Tuesday 12 February 2019

2017 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීම

2017 වසරේ ප්‍රකාශයට පත් වූ කෙටි කතා සංග්‍රහයන් එකොළහක් (11) කියවූවෙමි. ඊට ඒ වසර ට අදාළ සම්මාන ජයග්‍රහණය කලා වූද,  සම්මාන සඳහා නිර්දේශ වූ ද, කතුවරුන්ගේ පෙර සාහිත්‍ය කෘති පරිශීලනය හේතුවෙන් ඔවුන් කෙරේ ඇති වූ විශ්වාසය හේතුවෙන් යන කාරණා තුන මත කෘති තෝරා ගතිමි. පහත දැක්වෙන්නේ, ඒ ඒ කෘති මට දැනුණු විදිහ අනුව, මා රසවිඳි ආකාරය අනුව අංක එකේ සිට එකොළහ දක්වා පෙළ ගැසීම මත ය.

වෙසෙස් කාරණා-
  • 2016 වසරේ "බැග්ඩෑඩ්" කෘතිය තුලින් මෙන්ම, 2017 වසරේ ද මා වඩාත් රසවිඳි කෙටිකතා සංග්‍රහය  ලියා පළ කර තිබුනේ එරික් ඉලයප්ආරච්චි ය.
  • උදයසිරි වික්‍රමරත්න, සමිත අටුවබැන්දෑල යන අයගේ සංග්‍රහයන් කියවීම ට හේතුව ඔවුන්ගේ අන් සාහිත්‍ය නිර්මාණයන් ගේ ඉහළ තලයයි. උදයසිරි ගේ "සුද්දෙක් ඔබ අමතයි" සහ සමිත ගේ "කඳු මුදුන" තවම ඔවුන්ගේ හොඳ ම නිර්මාණයන් ය.
  • මල්බෙරි සමය කියවූයේ රජත සම්මානය ට නිර්දේශ වූ නිසා ය. එය කියවන්න ගත වූ වේලාව ගැන පසු තැවෙමි.
  • සම්මාන දෙකක් ජයග්‍රහණ කල කෙටි කතා සංග්‍රහය වසරේ හොඳ ම කෘතිය ද යන්න පිළිබඳ මට පැහැදීමක් නැත. එය මගේ නොදැනුම විය හැක.
2018 වසරේ පළ වූ කෙටි කතා ලෙස මෙතරම් ප්‍රමාණයක් කියවීමට බලාපොරොත්තු නොවන්නෙමි. වසරේ හොඳම කෙටි කතා සංග්‍රහයන් හත හෝ අට හෝ කියෙව්වාම ප්‍රමාණවත් ය. (නව කතා ගැන කීමට ඇත්තේ ද එයම ය.)

ඒ අනුව කෙටි කතා එකොළස මා මෙසේ පෙළ ගස්වමි. (මේ සියළු කෙටි කතා ගැන පිළිබඳ විචාර අන්තර්ජාල පිටු අතර ම මා පළ කොට ඇත.):

1- ලේ විල සහ ඩාන්ටේ - එරික් ඉලයප්-ආරච්චි
2- අළු පැහැති ආරංචි - ලියනගේ අමරකීර්ති
3- සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර
4- පොට ඇණය සහ මුරුච්චිය - පී. බී. ජයසේකර
5- කාටද කුඩයක් තියෙන්නේ? - සේන තෝරදෙනිය
6- ආලන්දර - සුනේත්‍රා රාජකරුණානායක
7- කැත ගැහනියගේ හීනය - සරද සමරසිංහ ( එකතු කිරීම 26/10/2022)
8- සරස්වතී උකටලී ව - කැත්ලීන් ජයවර්ධන
9- ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගි සෙනෙවිරත්න
10- කඩේ යාම - උදසිරි වික්‍රමරත්න
11- හතර වන ජයසිංහ - සමිත බණ්ඩාර අටුවබැන්දෑල
12- මල්බෙරි සමය - සුනන්දා ප්‍රේමසිරි

No comments:

Post a Comment