බොර තෙල්, නයිගලින් උපන් පුත්‍රයා, රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා සහ රන් කරඬුව යන කෘතීන් සතර මීට පෙර මේ කතුවරයාගේ කියවා ඇත්තෙමි. ප්‍රභාණි නම් එ හිමියන්ගේ සම්මානනීය නවකතාව මා සතු වෙතත් කියවීමට ඉවරයක් මෙතෙක් නොලත්තෙමි. මිණි ඊළ කියවීම මගැරියෙමි ( පාඨක විචාර හේතුවෙන් ).
කලින්, ගුම්, නොකියවමියි සිතා සිටිය ද පුස්තකාලයක දී දුටු විට රැගෙන කියවීමට සිත් පහළ වූයේ එය 2018 ස්වර්ණ පුස්තක අවසන වටයට නිර්දේශ වීම හේතුවෙන් විය යුතුය.
බොර තෙල් වලින් මෙපිට කතුවරයාගේ කිය වූ එකඳු කෘතියක් හෝ සම්පූර්ණ යතාර්ථවාදි ආරක නවකතා නොවිණි. රන් කරඬුව අති සාර්තක නවකතාවක් වුව ද අන් කෘති දෙක පිළිබඳ එතරම් මතක සිටින ආරේ ප්‍රසන්න හැඟීම් මේ වන විට ඉතුරු කර නැත. බොහෝ විට ආතිය නිසා ම, පසු පසු වෙද්දි කියවීමේ උත්තේජනය බාල වීම හේතුවෙන් විය හැක. මා එසේ පවසන්නේ ඒ දේ ම මේ කෘතියේ අවසන් කොටස ට අවතීර්ණයේ දී සිදු වීම හේතුවෙනි. පෙර දා රාත්‍රියේ පොත හමාර කරලීමට පිටු දහයක් ඉතුරුව තිබිය දී මට නින්ද ගියේය. පොතක අවසන් කොටසට පැමිණී කල එසේ වීම, මගේ නින්දේ ස්වභාවයට වඩා, කෘතිය ඒ වන විට ද පාඨක මනස තුල ගම්‍යතාවක් තනා නොතිබීම පිළිබඳ දෙස් දෙන බවකි මගේ අදහස.
එසේ වුවද එක්තරා අවස්තාවක කතු හිමියන්ගේ රූපක භාවිතය ( අවිවාදයෙන් එහිමියන්ගේ ශූරත්වය රූපක භාවිතාවේ ය; බුදු දහම හා, ඒ හා අදාළ සාහිත්‍ය උන් වහන්සේ ට බල පා ඇති බවට විශ්වාස කරමි ) අති විශිඨය. මායීම්-සීමා සහිත අධ්‍යාපනය එක්තරා කොටසකගේ උවමනාවන් වෙනුවෙන් සේවය කිරීම, තමන් ගේ ශ්‍රමය හා නිෂ්පාදන සූරා කෑමේ සියුම් උපක්‍රම ආදිය පිළිබඳ රූපක භාවිතාව අපූරුය.
මෙහි එන ප්‍රධාන චරිතය වන ජයතුපාළ ක්‍රියාත්මක වන්නේ ඔහු පෞද්ගලික කම්පනයකට පත් වීමෙන් පසුවය. ඔහු තුල ඇති විභවය ඔහු තේරුම් ගෙන තිබුන ද, ඒ ගැන ඔහු විශ්වාස කල ද, එය තහවුරු කරලීම ට ඔහු පමා වූයේ ඇයි ? ඒ ඔහු ද පෞද්ගලික හේතූන් නිසා ක්‍රියා කලා නොවේද ? අපි නැවත වරක් ඇඩම් ස්මිත් ගේ න්‍යාය ම තහවුරු වන අවස්තාවක්, එනම් පුද්ගලික හේතු ( මෙතන ලාභය වෙනුවට වේදනාව හා වෛරය ) මූලික වෙයි.
ඉතින් මේ ගෙත්තම තුල අප හිමියන් සියුම් විශ්මයක් සිදු කර නැතුවා නොවේ. එහෙත්, පෙර කී පරිදි නවකතාව ඉදිරියට ගලා යෑම ට අවශ්‍ය ගාමක බලයක් රඳවා ගැනිමට කතු හිමියන් සමත් ව නැත. ඒ හේතුවෙන් එ හිමියන් එක්කාසු කල රසවත් මූලශ්‍ර, රූපක ආදියෙන් ලිවිය හැකි හොඳම නවකතාව ලියවුනේද යන්න සැකයක් උපදී.
අපූරු රූපක භාවිතාව දැකීමෙන් තෘප්තිමත් වන පාඨකයන් හට කියවීමට සුදුසු පොතකි. අග ට වන්න ට කියවීම මදක් මන්දගාමී වීම ඉවසිය හැකි නම්, කියවීමට සුදුසු වන්නේ පිටු 168 ට සීමා වන හෙයිනි. ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණීම නම් මට තේරුම් ගත නොහැක.

"තම නිෂ්පාදන අරභයා ප්‍රාග්ධනය ස්වභාවික ලෝකයෙන් සොයා ගැනීමට ප්‍රජාව සතුව තිබූ දැනුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් වෙනස් ස්වරූපකට හරවා තිබුණි. ඒ වෙනුවෙන් සතුරු සේනාවන්ට අයත් ප්‍රාග්ධනය පුරවැසියන්ගේ අතපොවන මානයට ගෙනැවිත් දී තිබුණි. සොයාගෙන යා යුතු ප්‍රාග්ධනය අතට ගෙනත් දෙන්නට තරම් නිෂ්පාදන කොල්ලකරුවෝ උපක්‍රමශීලි වූවෝය. ඒ සෑම අවස්ථාවකමදීම නිෂ්පාදන ශ්‍රමිකයින් වූ ප්‍රජාව සිතුවේ මේ ප්‍රාග්ධන හිමියන් ඉතා සත්ගුණවත් පිරිසක් බවය. "(94 පිටුව )මේ සැසඳීම, ව්‍යාපාරික තලයේ මී මැසි කොලණියක් තුලින් මී පැණි ආශ්‍රිත නිෂ්පාදන වලට ගෙන ඇති අයුරු අපූරුය. මී මැස්සන් භාවිත කරනා මල් වර්ගීකරණය ඔස්සේ, ව්‍යාපාරික ලෝකය මී පැණි වර්ග කරලීමත්, ඊට ලොව පුරා වෙසෙසින් සංවර්ධිත ආදායම් වැඩි ලෝකයේ දෛනික ආහාර වේලේ කොටසක් බවට පත්වී තිබීමත් මී මැස්සන් බාවිතාව පිළිබඳ දෙස් තියයි. එය ඇඩම් ස්මිත් ගේ න්‍යාය හා භාවිත කොට ඇති අයුරු අපූරුය.
මෙහි එන ප්‍රධාන චරිතය වන ජයතුපාළ ක්‍රියාත්මක වන්නේ ඔහු පෞද්ගලික කම්පනයකට පත් වීමෙන් පසුවය. ඔහු තුල ඇති විභවය ඔහු තේරුම් ගෙන තිබුන ද, ඒ ගැන ඔහු විශ්වාස කල ද, එය තහවුරු කරලීම ට ඔහු පමා වූයේ ඇයි ? ඒ ඔහු ද පෞද්ගලික හේතූන් නිසා ක්‍රියා කලා නොවේද ? අපි නැවත වරක් ඇඩම් ස්මිත් ගේ න්‍යාය ම තහවුරු වන අවස්තාවක්, එනම් පුද්ගලික හේතු ( මෙතන ලාභය වෙනුවට වේදනාව හා වෛරය ) මූලික වෙයි.
ඉතින් මේ ගෙත්තම තුල අප හිමියන් සියුම් විශ්මයක් සිදු කර නැතුවා නොවේ. එහෙත්, පෙර කී පරිදි නවකතාව ඉදිරියට ගලා යෑම ට අවශ්‍ය ගාමක බලයක් රඳවා ගැනිමට කතු හිමියන් සමත් ව නැත. ඒ හේතුවෙන් එ හිමියන් එක්කාසු කල රසවත් මූලශ්‍ර, රූපක ආදියෙන් ලිවිය හැකි හොඳම නවකතාව ලියවුනේද යන්න සැකයක් උපදී.
අපූරු රූපක භාවිතාව දැකීමෙන් තෘප්තිමත් වන පාඨකයන් හට කියවීමට සුදුසු පොතකි. අග ට වන්න ට කියවීම මදක් මන්දගාමී වීම ඉවසිය හැකි නම්, කියවීමට සුදුසු වන්නේ පිටු 168 ට සීමා වන හෙයිනි. ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණීම නම් මට තේරුම් ගත නොහැක.
No comments:
Post a Comment