කැලණි නදිය ගලා බසී - ටෙනිසන් පෙරේරා
========================== =========
***1/2ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ "කැලණි නදිය ගලා බසී" කෘතිය කියවා හමාර කලෙමි. මීට වසර හැටක ට පමණ පෙර කැලණි මිටියාවතේ කොටිකාවත්ත - මුල්ලේරියාව ආදි ප්‍රදේශ වල ජන ජීවිතය අලලා ලියූ පොතක් වීමත් (මම ද කඩුවෙල නිසා ඔය පෙදෙස් සාමාන්‍ය වශයෙන් හුරු පුරුදුයි ), මේ පොත ටිකක් කැමැත්තෙන් කියවන්නට පටන් ගැනීමට හේතූ වූවා සේ ය. මුත්තෙට්ටුව වත්තේ කොර්නේලිස් අප්පු හාමි, තම බිරින්ඳැ හා වැඩිමල් පුතුන් දෙදෙනා සමඟ, ගමේ ප්‍රධාන වතු පිටි හිමි ධානපතියකු ලෙසත්, පන්සලේ ප්‍රධාන දායකයා ලෙසත් ජීවත් වෙයි. ඔහුත්, ඔහුගේ පවුලේ අයත්, ගමේ අන් අය සමඟ ඇති සහ-සම්බන්ධය,ඇලීම්, ගැටීම්, රහස්, ඔවුන්ගෙන් ගමට වන සේවය ආදි නොයෙක් මානයන්, නවකථෞචිත ආරෙන් "පත අට එකට සීඳුවා", පාඨක සිත් ඇද ගන්නා ලිහිල් බසින් රචිත සාර්ථක කෘතියකැයි කිව හැක. වෙසෙසින් පණස් ගණන් වල සමාජවාදි දේශපාලනය අප ගම් දණව් වලට පැමිණීමත් ( මේ කියනා කාලයේ වැල්ලම්පිටියෙන් මෙහා පරණ පාරට ඇති පෙදෙස් ගම්-දණව් ලෙස හැඳිනෙවීමේ එතරම් දොසක් නැතයි සිතමි ) , එතෙක් තිබූ යම් පමණක සියුම් ගමේ ධනපතියනට සලකා ගෙන ජීවත් වීමේ රටාව සියුම් ව වෙනස් වන අයුරු ඉතා සියුම්ව කියැවේ. යථාර්තවාදි රීතියෙන් ලියැවී ඇති කෘතියක් වුවද, මීට අවුරුදු හැටකට පමණ පෙර විස්තර කියන කථාවක, එහි අමුත්තක් නැති බව අප ද සිතනා නිසා දෝ, හොල්මන් හා ආවේශ වීම් ආදිය "නිසි මාත්‍රාවෙන්" (අර අබිරහස් ජීවිත හරුපේ වගේ ඇණ ගන්නේ නැතුව ) යොදා කථාව රසවත් කොට ඇත.
එහෙත් මෙහි දොස් ද වේ. ටෙනිසන් වැනි වියපත්, පලපුරුදු, ප්‍රවීණ ලේඛකයකු අතින් නොවිය යුතු තරමේ බොළඳ වැරදි වීම දුකට කාරණයකි. කිම ? ඔහුට ඔහුගේ කෘති නිකුත් කිරීමට පෙර නැවත කියවා බලා කෘතියේ අඩුපාඩු, නොගැලපීම්, අසංඝත තැන් නිවැරදි කර ගැනීමට තරම් වත් තම පරිශ්‍රමය නොයොදන තරම ට පාඨකයින් නොවැදගත් ද ?
මෙහි එන ප්‍රධාන දොස් මෙසේය (54 පිට "මගේ සහෝදරයෙක් දැනට අවුරුදු පහයකට හයකට ඉස්සර අතුරුදහන් වුණා. ආගිය අතක් නෑ. සාස්තරවලට නම් කිව්වේ මහණදම් පුරණවා කියලා..." මේ විලි වෙද මහත්තයා හෙවත් කොර්නේලිස් අප්පු ගේ දෙවෙනි පුතා පොළොන්නරුවේ සිට පැමිණි ලෙඩෙකුට කියන දෙයකි. මේ සිද්ධිය සිදු වීමට වැඩි කලකට පෙර නොවේය වෙද මහත්තයා බෙහෙත් ශාලාව ආරම්භ කලේ. ඊට පසුව 68 පිටේ මෙවැනි සිදුවීමක් විස්තර වේ - ඒ විලි වෙද මහත්තයාගේ සොයුරු සාන්ත නිවෙසින් අතුරුදන් වූ දිනෙකි (හේ තපස් රැකීමට යාමට පෙර ද දෙවතාවක් අතුරු දන් වේ ). " කොර්නේලිස් අප්පුහාමිගේ සේවකයින් ශාන්ත සොයන්නට ඒ මේ අත ගොස් තිබිණි. මුත්තෙට්ටුවේ බෙහෙත් ශාලාව ළඟ කථා බහ වුයේ ශාන්තගේ අතුරුදහන් වීම ගැනයි."
කථාවේ මුල් කොටසේ මේ බෙහෙත් ශාලාව විවෘත වන දින ගැන ද විස්තර වේ. පවුලේ සියළු දෙනාඅ එහි සිටි. එහි සිටි ශාන්තයෙක් නැත - ඒ ඔහු ඒ වන විටත් අතුරුදහන් වී ඇති නිසාය (මුත්තෙට්ටුව බෙහෙත් ශාලාව වූ කලී විලි වෙද මහත්තයා විවෘත කල බෙහෙත් ශාලාවයි ). එහෙත් මෙතැන මුත්තෙට්ටුව බෙහෙත් ශාලාවක් ගැන කියවේ. මේ ඉතා පහසුවෙන් වළකා ගත් හැකි තිබූ නොගැළපීමකි- කිම, ඉන් කථාවට කිසිදු බලපෑමක් නැති හෙයිනි. එහෙත් අප කතු තුමා එතරම් සුපරික්ෂාකාරි වී නොමැත. පාඨකයකු ලෙස, මේ නොගැලපීම් නිවැරදි කිරීමට හේ සුපරික්ෂාකාරි නොවීම ගැන මත ඇත්තේ කණගාටුවකි.
පොළොන්නරුවේ හමු වුණ දකුණේ පැරකුම් මුදලාලි දෙවෙනි වර හමු වද්දි, හේ ඇඹිලිපිටියේ පැරකුම් මුදලාලි ය. ටෙනිසන් ට පොළොන්නරුවට සාපේක්ෂව සෙන්කඩගල ද, ඇඹිලිපිටිය ද, මොණරාගල ද, ගාල්ල ද 'දකුණ' වන්නේ ද ? ඔවු, එහෙමත් කිව හැක - අමරිකන් කාරයෙකුට ඔහුට එසේ කිව හැක .
මෙවන් ඉතා බොළඳ නොගැලපීම් කිහිපයක් නොවේ නම් මැනවින් රසවිඳිය හැකි කෘතියක් බව නොකියා බැරිය.
( 2014 මාර්තු 28 දින, මුහුණු පොතේ 'පොත් කියවන අය' සමූහයට ලියූ සටහනක අසංශෝධිත පිටපතකි )
==========================

No comments:
Post a Comment