( 2020 හොඳම කාව්‍ය සංග්‍රහයට විද්‍යෝදය සම්මාන )
සමහර කවි පොත් තියෙනවා කියවා ඉවර කරන්න බැරි
නෑ, නෑ, අනෙක් සාමාන්‍ය කවි පොත් වලට ත් වඩා..
එක්තරා නිශ්චිත මොහොතක ට, සිද්ධියකට අදාළ හැඟීම් පෙළක්...
එවගේ හැඟීම් පෙළක්, කවියා ගේ ම රළු වචන පාවිච්චි කරලා ලිව්වාම, ඒවා එක පාරට ම වදින්නේ නෑ...
හතර පස් පාරක් කියවන්න වෙනවා...
එතකොට අමුතු ආස්වාදයක් තැපෑලෙන් වගේ එනවා
දවස දෙක තුනකට පස්සෙ, කලිං වැදිච්චි නැති කවියක් කියෙව්වාම, පැහැදිලිව පෙනෙන්න ගන්නවා ..
නැත්තං කලිං දවසේ පෙනිච්චි ටිකවත් පේන්නැතුව තවත් අසරණ වෙනවා
මොන තරම් අවුලක්ද
එතකොට මේ පිටු 51 ට, කවි පංති 23 ට සීමා වෙච්චි කවි පොත කියවලා ඉවර උනා කියන්නේ ම, මුලාවක් ද
සමහර කවි වැන් ගෝ ( වැන් ගොෆ් / වන් ඛො ) ගේ චිත්‍ර වගේ
ඔහු ම හඳුන්වා දුන් අකුරු ඌරුවක් පාවිච්චි කලා ම, වියුක්ත බව තවත් දැනෙනවා
ඉතින් මම මට ම කියා ගන්නවා මම කවි පංති 23 කියෙව්වා කියලා..
මං මාව ම විශ්වාස කරයි ද මට ම විශ්වාස නෑ...
ඔහුගේ තරුණ කවි වලට උදාහරණ කීපයක් මේ ලියවිල්ල අස්සෙ එල්ලනවා, අකුරු රටාවේ අපූරුව මට ලැබිලා තියෙන කීබෝඩයෙන් මවන්න බැරි හින්දා...
මට වඩා තිලකසේන කියවන්න පුලුවන් කෙනෙක් මේ අවුල ලෙහනවා නම්...
****
(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 3)
සරසවි ප්‍රකාශන (2019)
No comments:
Post a Comment