Sunday, 1 April 2018

Men Without Women - Haruki Murakami


  "take me back in time
maybe I can forget
turn a different corner
and we never would've met
Would you care ?
Oh, I don't understand it for you it's a breeze
Little by little, you've brought me to my knees
Don't you care?"
( "A Different Corner" - George Michael )


I took to reading this book, as a side reading project, since a non-fiction I was reading in parallel didn't offer aesthetic respite, however much good a book it was. Once begun, it took very little time to realise that it was going to be a book that will be savoured, and possibly a hard copy sought for ( the only hard copy I found so far was a hard cover one, which I didn't care for). These are stories to be read, savoured for the nuances, reflected and cherished. The only Murakami book I've read prior was "Kafka on the shore", and while that was an enjoyable read, this I have to admit I enjoyed much more.  I will dwell instead on how this books works as a whole.

While "Men without Women" is the title of the last short story, it serves as the main theme for the whole collection quite aptly. There is loss here - loss of women - loss of women to other men, or deceived by women. Or death has taken them away; or at minimum, a woman gives meaning to a man in solitude and he looks forward to her periodic visits ( Scheherazade ) It is about the vacuum a woman, usually special to that man. The beauty in these stories are, that most of these men aren't even tied to a single woman. Yet, they miss that one woman more than others. And it isn't necessarily that the women are breathtakingly beautiful - for they are not in certain instances. At another level these stories can be read as taking back the reader to his or her private experiences and drawn parallels therein. Hence these are at a level, stories that could be looked upon as accounts of intimacy.
  I will quote a part from the last short story to nurture my reading of the book as that of one broad topic - or one mental state broadly, which is a more appropriate way to portray the book, holistically.
“Suddenly one day you become Men Without Women. That day comes to you completely out of the blue, without the faintest of warnings or hints beforehand. No premonitions or foreboding, no knocks or clearing of throats. Turn a corner and you know you’re already there. But by then there’s no going back. Once you round that bend, that is the only world you can possibly inhabit. In that world you are called ‘Men Without Women.’"

And last, what has it in common with Hemingway's book of the same title ? Probably, just that. I read a few of the short stories of that collection to see if there are any parallels to be drawn, and I could draw none. ( Hemingway's short stories are being read, as separate reading project )

Saturday, 31 March 2018

මිහිසරණ - ඇරැව්වල නන්දිමිත්‍ර



( 1984 රාජ්‍ය සම්මානය හිමි වූ නවකතාව )
*****

"දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ
අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා"

           ( දර මිටි නියඟය - පද, ලූෂන් බුලත්සිංහල; ගායනය, සුනිල් එදිරිසිංහ )

       මේ කෘතිය මිලට ගෙන බොහෝ කලක් ගතව තිබුන ද, මෙය කියවීමට ආසන්න ම හේතුව කතුවරයා මෑත වියෝව, සහ මීට කලකට පෙර මා මිත්‍ර පොත් කියවන්නෙකු මේ පොතේ ගුණ වැයුමයි. ඔහුගේ ගුණ වැයුම යුක්තියුක්තම යැ. කිම ද මේ කෘතියෙන්, උඩවළවේ ප්‍රදේශයේ නියඟයේ කර සුවඳ නිකුත් වන්නාක් සේ ය; ගිනි රස්මිය රැගත් සුළඟ දවාලේ අප ගත ද දවාලන්නා සේ ය. උළමෙකුගේ මූසල හඬ රැගත් මූසල රාත්‍රියන්ගේ සීතල ගත වෙලා ගන්නා සේ ය ( හැත්තෑව දශකයේ දෙවෙනි අර්ධයේ, වසර දෙකක දරුවෙකු වශයෙන් මා උඩ වළවේ වසරක් පමණක් ජීවත් ව ඇත්තේ ම පියාණන් එකල වළවේ ව්‍යාපෘතියට සබැඳි ව සේවය කල නිසාය. එකල නිතරා රාත්‍රිය ඇසෙන උළලේනන්ගේ හඬත්, අන් කැළෑ සතුන්ගේ නිතර හැසිරීමත් ගැන ම පියාණන් මට එකල නිතර පවසා ඇත )

"මේ මුළු ප්‍රදේශය ම පිපාසයෙන් පීඩිත ය. තන්හි තන්හි බුරුත, පලු, වීර ආදී ගස් අහස දෙසට නැඟී සිටියත් ඒවා අතරින් බහිල වශයෙන් දක්නට ඇත්තේ කටු සහිත විවිධ පඳුරු ගස් වර්ග ය. දිගු කලකින් වැසි සිසිලේ පහස නොලද නිසා ඒවායේ කොළ කහ පැහැයට හැරී මලානිකව ගොස් ඇත. ගමන් ගන්නා අතර තුර දූ ඔවුන්ට කුඩා ප්‍රමාණයේ වැව් දෙක තුනක් ම දකින්නට ලැබිනි. එහෙත් ඒවායේ තිබුණේ මඩැ පමණි. මී හරක් රංචු පිටින් දිය සිඳි ගිය ඒ වැව්වල ලැඟ සිටියහ." (27 පිටුව)

  මෙහි පැවසෙන්නේ තම පියානන්ගේ ඇවෑමෙන්, මහප්පා විසින් තමන් ගත කරන  කටුක ජීවිතයට සබැඳි කරගන්නා අනාත වූ දරුවන් දෙදෙනකු, එම ශුෂ්ක පෙදෙස ට කෙමෙන් කෙමෙන් ආශක්ත වන අයුරුත්, නව දිවි පෙවෙත අතරින් එහි දුෂ්කරතා මධ්‍යයේ හිස කෙලින් තියාගෙන ජීවත් වන්න ඉගෙන ගන්නා අයුරුත් ය.මෙහි එන මහප්පා, සාමෙල්  "අළු" චරිතයකි. හොඳ නරක දෙකින් කැලතුනු තාත්වික චරිතයකි. වරෙක හේ කන්සා වවන්නෙකි; වරෙකි ස්ත්‍රී දූර්තයෙකි; එහෙත් තම මලයාගේ අසරණ වූ දරුවන් ගේ දිවි ගොඩ නගා ගැනීමට තම උපරිමයෙන් ක්‍රියා කරන්නෙකි. කතුවරයා ගමට ගැහැට පමුණුවන මැලේරියා වසංගතය, බෙහෙතක් හේතක් ගැනීමට ඇඹිලිපිටියට ම යාමට සිදුවීම, කංසා හේන, හේන් ගොයිතැන් කිරීමේ අපාසුව, තවලම් යාම, මී හරක් සමඟින් කැළෑ වැදීම ආදි බොහෝ රසවත් ඉසවු වලින් තම නිර්මාණය පෝෂණය කර ඇත.

මේ කියනා ඉසව්ව හම්බේගමුව ට එතරම් දුරක් නොවන්නේ ය. හම්බේගමුව ගැන මාස දෙක තුනක් අතර කියවූ තෙවෙනි වතාව මෙයයි. පළමුව "වෑ කඩවර" නවකතාවෙනි, මේ දෙවැනි අවස්තාවයි; තෙවැන්න උදුල බණ්ඩාර අවුසදහාමිගේ වැව නම් මහඟු කෘතියෙනි.

කතුවරයා සුනිල් විජේසිරි යන අයට තුති පුදන්නේ, මේ කතාවස්තුවට පාදක විස්තර සපයා දුන්නේ ඔහු නිසාය, නවකතාව රචනා වන අවදිය වන විට මේ කියනා සුනිලුන් දිවි හැර ගොසිනි. නන්දිමිත්‍රයන් මෙලෙස කෘතිය තම මිතුරාට පුදයි:

"ගෝමර ඇත්තු බසිනා වලවේ ගඟට
මනරම් සොබා සිරි රැඳි බැදිගං තොටට
බැති සිත වඩනා ගුණ පිරි මදුනා ගලට
මා ගෙන ගියා බෝ පින් අත් වෙයි ඔබට"

මේ පොත සොයාගෙන කියවීම කිසිසේත් ම පාඩු නැත. අරත් මෙය තවම පොත්සැල් වල විකිණීමට ඇති පොතකි. වර්තමාන නවකතා පෝෂණය කරනා ආකෘතික මෙවල්ම් භාවිතයක් ඇත්තේම නති වුවත්, අප රට මෑත අතීතයේ ශුෂ්ක ගම්මාන වල වෙසෙන්නන් ගේ වගතුග කියවීම වටින්නේ ඇත්තෙන්ම ඔවුන්ගේ දිවිගමන් වල එතරම්ම වෙනසක් වී ඇතිදැයි යන්න විවාදාත්මක නිසා ය.

Thursday, 15 March 2018

කේ. කේ. - එරික් ඉලයප්ආරච්චි



  එරික් ඉලයප්ආරච්චි මා ඉතා කැමති ලේඛකයෙකි. හේ ලාංකීය ලේඛකයන් අතර, නූතනය - ඒ නූතන වන්නේ, අන් අයට තම මත එබ්බවීමේ අටියෙන් නොව. හේ  සාහිත්‍යමය අත් හදා බලන්නෙකි. බගන්දරා, විතණ්ඩ සමය හා ආදරයේ සිමෙන්ති හරහා අද වන විට මැකී ගොස් ඇති, මීගමුවේ හා ඔහුගේ මාහිමගොඩැල්ලේ විත්ති ද, රටේ එකල සිදුවීම් ද කැටි කොට ලියූ ඔහු, ඒ නවකතා ත්‍රිත්වයෙන් මෙපිට, නවකතා මාධ්‍යයෙන් විවිධ මාතෘකා ඔස්සේ නවකතා නිර්මාණය කර ඇත. ලලිත සමය, පාද යාත්‍රා සහ පරදේසි ඒවාය. ඔහුගේ කෙටිකතා ද එලෙස ම රසවත් ය.

එහෙත් මට ඔහුගේ කවි දුරස්තය. ඒවා හැඟීම් වලින් අවම, විස්තර බඳුය. "මගේ කොළඹට හඳ පායයි" හි යම් විශේෂි බවක් දුටුව මුත්, ඉන් පසුව පිත්තල හන්දිය සහ කපුටා හා සිටාණෝ කියවද්දි, මට ඔහුගේ කවි පිළිබඳ කිසිදු ආකර්ශනයක් ඇති නොවුණි. එහෙත් ආඛ්‍යාණ කාව්‍යයෝ තරමක් වෙනස් ය. මා එතරම් කැමැත්තක් නැති කවියෙක් වන පරාක්‍රම කොඩිතුවක්කු ගේ "දිවමන් ගජමන්" මහත් සේ රස වින්දෙමි. ඉතින්, එරික් "කේ. කේ." නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කල විට එය කියවීමේ අටියෙන් මිල දි ගෙන, පසු ගිය දිනෙක කියවූවෙමි.

මුල් පිටුවේ සිට ම කවියා පාඨකයා ගේ අවදානය දිනා ගැනීමට සමත් ය.


"ආලේඛ සිත්තරකු වුවොත් මම අඳින්නෙමි
වැන් ගෝට ඇඳිය හැකි මොඩන් ඩේවිඩ් මුහුණ
බඳ පටිය ලිහිල් වී සැර පහර නිකුත් වී
සුළුදියෙන් තෙමී යන කොළඹ කළු බිත්තියක"

  මෙහි කවියා වැණුමට තෝරා ගත් අයව, චිත්‍රයට නගන්නට සිතන්නේ ඒ අය සැරිසරණ පරිසරය මත සිටුවා ය. ඉන් පසුව හේ එම පරිසරය තව වණන අතර ම උක්ත පුද්ගලයා ගැන යම් අදහසක් අපට ලබා දේ.

"දවාලට බත් බුදින තෝස කඩැ වසා ඇත
ඉහඳ වැපිරූ නිසා සීල් කර තබා ඇත
නිදිවරා ගෙන ලියූ තවත් අත්පිටපතක්
ඇපයකට තබා ඇත ගේ කුලිය ගෙවා නැත"

එතැන් පටන් උක්ත අය ගේ ලමා කල, ලමා පෙම, යොවුන් විය විවාහය හා එය දෙදරා යාම, අයතා සබඳතා හා ඔහුට මුණ ගැහෙන අය ආදීන් විස්තර කරමින් ආඛ්‍යායනය දිගැරේ. මේ ආඛ්‍යායනේ බොහෝ තැන් වල සාහිත්‍ය කෘතීන් හා සැඳහුම් වේ.  වවුලුව, ගුරුළුවත, පිටස්තරයා (The Outsider), සර්පයකු හා සටන් වැද, යළි උපන්නෙමි, ලොලිටා, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, නිසරු බිම් ( The Wasteland), ගෝඩෝ එනකං ( Waiting for Godot ),  යුලිසිස් (Ulyssis)  සහ හිමබිම (Snow Country) ඉන් සමහරකි. මේ ආශ්‍රේයන්ට එක් නිදසුනක් නම්, තම පියාගේ මරණයේ දී ඔහුගේ "පිටස්තරයකු" මෙන් වූ හැසිරීමය. පියාගේ මරණය දින දුටු නව යොවුන් වියේ දැරිවිය, ඔහුට ලොලිටාවකි.

උක්ත පුද්ගලයා මවගේ පෙම හා රැකවරණය නිසි ලෙස නොලත්තෙ අප කවියා ඒ ගැන මෙලෙස පබඳයි:

"නොදැක කිරිබර මවක පියොවුරු
හඬන්නට විය සතෙක් මොලකැටි
උකුල නොව රෙදිකඩකි වැරහැලි
අතක් කකුලක් වැනෙන සිරුරට"

තුරුණු වියේ දි ඔහුට සයිමන් හමුවේ; හේ සයිමන් ගේ සසුනේ පැවදි බව ලබයි. පහත සඳහන් සැසඳීම මා මහත් සිත ගති.

"මං ඇහුවා සයිමන්ගෙන්
අජිත් ලියූ දේවල් ගැන
අජිත්ගෙනුත්  මං ඇහුවා
සසර අරණ අසබඩ ගැන"

"සාත්‍රේට කැමු කිව්වෙ
Too philosophical
ඇල්බෙයාට එයා කිව්වේ
Too Sketchy"

විවාහය දෙදරා යාම මෙසේ විස්තර කරයි:

"නෙළුම් පත මත නොව
හබරල පතක වියැළුණු
බෙදා තම කැවුතු බත
වළඳන සමය එළැඹිණ

ඇති වී නොයෙක් වියවුල්
සිද බිඳ දමා දිගු විල්
තඹුරු ද ඉරා පෙර ලොල්
දිවි ගත කළේ අවකල්"

එසේ වුව ද කාව්‍ය ආඛ්‍යායනය සයිමන් ජීවත් වී සිටි යුගයේ එක් සිද්ධිදාමයක් වන තුරු සීමා වෙයි. සයිමන් ට ඔහුගේ "පුතු" වූ උක්ත පුද්ගලයා සොයා ගත නොහැකි වේ. අවසන දෙදෙනා නැවත මුණ ගැහෙන්නේ යුලිසිස් නවකතාව ආරෙන් ය - බ්ලූම් සහ ඩෙඩලස් මෙන්, සයිමන් සහ අප උක්ත ප්‍රධාන චරිතය එකම ගණිකාවක ගේ නිවස්නේ හමු වේ.

නීරස වී තිබූ එරික් ගේ කවිය නැවත කියවීම ට මෙම ආඛ්‍යාන කවිය හමාර වීමත් සමඟ සිතිණි. මගේ අවංක හැඟීම නම්, එරික් ට ද අන් සමහර ලේඛක ලේඛිකාවන් මෙන් ඔහුගේ නිර්මාණ වනන පරිවාර පිරිසක් සිටියේ නම්, ඔහුගේ නිර්මාණ වල ගැඹුර, ගුණය හා ප්‍රමාණය අනුව හේ මහත් අගැයුමට පාත්‍ර විය හැකි තිබූ බවකි. මින් හේ ඇගයුමට ලක් නොවෙන බවක් නොකියවේ. අද වන විට එරික් යනු බොහෝ සම්මාන වලට නිර්දේශ වන, කිහිපදෙනෙක් පමණක් රසවිඳින ලේඛකයෙකි. එහෙත් ඔහුගේ නිර්මාණ විෂය පථය පුළුල්ය. මා පවසනුයේ ඒ පිළිබඳ නිසි ඇගයීමක් නොවන වගකි. ඇරත් හේ නූතන ය. ඒ අතින් හේ අමරසේකර, කේ. ජයතිලක, තෝරදෙනිය අබිබවා ඇත. න්‍යාය පත්‍ර නැති හෙයින්, අන් නූතන ලේඛකයන්ගේ යුතෝපියානු අභිප්‍රායන්ගේ බඩු පොදි බරක් නැත. ඉන් හේ මා චමත්කාරයට පත් කරවයි.

( කවියා සටහනක මෙසේ පවසා ඇත: "කාව්‍යයේ මාතෘකාව සහ කාව්‍ය නායකයා පමණක් නොව සෙසු චරිත හා අවස්ථා ද සමකාලීන සාහිත්‍ය කලා ක්ෂේත්‍රය ඇසුරු කරගෙන අතත් ඒවා හුදෙක් මනංකල්පිතය. සැබෑ සිද්ධි ඇසුරු කර ගෙන නැත." )

The Other One - Amanda Jay


Amanda Jay won the Fairway award for best work of fiction, in the recently concluded Fairway Awards ceremony. Then a fellow reader, recommended it as a good steam-punk novel - not being into science fiction, I had to look up what that  genre was. Upon looking it up, it reminded me of the earlier series of Mad Max, and also a movie called "Hardware" I watched decades back. The fact that a Sri Lankan author has written a book on a genre that we are largely unused to, and that she has won an award for same, plus the recommendation of the said reader, gave me enough reason to invest in a Kindle version of the book.

At the outset it has to be said , that it was a page turner, and more than half of it was read while commuting to and from work. The plot is fantastic, and the world building is intriguing. The science behind the fiction, has not been really spent much time on - yet, that has minimal effect on the build up of the worlds which instill a sense of desperation and hopelessness - which appear to be the author's goal. For more than half of the way the author succeeds in keep the reader guessing, speeding through the pages as she tries to find out how such things came to pass after a blissful love affair between Ezra and Kaelyn.

Yet, from such a sense of desperation, things work out for everyone - except the single character who perished earlier - to a most hopeful ending. For me personally, I found it too hopeful, and I felt the end could've been better plotted. I couldn't rid a sense of the "Bollywood" as all the main players moved in at the final scene to clear out the doubts. The characters too were rather flat, and even the ones promising to be complex ones end up being "well meaning folk trying too desperately." Amidst all that criticism, the scale tilts in favour of Amanda, for her brave work in an unusual genre, coming out with a top class fiction, for most of the way. Accolades that you received
were well deserved, and my you go from strength to Strength, Amanda !


Sunday, 4 March 2018

ඇරැව්වල නන්දිමිත්‍රගේ තෝරාගත් කෙටිකතා

ඇරැව්වල නන්දිමිත්‍රයන් අභාවප්‍රාප්ත වී ඇත. එතුමන්ගේ කෙටි කතා විස්සක් එකතු කොට සුගත් වටගෙදර සංස්කරණය කල  "ඇරැව්වල නන්දිමිත්‍රගේ තෝරාගත් කෙටිකතා" නම් වූ පොත මා කියවූයේ 2010 වසරේ දී ය. එම පොත කියවා 2010 අගෝස්තු දහනම වන දින මගේ පෞද්ගලික සටහනක් පොතක  ලියා තැබූ විස්තරය මෙසේ පළ කරනුයේ එතුමන් ට ගෞරව දැක්වීමක් වශයෙනි. (සංස්කරණය අවම මෙය, පිටත ලොව හා බෙදා ගැනීමේ අරමුණෙන් මුලින් නොලියූවක් බව සළකන්න )


=======================================

කෙටි කතා විස්සක් එක්කාසු කර ගනිමින් සංස්කරණය කොට ඇති මේ කෘතිය කියවීමෙන් මම මහත් වින්දනයක් ලබා ගත්තෙමි. ඊට මූලික හේතුව, මේ කෙටි කතා විස්ස අතර දුර්වල යැයි ඉවත ලා හැකි ආරේ එකුදු කෙටි කතාවක් හෝ නැති නිසා ය. මෙම රසවත් කෙටි කතා විස්ස අතරින් "කළු ගඟ මුමුණයි", "ස්ත්‍රී", "සුද්දෝ සහ කොයින් මැණිකේ", "ආදරයේ එක්තරා අවස්තාවක්", "සුදු කොඩි" සහ "සුදු මැලි සඬහ් එළිය" මා බෙහෙවින් සිත් ගත් කෙටි කතාය. මෙහි එන ස්ත්‍රී චිත්‍රපටියක් වශයෙන් ද, සෙක්කු ගෙදර ටෙලි නාට්‍යයක් වශයෙන් ද නිර්මාණය වී ඇත.


විමර්ශනයක යෙදෙන මහාචාර්‍ය විමල් දිසානායකයන් පවසන්නේ ( ලේඛකයාගේ කුසලතා රැසක් ගැන කීමෙන් අනතුරුව ), ප්‍රධාන දුර්වලතා දෙකක් ඇති බවයි. ඉන් එකක් ලෙස අර්ථය හා වැදගත්කම කුමක්දැයි යන්න පිළිබඳ ප්‍රශ්ණයක් ඇති වන බව පවසයි.  දිසානායකයන් කියනා දෙයි නැත්තක් නැත්තේම නොවෙතත්, "වෛර නා රැජින", "මා සොයා එනු මැනවි" ආදිය අර්ථය වශයෙන් කුමන හේතුවක් සඳහා රචනා වී ඇතිදැයි සිතීම අපහසු නැත. බෞද්ධ ජාතක කථා වල කර්මඵල හා සමහර ජනවිශ්වාස වලට පදනම් වී ඒවා නිමවි ඇති බව වටහා ගැනීම අපහසු නැත.


නන්දිමිත්‍රගේ බොහෝ කෙටිකතා වල් අතීතය සිහිගැන්වීම් හෙවත් වර්තමානයේ සිට අතීතයට යෑම් ඇත. "වැස්සට තෙමෙන ලිපිකරුවා", "සුදුකොඩි", "සුද්දෝ සහ කොයින් මැණිකේ", "ගෙල සිඳීම", " කළු ගඟ මුමුණයි", "සිරි සහෝදරයා", "මා සොයා එනු මැනවි" ආදි බොහො කෙටි කතාවන් වල අඩු-වැඩි වශැයෙන් මෙම ලක්ෂණය ඇත. ඉන් කෙටිකතා වලට හානි සිදු වී ඇතැයි මින් ගම්‍ය නොවේ.

තවද වඩා මෑත කාලීන කෙටිකතා වල වඩාත් අත් හදා බැලීම් වලට ලේඛක තෙමේ යොමු වී ඇති බව පෙනේ. "දේවසේන", "අතුරුදන්වීම්", වෛර නා රජ" ආදිය ඊට නිදසුන් ය.

නන්දිමිත්‍රයන්ගේ කෙටිකතා හුදෙක් දාර්ශනික පරිකල්පනාවන් නොවේ. මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි බව, රාගය, ඊර්ශ්‍යාව, වෛරය ආදි මනුෂ්‍ය ස්වභාවයන් තම නිර්මාණ වලට මූලික කොට ඇති බැව් පෙනේ. ගැහැණුන්ගේ සහ පිර්මින්ගේ චපලකම් හා ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව ආදි හැඟීම් රැසක් ඔස්සේ ඔහුගේ බොහෝ නිර්මාණ විහිදේ.

ඔහුගේ ම පෙරවදනේ ඔහු කියන් පරිද්දෙන් "මා වැනි සුළු පුද්ගලයෙකු වෙනුවෙන් සිය වටිනා කාලය වැය කරමින් මෙවන් විමර්ෂණයක් සපයාදීම අගය කරමි", යන්නෙන් ඔහු ඉතා සරල පුද්ගලයෙකු  බැව් ඇඟවේ. ඔහු තව තැනෙක මෙසේ කියයි: "මා ඉපදී හැදී වැඩුණු පරිසරයත්, පවුලේ තත්ත්වයත්, ලබා ඇති සුළු අධ්‍යාපනයත් අනුව මා තුල ලේඛන කලාවට ඇල්මක් ඇති වූයේ කෙසේද යන්න සිතන විට වරෙක මවිතයක් ඇති වෙයි." මෙම කිසිදු මහන්තත්තයක් නැති සොඳුරු මිනිසා තම වටපිටාවෙන් බෙහෙවින් පෝෂ්‍ය වී ඇති පැහැදිලිය. ඒ හේතුවෙන් ම සමහර විට අපට වඩාත් ලංවිය හැකි ආරේ කෙටිකතා රචනා කර තිබෙනවා විය හැකිය.

Sunday, 25 February 2018

Notes from the Underground - Fyodor Dostoyevsky

"I look inside myself and see my heart is black
I see my red door, I must have it painted black
Maybe then I'll fade away and not have to face the facts
It's not easy facing up when your whole world is black"
                                    ( Paint it Black - Rolling Stones )

    This is possibly Dostoevsky's least organized, chaotic work, with doses of philosophy brimming over; it is in two parts and the first is a monologue, which reminded me of the Camus' masterpiece "The Fall" - and, it is considered one of the first existential novels ever written; so the style of the monologue - wordy, trying to justify one's outlook, one's doubts, what one wants a possible reader to seem like convictions. The book is in two parts - the monologue which run about 30% of the way - and then the second part, which is his recalling of certain life's early incidents - when he was a young man of twenty four ( He is forty at the time of the monologue). A few quotes from the monologue suffices to show the doubt our unnamed "Underground Man" is up against:

"Oh, gentlemen, do you know, perhaps I consider myself an intelligent man, only because all my life I have been able neither to begin nor to finish anything. Granted I am a babbler, a harmless vexatious babbler, like all of us. But what is to be done if the direct and sole vocation of every intelligent man is babble, that is, the intentional pouring of water through a sieve?"

Dostoyevsky, Fyodor. Notes from the Underground (pp. 20-23). Kindle Edition.

" And how do these wiseacres know that man wants a normal, a virtuous choice? What has made them conceive that man must want a rationally advantageous choice? What man wants is simply INDEPENDENT choice, whatever that independence may cost and wherever it may lead. And choice, of course, the devil only knows what choice.

Dostoyevsky, Fyodor. Notes from the Underground (pp. 30-31). Kindle Edition. "

"you tell me again that an enlightened and developed man, such, in short, as the future man will be, cannot consciously desire anything disadvantageous to himself, that that can be proved mathematically. I thoroughly agree, it can--by mathematics. But I repeat for the hundredth time, there is one case, one only, when man may consciously, purposely, desire what is injurious to himself, what is stupid, very stupid--simply in order to have the right to desire for himself even what is very stupid and not to be bound by an obligation to desire only what is sensible."

Dostoyevsky, Fyodor. Notes from the Underground (p. 32). Kindle Edition.

Every man has reminiscences which he would not tell to everyone, but only to his friends. He has other matters in his mind which he would not reveal even to his friends, but only to himself, and that in secret. But there are other things which a man is afraid to tell even to himself, and every decent man has a number of such things stored away in his mind. The more decent he is, the greater the number of such things in his mind.

Dostoyevsky, Fyodor. Notes from the Underground (p. 44). Kindle Edition.

As can be seen, the monologue travels through the narrator's doubts fueled by Nihilism, Existentialism and Egoism. Then we move to the second, larger part of the novel which has some plot - and shows our "Underground Man" for his true worth - how bogged down by egoism he has been in his youth, that he cannot deal in any relationship. That this egoism will ruin others too, who come to embrace, to help him out. The tale of Liza the twenty year old prostitute - who Dostoevsky shows us as in possession of virginal innocence, not with standing her current state in life. We then see that the narrator's stand at forty is fueled by his ideologies, but the primary reason for him to distance himself and make himself "a pedestal" , albeit below the functioning every day life - far from association of others is the egoism that he's been hampered with.

A relatively shorter work - a novella - is both a dark piece of writing, yet rewarding in its presentation of ideologies - and the fall to the underground. Another book that reminded me of is Herman Hesse's Steppenwolf. There too, we are shown that the man who elevates himself over other in ideologies, is possibly there due to early life events, of his own short coming, although smirking in self satisfaction in his own cocoon of making, in later life.

Sunday, 18 February 2018

හඳුන්මල් කඩුල්ල - සේන තෝරදෙනිය

"මට මතක් වෙනවා සුද්ද තැලූ පෙළු හැටි
අපි කතා කලේ පන ගැහි ගැහි දණින් වැටී..."
( පද - නිමල් මැන්දිස්; ගායනය - නෙවිල් ප්‍රනාන්දු; නීලා වික්‍රමසිංහ )
"පේරදෙනියෙ ඉස්ටෙසමේ ටිකැට් දෙන", නම් වූ කෙටි කතා සංග්‍රහයේ "වන්දනාකාරයෝ" නමින් කෙටි කතාවක් වෙයි. එහි එක්තරා බෑනෙකුගේ හදිසි වියෝව උහුලා ගත නොහැකි වූ මාමණ්ඩිය, මෙසේ හඬා වැටේ:
"මයෙ පුතේ... මයෙ යෝදයා... මයෙ පරපුරේ යෝදයා... යෝද බල.... යෝද දහිරිය තිබිච්චි උඹට මොකද මේ උණේ? මයෙ යෝදයා... මයෙ කඩොල් ඇතා... ඇයි මේකව ඉතුරු කරල මට දඬුවම් නොකෙරෙව්වේ? "
තෝරදෙනිය විසින් 2016 ඔක්තෝබරේ අග ලියා පළ කල හඳුන්මල් කඩුල්ල නම් වූ කෘතියේ 318 පිටුවේ මාමණ්ඩියක් තම ප්‍රියතම බෑණන්ඩියගේ හදිසි වියෝව නොඉවසන්නේ, මෙසේ ලත වන්නේය:
"මයෙ යෝදයෝ! උඹට මැරෙන්ට තෝපරේටම එන්ට සිද්ද උණා! මයෙ පරපුරේ යෝදයා! යෝද බල යෝද දහිරිය තිබිච්චි මයෙ කඩොල් ඇතා! ඇයි දෙයියනේ මෙහෙමත් කෝප වෙලා මයෙ කඩොල් ඇතාට දඬුවම් කෙරුවේ?"
වෙනස ඇත්තේ කෙටිකතාවේ සහ නවකතාවේ, මේ කියනා බෑණන්ඩියලාගේ මරණයට හේතුන් තුල ය. මෙම නවකතාවේ මුඛ්‍ය කාරණාව ලොකු බණ්ඩාර නොහොත් දෙනිහතේ රාළ නොහොත් වෙඬරුවේ බන්ඩා නම් වූ පාංශුදේහ දාරී පුරිසයා, වන්දනාගමනක් අතර හදිසියේ අවුරුදු තිස් හතරේ දී මිය ගියේ කෙසේ ද යන්න ය. සියළුදෙනාගේ සිත් ගත් පුද්ගලයෙකු වන ලොකු බණ්ඩාරගේ මරණය පරම්පරා තුනක් අතර ම රහසකි. පාතදුම්බර නම්බුකාර පරම්පරාවකින් පැවතෙන්නෝ, මෙකී ලොකු බණ්ඩාරගේ අකල් මරණය පිළිබඳ නිවැරදි විස්තර නොදත්තෝ, දැනුම් දී තිබුණු නිල හේතුව තුල යම් පමණ ලජ්ජාවකට කාරණා ඇත්තේ, පවුලේ වැඩිහිටි කිසිවෙක් මේ මරණය ගැන දොඩමළු නොවුවොය. ගුත්තිල නම් වූ, ලොකු බණ්ඩාර ගේ මුණුබුරා ට ද, සුසිරිරත්න බණ්ඩාර වෙඬරුව නම් වූ ඔහුගේ පුතුණුවුනට ද, ටිකිරි බණ්ඩාර නම් වු ඔහුගේ මස්සිනා ට ද, ඒ ඒ අයගේ මරණය තෙක්, ඔවුන් මියැදෙන්නට පෙර ලොකු බණ්ඩාරගේ මරණය ට සැබෑ හේතුව සොයා ගත නොහැකි වෙයි. ඒ ලොකු බණ්ඩාර දන්නා අය සහ ඔහුගේ පරම්පරාවේ අන් අය, ඔහු ගැන අසා ඇති කාරණාකාරණා හේතුවෙන්, ඔහුගේ මරණයට නිල හේතුව යැයි වෛද්‍යවරයා ගේ ඉදිරිපත් කල හේතුව පිළිගැනීමට මැළි වන නිසා ය. ඔවුන් සියළු දෙනා සිතනුයේ මෙම මරණයට වෙන යම් කාරණාවක් ඇති බවයි. ඒ ඥාතීන් මෙම සැබෑ හේතුව නොදැන මිය පරළොව ගියත්, පාඨක අපි ට කෘතිය අග එය නිරාවරණය වේ - එහෙත් ඒ වන විට ලොකු බණ්ඩාරගේ මී මුණුඹුරාට තම මී මුත්තා ගැන තඹ සතයක දෙයක් සෙවීමේ උවමනාවක් නැත. හේ නූතන පරම්පරාවෙහි ය. හේ ඔවදන් මායිම් නොකරන්නෙකි; තාක්ෂණවේදියෙකි; පියා නැති කල තමන් ඇති දැඩි කල තම සීයා අවඥ්ඥාවෙන් බැහැර කරන්නෙකි. නුමුදු මේ මරණයට හේතු සෙවීම සඳහා පාඨක අප ව ලේඛක තෙමේ වටවන්දනාවේ ගෙනියයි. එය කැමැත්තේ- නොකැමැත්තේ, ඒ ඒ පාඨකයා අනුව ය. මට එය සෑහෙන ප්‍රියය. වෙහෙසකර තැන් නැතුවා නොවේ ( හත්තිලව්වේ වන්දනා ගමනක් යද්දි මාන්සියක් දැනෙන්නැත්තං කොහොමෙ ? )
නවකතාව එක් අහඹු මරණයක් නිමිති කරලමින් කියාපාන්නේ 1913 තරම් මෑතක ඉංගිරිසි ආණ්ඩුව මගින් ස්වදේශිකයෝ කෙතෙරම් පීඩනයට ලක් වූවා දැයි යන කාරණාවයි. වන්දනාකරුවෝ නුවරකලාවියේ, තමන්කඩුවේ, තෝපාවැවේ යන්නෝ, කෙතෙරම් අහිංසක මිනිසුන් පෙළීමක් මේ සුද්දන් විසින් කරන්නෝ ද යන්න ත්, එය පාතදුම්ඹර තමන් මුහුණදෙන පෙළීමත් සසඳන්නෝ ය.
කතාවේ මුඛ්‍ය තේමාවේ කියැවෙන්නේ, අදට ත් අප රට මිනිසුන් තමනට අත් වූ ඉරණමේ සැබෑ තතු පිළිබඳ වැටහීමක් නැති තරමට අප සුද්දා අතින් තැළුණු බවට ය. "සුද්දා හිටියනම් මරු" යැයි නන්දොඩන්නන් මේ පොත කියවීම වටී. කිම ද ඔවුන් වචනයේ පරිසමාප්තියෙන් ම කොටසකට "මරු" ගෙනා නිසා ය. මේ කියන්නේ 1818 හෝ 1848 කැරැලි මර්දනය ගැන නොවේය. ඉන් මෙපිට ගැන ය. ඉතින් නූතන පරම්පරාවට මේ පොත රුස්සන්නේ නැති වීමට පුළුවන. එහෙත් මේ පෙළීම තේරුම් ගත යුතුය.
"අපි ගංවල හැම වැඩක්ම එකට හමුඩු වෙල කොරගත්තේ. එකා වගේ කට්ටි ගැහිලා, අපි කුඹුරු මඩ කොළේ, හී හෑවේ, වෙන කුඹුරු දිහා බලාන. එකට. වැවේ වතුර කුඹුරු කට්ටි ගාණට බෙදාගෙන. තනිතනියම එකලායක් වෙන්ඩ බැලුවෙ නෑ. අනිකා පාගාගෙන. හේං කෙටුවෙත් එහෙමයි. ඒත් සුදු මහත්තුරු ගමට ඇවිල්ලා කියන්නේ තනි තනියෙන් නැඟිටපල්ලා කියලා. ඒජන්ත උන්නාන්සෙගෙ අඬහැරේ ඕකමයි. උංගෙ රට වෙන රටවල් අල්ල ගත්තී එහෙමලු. තනි තනි මිනිහා නැගිටිනකොට මුළු තුළානම, කෝරළේම, පළාතම, රටම නැඟිටිනවාලු. අපිට එහෙම කොරන්ඩ චාලිත්තර ඉඩ දෙන්නෙ නෑ. අපි හැමෝටම කුඹුරේ පංගුවක් තියෙනවා. ඒ පංගු පවුලෙ ගාණ විදිහට දික් අතටහරි හරස් අතටහරි බෙදා ගත්තා. අපි කුරුල්ලොන්ට කන්ඩත් කුරුලුපාළුවක් ඉතුරු කරපු ජාතියක්. මෙහේ වෙන පළාත්වල වාගෙ තට්ටුමාරු ක්‍රමේ තිබ්බේ නෑ. වැවේ වතුර මඳි නං වැවේ වතුර ප්‍රමාණේ හැටියට වතුර අරපරෙස්සං කොරගෙන කුඹුරු කැබලි වෙන් කොරගෙන බෙත්මට වැඩ කොරපු ඇත්තො. සුදු මහත්තුරු කියන්නෙ බැරි එකාගෙ ඉඩං රොක් කර ගනිං කියලා. ඒක බැරි එකාටත් හොඳයි කියලා. ඌ එතකොට ගොවිතැනෙං අයිං වෙලා වෙන වැඩක් බලා ගනී කියලා. ඒක හරියට කන පත උදුරා ගන්නවා වගේ වැඩක්. කන පතේ රෙනව වගේ. අපිට එව්ව හුරු නෑ." ( 272-273 පිටු )
මේ කෘතිය ගැන පිටු ගණන් ලිව හැක: උඩු දුම්බර-පාත දුම්බර ජීවන රටාව; සුද්දන් ට විරුද්ධව කැරළි ගැසූ හැටි; එම මිනිසුන්ගේ ගුණ සහ දුර්වලතාවන්; ඔවුන්ව සුද්දන් පෙළු හැටි; නුවරකලාවියේ මිනිසුන්ව සුද්දන් පෙළු හැටි; මේ වන විට නුවරකලාවියේ ජීවිතය කෙතෙරම් දුෂ්කර ද යන වග - එපමණ්ක් නොව රාජ්‍ය සේවය; එහි ගැටළු; නානුඔය සිට නුවර එළිය හරහා රාගල දක්වා දිවූ "පුංචි කෝච්චිය" ආදි මෙකී නොකී කතා රැසක් මේ පිටු 351ක් හරහා කියැවේ. තෝරදෙනිය ඉතා ලක්ෂනට සිහල බසින් ලියන්නේ, ආගිය තැන් මුල ගිය තැන් ඔස්සේ ය. ඒ ඔහුගේ ලේඛන ශෛලියයි. තැනෙක බිල්පත් ය; තැනෙක දුම්රිය මාර්ග විස්තරය; තැනෙක මාර්ග විස්තරය; ඉතින් මේ පොත කියවෙන්නෙකු ට යම් ඉවසීමක් තිබිය යුතුම ය. එනුමුදු වත්මනෙහි "මායා යථාර්තවාදි රීතියේ" පොතක් පිටු පන්සිය ගණණාවක් පුරා දිව ගොස් අතිශය වෙහෙසකර කියවීමක් ව අවසන් වද්දි, එය ද සමහර සම්මාන වලට නිර්දේශ වද්දී, මෙවන් පොත් නිර්දේශ නොවීම පුදුම ය. කිම ද, මේ පොතෙන් ගත හැකි දේබහු ල ය ( මෙය ගොඩගේ සම්මානයට නිර්දේශ විය ).
මෙහි අග මුල ගිය විස්තර රසවත් ය. නිදසුන්;
"'මෙහේ ඉඩං අයිතිය ව්නස්. පරවේණි ඉඩං ඇර අනික් ඔක්කෝම ඉඩං ගෝරමේන්තුවේ. අපේ ගොඩැ ඉඩංවල අයිතිය ගෝරමේන්තුවට හැකයි. හේං කොටංඩ යාප්පු වෙන්ඩ ඕනෑ. ලැයිසොං ගන්ඩ ඕනෑ. සුපියල දෙක හේං කාසි ගෙවන්ඩවත් අපේ ඇත්තන්ට බැරිමරගාතේ. වී බදුවලින් අපේ ඇත්තො උහුලංඩ බැරි පදමට අහීපාත උණා. ඒ අව්වස්සෙ හරක් උලා කනවටත් දඩකාසි ගත්තා.'
මේ ඉඩම් තමන්ගේ උරුමය යයි සිතූ ගැමියන් බලපත්‍ර ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට සිදුවූයේ දඩැකාසි ගෙවීමටය.
අපේ පැත්තෙත් මෙයාකාර තමයි.ගම් අවට ලොකු ඉඩම් අයිති සුද්දන්ගෙ කොම්පැනිවලට. උන් කෝපි, තේ, රබර්, කොකෝ, එනසාල් වැව්වෙ එව්වායෙ. එව්ව ක්‍රවුන් ලෑන්ඩ් කියලයි කිව්වේ. එංගලන්තෙ රජ්ජුරුවොන්ට අයිතියි. අපිට එව්වැ කොටන්ට අයිතියක් තිබ්බේ නෑ. එව්ව ඔක්කොම අපේ ඉඩම්. බලහත්කාරයෙන් අල්ලගත්තු එව්වා'යි ටිකිරි බන්ඩාර කීවේ ලොකු බණ්ඩාර ද දන්නා යමක් පහදා දීමටය.'" (252-253 පිටු )
"මරදන්කඩවල සිට හබරණ දක්වා ඇත්තේ වන දුර්ගයකි. එහි ඇත්තේ දුෂ්කර, රළු, කටුක පාරකි. දෙපස අඳුරු වනාන්තරවලින් වැසී ඇත. පාර පුරා රතු වැලි හා බොරලුය. වැස්සෙන් පාර සෝදාගෙන ගොස් ඇත. ඇළ මාර්ගයක් වැන්න. ගමන දුෂ්කරය. ගොනුන්ට වේගයෙන් යා නොහැකිය. අලින් වලසුන් හා නරින් පාර හරහා යනු පෙනේ. වළිකුකුළෝ කිකිළියන් පිරිවරා සිටිති. මොනරු පිල් විදහා රඟන බව පෙනෙන්නේ එළිමහනකදීය. මොනරුන් හා මොනරියන්ගේ කෙකානාද ගුවනට මුසුවෙයි. උන් කෙකාසර නඟන්නේ කරත්ත රෝදවලින් නැඟෙන දඩ දඩ හඬට බියවීද, ස්‍රංගාර මතින්දැයි කිව නොහැකිය. "( 304 පිටුව )
"කන්දෙක පහළට එල්ලා වැටෙන, බෙල්ල පහත් කරගත්, කටෙන් සෙම ගලන, ඇස්වලින් කඳුළු බේරෙන ගව රංචු දැක ගත හැකි විය. මේ රෝගි වූ ගවයින්ය. උන්ගේ ගොමවලද ලේ තැවරී අත. ඇඟ පුරා මැස්සන්ය. කට තුවාල වී ඇති හෙයින් උනට උලා කෑ නොහැකිය. බීමට ජලය නැත. මඟදිගට ගවයින්ගේ මළැකුණුය. සතුන් විසින් කා දමන ලද ගවයින්ගේ කොටස්ය. ඇටකටුය." (307 පිටුව )
යම් පරීශ්‍රමයක් දරා, එක් ආකාරයක අත්දැකීමක් විඳ ගැනීමට කැමැත්තෝ මෙය කියවත්වා. ඉංග්‍රීසි, හා අනෙක් භාෂා නවකතා වල ප්‍රස්තුත කාරණයෙන් පිටයෑම්, මහත් රසවත් යැයි කියා පා, සිංහල නවකතා වලදි යම් විෂයක් ඔස්සේ කිමිදීම නොඉවසන්නන් ට මෙය කියවීම ට අනුමත නොකරමි. මා හට නම් මෙය "බණ්ඩර මැරූ උන්", " සදත් විල මහා සුභද්‍රාවෝ" ආදි රසවත් නවකතා සමඟ එක පෙළට තිබිය හැකි ආරේ නවකතාවකි."