(1985 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව)
මෙම නවකතාව ට මුල් වූ සමාජ වටපිටාව, උපක්‍රම ආදිය නැවුම් නැත - එය සැබෑ ලෝකයේ ද ඉතා සුලභ වූ හෙයින්, එය තේරුම් ගත හැක. 1980 දශකයෙ මුල් භාගය හා සසඳද්දී මෙය සැලකිය යුතු සාහිත්‍යමය වෑයමක් බව පිළිගත යුතුය. ලේඛකයා ගේ පළමු නවකතාව වුව ද, මෙහි ඇති චරිත වල ඇති "අළු පැහැ" ස්වභාවය සහ සිදුවීම් වල විශ්වාසනීයත්වය ඔහු කෙරෙහි පැහැදීමක් ඇති කරවයි. වසර 35ක් තුල නවකතාව තරමක් වියපත් වී අති බව සැබවි. එහෙත් මෙහි ඇති සාර්ථක ලක්ෂණ ඇඳින ගැනීමට එය බාධාවක් නොවේ.
කේ. ජයතිලක ගේ පීතාමහ සහ චරිත තුනක් මතකයට ආවේ, මෙහි එන විවිධ චරිතයන් ගේ හැසිරීම් සලකද්දී ය. එහෙත් මෙහි එන විජේලිස්, ඉසා නොවේ. ඉසා ගේ ඉසිවර ගුණාංග ( හෝ තවෙකෙකු ට රැවටෙන සුළු ගුණාංග ) විජේලිස් ට නැත ; නැතිනම් ඔහු පිටු දකී - ඔහු ජීවිතයෙන් පාඩම් උගත්තෙකි. මුලින් අහිංසක බවක් පෙන්නුම් කල ද, වෙළඳාමට යොමු වූ විට කපටිකම නිසි පරිදි භාවිතකරන්නෙකි - හිතමිතුරුකම නිසා වෙළ හෙළඳාම පාඩු නොකර ගන්නෙකි. ඒ අතින් බැලූ කල, මේ නවකතාව, "සෑම මිනිසෙකුට ම ජීවිතය මගින් යම් අවස්තාවක් ලබා දේ - එය භාවිත කිරීම ඔහු ගේ සාර්ථකත්වයට හේතු වේ", යන කාරණාව කියා පාන්නාක් මෙනි. ("There is a tide in the affairs of men / Which, taken at the flood, leads on to fortune" - විලියම් ශේක්ස්පියර් ගේ ජූලියස් සීසර් නාට්‍යයෙන් )
සැලකිය යුතු කොටස් වශයෙන්, දරිද්‍රතාවෙන් පීඩිත දරු කැලකින් තරමක් දියුණු වූ අයෙකු, අන් අය කෙරෙහි නොතැකීම මහත් වූ දුර්ගුණයක් සේ සැලකීම සංස්කෘතික ලක්ෂණය වෙසෙස් තැනක් ගනී. පවුලේ සෑම දරුවාට ම සම අවස්ථා හමු නොවූ බැවිණි, සාර්ථකත්වයට පත් වූ කෙනා අන් අය ට සැලකිය යුත්තේ - එය දරිද්‍රතවයේ ම දිගුවකි. උක්ත නවකතාවේ ගබිරියෙල් ඉස්කෝල මහතා, ස්වභාවිකව ම ආත්මාර්ථකාමයට යොමු ගුණාංග ඇති චරිතයකි. තම මෑණියන්ගේ භූමිදානය දින ඔහුගේ සිතුවිලි, ඉතා දක්ෂ ලෙස අප කතුවරයා, එම චරිතය පිරීක්සීමට භාවිත කොට ඇත. එහි ඇති ආත්ම වංචනය ඉතා ස්වභාවික ලෙස පෙන්නුම් කොට ඇත.
ගබිරියෙල් සහ විජේලිස් ගේ සොහොයුරිය වන සෝමාවති මුල් කොට ගෙන ඇති වන ආරවුල, අප ගම් ගොඩ වල ඇති වන ආරේ ඉතා බිහිසුණු එකකි. එහි මූලය, ව්‍යාප්තිය, එය උඩු දිවීමට හේතු වූ පුද්ගල භාවයන් ඉතා නිර්ව්‍යාජ ලෙස පෙන්වා ඇත. හදිසි කෝපය, බිහිසුණු ප්‍රචණ්ඩත්වය, උදහසෙන් මුග්ධ කරලවූ හැසිරීම්, අනෙකා ගේ දෘෂ්ටිකෝණයක් ගැන අවදි නොවීම , සොහොයුරා ගේ "ස්ත්‍රී" ප්‍රශ්ණ වලට ඔහු ගේ පවුලේ අන් ස්ත්‍රීන් ගේ බලවත් බලපෑම ( මව සහ සොහොයුරිය ) වැනි, සුළු ආරවුලක් මිණීමැරුමකට පෙරලිය හැකි ආරේ සිදුවීමක්, අප කතුවරයා පිටු තුනක් පමණ පුරාවට විස්තර කොට ඇත ( 87-90 පිටු ).
සෝමාවති ගේ චරිතය බැලුවහොත්, 1970-1980 දශක වල පමණක් නොව, අද ද මොනයම් දුක් අනුභවයෙන් හෝ තම විවාහ පුරුෂයා කෙරෙහි බැඳී සිටින දකුණු ආසියාතික කාන්තාව ට නිදසුනකි. ප්‍රේමය, දික්කසාදයකින් ද නැවැත්විය නොහැක්කක් බව පෙන්වා දෙයි. මට අජිත් තිලකසේනයන්ගේ "මන්දා", නම් අපූරු කාව්‍ය මතකයට නැංවීය.
මෙහි මුද්‍රණය ගැන ද යමක් සඳහන් කල යුත්තේ, ඉන් 1980 දශකය පොත් මුද්‍රණය වූ එක් ආකාරයක් ඉන් පෙන්වන හෙයිනි. මෙම නවකතාව බුද්ධිමය දේපළ පනත යටතේ වෙළඳ අමාත්‍යාංශය මෙහෙය වූ 1982 දීප ව්‍යාප්ත නවකතා තරඟයෙන් ජයග්‍රහණය කොට ඇත. 1985 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය. කෘතිය මුද්‍රණය වී ඇත්තේ "සීමාසහිත සතොස මුද්‍රණාලයෙනි". නවකතාව ට ISBN අංකයක් නොමැත. මෙය අද ට මුද්‍රණයේ නැතැයි සිතමි ( මා කියවූ පිටපත කොළඹ මහජන පුස්තකාලයෙනි ).
කියවීමට පිටපතක් ලැබුනහොත්, අප රට මෑත ඉතිහාසයේ, ජීවිතය "සරි කරගැනීමට" අවස්ථා මද යුගයක් පිළිබඳ උපේක්ෂාවෙන් පිරී විමසුම් නෙතකින් නිර්මාණය වූ සාර්ථක නවකතාවක් කියවීමේ අවස්ථාව උදා වනු ඇත. ( ලේඛකයා ගේ ඡායාරූපය, 2018 හෝ 2019 වසරේ ඔහු ගේ කුඹල් මැන්ඩිය නවකතාව පිළිබඳ වූ සංවාදයක් රැගත් පුවත් ලිපියකින් උකහා ගත්තකි. එම නවකතාව පිළිබඳ තවත් පුවත්පත් ලිපියක් ලෙස ධනාත්මක විචාරයක් රංජන් අමරරත්න දිණමිනට ලියා ඇත)

"අන්තිමේ දී විජේලිස් දණ නමා මෑණියන්ගේ වළ වැන්දේ ය. සෝමාවතිය ද වැඳ වැටුණා ය. ගබිරියෙල්ගේ හිතට මහත් මදි කමක් දැනිණ. ' අම්මට මං ගෞරව කරන්නෙ හිතෙන්' ඔහු හිතුවේ ය" ( 2 පිටුව )වරෙක, කතිරිනා ආවේගයෙන් ගබිරියෙල් ට දොස් කියන්නේ, තම සහෝදර සහෝදරියන් ගැන නොසලකා ජීවත් වන තම වැඩි මහළු පුතුට දොස් තියමිණි.
"'මගේ මොළේ හොඳයි බොලව්. තොපේ මොළ තමයි නරක් වෙලා තියෙන්නෙ. අරකි අහරෙ අපා දුක විඳිනව යම පල්ලන්ට අහුවෙලා. විජේලිස් මගෙ රත්තරං පුතා, ඌත් දංකොටුවට නැහෙනව. උඹ විතරක් පුතේ මං උන්න ද මළා ද කියලවත් බලන්නේ නෑ. උඹව ආකාහෙං පහළ වුණේ නෑ ගබිරියෙල් පුතේ. මං උඹව වැදුව.'"( 69 පිටුව )
ගබිරියෙල් සහ විජේලිස් ගේ සොහොයුරිය වන සෝමාවති මුල් කොට ගෙන ඇති වන ආරවුල, අප ගම් ගොඩ වල ඇති වන ආරේ ඉතා බිහිසුණු එකකි. එහි මූලය, ව්‍යාප්තිය, එය උඩු දිවීමට හේතු වූ පුද්ගල භාවයන් ඉතා නිර්ව්‍යාජ ලෙස පෙන්වා ඇත. හදිසි කෝපය, බිහිසුණු ප්‍රචණ්ඩත්වය, උදහසෙන් මුග්ධ කරලවූ හැසිරීම්, අනෙකා ගේ දෘෂ්ටිකෝණයක් ගැන අවදි නොවීම , සොහොයුරා ගේ "ස්ත්‍රී" ප්‍රශ්ණ වලට ඔහු ගේ පවුලේ අන් ස්ත්‍රීන් ගේ බලවත් බලපෑම ( මව සහ සොහොයුරිය ) වැනි, සුළු ආරවුලක් මිණීමැරුමකට පෙරලිය හැකි ආරේ සිදුවීමක්, අප කතුවරයා පිටු තුනක් පමණ පුරාවට විස්තර කොට ඇත ( 87-90 පිටු ).
සෝමාවති ගේ චරිතය බැලුවහොත්, 1970-1980 දශක වල පමණක් නොව, අද ද මොනයම් දුක් අනුභවයෙන් හෝ තම විවාහ පුරුෂයා කෙරෙහි බැඳී සිටින දකුණු ආසියාතික කාන්තාව ට නිදසුනකි. ප්‍රේමය, දික්කසාදයකින් ද නැවැත්විය නොහැක්කක් බව පෙන්වා දෙයි. මට අජිත් තිලකසේනයන්ගේ "මන්දා", නම් අපූරු කාව්‍ය මතකයට නැංවීය.
මෙහි මුද්‍රණය ගැන ද යමක් සඳහන් කල යුත්තේ, ඉන් 1980 දශකය පොත් මුද්‍රණය වූ එක් ආකාරයක් ඉන් පෙන්වන හෙයිනි. මෙම නවකතාව බුද්ධිමය දේපළ පනත යටතේ වෙළඳ අමාත්‍යාංශය මෙහෙය වූ 1982 දීප ව්‍යාප්ත නවකතා තරඟයෙන් ජයග්‍රහණය කොට ඇත. 1985 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය. කෘතිය මුද්‍රණය වී ඇත්තේ "සීමාසහිත සතොස මුද්‍රණාලයෙනි". නවකතාව ට ISBN අංකයක් නොමැත. මෙය අද ට මුද්‍රණයේ නැතැයි සිතමි ( මා කියවූ පිටපත කොළඹ මහජන පුස්තකාලයෙනි ).
කියවීමට පිටපතක් ලැබුනහොත්, අප රට මෑත ඉතිහාසයේ, ජීවිතය "සරි කරගැනීමට" අවස්ථා මද යුගයක් පිළිබඳ උපේක්ෂාවෙන් පිරී විමසුම් නෙතකින් නිර්මාණය වූ සාර්ථක නවකතාවක් කියවීමේ අවස්ථාව උදා වනු ඇත. ( ලේඛකයා ගේ ඡායාරූපය, 2018 හෝ 2019 වසරේ ඔහු ගේ කුඹල් මැන්ඩිය නවකතාව පිළිබඳ වූ සංවාදයක් රැගත් පුවත් ලිපියකින් උකහා ගත්තකි. එම නවකතාව පිළිබඳ තවත් පුවත්පත් ලිපියක් ලෙස ධනාත්මක විචාරයක් රංජන් අමරරත්න දිණමිනට ලියා ඇත)
No comments:
Post a Comment