Monday, 16 November 2020

මකර තොරණ - ප්‍රභාත් ජයසිංහ



හොඳම කෙටි කතා සංග්‍රහය, 2016 - රාජ්‍ය සාහිත්‍ය සම්මාන

   "වයඹ දිග වැසියෙකුගේ දින සටහන්" නමින් වූ වෙනස් ම ආරක කෙටි කතා සංග්‍රහයක් මා කියවූවේ 2012 දී පමණ ය. ඉන් අනතුරුව කතුවරයාගේ දේවාකන්‍යා නමින් වූ කෙටි කතා සංග්‍රහයක් ප්‍රකාශ වූ ව ද, එය කියවීම පැහැර හැරියෙමි. 2016 දී ප්‍රකාශ වූ "

  "පොලිස් නිලධාරියා මරුට" කෙටි කතාව, වත්මනෙහි දේශපාලනික වූ පොලිසිය, එහි ඉහ වහා ගිය දූෂණය, කිසිදු කාරණාවක් පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීමේ අපහසුතාව යන වත්මන් තත්ත්වයන් කෙටිකතාව නම් කලා මාධ්‍ය හරහා ගෙන හැර දක්වයි. කීමට ඇත්තේ කරුණුකාරණා අවුස්සා අවුස්සා යන මාධ්‍යවේදියෙකු එතරම් ව්‍යාකූල වනවානම්, සාමාන්‍ය ජනතාව වන අප ගැන කුමන කතා ද යනුවෙනි.

 "හොකී විතවුට් ස්ටික්ස්", මෙහි එන මා සිත් ගත් කෙටිකාවකි. කොටුවේ දුම්රිය ඉස්ටේසමේ බෝම්බයෙන් මිය ගිය එකම පාසලක ට අයත් හොකී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ මරණයෙන් වසර ගණණාවකට පසුව එක් වී වත ගොත සොයා බලයි. ඒ වන විට වෙනස් වී ඇති ඔවුන්ගේ පවුල් පසුබිම්, දේශපාලන පසුබිම් ඉදිරියේ ඔවුන් කෙතෙරම් අසරණ වන්නේ ද යත්, නැවත මිනී පෙට්ටි තුලට රිංගීම ඇත්තෙන්ම වඩා හිතකර බව ඔවුන් අවබෝධ කර ගනී.
මකර තොරණ" පාඨක අවදානයට ත්, ප්‍රසාදයට ත් ලක් වීම හේතුවෙන්, මීට මාස එකහමාරකට පමණ කියවූයේ ය.

සංග්‍රහයට නම දුන් කෙටිකතාව මෙහි තෙවැන්නයි. වර්තමාන දායකසභා වල ඇපයට පත් වූ අප පන්සල් වලට පත් ව ඇති ඉරණම ගැන නිර්මාණයකි "මකර තොරණ". ලේඛකයා තමාට සමාජයට කීමට ඇති පණිවුඩය තම නිර්මාණය තුලට පරිපූර්ණ ලෙස අන්තර්ගත කොට තිබුණ ද, එය පාඨකයා වෙහෙසකරවන කියවීමකි. ඒ, ලේඛණය ආයාසකාරි අභ්‍යාසයක් වූ නිසා යැයි හැඟෙන නිසා ය. පිටු පණහක ප්‍රමාණයක් දිගැරෙන කෙටි කතාව අසාර්තක යැයි කීමට ඉක්මන් නොවූව ද, ලේඛකයා ගේ දේශපාලනය නිර්මාණයේ රසවත් බවට පාරාවළල්ලක් වූ බවයි මගේ අදහස.

ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත සෝපාහාසකාරි බැල්මක් එල්ල කරන, එහි සිටින සමහර චරිත එතන යම් සාර්තක්තවයකට පැමිණියේ කෙසේදෝයි යන්න සෝදිසි කරන ආරේ නිර්මාණයකි, "එකමත් එක චරිතාපදානයක්" වූ කෙටි කතාව.

"අවුරුදු ගානක් අග සති දෙකක්" වූ කලි මෙහි එන යම් සංවේදිතාවක් පෙන්වන සාර්ථක කෙටිකතාවකි. තරුණයෙක්, ඔහුගේ පැරණි පෙම්වතිය සහ වත්මන් පෙම්වතිය යන චරිත තුනක්, තරුණයාගේ රෝගි තත්ත්වයක් මතු වූ විට හැසිරෙන ආකාරයත්, මිතුරියක් සහ පෙම්වතියක් අතර රේඛාව එහා මෙහා වෙන ආකාරයත් පෙන්වන අපූරු නිර්මාණයකි. මෙහි එන අනෙක් බොහෝ නිර්මාණ මෙන් ආයාසකාරි කියවීමක් නොවේ.

"කාලක ජාතකය", විශ්වාසය සහ ආගම කෙසේ වර්ධනය විය හැකි ද, එහි මූලාරම්භයේ සත්‍ය ස්වභාවය කෙසේ වී ද යන්න පිළිබඳ සිතීමට පාඨකයා යොමු කරනා ආකාරයේ කෙටි කතාවකි. මා රස විඳි කෙටි කතාවකි.

යම් අය තම පැවැත්ම සඳහා "සුදු වෑන්" පැමිණ ඔවුන් පහර ගනිතැයි පැතූ සැටි ද,  සංකේතීය වශයෙන් හෝ ඒ සඳහා ඔවුන්ගේ පෞරෂය පවා දන් දී රාජ්ය නොවන සංවිධාන සන්ධර්භය තුල තම පැවැත්ම තහවුරු කරගත් අයුරුත්, උපහාස මුඛයෙන් කියවෙන නිර්මාණයකි, මෙහි එන අවසන් කෙටි කතාව.  මා රස විඳි කෙටි කතාවකි.

  සමස්තයක් ලෙස, කතුවරයා බොහෝ අවස්තා වල ඔහුට කීමට ඇති සමාජ දේශපාලන විවේචනය, සෝපහාසය සමඟ මුසු කොට නිර්මාණය කල කෙටි කතා සතෙකි. මේ කර්තව්‍ය ලේසි පහසු කටයුත්තක් යැයි සිතිය නොහැක. ඒ, ඔහු එම සමාජ-දේශපාලන කාරණාව විචාරනවා හැරෙන්නට තම දේශපාලන න්‍යාය පත්‍රය නිර්මාණය තුලට ඔබ්බවා නැති හෙයිනි. එනුමුදු, ඔහුගේ අරමුණ ක්ෂාත් ක්ෂාත් කරලීමේ දී කෙටි කතාවේ රසවත් බවට යම් මිලක් ගෙවීමට සිදුව ඇතැයි සිතේ. වරෙක මෙහි එන කෙටිකතා කියවීම ආයාසකාරි වන්නේ ඒ නිසා ය. ඉන් නිර්මාණ අසාර්ථක යැයි නොකියවේ. කිම ද සමාජ-දේශපාලන විචාර අපක්ෂපාතීව වරෙක යතාර්තය තුලත්, වරෙක ඉන්ද්‍රජාලික යතාර්තය තුලට  ගෙන ඒම ම සියුම් නිර්මාණාත්මක කර්තව්‍යයකි. වර්තමානයේ පිහිටා, රෝගී සමාජය දෙස විචක්ෂණ නෙතකින් බලා, එය හැකි තරම් මධ්‍යස්ථ ස්ථානයක සිත විචාරා, නිර්මාණාත්මක සන්දර්භයක් තුලට ගෙන ඒම, පැසසිය යුතු කර්තව්‍යයකි. එහෙත් 2016 ප්‍රකාශ වූ හොඳම කෙටි කතා සංග්‍රහය, මට නම් මෙය නොවේ. කාලිදාස! කල් ඉකුත් වී නොමැත සහ දුෂ්ඨකමේ සෞන්දර්‍යය රත්මලානේ තවත් කතා, කියවීමට ඉතුරු වී ඇති සන්දර්භයක දී, මා එරික් ඉලයප්ආරච්චිගේ බැග්ඩෑඩ් මීට වඩා රසවිඳි බව පමණක් කියා සිටිමි.
(2017 සැප්තැම්බර් මස දාහත් වන දින ලියූ ලිපියකි )

No comments:

Post a Comment