වෙඩිවර්ධන 2018 නවකතා දෙකක් පළ කලේ ය. මෙ දෙවැන්න ය. මෙය එම වසරේ කිසිදු සම්මානයකට නිර්දේශ නොවීය. එම වසරේ පළ වූ, මා කියවීමට තෝරා ගත් කෘති 12 අතර, කිසිදු සම්මානයකට නිර්දේශ නොවූ කෘති දෙකකි - එකක් "ඉස්කිරිම" ය - අනෙක, "පැරිස් වලාකුළු" ය; කතුවරු දෙදෙනාගේ පෙර නිර්මාණ වල නිර්මාණ ශක්තිය දැක ගැනීමෙන් ලත් විශ්වාසය, අප විනිශ්චය මඬුලු කෙරෙහි ඇති විශ්වාසයට වඩා බොහෝ වැඩි බව පැහැදිලි ඇතැයි සිතමි.
සාහිත්‍ය නිර්මාණයක් ලෙස, පැරිස් වලාකුළු විචිත්‍රය. විප්‍රවාසී ජනමාධ්‍යවේදීන් තිදෙනෙකි - තිදෙනා ම, පැහැදිලි ලෙස සම්පූර්ණයෙන් ම දෙමළ විමුක්ති අරගලය සාධාරණ යැයි තදින් ම විශ්වාස කරන්නෝය. 1990-2000 දශක දෙකෙහි, LTTE නායක කාරකාදින් සමඟ යම් ඇයි හොඳැයියාවක් තම වෘත්තීන් හේතුවෙන් ගොඩ නැගූ අය ය. ඒ හෙතුවෙන් ද, ඔවුන් ගේ දේශපාලන මතවද නිසා ද රටින් පිට වී කල් ගෙවන්නෝ ය. ඒ නිසා ය මෙසේ ලියැවී ඇත්තේ;
"ඒක නිතර කොළඹ බෝම්බ පිපිරෙන්න ගත්ත කාලයක්. කවුරු බෝම්බ පිපිරෙව්වත් පත්තර පිටුවලට වැටුණෙ අකුරු නෙමෙයි පුල්ලි" ( 280-281 පිටු )
ඉතින්, පාඨක තෙමේ තම පෞදගලික ආස්ථානය තාවකාලිකව පසෙක ලා, සාරත්‍ර ගේ, නන්දනී ගේ, වාසුල ගේ ආස්ථානයේ සිට නිර්මාණය රස විඳිය යුතුය.
මෙවන් වටපිටාවක, කියවන්නිය ප්‍රබන්ධයේ රසය විඳිනු විනා, පාත්‍රවර්ගයා ගේ ආස්ථානය ගැන වද වෙන්න වුනොත්, රචනාව විඳීම අපතේ යයි. ප්‍රංශ ජීවිතය, විප්‍රවාසි ජීවිතය, හාස්‍ය රසය ( දැන් ධාවනය නොවෙන 131 - වැල්ලම්පිටිය- මහරගම බස් රථයේ කෙරුවාවන්) , වෙඩ්ඩා ගේ "කුන්දේරා උණ" ආඛ්‍යායනයට ගෙනෙන කුන්දේරා කෘතීන්, ලාංකික වාමවාදී දේශපාලනයෙ පළු ඇරීම ( ආණ්ඩුව - සිංහලය ; හමුදාව - සිංහලය; ඔවුන් ගැන විචාරයන් නැත - ඇත්තේ කල ඇති අපරාධ පමණකි), සිංහල චිත්‍රපටි සහ නළු නිළි පිළිබඳ කෙරෙන කලා විචාර ( විමල් කුමාර ද කොස්තා, මාලීනි, මහේන්ද්‍ර, ජැකා ), පැරිසියේ විප්‍රවාසීව වසන විචිත්‍ර දමිළ චරිත, පිළිබඳ ඇතුලාන්තයන් යන සියළු සංයෝජනයන් ගොතන්නේ විචිත්‍රවත් ගෙත්තමකි. ඇත්තෙන් ම පැරිසීයේ වෙසෙමින් ම දමිළ ජීවන රටාව පිළිබඳ සියුම් හැදෑරීමක් මේ තුල ඇත.
නවකතාව අවසන ට ලංවත් ම "ඇය" හා සාරත්‍ර අතර විවාදය හට ගැනෙන්නේ "ජීවිතය ප්‍රබන්ධයක් ද? යථාර්ථය ප්‍රබන්ධයක් ද? " යන කාරණාව මත ය. ඉතින් මෙය ඇත්තෙන් ම චමත්කාරමත් ප්‍රබන්ධයකි - මෙහි ප්‍රධාන චරිත ඔස්සේ දිවෙනා තමනට සිතට වද දෙන යථාර්තයක තුවාලයන් ඇති බව වැටහේ. එම නිසාය, "ඇය" LTTE ය පිළිබඳ කලකිරුණ බව කී විට, එය 'ප්‍රබන්ධයක්' බවට ප්‍රබන්ධගතවන්නේ. පෞද්ගලිකව, වසර තුනක් පමණ තිස්සේ කියවීම කල් දමා හිටි "තියුණු අසිපතක සෙවණ යට" කියවිය යුතු බව සිතෙන්නේ එම තුවාල වල ගැඹුර වටහා ගැනීමට ය. ( කෘතියේ දේශපාලන කියවීම ගැන ලුහුඬින් කියනවා නම්, නවකතාව කියවා හමාර වූ විට, LTTE යේ හිටපු කාන්තා දේශාපාලන අංශ නායිකාව කෙතෙරම් දක්ෂදැයි කිවහොත්, මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතයන්ගේ ආස්ථානය ට ඇගේ ප්‍රචාරයන් කෙතෙරම් සාර්ථක ලෙස බල පෑ ඇත්තේ දැයි ද සිතෙයි. )
බත්තලංගුණ්ඩුව වේවා, 'යක්ෂණි' වේවා, 'අහඹු අතීත හැන්දෑව' වේවා. පැරිස් වලාකුළු වේවා - මේ සියල්ල සිතුවම් නම්, පාඨක අප එම අපූරු වර්ණ ගැනිවිලි, මිනිස් රූප, ඇඟවෙන සමස්ත අත්දැකීම, නොකියවෙනා කතාව, ඊළඟ
ට සිදුවිය හැකි දේ ආදී සියල්ල ඒ ගෙත්තම තුල ඇත. පාඨකයකු ලෙස වෙඩිවර්ධන මා දැන් කියවන්නේ එම ගෙත්තමේ නිර්මාණශීලිත්වයෙන්, බුහුටිබවෙන්, විචිත්‍රත්වයෙන් ප්‍රමුදිත වීමට ය. එකඟ නොවෙන තැන් වල ට එකඟ නොවී සිටිමින් ම, එම නිර්මාණය ඇගයීමට සිතාගත්තේ 'යක්ෂණී' කියවා හමාර වී, මතවාදී ගැටුම එම කලා කෘතියේ බුහුටි බව ඇගැයීම පමා කල හෙයිනි. අවිවාදයෙන් මෙම කෘතිය 2018 වසරේ පළ වූ හොඳම කෘති පහ අතර තිබිය යුතු බවකි, මගේ නම් තක්සේරුව.

No comments:
Post a Comment