Monday, 23 September 2019

The Refugees - Viet Thanh Nguyen


Viet Thanh Nguyen gained world wide attention, when his debut novel of 2015, The Sympathizer, won the Pulitzer award for Fiction. Then, when a fellow reader recommended me of his subsequent short story collection, it was a matter of finding a fitting time to read it, given the juggling of multiple reads as is my wont, with hardly any making progress. But once I started reading it, it managed to capture my attention over and above an analysis of historical politics that am reading and even more than Atwood's Handmaid's Tale.



The eight stories here all capture the ghosts of a country that they have either fled from, or of a people who have rebuild their lives, under   a communist Vietnam. But both the peoples have ghosts of a  previous time haunting them. In the first short story, there is a literally a ghost, and the scars guilt of the survivor , with their experiences while fleeing, with the horror detailed ("Black Eyed Woman"). It brought back the memories of the  terrors enclosed in his masterpiece of a novel.

"The Other Man", takes another angle of those sponsored by a Rich American, with the words gay sugar daddy coming to mind. The  beneficiary's gratefulness is a weight for him to carry, burdened with  guilt.

"War Years" shows us that some of those who came over to the US, never stopped fighting the war against the Communists, and couldn't come to terms with their losses - instead living on day after day, in a self-made equation that makes their survival, tolerable and hopeful. The closing scene of how an usually close fisted  mother allowing  her son to buy anything he wants from a 7-Eleven store,  shows the reader her then thoughts of cherishing those near  her, while she can ( comparing with  Mrs. Hoa of what she has endure day in day out). Its a  masterful scene, bringing with it weight that pages couldn't add.


The author brings in an element of humour along with a glimpse of the kind of business opportunities that are available- dealing in counterfeit goods -to segments of certain immigrant communities. Here the main character is an American Mexican in Orange Country, CA, addicted to gambling and wasting his time away, and who's had a liver transplant from a Vietnamese. In his attempt to find the donor of the organ, this short story titled "The Transplant" shows a cross section of two immigrant communities who have found ways of living, dealing and mingling with each other, in this multi-cultural metropolis.

"I'd love you to want me", is possibly one of the best love stories I've ever read. It captures  A love of such depth, portraying selflessness as an essential ingredient while taking care of  her Alzheimer's affected husband.

In "The Americans", our author shows that the mentality of superiority  an American, a veteran, is now outdated, and even his own child will not condone  that thinking. The story happens in Vietnam. There is also a reference to Sri Lanka in this story, although not for good reasons. It says that the robotic mechanism used for de- mining was already in use, in SL.

Children could carry baggage, in terms of parental behaviour, far into their adulthood.  In "Someone else beside you", a father who that dictated over the lives of his children, returns as in a bad dream,  to his now grown son.  It brings  unexpected yet  rewarding results for his son, now a grown man with a broken marriage.

The story of Vivien, who likes his father's second wife's family to believe that she's been living the American dream, since she went there as a refugee with the mother. The truth is not so pretty, as she later divulges. "Fatherland" is a short story that most of the Asian countries can relate to, when it comes to putting up appearances with so called "success stories" in their new homes.


There is not a single weak story here. Yet there is a common strand a high level theme - where the members were victim of communism, when North Vietnamese armies gained control over the South. Most of the characters are those who fled in life threatening circumstances to the U.S. There are a few characters, who stayed back,  being focused on too.  The author can relate to these stories, as he states in the acknowledgements section, thus:
Thanks to my father and mother, Joseph and Linda. Refugees in 1954 and again in 1975, they are the most courageous people I know. They saved my life.
Thanks to my older brother, Tung, the original refugee success story. Seven years after arriving in the United States, he went to Harvard. He sets a high standard.
Thanks to Lan Duong, my fellow refugee, writer, and partner. A reader of my every word, she has shared both the suffering and the joy.
Thanks to our son, Ellison, for reminding me of childhood. By the time this book is published, he will be nearly the age that I was when I became a refugee.

This is easily one of the best books I've read this year.

Rating - *****
Genre - Short stories

Saturday, 14 September 2019

ඇමෙරිකා - ශමෙල් ජයකොඩි

 සමහර පොත් අපි කියවන්නේ අපෙ පොත් කියවන මිතුරු මිතුරියන්ගේ වදෙන් පොරෙන් බේරෙන්නට ය. 2017 ප්‍රකාශ වූ නවකතා කියවා අවසන් යැයි සිතා සිටි කලෙක එවන් වදෙන් පොරෙන් බේරෙන්නට මේ පොත කියවන්න ට සිතා ගත්ත ද, ඊට උදවු වූ තව හේතුන් කිහිපයක් විය. ලේඛිකාවගේ "ප්‍රංශ පෙම්වතා" නම් මහැඟි පොත කියවා ලැබූ ආස්වාදය, කලෙක සිට මා හා බිරිඳ නිතර කතා කරනා මාතෘකාවක් ඔස්සේ බිහි වූ නවකතාවක් වීම අන් හේතුන් ය. ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට නිර්දේශ වී තිබීමත් සිතේ හොල්මන් කරන්න ට ඇත.

ධනාත්මක පැති: කතුවරිය තමන් තෝරා ගත් මාතෘකාව ඔස්සේ අගතිගාමී නොවී තම රචනවා කොට ඇත. ලංකාව අයෙකුට එපා වීමට ආසන්න හේතු මෙන්ම, විවෘත සිතකින් නොයන කෙනෙකුට අමෙරිකාවේ ( හෝ අන් රටක ) මුල් ඇදීමට අපහසු බව පමණක් නොව, තම මනසේ රඟන යකුන් හා පිසාචයින් කොහේ ගිය ද දමනය කරලීම තමනට ම අයත් දෙයක් බවත් කතුවරිය පෙන්වා දෙන අපූරුව මා සිත් ගත්තේ ය. එලෙසම ආදාන ග්‍රාහි සංස්කෘතික බරු වලින් නොමැඩ ජීවිතය දෙස විවෘතව බැලීම උදෙසා වෙසෙසින් දියුණු රටක දරුවන් හට ලැබෙන අවස්ථාව ලඝු නොකිරීමට ද කතුවරිය අවංක වී ඇත්තේ, තම දෙමාපියන්ගේ පැවැත්ම බල පෑ ඇති අයුරු පෙන්වා ඇති අපූරුව ද පෙන්වා දෙමිනි. එලෙසම සතුටෙන් ජීවත් වීම යන්න සචේතනික තීරණයක් බව ද ඇය අපූරුවට පෙන්වා අත්තේ, නිලංකා හා ප්‍රදීප් යන චරිත අතර ඇති වෙනස ඔස්සේ ය.  ඈ අවම වශයෙන් ප්‍රධාන චරිත තුන, අප ඉදිරියේ හුස්ම ගන්නා, අප වගේම තීරණ අතර සිරවෙන මිනිසුන් බවට ඒත්තු ගැන්වෙන තරමට පෝෂිත ව ගොඩ නගා ඇත. තවද කෙතෙක් උත්සාහ කෙරුව ද නිලංකා සහ ප්‍රදීප්, අමෙරිකාවේ සංක්‍රමණික ජන ප්‍රජාව අතර ට ම ගැණේන් බවත්, වඩා ධනවත් මීට ශත වර්ෂ කිහිපයකට පෙර පැමිණි අයවළුන් හා මුහු වීමා වඩා අපහසු දෙයක් බවත් කතුවරිය අවස්ථ කිහිපයක ම පෙන්වා ඇත.

නවකතාව එක දිගට කියවගෙන යා හැකිය. කතුවරියගේ රචනා ශෛලියේ, ඡෙද තුල අර්ථ ඝනත්වයක් ඇත. එය කියවීමට රුකුල් දෙයි. මේ පොත කියවා අවසන් වන විට කුමර කොබෙයි ද කියවිය යුතු යැයි තීරණය කලේ, එය ද එම රට හා සබැඳි නිසා පමණක් නොව, ඇගේ රචනා කියවීමේ සාහිත්‍යමය අගය ගැන තක්සේරුවෙනි ( වීනස් ගේ උපත දැනට ම කියවන්න තීරණය කොට අවසන්ය ).

අවිශේෂී පැති: කතාන්දරයක් ලෙස මන බැඳ තිබුන ද නවකාතවක් නම් වූ කලා කෘතියක් ලෙස, එය ප්‍රංශ පෙම්වතා තරම් පරිපූර්ණ නැත. කතුවරිය ට කීමට ඇති දේ බොහෝ ය. ඒ කාරණා ඝනත්වය මධ්‍යයේ කලාත්මක බව විටෙක දෙවෙනි තැන් ගන්නේ, වරෙක දෙබස් අතරය, විටෙක අමරිකානු අවකාශයෙන් පිටු පිරවෙනා අතර ය. තැනෙක දෙකක දෙබස් හා ආකල්ප තරමක් සිතා ගැනීමට අපහසු යැයි හිතෙන තරම්ය. පළමු පිටේ ම එන ඔවුන් ඇට්ලාන්ටා ආ විගස, නිලංකා ගේ "ඔයාට හොඳටම විශ්වාස ද අපි ආවේ හරි තැනට කියලා...?", යන පැණය විහිළුවකට නාසන එකක් බැවින් එහි යම් අස්වාභාවික බවක් දැණුනි. තව ද අමෙරිකාව වන් රටක ට එමෙන් අනතුරුව, නිලංකා සහ ප්‍රදීප්  යම් යම් ජන වර්ග කෙරෙහි ඇති අකමැත්ත ද, තරමක් පිළිගැනීමට අපහසු බවක් දැණිනි. එහෙත් මේවා නවකතාවේ සමස්තය හා සසඳද්දි එතරම් ගිණිය නොහැකි කාරණා පමණක් නොව, වෙසෙසින් ප්‍රදීප් ගේ පසුබිම හා සැසඳිය යුතු නිසා ද,  ඒව පිළිබඳ අවසන් නිගමනයක් දීමට අපහසුය.

මට මෑතක එක් දෙයක් දුටිමි. එනම් සුනෙත්‍රා රාජකරුණානයක්කයන්ගේ අට වතාවට පමණක් දෙවෙනි වන ලෙස ශමෙල් ද හත් වතාවක් ම අවම වශයෙන් ස්වර්ණ පුස්තක දිගු ලයිස්තුව වෙත ට හෝ තම නිර්මාණ ගෙන ගොස් අති බවයි. ඉන් කතුවරිය ගේ කෘති වල යම් සංඝත නිර්මාණ ගුණයක් ගැන සැල වෙතැයි සිතමි. මට ඇගේ පැරණි කෘති කෙරෙහි නැවත යාමට තරම් කියවීම් කාලයක් නොතිබුණ ද, අනාගතයේ ඇයගේ කෘති කියවීම ට වඩා විශ්වාසයෙන් යුතුව තීරණය කරමි.

Tuesday, 10 September 2019

රළ - ලියනගේ අමරකීර්ති

රළ කෙටි කතා සංග්‍රහය මුලින් නිකුත් වී ඇත්තේ, 1992 වසරේ දී ය. එහි එන හැත්තෑ ලක්ෂයෙන් එකෙක් කෙටි කතාව උසස් පෙළ නව නිර්දේෂ‍යට ඇතුලත් වීමත් සමඟ එම සංග්‍රහය නැවත නිකුත්ව ඇත්තේ 2018 වසරේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙසය. කර්තෘ සංග්‍රහයට කෙටි පෙරවදනක් ලියමින් තම ගමන ගැන ආවර්ජනය කරන්නේ, එදා මෙදා තුර තමන් සහිත්‍ය ට ඇති කැමැත්ත, එය හැදෑරීම සහ තම නිර්මාණ ගමන ගැන ය. මේ කෘතිය ලියැවී ඇත්තේ කර්තෘ සරසවි සිසුවෙකුව සිටිද්දී ය. ඔහු ගේ ගම් පළාතත්, ඒ යුගය හා බැඳි දේශපාලනයත් මේ කෙටි කතා සංග්‍රහයෙන් මැනවින් නිරූපනය වෙයි. සමස්තයක් ලෙස ගතහොත් මෙය වඩාත් නෑ කම් කියන්නේ "අටවක පුත්තු" ලියූ අමරකීර්ති සමඟ යයි සිතමි - එහෙත් මේ කෘති දෙක අතර පරතරය ද අවුරුදු 15 කි. ඒ අතර කාලය ලේඛකයා තම උසස් අධ්‍යාපනය සඳහා අමරිකා එක්සත් ජනපදයේ ද කලක් ගත කොට ඇත. ඒ හැදෑරීම් ද මේ කෘති දෙක අතර පරතරය මීට වැඩි කල යුතු යැයි සිතෙන මුත්, දැන් දැන් ලේඛකයාගේ වෙසෙස් ලක්ෂණයක් බඳු තම දේශපාලන දර්ශනයේ සියුම් නිරීක්ෂණ තම නිර්මාණ තුලට එක්කාසු කිරීම මේ නිර්මාණයන් හි නොමැත. මෙහි දේශපාලනය ඇත - එම යුගයේ ලියැවුණු නිර්මාණ වල දේශපාලනයක් නොවිණි නම්, එයම ගැටළුවකි - එහෙත් එහි ජාතීන් අතර සබඳතාව ගැන පතුලට කිමිදී බලන සමාජ විද්‍යාත්මක දේශපාලනය, නැතහොත් ලිංගිකත්වය
වෙත වඩා ලිබරල් දෑසකින් බැලීමේ දෘෂ්ඨිය  තවම නැත. වෙසෙසින් නව කවි සලකුණ කියවීමෙන් අනතුරුව මට ඒත්තු ගියේ අමරකීර්ති ගේ විෂයීක කෘතියක් හරහා ඔහු ට කීමට ඇති දේශපාලන, සමාජ විද්‍යාත්මක කාරණාව වඩා පරිපූර්ණව පමණක් නොව, විකෘති වීමකින් තොරව ද කියවෙන බවකි.

මෙහි එන්නේ අප ගම් වල, වැව් ගම්මාන වල, කොලනි වල වෙසෙසින් නිර්ධන පාංතිකයින් මුහුණ දෙන අභියෝග අලලා නිමැවූ නිර්මාණ ය. බාල වයසින් ම විවාපත් වූ පමණක් නොව, තම එදා වේල සරි කරගැනීමේ අභියෝගයට මුහුණ දෙන අළුත කූදු වූ යුවලක ගේ "බත ඉදෙන පමාව ට" පවතින ආරවුලක් එක් කෙටිකතාවක ට නිමිත්තකි ( කොලනි කැදැල්ල ). ගොවියන්ගේ රී රී මාංසේ පමණක් නොව ඔවුන්ගේ කැදලි තුල සල්ලාල කම් කරනා ගම් වල මුදලාලි ලා සහ ඊට ඉලක්ක වන අහිංසකයින් තවත් නිමිත්තකි (ඉපනැල්ල ). තම පුතුන්  විනාශ කල පොලිස් ලොක්කෙකුගෙන් පලි ගැනීමට තැත් කරන මිනීමරු පියෙකුගේ උභතෝකෝටිකය තවත් කෙටිකතාවකට මුල පුරයි ( සඳ ඉකිබිඳින යාමයේ ). පෙර කී උසස් පෙළට නිර්දේශ වූ කෙටි කතාව වූ, අප වෙනස් වන ගම් වල පොල් ගස් අඩු වීමත්, පොල් ගස් නැගීමේ උවමනාව අඩු වීම මගින් අයෙකුගේ බඩත පහර වැදීමත් නිරූපනය කරන කෙටි කතාවයි, හැත්තෑ ලක්ෂයෙන් එකෙක්. පවතින ක්‍රමය අසාධාරනය ට එරෙහි ව සංවේදි මිනිසෙකු ට නෑසු කනින් සිටිය නොහැකි බව හඬගා කියන පිය පුතු ඉරණම මතු කරන කෙටි කතාවය, පොත ට නම් දුන්, රළ. කුමන අඩුපාඩු මධ්‍යයේ වුව අප ගම් වල සමහර කතුන් පති භක්තිය අන් සියල්ල ට වඩා උසස් ලෙස සලකන බව පෙන්වන කෙටිකතාවයි, බුල්ඩෝසර්.

මේ හැම කෙටි කතාවේ ම පාහේ නිර්දන පංතිය බැට කන බව හඬ ගා කීමකි සමස්තයක් ලෙස අපි දකිනුයේ. ඊට තරමක් වෙනස් කෙටි කතාවකි, බුල්ඩෝසර්. එහි එන ප්‍රේමාවති ට අන් පුරුෂ ඇසුරක අවශ්‍යතාවක් පැන නොනගින බවක් අඟවා, අනතුරුව තම පති භක්තිය ගැන කියා පාන අයුරු අපූරුය.  මට මෙහි එන වඩාත් සිත්ගත් කෙටි කතාව එය විය යුතුය.

"ම්හ් - මොන මඟුලක්ද මංදා මේ ළමයත් ඇහැරෙනව. මේ දෙගොඩ හරියෙ මොන නාඩගම් නටනවද මංද අර පිට මනුස්සයට ඇහුනොත් වස ලැජ්ජාව."
"නෑ අක්කේ - පිට මනුස්සයා තමයි" ඔහු කෙඳුරුවේය.
...
"හප්පෝ අනේ රත්තරං මල්ලියෙ. මෙන්න වැන්දා එලියට යමං මල්ලිය. මං නරක ගෑනියෙක් නෙමේ. අනේ දෙය්හාමුදුරුවනෙ අනෙ යමං මල්ලියෙ."
( 94 පිටුව )

මා සිතනුයේ, මේ කෙටි කතා සංග්‍රහය කියවිය යුත්තේ, එය ලියැවූ යුගය, එය ලියවන යුගයේ දි කතුවරයා ගේ අත්දැකීම් ආදිය ගැන විමසමින් බවයි. අද මෙවන් සංග්‍රහයක් නිකුත් වුවහොත්, එය තරවත් සාම්ප්‍රදායික ගං කතා රැගත් කෙටි කත පොතක් වනු ඇත. එහෙත් ජවිපෙ කැරැල්ලෙන් පසුව අප ගම් නැවත අළු පිස දමා නැගිටන යුගය ක, සරසවි සිසුවෙකු ලෙස මෙහි ඇතුලත් කොට ඇති නිර්මාණ වල අව්‍යාජත්වය වඩා මතු වන්නේ, ඒවාහි ඇති සුළු අඩුපාඩු වසාලමිනි.

Wednesday, 4 September 2019

Judas - Amos Oz

( Translated from the Hebrew by Nicholas de Lange )
(Finalist - Man Booker International Award 2017 )

I think I came across the word "Traitor" for the first time, while I was reading Enid Blyton's "The Rat-a-Tat mystery", as a kid. I didn't know the meaning of the term and referred my father's dictionary to look it up. Since then I've come across the term many more times than I would've cared for - especially its Sinhala equivalent. While I don't pretend to be so broad minded as to dismiss the term to be  of an absurd meaning, I do concede that its  application is valid only within a context, and hence relative. We are but mostly small men at most times, and in such a world as we live in,  a man could be labelled a traitor or a tag of treason could be removed, posthumously. This book is about two traitors, so called. A exposition into the historical character of Judas Iscariot, who is said to have betrayed Jesus Christ, and the fictitious Shealtiel Abravanel, whose idea of Zionism didn't include waging a war for a separate nation for the Jews. It is safe to believe that this book is one that is close to the author's heart, as he himself has been labelled thus, due to his stance on the security and political concerns of his nation

So how does the book flow?
Enter, Shmuel, University drop out, dumped by his girl friend, asthmatic and alone in his world for all practical purposes, who finds himself the ideal job for a period of semi-hibernation, as he tries to reevaluate his life. Meet Atalia, attractive widow of 40 something, Shealtiel's daughter in law, from his late son's marriage - mysterious and  scornful of Shmuel - at times, at least. Shmuel's job is to be a companion to talk to Gershom Wald, Atalia's father in law. Put these people in one house, close the doors, maybe the windows too and  keep all visitors out. Once in the house, we have several tangents of conversation on the Jew's attitude towards Jesus Christ, the split opinions about nationhood between Gershom, and Shmuel with his socialist leanings, Shmuel's infatuation on Atalia which she mostly scorns, and the private worlds of these three people, to which a few windows are opened, once in a while.


.

While the main theme focuses on the possibility that if there was no Judas, there wouldn't have been Christianity and his devotion may have made him the first and possibly only true Christian, it also conceded that he has earned the wrath of millions,  since history has judged him harshly. This position is explored at depth - either through conversations between Wald and Shmuel, or a few peeps into Shmuel's former masters' thesis subject - how to Jews considered Jesus Christ.
“How ironic it is, Shmuel wrote in his notebook, that the first and last Christian, the only Christian who did not abandon Jesus for a moment and did not deny him ... the only one whose heart was truly broken by Jesus’s death, is the one who has been considered, by hundreds of millions of people on five continents and over thousands of years, the archetypal, the most heinous and most despicable, Jew. As the incarnation of treachery, the incarnation of Judaism, the incarnation of the connection between Judaism and betrayal.”
In parallel Amos presents the views of Shealtiel's, through the words of Wald, and his daughter, about how Zionism could've been possible without  nationalism, which has started a war - a war that he never wanted but which made his daughter a widow, and stopped what might have been  a  promising career as a professor in Mathematics, for his son in law.

"He was firm in his view that Zionism could not be achieved through confrontation with Arabs, whereas I had understood by the end of the forties that it could not be achieved without some such confrontation."
These conversations make for a read that makes one evaluate one's own beliefs. The arguments that he presents for and against Israel, are so naturally etched into the fabric of the novel, that it doesn't come out convoluted. For  three months or so,Shmuel lives in a kind of a self willed prison, by some  people who have paid dearly for the beliefs that they held, or against the beliefs they held, since the times that they lived in gave them hard choices - maybe, no choices. Shmuel, himself at a juncture in life, undecided, lost, yearns, loves, loses, but gets a chance for a fresh start at the end of the period of hibernation. And the way that Amos Oz, has made the reader an invisible resident of that gloomy house with its  wall of willows, the residents living out the rest of their lives, for what else are they to do. It is as near a modern masterpiece as it gets, and I have no hesitation in stacking this with two other great novels I read very recently - Michael Ondaatje's Warlight, and Lincoln in the Bardo, by George Saunders.

 Amos lost out to David Grossman, in 2018 as the latter won the Booker International award. I rate "Judas", above "The Horse...", for the overall completion and the width of the novel of the former, against one man's admission of defeat, however bitterly the author had manage to  capture it all in ( as presented in the latter.)

Sunday, 1 September 2019

The Harry Potter Series

I started listening to this series of  book primarily because I could indulge in this "Harry Potter thing" without losing out on my limited reading time, through audio books. By the time I started the series, my elder son (13+) has read all seven of the series, and my second son (12) was about half way through the series. I see them indulging in the movies based on these novels quite often, and as a result my youngest (then 4) too is somewhat conversant about these characters. He is waiting till he can read enough to start on the books ( The picture is that of the copies owned by the kids - I think I read a total of twenty pages or there abouts towards the end of  book seven, to enjoy Snape's story, but that's it. All the rest was thanks to the amazing Jim Dales. For, there was no way I was going to spend my time on those thick seven volumes. And of course, those girls (primarily) and guys (hardly) in the unofficial reading club, made a big thing about my not having read Harry Potter - so I thought, why the hell not.

Book One: Harry Potter and the Sorcerer's Stone: So I started "listening to" Harry Potter and the Sorcerer's stone( the copy of my sons', is titled Philosopher's Stone - guess Sorcerer is more precise term here) , and to be quite honest, I liked it quite a bit. The way the affairs in the lives of witches and wizards have been plotted, and how the authoress has looked into the finer details when drawing parallels with "muggle" life, portrays the level of creativity and effort that has gone in - but then am sure, this sounds like repeating the obvious, for most of you have lived through the whole series.

I thought the ending had a touch of Bollywood in it. The way that the Gryffindor house at Hogwarts gets points awarded, to ensure there victory, was going to far. Overall I would say that, it was possibly the only complain I had against this book, which was primarily targeted for a younger readership. Given that audience, it is passable stretch.

The adventure and the pace kept me on the book ( again stating the obvious ), although the rate at which trouble finds Harry can only keep children and those in early teens convinced. Yet, I was happy to go along with that rate. I just started on Book two, and although it is too early to comment ( the "myth" of the Secret Chamber was just rejected by the History of Magic lecturer), it already appear to handle more plausible issues (e.g. mixed blood vs. pure blood ) -this after a start that almost made me stop reading the book, and try the new Dave Matthews Band album instead.

Book Two: Harry Potter and Chamber of Secrets: Completed listening to the second of the series, "Harry Potter and the Chamber of Secrets" today (31st July 2018) - and contemplating whether I should start on the third immediately, or listen to some new music which has come my way.

While the second book starts off in high speed action - so much so, I started to feel a little silly listening to it,  but soon settled to an accepted level once Ron and Harry reached school. From there on the "pure blood" vs. "mud blood" undertone, and the inferences of how the wizard and witches lineage might very well have died out if not for the mixing of the wizard families with the muggle families make a case for a political consciousness that even a kid will find easy to relate to other parallels as he grows up, To me, this by it self brings in a lot of value. Another point I was somewhat surprised to find here was the power of a mother's love - a lucky chance as per the lord of Darkness ( for by itself it has no magic in it in the literal sense ) - which is stressed as the only reason for Harry's survival and Voldermott's (temporary ) downfall. A third point I appreciate is the fake character of Gilderoy  Lockhart ( whose everyday sequels are found in dozens in the corporate world), which is displayed in all its glory - or rather the lack of it. Coupled with the occasional humour, especially with respect to death ( mourning Murtle, headless Nick ), the far fetched  incidents ( e.g. the car saving Ron and Harry from the forbidden forest ) feel tolerable and strangely exusable. Again, trying to put myself in the place of a twelve year old, I felt harsh to give the book three and a half stars as was my natural inclination, and gave it four instead.

Listened to book three after a reasonable break for music. The Harry Potter fan club aka the Harry Potter experts, ( who also act as the committee safeguarding against the defamation of Harry Potter ), have previously told me, that this was where, "the series actually takes off" ( plus, my son hinted without meaning to that Black wasn't the bad guy, a couple of chapters into the book - the innocent spoil sport !). So the twist in the second half of the book, was somewhat expected. Having said that it is no mean feat to have a plot with such twists, with many strands which we first read in the first two books. The consistency is quite amazing, and it amazes me as I wonder if Rowling had all these plots ( and twists ) worked out on her mind, as she lay pen on paper to write the first book.


One more thing that I couldn't help noticing was the admission of sometimes the necessity of taking the law into one's hands, when the odds are stacked against you. Dumbledore admits that an alternate path needs to be taken if Sirius Black was to be saved. Although its a work of fiction, it is an admission that there are times when "the course of law" mayn't give the most reasonable solution - and alternate paths could be inevitable. This I remembered, since I was having a discussion about the disappearance of a purported journalist with a friend of mine a couple of days back.

Having said that I cannot quite come to terms as to why, an author of such capacity and capability had to make a hero of Harry, all the time. Maybe it is genre thing that I cannot quite grasp ( I concede).

 Of course, given the state of things at the end of  book three, it is quite natural to look forward for book four - which I will start listening to, after a break for the music that has been released over the last couple of weeks.

The plot thickens as they say, and book four, "The Goblet of fire", is  quite complex for a plot, even by JK Rowling' high standards, until book three. Harry is now getting into the adolescent stage, and the interest in each other by the boy wizards and girl witches of Hogwarts, now has an added flavour. This is the first time in which an actual death is experienced in any of the Harry Potter books, and that too adds to the overall feel of a real world of wizardry - and a world of good and evil. For me personally, the special part in this book is the prize the world of wizardry pays for one sentimental decision - that if Mr. Crouch had been more circumspect and non-partial in his office, some of the misfortune could've by clearly prevented. Another borrowing from the real world, the journalist Rita Skeeter and her gutter journalism, which depends on a lot of concoctions, and half truths too makes the fiction a little more believable. The experience of Harry and Ron, the discomfort that they had in finding a partner for the Yule ball is another episode that was enjoyed by me immensely. And it is to the credit of Rowlings, that she made that episode a little more real world, by going about the way she did, instead of making it a picture perfect ball for our hero.

The arrival of two other schools for the tri-wizard tournament, while makes the account more interesting with so much more possibilities, cannot but help appearing a little far fetched and predictable where all traditional school series's go.

By book five, Harry now a fifteen year old, finds  that life is not getting any easier. He almost gets expelled at the start of the book itself. The battle between Cornalius Fudge and Dumbledoe becomes an open conflict, with the daily prophet painting Potter an attention seeking rumour monger.

I found an appeal in this book due to the author adding depth to each of the characters, as we see that there are no pure white characters, here. Even Dumbledoe errs, and Harry, Snape, Sirius Black are all found to have their shortcomings. This is probably the most attractive feature about this book, for me.

However I found that no member close to  Harry remembering Snape to be a member of the Order of the Phoenix, a little unnatural, especially given the amount of deliberating they did before setting off to the Ministry of Magic.

While I did enjoy this book, possibly more than the previous volumes, I couldn't help help the feeling that it is a little contrived, to build a better environment for things to come.

I finished book six, thinking that the authoress is leading the readers up, as Snape is painted quite the villain. The reference to his villainy, I found to be too straight forward, and was almost impatient to read book seven so "thing are cleared".


At the completion of book seven, there was a full, complete character, who to me was a tragic hero, making whole series worthwhile and the time spent listening to it. Yes, Rowling has gone to such detail in building an almost model tragic hero out of Severus Snape, that to me the reference to a "Harry Potter this" and a "Harry Potter that", is but a populist gimmick to capture the YA audience. The hlaf blood prince was the man! The whole book series is built on the single thankless character of Severus Snape, if am to look at in an alternate way! His confidence, his insecurity upon being bullied, his love, his commitment and sacrifice - all this while being a flawed man with a quick temper, and bearing the wounds of a deep grudge, is to me what I came to appreciate most about the whole series. The character of Dumbledoe too is quite a good construct , although his trait of being an "all knowing", at times corrodes the confidence with time,  that of a a true grey character with faults.

Oh, there was also Harry Potter, and his two friends Hermione Granger and Ronald Weasley. As YA characters they have their attraction, despite their flaws - but I felt maybe the authoress should've at least limited Harry's count of  lives to about five or six , instead  to a number which  suggests,    double the count usually considered to animal such as Hermione's cat, Crookshanks.

( I listened to four books last year, and the remaining three this year. Jim Dale does a fantastic job with the audio narration, and this is as good a way to spend two hours in traffic, to and fro from office to work. Long live audio books, which allows us access to authors, who might be denied the plum reading slots offered to the our more preferred authors. Other authors who have so far benefited from the audio book offering are Stephen King and Neil Gaiman. )

වඩදිය - එරික් ඉලයප්ආරච්චි

1990 වසරේ පළමු වරට මුද්‍රණය වී ඇති එරික් ඉලයප්ආරච්චිගේ "වඩදිය" නම් කෙටි කතා සංග්‍රහය කියවුවෙමි. කලෙක සිට ඉලයප්ආරච්චිගෙ පැරණි කෙටි කතා සංග්‍රහයන් කියවීමේ උවමනාවක් තිබුන ද, සීමාසහිත කියවීමේ කාලය හේතුවෙන් එය ආරම්භය මගැරිනි. මෙලෙස ඒ කියවීමේ ක්‍රියාවලිය ආරම්භය වුව ද, එහි ඉදිරිගමන කෙසේ වෙදැයි කිව නොහැක. එහෙත් ඉතා මෑතක කතුවරයාගේ පළ වූ කෙටි කතා සංග්‍රහයන් තුනක් ද, ලංකා ගමන ද කියවීමෙන් පසු, ඔහු ගේ සියළු සංග්‍රහයන් කියවීම සිංහල කෙටිකතා පාඨකයකු නොවරදවා ම කල යුත්තක් යන්න නම් සිත හොල්මන් කරන්න වුයේය ( අමරකීර්තිගේ "නව කවි සලකුණ" කියවීමෙන් අනතුරුව ලේඛකයාගේ කාව්‍ය කෘති කෙරෙහි ද මෙවැනිම අදහසක් පහළ වී ඇත.)

මෙහි එන පළමු කෙටි කතාව "සිර මැදුර" නමි. එහි ප්‍රධාන චරිතය වන සෝමාවතී, විශාල පොල් වත්තක හේවරාල කෙනෙකුගේ දුවකි. අප ලේඛකයා කතාව ට පසුබිම් වන අවමය පමණක් කියා අපට ඉතිරිය අප සිත් තුල ගොඩ නගා ගැනීමට අමුද්‍රව්‍ය ඉතිරි කර ඇත. සෝමාවති ඩැයිවර් කෙනෙකු හා විවා පත් වුව ද, වසරක් ඇවෑමට පෙර "වැන්දඹුවක් ලෙස ආණමඩුවේ සිට" නැවත පමිණි බවත්, වත්තේ අයිතිකරු ඉදිකල අලුත් ම බංගලාවක පදිංචි වීමට ලැබුණු බවත් පවසයි. වටපිට පරිසර වර්ණනය ආදියෙන් මාසේකට වරක් පමණක් පැමිණෙන මුදලාලිගේ පැමිණීම ඇර, ඉතා සාංකාවෙන් ගහණ දිවියක් සෝමාවති ගත කරන බවත්, තවමත් රාග ගින්න මැඩ නොපැවැත්වුණු, එහෙත් ඈතක සිට පමණක් බලා වින්දයක ලබන වසර හැත්තෑවක මැන්දිස් මාමාගේ ආශ්‍රය වෙතින් ඇය යම් තෘප්තියක් ලබන බවත් ඉඟි කරයි. දිනෙක මුදලාලි ගේ අසනීපය කන වැකුණු විට සෝමාවතිය ට මහත් බලාපොරොත්තු රැසක් පහළ වේ. ඒත් ඒ ටික වෙලාවකට ය - කිම  ද සිර මැදිරිය රකින අනුප්‍රාප්තිකයා එවකටත් පැමිණ සිටි බැවිනි.  වෙසෙසින් මීට කලකට පෙර ධන බලය ඇත්තෝ, එසේ ධන බලයෙන් හීන ඇත්තන් ව යටත් කරගෙන ඔවුන්ගෙන් තම සියළු ආකාරයේ බලාපොරොත්තු මුදුන් පත්කරවා ගත්තෝය. බොහෝ විට එලෙස යටත් කර ගත් පුද්ගලයා කෙතෙරම් අසරණ ද යත්, ඔහු ට හෝ ඇය ට අන් කිසිදු විකල්පයක් නොමැතිකමෙන් තම සිත සාදාගෙන තමන්ගේ "දෛවය" පිළිගැනීමට ඔවුන් පමා නොවෙති. මෙහිදි සෝමාවතී ද තම ඉරණම හා සටන් නොවැද සිටිය ද, ඉන් නිදහසක සේයාවක් දුටු විගස ප්‍රබෝධමත් ව බලාපොරොත්තු ඇති කර ගන්නීය. ඉලයප්ආරච්චි මේ සියළු පසුබිම් අවම වචන භාවිතාවකින් ඉඟි කරයි - චිත්‍රණය කරයි. මෙය මා කියවා ඇති හොඳම කෙටි කතා වලින් එකක් විය යුතුය.

මෙහි එන "වන්දනා ගමනක්" නම් වූ කෙටි කතාවේ, කලෙක වැජඹුනු චරිතයන් වූ අප රට ගොවි මහත්වරු, තම බිරින්දෑවරු ශ්‍රමය විකිණීම උදෙසා පිටරට යැවීමට තරම් වූ අභාග්‍යයකට මුහුණ දී ඇති අයුරු පෙන්වා දෙයි.  තනියෙන් වෙසෙන පිරිමියෙකුගේ සිතැඟි වෙනස් වන අයුරුත්  පෙන්වා දෙමින්, බණ්ඩාර වන්දනා ගමනක පිළිබඳ ඔහුගේ ම සිත රවටමින්, ස්ත්‍රී ඇසුරක ඉඟියක් ඔස්සේ දුර ගමනක යයි.

පුරුෂාර්ථ සහ තමන්ට ඉතා ලෙන්ගතු දේ අතර උභතෝකෝටිකය ඉදිරියේ තෝරා ගත යුත්තේ කුමක් ද ? තම ගුරු වෘත්තිය නිසා තම හැඟීම් පරාජය කරන ගුරුවරයා, පසු කලෙක අහඹු ලෙස තම කණ්ණාඩි කුට්ටමේ වටිනා රාමුව ( ඔහු එය වටින බවවත් නොදනී ), කාච දෙක ගලවා එය ඉල්ලන අන් අයෙකුට දෙන්නේ, ඔහු ට වටිනා දෙය අඳුනා ගැනීමේ දුර්වලතාවක් නිසා ද? නැති නම් ගුරුවරයා නිවැරදි ද ? නිවැරදි නම් හේ සිතින් විඳවන්නේ ඇයි ? ("ගුරුවරයෙකුගේ ප්‍රේම කතාවක්")

මුල් වරට 1990 පළ වූ මෙම කෙටි කතා සංග්‍රහයේ එන වඩාත් ප්‍රගතිශීලි කෙටිකතාව මෙය යැයි සිතමි. යල් පැණ ගිය "චාරිත්‍රයක්" අල්ලාගෙන හව්හරණක් පතන වංශවතිනියක ගේ නියත පරාජය, ඒ සිද්ධියට ඍජු සම්බන්ධයක් නැති යෞවණියක් ඈත සිට බලා සිටී. වලව්වේ ළමාතැනී, පෙසෝහාමි හමුවීමට එන්නේ;
"මං ආව පෙසෝනම්මේ! මේ කොතනත් මහ පොළොව නෙමෑ",
                      කියා තම කුලගර්වය යටපත් කරන කපටි බසක මුවාවෙනි.
වෙනස් වන ලෝකයක, ඇය රංජි මහත්තයාගේ පක්ෂය ගෙන කතා කරයි.  අමරසේකරුන්ගේ "යළි උපන්නෙමි" තුලින් උත්තේජනයක් ලැබූ නැවුම් සිතකිනි, අප යෞවනිය පෙර අපර ගලපන්නේ.

වෙනස් නොවෙන ලෝකයක, වෙනස් වීම ප්‍රගතිශීලි මිනිසා ට පසු කලෙක ඔහුට රිසි ඇගයීම ලැබෙනවා විය හැකිය. එහෙත් ඔහුට අතීතයේ වූ අයුතුකම් හේතුවෙන් ඔහු සැලකිය යුතු මිලක් ගෙවා අවසන් ය. ඔහුට ඒ ගැන කෝපයක්, දුකක් ඇතිවීම වැලැක්විය නොහැක. ඒ නැති වුණු දේ ඉදිරියේ, පසු කාලීනව ලැබූ පිළිගැනීමේ ඇති ඵලය කිම ? වයස 48ක් පමණ ට වූ පසුව පෙර කල තමන් ව ප්‍රතික්ෂේප කල ගම, ඔහු ට මුනිවරයෙකු ලෙස සලකයි. ඒ තමන් ට ගැරහූ ගම හරහා අප ප්‍රධාන චරිතය, මීදුම මධ්‍යයේ සහ එතරම් නොපෙනෙන දෑසින් යුතුව තම පාසැලය යන ගමනේ විස්තර මෙහි විස්තර කොට ඇති අයුරු අපූරුය. සිත සදාගෙන අලුත් වසරක පාසැල් කටයුතු අරඹන්න තනද්දී නැවත "වඩදිය" ක් ලෙස ඔහු වෙත පැමිණෙන්නේ බලාපොරොත්තු වූ නැති සිද්ධියකි.

මෙහි එන "පව්කාරයෝ" කෙටිකතාවේ සියල්ලෝ ම පව්කාරයෝය. වැඩිවිය අසල සිටින ආකර්ශණයක් ඇති කෙළි පොඩ්ඩ ඉදිරියේ ශ්‍රමණයා ද පව් කාර සිතක් ඇති කර ගත්තෙකු බව නොකියා ඇඟවීම මා මේ කෙටි කතාවේ දකින අපූර්ත්වය කි. උපදිසාපති වේවා, ප්‍රනාන්දුවා වේවා, පුංචි මැණිකා වේවා, මෙම පවුකාරයන් ගොඩට එකතු වන්නෝය. ලේඛකයාගේ සියුම් ඇඟවීම් කලාවේ අපූර්තවය ට ද දෙස් දෙන්නකි. එලෙසම මෙහි විස්තර විදිහට, මෙය පහසුවෙන් ම "හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ" කෘතියේ අතුරු කතාවක් තරමට, එම දුෂ්කර පළාතේ පරිසරයේ පැහැය රැගත් ය.

මෙහි එන සමහර කෙටි කතා 60 දශකයේ ය. සමහර ඒවා 80 දශකයේ ය. 1990 සිට ලියන කල, ඊට පෙර දශක තුන වඩාත් වෙනස්කම් දුටු කාලපරාසයක් ලෙස දැකිය හැක. එය අද සිට ආපසු බලන විට 1990 දශකයේ සිට අද දක්වා සිදු වූ වෙනස්කම් සමුදායට පරාජය වන බැව් සැබවි. එහෙත් 60 දශකයේ- 70 දශකයේ ආරම්භයක් නොවුණි නම්, මේ ප්‍රගමණය සිදු  නොවන්නට ඉඩ තිබිණ. නිදහස්, නිවහල් ව දාඩිය පෙරමින් යම් අවදානම් ඇතුව යමක් හරි හම්බ කරලීම, අධිමානැති වංශවතුන්ගේ රැවුම් ගෙරවුම් මධ්‍යයේ ලැබෙන සාපේක්ෂ වැඩි මුදලට වඩා වටිනා බව මේ කෙටි කතාවේ අඟවයි. කලෙක රජයේ කම්කරුවෙකු වූ කරත්තකරුට වඩා සිතට අමාරු වංශවතා ගේ මුදල හැර දමා යෑම නොව, ඒ අහිංසක ගවයා අතැර යාම පිළිබඳව බව අඟවමින්, කෙටිකතාව සමාප්ත කෙරෙයි. ("අන්තිම ගමන")

අධික හිරු රශ්මියෙන් දැවෙන ලුණු ලේවාය සහිත පුත්තලං පෙදෙස, අප සිත තුල චිත්‍රණය කරමින් දිගැරෙන "කුකුළන් කෙටවීම" , ජීවිතය අයාල යන කල කාලකණ්ණි කම පැරදවීමේ අපහසුතාව ගැන අඟවයි. මේ කෙටිකතාවේ එක් විශේෂ හෙළිදරව්වක් නම් 1990 වන විට ද අවම වශයෙන් පූත්තලම් ප්‍රදේශයේ මද්‍රසා පාසැල් තිබූ බවයි. පුත්තලමේ ලුණු ලේවාය ආශ්‍රිත වහර හා පරිසර වැණීම ඇතිව ලියැවී ඇති මෙම කතාව ඇත්තෙන්ම අපූරු නිර්මාණයකි.

සමස්ත වශයෙන් ඉවතලීමට යැයි කිව හැකි තරමේ එක් කෙටිකතාවක් හෝ නොමැති, සංඝත ලෙස සියුම් මෙන්ම විමසුම් සිතකට මහත් සේ රසවිඳිය හැකි ආරේ අනර්ඝ කෙටි කතා එකතුවකි මෙය. මේ කෙටි කතා සංග්‍රහයේ 2012 පළ වූ දෙවෙනි මුද්‍රණයේ පිටපතක මා සතු වන්නේ. කාලය හරස් නොවන්නේ මා සතු, තවම නොකියවා ඇති ලේඛකයාගේ ඉතිරි කෙටි කතා සංග්‍රහයන් පහම හැකි තාක් ඉක්මනින් කියවීමේ සිතක් පහළ වීම වැලැක්විය නොහැක.

ශ්‍රේණිය: ****1/2

( 2021 සැප්තැම්බර් දෙවෙනි දින, ඉහත ලිපිය සංශෝධනය කරන ලදී)