ප්‍රින්ස් ගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහය කියවා, ඒ ගැන කෙටි සටහනක් ලියද්දී පැවසූ අයුරින්, එහි ප්‍රධාන කෙටිකතා දෙක කියවා අවසන් වද්දී ම "පුස්තකාල පූසා" ව ගෙදර ගෙන ආමි. දැන් ඌ ගැන ද යමක් කීමට කාලයයි. ඒ මෙසේයි:
ලේක්ඛකයා ලියන්න ට කියන්න ට හැකි, පූසෙකුත් (ඌ ය "පුස්තකාල පූසා" ), පූසන් හා දොඩමළු වන මීයෙකුත් මාර්ගයෙන්, 'පහත් තැනින් යයි ගලා ජලේ' න්‍යාය ක්‍රියාවට නැංවීමෙන්, තමන් ගේ දේශපාලන, ආර්ථික අරමුණු ක්ෂාත් ක්ෂාත් කරගනු වස්, යම් අයෙකු ගේ යම් දුර්වලතාවක් අලලා ඒ මත ක්‍රියාත්මක වීමත් පෙන්නුම් කරයි. මේවා ඇත්තෙන් ම කෙටිකතාවක ට සීමා නොවෙච්චි අද වන විට ලාංකේය පොදු ලක්ෂණය. අපි සැම හිතන්නේ, "හිටහංකෝ මං කරන්නං.." කියා අනෙකා ට වින කටිමින් තම මග පාදා ගැනීමටය. බහුතරය එසේ කරද්දී සිදු වන්නේ සම්ප්‍රයුක්ත බලය එක්නෙකා ගේ සුළි ශක්තීන් නසමින්, පොදුවේ එක තැන වෙසෙමින් දවසින් දවස රටක් ලෙස පසුබෑම් වලට ලක් වීමය. කෙටිකතාවක් ලෙස මෙය රසවත් වුවත්, මෙය මීට පෙර කතාවට නොනැගුණු මැයක් නම් නෙමේ.
ප්‍රේම කිරීමේ රසය එක්තරා අන්දමකින් ඇත්තේ ප්‍රේමය නැවත විඳීමේදි නොව, තමන් ලබා දෙන ප්‍රේමයේ ජඹුර හා කැපකිරීමේ තරම මතය.
"උන්ට කුද ගහගන්න කියපං... ඌට ලව් කරන එක මගේ වැඩක්... ඌ කැමති උණත් නැතත්"(15 පිටුව)"සිප්පි කටුවල කතාවක්" මෙහි එන මා වඩාත් රස විඳි කෙටිකතාව යැයි සිතමි. තමන්ගේ මහත් කැප කිරීම තම පෙම්වතාගේ පවුල පිළිනොගන්නේ වුව, තමනට හැකි අයුරින් තම සිතේ සහනයට යම ක්‍රමවේදයක් සොයාගැනීමට ජානකී සමත් වෙයි. කෙටිකතාව පදනම් වන පරිසරය සාර්ථක ලෙස ගොඩ නැගීමට ප්‍රින්ස් සමත් වී ඇත.
අලෙවිකරණය මත වර්තමාන ජීවිත දිවෙන බවකි සත්‍යය. අපිට මෙවන් උවමනාවන් තියෙනවා නේද කියා අප ම තේරුම් ගන්නේ අලෙවිකරණැ ක්‍රම්වේද මගිනි. මෙහි එන චැනල් වෙළෙන්දා, තොප්පි වලට වේවා, ජෙල් වලට වේවා, වෙළඳපොළක් නිර්මාණය කිරීමට සමතෙකි. "තොප්පි වෙළෙන්දා" දිනුවා වේවා, ජෙල් වෙළෙන්දා දිනුවා වේවා, චැනල් වෙළෙන්දා නම් නියත වශයෙන් දිනන්නේය.
බිලිං ගෙඩියක ඇඹුල මෙන් තම පැරණි පෙමක මතකය අමතක කිරීමට අපහසු සිරිනාථ, තම බිරිඳගේ බලාධිකාරිය හමුවේ අසරණ වේ. මේ මතකය ඔස්සේ දිවෙන කෙටිකතාවකි, "බිලිං ගස".
ජිවන මට්ටම, රැකියාව, සහ ආර්ථික තත්වය මත තරුණයෙකුට තරුණියක හිමි වන්නේ ද නැද්ද යන්න ගැනත්, එය හිමි වීමක් ද, ගොදුරු වීමක් ද යන්න පිළිබඳ කෙටිකතාවකි, "සුබ ගමන්". පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු සහ රියදුරෙකු ගේ දෛනික චරියාව, සහ තරුණ කොන්දොස්තරට පෙමක ඉඟියක් ලබාදෙන තරුණියක්, භාවිත කොට අපූරු රසවත් කෙටිකතාවක් ගෙතී ඇත.
පසුගිය "කොරෝනා කාලෙ" අප රට, වෙසෙසින් දෛනිකව මුදල් උපනයන්නන් හට ඉතා දුක්ඛිත කාලයක් ගෙන දුනි. කීයක් හෝ හම්බකර ගැනීමට නොහැකිව තම දරු මල්ලන් බඩගින්නේ තබනවාට වඩා, තමනට කොරෝනා වැළඳීම ම පිලිතුරක් ලෙස අයෙකුට පෙනුනේ නම් එහි වරදක් නැත.
ලතාගේ කතාව හෙවත් නිදොස්කොට නිදහස් වීම, පවුලෙනුත් වෙනස් කම් කල වෙනස් තරුණයෙකු හට, බහු පුරුෂ සේවනය ගැන ගමේ කතා හැදුණු කාන්තාවක් පිහිටට ඒමත්, ඉන් පසු සිදු වූ සෝචනීය තත්වයකුත් අලලා ලියැවුන්නකි.
බිරිඳකට නමට හෝ ස්වාමි පුරුෂයෙකු සිටීම ම ලංකාව වගේ රටක ආරක්ෂාවකි. ඒ පුරුෂයාගෙන් සත පහක උදවුවක් නොව, ඔහු බලාගැනීමම කරුමයක් වුව, කාන්තාවන් එම දෛවය භාරගන්නේ, විකල්පය ඊට බොහෝ අමිහිරි නිසාය. බැන්ද බෙරේ ගහන්නත් එපෑනේ කියන්නේ එම සමාජ තත්වය වටහාගෙනය. "ඒක සරල කතාවක් " ලෙස එය නිතර අසන්නට ලැබෙන කතාවක් ලෙස එය ගැනු
නද, එහි සංකීර්ණත්වය තේරුම් ගන්නේ එය විඳින්නාටය.
කළු උස මනුස්සයෙක් වෙනුවට, පුස්තකාල පූසා පළමුව කියෙව්වේ නම්, එයත් ප්‍රින්ස් ගේ අනාගත නිර්මාණ ගැන යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවට අපට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් වනු ඇත.
ශ්‍රේණිය: ***1/2
ප්‍රකාශය - ගොඩගේ (2020)
No comments:
Post a Comment