Tuesday, 24 December 2019

කඳුලු මිටියාවතින් - දර්ශන මේදිස්

උක්ත කාව්‍ය සංග්‍රහය කියවීමි. පළමු වරට 1992 වසරේ ප්‍රකාශ වී ඇති මේ සංග්‍රහය දෙවෙනි වර මුද්‍රණය ලබනුයේ 2018 වසරේදී ය. නිර්ධන පංති විප්ලවය, වාමවාදී දේශපාලනය, විමුක්ති අරගලය ආදී මෑ මූලික් වශයෙන් තම කවි වලට මූලයන් කොට ඇති මේ සංග්‍රහයේ කවි 32 කි. වරෙක ප්‍රචාරාත්මක ලක්ෂණ පෙන්වුව ද, බොහෝ කාව්‍යයෝ සාර්තක නිර්මාණ ය. බොහෝ කාව්‍ය  1992 වසර හා සාපේක්ෂව ප්‍රගතිශීලී කවි පංතියෝය. එතෙක් මෙතෙක් මේ කාව්‍ය සංග්‍රහය බොහෝ විචාරකයින්ගේ සහ සම දේශපාලන මත දරන්නගේ මහත් විමසිල්ලටත්, පැසසුමටත් පත්‍ර වී ඇත.  මේ මුද්‍රණයේ කවි පංති 31 අවසානයේ, "විචාරක සහ රසික ප්‍රතිචාර" වෙනුවට පිටු දහයක් වෙන්ව ඇත.
"...කෙතෙරම් පරිහාණි හෝ ජරාජීර්ණ බවක් පෙනුණත් ලෝකය ප්‍රගති ගමනක යෙදී සිටින බව විශ්වාස කරන කවියෙකි...
...බොහෝ රචනා සාම්ප්‍රදායික දෘෂ්ටිවාදවලට එරෙහිව ගසන කැරළි බඳුය"
( ලියනගේ අමරකිර්ති , 1994)
මීට අමතරව සරත් විජේසූරිය, රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ආරියවංශ රණවීර, මංජුල වෙඩිවර්ධන, බුද්ධදාස ගලපත්ති, ජයන්ත අමරසිංහ යන අය, මේදිස් ගේ කව් ගැන ප්‍රශංසා මුඛයෙන් කියූ දෑ මෙහි සදහන් ය - ඒ පසුගිය අවුරුදු 27 පුරාවටම ය. මා යම් ගරු කරලිමක් කරනා එක් කියවන්නෙක් මේ පොත ගැන පැවසූ හෙයින් මෙය මිල දී ගෙන කියවීමට සිතුවෙමි. ඉතින් මෙහි එන කවි ගැන මගේ කියවීම මෙසේය;

කවියා තම දේශපාලන මතවාදය ගැන 100% ක්ම සැක නැතිව විශ්වාස කරන්නෙකි. නව මුද්‍රණයට පෙරවදනක් සපයන කවියා මෙසේ කියයි;
"සකල කලාවෙහි මතු නො ව සමස්ත මානව සංහතියෙ හි ද ඉරනම අදටත් රඳා පවතිනුයේ එකී දේශපාලන පක්ශයෙහි ( විප්ලවවාදී ලෝක පක්ශය හෙවත් හතරවෙනි ජාත්‍යන්තරය ) විප්ලවීය ඉදිරි දර්ශනය මත පමනක් ම බව යලිදු ප්‍රතිරාවය කිරිමට මට සිදු වී ඇත."

පළමු කවි පංතිය සමාරාධනා! නමි. එහි ඔහු සියළු ජනයාට තමන් සමඟ එක්වෙන මෙන් පවසන අතර,
"තරුන සොල්දාදුවෙනි, නවතින්න!
පරන පව් ඇලෙන් සෝදා එන්න
සැබෑ සතුරා හැඳිනගෙන ඉන්න
මගේ කවි ගබඩාවෙ
අලුත් අවි තිබේ ඔබ හට දෙන්න",
යැයි පවසයි. මෙම කවි පංතියෙන්ම පාඨක බලාපොරොත්තු කවියාගේ උවමනා දිශාවනට යොමු කිරීම ට හේ සමත් වේ.

කවියා ගම ගැන කාන්සාවන් පිළිබඳ තම මතය මෙසේ ප්‍රකාශ කරයි
"නිදුකින් දිගු කල් රැඳුන ද
හද ලද සතුටක් නැතියෙන
ඉසුරින් පිරි නුවරක් හැර
උපන් දනව්වට ආයෙමි..

...
අපමන යසිසු'රු සොයමින
උපන් පියැසි සුන්බුන් කොට
එබඳු විසල් පුරවර වෙත
නෑ මිතුරන් ඉගිලී ඇත!"
( සංක්‍රමනය )

කවියා කිහිප පොළක හණ මිටි අදහස් වලින් සීමාවට පත් වීම ට එරෙහිව තම පද්‍ය යොදා ගනී. "නෑගම් යද්දි" එවන් ස්ථානයකි;
"ලඳුනි මගේ මව් පියෙසට
නුඹ කැන්දාගෙන යන්නෙමි
සොඳින් සිතට ගත යුත්තක්
මෙලෙස මතක් කොට දෙන්නෙමි

නුඹ පිලිගන්නට සැරසෙන
පරම්පරාගත නිවෙසකි
නුඹ වෙනුවෙන් තෑගි ලැබෙන
ඉතා බරැති පෙට්ටගමකි...

...
දූලි වැකුනු එම පොතපත
පෙරලා නොම බැලිය යුතු ය
නුඹෙ මාහැඟි සිතුවිලි පොත
එහි තැන්පත් නො කල යුතු ය!"
"පුත්‍ර ස්නේහය" මෙහි ඉතා මනාව පබැඳුණු, එලෙසම සම්මතය අභියෝගයට ලක් කරනා කවියකි.

"මල් හිනා පිරුනු     මුහුනිනි
ගජ ඉලන්දාරි            ගමනිනි
ලොකු පුතා ගෙදර එන සැටි
සිත සිතා ඔබ දෙපල     ඇති"

එනමුදු පුතු දෙමව්පියන්ගේ සාම්ප්‍රදායික අයුරින් ලේලියක් ගෙන ඒමේ බලාපොරොත්තු අභියෝගයට ලක් කරන්නේ තම තේරීම ගැන බලගතු විශ්වාසයෙනි.

"කල් පමා වුව ද        දෙගුරුනි
ඔබෙ දෙපා නමැද      පවසමි
කියකියා ඉන්ට බැරි         වුනි
හදිසියේ කරුනු සිදු         වුනි

...

මට වඩා බිඳක් වයසැති
අඩු කුලේ කියා පවසති
බඳ වටා කසී සලු නැති
සෙනසුරා හතේ වෙන්නැති

වත සිනා එහෙත් අඩු නැති
හිත පුරා මෙලෙක ගති  ඇති
ලේලියක කැටුව පැමිනෙමි
කට පුරා දුවේ කිව්වැකි!


වනාතවිල්ලුවේ අසිරි, සම්මුඛ පරීක්ශනයක්, අරුමය, දරු පල නැති ඇගේ කවිය, විවාහප්‍රාප්ත යුවලකගේ පසුවදන, සහෝදරියකගේ වියෝව මෙහි එන අන් මා රසවිඳි කවි පංති කිහිපයකි.

මෙහි එන "උතුරින් දකුනට" කවි පංතිය විශේෂ වන්නේ එය "සබඳ අපි කඳු නො වෙමු" නමින් ගුණදාස කපුගේ ගීතයට නැගීය. එහෙත් එහි සුවිශේෂත්වය වනුයේ මේදිස් කපුගේ වෙත කෙරෙන මෙම චෝදනාව මතය
* මේ කවිය ඇසුරින් සකස් කෙරී, ගායක ගුනදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නො වීම ගැන මම කම්පා වෙමි - ද. මේ.

කිම ද මේ කව් පංතිය ට මෙම උප මාතෘකාව යොදා ඇත;
"පීඩිත ජාතියෙ පීඩිතයන්ගෙන්
පීඩක ජාතියෙ පීඩිතයන් වෙත"

මේ කවි පොත මා මිලදී ගත්තේ ඊයේ ය. උඩින් පල්ලෙන් බැලීමට රෑ දහයට පමන අතට ගත් මුදු, රෑ දොළහ පමණ වන විට මුළු පොත ම කියවා හමාර කොට ය පොත පසෙක තැබුවේ. ඒ මේදිස් තම දේශපාලන මතවාදය සහ ප්‍රගතශීලීත්වය පිළිබඳ විශ්වාසයෙන් යුතුව මෙහි කවි පබැඳ ඇති හෙයිනි. මෙය මුලින් ලියවුනේ 1992 දීය යන්න සලකද්දීය මෙම සංග්‍රහයේ සුවිශේෂි බව වැටහෙන්නේ. මෙහි දුර්වල කවි නැතුව නොවේ. නිදසුනක් ලෙස "නාඳුනන මිතුරාට" යන කව වචනාර්තයෙන් ගතහොත් තරමක් කෘතීම ය. එලෙසෙ ම පෙර කී "සමාරධනා!" කාව්‍ය ප්‍රචාරකවාදී ය.

එහෙත් සමස්තයක් ලෙස මීට වසර 27 ට පමණ පෙර, අප රට කැරැල්ලක් අවසන් වූ යුගයෙක, මෙවන් කාව්‍ය සංග්‍රහයක් මගින් පරාජයේ අළු පිස ලා අලුත් ගමනක් යෑමට යම් බලාපොරොත්තුවක්  දුන් බව සිතා ගත හැක. මේ සංග්‍රහය අද වන විට, එදාට සාපේක්ෂව කල් පිනූ බවක් සිතිය හැකි මුත් එය සමස්ත වශයෙන් සත්‍ය නොවන්නේ මෙහි එන ප්‍රගතිශීලිත්වයේ බලාපොරොත්තු අද ට ද අදාළ බැවිනි. හැකිනම් සොයාගෙන කියවන්න නිර්දේශ කරමි.

ධරණි - කත්‍යානා අමරසිංහ


"අපි අවාසනාවන්ත කාලෙක ඉපදුණු අවාසනාවන්ත මිනිස්සු"
මෙම නවකතාවේ එන ජයකාන්තන් නම් චරිතය මේ කාරණාව කිහිප විටක් ම පවසයි. මේ කියමන එක්තරා විදිහක නවකතාව ප්‍රධාන යටි පෙළ නියෝජනය කරන්නේ යැයි සිතිය හැක.  මෙහි එන ප්‍රධාන චරිතයනට තම ජීවිතයේ දි තමන් ආදරය කරනා සහෝදරයින්, මිත්‍රයින්, ආදරවන්තයින්, ආදරවන්තියන් අහිමි වේ.  අප ජීවත් වූ පසුගිය වසර පණහකට ආසන්නා කාලයේ ( ඉන් වසර තිහක පමණ පරාසයක් මෙහි නියෝජනය වන්නේ යැයි සිතිය හැක ).  කතුවරිය මෙහි ඉදිරිපත් කොට ඇති සිදුවීම් පෙළ එසේ නොවේ යැයි කීමට අප ට නොහැක්කේ, අප රට තුල පමණක් නොව ඇය මෙම නිර්මාණයට පාදක කොට ඇති විදෙස් රටවල සිදුවීම් ද මේ කියනා පරිද්දෙන් සිදු වූ අවස්ථා තිබෙන හෙයිනි.

නවකතාව ට සෝචනීය අවස්ථා භාවිතාවෙන්, කතුවරිය බලාපොරොත්තු වූයේ එක් අතකින් සමාජ දේශපාලන විචාරයක් මතු කරලීමටය. මෙහි එන දුලන්‍යා ගේ චරිතය සැලකුව හොත් ඇය කුඩා කල සිටම කවුරුවත් තේරුම් නොගත්,  යම් ස්වාධීනත්වයකට ඇලුම් කරනා චරිතයකි. ඇය වෙත යම් සෙනෙහසක්, ඈ තේරුම් ගැනීමට යත්න දැරීමක් පෙන්නු සියළු දෙනා පාහේ ඈට ක්‍රමක්‍රමයෙන් අහිමි වේ.  මේ නවකතාවේ දුලන්‍යාගේ චරිතය හසුරුවා ඇති අයුරු  පැසසුම් සහගතය. මෙය නවකතාවේ ප්‍රධාන ධනාත්මක ලක්ෂණය ලෙස දකිමි.  දුලන්‍යා, ජයකාන්තන් සමඟ යාපන අර්ධද්වීපයේ  ගමන් කිරීමේ කොටස සහ ලිපි දෙකක් ආශ්‍රයෙන් නවකතාව අවසන් කරලීම මා සිත් ගත්තේ ය. රාජිණි සහ දුලන්‍යාගේ "සම්බන්දයේ ස්වරූපය ද" තරමක සාර්තක උපක්‍රමයකි - එය මට තාරකා වාසලමුදලි ගේ "කළු" මතකයට නැංවීය.

 නවකතාවක් තුලට සමාජ දේශපාලන කාරණා ඇතුලත් කරගැනීමේ දී  වැදගත් විය යුත්තේ එය ස්වභාවික ලෙසත්, නවකතාවේ විශ්වාසනීයත්වය ට පළුද්දක් නොවෙනාකාරයෙනුත්  ඒ ඒ සිදුවීම් ඇතුලත් කරලීමය. මේ නවකතාවේ ඇති ප්‍රධාන දුර්වලතාව ඇත්තේ එතනය.  නිර්මාණකාරිණියට කීමට ඇති සමාජ-දේශපාලන කාරණා  බහුල ය. ඒ උත්සාහ දරා ඇත්තේ මේ සියළු සමාජ දේශපාලන ගැටීම් මෙහි එන ප්‍රධාන චරිතයනට මුහුණ දුන් වටපිටාවක් තුල තම ආඛ්‍යායනය ඉඳි කිරිමටය. මෙවන් තත්ත්වයක් සූක්ෂම ලෙස නිර්මාණය නොකලහොත් සිදුවන්නේ පාඨකයා ට මෙය නවකතාවක ආකෘතියක් ඔස්සේ සමාජ දේශපාලන කාරණා මතු කරලීමට යත්න දැරූවක් බවට පැහැදිලි වීමය. මෑතක ම මා කියවූ "මා ප්‍රති. මා" නවකතාවේ එම සමාජ දේශපාලන පසුබිම උඩ මිනිසෙකු තමන් නොනැසී සිටීමට යත්න දැරීම යන කාරණාව, ඔහුගේ හෝ ඇයගේ සමාජ තත්තවය, තමන් අයත් ජනවර්ග පසුබිම ආදියෙන් වියුක්ත බව පෙන්වා දෙන අතර ඒ සමාජ ස්තර මුහුණ දුන් අනන්‍ය වූ අභියෝගයන් ගෙන හැර පෑවේය. එහි දි මනුෂ්‍ය හැසිරීම යන්න ප්‍රධාන කාරණාව විය. ධරණි නවකතාවේ කතුවරිය ගේ ආඛ්‍යාන ආකාරය අනුව, මෙම නවකථාවේ අප ට දැනෙන්නේ මෙහි අනෙක් පැත්ත ය. සාම්ප්‍රධායික දෙමව්පිය හැසිරීම, කාන්තා විමුක්තිය, ජ.වි.පෙ. කැරැල්ල, උතුරේ ත්‍රස්තවාදය හෝ විමුක්ති සටන ( එය කියා පානා අයගේ දෘෂ්ඨි කෝණය අනුව ), වර්තමාන සමාජයේ කාන්තාවන් ට තනිව ජීවත් වීමේ නිදහස ට අභියෝගයක් වීම ආදී සියළු තත්ත්වයන් පිටු දෙසීයකටත් අඩු ගණනක් තුල ට ගෙනවිත් ඇත. ප්‍රතිඵලය කතුවරිය යම් කම්පනයක් පාඨකයා වෙත ගෙන ඒමට උත්සාහ දැරුවේ නම්, එය අසාර්තක වී, විශ්වාසනීයත්වය ගැන ගැටළු ඇති වීමයි. ඈ නිර්මාණය කල චරිතය, මේ සියළු තත්ත්වයනට  මුහුණ දුන්නේ නම්, එය වඩා ස්වාභාවික ලෙස ගලා යෑම උදෙසා මේ නවකතාව තව පිටු සියයක්වත් ගෙන වඩා පරිපූර්ණව ගොඩනැගිය යුතුව තිබිණි. ඒ වෙනුවට අපි දකින්නේ පිටු දේසීයක් තුල ට සියළු දුක් කැටි කිරීමට දැරූ ප්‍රයත්නයක් තුල පිටුවක් හැර පිටුවක් පාසා කඳුළු වගුරුවන තත්වයකි. කඳුළු වැගිරීම් කෙතෙරම් සුලභ  ද කිවහොත් පසු පසු වන්නට ඉන් කතුවරියට ඇවැසි භාවයන් පාඨකයා වෙත ළඟා නොවෙයි. මේ උදෘත සළකන්න;
"මා ඉකිබිඳ හඬමින් සිටි අතර ඇය මගේ කට මිරිකමින් මට හෙමිහිට බැණ වැදුණාය." ( 147 පිටුව )

"ඔහු මිය ගිය දවසේ වියැළුණු මගේ කඳුළු උල්පත්, නවතත් උනා එමින් තිබිණි." (148 පිටුව )

"සෙල්වමලර් එසේ කියන ගමන් කඳුළක් පිස්සාය" ( 150 පිටුව )

"මගේ ඇස් වලට කඳුළු උනා ආවේය" ( 153 පිටුව )

"ඔහු හැඟීම්බරව බලා සිටියේය. මගේ දෙනෙත් බොඳ විය." ( 155 පිටුව )

"ජයකාන්තන් දෑස් පිසදමා සාක්කුවෙන් ගත් උපැස් යුවල පැළඳ ගත්තේය ( 158 පිටුව )

"මගේ දෑසින් ගලා ආ කඳුලක් ඔහුගේ උරහිස මත වැටුනේය" ( 159 පිටුව )

කඳුළු ගැලීම කෘතිය මුලින් ම පාහේ ඇරඹෙන අතර, අවසන ට ආසන්න වන තෙක් ම පවති. කතුවරියට කීමට ඇත්තේ අවාසනාවන්ත යුගයක අවාසනාවන්ත සිදුවීම් පෙළක බව පැහැදිලිය. එහෙත් පිටුවක් හැර පිටුවක් පාහේ මෙවන් දිගැරීමක් සිදුවද්දී, ඉන් කතුවරියට අවශ්‍ය භාවයන් පාඨක සිතේ ඇතිවනවා ට වඩා සිදුවන්නේ පාඨකයා ට යම් ඒකාකාරී කෘතීම ලිවීම් රටාවක් ලෙස එය පෙනී යාමයි.



වරෙක මට මෙය කියවාගෙන යාමේදි, වණ්ණදාසි වලට වඩා  ඉදිරියට යා හැකි නවකතාවකැයි සිතුන ද ( කිම ද ඈට ඊට ඇවැසි වස්තු බීජ මෙහි ඇත ), මැද කොටස පමණ වන විට  සමස්තයක් ලෙස මගේ සිත් දිනා ගැනීමට නොහැකි වූ කෘතියක් ලෙස අවසන් වූ බව කණගාටුවෙන් හෝ කිව යුතුය.

Tuesday, 17 December 2019

මා ප්‍රති. මා - පී. බී. ජයසේකර

පී. බී. ජයසේකරගේ මා කිවූ සිව්වෙනි නවකතාව මෙයයි. මීට කලින් කියවූ කෘති තුන ම මා තුල බොහෝ සෙයින් සාර්ථක නවකතාවක් කියවීමේ සන්තුශ්ඨිය ඇති කලේය. ඒ කෘති මා කැමති පිළිවෙල අනුව අනුගත කලහොත්, 1- ඉක්බිති ඔහු මරාපීහ, 2- මරියා සිලොනිකා වස්තුව 3- අවලමා සහ ඇහැටුව යි. එහෙත් මේ කෘතිය ඒ කෘති ත්‍රිත්වය අභිබවා යෑමේ හැකියාව ඇති කෘතියක් වන්නේය. ඒ එහි තව සංස්කරණය වීමේ අවකාශ තිබීම හේතුවෙන් යම් දෝෂ තිබෙනා අතරම ය. මේ දුර්වලතාව බෙහෙවින් අවලමා සහ ඇහැටුව කෘතියේත්, සුළු

වශයෙන් ඉක්බිති ඔහු මරාපීහ කෘතියේත් තිබිණි.  ඒ දෝෂ අතර වුව, අප ලේඛකයා විශ්වාසයෙන් යුතුව කියවිය හැකි ආරේ  සාර්ථක ප්‍රබන්ධ රචකයෙකු ලෙස සිංහල පාඨක සිත් දිනා ගෙන අවසන්ය.

මේ නවකතාව දිවෙන්නේ 1970-1980 අතර වසර විස්සකට ආසන්න යුගයේ අප රට තුබූ බිහිසුනු දේශපාලන වටපිටාව අලලාය.  ඊට 1971 සහ 1989 ජ.වි.පෙ. කැරළි මෙන්ම, උතුරේ වූ ත්‍රස්තවාදය ද හේතුවෙන් සමාජය, වෙසෙසින් ඊට මුහුණ දුන් අයගේ බිහිසුණු කඳුළු කතාව ඇතුලත්‍ ය.  රිචඩ් වන් කල දුටු කල වල ඉහ ගන්නා අය මෙන්ම, සේදිරිස් මෙන්ම ඒ කලබැගෑනී මධ්‍යයේම තම දිවි අපහසුවෙන් හෝ ගොඩ නගා ගත් අය ද ඊට අයත්‍ ය. කීර්ති  වාගේ සත්‍ය වශයෙන් මතවාදීව එම ඒ දේශපාලනයේ නිරුත වූවෝ ද වූහ. නවකතාව සාර්ථක වන්නේ මෙම තත්වය කැන්වසයක් ලෙස භාවිත කොට ඔහු අප ඉදිරියේ පානා ජාති,කුල, ආර්ථික තත්වයෙන් වියුක්තව මිනිසුන්ගේ හැසිරීම් රටාවේ පොදු ගුණාකාර චිත්‍රණය  හේතුවෙනි. ඒ අනුව හේ ඉතා ස්වාභාවික ලෙස පහත කාරණා මතු කර දක්වයි;

1- සියල්ලෝ ම පාහේ තම දිවි තර්ජනයක් හමුවේ හෝ තමනට අත්‍යවශ්‍ය යමක්  උදෙසා යම් ක්‍රියාදාමයක් කරලීමේ අවකාශ තිබේ නම්, එය සිදු කරන්නෝය.
2- එම ක්‍රියාව ඔවුන් තමනට සාධාරණීකරණය කරනා ගමන්, දිවි ඇති තුරා ඊට සිතින් වන්දි ගෙවන්නෝය; අවස්තාව ලදහොත් තමන් කරා පැමිණෙන දුක් ගැහැට ඊට වන්දි ලෙස ඉත සිතින් පිළිගන්නෝය.

නවකතාව කියවූ අය රිචඩ්, සේදර, සඳපියුමි, රෙජිනා පමණක් නොව ශ්‍රී මහ බෝධිය ට කොටි ප්‍රහාර දීමෙන් අනතුරුව, දිවි බේරාගත් දමිළ මිනිසා සහ ඝාතනයට ලක් වූ දමිළ මිනිසාගේ සද්භාවය ඔස්සේ ද මෙය දැකිය හැක. එලෙසම සේදරගේ පියාට කුලවාදය ගැටළුවක් නොවූ අයුරුත්, එහෙත් වෙනස් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙද්දි ඒ ඒ සමාජ ස්තර මුහුණ දුන්  ගැටළු පිළිබඳ මෙරට ආණ්ඩු සංවේදී නොවූ අයුරු අප ලේඛකයා ගේ අවධානයට ලක් ව ඇත. එලෙස ම අප රට සමහර සමාජ ස්තර වල නූගත්කමේ ප්‍රබලත්වය ද, වෙසෙසින් රජරට පෙදෙස ගැන කතා කරද්දී, එහි ඇතුළු ගම් එතරම් පසුගාමී වූයේ කාගේ වරදින්දෝ දැයි අපෙන්ම ප්‍රශ්ණ කරලීමට පෙළඹෙයි.

මේ සත්‍යතාව මතු කරලනා ගමන්ම රූපක - දිවි බේරා ගත් බල්ලා සේදර කෙරෙහි සදා වයිරයෙන් කල් ගෙවීම, සහ රිචඩ් කෙරෙහි සේදරගේ වයිරය; නාගයාගේ විෂ සහ වයිරය, සහ සේදරලාගේ ජීව විද්‍යාත්මක මවගේ වයිරය - භාවිතාව නවකතාවේ වින්දනය තීව්‍ර කරයි.සමස්ත ලෙස බොහෝ සාර්ථක නවකතාවකි. දොස් නැත්තේ නොවේ -සඳපියුමි හා සබැඳි කතාවේ මුල් ගලායෑම අයෙකුගේ ඉවසීම අභියෝග කරයි. සඳපියුමි ගේ මෝහන ක්‍රියාවලියට සාක්ෂියක් ලෙස රෙජිනා උපයෝගි කරලීමේ දී, සේදරගේ යම් අසංඝතභාවී තීරණ ගැනීමක් ද මං තරමක දුර්වලතාවක් ලෙස දකිමි.
එහෙත් නවකතාව කියවා අවසානයේ සමස්ත විඳීමේ අත්දැකීම හා සසඳද්දී මේ දොස් සුළු ඒවා ලෙස තැකිය හැක.

( 2018 ප්‍රකාශ වූ, 2019 අනේක සම්මාන උදෙසා නිර්දේශයට යෝග්‍ය නවකතා කියවීම මේ වතාවේ මා අතින් තරමක් ප්‍රමාද වී ඇත. එසේ කියවීමට අවම වශයෙන් කෘති හය-හතක් පමණ තව ඉතුරු වී ඇත. දැනට කියවා ඇති නවකතා තුන අතරින් මේ කෘතිය අන් කෘති දෙක අභිභවා  ඇති බවකි මට හැඟෙනුයේ )


Friday, 6 December 2019

Surely, you're joking, Mr. Feynman! - Richard Feynman

The reason I wanted to read "Surely, you're joking Mr. Feynman", was due to the praise it received in the hands of a couple of trustworthy fellow readers, who have an inclination to pick some of the best non-fiction books.  Then, when I found out that there was an audio book copy of the same, I was doubly interested, since that would prevent me from postponing reading this to a suitable time slot - maybe years from now. Yet, I did have to refer the kindle copy, since some of the more elaborate details of his experiments - still over my head admittedly - painted a better, albeit still vague, picture upon repeated readings.

The book starts at a stage when Richard Feynman was quite young; i.e. his pre-MIT days, on how his inquisitive mind made him try to understand how radios work. At one point he says that he was more interested in twiddling with the equipment in his home lab, over playing outside. His natural inclination to question everything, and trying to understand his surrounding in the simplest possible terms, appears to have served him very well in his more productive years. However I found his sentiments towards the use of (dy/dx) and f(x), a little difficult to concur - but I do grant, it hints of my age old acceptance of methods without questioning, against the fresh thinking of an ingenious young Feynman.

His keenness for efficiency as well as playing tricks against the tendency for conventional thinking is portrayed in the string bean incident and the missing door incident. His experiences and anecdotes of these era in particular suggest that he had great  confidence of his abilities as well as a good awareness of his short comings (i.e. sports ). Am not sure if he received any encouraging to continue to do what he did best, or at least no hindrance to do as he wished. His sense of humour could've even been deemed annoying, in hindsight I reckon - e.g. the tipping the waitress incident.

Then comes the Princeton years, and how it could be compared to the University cultures of Oxbridge. A little issue I had, which I think is a necessary part given the nature of the book is that sometimes the details of an experiment setup etc., are hard to imagine through the mere descriptions in words.

His experimentation with hypnosis, that is him being a subject to hypnosis is an interesting anecdote. The fact that he knew that was being manipulated, and how he cannot stop being manipulated while even identifying that he should not oblige to the hypnotist, I found to be an interesting state.

How most people don't ask the most fundamental questions is a matter that crops up across the book - it could be the philosophers, the biologists or the physics students in Brazil - but it is quite apparent that for an inquisitive mind who wants to reach anywhere in his or her field, the lack of hesitancy to ask questions is possibly the most important of practices. Feynman admits, that some may think of him as relatively slow, when they first deal with him, but half way through, Feynman is usually in a better position to point out even the weaknesses of the others' premise. This is due to him having build up a solid base of understanding usually through the fundamental questions that others may have thought too trivial, or avoid, reluctant to show themselves as stupid, at first. Further the simplicity with which he, albeit with confidence, then a relative junior,  held himself even when presenting an experiment to such giants as Einstein, Pauli and von Nuemann, is indicative of a quality that possibly contributed to his success. While fully aware of his abilities, the fact that he never took himself too seriously hints of the open mind that he always had towards everything about him, and life in general.

Speaking of his work during the time of the war, Feynman admits how the lieutenant from whom they tried to keep details of their work, revealed something that they have missed in the design. It is the experience of the domain that was needed there, and not the pure scientific knowledge.

One of the most important contributions of Feynman no doubt, was his work for the Manhattan project in the Los Alamos National lab, during world war II. Although there is the slightest semblance of regret for his contribution towards creating the nuclear bomb, he is quick to brush it off saying that it has brought in a status quo, of halted aggression, ( which I guess later developed to the cold war ).  His work there as a theoretical physicist coincided with the latter stages of his first wife's confinement at a hospital with TB. I checked to see when the cure for TB was first tested on a human, and it was in 1949,  half a decade or so too late for the late Mrs.Arlene Feynman, unfortunately. Arlene was his high school sweet heart, whom he married with the full knowledge of her fatal illness. Although this detail is not captured here, it is publicly available and shows another side of Feynman.  She comes to be featured in these pages mainly due to censorship of letters that was active during the time. On the subject of "the bomb", it was  disturbing to note  they hadn't paid the necessary precaution that would've  been essential  for  the separation of U235 and U238 at the facility which was to be used for the bomb. In fact Feynman hints that the people at Oakbridge wasn't even aware what exactly they were dealing with.
The people in Oak Ridge didn’t know anything about what it was to he used for; they just knew what they were trying to do. I mean the higher people knew they were separating uranium, but they didn’t know how powerful the bomb was, or exactly how it worked or anything. The people underneath didn’t know at  all what they were doing. And the army wanted to keep it that way.

Richard P. Feynman. "Surely You're Joking, Mr Feynman!": Adventures of a Curious Character (Kindle Locations 1745-1747).
 During this time Feynman worked with such greats as Bohr and von Neumann. He attributes the following to von Neumann.

von Neumann gave me an interesting idea: that you don’t have to be responsible for the world that you’re in. So I have developed a very powerful sense of social irresponsibility as a result of von Neumann’s advice. It’s made me a very happy man ever since. But it was von Neumann who put the seed in that grew into my active irresponsibility!

Richard P. Feynman. "Surely You're Joking, Mr Feynman!": Adventures of a Curious Character (Kindle Locations 1954-1957). 
 It is taken that Feynman was the only person to have witnessed the explosion of the bomb they made, given he was watching it through glass, whereas all others were looking at it through dark glasses - at an explosion 20 miles away.

Feynman seems to have had a certain prejudice against psychiatrists, almost inferring a certain degree of stereotype, with regards to  them. Of course he has had some bad experience with them, at the time of the draft.

After his experience in Los Alamos, Feynmann spent some time teaching in Cornell, and in the next section he shares some experience from this period, some of it amusing and others juicy. His first stint in Brazil was  during this time too. However along side his relatively liberal life style of these times, it was here he did the fundamental work for which he received his Nobel award, later.

The last section of this book is titled "The World of Physicist".  In this section, there are revealing sections about the depth of the Japanese culture - their modesty and the full extent of the use of their language with this trait, their hospitality etc. It was during his visit to a conference of  Theoretical Physicists in Japan, and Feynman was to present his theory on liquid Helium. Round about here the topics that are presented albeit superficially ( how else could one talk about Beta decay etc. to us laymen ?), becomes challenging as it nears the time for his seminal work for which he received  the Nobel award. However there are some lighter chapters as well, such as the one on him trying  hand at drawing.

A chapter that I found quite interesting was Feynman's take on religion. He was from a Jewish background, and he speaks of an experience he had, while attending a conference on "The Ethics of Equality", where among the participants were a Jesuit priest harping on "The Fragmentation of Knowledge" (compared to the 13th century ), and a set of Rabbis looking to science give more validity for age old  practices  as mentioned in the Talmud. This chapter was refreshing as we too have a section who speak of a concrete knowledge as against more abstract sciences, which we claim is from a Jewish-Christian epistemology.  Despite the argument that the Jewish culture promotes abstract thinking, it cannot be refused that with the expansion of knowledge, it's fragmentation was only a question of time, as it grew in depth under each of the verticals. To return to religion, Feynman, shares the views of certain Rabbis with respect to science, thus:

They weren’t interested in science at all! The only way science was influencing their lives was so they might be able to interpret better the Talmud! They weren’t interested in the world outside, in natural phenomena; they were only interested in resolving some question brought up in the Talmud.

Richard P. Feynman. "Surely You're Joking, Mr Feynman!": Adventures of a Curious Character (Kindle Locations 4473-4475).
It is quite clear that this tendency of using science to interpret their own texts, and hence add credibility and importantly, longevity to their faiths is visible in almost all religions.

An event that we in Sri Lanka  can relate to, is Feynman's experience in The State Curriculum Commission for the Board of Education, where some text books were being literally judged by their covers. It mayn't be for State Curriculum yet here ( hopefully - I could be wrong here ), but most definitely for Literature awards in our case. The canvassing by the publishers is a point to note.

The essay titled "Alfred Nobel's other mistake" talks about his experience with regards to his receiving of the Nobel award, and the problems of popularity and media it brought with it.

The concluding chapter of the book is on pseudo science and how scientists should be genuine and not cut corners especially towards laymen.

All in all, this book is a healthy combination of essays,  biographical broadly, but one which helps us celebrate the life of a great man, a polymath, but also someone who didn't shy away from controversy. For example some of the takes he shares about females here would be criticised to the high heavens, in today's more politically sensitive landscape. My point of view is if it really did happen as he says it did, then recording it as it did happen is not something to shy away from - for this is a book by a scientist, who had explored many aspects of life.  I digress here [  There was an article shared a couple of days back about how Bollywood cinema was being misogynist. It was an essay on a website  which represents feminism, broadly. While some of our local academics too shared it ( they may or mayn't accept the view point ), I was thinking that till such time the  portrayal was not a convolution or a distortion of real life to an unacceptable level, aren't we trying to artificially straight jacket art in the name of political righteousness by denying it?  And to think that the same academics, elsewhere uphold larger distortions ( also on political themes)  on cinema, literature etc. in the name art, and abstract representation of art ? ]

To come back to the book, please do read this, to see how great minds think, their genuineness in all circumstances, and maybe a little percentage of it can be applied to our lives too, however different our lot is. As far as biographies go, this must be one of the best page turners.