලිය. අන් රටවල්  ගැන බොහෝ විස්තර හේ සංචාර වලට අමතරව පොතපතින්, සහ සංචාරක හා වාර්තා චිත්‍රපටි මගින් උකහාගෙන ඇති බැව් සිතිය හැකිය. පරදේසි වැනි නවකතා මගින් මෙම ආභාෂයේ උපරිම අවස්ථා දැකිය හැක්කෙ, එවන් නිර්මාණ වල සාර්ථකත්වය මතය. එහෙත් විටෙක මෙසේ එක්කාසු කොට ඇති දැනුම හේ කැටිකොට, තම නිර්මාණ වලට ඔරොත්තු නොදෙන මාත්‍රාවෙන් භාවිත කරන්නේ යැයි සිතේ. මෙම කෙටිකතා එකතුවේ බොහෝ නිර්මාණ මෙම අධිමාත්‍රා භාවිතයෙන් විශ්වාසනීයත්වය යන කාරණාව ලඝු කරගෙන ඇති බවකි, අපගේ සීමිත කියවීම් අනුව අපගේ අදහස. ඉන් මෙහි එන කෙටිකතා රසවත් නොවෙන බවක් නොකියවේ. එක් කෙටිකතාවක් තුල දිගැරෙන  රසවත් අතුරු කතා හේතුවෙන් ඒවා බොහෝ විට රස ගුලාවන් ය. ඊට හොඳම නිදසුන මෙහි එන මෝමුස් ගිවිසුම නම් වූ කෙටිකතාවයි. ඔහු ඉතා ශූර ලෙස කෆ්කාගේ බලකොටුව නවකතාවේ එන කේ. ගේ චරිතය හා මෙහි එන එඩ්මන්ඩ් සසඳයි. ඒ අතර කේ. ජයතිලක හල්ට්ස්ඩෝෆ් සිට පොත් ලියමින් තම පොත් සාප්පුව හා මුද්‍රණාලය ගෙනගිය අයුරු පවසයි. කෙටිකතාව ආරම්භයේ සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන නීතී ක්ෂේත්‍රය හැ බැඳි සිංහල ලේඛකයුගේ සාහිත්‍ය භාවිතාවේ සාර්ථකත්වය ප්‍රශ්ණ කරනා ස්වභාවයක්ද අයෙකුට හඳුනා ගත හැකිය.

"ඒ වගේ හීනෙන්වත් හිතන්න බැරි දේවල් මේ ළමයි ලියනවා. ඔවුන් ඒවා දකින්නේ සාමාන්‍ය දේවල් හැටියට යි. ඔවුන් හිතන්නේ නීතිය මඟින් ඔවුන්ට ජීවිතය බලන්න අමුතු කණ්ණාඩියක් දීලා තියෙනවා කියලා. මේක අලුත් නීති සාහිත්‍යයක් වගේ දෙයක්. එහෙම නැති නම් නීතියට පේන්න පටන් අරගෙන තියෙන ව්‍යාජ ජීවිතයක් වෙන්න පුළුවන්...  එහෙම ජීවිත කොහේ ද තියෙන්නේ? එහෙම සාහිත්‍ය කොහේ ද තියෙන්නේ?" (78 පිටුව)

වෛශ්‍යාවගේ සමරු පොත, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, මැලේ දොස්තර, අයිස් යුගය, ආදි කෙටිකතා වලින් ද මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් දැකිය හැක. හෛඩැගර්, content writing වැනි නවීන රැකියා අවස්තා, හෝමියෝපති වෙදකම, ආදි විවිධ විෂයන් පිළිබඳ අප කතුවරයා  ආසක්ත වී තම රචනයේ යෙදෙන්නේ, එම කෙටිකතා වල විශ්වාසනීයත්වයට අඩු ලංසුවක් දෙන ආකාරයෙනි. නිර්මාණ සාහිත්‍යකරණයේ දී, විශ්වාසනීයත්වයට වඩා තමන් ඒත්තු ගන්වන සමාජ පණිවුඩය වඩා වැදගත් බව යැයි තෝරා ගැනීම කතුවරයාට හිමි අයිතියක් ලෙස අයෙක් තර්ක කිරීමට පුළුවන. එයට විරුද්ධ වීමට තරමක සාහිත්‍ය දැනුමක් අප සතුව නැත. ඉහත විවේචනය අප ඉදිරිපත් කලේ, ඍජු ලෙස මායා යාථාර්තවාදි යැයි සැලකෙන නිර්මාණ සාහිත්‍ය භාවිතයකට නොගොස්, බොහෝ දුරට යථාර්තවාදී සීමාව තුල ලියවෙන නිර්මාණ ලෙස සලකද්දී, එක් එක් කෙටිකතාව තුලට ලේඛකයා ඔබ්බවා ඇති කරුණු කාරණා ඒ ඒ කෙටිකතාව පරිපූර්ණ නිර්මාණයක් ලෙස සැලකීමට අභියෝග කරන බවක් හැඟුණු නිසාය.

ශ්‍රේණිය: ***1/2
හොඳම කෙටිකතා සංග්‍රහය - රාජ්‍ය සාහිත්‍ය, සහ විද්‍යෝදය සම්මාන, 2021
2021 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම - 7