හේ සිද්ධාර්ථ නම් වෙයි - කෝ. ආනන්ද
================================
*****
1979 වස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත්, සාර්ථක ශාස්ත්‍රපති උපාධි නිබන්ධයක් ලෙස පළමුවරට පිළිගත්, කෝ. ආනන්දයන්ගේ "හේ සිද්ධාර්ථ නම් වෙයි", නම් වූ අනර්ඝ නවකථාව කියවූවෙමි (කතුවරයා හිමිනමක් යැයි විශ්වාස කරනමුත්, එය සැකහැර දැනගැනීමට මගෙක් නොවෙත් ).
ශාසනයේ ගුරු-ගෝල සබඳතාව ගෝල පරම්පරාවේ යහපැවැත්මට බලපානායුරු, අප රට පශ්චාත් යටත් විජිත යුගයේ යම් යම් විවේචන වලට නිතර පාත්‍ර වුවද ග්‍රාමවාසි භික්ෂු පරපුර හා ගැමියන් අතර පවතින සමීප සබඳතාව (හා ගැටළු ), 1960 දශකයෙන් පමණ පසු සීග්‍ර ලෙස දියුණු වන නගරයත්, පරිහානියට යන ගමත් අතර වැඩි වූ පරතරය, ආදි වශයෙන් සමාජ සිදුවීම රාශියක් නවකථා වියමන තුලට ගෙත්තම් කොට ඇත. ඒ විවිධ වූ කාරණා අතර වුවද, ගුරු භික්ෂු පරම්පරාව ගෝල පරම්පාර්ව ට බලපානායුරු මෙහි ප්‍රධාන මාතෘකාවයැයි සිතමි. එය නවකථා ශෛලිය තුල, ඊට අනුබල දෙන, සැමවිටෙක එම ශෛලීයේ ඉසිලුම් බරට ඔරොත්තු දෙන තරමට සීමා කරමින් ලියැවුණු අපුරූතම නිර්මාණයකි. මීට පෙර අගතිගාමි නොවී භික්ෂූ පරම්පරාව වෙත උපේක්ෂක නෙතකින් ලියැවුණු කෘතියක් ලෙස කියවා තිබුණේ කම්මැල්ලවීරගේ "පුරාහඳ" නව වූ අගනා නවකථාවයි - "හේ සිද්ධාර්ථ නම් වෙයි", "පුරාහඳ" අභිබවා ගිය කෘතියකැයි හඟිමි.
මෙහි එන හිමි නම, විශ්ව විද්‍යාලයේ සිප් සදාරද්දී, තමන් හා එකට විශ්ව විද්‍යාලයට එකතු වූ බොහෝ භික්ෂූහු උපැවදි වෙත්දී, තමන් වෙනුවෙන් ගුරු හිමියන් හා ගැමියන් කල කැපවීම තම සිත් සතන්හී ක්‍රියා කරන අයුරු ඉදිරිපත් කොට ඇති අයුරු අපූරුය:
"සිවුරු හැරිය අය කථා කරන්නේ මෙතෙක් ඔසවා සිටි විශාල බරක් කරින් බිම තිබ්බාක් වැනි හැඟීමකින්ය. මේ ටික කාලය තුළ ඔවුන් ලැබූ මානසික තෘප්තිය ගැන පුන පුනා විස්තර කෙරේ. ඒවා ගැන සිතන විට පොඩිහාමුදුරුවන් තුළ වුවද සිවුරු හරිම් ද ? නොහරිම් ද ? යන දෙගිඩියාවක් ඇති නොවන්නේ නොවේ. ඒත් සිවුරු හැරයාමේදි ඔවුන්ට වඩා තමා කෙරෙහි අදෘශ්‍යමාන වශයෙන් නොව, දෘශ්‍යමාන වශයෙන් බලපාන කරුණු තිබේ." (136 පිටුව )
මෑත ඉතිහාසයේ අප රට ස්වාමින්වහන්සේලා "හක්ගෙඩි" වූ යුගයක් විය. මේ නවකථාවට ප්‍රස්තූත යුගයේ උන්වහන්සේලා "පිස්තෝලකාරයන්" වූ යුගයක්, හා ඒ හරහා උන්වහන්සේලාට විඳින්නට වූ ගැහැට ගැන් යම් හෙළිදරවුවක් ද වෙයි. මේ දේශපාලනය හා අප භික්ෂු සමාජය පිළිබඳ විවේචනයක් හෝ සාධාරණිකරණයක් නොවේ (එවන් සංකීර්ණ මාතෘකාවක්, වැකි කිහිපයකට ලඝු කිරීමට තරම් අපරිණත නොවෙම්.) එහෙත් අප රට භික්ෂූ පරපුර සමාජ-දේශපාලන සංස්කෘතියේ කොටසක් වන බව අවිවාදිතය.
කීමට තරම් දුර්වලතා නැති, ඉතා රසවත් ලෙස විචිත්‍රත්වයක් පාඨකයාට ගෙනහැර දක්වන අතර, තම මුඛ්‍ය මාතෘකා වලට නවකාථාමය ශෛලීය තුල උපරීම සාධාරණයක් ඉටු කල අනගි නවකථාවක් යැයි කිව හැකිය.
( 2015 මාර්තු මස 24 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

No comments:
Post a Comment