ඉදින් එම සංග්‍රහය කෙසේ ද ? නිදසුන් කිහිපයකින් සහ, සමස්ත අදහස් කිහිපයකින් ඒ ගැන මෙසේ අදහස් දක්වමි;
තරමක ගුප්ත, එහෙත් යම් හුරුකමක් ද ඉඟිකරන ස්ථානයක් ගැන කවි පංතියකි, "එය කුඩා වන පෙතකි".
"මේ වනපෙතට පිවිසුමයතුර හා රහස් අංකයඇතත්, හැම හදක මඅනබිරහස් මංජුසා තුළඒ, දෙස බලා නිහඬ වහිත හදාගනු මිස"
"කලාතුරකින්වත් හමුනොවෙයිසංචරණයට යන කෙනෙකුඑහි,සතුටු මුහුණින්කිසි දින"
"ජීවිතේ දුක අහන, මතුපිටඅප රට තවමත් අයෙක් ගේ ජීවිකාව අනුව, ඔහු ට හෝ ඇයට හෝ කෙරෙන සැලකිල්ල තීරණය වේ. දැන් දැන් එළිපිට එය එතරම් නොපෙන්වුව ද, ඔවුන් කොන් කරන තීරුව හිත් කොන් වල ඇත.
කතා නැතුවට
හුදෙකලාවත්, හොඳම මිතුරෙක්
තමයි කෙනෙකුට"
"තණකොළ කපන
තණකොළ වගේ පොඩිවෙනඅති බිම හෙළනළිඳ, වසුරු වළ ඉහදෙනගස් ඇද නමන
කම්බි නූලෙන් බැඳ දෙනඅය කොන් කරනතීරුව තිබුණෙ හිත්වල"
"කන්තෝරු අහවර වඑ'ගෙහිමි එන්නටඅඩහෝරාවකට පෙර'හෙට වෙනකම් පාළුයි පැටියෝ' යිමුමුණනඇගේ උන්මාද ස්වරයකන්බෙරය කීතු කොටහදවට ඇතුළු වන විට"
කාන්තාවක් බොහෝ විට වට පිට සංඥ්ඥා මගින් බොහෝ දේ කියවයි. ඊට ප්‍රතිචාර දැක්වන්නේ තෝරා බේරා, ඉඳහිට වුවද, එම සංඥ්ඥා සමූහය අප වන් සංස්කෘතික පරිසරයක එය සැම දා අත්දකින විචිත්‍ර වූ අත්දැකීම් ගොන්නක් විය යුතු යැයි සිතමි. සංඥ්ඥාවන් දීමේ පාර්ශවයේ අයෙක් ලෙස, විටෙක කාන්තාවක් තරම් සංඥ්ඥාවන් ගැන ඉවක් අපට නැති වීමට ද පුළුවන් බව, මේ කෙටි කව මට සිහිපත් කලේ ය.
"වැහුණු දොරවල් ඇරගෙනකැඩුණු බස්වල හොටගෙනමුහුණු මත ඇවිත් ලි්වෙනහැඟීම් තිබේ, සමහරගැහැනු විතරක් ම කියවන!"
ගජමන් නෝනා හා ඩොයිලි අතර වූ තරඟයට කවි ලිවීමක් විෂය කොට ගෙන නිමැවුණු "ඩොයිලිට හිතෙනවා" රසවත් කවියක් වන්නේ, දයානන්ද ගුණවර්ධනගේ "ගජමන් පුවතේ" සමහර ජවනිකා සිහියට නංවමිනි.
"ඩොයිලි: පිරුවට හොඳයි, කහටක් නැති අඟනුන්ට
කොරතොට හොඳයි, තව සිංහල උගනින්ට
උඩරට මාල බෝගම්බර ගිල්වන්ටඩොයිලිට හිතෙනවා, පාත ම ඉඹගන්ටගජමන්: ලැබිණි මෙ' ලියමන යළි ලියමි, නොලියමිඔබින කතා දැයි සුද්දෙකුට නොඅසමිරකින ඒජන්තකම්, මෙහව් කවි බැඳිඉඹින තැන පසුව මා ලියා දන්වමී."
මෙවන් රස ගුලාවන් වන් කවි සංකල්පයන් ට අමතරව සම කාලීන සමාජ දේශපාලන කාරණා නිමිති කල ගත් කවි රැසක් ද මෙහි අපට හමු වේ. පාස්කු ප්‍රහාරය පසුව ඇති වූ උග්‍ර "සිංහල" කම ( "පපුවෙන් සිංහල ගලනව"), ගල්කිස්සේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටි රොහින්ග්‍යා සරණාගතයින් පිරිසකට එරෙහිව 2017 දී ඇති වූ ප්‍රහාරය ("ඉතින්, සමා ඉල්ලමි"), අප රට ජ්‍යේෂ්ඨ ගායකයකු තරුණ කාන්තාවක් විවා පත් කොට ගත් විට ඔහුගේ පුතුන්ගේ ප්‍රතිචාරය ("ඉනාව ම එක හිනාවකි පුත") පීලීබඳ එම ගායකයාගේ දෘෂ්ඨිකෝණය, ලක්ෂ්මි අගාර්වාල් මුල් කොට ගෙන ලියැවුණු "අග්නි දෙවඟන", දකුණින් යන අය උතුරේ දකින්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද යන ප්‍රශ්ණය මතු කෙරෙන "නන්දිකඩාල් පසු කොට" කවි පංතියත් මීට නිදසුන් ය. මේ සෑම මාතෘකාවක් ම කවි සිතක් තුලින් දකින ආරෙකින්, තෙතමනයකින් ලියැවී ඇත්තේ පාඨකයාට එම කාරණා පිළිබඳ සියළු පැති වෙත බලන මෙන් කෙරෙන නිහඬ බලකිරීමක් සමගය.
පෙර කී පරිදි 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් 5ක් කියවා ඇත ( ඉම තව දුරය, ක්වොන්ටම් භෞතික සංකාරා, මොන තරම් අවුලක්ද , හම්බාවා, අනෙක්වා ය). ( සන්තාන ගීතිකා, පිපී අනවැති නුරා මල් තරු පෙති, රන්වන් පත්, සරමිණි සුමුගුව සහ එහෙම වරදක් කරලා නෑ මම, කියවීමට ඉතුරුව ඇත ). මෙය කියවීමට පෙර මොන තරම් අවුලක් ද සහ හම්බාවා, මා වඩාත් රස විඳි සංග්‍රහයන් විය. එනුමුදු, මෙහි කවීත්වය, මැයන් හි විවිධත්වය, වරෙක මතුවන ස්ත්‍රීත්වය 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන්ගෙන් ම මෙතෙක් වඩාත් රස විඳි සංග්‍රහය මෙය බව පැවසීමට පුළුවන. ඒ අනුව, 2019 ප්‍රකාශ වූ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහයක් බව කීමට කරුණු කාරණා දැනට යෙදී ඇත.
ශ්‍රේණි ගත කිරීම - ****1/2
කාව්‍ය
සන්ථව ප්‍රකාශනයකි (2019)
No comments:
Post a Comment