කෙටිකතාව විෂයෙහි, සිංහල සාහිත්‍ය ලෝකය තුල වෙසෙස් ලකුණක් ස්ථාපිත කොට ඇති කම්මැල්ලවීරයන්, සිය දොළොස්වෙනි කෙටිකතා සංග්‍රහය, පසු ගිය සැප්තැම්බරය ආසන්නයේ දිනෙක ප්‍රකාශ කල බව ආරංචි වූ කල, එහි පිටපතක් මිලදී ගැනිමට නොපැකිලුනෙමි. ඉදින්, කෙටි කතාව කියවීම ම, පොත් කියවීම වන කාල පරිච්ඡේදයක් ඇරඹීමට එම පොත භාවිත කලෙමි.
"එකොළහ" කෙටිකතා සංග්‍රහය නිම වූ තැනින් කම්මැල්ලවීරයන් තම නව නිර්මාණ කර්තව්‍යය ආරම්භ කොට ඇති සේය. කම්මැල්ලවීරයන්ගේ කෙටිකතාව නූතනය - එය ඔහු තම කෘතිය නම් කොට ඇති සේ ම නූතනය - එය ලාංකීය කෙටිකතා කලාව ට අලුත් මං විවර කර දෙන්නකි. නූතන ලොකයට විවෘත වී ඇති අපේ රට, වෙනස්වීම සිදුවන්නේ - ( ගණිත යෙදුමක් භාවිත කරනුයේ නම් ) ඝාතීය ආරකට ආසන්න වෙන්නට මෙනි (exponential යන අර්ථයෙනි ). අප රට කෙටි කතාකරුවා මේ වෙනස අප සමාජයට පෙන්වා දී, එය පිළිගැනීමට, එම වෙනස්වීම ට ආශිර්වාදය ලබා ගැනීමට යත්න දරන්නා සේය. මේ කෘතිය හා සමාන්තරව කියවූ "ගැහැණු පිරිමි මල් පලතුරු" කෘතියත්, දැනට කියවමින් සිටින පී.බී. ජයසේකරගේ "ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ" කෙටි කතා සංග්‍රහයේ කතා වස්තූන්ගේ විෂයන් ද මීට සාක්ෂි සපයයි.
* "කැඩපත් දහයක්" කෘතියේ එන, "නෑ ඉතින් පුතේ...?" කෙටිකතාව, නූතන පරම්පරාව විවාහය යන සංස්ථාව සලකන අයුරු, එය දේවත්වයකින් සලකනවා ට වඩා ප්‍රායෝගිකත්වයෙන් සැලකීමේ වෙනස, සිංහල කෙටිකතාවට අලුත් දාර්ශනිකත්වයක් ගෙනෙයි.
* එනුමුදු , අන් රටවල, රැකියාව අනුව අයෙක් ට විශේෂ සමාජ පිළිගැනීමක් නොකිරීම යන කාරණාව, අප ට තවමත් ආගන්තුකය. අපේ ලෙඛකයා මෙම කාරණාව අලලා අප සමාජයට කාලීන 'ටොක්කක්" ඇනීමට භාවිත කොට ඇත්තේ 'අපේ චිත්‍ර පාඩම' යන නිර්මාණය ඔස්සේය.
* එතැනින් නොනවතින කම්මැල්ලවීර, වර්තමාන තරුණයා වෙත විවෘත දැක්මක් හෙළමින්, "ෆේස්බුක් කවියෙක්" යන නිර්මාණය ඔස්සේ අප ට හුරු "බාස්සුන්නැහේ" වෙනුවට කවි ලියන, මාධ්‍යජාල භාවිත කරන, පිළිවෙලකට අඳින පළඳින පෙදරේරු තරුණයෙකු අප ට මුණ ගස්වයි. ඇත්තෙන්ම මෙම කාරණාව නූතන සමාජයේ අලුත් දෙයක් නොවන බවත්, පසුගිය අවුරුදු 10ක් පමණ කාලයක තිස්සේ සිදුවූවක් බවත් සත්‍යය කි. හාස්‍ය අනූන උත්ප්‍රාසයකින් කෙටිකතාව හමාර කරලීම ය, එහි පෙරළීම.
* තව දුරටත් වර්තමනාන සමාජය දෙස බැලුවහොත්, කෑම සහ බීමෙන් අරපරෙස්සම් වීම තරුණ පරම්පරාව තුලින් දැකිය හැක්කකි. නව තුරුණු වියට පා තබන අප දරුවන් පවා පිෂ්ඨාධික ආහාර භාවිත කරනුයේ විමසිලිමත්වය. අප පරම්පරාව, අවුරුදු 20-30ක් "බත් මාළු" ගිල දමා, දැන් ඇවිදීමෙන්, ව්‍යායාම්‍යෙන් තම සරීර සුවතාවය නැවත ලබා ගත හැකි යැයි සිතන්නෝය. එම සමාජය මගින්, සමහර දොස්තරලා ට "රසික" පරම්පරාවක් ඇතිකරලීමේ උත්ප්‍රාසය පෙන්වා දෙමින් ලියවුණු කෙටිකතාවකි, "බයිපාස් සොසයිටි".
* කලෙක වැජඹුනු, එහෙත් දැන් තම ඉරණම වඩා අවාසනාවන්ත අඩවියකට ගමන් කර ඇති, කබා අඳින, සුද්දාගේ බාසාව සුද්දාට වඩ හොඳින් හැසිරවූ පරම්පරාවෙන් අයෙකු පිළිබඳ කෙටිකතාවකි, "ඔහු මා වැලඳගත්තේ ය". වෙසෙසින් රෙදෙව්වෙන් ක්‍රිකට් විස්තර විචාරයන් ඇසූ පරම්පරාවක ට, එම සමහර විස්තර විචාරකයින් ගැන මතකයන් ඔවුන් මියයන තුරු ම පවතිනු ඇත.
කතුවරයා, "කාක මානය" සහ "පරණ යකඩ" යන කෙටි කතා දෙක කතුවරයා "කැඩපතක්" මෙන් කෙටිකතාව භාවිත කරන ආකෘතියට වඩා ආසන්නය. කුරුළු ලෝකයෙන් ද පිටු දකින සමහර හැසිරීම් මිනිස් ලොවේ තිබේ ද ? "රූප රාමු පහක්" මගින් දිගැරෙන vignette ආකාර නිර්මාණයක් වන "පරණ යකඩ" එක්තරා අයුරකින් දුම්රිය දෙපාර්තමේන්තුව ගැන ම සාරාංශයක් මෙනි.
කම්මැල්ලවීර ගේ සමාජ විචාර ආශ්‍රිත කෙටිකතාව අලුත් දෙයක් නොවේ. පීඩිත පංතිය මුල් කොට ගත් කෙටි කතා කම්මැල්ලවීර කෙටිකතා ඉතිහාසයේ ම සුලභය. තැලි පොඩි වී, සමාජය විසින් යම් තාක් දුරකට නොසලකා හැරි අයෙකු පවා සාහිත්‍යය රසිකයෙකු වන නිසාම කවියාට වටිනාකමක් ඇති අයෙක් බවත් (රසිකයෙක් හා කවියෙක්), අත මිට නොමැතිකම හේතුවෙන්, තම මුණුඹුරන් පිනවීමට පොඩි හොරකමක් කල අයෙකු මුල් කොට ගත්, මම මට බයයි කෙටි කතාවත්, මෙම ගණයට අයත් නිර්මාණ ලෙස සැලකිය හැක.
යම් තාක් දුරකට සත්‍ය සිද්ධීන් මුල් කොට ගෙන ලියවුන්නක් යැයි සිතෙන "මායිම් නැති හිත්" කෙටිකතාව මෙහි වඩාත් දීර්ඝ වූත්, බොහෝ රසවත් වූත් කෙටි කතාවකි. වරක්, දෙවරක් හෝ තෙවරක් හමු වූ ඉන්දියානු මිතුරන් සමඟ වූ ලබැඳියාවන්, බාසා සීමාවෙන් ඔබ්බට යන මිතුදමක් පිළිබඳ වූ විස්තර කිහිපයකි. මෙම කෙටිකතාව කියවන් විට, කම්මැල්ලවීරයන්ගේ "ජීවිතයෙන් උපන් කතා", කියවීමට සිත් පහළ වේ.
සාරාංශ වශයෙන් ගත් කල සිංහල කෙටිකතාවේ මීළඟ අදියර පිළිබඳ සතුටු විය හැකි ආරේඑ කෙටිකතා සංග්‍රහයකි. කෘතියේ පිදුම ම "චක්‍රයේ ඊළඟ වටයේ ඇත්තන්ට ය" - එනම් කාරියවසම්, විජේමාන්න, අමරකීර්ති සහ වැලිසරගේ ට ය ( මට ඇති වූ පැණය - ඉලයප්ආරච්චි මේ සූත්‍රයේ කොතනද? ඔහු කම්මැල්ලවීර ගේ සමයෙක් ද ? එසේනම් වැලිසරගේ ත් සමයෙක් නොවේ ද ? ). අමරකීර්ති මෑත සාකාච්ඡාවකදී පවසා අත්තේ ඔහු ට පසු කෙටි කතා කරුවන් පරම්පරාව ගැනය ( සෝමවීර, සමරවීර, මූණමල්පෙ ). මෙම කෘතියේ විශේෂත්වය එම පරම්පරා දෙකට ම තරඟ කරන්නට ඉහළ මට්ට්මක් මෙම ප්‍රවීණයා විසින් විදහා දක්වා තිබීමය. ඒ, නැවුම් මාතෘකා, අලුත් පරපම්පරාවේ සිතුම්පැතුම්, ආකෘතික හරඹ ආදියෙන් පෝෂිත සංග්‍රහයක් අපට ප්‍රධානය කිරීම මගිනි.
(2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම් - 2 )
****
කෙටි කතා
විජේසූරිය ප්‍රකාශකයෝ
2019

No comments:
Post a Comment