අ ) "මුඩු බිම" වූ කලි කුමක් ද ?
මුඩු බිම වූ කලි, ටී. ඇස්. එලියට් ගේ The Wasteland කාව්‍යය (1922 ) ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි අතින් මැ නැමැති කෘතියක් ව, ගොඩගේ ප්‍රකාශනයක් ව, 2018 දී එළි දැක්කකි. පෞද්ගලිකව මා මෙය දුටු විගස මිල දි ගැනුම ට පෙළඹුනේ කාව්‍යයේ සිහළ පෙරළුමට වඩා පිටු 227ක් පුරා දිවෙන "මුඩු බිම පිළිබඳ පරිවර්තකගේ සටහන්" නම් වූ කොටසයි.
ආ ) මා මුඩු බිම කියවීමට සිතුවේ මන් ද?
ඇයි මට ඒ පරිවර්තකගේ සටහන් වැදගත් වූයේ ? මා මීට කලින් වසරක "The Wasteland" කාව්‍යය මුල් ඉංග්‍රීසි බාසාවෙන් මදක් කියවා ඇත්තෙමි.
April is the cruellest month, breeding
ඇ ) කාව්‍ය පරිවර්තනය කෙසේ ද ?
මේ කොටස පරිවර්තනය කොට ඇත්තේ මෙලෙසය;
"පන්දම් ගිනි වැට රත් පැහැ ගන්වයි
දහඩිය වගුරා තෙත් වන දැඩි වත
තුහීන හිමෙන් සෙල් පිළිම විලාසෙන්
උයන් සිසාරා පැතිර නිහඬ බව
කළුගල් මළු මැද දැඩිකර ශෝකය දනවයි දුක්කඳ..."
පරිවරත්නයේ මේ පේළි අතීත කාලයෙන් නොකියවේ. මේ කොටසේ කියවෙන්නේ ක්‍රිස්තූස් වහන්සේ ගේ උට්ඨානය හා අප දිවි ඇති වුවත් මළැවුන් මෙන් වීම පිළිබඳවයි. උට්ඨානයට ප්‍රථම ඒ ඝාතනය හා සැබැඳි කොටස් අතීත කාලයෙන් ලිවීම වඩා ඖචිතැයි යැයි සිතමි ( මුල් කවේ පරිදි ). ඉතින් මෙවන් යම් වෙනස්කම් පමණක් නොව ඍතු වල නම් වැනි සරළ අවස්ථාවන් හි පවා කතුවරයා මුල් කාව්‍ය හා වෙනස් අවස්ථා ඇත. එහෙත්, උදක්ම ඉංග්‍රීසි මුල් කාව්‍ය වටහා ගැනීම උදෙසා අප සිහළින් ලියූ සටහන් කියවූ බැවින් මා සැලකිය යුතු අවාසියක් අත්පත් කරගත් බවට නොසිතමි. සමස්ත පෙරළුමේ අරුත් විකෘති වන තරමේ දොස් ඇතැයි නොසිතමි.
ඈ ) කාව්‍ය විවරණය මට කෙසේ දැනිනිද ? එහි සාර්ථක අසාර්ථක බාවය කෙසේ ද?
මට දැන් මේ පිටු විස්සකට වැඩි ගණනක් පුරා දිවෙන කවිය, දිවි ඇති පුරා නැවත නැවත කියවා අරුත් තීක්ෂණ කර ගත හැක. ඒ ඉංග්‍රීසි මුල් කවිය වෙත ගොසිනි. අර්ථ නැවත කියවීමට ඉලයප්ආරච්චිගේ "මුඩු බිම" වෙත යා හැකිය. එහෙත් මා මේ කියවීමේ කර්තව්‍යය ආරම්භයේ දී ම "The Wasteland නම් එරික් ගේ "මුඩු බිම" තමයි යන නිගමනය ට යාමට අදි මදි කෙරුවෙමි. මා දැනට මේ කාව්‍ය ගැන ලියැවී ඇති හොඳම අර්ථ සපයන කෘතිය කිමෙක්දැයි සෙවු කල හමු වූයේ "Seamus Perry" රචනා කල Connell's Guide to T.S. Eliot's Wasteland කෘතිය යි. මා එයද මීට සමාන්තරව කියවීමි ( ආරියවංශ රණවීර ගේ එලියට් සහ නූතන කවිය යන කෘතිය ද භාවිතයට ගත්ත ද, රණවීර මහතා ඒ සඳහා සුවිශේෂි ප්‍රයත්නයක් දරා තිබුන ද මුද්‍රණ දෝස බහුලත්වය එය කියවීමේ වේගය අඩාල කරයි. අහෝ 'අහස'! ). පෙරී ගේ කෘතිය මෙය ලියන විට 55% පමණ කියවා අවසන් ය. ඉතා පැහැදිලිව කිව හැක්කේ ඉලයප්ආරච්චිගේ කෘතියේ විස්තර සීමස් පෙරී ගේ කෘතිය ට වඩා විස්තෲත බවකි. ඉන් එකක් අනෙක ට වඩා "හොඳ" බවක් නොකියවේ. තැනෙක එරික් ගේ විස්තර ඕනෑවට වැඩි ය. තැනෙක පෙරී ගෙ විස්තර ලුහුඩු වැඩි යැයි සිතමි. පිටු ගණනින් පෙරී ගේ කෘතිය එරික් ගේ කෘතියෙන් අඩක් පමණි. එහෙත්, මේ කෘති දෙක භාවිතාවේ දි, එරික් කෙතෙරම් අධ්‍යයනයක් කොට තිබේ ද යන්න පැහැදිලි වේ. මා ඊට හිස නමමි. එංගලන්ත, රුසියානු, ප්‍රංශ, ජර්මන්, යුදෙව්, ඉන්දියානු යන සංස්කෘතීන් සියල්ලෙහි සහ ඒවා හි ඓතිහාසික මිථ්‍යා කතා, සාහිත්‍ය කෘති බොහෝමයක් මා නොදනිමි. හුදෙක් පාඨකයෙකු ලෙස, කාව්‍යයේ පෙළින් පෙළ මූලයන් මා විසින්ම සොයමින් කවිය කියවීමට යත්න දැරුවේ නම්, එය කාලය කා දැමීමක් පමණක් නොව "රෝදය නැවත සොයා ගැනීමේ" ප්‍රයත්නයක් ද වනවා ඇත. කිම ද මේ කවේ දී, එලියට් එක් පේළියක දී තේම්ස් ගඟ අසබඩ ය; ඊළඟ මොහොතේ ජෙරුසලමේ ය; නැතිනම් ප්‍රංශ සාහිත්‍ය කෘතියක් තුලය; නැතහොත් වාග්නර් ගේ ඔපෙරවාකින් උකහා ගත් කොටසක් අප හට දමා ගසයි. මට අවැසි වූයේ එලියට් ගේ මේ කව විසි වන සියවසේ සුවිෂේෂීම කවියක් ලෙස පිළිගැනෙන්නේ ඇයි ද යන්න වටහා ගැනීමට ය. එය කල හැක්කේ පුළුල් කියවීමක් ඔස්සේ පමණකි. ඒ උදෙසා එරික් ඉලයප්ආරච්චි ( සහ සීමස් පෙරී ) මට මහත් සේ සහය විණ - හෙවත් ඔවුන් නොමැති නම් මේ කර්තව්‍ය මට කිසි ආරකින් කර ගත ගැනීමට නොහැකි වනු ඇත. මම ඔවු දෙපළ ට නැවතත් හිස නමමි - ඒ කෘතගුණ දැක්වීමක් ලෙසිනි.
එරික් මේ මුඩු බව, අරුත් සුන් බව, අප සංස්කෘතියටත් වෙසෙසින් අප සාහිත්‍ය ලෝකයේ දරිද්‍රතාවටත්, නරුමත්වයටත් කිහිප විටෙක දිගු කරයි. එවන් අවස්ථා මේ කෘතිය ට අත්‍යවශ්‍ය නැති බවයි මගේ විශ්වාසය. කිම ද එරික් ඉලයප්ආරච්චි අප සාහිත කෙත අස්වද්දන්න දරණ ප්‍රයත්නය දන්නෝ දනිති; ඉන් අයෙක් නොදැක්කා සේ අහකබලා සිටිති. ඉතින් ටොකු ඇණීම කාලය අපතේ යැවීමකි ( මා පෞද්ගලිකව සිතන්නේ එය එරික් ට තරම් නොවෙන වගක් ය ).
ඉ ) ටී. ඇස්. එලියට් ගේ The Wasteland හෙවත් මුඩු බිම මා කෙසේ රස වින්දේ ද?
එලියට් The Wasteland රචනා කොට ඇත්තේ තම පෞද්ගලික ජීවිතයේ අර්බුදකාරි සහ අසහනකාරි අවස්ථාවකය. තැනෙක කියවෙන්නෙ හෙතෙම බෞද්ධ ආගම වැලඳ ගැනීමට තරම් සිතක් පහළ වූ අවස්ථා ද තිබූ බවකි. නුමුදු මේ කාව්‍ය තුල ක්‍රිස්තියානි විශ්වාසයන් හා උපනිෂද් විශ්වාසයන්, බෞද්ධ විෂ්වාසයන ට වඩා ඇත. එහෙත් මෙය ආගම් වලට ආවඩන කවක් නොවේ. පළමු ලෝක යුධයෙන් පසු හා දෙවෙනි ලෝක යුද්ධයට ප්‍රථම මේ අවදියේ, සමස්ත යුරෝපා සිතුවිලි රටාවේ රෝගි බවක් එලියට් දුටුවේය. එය ඔහු, ඔහු තුලත්, කව කියවන අප තුලත් දකී. කිම ද ඔහු පවසන සමස්ත "කුණුවීමේ", නිසරුවීමේ", "අරුත් හීන වීමේ" චෝදනාව 1922 ට මෙන් ම අදට ද අදාළ ය. එකම වෙනස එදාට වඩා අද ඊට පිළියම් වශයෙන් ආගම් වලට නැඹුරු වීම දුර්ලභ ය ( මේ කව ලියැවී වසර 97ක් ගෙවී ගොස් ඇති බව සලකන්න). කතුවරයා පාඨකයා ආගම් වලට යොමු නොකරයි; එය ඉතා පැහැදිලිව කිව යුතුය. ඔහු ඒ ආගමික දර්ශනයෙන් කොටස් උකහා ගන්නේ ඔහු මේ කව ලියූ අවදියේ රෝගි බව පසක් කරලීමට පමණි.
එහෙත්, මගෙන් අයෙක් මෙසේ විමසුවොත් ? ඔබ එලියට් ගේ The Wasteland කියවා ආනන්දය ට ළඟා විණි ද? මට මේ වෙලාවේ, මේ වැටහීම මත දිය හැකි අවංක පිලිතුර "නැත" කියා ය. එය සුවිශේෂි නිර්මාණයක් බව නිසැකය.
මේ කොටස සලකන්න. මෙහි එන්නේ යතුරු ලියන්නියක් සහ පුද්ගල මමත්වයෙන් පිම්බුණු ලිපිකරුවෙකු, ගැඹුරු මෙන්ම සියුම් හැඟීම් වලින් විරහිතව "කල යුතු නිසා" රමණයේ යෙදෙන අවස්ථාවකි. මට මේ නිර්මාණ කොටස කැමූ ගේ සාංද්‍රෘෂ්ටික රචනයකට හෝ හෙමිංවේ ගේ භාව අවමයකින් අරපිරිමැස්මෙන් ලියැවුණු රචනාවක් තරම් වටී. මේ නම් සාහිත්‍ය ය. අප පෞද්ගලික කාලය මිඩංගු කරගෙන කියවන්නේ මේ විස්මයයි. එනම් කියන දේ සහ නොකියන බොහෝමයේ සම්ප්‍රයුක්තය අප මනසට කතා කිරීමේ ගුණයයි.
එහෙත් මේ කාව්‍ය මා මත තව තවත් ක්‍රියා කරන බව මා දනිමි. මේ එහි ආරම්භයයි. ඉතින්
තව කලෙකින් මගේ පිලිතුරු "ඔවු" යන්න ට වඩා ආසන්න වුවහොත් මා පුදුම නොවෙමි; නැත, මා එය බලාපොරොත්තු වෙමි.
මුඩු බිම වූ කලි, ටී. ඇස්. එලියට් ගේ The Wasteland කාව්‍යය (1922 ) ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි අතින් මැ නැමැති කෘතියක් ව, ගොඩගේ ප්‍රකාශනයක් ව, 2018 දී එළි දැක්කකි. පෞද්ගලිකව මා මෙය දුටු විගස මිල දි ගැනුම ට පෙළඹුනේ කාව්‍යයේ සිහළ පෙරළුමට වඩා පිටු 227ක් පුරා දිවෙන "මුඩු බිම පිළිබඳ පරිවර්තකගේ සටහන්" නම් වූ කොටසයි.
ආ ) මා මුඩු බිම කියවීමට සිතුවේ මන් ද?
ඇයි මට ඒ පරිවර්තකගේ සටහන් වැදගත් වූයේ ? මා මීට කලින් වසරක "The Wasteland" කාව්‍යය මුල් ඉංග්‍රීසි බාසාවෙන් මදක් කියවා ඇත්තෙමි.
April is the cruellest month, breeding
Lilacs out of the dead land, mixing
Memory and desire, stirring
Dull roots with spring rain.
අප්‍රියෙල් කුරිරු මන් දෝ යන ප්‍රශ්ණය පාඨක සිතේ ජනිත කරමින් ඇරඹෙන කාව්‍ය, පේළි දහයක් යෑමට ප්‍රථම Starnbergersee, Hofgarten ආදි නුපුරුදු ජර්මානු වචනෙකින් දෙකකින් පමණකින් නොනැවතී, "Bin gar keine Russin, stamm’ aus Litauen, echt deutsch"
ආදි පද පෙළි වලට යොමු වන්නේ යුරොපයේ බහු සංස්කෘතීන් ගැන නොමදත් අප වන් පාඨකයන් අපහසුතාවට පත් කරලමිනි. තිබූ එක ම සහනය, මේ පද්‍ය පළ වූ කල යුරෝපා වාසීහු ද මහත් වික්ෂිප්තයට පත් වූ බව අන්තර්ජාලය ඔස්සේ කියවීමෙනි. ඉදින්, එහෙව් වටපිටාවක, අප රට වෙසෙන බොහෝ ඇසු පිරූ තැනින් පොහොසත් ලේඛකයකු ඒ ගැන දීර්ඝ සටහනක් ලියන්නේ නම්, එහි වටිනාකම මැනිය නොහැකි තරම් යැයි සිතමි. මේ කෘතිය ගැන මෙතෙක් "කසු කුසුවක්" ගොඩ නොනැගී තිබීම ම අප සාහිත්‍ය සංස්කෘතියේ දරිද්‍රතාව කියා පාන්නක් ලෙසයි මා නම් දකිනුයේ. කිම ද ඉලයප්ආරච්චි අත ගසා ඇත්තේ ලේසි පාසු කටයුත්තකට යැයි නොසිතමි. බොහෝ ආශ්‍රේය ග්‍රන්ථ පරිශීලනයෙන්, අපේ කතු තුමා මේ කර්තව්‍ය ට බට ඇති බවත්, ඔහු ට ම ආවේණික අදහස් ද මෙහි ඇති බවත් පැහැදිලිය.
ඇ ) කාව්‍ය පරිවර්තනය කෙසේ ද ?
පෞද්ගලිකව මට මේ පරිවර්තනය වැදගත් වූයේ, ඒ පරිවර්තනයේ පිහිටා කතුවරයා සටහන් නිමවා තිබීම හේතුවෙනි. ඇත්තෙන් ම පරිවර්තනය නැතත් කමක් නැත; අවශ්‍ය පසුබිම් මූල කතා ටිකය. මට පරිවර්තනයේ කාව්‍යමය බව විමසීම තරම ට හෝ ගැටළුවක් ඇති නොවිණි. එහෙත්, සටහන් අරුත් වටහාගනු වස් Collected Poems 1909-1935 by T.S. Eliot කෘතියේ එන මුල් ඉංග්‍රීසි කාව්‍යය හා මේ පෙරළුම සසඳමින්, කතු සටහන් කියවමින් ඉදිරියට ගියෙමි. ඒ කරතව්‍යයේ දි කාව්‍යය පස් හය වතාවකට වඩා කියවෙන්න ට ඇත.
පරිවර්තනය තැනෙක මුල් කවියට වඩා විස්තර ඇතුලත් කොට ඇත්තේ පාඨකයා අප වඩා දැනුවත් කරලීමේ අදහසින් විය යුතුය. තැනෙක කතුවරයා ගේ පරිවර්තනය අඩුපාඩු වලින් ( හෝ එසේ යැයි මට වැටහෙන දෙයින් ) හෙබි ය. එක් නිදසුනක් පමණක් ගනිමි.
After the torchlight red on sweaty faces
After the frosty silence in the gardens
After the agony in stony places
The shouting and the crying..
මේ කොටස පරිවර්තනය කොට ඇත්තේ මෙලෙසය;
"පන්දම් ගිනි වැට රත් පැහැ ගන්වයි
දහඩිය වගුරා තෙත් වන දැඩි වත
තුහීන හිමෙන් සෙල් පිළිම විලාසෙන්
උයන් සිසාරා පැතිර නිහඬ බව
කළුගල් මළු මැද දැඩිකර ශෝකය දනවයි දුක්කඳ..."
පරිවරත්නයේ මේ පේළි අතීත කාලයෙන් නොකියවේ. මේ කොටසේ කියවෙන්නේ ක්‍රිස්තූස් වහන්සේ ගේ උට්ඨානය හා අප දිවි ඇති වුවත් මළැවුන් මෙන් වීම පිළිබඳවයි. උට්ඨානයට ප්‍රථම ඒ ඝාතනය හා සැබැඳි කොටස් අතීත කාලයෙන් ලිවීම වඩා ඖචිතැයි යැයි සිතමි ( මුල් කවේ පරිදි ). ඉතින් මෙවන් යම් වෙනස්කම් පමණක් නොව ඍතු වල නම් වැනි සරළ අවස්ථාවන් හි පවා කතුවරයා මුල් කාව්‍ය හා වෙනස් අවස්ථා ඇත. එහෙත්, උදක්ම ඉංග්‍රීසි මුල් කාව්‍ය වටහා ගැනීම උදෙසා අප සිහළින් ලියූ සටහන් කියවූ බැවින් මා සැලකිය යුතු අවාසියක් අත්පත් කරගත් බවට නොසිතමි. සමස්ත පෙරළුමේ අරුත් විකෘති වන තරමේ දොස් ඇතැයි නොසිතමි.
ඈ ) කාව්‍ය විවරණය මට කෙසේ දැනිනිද ? එහි සාර්ථක අසාර්ථක බාවය කෙසේ ද?
මට දැන් මේ පිටු විස්සකට වැඩි ගණනක් පුරා දිවෙන කවිය, දිවි ඇති පුරා නැවත නැවත කියවා අරුත් තීක්ෂණ කර ගත හැක. ඒ ඉංග්‍රීසි මුල් කවිය වෙත ගොසිනි. අර්ථ නැවත කියවීමට ඉලයප්ආරච්චිගේ "මුඩු බිම" වෙත යා හැකිය. එහෙත් මා මේ කියවීමේ කර්තව්‍යය ආරම්භයේ දී ම "The Wasteland නම් එරික් ගේ "මුඩු බිම" තමයි යන නිගමනය ට යාමට අදි මදි කෙරුවෙමි. මා දැනට මේ කාව්‍ය ගැන ලියැවී ඇති හොඳම අර්ථ සපයන කෘතිය කිමෙක්දැයි සෙවු කල හමු වූයේ "Seamus Perry" රචනා කල Connell's Guide to T.S. Eliot's Wasteland කෘතිය යි. මා එයද මීට සමාන්තරව කියවීමි ( ආරියවංශ රණවීර ගේ එලියට් සහ නූතන කවිය යන කෘතිය ද භාවිතයට ගත්ත ද, රණවීර මහතා ඒ සඳහා සුවිශේෂි ප්‍රයත්නයක් දරා තිබුන ද මුද්‍රණ දෝස බහුලත්වය එය කියවීමේ වේගය අඩාල කරයි. අහෝ 'අහස'! ). පෙරී ගේ කෘතිය මෙය ලියන විට 55% පමණ කියවා අවසන් ය. ඉතා පැහැදිලිව කිව හැක්කේ ඉලයප්ආරච්චිගේ කෘතියේ විස්තර සීමස් පෙරී ගේ කෘතිය ට වඩා විස්තෲත බවකි. ඉන් එකක් අනෙක ට වඩා "හොඳ" බවක් නොකියවේ. තැනෙක එරික් ගේ විස්තර ඕනෑවට වැඩි ය. තැනෙක පෙරී ගෙ විස්තර ලුහුඩු වැඩි යැයි සිතමි. පිටු ගණනින් පෙරී ගේ කෘතිය එරික් ගේ කෘතියෙන් අඩක් පමණි. එහෙත්, මේ කෘති දෙක භාවිතාවේ දි, එරික් කෙතෙරම් අධ්‍යයනයක් කොට තිබේ ද යන්න පැහැදිලි වේ. මා ඊට හිස නමමි. එංගලන්ත, රුසියානු, ප්‍රංශ, ජර්මන්, යුදෙව්, ඉන්දියානු යන සංස්කෘතීන් සියල්ලෙහි සහ ඒවා හි ඓතිහාසික මිථ්‍යා කතා, සාහිත්‍ය කෘති බොහෝමයක් මා නොදනිමි. හුදෙක් පාඨකයෙකු ලෙස, කාව්‍යයේ පෙළින් පෙළ මූලයන් මා විසින්ම සොයමින් කවිය කියවීමට යත්න දැරුවේ නම්, එය කාලය කා දැමීමක් පමණක් නොව "රෝදය නැවත සොයා ගැනීමේ" ප්‍රයත්නයක් ද වනවා ඇත. කිම ද මේ කවේ දී, එලියට් එක් පේළියක දී තේම්ස් ගඟ අසබඩ ය; ඊළඟ මොහොතේ ජෙරුසලමේ ය; නැතිනම් ප්‍රංශ සාහිත්‍ය කෘතියක් තුලය; නැතහොත් වාග්නර් ගේ ඔපෙරවාකින් උකහා ගත් කොටසක් අප හට දමා ගසයි. මට අවැසි වූයේ එලියට් ගේ මේ කව විසි වන සියවසේ සුවිෂේෂීම කවියක් ලෙස පිළිගැනෙන්නේ ඇයි ද යන්න වටහා ගැනීමට ය. එය කල හැක්කේ පුළුල් කියවීමක් ඔස්සේ පමණකි. ඒ උදෙසා එරික් ඉලයප්ආරච්චි ( සහ සීමස් පෙරී ) මට මහත් සේ සහය විණ - හෙවත් ඔවුන් නොමැති නම් මේ කර්තව්‍ය මට කිසි ආරකින් කර ගත ගැනීමට නොහැකි වනු ඇත. මම ඔවු දෙපළ ට නැවතත් හිස නමමි - ඒ කෘතගුණ දැක්වීමක් ලෙසිනි.
එරික් මේ මුඩු බව, අරුත් සුන් බව, අප සංස්කෘතියටත් වෙසෙසින් අප සාහිත්‍ය ලෝකයේ දරිද්‍රතාවටත්, නරුමත්වයටත් කිහිප විටෙක දිගු කරයි. එවන් අවස්ථා මේ කෘතිය ට අත්‍යවශ්‍ය නැති බවයි මගේ විශ්වාසය. කිම ද එරික් ඉලයප්ආරච්චි අප සාහිත කෙත අස්වද්දන්න දරණ ප්‍රයත්නය දන්නෝ දනිති; ඉන් අයෙක් නොදැක්කා සේ අහකබලා සිටිති. ඉතින් ටොකු ඇණීම කාලය අපතේ යැවීමකි ( මා පෞද්ගලිකව සිතන්නේ එය එරික් ට තරම් නොවෙන වගක් ය ).
ඉ ) ටී. ඇස්. එලියට් ගේ The Wasteland හෙවත් මුඩු බිම මා කෙසේ රස වින්දේ ද?
එලියට් The Wasteland රචනා කොට ඇත්තේ තම පෞද්ගලික ජීවිතයේ අර්බුදකාරි සහ අසහනකාරි අවස්ථාවකය. තැනෙක කියවෙන්නෙ හෙතෙම බෞද්ධ ආගම වැලඳ ගැනීමට තරම් සිතක් පහළ වූ අවස්ථා ද තිබූ බවකි. නුමුදු මේ කාව්‍ය තුල ක්‍රිස්තියානි විශ්වාසයන් හා උපනිෂද් විශ්වාසයන්, බෞද්ධ විෂ්වාසයන ට වඩා ඇත. එහෙත් මෙය ආගම් වලට ආවඩන කවක් නොවේ. පළමු ලෝක යුධයෙන් පසු හා දෙවෙනි ලෝක යුද්ධයට ප්‍රථම මේ අවදියේ, සමස්ත යුරෝපා සිතුවිලි රටාවේ රෝගි බවක් එලියට් දුටුවේය. එය ඔහු, ඔහු තුලත්, කව කියවන අප තුලත් දකී. කිම ද ඔහු පවසන සමස්ත "කුණුවීමේ", නිසරුවීමේ", "අරුත් හීන වීමේ" චෝදනාව 1922 ට මෙන් ම අදට ද අදාළ ය. එකම වෙනස එදාට වඩා අද ඊට පිළියම් වශයෙන් ආගම් වලට නැඹුරු වීම දුර්ලභ ය ( මේ කව ලියැවී වසර 97ක් ගෙවී ගොස් ඇති බව සලකන්න). කතුවරයා පාඨකයා ආගම් වලට යොමු නොකරයි; එය ඉතා පැහැදිලිව කිව යුතුය. ඔහු ඒ ආගමික දර්ශනයෙන් කොටස් උකහා ගන්නේ ඔහු මේ කව ලියූ අවදියේ රෝගි බව පසක් කරලීමට පමණි.
එහෙත්, මගෙන් අයෙක් මෙසේ විමසුවොත් ? ඔබ එලියට් ගේ The Wasteland කියවා ආනන්දය ට ළඟා විණි ද? මට මේ වෙලාවේ, මේ වැටහීම මත දිය හැකි අවංක පිලිතුර "නැත" කියා ය. එය සුවිශේෂි නිර්මාණයක් බව නිසැකය.
"He, the young man carbuncular, arrives,
A small house agent’s clerk, with one bold stare,
One of the low on whom assurance sits
As a silk hat on a Bradford millionaire.
The time is now propitious, as he guesses,
The meal is ended, she is bored and tired,
Endeavours to engage her in caresses
Which still are unreproved, if undesired."මේ කොටස සලකන්න. මෙහි එන්නේ යතුරු ලියන්නියක් සහ පුද්ගල මමත්වයෙන් පිම්බුණු ලිපිකරුවෙකු, ගැඹුරු මෙන්ම සියුම් හැඟීම් වලින් විරහිතව "කල යුතු නිසා" රමණයේ යෙදෙන අවස්ථාවකි. මට මේ නිර්මාණ කොටස කැමූ ගේ සාංද්‍රෘෂ්ටික රචනයකට හෝ හෙමිංවේ ගේ භාව අවමයකින් අරපිරිමැස්මෙන් ලියැවුණු රචනාවක් තරම් වටී. මේ නම් සාහිත්‍ය ය. අප පෞද්ගලික කාලය මිඩංගු කරගෙන කියවන්නේ මේ විස්මයයි. එනම් කියන දේ සහ නොකියන බොහෝමයේ සම්ප්‍රයුක්තය අප මනසට කතා කිරීමේ ගුණයයි.
එහෙත් මේ කාව්‍ය මා මත තව තවත් ක්‍රියා කරන බව මා දනිමි. මේ එහි ආරම්භයයි. ඉතින්
තව කලෙකින් මගේ පිලිතුරු "ඔවු" යන්න ට වඩා ආසන්න වුවහොත් මා පුදුම නොවෙමි; නැත, මා එය බලාපොරොත්තු වෙමි.
Thank you
ReplyDelete