Monday, 23 October 2023

කියවා පිළිස්සිය යුතු කතාවක් - සුමුදු අතුකෝරල


 2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවා අවසනැයි සිතා මද කලකින්, එ වසරේ ප්‍රකාශ වූ තව කෙටිකතා සංග්‍රහයක් කියවීමේ දොළක් ඇති විණි. ඒ  ප්‍රින්ස් ගේ පුස්තකාල පූසා ය - ඒ ඔහුගේ උස කළු මනුස්සයා හමුවීමෙන් පසුවය. සුමුදු ගේ පොතත් එහෙම් මෙහෙන් එබිකම්  කර කර පසු ගිය අවුරුදු තුන පුරාවටම සිටියද, ඒ කියවීමට තුඩු දෙන  හරිහමන් දෙයක් මෙතෙක් හමුවුනේ නැත.  පසුගිය පොත් ප්‍රදර්ශනය අග දිනෙක, සයුර කුටියෙන් 'විජ්ජු' මිලදී ගනිද්දි ඒ මොහොතේ ඇති වූ කැමැත්තක් නිසා 'කියවා පිළිස්සිය යුතු කතාවක්' ද මිලදී ගත්තෙමි. ඇත්තෙන්ම ඒ ක්ෂණික මිලදී ගැනීම ගැන සතූටු වෙමි. ඒ පහත හේතූන් නිසාය (ඉහත කී "කියවීමට තුඩු දෙන ලිවීම", මෙය වන්නේ නම් මම සතුටු වෙමි) .

1- මෙහි එන කෙටිකතා හතෙන් බොහෝමයක බලාපොරොත්තු නොවෙන සංගීත ස්වරග්‍රාමයකින් (scale යන අදහසින් - සිංහල වචනය නිවැරදිද නොදනිමි -මම සංගීතය ද නොදනිමි), ඇරඹෙන, එහෙත් තමන් ව ඉක්මනින් ම කැමති කරගන්නා ගීතයක් මෙනි (නිදසුන a  බලන්න). ඒ ආරම්භයේදී ම ගෙනෙන ආතතිය නිසාය. මෙහි එන, ඉෂා ( අම්මා සබැඳි හීනය, පාන්දර දෙකේ දුරකතන ඇමතුමකට හැරීම), අඹ යාලුවෝ (ස්ත්‍රියකගෙ සිරුර කෙසේ ශීතකරණයක ඇසිරිය හැකිද යැයි සිතීම), හිස සුන් වීනස් පිළිරුව ( හා ලූවර් කෞතුකාගාරය), "මිලා ද බෑඩ් ඈස්" (ශර්මිලා - නිරුවතින් සුදු සිරුරැතිව තියුණු ඇසින් බලන්නි), අද්භූත කුමාරයා ( ඔ.පී. ඩී. කාමරයෙන් ආ විගස අයියා විසින් නංගිට කෙරෙන තරවටුව), කියවා පිළිස්සිය යුතු කතාවක් ( විශාල ජලාශ වලට ඇති බිය) යන කතා හයක ම පළමු පිට පෙරලීමට ප්‍රථමව ම, කියවන්නීය තුල යම් ව්‍යාකූලත්වයකත්, ඊළග පිටුව පෙරලීමට බලාපොරොත්තුවකුත් ඇති කරයි.

2- මෙහි එන කෙටිකතා හයක් ම නූතන ය; පුරුෂයාට, සහ වෙසෙසින් ගැහැනියට ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ම පෙන්නුම් කරයි. විටෙක මෙහි එන චරිතයකට එනම් ධෛර්‍යයක් කොහෙන් ලැබුනේදැයි සිතෙන සුළුය (අත්භූත කුමාරයා කෙටිකතාවේ එන අනූෂා.) එහෙත් මෙහි එන ගැහැනුන් ගේ ඒ ස්වාධීනත්වය ආකර්ශනීයය. එය විටෙක පුරුෂයාට ඇය කෙරෙහි බැඳීම තීව්‍ර කරයි ( කියවා පිලිස්සිය යුතු කතාවක් හි මේතිස්, "මිලා ද බෑඩ් ඈස්"හි නිම්නා, හිස සුන් වීනස් පිළිරුව හි හිරණ්‍යා ). කියවන්නා ට ද (කියවන්නියට ද?), මෙහි එන ස්ත්‍රී චරිත කෙරෙහි ආකර්ශනයක් ඇති වන සුළුය.

3- මෙහි එන කෙටිකතා වල අවසානය ගුප්තය (ඉෂා) , නැතිනම් කියවන්නිය සතුය (හිස සුන් වීනස් පිළිරුව) , එහෙමත් නැතිනම් අවසානයක් නැත (කියවා පිලිස්සිය යුතු කතාවක්).

4- මෙහි එන කතා වලින් ඇඟවෙන ස්ථාවරයන් අසම්මත වුවත් තාර්කිකය ( අඹ යාලුවෝ); නැතිනම් එසේ ස්ථාවරයක්, තර්කයක්, තේරුම් ගැනීමට යෑම තේරුමක් නැති වැඩකි - ඒවා අඳුරු වර්ණ පසුබිම් වල නිමැවුණු කෙටි චිත්‍රපටි සේය ( ඉෂා, කියවා පිලිස්සිය යුතු කතාවක්).

5- මෙහි එක් මෑත ඉතිහාසයේ කතාවක් ඇත. එනම් ලංකාවේ 1960 දශකයේ පමණ වයඹ ප්‍රදේශය සහ කොළඹ මුල්කොට ගෙනය. එහි පුරුෂාධිපත්‍යය පෙන්නුම් කරන්නේ, කාන්තාව කෙරෙහි එය විකාශනය කිරීමට ඇයගේම පියගේ සිට, ඇයට වසඟ වන පිරිමියාට ඇති අයිතිය පෙන්නුම් කරමිනි (යෝධ ගල් පිලිමය)

සමස්ත වශයෙන් කිව හැක්කේ, මෙය මෑතක ප්‍රකාශ වූ සුවිශේෂි කෙටිකතා සංග්‍රහයක් බවත්, එය කියවීම සිංහල කෙටිකතා රසිකාවිය මග නොහැරිය යුතු බවත්‍ ය.

ශ්‍රේණිය: ****
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 8
ප්‍රකාශනය: සයුර (2020)

නිදසුන a - Listen to Radiohead's album, OK Computer - the first track, Air Bag, starts with this note/scale - giving a knee jerk reaction the moment the listener starts with the album. (ප. ලි. අවශ්‍යම කෙනෙක් පමණක් අසන්න)


Sunday, 22 October 2023

පස් ලෝ - ප්‍රභාත් ජයසිංහ

 පස් ලෝ වන තෙක්, දේව කන්‍යා හැර, ලේඛකයාගේ සියළු කෙටිකතා සංග්‍රහයන් කියවා ඇත්තෙමි. එම කෙටි කතා සංග්‍රහයන් වසර දහතුනක කාලයක් පුරාවට කියවා ඇති සෙයින් මා මේ කියන්නට යන දේ හි, මගේ ම අමතකවීම් ආදිය නිසා සහ, මම ද පොත් කියවන්නෙක් ලෙස  යම් වෙනස්වීම් වලට ( වර්ධනීය අංශයට යැයි බලාපොරොත්තු වෙමි - එහෙත් වගකීම් හමුවේ, කවුද දන්නේ ? ) ලක් වී ඇති හෙයින්, නිරවද්‍යතාවය ගැන ඉඳුරා කිව නොහැක. එහෙත් මට හැඟී ඇත්තේ ඔහුගේ ලේඛන ශෛලියේම යම් වර්ධනයක් මෙම වසර දහතුන තුල දී සිදු වී ඇති බවකි. මීට මාස කිහිපයකට පෙර කියවූ "රස පොළොව" ඇත්තෙන්ම මා කියවා ඇති ඉතා ම සාර්ථකම කෙටිකතා සංග්‍රහයකි - මෙතෙක් කතුවරයාගේ මා කියවූ රසවත් ම කෙටිකතා පොතයි. පස් ලෝ පළමු කෙටිකතා තුන කියවාගෙන යාමේදී, ඔහු රස පොළොව වාගේම රස ගුලාවක් පළ කර ඇතැයි සිතිනි. එහෙත් ඉන් අනතුරුව යම් පසුබෑමක් දුටුවේ සුළඹ මාතෘකා, සුළඹ උපක්‍රම (cliches)  කිහිපයක් හමු වූ හෙයිනි. පොත කියව අවසන මට කිව හැක්කේ මෙම සංග්‍රහයේ, කතුවරයා ගේ මා කිය වූ සාර්ථකම කෙටිකතා හතරක් සහ, සාමාන්‍ය මට්ටමේ සිට 'හොඳ' යැයි ගිණිය හැකි කෙටිකතා හතරකින් සපිරි බවකි.


ඒ සාර්ථක කෙටිකතා හතර වෙත යොමුවෙමි;

තාත්තා ඇවිත් ගියාට පස්සේ - මට මගේ තාත්තා අහිමි වෙද්දී අවුරුදු 26කි. මිය යන විට ඔහු අසලින් හිටියත්, ඔහුට කීමට ඇවැසී දේ කීමට තරම් මුහුකුරාගිය බවක් හෝ,  මමංකාරය තුනී වෙන්න පටන් ගන්න හෝ, තිබුනේ නැත. එම නිසා මට මෙම කෙටිකතාව තදින් ම "වැදිනි". එහෙත් මෙම කෙටිකතාවේ කී පරිදි, තාත්තෙක් හා පුතෙක් අතර දෙදෙනාටම කිය යුතු සියල්ල, පියා වයස්ගත වන තුරුම ජීවත් වුවත්, පුතා මුහුකුරා යන තුරු ජිවත් වුවත් කියන්නේ ද යන්න ද සැක සහිතය.

ස්ටොක්හෝම් - අපහසුවෙන් යම් සාර්ථකතවයකට පැමිණි පසුව, තම දරුවා ට තමන් විඳි අපහසුතා මගහැරවීම, පියෙකු හා මවකගේ ප්‍රධානතම අභිප්‍රායයන් වීම ස්වභාවිකය. එසේ එම අපහසුතා පගහැරවීමට ගන්නා උපක්‍රම, එම දෙපාපිය යුගල ගේ දැනුමේ, ආර්ථික පසුබිමේ, සමාජ පසුබිමේ පුළුල් බව අනුව තීරණය වේ. එසේ වැඩෙන දරුවා වැඩිහිටියෙකු වෙද්දී, දෙමාපියන්ගේ සිහින ඒ ලෙසින් ම යථාර්තයක් කරගනු යැයි සිතිය නොහැක. ඇත්තෙන්ම එම දරුවා, දෙමාපිය ප්‍රයත්නයන්ගේ සහ ඔහුගේ ම පෞරෂයේ එකතුවකි - මෙහි දෙවෙනි පාර්ශවයේ බලය වැඩි වත්ම දරුවා වඩාත් සාර්ථක වනු ඇතැයි සිතිය හැක. අපට මෙහි හමුවන ස්ටොක්හෝම් එවැන්නෙකි.  ඊට අමතරව, හතු ලෙස පිපී ඇති ජාත්‍යන්තර යැයි කියන පාසැල් වල සැබෑ තත්වය, ඉංග්‍ර්සීයෙන් දෙඩුවාට කියවීම සහ ලිවීමේ දකින්නට ලැබෙන සුලභ දුර්වලතා ආදිය මතුකෙරෙන සාර්ථක නිර්මාණයකි, මෙම කෙටිකතාව.

පෙරයම, මැදියම සහ පැසිම්යම - මෙම කෙටිකකතාවේ කාන්ති යන ස්ත්‍රිය හමුවේ කතාකරු භාවිත කරන "චැනල් දෙකක් අතරමැද අතරමං වෙච්චි රේඩියෝ හඬ", යන උපමාව ඉතා අගනේය. ආසයි-බයයි, අයියා කෙනෙක් වගේ-මල්ලි කෙනෙක් වගේ, ආදි වචන සංස්කෘතියක බර වෙචින් තමන් රැවටීමටත්, යම් දෙයක් උනොත් අනෙකා පිට පැටවීමේ අවකාශත් හදා ගන්නා ආස්ථානයකි. මෙතරම් හොඳින් මෙම තත්ත්වය විදහා දැක්වුනු අවස්ථාවක් මට මතකයට නොනැඟේ. කාන්ති අක්කාගේ චරිතය, ඇය තම දිවියේ තමනට අහිමි තිබූ යම් විඳීම්, පසන් තම දිවියේ එක් එක් අංශ විවර කරගැනීමට යත්න දරණ තවත් තරුණයෙකු වීම් ආදිය කතුවරයා ඉතා සර්ථකව මෙම නිර්මාණයට නතු කරගෙන ඇත.

දඹ රන් සහ පස් ලෝ - මෙහි එන ධම්මකිත්ති හාමුදුරුවන් තමනට දායක පිරිස මගින් පැටවූ ශික්ෂාකාමීත්වය රැකීමට උත්සාහ කලද, කපටියෙකු ගැටයකට හසුවූ බව දැනගනිද්දී ද උන් වහන්සේ වරදකරුවෙකු වීය. ධම්මදින්න හාමුදුරුවන් අවස්ථාව ඇති තැන පෘතග්ජන හැඟීම් සන්තෘප්ත කරගන්නා සේය. මෙම කෙටිකතාවේ සාර්ථකත්වය, ධම්මකිත්ති හාමුදුරුවන් අනුන් සැදූ හිරගෙදරකින් මිදීමේ උවමනාව තිබුනද, ඉන් මිදීමේ ශ්‍රද්ධාවේ පීඩනය ක්‍රියා කිරීමයි. පිටතින් දඹ රන් යැයි විශ්වාස කලද, බොහෝ විට අභ්‍යන්තරයේ පස් ලෝ වීමට ඇති අවකාශය ස්වභාවික තත්තවයකි.

ඒ මෙහි එන අතිසාර්ථක කෙටිකතා හතර මා දුටු අයුරුය. එම කෙටිකතා හතර නිසාම, සිංහල කෙටිකතා රසිකයා මෙම සංග්‍රහය හෝ, අවම වශයෙන් එම කෙටිකතා හතර කියවිය යුතුම යැයි මම විශ්වාස කරමි. එනමුදු අනෙක් කෙටිකතා හතර අතර ද රසවත් කෙටිකතා ඇත. ඉන් මුල් වන්නේ ඉරපු ඩෙනිමක් සහ අහිංසක නැවියෙක් ය. මෙහි එන යුවතිය, සහ ඈ ට හමුවන නාවික සැමියා ජීවිතය විඳීම යන තැන දී ඇත්තේ අන්ත දෙකකය. යුවතිය ට  අවබෝධයක් නැති වෙද්දී, නැවියා අහිංසක වන්නේ දීර්ඝ කාලින පීඩිත ජීවිතයකින් පසුව, ඔහු තමන්ගේ ම කාන්තාවකට ලං වෙන්න උත්සාහ දරද්දි, ඔහුට අදහා ගත නොහැකි තත්වයක් හමුවීමය. එහෙත් ඔහු හුරුපුරුදු වී ඇති අයුරු, සාම්ප්‍රදායික යෞවනියකට විකෘතියක් ලෙස දැනිමට පුලුවන. 

නාඳුනන තුවක්කුකරු යම් සාර්ථකත්වයක් පෙන්වන්නේ, එම කෙටිකතාව ගොඩනගා ඇති අයුරුත්, කුමන දැඩි සිත් ඇත්තෙකුට වුව, කුමන වෘත්තියේ දක්ෂයෙකුට වුව ඔහුගේ හෝ ඇගේ හෝ, සරිලන, සහ පරදින තරඟකරු හමුවිය හැකි බැව් ඒත්තු ගන්වීම තුලය. අයෙකුට ඕනෑ නම් මෙහි එන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනාගේම ජීවිත ගැන සිතමින් ම අතරමං විය හැක.

දාම රසවත් වන්නේ එහි ඇති ගුප්තබාවය තුලය. එක්තරා අයුරකින්, මෙය කතුවරයාගේ ප්‍රසිද්ධ "වයඹ දිග වැසියන්" සහ ඔවුන්ගේ "සතුරන්", අන් රටක පලා ගොස් විප්‍රවාසි ජීවිත ගෙවනාකාරයක් යන පදනමේ සිට සිතිය හැක.

මට මෙහි එන "කුමාරොදය" නීරසම සහ, පෙර කීවාක් මෙන් (cliche) සුළභ උපක්‍රමයකින්, සුළභ කතාවක් මවනා අවස්ථාවකි. අප රටේ දේහ්සපාලනයත්, ඡන්දදායක හැසිරීමත්, කුඩාවෙකුට තේරුම ගත නොහැකි බව පැහැදිලි අත්‍ර එම සුලභ මැය මට වින්දයක් ගෙනාවේ නැත.

ඉතින් මට සමස්ත ලෙස කිව හැක්කේ මුලින් කී ඉතා රසවත් කෙටිකතා හතරත්, තම රසාඥ්ඥතාව මත අනෙක් කෙටිකතා හතරෙනුත් එකක් හෝ කිපයක් හෝ විඳිය හැකි කෙටිකතා සංග්‍රහයක් බවයි.

ශ්‍රේණිය: ***1/2
2021 ප්‍රකාශිත කෙටිකතා කියවීම -5
ප්‍රකාශනය - සරසවි, 2021


Tuesday, 17 October 2023

To the Lighthouse - Virginia Woolf

On Beauty
-----------
Virginia Woolf's 'To the Lighthouse' is possibly the most challenging fiction book I've read (since I've had two false starts with Ulysses - and am yet to go beyond 20%-20% in either attempt). As I now enter the last 20% of the book, I came across this deep thought on beauty - which comes up in Lily's mind, as she thinks about the late Mrs. Ramsey - the lead character of the novel, even in her absence, and it reads like this:
"She was astonishingly beautiful, as William said. But beauty was not everything. Beauty had this penalty—it came too readily, came too completely. It stilled life—froze it. One forgot the little agitations; the flush, the pallor, some queer distortion, some light or shadow, which made the face unrecognisable for a moment and yet added a quality one saw for ever after. It was simpler to smooth that all out under the cover of beauty.” (Page 132 - Wordswoth Classics Edition, 2002)
It suggests that beauty is not perfect - that no one is beautiful all the time, but it was convenient to paint it all over as beautiful, disregarding the imperfections, which are natural, albeit temporary, or only present under certain circumstances. The novel is 96 years since its first publication, and is considered a modern classic - and myself, an absolute untrained amateur on the subject, mayn't have the capacity to appreciate the book for all it can give a more capable reader. Yet, the part about beauty caught my mind, and it is possible that the author chose selected Lily to have this contemplation on beauty, for Lily has "Chinese eyes", is a spinster of 44, but happy that she remained unmarried, for getting people married was one of late Mrs. R's pet interests.( Of course, since, there has been papers on the uneasiness that certain readers have felt, due to this allusion - See: Lily Briscoe’s «Chinese Eyes»: The Reading of Difference in Translated Fiction Leo Chan Tak-hung ). Overall I feel that this breaking down, or deeper analysis of beauty was an important one, at the time.
Modern thought has a more inclusive definition on beauty, and as the National Geography's article of January 7th, 2020 says, beauty is now equated with humanity (" If we don’t see the beauty in another person, we are blind to that person’s humanity.")
"Today suggesting that a person is not gorgeous is to risk social shunning or at least a social media lashing. What kind of monster declares another human being unattractive? To do so is to virtually dismiss that person as worthless. It’s better to lie. Of course you’re beautiful, sweetheart; of course you are." ( https://www.nationalgeographic.com/.../beauty-today... )
The essay goes on to argue about how the definition of beauty has become more inclusive, as west's standard of beauty has been challenged, and how social media, and the fluidity of gender, has all pitched in to make this wider stance on attractiveness.

"Beauty is political correctness, cultural enlightenment, and social justice", it says.
It takes on a note of caution that for all the lip service, fashion designers, aren't encouraging when it comes to a larger physique (one "once not so thin designer", referred to a famous singer by name, on the subject, and "was called to task"). Yet, it ends with a note of hope citing one's beauty as a necessary ingredient in one's acceptance.

"Modern beauty doesn’t ask us to come to the table without judgment. It simply asks us to come presuming that everyone in attendance has a right to be there."
The world is becoming a better place (Amidst some serious heinous crimes against humanity - but then the reasons for those aren't modern thought. One more reason to have hope on more enlightened thinking, to fix things for us).
 
================================================================

The above is FB post I made a couple of days back, inspired a certain section in VW's To the Lighthouse. I have since completed the book, and will attempt to gather my thought around the book as much as I can...

Mrs. Dalloway and Jacob's room are the books I've read prior to this of hers', and both were comparatively less challenging, and carry more of a plot, amidst some use of a "stream of consciousness" ( in the case of Mrs. Dalloway).

To the Lighthouse, is much more, structurally, spiritually, existentially, but depends less on any kind of plot - or a story line. I am wont to believe that unless one is trained literature to appreciate what VW is attempting, the reader will be playing catch up - through the use of third party resources - to understand what the author is attempting here. But all is, definitely not lost for those who don't use reference essays ( I too used the introductions in the two versions that I have - and didn't read either from start to finish), for the book stays with you once you complete it, and the memories make the book more appreciated.

In a review I read from the Guardian (see note 1), which captured the books precisely in a way that I cannot, but in a manner I agree with ( other than the comparison to poetry - which I missed), the reviewer says " the literary equivalent to perching in the back of someone else’s mind, watching the to-ing and fro-ing of their thoughts and fears all from behind their eyes" - this is a spot on surmise of the book, and is indeed a literary position used by VW, that makes the whole exercise of this challenge of reading the book, rewarding.

One of the introductions I mentioned speaks of the brackets, and conversations in parallel - thoughts in parallel - all very natural when one analyses the the mindset of any given person. The recognizing of this use of how the mind works naturally to represent the text - for it is not a narration [ hence the long sentences ( sometimes leading to a whole paragraph ; some time a semi-colon used to offer branching off - sometimes a hyphen to give a different perspective )], but a stream of dialogue, observations, streams of thought etc. 

A most beautiful, haunting passage of the book is the decade of decadence of the house, and how human dialogue, major incident (i.e. a death) is pushed to the background ( contained within brackets, whereas how nature causes havoc, out in the garden, and gradually inside the house too.).

I felt that the book attempts to conclude in peace, amidst "each of them perishing alone" - for that is what they can do. Lily, in her lifelong aim to prove herself as an artiste is finally satisfied with what she achieved. Did the apparition bring in an element which she was missing ? Did Mr. Ramsey's words of praise, break the barriers preventing a more healthy relationship between father and son, as the reached the shore - with the daughter only too glad to take a less rigid stance ?

I feel like I struggled through a difficult mathematics exam, which I know that I barely scraped through. But in hindsight I do realise the importance of each of the axioms, and why those have to used exhaustively to prove each case. The only way to understand the novel ( and the math) is to be patient, be generous with the time offered to the book ( and the math). But time is in short supply, for life "elsewhere" [ outside of books (and math)] intervenes.

Rating: ****1/2

International Reviews

1- Review by Foalan (20/12/2015) to The Guardian ( https://www.theguardian.com/childrens-books-site/2015/dec/20/to-the-lighthouse-virginia-woolf-review )

To The Lighthouse by Virginia Woolf – review

‘There was an odd kind of poetry in the writing, a sort of rhythm beating at the back of the sentences’

I read this book like I eat chocolate, always intending to indulge in just a little bit, then finding myself inexorably unwilling to stop. This was not due to any gripping plot twists, not to witty repartee or romantic involvements that I just had to find the end to. In fact, a common issue taken with Virginia Woolf’s writing is the way in which plot is perhaps passed over in favour of examining the minutiae, holding a microscope to a human emotion or, as in the central section in this book, the manner in which a house decays. Strangely, though I would generally describe myself as the finicky type of reader that requires consistency and depth in my stories, this didn’t bother me. I was more than content to sink back into the warm-bath quality of this book and this, I think, was due to the characters.

To The Lighthouse is written in what I’ve heard described as “dense prose” or “stream of consciousness”, but what I think of as the literary equivalent to perching in the back of someone else’s mind, watching the to-ing and fro-ing of their thoughts and fears all from behind their eyes. The closeness with characters that this way of writing gave me, the understanding of them that I felt I had, is the thing that made them so engrossing. They were not extraordinary – in fact, on the contrary, they were rather conventional, middle-class intellectual-types, of the kind you find in arguably too many books. It could even be said that they offered nothing new or exciting, nothing to surprise or excite in a reader. Yet for me, the familiarity was proof of the skill in which they are written – because everyone knows someone like them. Virginia Woolf, in a few hundred pages, seemed to capture exactly the essence of certain people – certain traits, quirks and mannerisms that I can recognise from my life, from my world, despite it being over eighty years from hers.

Everyone has experienced the feelings captured in the novel, from the intense anger and resentment felt for someone you love or the irrational but intense irritation at a stranger, to the longing to become something you never possibly can and the disappointment that follows. They feel so familiar because they are so realistic. As such, I wanted to read about their lives for the same reason that I want to hear what a friend got for a birthday, what happened to my Mum at work – I felt like I knew them and so the story was immediately more interesting to me.

As to the story itself, the book details the activities of the Ramsay family and a few acquaintances staying with them in their house on the coast, all in the context of a proposed trip to the lighthouse. I’ll be the first to admit that this is not an extremely promising plot summary, but far from the “style over substance” I was warned I might find, I found that this book conveyed so much in so little. The most memorable points for me included the passing of time as shown by the changing of the seasons and the way that a house deteriorates, and the most heart-wrenching description of a wife bending to the will of a husband that I have ever read. Then, throughout, Virginia Woolf used the shortfalls and eccentricities of her characters to create a spirited, wry kind of humour that made the novel so enjoyable to read.

There was an odd kind of poetry in the writing, a sort of rhythm beating at the back of the sentences, tugging and pushing at the punctuation and drifting through the pages. Tension was built up into a great crescendo and then allowed to fizzle away into nothing, almost like the waves by the Ramsay’s house would gain momentum and crash onto the beach before trailing softly back to the sea.

Sometimes, I feel, Virginia Woolf is thought of as one of those unreachable, lofty kind of authors that can only be read by someone with an English Literature degree. I felt like that, picking the book of the shelf almost apologetically. How could I believe that I could appreciate a writer like Virginia Woolf? I asked myself; what made me think I would be able to understand it? But I think that I did understand and I know that I enjoyed it, and if I could do so, then it’s possible for anyone who likes to read. The idea that it was written for a select, serious few is bizarre and unnecessary because to me, this book is – above all – about humans. Our loss, our longing, our love. It captures those feelings so perfectly, so why wouldn’t we be able to relate?

I really loved this book, and I think that many other people, if they put aside their apprehension or doubt, would be surprised at how much they enjoyed it too.

================================================

2- A 1927 review of To the Lighthouse

https://bookmarks.reviews/a-1927-review-of-virginia-woolfs-to-the-lighthouse/



What is the meaning of life? That was all- a simple question; one that tended to close in on one with years, the great revelation had never come. The great revelation perhaps never did come. Instead, there were little daily miracles, illuminations, matches struck unexpectedly in the dark; here was one.

*

“The method of Mrs. Dalloway is substantially retained by Mrs. Woolf in this new novel, To the Lighthouse, but though one encounters again her strikingly individual mingling of inward though with outward action in which the ‘stream of consciousness’ style is liberated from its usual chaos and by means of selection and a sense of order, made formally compact–one finds the method applied to somewhat different aims.

To the Lighthouse is a book of interrelationships among people, and though there are major and minor characters, the major ones are not, as Clarissa Dalloway was, the alpha and omega of the story, but more truly the means for giving to the story its harmony and unity, its focal points. Those who reject To the Lighthouse as inferior to Mrs. Dalloway because it offers no one with half the memorable lucidity of Clarissa Dalloway must fail to perceive its larger and, artistically, more difficult aims. They must fail to notice the richer qualities of mind and imagination and emotion which Mrs. Woolf, perhaps not wanting them, omitted from Mrs. Dalloway. They must fail to appreciate that as an author develops he will always break down the perfection he has achieved in an earlier stage of his writing in order to reach new objectives.

“It is the final portion of the book which is most perplexing. It seems to sound in the minor what the long first portion sounded in the major, to persist as an ironical mood, to re-establish a scene with the sorry changes time has wrought, to reduce a symbolical achievement when it is finally made to the level of negation. The long opening portion seems to be carrying you ahead toward something which will be magnificently expressive, and then this final portion becomes obscure, a matter of arcs, of fractions, of uncoordinated notes. By comparison with the rest this final portion seems pale and weak. Perhaps there is a reason for this, perhaps Mrs. Woolf meant to show that with Mrs. Ramsay’s death things fall apart, get beyond correlation. Mr. Ramsay is no longer interesting–can it be because he is no longer counterpoised against his wife? Life seems drifting, as the Ramsays drift over the bay in their boat, and all their physical vigor and all their reaching of the lighthouse at last conveys no significance.

The truth is that this final portion of the book strikes a minor note, not an intentional minor note which might still in the artistic sense be major, but a meaningless minor note which conveys the feeling that one has not quite arrived somewhere, that the story which opens brilliantly and carries on through a magnificent interlude ends with too little force and expressiveness.

At any rate the rest of the book has its excellencies. Like Mrs. Dalloway it is underlaid with Mrs. Woolf’s ironic feeling toward life, though here character is not pitted against manners, but against other character. Once again Mrs. Woolf makes use of her remarkable method of characterization, a method not based on observation or personal experience, but purely synthetic, purely creational. Clarissa Dalloway is a marvelous synthesis, and it is just for that reason that Mrs. Dalloway, which has been identified because of its modernity with the Ulysses school, differs from it in character fundamentals, for it is as objective as Ulysses is autobiographical and observational. There is nothing ‘photographic’ about Mrs. Woolf’s characters, here or in Mrs. Dalloway. Neither Clarissa nor Mrs. Ramsay has anything autobiographical about her; both are complete creations and both, for all their charm and graces, must suffer a little beneath the searchlight of Mrs. Woolf’s independently used mind and sense of irony.

In To the Lighthouse there is nobody who even approaches Clarissa Dalloway in completeness and memorability, but on a smaller and perhaps more persuasive scale Mrs. Ramsay achieves powerful reality. The other characters are not fully alive because they are not whole enough. Most of them are one-dimensional fragments that have been created with great insight but insufficient vitality. They have minds, moods, emotions–but they get all three through creative intellect. For passion Mrs. Woolf has no gift–her people never invade the field of elementary emotions: they are hardly animal at all.

To the Lighthouse has not the formal perfection, the cohesiveness, the intense vividness of characterization that belong to Mrs. Dalloway. It has particles of failure in it. It is inferior to Mrs. Dalloway in the degree to which its aims are achieved; it is superior in the magnitude of the aims themselves. For in its portrayal of life that is less orderly, more complex and so much doomed to frustration, it strikes a more important note, and it gives us an interlude of vision that must stand at the head of all Virginia Woolf’s work.”

- Louis Kronenberger, The New York Times, May 8, 1927



Friday, 13 October 2023

සරසවි ශිෂ්‍යයාගේ මරණය - සහන් කසීර වික්‍රමසිංහ

 සහන් ව මට ඇස ගැසී ඇත්තේ සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු හැටියට ය. සැරින් සැරයේ ඔහුගේ ලිවීම් වල හාස්‍යය සහ උපහාසය මා රසවිඳ ඇත. මීට කලින් ද ඔහු ලිපි මාලාවක් පොතක් ලෙස පළ කර ඇති අතර, මගේ කියවීම් වටයේ අයෙකුගේ ඇගයීමට ලක් වුවද, මට එය කියවීමේ වෙසෙස් උවමනාවක් ඇති නොවීය. එහෙත් මේ කෙටි කතා සංග්‍රහය, එතරම් සම්මාන නිර්දේශ වලට ලක් නොවුන ද, ලියනගේ අමරකීර්ති ගේ ඇගයීමට, සහ පෙර කී කියවීම් වටයේ මිතුරියෙගෙ ඇගයීම හේතුවෙන් කියවන්නට තෝරා ගත්තෙමි. ඇත්තෙන්ම මා කියවුවේත් එම මිතුරියගෙන් ඉල්ලා ගත් පිටපතයි. එහෙත් දැන් කීමට් ඇත්තේ, කියවීමෙන් පසුව මට ම කියා පිටපතක් තබා ගත යුතු තරමේ පොතක් ලෙස මා මෙය සලකන බවකි.


කෙටිකතා අටකින් සපිරි මෙම සංග්‍රහයේ, ඒ ඒ කෙටිකතා මට දැනුනු විදිහ, ඒ කෙටිකතා මා තුල අවදි කල සිතුවිලි මෙසේය.

වෙස්මුහුණ වූ කලි "පන්සලේ කතාවකි." මට චන්ද්‍රප්‍රේම ගෙ පන්සලේ සෙල්ලම මතක් විය. කෞශල්‍ය කුමාරසිංහගේ නිම්නාගේ ඉතිහාසයේ, නිම්නාගේ මිත්තණියගේ අකලට මිය ගිය සහෝදරිය මතක් විය. මෙහි එන ප්‍රසාද් කෙසේ හෝ දිවි ගෙවයි. ඔහු මුහුණ දුන් අභියෝගත් සමඟ ඔහුත් ජීවත්වීමට මගක් සොයා ගත යුතුය. එහෙත් කෙතෙරම් අපහසුතා මැද වුව "ශාන්ත ධම්මට පින් සිද්ධ වේවා" යැයි සියුම් උපහාසාත්මක මිත්‍රශිලි වාක්‍යයකින් මෙහා තම අලුත් ජීවිත තුල අනෙකාට "ඇණයක්" වීමට නොසිතයි. සහන් අවම සහ සංක්ශිප්ත ලිවීමකින් බොහෝ දේ අඟවයි. අපූරු නිර්මාණයකි.

ගම්පහ සිට දෙමටගොඩ දක්වා රේල්ලුවේ ගමනක යෙදෙන නිමංගිට පාසැල් යන කාලයේ සිට ආ මතකයන් ආවර්ජනයක් නිතැතින් ඇති වේ. ස්ටේශමෙන් ස්ටේෂම ට තම මිතුරියන්, ඔවුන්ගෙන් එකල සිටි පෙම්වතුන්, බලහත්කාරකම් කරන්නට පැමිණි සිද්ධීන් ආදී අනේක විදි මිහිරි සහ අමිහිරි මතකයන්ගෙන් ඒවා පොහොසත්‍ ය.

දරුවන් ට තම ජීවිතයේ අනිවාර්‍යයෙන් ම අවැසි දේ, ඔවුන්ගේ දෙමාපියන්ට පිළිගත හැකිද ? නීශ බැංකොක් යන්නේ කුමක් සඳහා ද ? ඇගේ තාත්තාගේ නිවෙසේ ඇගේ ඡායාරූප එකක්වත් නැත්තේ ඇයි ? එකම එක කාරණාවකින් පමණක් නිශා යනු කවරෙක්දැයි අපට හඳුනාගත හැක ? "දුවේ කියා මා අමතන් පියාණෙනි", යන්නෙන් බොහෝ දේ ගම්‍ය වේ. (සිනාසිසී මා එන මඟ)

මෙහි එන සියළුම කෙටිකතවල පාහේ විශේෂත්වය නොසිතූ පෙරලීමකිට කෙටිකතාව ප්‍රක්ෂේපණය වීමයි. වෙස්මුහුණෙහි ප්‍රසාද් අප කතා නායකයාව අඳුන ගනී. රේල්ලුවේ, නිමංගිගෙ ඉරණම අවසන් ඡේ කෙනාදයෙන් අපට හමුවේ. සිනාසිසී මා එන මඟෙහි, එක් ගීතයකින්, එහිත් එක් වචන පෙළකින් බොහෝ දේ පැවසේ. සිව්වන කෙටිකතාවේ "ඔබට සිතැති" කෙනා ට ඇත්තෙන්ම ඔහුත් සිතැති නොවිය හැක. මාරාන්තික රෝගයකට ගොදුරු ව සිටි ඇයට ජීවිතයේ අන්තිම කාලයේ පොඩි හෝ සතුටක් වැරදීමකින් හෝ ලැබුනේ නම්, එයත් සැනසීමක් නොවේද ? අනුවේදනීය කෙටිකතාවකි.

බයගුලු ඇස් ද ඒ වාගේම අනුවේදනීය කෙටිකතාවකි. එහි ඇඟවෙන්නේ සමහර විටෙක, තමන් වඩාත්ම කැමති කෙනා තමනට නොලැබීම ම වාසනාවක් විය හැකි බවකි. අනෙක් පැත්තෙන් චන්ද්‍රාණිගේ බියගුළු ඇස් ම කපිල ව ඇයට ආකර්ශනය කරගත්තා විය හැක -කිම ද එහි යටත් කරගැනීමේ පහසුව ලියැවී තිබෙන්නට ඇත.

මෙම පොතට නම දුන් ප්‍රධාන කෙටිකතාව වූ කලි, පස් දෙනෙකුගේ කට උත්තරයකි. ඉන් සිසුවාගේ පැති කිහිපයක් පෙන්නුම් වේ. ඉන් පස්වැන්න මිය ගිය සිසුවගේ මවයි. ඇය පෙන්වන පැත්ත සැබෑවට ආසන්නය. මිය ගිය සිසුවා ගේ මානසිකත්වය ප්‍රශ්ණකාරී ය. ඔහු ගෙනගිය බොරු රඟපෑම් ම ඔහු ට තම දිවිය කෙට්කරගැනීමට හේතු විය හැකිද ?

සහන් කසීරගේ දක්ෂතාව වනුයේ යම් ඓතිහාසික සිදුවීමක් ශූර ලෙස ගෙතුමක්, පෙරළුමක් මගින් රසවත් කෙටිකතාවකට පෙරලිමට ඇති හැකියාවයි. ජෝන් එෆ්. කෙනඩි ඝාතනය සිදු වූ දින, හඳුනා නොගත් Babushka Lady ව අරමුණු කොට ගෙන ලියැවුනු කෙටිකතාවකි. මෙවන් උපක්‍රම මීට පෙර චිත්‍රපටි ආදියට භාවිත වී ඇත. එහෙත් එය සිංහල කෙටිකතවට භාවිත වූ අවස්ථාවක් මතකයට නොනැගේ.

ඒ වාගේම ඓතිහාසික රාවයක් - එනම් කල්ලඩි පාලම පාමුල සිංදු කියන මසුන් සිටි කතාව, දැඩි ආගමික භක්තිකයෙකු දුටු ආකාරයත්, එයට යම් ඓතිහාසික සිදුවීමක්,  හා ඓතිහාසික පරම්පරාවකින් පැවතෙන්නෙක්, භාවිත කර අයුරුත් අපූරු නිර්මාණයක් ලෙස එළි දැක ඇත.

මේ මා කියවීම ඇරඹි අවස්ථාවේ තිබූ බලාපොරොත්තු  ඉක්මවා ගිය කෙටිකතා එකතුවකි. සිංහල කෙටිකතා රසවතුන් මගහැරිය නොයුතු කෙටිකතා එකතුවකි.

ශ්‍රේණිය: ****
2022 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 2
ප්‍රකාශනය - විදර්ශන (2022)

Monday, 9 October 2023

දෙබෙදුම - සේපාලි මායාදුන්නේ

 


1993 වසරේ උසස්ම සිංහල නව ප්‍රබන්ධයට හිමි ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනු මෙම නවකතාවේ පිටපතක් දිර්ඝ කාලයක් මා සතුව තිබිණි. මෑතක, සේරා  ශ්‍රවණ පොත් යූ ටියුබ් අඩවියට ගිය කල ( මා, කඳ අරණි, කෝමල මානවක, ගෙදර'වට සිතියම කියෙව්වේ ඒ ඔස්සේය), දෙබෙදුම ශ්‍රවණ පොත තිබෙනු දැක, උද්දාමයට පත්ව, පසු දින සිටම තනියෙම ගමනේ යෙදෙන අවස්ථාවලදී එම නවකතාව ශ්‍රවණය කිරීමට පටන් ගත්තෙමි.

පැහැදිලිව කිව හැක්කේ, කතුවරියගේ මා මෙතෙක් කියවා ඇති නවකතා පහ අතුරින් ( ගොනානො, මහාසාමි,  සුවඳ සන්නිය, අත්තානි කණු අනෙක්වා ය), මෙය දෙවෙනි වනුයේ ඈගේ පමණක් ම නොව, මෑත කාලීන ව පළ වූ ශේෂ්ඨ නවකතාවක් වූ මහාසාමි ට පමණක් බවටයි. කතුවරිය නුවර කලාවියේ ඔලගමක පරම්පරා දෙකක් ආශ්‍රයෙන්, වෙනස්වීමේ ස්වභාවයත්, පෙර පරම්පරාව, වර්තමානයට වඩා විනයෙන් සපිරිය, සුපරික්ෂාකාරීය, ආදී මත කණ්ඩනය කිරීමත් ඔස්සේ අපූරු වියමනක් ගොතයි. ඇය ඉතාම ස්වභාවික ආකාරයට  අපව එම ඔලගම් ආශ්‍රිත ඒ කටුක ජීවීත, ඔවුන්ගේ වත්පිලිවෙත්, කතා විලාශය, තුල පාඨකයා ජීවත් කරවයි.  පරම්පරා දෙක සැසඳිමෙන්, අලුත් පරම්පරාව මුල් පරම්පරාවෙ ගතානුගතිකත්වයෙන් මිදෙන්න උත්සාහ දරණ අතරම, වටිනාකම් පද්ධති වශයෙන්,  එහෙම සුවිශේෂි වෙනසක් නැති බවක් පෙන්වා දෙයි. මිනිස් සිත ස්වභාවිකව ම දුසිරිතට බර යැයි පෙන්වා දෙයි. සාම්ප්‍රදායික දරමිටි පූජාව ආදි මෑත අතීතයේ පවති පූජා ආදිය ගැන විස්තර කරන ඇය, එය යල් පැන යාම ගැන පෙන්වා දෙයි.  අපට හමු වන සහෝදරා නම් මහ ඇත්තන්, තමන් ජීවත් ව සිටිද්දීම වේගයෙන් අවලංගු කාසියක් බවට පත් වන්නේ, ඔහු ක්‍රියා කල අන්දම අලුත් පරම්පරාව හොඳින් කියවීමට සමත් වූ නිසාත්, ඔහු ඔහුට බැරි කාලේ දෙන කකුළු උපදෙස්, පැමිණිලි,  අලුත් පරම්පරාව කනකට නොගන්නා නිසාත් ය. මෙහි එන අවසන් පරිච්ඡේදයේ පිංචි නම් වු තම පුතුගේ ඇබේණිය, තම සැමියට විරුද්ධව මාමණ්ඩිය ගේ පැමිණිලි කනකට නොගෙන, 'පළ නොකියා පලා බෙදයි'. සහෝදරා රෑ කළුවරේ මගට බහින්නේ කොහේ යන්නේදෝ යැයි සිතමින්, පිංචිට ඔහුට කතා කල ගෞරවයෙන් තොර විදිහ ගැන අදහා ගත නොහැකිව ය. මේ සියළු දේ සිදුවන්නේ, නුවර කලාවියට ආවේණික හත්දා වැහි, නියඟය, ලෙඩ රෝග, කුඹුරු-හේන් පාළුවන් ආදිය මතින් දිවි ගෙවෙනා අතරය. රටේ අන්තැන මුදලට, සහ පෞද්ගලිකත්වයට මුල් තැන දීමේ ප්‍රවණතාව, ඔලගම් වලට ද බෝ වීමට පරම්පරාවක කාලයක් ඇතැයි පෙන්වා දෙන කතුවරිය,  වෙනස්වීම ඔස්සේ පිටගම්කාරයන් සමඟ ජනාකීර්ණ වෙද්දී මෙවන් දේ නොවැලැක්විය හැකි බවකි, පෙන්වා දෙන්නේ.

හේතුහාමි සහෝදරාට කියන්නා සේ,
"හැම දේම ටිකිං ටික වෙනස් වෙනව මහ ඇත්තෝ... රජ කාලෙ මෙහෙ මාලිගා තනල දිවිය විමාන වායෙ තිබ්බලු... ඊට පස්සෙ මෙව්ව කැළෑ ඔලිං වැහිල ඔළ ගං උනා... මහ ඇත්තොල ආයෙ එව්වෑ පදිංචි වෙල අස්සැද්දුව.. කෝටුව මලයල ආයෙත් මෙව්ව වෙනස් කොරාන... ඒව එහෙම්මෑ... ආරන්නෙ හාංදුරුවො කියන්නැහෙ හැමදේම වෙන්ස්සෙන එක ලෝකෙ සොබාවෙ කියාන නෙවෑ" (72-73 පිටු)

තැන් කිහිපයක සංජය හෙවත්, සහෝදරා ගේ මුණුබුරා සමඟ සිදුවන සංවාද හරහා යුග දෙකක වෙනස ගැන කතා කෙරෙයි. සහෝදරා ට වල් මී ගොන්නු හීලෑ කර භාවිතයට ගත් විදිහ උජාරුවෙන් කියද්දී, මුණුබුරා ටැක්ටරයේ කාර්‍යක්ෂමතාව ගැන තෝරා දෙයි; එදවස දොර ජනෙල නැති සරල ජීවිත ගැන කතා කරද්දී, එකල අපිරිසිඳු, අපිලිවෙළ ජීවිතත් සතා සීපාවේ උවදුරු ගැනත් පෙන්වා දෙයි. ඇත්තෙන්ම අතීත වන්දනවාත්, ඒ ගැන වූ සාංකාවේත්, ඇති දොස අපූරුවට පෙන්වා දෙයි. සංජයගේ උස ඝන වෙසෙසින් කතාවෙන අවස්ථාවක, පෙර පරම්පරාවන් වෙසෙසින් මන්දපෝෂණය නිසා ම එතරම් පිරිපුන් දේහ ඇත්තන් නොවූ බවට ඉඟි කරයි. ( මෙය මුළු මහත් ලංකාව

කතුවරිය මේ සියළු සැසඳීම් කරන්නේ එම පරම්පරාවේ, සහ පසු පරම්පරාවේ ( 70 දශකය යැයි සිතිය හැක)  දනික ජීවිතය, එහි ගැටීම්, ප්‍රශ්ණ ආදිය පෙන්වන ගමං ඉතා ස්වභාවික ආරකට ය. එයයි මේ නවකතාවේ සාර්ථකත්වයට හේතූ වී ඇත්තේ.

කිසිදු පැකිලීමකින් තොරව කියවීමට නිර්දේශ කරනා නවකතාවකි.

ශ්‍රේණිය: ****1/2
ප්‍රකාශණය: ගොඩගේ (1995)

පුස්තකාල පූසා සහ තවත් කතා - ප්‍රින්ස් සේනාධීර

 ප්‍රින්ස් ගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහය කියවා, ඒ ගැන කෙටි සටහනක් ලියද්දී පැවසූ අයුරින්, එහි ප්‍රධාන කෙටිකතා දෙක කියවා අවසන් වද්දී ම "පුස්තකාල පූසා" ව ගෙදර ගෙන ආමි. දැන් ඌ ගැන ද යමක් කීමට කාලයයි. ඒ මෙසේයි:

ලේක්ඛකයා ලියන්න ට කියන්න ට හැකි, පූසෙකුත්  (ඌ ය "පුස්තකාල පූසා" ), පූසන් හා දොඩමළු වන මීයෙකුත් මාර්ගයෙන්, 'පහත් තැනින් යයි ගලා ජලේ' න්‍යාය ක්‍රියාවට නැංවීමෙන්, තමන් ගේ දේශපාලන, ආර්ථික අරමුණු ක්ෂාත් ක්ෂාත් කරගනු වස්, යම් අයෙකු ගේ යම් දුර්වලතාවක් අලලා ඒ මත ක්‍රියාත්මක වීමත් පෙන්නුම් කරයි. මේවා ඇත්තෙන් ම කෙටිකතාවක ට සීමා නොවෙච්චි අද වන විට ලාංකේය පොදු ලක්ෂණය. අපි සැම හිතන්නේ, "හිටහංකෝ මං කරන්නං.." කියා අනෙකා ට වින කටිමින් තම මග පාදා ගැනීමටය. බහුතරය එසේ කරද්දී සිදු වන්නේ සම්ප්‍රයුක්ත බලය එක්නෙකා ගේ සුළි ශක්තීන් නසමින්, පොදුවේ එක තැන වෙසෙමින් දවසින් දවස රටක් ලෙස පසුබෑම් වලට ලක් වීමය. කෙටිකතාවක් ලෙස මෙය රසවත් වුවත්, මෙය මීට පෙර කතාවට නොනැගුණු මැයක් නම් නෙමේ.


ප්‍රේම කිරීමේ රසය එක්තරා අන්දමකින් ඇත්තේ ප්‍රේමය නැවත විඳීමේදි නොව, තමන් ලබා දෙන ප්‍රේමයේ ජඹුර හා කැපකිරීමේ තරම මතය.

"උන්ට කුද ගහගන්න කියපං... ඌට ලව් කරන එක මගේ වැඩක්... ඌ කැමති උණත් නැතත්"(15 පිටුව)
"සිප්පි කටුවල කතාවක්" මෙහි එන මා වඩාත් රස විඳි කෙටිකතාව යැයි සිතමි. තමන්ගේ මහත් කැප කිරීම තම පෙම්වතාගේ පවුල පිළිනොගන්නේ වුව, තමනට හැකි අයුරින් තම සිතේ සහනයට යම ක්‍රමවේදයක් සොයාගැනීමට ජානකී සමත් වෙයි. කෙටිකතාව පදනම් වන පරිසරය සාර්ථක ලෙස ගොඩ නැගීමට ප්‍රින්ස් සමත් වී ඇත.

අලෙවිකරණය මත වර්තමාන ජීවිත දිවෙන බවකි සත්‍යය. අපිට මෙවන් උවමනාවන් තියෙනවා නේද කියා අප ම තේරුම් ගන්නේ අලෙවිකරණැ ක්‍රම්වේද මගිනි. මෙහි එන චැනල් වෙළෙන්දා, තොප්පි වලට වේවා, ජෙල් වලට වේවා, වෙළඳපොළක් නිර්මාණය කිරීමට සමතෙකි. "තොප්පි වෙළෙන්දා" දිනුවා වේවා, ජෙල් වෙළෙන්දා දිනුවා වේවා, චැනල් වෙළෙන්දා නම් නියත වශයෙන් දිනන්නේය.

බිලිං ගෙඩියක ඇඹුල මෙන් තම පැරණි පෙමක මතකය අමතක කිරීමට අපහසු සිරිනාථ, තම බිරිඳගේ බලාධිකාරිය හමුවේ අසරණ වේ. මේ මතකය ඔස්සේ දිවෙන කෙටිකතාවකි, "බිලිං ගස".

ජිවන මට්ටම, රැකියාව, සහ ආර්ථික තත්වය මත තරුණයෙකුට තරුණියක හිමි වන්නේ ද නැද්ද යන්න ගැනත්, එය හිමි වීමක් ද, ගොදුරු වීමක් ද යන්න පිළිබඳ කෙටිකතාවකි, "සුබ ගමන්". පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු සහ රියදුරෙකු ගේ දෛනික චරියාව, සහ තරුණ කොන්දොස්තරට පෙමක ඉඟියක් ලබාදෙන තරුණියක්, භාවිත කොට අපූරු රසවත් කෙටිකතාවක් ගෙතී ඇත.

පසුගිය "කොරෝනා කාලෙ" අප රට, වෙසෙසින් දෛනිකව මුදල් උපනයන්නන් හට ඉතා දුක්ඛිත කාලයක් ගෙන දුනි. කීයක් හෝ හම්බකර ගැනීමට නොහැකිව තම දරු මල්ලන් බඩගින්නේ තබනවාට වඩා, තමනට කොරෝනා වැළඳීම ම පිලිතුරක් ලෙස අයෙකුට පෙනුනේ නම් එහි වරදක් නැත.

ලතාගේ කතාව හෙවත් නිදොස්කොට නිදහස් වීම, පවුලෙනුත් වෙනස් කම් කල වෙනස් තරුණයෙකු හට, බහු පුරුෂ සේවනය ගැන ගමේ කතා හැදුණු කාන්තාවක් පිහිටට ඒමත්, ඉන් පසු සිදු වූ සෝචනීය තත්වයකුත් අලලා ලියැවුන්නකි.

බිරිඳකට නමට හෝ ස්වාමි පුරුෂයෙකු සිටීම ම ලංකාව වගේ රටක ආරක්ෂාවකි. ඒ පුරුෂයාගෙන් සත පහක උදවුවක් නොව, ඔහු බලාගැනීමම කරුමයක් වුව, කාන්තාවන් එම දෛවය භාරගන්නේ, විකල්පය ඊට බොහෝ අමිහිරි නිසාය. බැන්ද බෙරේ ගහන්නත් එපෑනේ කියන්නේ එම සමාජ තත්වය වටහාගෙනය. "ඒක සරල කතාවක් " ලෙස එය නිතර අසන්නට ලැබෙන කතාවක් ලෙස එය ගැනු
නද,  එහි සංකීර්ණත්වය තේරුම් ගන්නේ එය විඳින්නාටය.

කළු උස මනුස්සයෙක් වෙනුවට, පුස්තකාල පූසා පළමුව කියෙව්වේ නම්, එයත් ප්‍රින්ස් ගේ අනාගත නිර්මාණ ගැන යම් බලාපොරොත්තුවක්  තබා ගත හැකි බවට අපට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් වනු ඇත.

ශ්‍රේණිය: ***1/2
ප්‍රකාශය - ගොඩගේ (2020)

මුහමාලේ සුළඟ: ෂර්මිලා විනෝදිනිගේ කෙටිකතා (පරි: ජී. ජී. සරත් ආනන්ද)

 මෙම කෘතිය ගැන මට මුලින්ම අසන්නට ලැබුනේ මෙවර සම්මාන නිර්දේශ අතරින් ය. පිටපතක් මිලට ගෙන වරින් වර කෙටිකතා කියවීමී - ඒ හදිසියෙකින් තොරව, කාලය ලැබෙන පරිද්දෙනි. එසේ කිය වූ කෙටිකතා දහය ගැන, අපගේ සරල වැටහීම අනුව, මෙසේ කියමි;

ගිහින් එන්නම්:  මෙම නවකතාව, අනාගතවාදී ආස්ථානයක සිට ලියැවුන්නකි. එනම් නුදුරු අනාගත දිනෙක, සිහිබුද්ධියෙන් යුතුව තම දිවිය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ අයිතිය හිමි වනු ඇතැයි සිතීම සාධරණය. මෙහි එන අන්නම්මා තම දිවියේ සැඳෑ සමය විදෙස් රටක වෙසෙන තම පුතු සහ නුහුරු බසකින් දොඩන ලේලිය සමඟ ගතකරන්නීය. සිය ගම හා සැසඳීම, කිසිදා හුරු විය නොහැකි ආගන්තුක බව ආදිය මතු කරමින් කෙටිකතාව ඇදී යන්නේ, තරමක අධිවේගයකින් මෙනි - එම වේගය මදක් අඩාල වූව නම් මැනවි යැයි සිතිනි. එහෙත් ජීවත් වීමේ ආශාව සන්තෘප්ත වීම යන සංකල්පයේ මිහිරක් කෙටිකතාව තුලින් ගම්‍ය කිරීමට කතුවරිය සමත් ව තිබේ.

මල් අහිමි වූ මල් කලඹ: සාම්ප්‍රදායිකව පිරිමියා අසාධාරණ ලෙස බලය ද, මූලිකත්වය ද හිමි වූ සමාජයක, කාන්තාව මහත් පීඩනයට ලක් වේ. එවන් පිරිමියෙකි සිවඥානත්තාර්. ඔහුගේ එම අසාධාරණ අධිකාරිය ජීවිත රැසකට අභාග්‍යයක් ම ගෙනදෙන ආකාරයත්, ඔහුගේ දිවියේ අවසන් භාගය පසුතැවීම් වලින් පිරුණු එකක් වීමත් පෙන්වා දෙන්නේ, අධික රශ්මියක් ගෙන දෙන තාරපාරක සිදූ වූ සිද්ධීන් කිහිපයක්, චිත්‍රපටියක ආකාරයෙන් වචනයට නගිමිනි. තැනින් තැන ඔබ්බවා ඇති කියුම්, කතාවේ සංස්කෘතික පදනම ශක්තිමත් කරයි. 'ඇස් අන්ධ වූ පසු සූර්ය නමස්කාරයට යෑම', එවවැන්නකි.

ළතැවිල්ල: 'තමන් නැළවූ දෑත්' ගැන සාධාරණ සෙනෙහසකින් ලියූ මෙය, කෙටිකතාවකට එහා ගිය, ජීවිතය දෙස, එම පරපුර වෙත, ඔවුන් අද ද තරුණ පරපුරට ගෙනෙන සෙනෙහස ගැන දයාද්‍ර බැල්මකි.

ලොකු අත්තාගේ කොන්ද: තම ජනතාව තමන්
කරනා කාර්‍යය හමුවේ අනලස් බව ද, කඩිසර කම ඔවුන්ගේ ජීවන ක්‍රමයේ කොටසක් බවත්, පෙන්නුම් කරමින් ලියැවුණු කෙටිකතාවකි. කලෙක තමන්ගේ ම ඉඩම් වල, කුලියට වැඩ කිරීමට සිදු වුවද, කොන්ද කෙලින් තියං හරි දේ ම කරනු මිස, ලාභ ප්‍රයෝජන තකා කෙටි මාර්ග භාවිතා නොකරන බවකි ඉන් කියවෙන්නේ. මෙහි දකුණට සියුම් පණිවුඩයක් ඇත්තේ, දකුණේ බොහෝ අය ඉක්මන් සල්ලියට, කෙටි මාර්ග භාවිත කිරීමට රුසියන් වන නිසාය.

අහඹු ලෙස මුලින් කියවූවේ ඉහතින් සඳහන් කෙටිකතා හතරෙන් මුල් තුනයි.  එහි යුද්ධයෙන් ඔවුන් විඳි පීඩාව ගැන විස්තර අවමය. එහෙත් ඉතිරි කෙටිකතා බොහෝමයක ම දකුණේ හමුදා සහ කොටි ත්‍රස්තවාදීන් අතර තිබූ යුද්ධය නිසා ඔවුන් විඳි ගැහැට, වෙන්වීම්, අතුරුදන් වීම්, ගුවන් ප්‍රහාර - කාල තුවක්කු නිසා සිදු වූ මියයාම් ආදිය ගැන විස්තර එමටය. කතුවරිය තමන් හා තමන් ගෙ සහෝදර ජනතාව විඳි අනේක පීඩාවන්ගෙන් පිරි ජීවිත ගැන කියනු මිස, එහි සුල මුල, හෝ එහි දේශපාලන විග්‍රහයන් ගැන හෝ වද නොවේ. කිමද සාමාන්‍ය ජනතාවට ඉන් ඇති පළක් නැති නිසාය. පරම්පරා කිහිපයක් සතුටින්, තම ඉඩකඩම් වල මහන්සි වී වගා කියා කොට, එම බිමට ම ආවේණික ජිවන රටාවකට පුරුදු පුහුණු වූ ඔවුනට, මෙම යුද්ධය නිසා තම ළබැඳියන් නැති වීමය ඔවුන්ගේ පසුතැවිල්ල. 2009 දී කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම ගැන  පූර්ණ කැමත්තක් ඇති අයෙක් මුත්, මෙම ජනතාව විඳි අපමණ දුක් ගැන සංවේදී නොවී වීමට නොහැක. ඒ අර්ථයෙන් විශේෂයෙන් මේ පොත දකුණේ ජනතාව කියවිය යුතුම කෘතියක් ලෙස දකිමි. අප දකුණෙ ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක් වීම වැලැක්වීමත්, වෙනමම රාජ්‍යයක් සටන් කොට දිනා ගැනීම පරාජයත් යන දෙඅර්ථයෙන් රාජ්‍ය හමුදා යුධ වැදිණි. මෙම කෙටිකතා තුලින් සම්පූර්ණ ව වාගේ සඳහන් වන්නේ, රජයේ හමුදාවන් ගේ ප්‍රහාරයන් නිසා ඔවුන් විඳි අපමන දුක් ගැහැට ගැනය. තැනෙක දෙකක, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යැයි සිතිය හැකි අය චරිත ලෙස හමු වුවද ඔවුන් උතුරේ ජනතාවට යම් පිහිටක් වූ බවක් පමණක් ම කියවේ. දකුණේ වැසියෙකු ලෙස, මෙම යුද පරීශ්‍රමයට, ශ්‍රමිකව කිසිදු දායකත්වයක් නොදරා එහි ප්‍රතිලාභ (එනම් ඉන් පසු ඇති වූ ආරක්ෂාව)  විඳින්නෙකු ලෙස, මේ දේ මෙහෙම වෙන්න තිබ්බාය, මෙලෙස යුද වදින්නට තිබුනාය, සාමාන්‍ය ජනතාවගේ ආරාක්ෂාව ගැන මීට වඩා සුපරික්ෂාකාරී වන්නට තිබුනාය ආදී කතා කීමට මා යත්න දරන්නේ නැත.  ඒ කෙසේ වෙතත් වෙසෙසින් ජේ.ආර්. ජයවර්ධන යුගයේ '83 කෝළහාලය, මුල් කාලයේ රජයේ හමුදාවන් මගින් සිදු වූ සමහර සිදුවීම්, ක්‍රමක්‍රමයෙන් 2000 පසු දශකය වන විට බොහෝ තරමින් අඩු වන්නට ඇතැයි සිතමි. ඒ ජාත්‍යන්තරව වුව සිතීමේ රටාවන්, අයිතීන් පිළිබඳ අදහස් ක්‍රමිකව දියුණු ව තිබූ බැවිනි ( එය ස්වභාවික ප්‍රවණතාවකි -19 සියවසේ ඉංග්‍රීසීන් ගම් දනවු පිටින් වනසපු ආකාරයට 20 වන සියවසේ අග වද්දී කරන්නට නොහැක. ) මා නම් සිතන්නේ, 2009 දී එම යුද්ධය අවසන් නොවී තව වසර 3-4ක් ඇදුනා නම්, එය කිසි දා යුද්ධයකින් ලෙස අවසන් වන්නට ඉඩ නොතිබෙන්නට ඇත කියාය  - නැතිනම් ඔවුන්ගේ අභිලාෂයන් වඩා පහසුවෙන් දේශපාලනිකව ලබා ගනු ඇතිය කියාය. කෙසේ හෝ මෙපමණ ජනතාවක් සිටි ප්‍රදේශ වල දෙපිරිසක් අතර යුද්ධයක් ඇතිවෙද්දී සාමාන්‍ය ජනතාවට හානි සිදු නොවුනැයි කිව නොහැක. හානි අවම වීමක් පමණකි බලාපොරොත්තු විය හැක්කේ. එහෙත් මේ සිදු වූ අවම හානි හෝ ( අවම මට්ටමකට සිදු වුනා යැයි උපකල්පනය කරමු), නිසා එම ජනතාව ට තම ආදරැතියන් අහිමිවීම, අනේක දුක් ගැහැට විඳීමට සිදු වීම ආදිය ගැන කියවීම අප කල යුත්තේ, ඔවුන් ගෙවූ අසීමිත මිල ගැන තේරුම් ගැනීමටය ( අයෙකු අප මිලක් ගෙව්වේ නැද්ද යැයි ඇසිය හැක - අනිවාරයෙයෙන් ම ගෙව්වෝය - එහෙත් ඔවුන් අප මෙන් කීප ගුණයක මිලක් ගෙවූ බවකි, මගේ නම් අවංක විශ්වාසය ). ඒ අර්ථයෙනි මට මේ කෙටිකතා ඉතා වටින්නේය. මා මෙපමණ විස්තරයක් ලියා මෙතැනට පැමිණියේ, මෙවන් සංවේදී මාතෘකාවක් ගැන සුපරික්ෂාකාරී ලෙස වචන භාවිතා කරමින්, ඇයි අප මේ කෙටිකතා සංග්‍රහය කියවිය යුත්තේ යන තැන ඒත්තු ගැන්වීමටය. කිමද එලෙසය අප එවන් අවස්ථාවන් නැවත ඇතිවීම වලක්වා ගත හැක්කේ.

ඉතිරි කෙටිකතා වලට යොමු වෙමි:

මේ කෙටිකතා වලින් සමහරක යම් කොටස් හෝ තම පෞද්ගලික අත්දැකීම් හා සබැඳි යැයි සිතමි.

"මා ලියූ කෙටිකතා ඇතුළත් කොපි පොත් දෙකක් ඒ ඒ අවස්ථාවල කියවා ප්‍රවේශමින් තබා ගෙන සිටියෙමි. පසු කලෙක කාල තුවක්කු විසින් නංගීවත්, ඉලක්කියාවත් බිලි ගත් පසු ඇති වූ කෝපාකාර මනෝභාවය හා අප්‍රසාදජනක භාවය නිසා ඒ සියල්ල ඉරා වීසි කළෙමි. එහෙත් ඒවායින් ඇතැම් කතා හා පසුබිම් වූ දර්ශන මගේ මතකය තුළ රැඳී තිබෙන්නේ අමු ගසකට කා වැදුණු ඇණයක් මෙනි. ඉලක්කියා නම් වූ දැරිය මෙන්... මගේ නැගණිය මෙන්..." (115 පිටුව)

මෙම උපුටනය රැගත් දිය බුබුළ කෙටිකතාවේ දෙවෙනි කොටස වෙද්දී, තව දුරටත් එහි කථක ජීවතුන් අතර ඇත්තේ ද යන්න ගැටළුවකි. මැයි 19 වන දිනක සැමරුමක් සුසාන භූමියක සිදු වන වටපිටාවකි, එය. කතුවරිය පණිවුඩය ගෙන ඒමට භාවිත කල අපුරු පෙරළුමකි එය.

* පා සළඹ කෙටිකතාව ද , ඇගේ හොඳම මිතුරිය කෆීර් යානයක ප්‍රහාරයෙන් තමන්ගේ නිවස අබියස වූ බංකර් කට ගාවදී මිය යයි. ඇය ට එම ශෝකයෙන් මිදීමේ මගක් නොමැතිව මානසික ව්‍යාදියකට ගොදුරු වේ
* තම පුතු සහ ලේලියගේ ඇවෑමෙන් තම මුණුබුරන් දෙපළ බලා කියගෙන ජීවත් වෙද්දී ය, කන්දයියා ශෙල් වෙඩි ප්‍රහාරයක් හමුවේ තම නිවෙස් අතැර යන්නේ. ඔවුන් එසේ පළා යද්දී, කන්දයියා ට තවත් මේ ගැහට පීඩනය විඳ දරාගත නොහැකි වේ. මිනිසෙකු ලෙස හරි හැටි මිහිදන් වීමක්වත් නැති ඒ මියයාම් මධ්‍යයෙ කන්දයියා තම මුණුබුරා අමතමින්, "ඔයා යන්න රාසා" යැයි කියමින් කෙඳිරිලි නගයි.
* වෙණ්ණිලා ගේ මව සංවිධනේ ට සබැඳි යැයි සිතිය හැක. වෙන්නිලා වෙන ම රජය පාලන ප්‍රදේශයේ ජීවත් වන්නීය. ඇය එම ප්‍රදේශ වල ආරක්ෂාව අඩු වෙද්දී වෙන්නිලා බෝට්ටුවකින් පැන යන්නේ සිය මව වසනා ප්‍රදේශයටය. ඇගේ බලාපොරොත්තුව රාත්‍රියට පෙර අම්මා හා හිඳීමය. එම බලාපොරොත්තුව ඒ අයුරින්ම සිදුවීද ?

පශ්චාත් යුද සමයේ කෙටිකතා දෙකක් ද අපට මෙහි හමු වේ. ඉන් පළමුවැන්න අතුරුදන් වූ සරසවි ශිෂ්‍යයෙකු පිළිබඳවයි. තම දරුවෙකු නැති වූ මවකගෙන් සමාවක් නොලැබෙන බව පැහැදිලිය.

"ඒත් මම දැන් මෙහෙට ආවේ මේව සේරම කියලා පැමිණිල්ලක් දාන්න නෙවෙයි. මෙයාලා මේ හැමදේ ම කරන්නෙ ඇස් පිහදාගෙන නේ. හොරාගෙ අම්මාගෙන් පේන අහනව වගේ වැඩ තමයි මේ සේරම..." (94 පිටුව)

අනෙක් කෙටිකතාව උතුර හා දකුණ අතර සබඳතා ගැන, වඩා බලාපොරොත්තු තබා ගත හැකි ආරේ කෙටිකතාවකි. උතුරේ තරුණ වැන්දඹුවක යළි ජීවත් වීමේ බලාපොරොත්තුවක් දකිනුයේ තමන් හා තම පුතු භාරගැනීමට කම්ති දකුණේ තරුණයෙකුගෙනි.

ඉදින් මෙම කෙටිකතා සංග්‍රහය ගැන මගේ අදහස් ඉහත පරිද්දෙනි. අන් අවස්ථා වලදී තරමට ම මම කෙටිකතාවේ ආකෘතියන් ගැන සිතනවාට විනෝදනීට කීමට ඇති දේ ගැන තැකූ බව පැහැදිලිය. එසේ කීවද, බොහෝ විට වර්තමානය හා අතීතය අතර දෝලනය වන කෙටිකතා කතුවරිය ට රිසි පරිදි සුනම්‍යව භාවිත කොට තිබේ.

නැවතත්, සාහිත්‍ය වින්දනය ඉක්මවා යන හේතුන් නිසා කියවිය යුතු කෙටිකතා සංග්‍රහයක් ලෙස දකිමි.

ශ්‍රේණිය: ****
ප්‍රකාශය: සරසවි (2022)