ඊයේ දවාලේ ටවර් රඟහලේ දී උදයසිරි වික්‍රමරත්නගේ ගරු කටානායකතුමනි නැරඹුවා. එය නැරඹීමට ප්‍රධාන හේතු දෙකක් තිබුනා. එකක් ඔහුගේ 'සුද්දෙක් ඔබ අමතයි' නරඹා ලැබූ ආශ්වදය. එය නරඹා වසර දහයකට වැඩි ඇති. මට මතක මා නැරඹුවේ මංගල දර්ශනය - ඒ පුංචි තියටර් එකේ. එහි ජයලත් මනෝරත්න, ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්ත රඟපෑ නිසා එය අපූරු අත්දැකීමක් උනා. ඊයේ නාට්‍ය බලන්න හේතු වූ අනෙක් කාරණය රුපියල් පන්සියයට ටිකට් මිල කර තිබීම සහ කලකට පසුව සෙනසුරාදා දිනය තරමක නිදහස් එකක් වීම.
නාට්‍ය හාස්‍ය සහ උපහාසය රැගත් නාට්‍යයේ සාර්ථක අවස්ථා බොහෝමයක් තිබුනි. රඟපෑම් සැලකුවහොත් රනිල් ට සහ සිරිසේන රැඟූ නළුවන් අන් අය අබිබවා සුවිශේෂි චරිත ඉදිරිපත් කිරීමක් සිදු කලේය. මහින්ද ගේ චරිතය ද සාර්ථකව ඉදිරිපත් කෙරුණි. අනුර කුමාර ගේ චරිතය මෙහි තිබූ අසාර්ථකම චරිත නිරූපනය බව අපගේ අදහසයි. මෙම චරිත නිරූපනයට වඩා සමස්ත ලෙස නාට්‍ය පිටපත ලෙස සැලකුවහොත්, එය මීට වඩා සැලකිලිමත් ලෙස සිදුවූවා නම් සමස්ත නාට්‍යයේ ම සාර්ථක බව වැඩිකරගැනීමට අවකාශ තිබූ බවකි අපගේ අදහස. එනමුදු තැනින් තැන, වැඩිපුර මුද්දරප්පළම් බනිසක් මෙන්, සුවිශේෂි අවස්ථා දකින්නට ලැබුනි. නිදසුනක් ලෙස, රතන පාර්ලිමේන්තුවට වැඩ, අතන මෙතන වාඩි නොවී, ඉක්මනින් ම සභාවෙන් පිටවෙන්නට දිරිමත් කරලීම මගින් ගැඹුරු අර්ථයක් නිරූපනය විය.
මුහුණුපොතේ දුටුවේ අමරකීර්ති උදයසිරිගේ හරිම බඩු තුනක් නාට්‍යය පසසා තිබූ බවකි. අවස්ථාව ලැබුනොත් එයද නරඹමි ( එය සටහනේ යම් ඡායා මාත්‍රික මතකයක් තිබූ මට, එය මේ නාට්‍ය කෙරෙහි ලියූවක් ලෙස වැරදියට මතකයේ සටහන් වී තිබිනි. එය ද මේ නාට්‍යය නැරඹීමට හේතුවක් වූවාට සැක නැත.)
ශ්‍රේණි ගත කිරීමක් කරන්නේ නම්: **1/2
No comments:
Post a Comment