ලියනගේ අමරකීර්ති ගේ සිතිවිලි සිතිජය කෘතියේ හමුවෙන "සරච්චන්ද්‍ර විචාරයෙහි මූලාශ්‍ර" ලිපිය ආරම්භයේ ම ලේඛකයා මතු කරනුයේ, සරච්චන්ද්‍රයන් සාහිත්‍යය විෂය කෙරෙහි, එකල පැවති බ්‍රිතාන්‍ය භාවිත විචාරකයන්ගේ හා ඇමරිකානු නව විචාරකයන්ගෙන් එළිය ලත් බවයි. අමරකීර්ති, රංජනී ඔබේසේකර ගේ Sinhala Writing and The New Critics (1974) කෘතියත්, සරච්චන්ද්‍රයන්ගේ ම කල්පනාලෝකය සහ සාහිත්‍ය විද්‍යාව කෘතීන් ආශ්‍රයෙනුත් මේ බව පෙන්වා දෙයි. අමරකීර්ති මෙසේ පවසයි:
"මේ (බටහිර සාහිත්‍යයේ ආභාසයේ ) ඓතිහාසිකත්වය නිසා පහළ වූ සාහිත්‍යය වටහා ගැනීමට අලුත් න්‍යායික සංකල්ප ගොඩ නැගීමේ අවශ්‍යතාව සරච්චන්ද්‍ර වටහා ගත්තේය. එවකට ලියැවෙමින් පැවති සාහිත්‍යය 'බටහිර අනුකාරකයින්ගේ නිර්මාණ' යැයි බැහැර කොට, සුද්ද සිංහල හෝ සුද්ද සංස්කෘත විචාරයක් සැපයීමට උත්සක නොවීය." ( 29 පිටුව )
විමල් දිසානායකයන් ද මේ කාරණාව, ඔහු ගේ Enabling Traditions කෘතියේ සඳහන් කරයි;
කලාව සම්බන්ධ විවිධ විෂයන් හි දී සරච්චන්ද්‍රයන් ගේ මතය ද වෙනස් ආස්ථානයන් හි සිටි බවකි පෙනෙනුයේ. ඉහත කී ස්ථානයේ සිටීමට බලපෑ කරුණක් ලෙස, ඔහුගේ ම වචන මෙලෙස දැක්විය හැකිය.
"He made use of some of the concepts formulated by these ancient Indian theorists in the light of modern Western criticism, notably New Criticism. In other words, he sought to combine the best of classical Indian poetics and modern Western literary analysis. This propensity of his is well reflected in his books such as, Sahitya Vidyava and Kalpana Lokaya. "( Page 88: Enabling Traditions )
"එ දවස, සිංහල සංස්කෘතිය යන සංකල්පයට පැහැදිලි අර්ථ කථනයක් දීමට නොහැකි වූයේ හේතු දෙකක් නිසා යයි සිතේ. එකක් නම්, ජාතික ව්‍යාපාරයේ නායකයන් පාරම්පරික උගතුන් වීම ය. වර්තමාන ලෝකය ගැන නොදත් ඔවුනට තුලනාත්මක දර්ශනයක් නොතිබුණි. අනික නම්, අවුරුදු හාරසීයක් පමණ විදේශ ආක්‍රමණ නිසා අපේ සංස්කෘතිය බෙහෙවින් කෙලෙසී, කැඩී බිඳී අභාවයට ගොස් තිබීමය. ශාස්ත්‍ර්‍රානුකූලව සංස්කෘතිය ගැන සිතුවේ මාර්ටින් වික්‍රමසිංහ පමණයි. ඔහුට පෙරදිග ලෝකය පිළිබඳව ද අපරදිග ලෝකය පිළිබඳව ද මනා අවබෝධයක් තිබුණි." ( 1986: ජාතික අනන්‍යතාව පිළිබඳ සිතිවිලි ස්වල්පයක් ; සාර සංග්‍රහය - 238 පිට )
ඉහත ජාතික ව්‍යාපාරය ලෙස වෙසෙසින් පියදාස සිරිසේන සහ අනගාරික ධර්මපාල තුමා ගේ භූමිකාවන් උක්ත සරච්චන්ද්‍ර ලිපියේ සඳහන් ය. පියදාස සිරිසේන නවකතාවන් හි විටෙක මිත්‍යාවන් සාධාරණීකරණය කර තිබීම, සරච්චන්ද්‍රයන් පෙන්වා දෙන්නේ නිදසුනක් ලෙසට ය. වික්‍රමසිංහ ද සිරිසේන ගේ මෙම දුර්වලතා පෙන්වා දුන් අවස්ථා ඇත.
එසේ වුවද, නාට්‍ය විෂයෙහි සරච්චන්ද්‍රයන් තම ස්වර්ණම ය යුගයෙන් පසුව, "ආපසු ගමනක යෙදුණු" බවකට චෝදනා තිබේ. "සිංහබාහු" සහ "පේමති ජායති සෝකෝ" යන නාට්‍ය නිෂ්පාදනය වන තෙක් හෝ සරච්චන්ද්‍රයන් වඩා විවෘත, සහ ප්‍රගතිගාමි සිතුවිලි තම නාට්‍ය තුලට අවශෝෂණය කල බවකි, ගම්ලතුන් ගේ අදහස ( සරච්චන්ද්‍ර අනුස්මරණ ලිපිය ; විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත් ). ගම්ලතුන් පවසන්නේ, පේමතී ජායති සෝකෝ වලින් පසුව සරච්චන්ද්‍රයන් ගේ ස්වර්ණමය යුගය අවසන් බවකි. සරච්චන්ද්‍රයන් තානාපතිවරයෙකු ලෙස සේවය කරන අතර ලියූ "හෙට එච්චර කළුවර නෑ" නවකතාව උකහා දක්වන ගම්ලත්, එහි සරච්චන්ද්‍රයන් 71 කැරැල්ල විවේචනයත්, ඉන් ද පසුව ලියූ වෙස්සන්තර, ලෝමහංස, බවකඩතුරාව ආදි නාට්‍ය මගින් බෞද්ධ දෘෂ්ටිය ප්‍රචාර කිරීමත් පසුගාමීත්වයේ ලක්ෂණ ලෙස ගෙන හැර දක්වයි ( හේ සරච්චන්ද්‍රයන් විෂයෙහි "විනාස කාලේ විපරීත බුද්ධං" යැයි කියයි ). ගම්ලතුන් මෙසේ පවසයි:
අමරකීර්ති , කවිය විෂයෙහි, සරච්චන්ද්‍ර කාර්‍යභාරය මෙසේ විමසයි. කවිය විෂයෙහි වඩා සාම්ප්‍රදායික ආරක් අනුගමනය කල යුතු බව විශ්වාස කල සරච්චන්ද්‍රයන්, අමරසේකර එමග යැවීමේ වගකීම සරච්චන්ද්‍රයන් වෙත පවරයි. තව දුරටත් සිරි ගුනසිංහ ගේ "චින්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය" කෘතිය උදෲතයෙන්, අමරකීර්ති, කවිය නම් විෂයෙහි සරච්චන්ද්‍රයන් තමන් ම සීමා මායීම් බැඳ ගත් බවක් පෙන්වා දෙයි. අමරකීර්ති ප්‍රශ්ණයක් මතු කරයි;
1956 හි දේශපාලන පෙරළියේ සංස්කෘතික උවමනාව පිළිගන්නා සරච්චන්ද්‍ර, නුමුත් මෙසේ ද පවසයි.
අමරකීර්ති මෙහි සාකච්ඡා නොකල ද, කවියටත් වඩා සංගීතය විෂයෙහි වෙසෙසින් සරච්චන්ද්‍රයන්ගේ ආස්ථානය මීට ත් වඩා සීමාවන් තුල ක්‍රියාත්මක වූවක් බවකි පෙනෙන්න ට තිබෙන්නේ. මේ බව තිස්ස අබේසේකරයන්ගේ "අයාලේ ගිය සිතක සටහන්" පොත පරිශීලනයෙන් තේරුම් ගත හැක. "නොදනිම් කාගේ දොසා" සහ "පිනවන්ට සවන් ඇසුවන්ට සොඳින්" යන ලිපි හරහා, සරච්චන්ද්‍රයන් එකල ගුවන් විදුලිය තුල තුබූ අණසකත්, බටහිර සංගීතය හරි හැටි නොදන්නවුන් අත අප සංගීත ආර කොහේ යාවිදෝ යැයි වූ බියකින් පෙළුනු බවක් ද ඔහු හෙළි කරයි.
"ඉතාම ප්‍රගතශීලි විධියට කථා කරපු සරච්චන්ද්‍ර තමයි තෘෂ්ණාව ක්ෂය කරන්න කියන ප්‍රතිගාමි දහම දේශනා කරන්න පටන් ගත්තෙ" ( සරච්චන්ද්‍ර අනුස්මරණ - විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත් ).අමරකීර්ති ද පවසන්නෙ, 1956 බිහි වූ මනමේ හේතුවෙන් සහ එහි අනපේක්ෂිත සාර්ථකත්වය හේතුවෙන් සරච්චන්ද්‍රයන් වඩාත් සම්ප්‍රදාය කරා බැඳිණි ද යන්න සොයා බැලිය යුතු කාරණාවක් බවයි. රෙජී සිරිවර්ධනයන් ගේ Lanka Guardian සඟරාව ට Rekhava, Maname and 1956 යන ලිපියේ මෙවැනි සඳහනක් යමු වේ. (Selected Writings of Regi Siriwardena- Volume 1 : edited by A.J. Canagaratne )
අමරකීර්ති , කවිය විෂයෙහි, සරච්චන්ද්‍ර කාර්‍යභාරය මෙසේ විමසයි. කවිය විෂයෙහි වඩා සාම්ප්‍රදායික ආරක් අනුගමනය කල යුතු බව විශ්වාස කල සරච්චන්ද්‍රයන්, අමරසේකර එමග යැවීමේ වගකීම සරච්චන්ද්‍රයන් වෙත පවරයි. තව දුරටත් සිරි ගුනසිංහ ගේ "චින්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය" කෘතිය උදෲතයෙන්, අමරකීර්ති, කවිය නම් විෂයෙහි සරච්චන්ද්‍රයන් තමන් ම සීමා මායීම් බැඳ ගත් බවක් පෙන්වා දෙයි. අමරකීර්ති ප්‍රශ්ණයක් මතු කරයි;
"..සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි වූ බහු සංස්කෘතික ස්වභාවය යථාර්ථවාදීව තේරුම් ගත් සරච්චන්ද්‍ර ක්‍රමයෙන් ඉතා සම්ප්‍රදාය වාදී හා සංස්කෘතික ජාතිකවාදී ( ඔහු අමරසේකර වැනි අන්තවාදියෙක් නොවීය ) විචාරකයකු බවට පත් වූයේ ද? "අමරකිර්ති, "සිතිවිලි සිතිජය" කෘතියේ ම "මනමේ සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය " නම් ලිපියේ සරච්චන්ද්‍රයන්ගේ සාර්වභෞමිකත්වය ගැන අගයයි. ඔහු එම ප්‍රකාශයේ ඇති සීමා ගැන කතා කරන්නේ මෙම ලිපියේ ය. අනෙක් කාරණාව, බොහෝ විචාරකයින් මෙන්, විචාරකයාගේ දෘෂ්ටිය අනුව ඔවුන් විචාරයට ලක් කරනා කෙනා ද පෙනෙන්න ට පටන් ගනි. පෙර කී ගම්ලත් ගේ ලිපිය ඔහු අවසන් කරනුයේ පන්ති රහිත සමාජයක් ගැන සිහින මවමනි. අමරකීර්ති ද සරච්චන්ද්‍රයන්ගේ "සංස්කෘතික ජාතිකවාදි විචාරකයෙකු" බවට පත් වූයේ ද ගැන විමසන්නේ අද ඔහු සිටිනා දේශපාලන ස්ථාවරේ සිටදැයි හැඟේ. සරච්චන්ද්‍රයන් සාපේක්ෂ ලෙස ජාතිකත්ව මතවාදයක සැම දා සිටි බව විශ්වාස කිරීමට අවශ්‍ය සාධක තිබේ. එහෙත් ඔහු ඒ පිළිබඳ සිහි බුද්ධියෙන් යුතුව මෙන්ම, එම ව්‍යාපාරයේ සිටි අයගේ සීමාවන් පිළිබඳ අවදියෙන් සිටි අයෙක් ලෙස ය මට නම් පෙනී යන්නේ.
"නිදහස ලැබීමෙන් පසු බලයට පත් ප්‍රථම ලාංකික රජය මෙහිලා ගත් තැත බොහෝ දුරට ප්‍රමාණවත් නොවුණු අතර ජනතාවට ඔවුන්ගේ ඒ ප්‍රයත්නයන් පෙනී ගියේ හාස්‍යජනක ඒවා ලෙසිනි. කෙසේ වුවත්, ලක්දිවට නිදහස ලැබුණු ක්‍රමය ගැන කල්පනා කර බලන විට සංස්කෘතිය නිර්මාණය කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමට හේතු තේරුම් ගැනීම උගහට නොවේ." ( 1962 - ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න )
1956 හි දේශපාලන පෙරළියේ සංස්කෘතික උවමනාව පිළිගන්නා සරච්චන්ද්‍ර, නුමුත් මෙසේ ද පවසයි.
"කෙසේ වුවද බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටුවීමෙන් පසු, ප්‍රායෝගික වශයෙන් පැන නැංග ප්‍රශ්නය වුයේ ජනතාවගේ මෙ කොටස් විසින් ඉල්ලා සිටින ලද වරප්‍රසාද හා පහසුකම්වලට සරිලන සේවයක් ඔවුන්ගෙන් මහජනතාවට සිදු වන්නේ ද යන්න ය." ( 1962 - ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න )එක අතකින් මෙය අදට ත් අදාළ නිරීක්ෂණයකි. ඉහත "ජාතික අනන්‍යතාව පිළිබඳ සිතිවිලි ස්වල්පයක්" ලිපියෙන්, 1962 සහ 1986 අතර සරච්චන්ද්‍රයන් ගේ ජාතික සංස්කෘතිය පිළිබඳ මතයන් හි වෙසෙස් වෙනසක් නොවූ බවක් පෙනී යයි. ඒ අතින් බලනා කල ගම්ලතුන් ගේ කියමනේ යම් සත්‍යතාවතවක් තිබුන ද, ජාතික සංස්කෘතිය පිළිබඳ ස්ථාවරය සහ එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටළු ගැන හොඳ අවබෝධයක් සරච්චන්ද්‍රයන් ට තිබූ බවට සිතිය හැක. සරච්චන්ද්‍රයන් සුපරික්ෂාකාරී ලෙස තම මතවාදය තුල හැසිරී ඇති සෙයකි.
අමරකීර්ති මෙහි සාකච්ඡා නොකල ද, කවියටත් වඩා සංගීතය විෂයෙහි වෙසෙසින් සරච්චන්ද්‍රයන්ගේ ආස්ථානය මීට ත් වඩා සීමාවන් තුල ක්‍රියාත්මක වූවක් බවකි පෙනෙන්න ට තිබෙන්නේ. මේ බව තිස්ස අබේසේකරයන්ගේ "අයාලේ ගිය සිතක සටහන්" පොත පරිශීලනයෙන් තේරුම් ගත හැක. "නොදනිම් කාගේ දොසා" සහ "පිනවන්ට සවන් ඇසුවන්ට සොඳින්" යන ලිපි හරහා, සරච්චන්ද්‍රයන් එකල ගුවන් විදුලිය තුල තුබූ අණසකත්, බටහිර සංගීතය හරි හැටි නොදන්නවුන් අත අප සංගීත ආර කොහේ යාවිදෝ යැයි වූ බියකින් පෙළුනු බවක් ද ඔහු හෙළි කරයි.
"සරච්චන්ද්‍රයන් පෙරදිග සංගීතයට බෙහෙවින් ඇලුම් කළහ. එහි ගායනයන් වාදනයන් අසීමිත් ව රස විඳි ඔහුට ඒ ඇබ්බැහිකම් නිසා දෝ අපරදිග සංගීත නාද රටාව අරුචි විය. කෝමල ස්වර හා ශ්‍රැති ඔස්සේ තිරස් අතට වර්ධනය වන උත්තර භාරතීය රාගධාරී සංගීත සම්‍ප්‍රදායේ ගැයුම් වැයුම්වලට කනත් දිවත් හුරු වූවාට පසු එය වෙනස් කළ නොහැකි සේ ඒ කෝව තුළ හිර වෙයි."
(අයාලේ ගිය සිතක සටහන් - 157 පිටුව )
අබේසේකර, තමන් හා ශෙල්ටන් ප්‍රේමරත්නයන් 1992 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රසංගය
ට නව වාද්‍ය සංයෝජනයක් භාවිත කරලීම පිළිබඳ සරච්චන්ද්‍ර ගේ මහත් දෝසදර්සනයට ලක් වූ අයුරු මතක් කරයි. ඊට වසරකට පමණ පසුව රාත්‍රී භොජනයක ට හමු වූ විටෙක සරච්චන්ද්‍ර පවසා
ඇත්තේ ;
"අපරදිග සංගීතයෙන් ආභාසය ලැබීම වරදක් නො වෙයි. එහෙත් ඒක හරියට කරන්න අපරදිග සංගීතය ගැන නිවැරදි අවබෝධයක් හා භාවිත නුවණක් තියෙන්න ඕන. එහෙම අය සිංහල සංගීත ක්ෂේත්‍රයේ නැහැ.",කියාය.
එරික් ඉලයප්ආරච්චි ද තම "සරච්චන්ද්‍ර , නීෂේ සහ කේමදාස" යන ලිපියෙන්, සරච්චන්ද්‍ර සංගීත විෂයෙහි සීමාසහිත භාවිතාවක් නිසා අප රට සමස්ත නාට්‍ය සංගීතයට මුහුණ දුන් ප්‍රතිවිපාක ගැන කියා පායි.
"සරච්චන්ද්‍ර සංගීතය, එහි නිර්මාපකයන් කවුරුන් වුව සිංහල වේදිකා සංගීතය ලෙස විකාශය වී දියුණුවට පත්වනු වෙනුවට සරල සංගීතයෙහි සිර විය. සරච්චන්ද්‍රයන්ගේ වේදිකාමය ප්‍රාතිහාර්යය මත පිහිටා මහා සංගීතයක් බිහි කර ගැනීමේ මඟ මේ නිසා ඇවිරී ගියේ ය." ( 54 පිටුව: කලාව සහ කතිකාව )
"සරච්චන්ද්‍රයන් ඉතුරු කළ සිංහල සංගීත නාටකයේ ගැටලු විසඳන්නට කේමදාසට සිදු වූයේ බද්ධ කරන ලද ශාරීරික අවයව සහිතව රෝගිව සිටිය දී ය." ( 59 පිටුව: කලාව සහ කතිකාව )
අද
වන විට සිංහල සංගීතය සිර වී ඇති ස්ථානය පිළිබඳ සිතද්දී, ඉලයප්ආරච්චි කියනා කාරණාව පිළිබඳ එකඟ විය
හැකිය. මෙම ලිපියේ ම, සරච්චන්ද්‍රයන් පසු කලෙක
කිසිදු පැකිලිමකීන් තොරව,
පූර්ණ නිදහසක් සහිතව, තම "මහාසාර" දෙවෙනි නිෂ්පාදනය උදෙසා කේමදාසයන් ට නිදහස ලබා දුන් අයුරු පෙන්වා දෙයි. මහාසාර දෙවෙනි නිෂ්පාදනය සිදු වූයේ කිනම් වර්ෂයේ දැයි
නොදනිමි. එහි පළමු වර නිෂ්පාදනය නම් 1968 දීය. ඉහත තැනෙක අබේසේකර පවසා ඇත්තේ, සරච්චන්ද්‍ර සංගීතය ආශ්‍රයෙන්
කෝවක සිර වූ බවෙකි. මේ නිරීක්ෂණයන්, සහ සරච්චන්ද්‍රගේ නාට්‍ය සංගීතය
භාවිතාව ආශ්‍රයෙන් ඉලයප්ආරච්චි සිදු කර ඇති නිරීක්ෂණත්, පොදුවේ ගත් කල
සරච්චන්ද්‍රයන් යම් ක්ෂේත්‍රයන් හී කොටු වූ බවකුත්, තම මතයෙන් බැහැර වීමට
අකමැති බවක් පෙන්නුම් කර ඇති සෙයකි. අනෙක් අතට සැලකුවහොත්, සුචරිත
ගම්ලතුන් ගේ මතය නම්, සරච්චන්ද්‍රයන් ශ්‍රේෂ්ඨ වන්නේ මනමේ, සිංහබාහු සහ
පේමති ජායති සෝකෝ යන නාට්‍ය ත්‍රිත්වය නිසයි. වෙසෙසින් තානාපති පට්ටම ලබා
ගැනීමත් සමඟ ඔහු ගේ සාපේක්ෂ පිරිහීම සිදුවන බවකි ගම්ලතුන් පවසනුයේ.
දීර්ඝ කාලයක් නිර්මාණ කරණයෙහි රැඳී සිටින්නන් කෙරෙන්, ඔවුන්ගේ මත වෙනස් වීමත්, කලෙක විවේචනයට බඳුන් වීමත් දැකිය හැක. මෙය අප අමරසේකර තුලින් ද දකිමු. මෑතක පළ කල ධාතුසේන කෘතිය සැලකුවහොත් එය ඉඳුරා දේශපාලන පණිවුඩයක් ගම්‍ය කරනු වස් ලියවූවකි. ඔහු ගේ මැද පංතියේ කතා පෙළ සමහර කොටස් මගින් යම් අසංවේදිත්වයක් ප්‍රකට වෙයි. අමරසේකරුන් "අන්තවාදියා" ලේබලයෙන් බැට කන්නේ, ඔහුගේ දේශපාලන ආස්ථානය නිසා විය යුතුය ( කිම ද ඉහත පෙන්වා දී ඇති ආයුරින්, අයෙක් යම් විෂයක් ආශ්‍රයෙන් වඩා විවෘත ස්ථානයකත්, තවත් විෂයක් පිළිබඳව තමන් වඩාත් කැමති ස්තානයකින් ඈත් වීමට දැඩි අකමැත්තක් ද පෙන්වන්නට පුළුවන. )
සාර සංග්‍රහයේ ම 1983 ගැන ලිපියක් ලියන සරච්චන්ද්‍රයන්,
අමරකීර්ති ගේ ලිපි දෙක කියවීමේ උවමනාව හේතුවෙන්, මා සරච්චන්ද්‍රයන් යම් තාක් හැදෑරිමි - මට දැනට සිතෙන්නේ, මාර්ටින් වික්‍රමසිංහ ට පසුව වඩා ත් සාධාරණ, මද්‍යස්ථ ස්ථානයක සිටි බුද්ධිමතා සරච්චන්ද්‍රයන් බවකි. එහි සීමා ඇත - සාර්වභෞමිකත්වයෙහි සීමා ඇත. ඉහත ලිපිය ම ඒ ගැන මගේ හැදෑරීමකි (එය ශාස්ත්‍රීය ලිපියක් නොවන බව කිවිය යුත්තක් ද නොවන තරම් ම පැහැදිලිය.) එහෙත් මට නම් සරච්චන්ද්‍රයන් අප ජාතිකත්ව ධාරාවේ සීමාවන් පිළිබඳ අවබෝධයන් යුතුව ම, ජාතිකත්ව මතයක සැම දා සිටි බවකි පෙනී යන්නේ. උගත් ගැමි තරුණයන් මෙරට නායකත්වය භාර ගන්නා බවට විශ්වාසයක් ඔහු ට වූ බවක් මා නොසිතමි - ඒ ඔහු අපේ සීමාවන් හා ගැටළු දුටු නිසා ය.

"සිංහල ජනතාව තුළ යම් පමණකින් හෝ ශේෂ වී පවත්නා ජාතිකාභිමානය දෙමළ විරෝධි චින්තනයට හා ක්‍රියාදාමයට සීමා වී තිබීම ඛේදයකි. ද්‍රවිඩයන් හෙළා දකින අතර, අප ඉංග්‍රීසියට ආවඩන සැටිත්, බටහිර සංස්කෘතියේ ආක්‍රමණයට ඉතා කැමැත්තෙන් අවනත වන සැටිත් සලකන විට, අප තුළ අවංක ජාතිකාභිමානයක් තිබේද කියා පවා සැක සිතේ." (1983: ඔක්තෝබර් 4, දිවයින; අනාගතය දෙසට විමසුම් ඇසක් )ලෙස පවසා ඇත. මට අමරසේකරුන් 1983 ගැන ලියූ විවේචනයක් මතකයට නොනැගේ ( මට හමු නොවූ ලිපියක එවැන්නක් තිබීමට හැකිය.) ඒ අනුව, සරච්චන්ද්‍රයන් වඩාත් විපරම් සහගත ලෙස ජාතිකත්වයට නැඹුරු මතවාදයක සිටි බවකි, මට නම් පෙනෙන්නේ.
අමරකීර්ති ගේ ලිපි දෙක කියවීමේ උවමනාව හේතුවෙන්, මා සරච්චන්ද්‍රයන් යම් තාක් හැදෑරිමි - මට දැනට සිතෙන්නේ, මාර්ටින් වික්‍රමසිංහ ට පසුව වඩා ත් සාධාරණ, මද්‍යස්ථ ස්ථානයක සිටි බුද්ධිමතා සරච්චන්ද්‍රයන් බවකි. එහි සීමා ඇත - සාර්වභෞමිකත්වයෙහි සීමා ඇත. ඉහත ලිපිය ම ඒ ගැන මගේ හැදෑරීමකි (එය ශාස්ත්‍රීය ලිපියක් නොවන බව කිවිය යුත්තක් ද නොවන තරම් ම පැහැදිලිය.) එහෙත් මට නම් සරච්චන්ද්‍රයන් අප ජාතිකත්ව ධාරාවේ සීමාවන් පිළිබඳ අවබෝධයන් යුතුව ම, ජාතිකත්ව මතයක සැම දා සිටි බවකි පෙනී යන්නේ. උගත් ගැමි තරුණයන් මෙරට නායකත්වය භාර ගන්නා බවට විශ්වාසයක් ඔහු ට වූ බවක් මා නොසිතමි - ඒ ඔහු අපේ සීමාවන් හා ගැටළු දුටු නිසා ය.
මා මේ රචනාව ලියා ඇත්තේ බොහෝ වියතුන් ගේ ලිපි මට තේරානාකාරයෙන් පරිශීලනය කොට ය. ඒ කියවූ ලිපි වල කියවෙන ප්‍රශංසා හා විවේචන කියවන කල මට Bob Dylan පුත් Jacob Dylan ගේ Wallflowers සංගීත කණ්ඩායම ගැයූ Hand me Down ගිය මතකයට නැගීය. එහි ජේකොබ් ගයනුයේ තම කීර්තිමත් පියා පිළිබඳව ය. එහෙත් ඒ ප්‍රශංසා මුඛයෙන් ම නොවේ:
"Now it's not that you have stayed too
long
And it's not
that you've done something wrong
It's not your
fault that you embarrass us all
....
You've been
used by an army of kings
You've been
touched by the lips of a queen
Now we've all
made good use of you
But you won't
be needed again
So why don't
you move and let someone else in
And make some
room for a new harlequin
'Cause you never know when you'll disappoint us again"
කියවන්නියට
මෙහි වදන් පෙළ පැහැදිලි යැයි සිතමි ( මම කොහොමත් පරිවර්තනයට බොහෝ මැළිය - එය ඉතා ශ්‍රමාධික කටයුත්තකි. ) බොබ්,
තම පුතුට මේ ගීයට පිලිතුරු දුන් වගක් මා නොදනිමි. එහෙත් ඔහු තවම තම රළු හඬින් ගීත
නිකුත් කරයි. ( හැත්තෑ නව වියැති, නොබෙල් ත්‍යාග ලාභී, බොබ් ඩිලන් දින කිහිපයකට පෙර ද ඇල්බමයක් නිකුත් කලේ ය.)
ඉහත ගීතයේ "It's not your
fault that you embarrass us all" යන පේළිය රැගත් ය. ඉන් බොහෝ දේ ගම්‍ය වේ. මට අමරසේකර සහ නූතන සාහිත්‍ය ධාරවන් අතර ගැටුමේ දී මේ ගීතය මතකයට ඒ ( සරච්චන්ද්‍රයන් ජීවත් ව සිටිය දී ඔහු ට එම උපමාව වලංගු නොවීය).
හමාර කිරීම: ඉහළ හැදෑරීම පිළිබඳ මේ ලිපිය ලියන මා, උක්ත විෂය පිළිබඳ ආදුනික මට්ටමේ සිටින්නෙකි. විෂය ඇති උපන් දොළ නිසා, කරුණු සොයා ලියූවත්, මින් කිසිදු අවසන් නිගමනයක් ගැන ඉඟි නොකරමි. ඉහත දක්වා ඇති ආස්ථානයන් හි දෝෂ ම වෙත පෙන්වන අයෙක් ගේ අදහස් දැනගැනීමට කැමැත්තේ, එවන් දෝෂ තිබිය හැකි බවට මට දැ සැක ඇති බැවිනි - කිම ද, මේ විෂයන් පිළිබඳ අවසන් ලිපිය දක්වා පරිශීලනය කොට නැති නිසා ය. කර්තෘ ලියනගේ අමරකීර්ති ගැන පවසතොත්, ඔහු ගැන විශාල ගෞරවයක් ඇත්තේ ඔහු කරනා කාර්‍යබාරය නිසාය. ඔහු නොතිත් පිපාසයෙන්, ආවේශයෙන් මෙන් ප්‍රබන්ධ සාහිත්‍ය වේවා,සාහිත්‍ය විචාර වේවා, සමාජ විචාර වේවා, පරිවර්තන වේවා, මේ සියළු අංශ කෙරෙහි කෙරෙන මැදිහත්වීම පිළිබඳ ඇත්තේ මහත් ගෞරවයක් ම පමණකි. සාහිත්‍ය ක්ෂේත්‍රයේත්, සමාජ ජාල තුලත් ඔහුගේ ඒ මැදිහත් වීම හේතුවෙන් ම, අපි වැනි එම විෂයන් වලට නවකයන් ට යම් හැදෑරීමක් කරලීමට ලැබෙන අවස්ථාව ට මහත් ස්තූති පූර්වක වෙමු.

ආශ්‍රේය සාහිත්‍ය:
-සාර සංග්‍රහය - එදිරිවීර සරච්චන්ද්‍ර ( සංස්කරණය - පී.බී. ගලහිටියාව / කේ. ඇන්. ඕ. ධර්මදාස )
- අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර
- කලාව සහ කතිකාව - එරික් ඉලයප්ආරච්චි
- විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත්
- (Breach) - The Wallflowers
- Enabling Traditions - Wimal Dissanayake