සමහර පොත් අපි කියවන්නේ අපෙ පොත් කියවන මිතුරු මිතුරියන්ගේ වදෙන් පොරෙන් බේරෙන්නට ය. 2017 ප්‍රකාශ වූ නවකතා කියවා අවසන් යැයි සිතා සිටි කලෙක එවන් වදෙන් පොරෙන් බේරෙන්නට මේ පොත කියවන්න ට සිතා ගත්ත ද, ඊට උදවු වූ තව හේතුන් කිහිපයක් විය. ලේඛිකාවගේ "ප්‍රංශ පෙම්වතා" නම් මහැඟි පොත කියවා ලැබූ ආස්වාදය, කලෙක සිට මා හා බිරිඳ නිතර කතා කරනා මාතෘකාවක් ඔස්සේ බිහි වූ නවකතාවක් වීම අන් හේතුන් ය. ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට නිර්දේශ වී තිබීමත් සිතේ හොල්මන් කරන්න ට ඇත.
ධනාත්මක පැති: කතුවරිය තමන් තෝරා ගත් මාතෘකාව ඔස්සේ අගතිගාමී නොවී තම රචනවා කොට ඇත. ලංකාව අයෙකුට එපා වීමට ආසන්න හේතු මෙන්ම, විවෘත සිතකින් නොයන කෙනෙකුට අමෙරිකාවේ ( හෝ අන් රටක ) මුල් ඇදීමට අපහසු බව පමණක් නොව, තම මනසේ රඟන යකුන් හා පිසාචයින් කොහේ ගිය ද දමනය කරලීම තමනට ම අයත් දෙයක් බවත් කතුවරිය පෙන්වා දෙන අපූරුව මා සිත් ගත්තේ ය. එලෙසම ආදාන ග්‍රාහි සංස්කෘතික බරු වලින් නොමැඩ ජීවිතය දෙස විවෘතව බැලීම උදෙසා වෙසෙසින් දියුණු රටක දරුවන් හට ලැබෙන අවස්ථාව ලඝු නොකිරීමට ද කතුවරිය අවංක වී ඇත්තේ, තම දෙමාපියන්ගේ පැවැත්ම බල පෑ ඇති අයුරු පෙන්වා ඇති අපූරුව ද පෙන්වා දෙමිනි. එලෙසම සතුටෙන් ජීවත් වීම යන්න සචේතනික තීරණයක් බව ද ඇය අපූරුවට පෙන්වා අත්තේ, නිලංකා හා ප්‍රදීප් යන චරිත අතර ඇති වෙනස ඔස්සේ ය. ඈ අවම වශයෙන් ප්‍රධාන චරිත තුන, අප ඉදිරියේ හුස්ම ගන්නා, අප වගේම තීරණ අතර සිරවෙන මිනිසුන් බවට ඒත්තු ගැන්වෙන තරමට පෝෂිත ව ගොඩ නගා ඇත. තවද කෙතෙක් උත්සාහ කෙරුව ද නිලංකා සහ ප්‍රදීප්, අමෙරිකාවේ සංක්‍රමණික ජන ප්‍රජාව අතර ට ම ගැණේන් බවත්, වඩා ධනවත් මීට ශත වර්ෂ කිහිපයකට පෙර පැමිණි අයවළුන් හා මුහු වීමා වඩා අපහසු දෙයක් බවත් කතුවරිය අවස්ථ කිහිපයක ම පෙන්වා ඇත.
නවකතාව එක දිගට කියවගෙන යා හැකිය. කතුවරියගේ රචනා ශෛලියේ, ඡෙද තුල අර්ථ ඝනත්වයක් ඇත. එය කියවීමට රුකුල් දෙයි. මේ පොත කියවා අවසන් වන විට කුමර කොබෙයි ද කියවිය යුතු යැයි තීරණය කලේ, එය ද එම රට හා සබැඳි නිසා පමණක් නොව, ඇගේ රචනා කියවීමේ සාහිත්‍යමය අගය ගැන තක්සේරුවෙනි ( වීනස් ගේ උපත දැනට ම කියවන්න තීරණය කොට අවසන්ය ).
අවිශේෂී පැති: කතාන්දරයක් ලෙස මන බැඳ තිබුන ද නවකාතවක් නම් වූ කලා කෘතියක් ලෙස, එය ප්‍රංශ පෙම්වතා තරම් පරිපූර්ණ නැත. කතුවරිය ට කීමට ඇති දේ බොහෝ ය. ඒ කාරණා ඝනත්වය මධ්‍යයේ කලාත්මක බව විටෙක දෙවෙනි තැන් ගන්නේ, වරෙක දෙබස් අතරය, විටෙක අමරිකානු අවකාශයෙන් පිටු පිරවෙනා අතර ය. තැනෙක දෙකක දෙබස් හා ආකල්ප තරමක් සිතා ගැනීමට අපහසු යැයි හිතෙන තරම්ය. පළමු පිටේ ම එන ඔවුන් ඇට්ලාන්ටා ආ විගස, නිලංකා ගේ "ඔයාට හොඳටම විශ්වාස ද අපි ආවේ හරි තැනට කියලා...?", යන පැණය විහිළුවකට නාසන එකක් බැවින් එහි යම් අස්වාභාවික බවක් දැණුනි. තව ද අමෙරිකාව වන් රටක ට එමෙන් අනතුරුව, නිලංකා සහ ප්‍රදීප් යම් යම් ජන වර්ග කෙරෙහි ඇති අකමැත්ත ද, තරමක් පිළිගැනීමට අපහසු බවක් දැණිනි. එහෙත් මේවා නවකතාවේ සමස්තය හා සසඳද්දි එතරම් ගිණිය නොහැකි කාරණා පමණක් නොව, වෙසෙසින් ප්‍රදීප් ගේ පසුබිම හා සැසඳිය යුතු නිසා ද, ඒව පිළිබඳ අවසන් නිගමනයක් දීමට අපහසුය.
මට මෑතක එක් දෙයක් දුටිමි. එනම් සුනෙත්‍රා රාජකරුණානයක්කයන්ගේ අට වතාවට පමණක් දෙවෙනි වන ලෙස ශමෙල් ද හත් වතාවක් ම අවම වශයෙන් ස්වර්ණ පුස්තක දිගු ලයිස්තුව වෙත ට හෝ තම නිර්මාණ ගෙන ගොස් අති බවයි. ඉන් කතුවරිය ගේ කෘති වල යම් සංඝත නිර්මාණ ගුණයක් ගැන සැල වෙතැයි සිතමි. මට ඇගේ පැරණි කෘති කෙරෙහි නැවත යාමට තරම් කියවීම් කාලයක් නොතිබුණ ද, අනාගතයේ ඇයගේ කෘති කියවීම ට වඩා විශ්වාසයෙන් යුතුව තීරණය කරමි.

No comments:
Post a Comment