"ඉතා සංක්ෂිප්ත වූ තොරතුරු කිහිපයක්" ඔස්සේ "මහසෙන් රජුගේ කිසියම් වෙනසක්" හඳුනාගන්නී, ඓතිහාසික මුලාශ්‍රය සියයට දහයක්, ජනශ්‍රැති, ජනකථා සියයට විස්සක් හා පරිකල්පනයීය ව්‍යතිරේක සියයට හැත්තෑවක් ගෙන එකට මුසු කොට, පත අට එකට සිඳ..", "ඓතිහාසික චරිතයක් වර්තමානයටත්, අනාගතයටත් යා කිරීම සඳහා කළ කිසියම් අත්-හදාබැලීමක්" ලෙසිනි, කතුවරිය කෘතිය ආරම්භයේදීම "පිළිසඳර" ක යෙදෙමින් ලේඛිකාව තම නිර්මාණය හඳුන්වා දෙන්නේ. ඇය තව දුරටත් තම නිර්මාණය හඳුන්වා දෙන්නී, තම නිර්මාණය "මිනිසෙකු හා කිරුළක්" පිළිබඳ නිර්මාණයක් බවට කියා පාන්නීය. කලින් කල තමන් ඒ ඒ අවස්ථාවේ සිදු කල යුතු යැයි සිතූ, අපරාධ ගණයට සැළකිය හැකි යම් යම් ක්‍රියා මෙන්ම, ඒවා අතික්‍රමණය කරමින් රට වැසියාගේ යහපත වෙනුවෙන්ද ඉමහත් සේවයක් ඉටු කල සිතන්නට පුරුදු වූ රජෙකු ලෙස, හඳුනා ගෙන තම නිර්මාණයට සාධාරණයක් ඉටු කොට ඇති සේය.
"The minister named Meghavannabhaya, the friend of thefor destroying the Mahavihara ; he became a rebel, and whenhe had gone to Malaya and had raised a great force, hepitched a camp by the Duratissaka-tankWhen the king heard that his friend was come thither, hemarched forth to do battle with him, and he also pitcheda camp.The other had good drink and meat, that he had broughtwith him from Malaya and thinking :* I will not enjoy itwithout my friend the king/ he took some, and he himselfwent forth alone by night, and coming to the king he told himthis thing. When the king had eaten with him, in perfecttrust, that which he had brought, he asked him :Why hast thou become a rebel?'
Because the Mahavihara has been destroyed by thee ' he answered. ' I will make the vihara tobe dwelt in yet again; forgive me my fault/ thus spokethe king, and the other was reconciled with the king."( Mahavamsa - Geiger Translation - Page 269)
යම් රජෙකු තමනට විරුද්ධව කැරළි ගැසූ තම පැරණි මිතුරෙකුගේ වදන් අසා තමන් කල වැරදි ගැන පශ්චාත්තාපයට පත් වන්නේ ද, සමාව අයදින්නේද ,වැරදි නිවැරදි කර ගැනීමට යත්න දරන්නේ ද, එම රජු තුල යම් සුවිශේෂිතාවක් ඇති බව පිළිගත හැකි බව සිතමි. මීට අමතරව නවකථාව කියවාගෙන යාමේදි, බොහෝ කරුණු ලේඛිකාව පැවසූ පරිදිම ඓතිහාසික මුලාශ නොවෙන සියයට අනුව තුලට අයත් බව තේරුම් ගත හැක. එනුමුදු කතුවරියට තම පරිකල්පනාව ඔස්සේ යම් දුරක් යෑමට ඉහත කී සාධක සෑහේ.
මෙම නවකථාවට යම් බහුශ්‍රැතබවකින් හෙබි චරිතයෝ කිහිපක්ම ලේඛිකාව එක්කාසු කොට ඇත. මහරජු, අතුල්‍ය ආචාරීන්, අකලංක හිමි, චිත්‍රගුප්ත ආදින්ගේ අදහස් දැක්වීම්, සිතුවිලි ආශ්‍රයෙන් බොහෝ දාර්ශනික අදහස් මේ කෘතිය තුලට ගැබ්කොට ඇත. අවම වශයෙන් එවන් පාඨ දහයකට නො අඩු ප්‍රමාණයක් මෙහි හමුවේ. මා කියනා කාරණාව සනාථ කරනු වස් මා සිත් ගත් අවස්ථා තුනක් පමණක් පහත සටහන් කිරීමට කැමැත්තෙමි.
මුල් අවස්ථාවලදී ශ්‍රද්ධාව පිලිබඳ, ශ්‍රද්ධාව මුල්කොට ගෙන ජනතාවගේ හැසිරීම් හා එය භාවිත කොට වෙසෙසින් මහවිහාර වාසි භික්ෂූන් තම පෞද්ගලික වාසියට භාවිත කිරීම ගැන නොපහන් අදහස් දැරූ රජු, පසුකාලීනව තම ක්‍රියා මාර්ග ගැන පසුතැවෙන්නේ, මෙසේ සිතෙන්නේය:
මෙම නවකථාවට යම් බහුශ්‍රැතබවකින් හෙබි චරිතයෝ කිහිපක්ම ලේඛිකාව එක්කාසු කොට ඇත. මහරජු, අතුල්‍ය ආචාරීන්, අකලංක හිමි, චිත්‍රගුප්ත ආදින්ගේ අදහස් දැක්වීම්, සිතුවිලි ආශ්‍රයෙන් බොහෝ දාර්ශනික අදහස් මේ කෘතිය තුලට ගැබ්කොට ඇත. අවම වශයෙන් එවන් පාඨ දහයකට නො අඩු ප්‍රමාණයක් මෙහි හමුවේ. මා කියනා කාරණාව සනාථ කරනු වස් මා සිත් ගත් අවස්ථා තුනක් පමණක් පහත සටහන් කිරීමට කැමැත්තෙමි.
"වැව්, ඇළමාර්ග, දියකඩිති වෙන් වෙන් ව හඳුනාගත්ත ද සමස්තය, ජලප්‍රවාහය, සාගරය එදා මගේ නිරීක්ෂණයට හසු වූයේ නැත. මගේ වැව් පද්ධතිය හා වාරි කර්මාන්තය සම්බන්ධයෙන් මා උද්දාමයට පත්වූයේ ඒවා මගේ නිමැවුම් වූ නිසා ය. ඒවායින් සුඛිත-මුදිත වූයේ මගේ ජනතාව යැයි මම සිතුවෙමි. මේ උද්දාමය රජකුට සාකල්‍යයෙන්ම අවශ්‍ය ය. රජකුට, රාජ්‍යත්වයට අභිමානය වැදගත්ය. එය නොවැදගත් වන්නේ, බිහිසුණු වන්නේ 'රජු' ලෙස හංවඩු ගැසූ මිනිසාටය." (මහසෙන් රජුගේ සිතුවිල්ලකි - 296 පිටුව )
මුල් අවස්ථාවලදී ශ්‍රද්ධාව පිලිබඳ, ශ්‍රද්ධාව මුල්කොට ගෙන ජනතාවගේ හැසිරීම් හා එය භාවිත කොට වෙසෙසින් මහවිහාර වාසි භික්ෂූන් තම පෞද්ගලික වාසියට භාවිත කිරීම ගැන නොපහන් අදහස් දැරූ රජු, පසුකාලීනව තම ක්‍රියා මාර්ග ගැන පසුතැවෙන්නේ, මෙසේ සිතෙන්නේය:
"බුදුරදුන්ගේ සැබෑ මුහුණුවර මේ විය හැකි දැයි බුදුපිළිමය දෙස බොහෝ වේලාවක් බලා සිටි රජුට සිතිණ. මෙවැනි අපූර්වාකාර බුද්ධ ප්‍රතිමාවක් නෙළන්නට ශිල්පියාගේ ප්‍රතිභාව පමණක් ප්‍රමාණවත් විය නොහැකිය. එහි ලා ශ්‍රද්ධා-භක්තිය ද අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. 'ප්‍රඥ්ඥාව' බොහෝ ඉහළිනුත් 'ශ්‍රද්ධාව භක්තිය' ඉතා පහළිනුත් ස්ථානගත කිරීම නොනිසි යැ යි ද ඒ ගැන නැවත වරක් සිතා බැලිය යුතු යැ යි ද රජුට සිතිණි. මහායාන ආචාර්යවරයෙකු වූ නාගර්ජුනපාදයන්ගේ ප්‍රඥ්ඥා පාරමිතාව පිළිබඳ අටුවාවෙන් ද මේ තත්ත්වය අවධාරණැය කෙරෙයි. 'ශ්‍රද්ධාව බුදුන් වහන්සේගේ ධර්මා නැමැති සාගරයට ඇතුළු වන දොරටුව වනේ නම්, ' ඥානය' එහි යාත්‍රා කීඉම සඳහා වන නෞකාව වන්නේය' යනුවෙන් එහි සඳහන් වේ." (252 පිටුව )
අතුල්‍ය ආචාරින් රාජ්‍ය පාලනය ගැන දරණ අදහස, අකලංක හිමියන් ආවර්ජනය කරන්නේ, එම අදහස් 61වෙනි පිටේ සඳහන් වන්නේය. එහි සර්වකාලීන් වටිනාකමක් ඇති බව අපට ද ඒත්තු ගොස් ඇත.
"තනි පුද්ගලයෙකු තුළ රාශිභූත වන සමාජ ශක්තියේ දුර්විපාක මුළුමහත් රටක බලපෑම් කෙරෙන අයුරු පිළිබඳ පාඩම් ඉතිහාසය මිනිසාට උගන්වා තිබේ. එහෙත් ඒවා ග්‍රහණය කරගැනීමට තරම් සියුම්කමක්, විචාරශීලි බවක් මිනිසුන් බහුතරයකට නැත. 'යහපාලනය' පිළිබඳ ව ජනතාව තුළ පවතින මනෝරාජික සිහින සැම විට ම බොඳ වී යන්නේ එහෙයිනි. අතුල්‍ය ආචාරීන් නම් පවසන්නේ 'දැහැමි පාලකයකු පිළිබඳ අපේක්ෂාව මිථ්‍යාවකි' යි කියා ය.. ධර්මිෂ්ඨ රජුන් ජීවමාන වන්නේ යැයි සිතා උදම් වන රට වැස්සෝ ඉතා ඉක්මනින් සිය මායාදැල ඉරාගනිති.සත්‍යකාම හා තඹරවිල කියවීමෙන් අනතුරුව, ලේඛිකාව ගේ මෙම කෘතිය කියවීමට් යොමු වූ මා, මේ කෘතිය හරහා ලේඛිකාවගේ ප්‍රතිභාව ඉමහත් ඉදිරි පිම්මක් පැන ඇති බව ක් හැඟෙයි. මීට වඩා මෙම ලේඛිකාවගේ කෘති කියවා ඇති අය වෙත් නම්, ඔවුන් ලේඛිකාවගේ සමස්ත නිර්මාණ ගැන මට වඩා පුළුල් ලෙස අදහස් දක්වන්නේ නම් අගය කරමි. මගේ කියවීමේ හැටියට නම්, කතුවරිය සත්‍යකාම හරහා නිර්මාණයට යත්න දැරූ දාර්ශනික අංශය පිළිබඳ වැඩි නැඹුරුවක් දැක්වීමේ උත්සාහය, මහසෙන් නම් ඓතිහාසික චරිතය අලලා ලියු මේ කෘතිය හරහා, ලේඛිකාව සමත් වී ඇත.
ඒ, පාලකයකුගේ එක ම එක සත් ක්‍රියාවක් කරළියට නැගෙන්නේ කරළිය පසු පස සිදු වූ, සිදු කළ අසත් ක්‍රියා සියයකට පසුව වන බැවිනි."
No comments:
Post a Comment