තෙමි තෙමිම මම - දමිත් උදයංග දහනායක
===================================
*****
සමහර පොතක් මා කියවන්නේ මුහුණු පොතේ "පොත් කියන අය" කණ්ඩායම හෝ සාහිත්‍ය ක්ෂේත්‍රයට සබැඳි ප්‍රවීණයෙක් හෝ, ඒ පොත ගැන වර්ණණා මුඛයෙන් කථාකල විටය. එහෙම කියවූ පොත් අපමණ ය. එම කුලකය ට එක්කාසු වූ අලුත් ම පොත දමිත් උදයංග දහනායකගේ "තෙමි තෙමිම මම" නම් වූ අපූරු කාව්‍ය කෘතියයි. මේ ගැන ඉතා අපූරු විචාරයක් අමරකීර්ති ලියා තිබුණි. ඊට අමතරව අන් බොහෝ අය මේ කෘතිය ප්‍රශංසා මුඛයෙන් ද වනා තිබෙනු දුටිමි . මා ළඟකදී සාහිත්‍ය ගැන විශේෂ උනන්දුවක් නැති මගේ ළඟ මිතුරෙකු ලවා මෙහි පිටපතක් ගෙන්වා ගත්තෙමි. පොතේ කවි කෙතෙරම් රසයක් ජනනනය කිරීමට සමත් ද යැයි කිවහොත්, නිකමටැ පිටු පෙරළු ඔහු නතර වූයේ පොතෙන් අඩකටත් වඩා කියවා ය. මේ කවි එතරම් රසවත් ය. මේ කවි එතරම් අවංකය ( කලායුරකින් අමරකීර්තිත් සමඟ එකඟ වීමට අවස්ථා ද ලැබේ ) , නිර්ව්‍යාජය. කවියා ප්‍රේමයේ පූර්ණ වර්ණාවලිය ම මේ තුල කවි වර්ණගන්වා ඇත; ඒ හරහා තම කෞශල්‍ය විදහා දක්වයි. සිතින් පමණක් කෙරෙන බොළඳ පෙම, සිතින් පමණක් කෙරෙන අසම්මත පෙම, විඩාපත් පෙම, ඇහිරුණු පෙමක් ගැන ලත වෙමින් පබැඳුනු කව් මුතු, වෙනස් සමාජ තල හරහා උපදින ප්‍රේමනීය සිතුවිලි, ප්‍රේමයේ ආනන්දනීය අත්දැකීම්, ප්‍රේමනීය මතකයන් ආදි වශයෙන් සියළු ආකාරයේ ප්‍රේමය හා බැඳි අත්දැකීම් අප කවියා තම කාව්‍යමය වර්ණාවලිය තුලට ග්‍රහණය කර ඇත. මෙහි එන සියල්ල නොවුනත් බොහෝ අත්දැකීම්, හැඟීම්, ළතැවිලි, ආනන්දයන්, පශ්චාත් තාපයන් අපි ද ජීවිතය පුරාවට ප්‍රේමය සම්බන්ධයෙන් විවිධ අවස්ථා වල විඳ තිබෙන්න ට පුළුවන. ඒ ඒ අවස්ථා වලදි අප සිත් තුල ජනිත වූ සිතුවිලි, අපට මතක් කරමින් කවියාගේ කවි කම් හරහා රසාස්වාදයක් ගෙන ඒමට සමත් කවි එකතුවකි. මෙහි කවි නිර්ව්‍යාජය, මහත් ඉහළ තලයේ භාෂා භාවිතාවක් නොදැක්කෙමි (එවන් භාෂා භාවිතාවක් අද වන විට දකින්නට ලැබ්න්නේ අමරසේකර, නන්දන වීරසිංහ, අතුකෝරාළ ආදි වශයෙන් කිහිප දෙනෙකුගේ පමණක් බව සැක කරමි - එය අන් මාතෘකාවක ට කාරණයකි ), එහෙත් හදබසකින් තම අවංක සිතුවිලි ගැන කියාපාද්දි එතරම් වියත් භාෂාවක් භාවිත නොකිරීම ගැටළුවක් නොවේ යැයි සිතමි.
නිදසුන් කිහිපයක් හරහා ඉහත කී කරුණු පසක් කරමි.
නිදසුන් කිහිපයක් හරහා ඉහත කී කරුණු පසක් කරමි.
ප්‍රථම ප්‍රේමය බිඳ වැටීම ගැන ලත වන්නියක ගෙන්, එවන් අත්දැකීමක් ඇති කවියා මෙසේ විමසයි:
"ප්‍රථම ප්‍රේමයේ මල සිරුරු හොවාගෙන
යන්නේ කුමටද ගෙන් ගෙට
සොයන්නට අබ ඇට"
එක්තරා ප්‍රේමණීය සිතුවිල්ලක දී, කවියා තම පෙම්වතිය ගෙන් මෙසේ විමසයි. සමහර විට ඔහු ඇත්තෙන්ම විමසන්නේ නැතුව ඇත - එහෙත් එවන් සිතුවිල්ලක් මෙසේ සිතේ කරක් ගසයි.
"නිකංවත් හිතුවේ නැද්ද ඔබ
හදවතට හදවත බැඳෙන
අපි අපේම කරගන්න
සම්මතේ මාවතේ වෙලී ඇවිදින
ඒ ගමන හැර ගමනක්"
ඉන්ගිලිසි කථා කරනා සමාජයේ කෙල්ලකු දැක, විෂ්මයට පත් වන කොල්ලෙකු ඔහුගේ විෂ්මය කියා පෑමට භාවිතා කරනා වචන ඇත්තෙන්ම නිර්ව්‍යාජය. එපමණක් නොව එහි සියුම් හාස්‍ය රසයක් ද කැටි කොට ඇත. ඒ අතරම මේ අහිංසක විෂ්මය තුල සමාජ පරතරය කිසිදු බරක් නොමැතිව කවියා මුසු කොට ඇත්තේ, පාඨකයාටත් නොදැනෙන්න ඔහුට හෝ ඇයට ඒත්තු වන ආරකිනි. මට නම් කවියාගේ ප්‍රථිභාව ට මේවා ඉතා අපුරූ නිදසුන්ය:
"වචනමත් නෙවෙයි ශැල්වින්
ඔබේ කටහඬයි ඉංග්‍රීසි
රෑ පුරා මට ඇහෙයි
ඔබ ඉංග්‍රීසියෙන් හිනාවෙන හැටි"
වරෙක එක් ආනන්දනීය අත්දැකීමක් සිහි ගන්වමින් ඒ සුන්දර මොහොත තුල කවියා නැවත නැවත ජීවත් වන්නේය. එම අත්දැකීම හා වර්තමානය හා ගැලපෙන්නේ කවියා එම මතකය වටිනා සෙයාරුවක් මෙන් තම මතකයේ තුල සිර කරගෙන ඇති නිසාය:
"ලපටි මතකයන් අද්දර
නුහුරු ගමනක විඩා සැනසුව
සිනාවක මහිමය
කවි කොලයකට ගන්නේ කොහොමද?"
සමහර සිද්ධිමාලාවන් ජීවත්වන තුරා මතකයේ රැඳෙන ඒවාය. කවියා එවන් අතීත මතකයක් මෙසේ කවියට නගන්නේය:
"තාමත්
ඉඳ හිට
ගමට එන විට
ඔබේ ගෙට හැරෙන පටු පාර දෙස
හිස හැරෙන එක
උවමනාවෙන් තොර
සංසාර පුරුද්දකි එය"
කවියා, ප්‍රේමයේ වසන්තයෙන් බොහෝ කලකට පසුව, තමන් හා සිය පෙම්වතිය අතර ඇති වූ දෙඩවිලි ගැන මතක් කරන්නේ, වර්තමානය ගැන මෙසේ උපේක්ෂක වන්නේ ය:
"හුදකලා හමුවක උනත් දැන්
සාමාන්‍ය දෙබස්මය
කොහිද
අර පපුවටම බහින සීතල වචන?"
වරෙක රාගික සිතුවිල්ලක් ඔස්සේ තම සිතෙන් පමණක් ඇය ප්‍රශ්ණ කරන්නේ, අසම්මත පෙමක බලාපොරොත්තු මත කල් ගත කරමිනි:
"නිදිබර බැල්ම තැවරුන
හෙම්බිරිස්සා කටහඬින් අඬගානකොටත් ඔබ
නෑවිත්ම හිටියත්
තෙමි තෙමි ම මම
හිතෙන්නැද්ද ආයිත් දවසක
තෙත බරිත හවසක
අහම්බෙන් වගේ හම්බ වෙන්නට"
මෙය මෙසේ ලියවෙන මොහොත වනවිට අප රට සියළු සම්මාන උළෙල අවසන්ය. ඉන් කිසිවෙක "තෙමි තෙමි ම මම" කිසිදු ඇගයීමකට ලක් වූයේ නැත - ඊට හේතු කාරණා නොදනිමි. එහෙත් මෙහි එන කව් සිතුවිලි අඩු වැඩි වශයෙන් අප බොහෝ දෙනෙක් තුල තම අත්දැකීම් සිහිකරවන සුළුය. ඒ නිසා ම මේ අව්‍යාජ කවි සංකල්පනා තුලින් අපේ ජිවිත වල අත්දැකීම් දැකිය හැක. තව විටෙක ප්‍රලග්භමය ( daring යන අදහසින් ) ප්‍රේමණීය යෝජනා, ඇරුයුම්, දඟකාරකමක්, හාස්‍යයක් මෙන්ම සම්මත ලෝකයේ අයුතු යෝජනා ලෙස සැලකෙන ඒවාය. කවියාට තම කවි ලොව තුල මේ තහංචි නැත. කවි ලෝකයේ, කවි සංකල්පනා තුල මේ සියල්ල ට ඉඩ ප්‍රස්ථා ඇත. ඉතින් කවි රස විඳිනා අප ද එම නිදහස සපයා දුන් කවි ලොව තුල මේ ප්‍රේමනීය ඇමතුම් කරන්නෙකු වේ - නැතහොත් එම ඇමතුම් ලබන්නි වේ. දෛනික ජීවිත රේල් පාරෙන් මොහොතකට එළියට යාමට තරම් මනරම් අත්දැකීමකි, එය.
No comments:
Post a Comment