1983 වසරේ හොඳම නාට්‍ය පිටපත ට හිමි රාජ්‍ය සම්මානය දිනූ, මෝදර මෝල නාට්‍ය පිටපත කියවා YouTube හි තිබෙනු දුටු එහි නාට්‍යම අවස්තාවක් ද නැරඹුවෙමි.
1977 න් පසුව උදා වූ නව අර්ථ ක්‍රමයත් සමඟ ව්‍යාපාර වල වර්ධනයට රුකුල් දුන් පරිසරය, බැංකු ක්‍රම ආදියෙහි වඩා විවෘත බවත් සමඟ නිෂ්පාදනයට අනුබල දීමේ ප්‍රවණතා, ඒ නව යුගයේ නැවුම් බලාපොරොත්තු සමඟින් පැරණි ක්‍රමයේ සමාජ සබඳතාවන් හී වෙනස් වීම් ආදිය පිළිඹිබු වන ආකාරයෙන් මෙම නාට්‍ය කෘතිය ලියැවී ඇත. 1983 වසර වන විට, මේ කෘතිය මහත් කාලීන වූ බවක් සිතිය හැක. අද කියවන කල, මේ පෙළ තරමක් දුරට වියපත් බවක් අඟවයි. කතුවරයා පවසනුයේ මෙහි මෝදර යන්නෙන් සංකේතවත් වන්නේ පරම්පරා දෙකක මුණගැසීම සහ වෙනස්වීම් සිදුවන යුගයක හැලහැප්පීම් ය. නිදහස් ආර්ථිකය පිවිසීමට ප්‍රථම, රාළහාමි තම ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් තිබුනේ සීරුවට, සහ තම සේවකයන් එක්තරා අයුරකින් විතත පවුලක් ආකාරයෙන් මෙහි එන රාළහාමි ට ද වාමාංශිකයින් කෙරෙහි ප්‍රසාදයක් නැත්තේ ය. එය ව්‍යාපාරිකයාගේ, ප්‍රාග්ධන හිමියාගේ සාමාන්‍ය මානසිකත්වය ය. තම කර්මාන්ත ශාලාවට අසමගිය එක් නොවූයේ, තම සේවකයන් වෙත දැක්වූ ලැදියාව හෙතුවෙනි. එහෙත් ලක්දාස ගේ වේගවත් දියුණුව හමුවේ, සේවකයන් හා තිබූ බැඳීම දුර්වල වූ අතර, කෙටි කාලීනව විසල් ලාභ ලැබුව ද, ඊළඟ "සමාජ සුළිසුළඟට" ඔහු ට මුහුණ දිය නොහැකි වේ. ඒ වන විට සේව්‍ය සේවක බැඳීම ලිහිල් ය - ඒ ව්‍යාපාරය පුළුල් නිසාය. ඊට අමතර ව ස්වාමීයා අසාධාරණ යැයි සේවකයන් ට හැඟී ගොස් ඇත.
මෙහි එන ආර්ථික විශේෂඥ්ඥයා ද පසුව ය, සේවකයන්ගේ ඉල්ලීම් වල සාධාරණය දකිනුයෙ;
ආර්ථික පරිවර්තනය පමණක් නොව, සමාජ පෙරළිය ද නිරූපනය වන ආකාරයෙන් රචිත, අදටත් රස විඳිය හැකි ආරේ නාට්‍ය පිටපතකි. නුමුදු මෙය එළි දුටු යුගයේ මෙහි වටිනාකම සහ අදාළැත්වය ට අදට වඩා බෙහෙවින් වැඩි බව පිළිගත යුතුය. මා සතු 2013 ප්‍රකාශ වූ සවැනි මුද්‍රණයේ පැවසෙන්නේ, මෙය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවයි. තව දුරටත්, 1998 නිදහස් ස්වර්ණ ජයන්ති උළෙල වෙනුවෙන් තේරුනු හොඳම නාට්‍ය දහයෙන් ද එකක් වූ බව මෙහි සඳහන් ය.

"ගුණසිංහ: හැබැයි ලකී අපි දෙපැත්ත ගැනම කල්පනා කරලා බලන්න ඕනෙ. එක අතකට බැලුවහම, අපි ඇත්ත කතා කරනව නං දැනට අපි ලබන ලාභය අනුව උන්ගෙ ඉල්ලීම් බොහෝම සාධාරණයි.මේ නාට්‍යයේ රාළහාමිගේ දියණිය ලෙස මුලින් රඟ පෑ සුනිලා අබේසේකරයන් ද, ලියනමහත්තයාගේ චරිතය රඟ පෑ ජයලත් මනෝරත්නය ද, අද අප අතර නැත. ඇත්තෙන්ම මෙම යොමුවේ ඇති TNL නාලිකාව රූගත කල මෙම නාට්‍ය අවස්තාවේ දී ද, අනෝමාට රඟපාන්නේ මල්කාන්ති ජයසිංහයන් ය.
ලක්දාස: සාධාරණයි කිව්වා?
ගුණසිංහ: පොඩ්ඩක් ඉන්න. ලියන මහත්තයයි වර්ණසූරියයි දෙන්නත් කියනව නේද මිනිස්සු යන්තම් වේල පිරිමහගෙන බාගෙට කාල හාමතේ වැඩ කරනවා කියලා. අන්න ඒක අපේ නිෂ්පාදනයට බලපාන්න පුළුවන්. අපි ඉස්සරහ දැන් ලොකු අභියෝගයක් තියෙනවා. ඒක නිසා මිනිසුන්ගේ හිත් දිනාගන්නත් එක්ක නරකද අපි මෙහෙම වැඩක් කළොත්. අපි උන්ට දවල් කෑම වේල නොමිලේ දෙමු. ඒක අපේ ගිවිසුමට බලපාන්නෙත් නෑ. පඩි වැඩිකරනවට වැඩිය අපිට වාසිදායකයි."
ආර්ථික පරිවර්තනය පමණක් නොව, සමාජ පෙරළිය ද නිරූපනය වන ආකාරයෙන් රචිත, අදටත් රස විඳිය හැකි ආරේ නාට්‍ය පිටපතකි. නුමුදු මෙය එළි දුටු යුගයේ මෙහි වටිනාකම සහ අදාළැත්වය ට අදට වඩා බෙහෙවින් වැඩි බව පිළිගත යුතුය. මා සතු 2013 ප්‍රකාශ වූ සවැනි මුද්‍රණයේ පැවසෙන්නේ, මෙය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවයි. තව දුරටත්, 1998 නිදහස් ස්වර්ණ ජයන්ති උළෙල වෙනුවෙන් තේරුනු හොඳම නාට්‍ය දහයෙන් ද එකක් වූ බව මෙහි සඳහන් ය.
No comments:
Post a Comment