2016 දී නව කථා ඇගයූ සෑම සම්මානයකට ම නිර්දේශ වූ ද, ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගැනීමට සමත් වූ ද, ලියනගේ අමරකීර්ති රචනා කල අහම්බකාරක කියවූවෙමි. මේ කෘතිය පිළිබඳ බොහෝ දේ දැනට ම ලියැවී ඇති නිසා, මා මාගේ නිරීක්ෂණයන් කිහිපයකටත්, මෑතක අමරකීර්ති ම ලියූ ලිපියකින් ඔහුගේ සාහිත්‍ය සේවනයේ ස්වභාවය කියවීමටත් උත්සාහ කරමි.
නිරීක්ෂණ 1: වර්තමාන සමාජයේ පෙළඹවීම
එය බන්දුල බලගල්ලේ තමන් ම හඳුනාගත් පරිදි, "නිකං හිටපු මිනිසෙකු" ප්‍රසිද්ධ ව්‍යාපාරකයෙකු බවට පරිවර්තනය වීම හරහා, ලේඛක තෙමේ වර්තමාන ලාංකීය සමාජය, එම සමාජයෙන් තරමක් ඈත් වී විසීමට යත්න දරණ මිනිසෙකුට පවා කෙරෙන බලපෑම නිරීක්ෂණය කර ඇතැයි සිතමි. පළමු කාරණය බලගල්ලේට හුදකලාවීමට ඉස්පාසුව තිබීමයි. එය අප සමාජයේ ඇත්තේ ඉතා සුළුතරයකට ය. බලගල්ලේ ගේ පවුල් පසුබිම ඔහුට එම තිරණය ට අවකාශ ලබා දෙයි. රාධා ට පමණක් නොව ක්‍රිස්ටීන් ට පවා, තමන් කෙතෙරම් කලාවට, උසස් සාහිත්‍යයට, උසස් චින්තනයට කැමති වුවද, තමන් කැමති ආරට තම දිවි පෙවෙත තනා ගැනීමේ අවකාශය නොලැබේ. ඉතින් එසේ අද වන විට මුදල් හම්බ කිරීම වෙනුවෙන් සියල්ල කැප කරන සමාජයෙන් සිතා මතා ඈත් වී සිටින මිනිසා ට පවා, බාහිර සාධක හේතුවෙන් තම සිතැඟි අනුව ජීවත් වීමට නොහැකි වේ. නිදසුනක් ලෙස බලගල්ල අනවශ්‍ය ලෙස තමන් සම්බන්ධ නොවෙන දේශපාලන පොරපිටියක කොටසක් වන්නේ අන් අය නිසා ය ( රත්නායක ඝාතනය සහ විවිගේ බොරු රෝහල්ගත වීම හේතුවෙනි.) වර්තමාන සමාජය මිනිසා තමන් ම විශ්වාස කරන අවම ආචාර ධර්ම පද්ධතියක් තුල විසීම ඇත්තෙන්ම අභියෝගයකි. රාධා, බන්දු බලගල්ලේ වෙත පැමිණ, විවි ගේ පාරිශුද්ධතවය ගැන විමසන්නේ තම අවම ආචාරධර්මයනට පටහැණි මුත්, ආර්ථික සහ පෞද්ගලික හේතුන් මත විවිගෙන් ඈත් වීමට නොහැකි නිසා ය. හෙවත් විවි තුල වැරැද්දක් නොවෙන බවට තමන්ව ම රවට්ටා ගන්නටය.
දෙවෙනි නිරීක්ෂණය: මෙහි එන අනෙක් වැදගත් කරුණ නම්, ගමේ වෙසෙන වාමවාදි තරුණයකු වන සේන සහ බන්දුල බලගල්ලේ අතර ඇතිවන මිත්‍රත්වයයි. බලගල්ලේ, තමන් පරිශීලනය කල සාහිත්‍යයෙන්, එන්ගලන්තයෙ දී ආශ්‍රය කල රැඩිකල් අදහස් ඇති තරණ-තරුණියන්, තමන් විසින් ම ඉදි කොට ගත් සාරධර්ම පද්ධතියක් මත පිහිටා වෙසෙද්දි, වාමවාදි අදහස් ඇති සේන සමාජ සාධාරණත්වය ගැන විශ්වාස කරන්නේ, බොහෝ අදහස් වලින් බලගල්ලේ සමඟ සමපාත වන්නේ ය. වන අතර ය. මෙහි, ඉතා සියුම් ලෙස කතුවරයා, අප රට තරුණ වාමවාදියා ටැ ඇගයීමක් ලබා දෙයි.
තෙවෙනි නිරීක්ෂණය: වචන වල ඇති බලවත්කම
විවි, කල කථාවක කොටසක් පත්තරයකින් බලාගෙන සේන කියවයි. එය අසා සිටින බලගල්ලේ ට මෙවන් සිතුවිලි පහළැ වේ; "පණ පිහිටුවා, හඬ නංවා කියන කල සිංහල භාෂාව රුධිරයට එකතු වී ශ්‍රාවකයා ද පණ ගන්වයි. මේ වචනවල එන අදහස් ගැන විවේචනයක් ඇති සේන ඒ වචන්වලට පණ දෙන කල ඒවාබන්දුල බලගල්ලගේ රුධිරය පණගන්වන තරම් උණුසුම්ය." (290 පිටුව )
"ලිංගික ඊර්ෂ්‍යාව සහ පන්ති වෛරය දෙකම එක්ව කළැ ලූම්පන් කුමන්ත්‍රණයක් මවුබිමේ සුජාත පුත්‍රයා බිලිගනී" ( 279 පිටුව )
"ඒ සියල්ලටමත් වඩා මගේම තාප්පයේ ඇති පෝස්ටරය මගේ හිත දැඩි සේ රිදවීය. එවැනි කුරිරු භාෂා භාවිතයක් මා ඉන් පෙර දැක නොතිබිණි. සංකීර්ණ ආදර කතාවක් එක රතු අකුරු පේළියකට ඌණ කළැ පෝස්ටරය එය පිටුපසින් සිටින අයගේ භාවමය දුප්පත්කමද තමන් සතුරා යැයි හඳුනා ගන්නා අයට හොඳටම රිදවීමේ දක්ෂකම ද පෙන්වන්නේ යැයි මට සිතිණි." (282 පිටුව )
කතුවරයා පෙන්වා දෙන්නේ සිංහල භාෂාව භාවිත කොට තමන් සතුරා ලෙස දකින අයට බැට දෙන්නේ වාවාගත නොහැකි අයුරින් යැයි කියා ය. අන් තැනෙක සමහර සිංහල වචන සාමාන්‍යකරණ කොට භාවිත කොට විකෘති අර්ථ ගෙන දෙන අයුරු නිදර්ශන ලෙස ගෙන හැර දක්වයි. මෙමගින් අපි සිංහල භාෂාව භාවිතාවේ ඇති යම් විකෘතිමය තත්ත්වයක්, සහ සංස්කෘතික තලයක දී, අප සියළු ආකාර විනීතකම් විනාශකරමින්, "තිරිංග නොමැති ව" වචන භාවිතා කරන අයුරු ගැන ඇඟවේ. ඉංග්‍රීසි භාෂාවේ නොහොඳ යන්න ඇඟවීමට භාවිත කරන "not the best", "average", යන වචන ද, යම් යෝජනවාක්, අදහසක් පිළිගත හැකි වීම ප්‍රශ්ණකාරි බව ඇඟවීමට භාවිත කරනා "interesting idea/proposal " යන වදන ආදිය හා සැසඳුවේ දැයි මම නොදනිමි. එහෙත් කතුවරයාගේ සිතේ එවන් අදහසක් ද තිබෙන්න ට හැකි යැයි ද සිතේ.

අමරකීර්ති තමන්ව හෙළිදරවු කිරීම: මා මේ නිරීක්ෂණ ඉදිරිපත් කලේ, පොත කියවා දින කිහිපයක් ගත වුව ද, අද කියවූ ලිපියක් තුලින් අමරකීර්ති පවසන සමහර දෑ මේ කෘතිය තුලින් දැකිය හැකි වීම හේතුවෙනි. අදාළ ලිපිය 2016, සැප්තැම්බරයේ 25 දින රාවය පත්තරයේ පළ වූ "එරික් ට පිලිතුරක්: අයියණ්ඩි බියනොවන්න - ඔබ තාම මියගොස් නැත" යන ලිපියයි හේ එම ලිපියේ පහත කරුණු ( තමන් සබැඳිව ) පවසයි:
"අර්ථමය අදම්‍යතාව යනු පාඨකයා විසින් පඨිතය සම්පූර්ණයෙන් දමනය කර තාර්කික අත්-අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන ගුණයයි... පශ්චාත් නූතනවාදි කලාකරුවෝ සහ විචාරකයෝ ඉතා ජනප්‍රිය සරල කලාත්මක නිෂ්පාදන තුළ පවා මෙය කල හැකි යැයි විශ්වාස කළහ."
"මා නම් විවිධ අන්දමේ ජාතිවාදීන්ගෙන් බැටකමින් මා අයත් ප්‍රජාවේ විඥානය වෙනස් කිරීමට කැප වී සිටිමි"
"මා කලාව දකින්නේ අතිපාරිශුද්ධ දුරස්ථ සත්භාවී ස්වභාවයක් ඇත්තක් ලෙස නොවේ. එය අනෙක් මිනිස් ප්‍රකාශනවලින් වෙනස් වන අතරම මහජන පරිමණ්ඩලය වෙත ළං විය හැකි මැදිහත්වීම්වාදි වස්තුවකියි මම සිතමි."
අමරකීර්ති තමන්ව හෙළිදරවු කිරීම:
කෘතියේ තක්සේරුව: ඉදින් අමරකීර්ති ගේ කෘති වල "ඇරියස් මකා ගැනීම" ( මෙහි නම් "නලියා" නැත - හැබැයි අහඹු ලෙස විජය වික්‍රමසිංහ හෙවත් විවි, අමරකීර්තිලා ට අප්‍රිය අන් දේශපාඥ්ඥයෙකුගේ මුලකුරු සමඟ පෑහේ. "අපි අපි" ද පසු ගිය සමයේ ඔයිට ආසන්න අයුරින් භාවිත. වූ වදන් පෙළකි - සැබෑවකි, ඔහු ඇඟවීම් පවා වඩා සියුම් තලයකට ගෙන ගොස් ඇත ; දොස්තරලා ඇරියස් මකා ගැනීම ගැන ඔවුන්ට දොස් නගා ඇත ), වාමවාදීන්ට සියුම්ව ඔසවා තැබීම ("ඔය රතු කමිසකාරයෝ විතරයි මවුබිම කිය කියා කෑගහන එව්වන්ගෙන් ඒක වෙනුවෙන් මැරෙන්ඩ ඉන්නේ" - 325 පිටුව ), ජාතිකත්වය ජාතිවාදය බවට සියුම්ව අර්ථ දැක්වීම සහ එය ධනවාදයේ උවමනාවන් නිසා ක්‍රියාත්මක වන්නක් බැව් පෙන්වන්න උත්සාහ කිරීම, ඔහුගේ කලා භාවිතාවේ, මැදිහත්වීමේ, ගුණාංගය. ඒ අර්ථයෙන් මීට පෙර ද මා පවසා ඇති පරිදි, අමරසේකර සහ අමරකීර්ති අතර වෙනසක් නැත (අමරසේකර තම විශ්වාසයන් එය "ගමනක මුල" පොත් පෙළේ, මරණ මංචකයේ දුටු සිහිනය ආදි කෘති වල එතරම් සාර්ථකව නිර්මාණයට අන්තර්ගත කොට නැති බැව් අනෙකකි - එය ගල් පිළිමය සහ බොල් පිළිමය, එක් සත්‍ය කථාවක් ආදියෙන් වඩා සාර්ථක ලෙස සමෝධානය කොට ඇත ). අමරකීර්ති, තමන් ඉටු කිරීමට තෝරා ගත් මැදිහත් වීම ඉතා සාර්ථකව ඉටු කරන්නේ ය. එය කුරුලු හදවතේ . "කුරුළු පාළුව" අහම්බයක් කිරීමට තරම් සැහැසි වූ නමුත්, මෙහි අප සමාජය පුද්ගලයන් මත බලෙන් පටවන පීඩන පිළිබඳ පැවසීමට තරම් සංවේදි වෙයි. සැබවින් ම මා මෙම කෘතිය කුරුලු හදවට වඩා බොහෝ සේ රස වින්දෙමි. මට හැඟෙන පරිද්දෙන් කුරුලු හදවත තුලින් අමරකීර්ති වඩා "ලාභ විදියට" තම මතිමතාන්තර පාඨකයා වෙත ආරෝපනය කරන්න තැනුවා නම්, මෙය ඊට බොහෝ ලෙස පරිපූර්ණ, සුමට වන ලෙස ඔප මට්ටම් කල සාර්ථක නිර්මාණයක් බවයි. 2015 ප්‍රකාශ වූ නවකතා අතුරින් "දූල්වල අලංකාරේ" සමඟින් ඉදිරියෙන් ම පවතින නවකතාවකි ( එරික් ඉල්යප්ආරච්චිගේ පරදේසි තවම කියවීමට ඉතුරුව ඇත )
සුපිරි සහෝදරය. මේක FB එකේ වගේ දැම්මං මීට වඩා ගොඩක් හොද ප්‍රතිචාර ලබාගන්න තිබුනා❤️🔥
ReplyDelete