බගන්දාරා වලින් පටන්ගත්, මීගොමුවේ මහීමගොඩැල්ලේ, සිමියොන්, කුසුමාවතී සහ කුලසිරි මුල් කරගත් දීර්ඝ කතාන්දරයේ ( එනම් බගන්දරා > විතණ්ඩ සමය සහ ආදරයේ සිමෙන්ති ), සමාන්තර ආඛ්‍යායනයක් ලෙස රතු පලස ලියැවී ඇත, අන් අයුරකින් පවසන්නේ මෙහි එන චරිත මේ නවකතාවේ මුහුණ දුන් සිදුවීම් වලට, වෙනස් සිදුවීම් වෙත, ඊට සමාන කාල වල දි, විතණ්ඩ සමයේ දී මුහුණ දුන්නෝය. ආදරය සිමෙන්ති විතණ්ඩ සමයට සමාන්තර කාලයක සිදු වුවද, ප්‍රධාන චරිතයෝ, අන්‍යයෝය ( මට මේ සබඳතාව අචිබේ ගේ Things Fall Apart සහ Arrow of God මතකයට නැගීය ).
රතු පලස වනාහි 1972-2010/2011 පමණ කාල පරාසය අලලා, කුලසිරි ගේ චරිතය ප්‍රමුඛ කොට ගෙන ලියවූවකි. මෙහි එන සියළු චරිතයෝ, සාමාන්‍ය මිනිසුන් පරිද්දෙන් ම කෙලෙස් බරැතිය. ඔවුන් ගේ වැරදි මතින්, සහ ඊට පෙර පරම්පරාවල් සිදු කල වැරදි (?) තේරුම් ගනිමින්, තමන් ගේ ජීවිත තේරුම් ගන්නෝය - ජීවිතය විඳින්නෝය. කුලවාදය, ව්‍යාභිචාරය, ත්‍රස්තවාදය, නිදහස් ලිංගිකත්වය, බෙදුම්වාදය, ජාතිකත්ව ධාරාවේ මිත්‍යාමය ඉතිහාස අර්ථ කථනය, විසිරුණු ජන කොට්ඨාශයන්ගේ බෙදුම්වාදී දේශපාලනය ආදි අනේකවිද මාතෘකා අලලමින් පිටු 528ක් පුරා ලියැවුණකි. පෙර කී කාල පරාසයේ අප රට සිදු වූ මෙහි ඇතුලත් නොවූ ප්‍රමුඛ මාතෘකාවක් නැති තරම් ය. කුසුමාවතී තම පරාජයන් බාරගෙන තනිකඩ ජීවිතයකට පුරුදු වීම, සිමියොන්ගේ ඇවෑමෙන් ඔහු ප්‍රාදේශීය හා දේශපාලන වශයෙන් පිර වූ හිඩැස, කිසිදා තම පියානන් ට ගරු නොකල කුලසිරි වටහා ගැනීම ආදී සිදුවීම් අප ලේඛකයා මවා ඇති අයුරු අපූරුය. එපමණක් නොවේ නවකතාව මුල, හිරෙන් නිදහස් වී තම නිවෙස වෙත දුම්රියෙන්, තම මව සමඟ පැමිණෙන කුලසිරිගේ අත්දැකීම පවා, විචිත්‍රවත් ය - අප යාබද අසුනේ වාඩි වී සිටියා සේය. මෙහි එන සමහර අවිශේෂ චරිතයෝ, කුතුහලය අවුසන මුත්, අප සමාජ ව්‍යූහය තුල ස්වභාවික යැයි හැඟේ. පුල්ලේ මාමා එවැන්නෙකි; ජයසිරි තවත් අයෙකි. පැතලි විසල් පා මගින් මහපොළොව බදා ඉන්නා, ඉන් සහ ඔවුන්ගේ පරිසරයේ වෙසෙන අන් අයගෙන් ද සාරය උරා ගන්නා, එහෙත් සමාජයට ද වක්‍රව, අනභිප්‍රේතව යමක් එකතු කරනා චරිතයෝය. මේ සැමටත් වඩා අපූරු සංකීර්ණ චරිතයක් ලෙස තේවාණි ගොඩ නගා ඇත. විටින් විට පෙනී සිටිමින් අතුරුඳන් වන තේවානි චරිතය මගින්, සිහළුන් විශ්වාස කොට ඔවුන් හා තම දිවිය ගෙනයාමට අවංක උත්සාහයක් දරා, දකුණේ කැරැල්ල වෙනුවෙන් ද යම් කොටසක් ඉටු කොට, අවසන දෙමළ බෙදුම්වාදය වෙත බලාපොරොත්තු ඇති කර ගැනීමට තරම් අසරණ වන ගැහැණියකගේ චරිතයක්, ලේඛකයා අපූරුවට ගොඩනගා ඇත. මීගොමුවේ වෙළඳ ප්‍රජාව, කරුවල කඩ ඇතුළත ගෙනයන බලගතු මෙහෙවුම්, දේශපාලන මදිහත් වීම්, අයථා සම්බන්ධතා ඉදිරිපත් කොට ඇත්තේ, අද ට පෙර පරම්පරාවක වික්‍රමයන් කියා පාන ඉරියව්වකිනි. අද වන විට සුපිරි වෙළඳසල් දාම හේතුවෙන්, මෙම ප්‍රජාව විසිරී අන් ස්වරූප ගෙන ඇත. 2010 පමණ වන විට සිදු ව ඇති සමාජ ආර්ථික පෙරළීම පෙන්නුම් කරන අපූරු කොටසකි මේ:
නවකතාවේ තැනෙක දිගැරෙන, කුසුමාවතීගේ මල්වානේ ඉඩම්හිමි නෑ පරපුර ඉදිරිපත් කෙරෙන පවුල්පසුබිම, සහ සිමියොන්ගේ වාමාංශික දේශපාලානයේ නොපෑහීම ද දුරදිග ගියේ ? බගන්දරා හී ඇරඹි පරිදි, කුසුමාවති හා සිමියොන් ගේ ගැටුම ට කුලසිරි ඉත්තෙක් වූ අයුරු මෙහි වඩා පූර්ණව පෙන්නුම් කරයි.
කතුවරයා මෙම කෘතිය මගින් බොහෝ විශ්වාස ආදිය හරහා ද ගමන් කරලීමට යත්න දරා ඇත. සාන්ත සෙබෙස්තියන් අවතාරය, නවගමුව හා බැඳි පත්තිණි විශ්වාසය ආදිය ගැන විස්තර ගෙන එමින් කතාව වරෙක දීර්ඝ කරන කතුවරයා, ව්‍යංගාර්තයෙන් කුසුමාවතිගේ මානසික විෂාදය පෙන්නුම් කරනවා විය යුතුය. එවන් සමහර කොටස් පාඨකයා වෙහෙසට පත් කරවයි. තව ද ඒ ඒ යුගයේ කලාව හා සබැඳි සිදුවීම්, අන්තර්ගත කරලීම මගින් නවකතාව විශ්වාසනීයත්වය තහවුරු කරයි. නිදසුනක් ලෙස කුලසිරි දෙවෙනි වර විශ්ව විද්‍යාලයට ඇතුලත් ව සිටිද්දී, ඒ යුගයේ නිමවුණු නිධානය චිත්‍රපටියේ තිරරචක තිස්ස අබේසේකර ඒ අසල වාසය සඳහන් කල හැක. එලෙසම වෙසෙසින් 71 කැරැල්ලෙන් පසුව, විශ්ව විද්‍යාල පාඨමාලා සංශෝධනය ගැන ද මෙහි සඳහන් ය. කුලසිරි ට විශ්ව විද්‍යාලය නැවත එපා වීමට එයද හේතුවක් වීද ? ඔහු ඒ වන විට ලබා සිටි ආර්ථික තත්ත්වයද ඊට හේතු වූ බව සැබවි.
හැත්තෑව දශකයේ සමගි පෙරමුණ ආණ්ඩුව කෙරෙහි කෙමෙන් ජනතා විශ්වාසය පළුදු වීම යන කාරණාව ද, නවකතාවට අන්තර්ගත කොට ඇත්තේ සූක්ෂමවය.
නවකතාවේ තුන් වෙනි කොටසට අවතීර්ණ වන විට, ටානියා හෙවත් විජයලක්ෂ්මි එහි ප්‍රධාන චරිතය බවට පත් ව ඇත්තේ, සාලිය ව ද මධ්‍යයේ චරිතයක් බවට පත් කරවමිනි. මෙම චරිත දෙකම කුලසිරි ගේ ඍජු සබඳතාවක් ඇති චරිතයෝය. තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයේ අවසන සනිටුහන් කරන යුගයකි මෙම තෙවෙනි කොටසින් නිරූපනය වන්නේ. රාජ්‍ය නොවෙන සංවිධාන ප්‍රමුඛ "ජාත්‍යන්තර ප්‍රජාව" හි හැසිරීම දැක්වෙන කොටස් මෙහි නොසලකා හල නොහැක.
මෙය විශාල කාල පරාසයක් අලලා ලියැවුණු, සුළු සිද්දීන් අණ්වීක්ෂගත කිරීම මගින් ඒ ඒ කාලය කියවීමට තැත් කල, බොහෝ පොහොසත් නවකතාවකි; මෙය පරිපූර්ණ නවකතාවක් හෝ තැනෙක කියවීමට අපහසු ආරේ නවකතාවක් ද හෝ විය හැකිය. කතුවරයා තැනෙක විමතිය ගෙනෙනු උදෙසා ගන්නා හැරවීම්, පාඨක සිතේ සැකයක් ඇති කරලීමට ද පුළුවන. එහෙත් ඒ දුර්වලතා මධ්‍යයේ හෝ, ශ්‍රී ලාංකික සමාජය තමන් කියවීම උදෙසා නැවත නැවත යොමු කරවනාකාරයේ, අප තව බොහෝ කාලයක් කියවනාකාරයේ නවකතාවකි මෙය. කතුවරයා මහත් අපේක්ෂා ඇතිව ලිවීමට තැත් කල කෘතියක් බවට සිතිය හැක, මෙය. මෙය අප යුගයක කැඩපතකි. එරික් ගේ හොඳම නවකතාව මෙය නොවුන ද , අද වන විට ඔහු ට පමණක් ලිවිය හැකි, ඔහු ට පමණක් ඇලලිය හැකි මානයන් උපේක්ෂක නෙතකින් දැක, ලියූ නවකතාවකි, මෙය. මෙය විශිෂ්ඨ ද නැද්ද යන්න අනාගතය තීරණය කරාවි. දැනට, හරිහමන් අවසානයකින් තොරව නිමාවන කෘතියේ, ඊළඟ කොටස වන "පේත" කියවීම ඉතා අවශ්‍ය කාරණාවක් පමණක් බව දනිමි.
****
නවකතා
2018 ගොඩගේ ප්‍රකාශනයකි

"නාට්ටුවත්තේ හාදයකු සිනාසෙමින් පැවසුවේ සුපර් මාර්කට් එකේ බඩු විකුණන කේලාම්කාරියක් තමාට 'සර්... සර්' කියා කතා කළ සැටිය. ඇය තවත් හරක් පට්ටියක් තබාගෙන කිරි විකුණන දනියෙල්ගේ පවුලට 'මැඩම්' කියා ආමන්ත්‍රණය කර තිබිණ" ( 400 පිටුව )
නවකතාවේ තැනෙක දිගැරෙන, කුසුමාවතීගේ මල්වානේ ඉඩම්හිමි නෑ පරපුර ඉදිරිපත් කෙරෙන පවුල්පසුබිම, සහ සිමියොන්ගේ වාමාංශික දේශපාලානයේ නොපෑහීම ද දුරදිග ගියේ ? බගන්දරා හී ඇරඹි පරිදි, කුසුමාවති හා සිමියොන් ගේ ගැටුම ට කුලසිරි ඉත්තෙක් වූ අයුරු මෙහි වඩා පූර්ණව පෙන්නුම් කරයි.
"ඔහු (සිමියොන්) විශ්වාස කළේ ඒ පිය පුතු වෛරය ඇති කළේ තේ කඩ රස්සාව හා ඊට කලින් කළ බක්කරේ රස්සාව දෙස අවඟාවෙන් බලමින් ආණ්ඩුවේ පාසල් ගුරුකමෙන් හිස උදුම්මා ගත් තම බිරිඳ කුසුමාවතී බව ය. ඇය වැඩිමලාට ඉගැන්වූයේ දරුණු යටි අරමුණකිනි. "( 72 පිටුව )එහෙත් දීර්ඝ කාලීනව, පියෙකු පුතෙකු දෙසත්, පුතෙකු පියෙකු දෙසත් හෙළන්නේ අනෙකා සාධාරණ ද යන්න ගැන තක්සේරුවක් පමණි. එය එසේ නම්, පියා පුතා වෙත ද, පුතා පියා වෙත ද, දීර්ඝකාලීන බැඳීමක් බවට එය පත් වේ. මෙය පුතෙකුගේ පාර්ශවයෙන් නම්, පියාගේ ඇවෑමෙන් පසුව ද සිදු විය හැක. කුලසිරි ගේ මැදිවිය ගෙවී ගිය අයුරු සහ සිමියොන් එය ගෙවා දැමූ අයුරු අතර යම් සමානතාවක් මගින්, කතුවරයා මේ විශ්ව සාධාරණ යැයි සිතිය හැකි තත්වය පෙන්නුම් කරන්නාක් මෙනි.
කතුවරයා මෙම කෘතිය මගින් බොහෝ විශ්වාස ආදිය හරහා ද ගමන් කරලීමට යත්න දරා ඇත. සාන්ත සෙබෙස්තියන් අවතාරය, නවගමුව හා බැඳි පත්තිණි විශ්වාසය ආදිය ගැන විස්තර ගෙන එමින් කතාව වරෙක දීර්ඝ කරන කතුවරයා, ව්‍යංගාර්තයෙන් කුසුමාවතිගේ මානසික විෂාදය පෙන්නුම් කරනවා විය යුතුය. එවන් සමහර කොටස් පාඨකයා වෙහෙසට පත් කරවයි. තව ද ඒ ඒ යුගයේ කලාව හා සබැඳි සිදුවීම්, අන්තර්ගත කරලීම මගින් නවකතාව විශ්වාසනීයත්වය තහවුරු කරයි. නිදසුනක් ලෙස කුලසිරි දෙවෙනි වර විශ්ව විද්‍යාලයට ඇතුලත් ව සිටිද්දී, ඒ යුගයේ නිමවුණු නිධානය චිත්‍රපටියේ තිරරචක තිස්ස අබේසේකර ඒ අසල වාසය සඳහන් කල හැක. එලෙසම වෙසෙසින් 71 කැරැල්ලෙන් පසුව, විශ්ව විද්‍යාල පාඨමාලා සංශෝධනය ගැන ද මෙහි සඳහන් ය. කුලසිරි ට විශ්ව විද්‍යාලය නැවත එපා වීමට එයද හේතුවක් වීද ? ඔහු ඒ වන විට ලබා සිටි ආර්ථික තත්ත්වයද ඊට හේතු වූ බව සැබවි.
"ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය පරිපාලනය, තක්සේරුකරණය යනාදි තවත් අලුත් පාඨමාලා හැදෑරුවන්ට ද රටේ ආයතනවල පමණක් නොව පිටරටවල ද ඇබෑර්තු ඇති බව ආරංචි විය. 'පාලියි සංස්කෘතයි දුකලාවා' යනුවෙන් සංඝාවාසයේ පිට බිත්තියක ලියා තිබුණි." ( 361 පිටුව )
හැත්තෑව දශකයේ සමගි පෙරමුණ ආණ්ඩුව කෙරෙහි කෙමෙන් ජනතා විශ්වාසය පළුදු වීම යන කාරණාව ද, නවකතාවට අන්තර්ගත කොට ඇත්තේ සූක්ෂමවය.
නවකතාවේ තුන් වෙනි කොටසට අවතීර්ණ වන විට, ටානියා හෙවත් විජයලක්ෂ්මි එහි ප්‍රධාන චරිතය බවට පත් ව ඇත්තේ, සාලිය ව ද මධ්‍යයේ චරිතයක් බවට පත් කරවමිනි. මෙම චරිත දෙකම කුලසිරි ගේ ඍජු සබඳතාවක් ඇති චරිතයෝය. තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයේ අවසන සනිටුහන් කරන යුගයකි මෙම තෙවෙනි කොටසින් නිරූපනය වන්නේ. රාජ්‍ය නොවෙන සංවිධාන ප්‍රමුඛ "ජාත්‍යන්තර ප්‍රජාව" හි හැසිරීම දැක්වෙන කොටස් මෙහි නොසලකා හල නොහැක.
"ඕනෑම විමුක්ති සටනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හැසිරෙන්නෙ එක ම ආකාරයකට බව ඇය දන්නා කාරණාවක් විය. තමාට පැවරී ඇති කාරිය ඒ සම්ප්‍රදාය අනුව කටයුතු කිරීම ය. කිසියම් වර්ගයක සටන්කාමීන් හා විමුක්තිවාදීන් පිළිබඳ විශ්වාසය බිඳී යන මොහොතේ විවිධ ක්ෂේත්‍රවල නිපුණ උපදේශකයින්ගේ නළල් මත පණ්ඩිතමානී රැළි ඇඳෙයි. ඔවුන්ගේ ඇස් කණ්ණාඩි අතට එයි..."මේ යුගය වන විට හන්ටින්ටන්ගේ සංස්කෘතික යුද්ධ පොත අනුසාරයෙන් ඒක පාර්ශවීය සංස්කෘතියක් සමස්තය වෙනුවෙන් පෙනී සිටීම ඇරඹි තිබිනි. ලේඛකයා එය අප හට සාහිත්‍ය ආදර්ශයක් ඔස්සෙ ම ගෙන එයි.
"උතුරේ විමුක්ති නායකයා මියගිය පුවත ආරංචිය යුරෝපයට ලැබෙන විට බර්ලිනයේ වේලාව සවස හතරයි හතළිහ ද, ලන්ඩනයේ වේලාව තුනයි හතළිහ ද විය. මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන්ගේ නිල ගීතය වූ ජාත්‍යන්තර ගීතය නිපැයූ ප්‍රංශයේ මසේහි ඒ ගැන තිබුණේ ජයග්‍රහණය බලාපොරොත්තුව සිටි සිඩාන්ගේ නායකත්වය සහිත ජාතික පාපන්දු පිල අනපේක්ෂිත පරාජයට ලක් වුණු හැඟීම වැනි අඳුරු මානසිකත්වයකි" ( 396 පිටුව )
"... මයිකල් ඔන්ඩච්චි, යස්මින් ගුණරත්න, ශ්‍යාම් සෙල්වදොරෙයි වැනි ශ්‍රී ලාංකික ජන්මයක් ඇති ලේඛකයින් ස්වභාෂා සම්පූර්ණයෙන්ම අමතක කොට දමා කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල පුරවැසියන් ලෙස දිවි ගෙවන තාලේ ඩයස්පෝරක සාහිත්‍යකාරයන් වීම පසුපස එවැනි කාරණා සැඟවී තිබෙන බවකි" (415 පිටුව )
මෙය විශාල කාල පරාසයක් අලලා ලියැවුණු, සුළු සිද්දීන් අණ්වීක්ෂගත කිරීම මගින් ඒ ඒ කාලය කියවීමට තැත් කල, බොහෝ පොහොසත් නවකතාවකි; මෙය පරිපූර්ණ නවකතාවක් හෝ තැනෙක කියවීමට අපහසු ආරේ නවකතාවක් ද හෝ විය හැකිය. කතුවරයා තැනෙක විමතිය ගෙනෙනු උදෙසා ගන්නා හැරවීම්, පාඨක සිතේ සැකයක් ඇති කරලීමට ද පුළුවන. එහෙත් ඒ දුර්වලතා මධ්‍යයේ හෝ, ශ්‍රී ලාංකික සමාජය තමන් කියවීම උදෙසා නැවත නැවත යොමු කරවනාකාරයේ, අප තව බොහෝ කාලයක් කියවනාකාරයේ නවකතාවකි මෙය. කතුවරයා මහත් අපේක්ෂා ඇතිව ලිවීමට තැත් කල කෘතියක් බවට සිතිය හැක, මෙය. මෙය අප යුගයක කැඩපතකි. එරික් ගේ හොඳම නවකතාව මෙය නොවුන ද , අද වන විට ඔහු ට පමණක් ලිවිය හැකි, ඔහු ට පමණක් ඇලලිය හැකි මානයන් උපේක්ෂක නෙතකින් දැක, ලියූ නවකතාවකි, මෙය. මෙය විශිෂ්ඨ ද නැද්ද යන්න අනාගතය තීරණය කරාවි. දැනට, හරිහමන් අවසානයකින් තොරව නිමාවන කෘතියේ, ඊළඟ කොටස වන "පේත" කියවීම ඉතා අවශ්‍ය කාරණාවක් පමණක් බව දනිමි.
****
නවකතා
2018 ගොඩගේ ප්‍රකාශනයකි
No comments:
Post a Comment