Friday, 3 July 2015

The Adventures of Augie March - Saul Bellow



The Adventures of Augie March - Saul Bellow
====================================
(National Book Award for Fiction - 1953 )
*****
When the phrase, "The Great American Phrase" is coined, some titles come to my mind automatically - "Gone with the Wind","To Kill a Mockingbird","The Great Gatsby" are few such names. The title of this latest book that I read - or rather listened ( and I am convinced that listening is the best way to grasp the true essence of this particular book) - would always come up amongst the other titles that I mentioned, as Great American novels.
Why do I give this book, five stars - make no mistake, it is a sprawling book, but often moving forward at some speed as the protagonist experience one after another of situations that he largely stumbles upon as he wanders ambition-less, yet with certain minimal ideals, in his life. A paper-seller, a butler, a smuggler, a travelling paint seller, a book thief, a dog groomer, a shoe seller, his lovers' escort towards her reckless adventures - these are but some of the adventures that the handsome, but drifting Augie finds himself involved in. How ? Why ? His, later wife, Stella puts it into words why, and until then Augie himself doesn't realise , how his life had been. Stella says, "but one of the things I thought is that you and I are the kind of people , other people are always trying to fit into their schemes." Augie thinks to himself that he "was grateful for her plain way of naming a truth that had been hanging around me for many long years. I did fit into peoples' schemes". The importance of this observation was captured, with mention of this novel, when the author received the Nobel Award stating that this books' "subtle analysis of our culture, of entertaining adventure, drastic and tragic episodes in quick succession interspersed with philosophic conversation, all developed by a commentator with a witty tongue and penetrating insight into the outer and inner complications that drive us to act, or prevent us from acting, and that can be called the dilemma of our age…” That the philosophy of this was not lost upon the author is presented to the reader, through an episode towards the end - where Augie himself plans to have such people whom he estimates he can control, and can be brought under a scheme of his own. A thinking friend of his reveals' Augies' subconscious for him, for Augie doesn't realise that he is trying to do what others have been doing to him over the years - and anyway Augie is too much of a drifter to put any serious effort into it.
I cannot recall a book that I read of recent, that has analysed such a wide range of characters, in the process presenting a the widest span at life itself in depression era Amercia. The pure study of the characters herein is rewarding enough the time spent on reading this.
This is the second book by Bellow that I've read. "Herzog" being the first - a challenging read - I have a good mind to buy an audio version to see if I find it more enjoyable. That moth-eaten, yellow leaved book I read from the Public Library years ago, was quite a dry affair, until its' completion, when the human aspect and the philosophy hits you right across the face.
I am now convinced that I should seriously consider reading most of Bellow's work. But be warned those interested - they are not the most easiest of reads.

Thursday, 25 June 2015

කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ

කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ
==========================
****


මේ වන විට මෙම කෘතිය මහත් ජනාදරයට පත් වැ ඇත. මේ පොත ගැන බොහෝ දේ කියැවී ඇත. ඊට මට එතරම් දෙයක් එකතු කිරීමට නැති තරම්ය.

කතාන්දරය, නවකතාව සහ අප - අපි ප්‍රධාන වශයෙන් කථා වලට සවන් දීම ට කැමති ජාතියකි. රැයක් පුරා ජාතක පොතේ කථාවක් අසා සිටිමට අප කැමතිය. උදයසිරි වික්‍රමරත්න අපේ මේ ලක්ෂණය දැන හැඳින, එය ඔහුගේ "සුද්දෙක්  ඔබ අමතයි" නාට්‍ය කෘතිය ට පාදක කර ගත් බව කියයි. ගිය වසරේ හොඳම නවකතාවට හිමි  රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත් "කාල නදී ගලා බසී" කෘතිය, ප්‍රවීණ විචාරක සමන් වික්‍රමාරච්චි අතින් නිර්දය විවේචන‍යට ලක් වුයේ මෙය ගෘහණියන් කැමතියාකාර කථා රසින් පිරි පොතක් වුව, නවකථාවක් නම් නොවන බව කියමිනි. සමන් වික්‍රමාරච්චි කියන දේ තුල ඇත්තක් නැත්තේ නොවේ. පාරු මංකොල්ලකරුවන් පරාජය කිරීමට මුල් වෙන්නේ, ඇටෙන් පොත්තෙන් පීදෙන කොලු ගැටයෙකු වන සාදිරිස් ය. අන් තැනෙක,  සාදිරිස් සිසිලියානාලා ගේ උදව්වට ගොස් නැවත එනතුරුත්  පැණිගල අසාද්‍ය ලෙස අසනීප වී පාරුව තුල නිදි කරවා තබා ගන්නේ, සාදිරිස් ම ඉස්පිරිතාලේට ගෙන යාමට ඉඩ පාදමිනි - මෙතරම් දැනුම් තේරුම් තිබෙන තණ්ඩලේ ඉන්දැද්දී ය. මෙවන් අස්වාභාවික තැන් ඇත. සාදිරිස් ව වීරයකු කිරීමට කතුවරයා යෙදූ තැත වැඩි බැව් අවිවාදිතය. ගලා බසින්නේ කාල නදියයි - සාදිරිස් ප්‍රධාන චරිතය මිස, කතාවට මාතෘකාව නොවේ - හෝ, නොවිය යුතුව තිබිණි.  කලු ගඟ ආශ්‍රිත ජන සංස්කෘතිය ගැන හෝ, දහනව සියවස අවසන් කාර්තුවේ හා විසිවන් සියවස මුල් කාර්තුවේ සමාජ ඉතිහාසය ගැන හෝ මනරම් වූත්, පාඨකයා ඇඳ බැඳ ගනීමට සමත් වන්නා වූත් විස්තර ආදියෙන් නවකතාව මැනවින් පෝෂණය ලැබ ඇත. එහෙත් මට හැඟෙනා පරිද්දෙන් මේ සියළු සාධනීය ලක්ෂණ වලට අමතරව, හේ සාදිරිස් වැණීම ගැන වෙසෙස් පරිශ්‍රමයක් දරා ඇති  සේය. ප්‍රවේශයෙදි ලේඛකයා පවසන්නේ සාදිරිස් නම් ඔහුගේ සීයා බවයි. නවකතාවේ සාදිරිස් ඔහුගේ සීයා නොවිය හැක. එහෙත් ඒ සියා නොවන්නේ මත් නොවේ ද ?  එම නිසා  ලේඛකයා කුඩා කල සිට දුටු වීරත්වයක් නවකතාව තුලට ආදේශ කොට ඇත්තේද ?  අප මිනිසුන්ගේ වීරත්වයට ඇති කැමැත්ත, තම සීයා තුලින් දුටු වීරත්වය කරළියට ගෙන ඒමට ලේඛකයාව පෙළඹවී ද ?  මාගේ තර්කය, සාදිරිස් ගේ වීර ක්‍රියා මීට වඩා ටිකක් අඩුවට පමණක් සිමා කල ද, නව කථාවේ රසයට කිසිදු හානියක් නොවනා බවයි. එසේනම්, ලේඛකයා එසේ කලේ ඇයි ? ඉතිහාසයක් ඇති මිනිසුනට, ඔවුනගේ ඉතිහාසය මකා දමා සිටීම  අපහසු කාර්‍යයකි. රටේ ඉතිහාසය නොවේ, තම පරම්පරාවේ ඉතිහාසය ද ඉතිහාසයකි. අපි මේ කථාව කීම "දූපත් මානසිකත්වයක්" පිළිඹිබු වීමක් නම්, මාර්කේස් ලා  කෙතරම් තම ඉතිහාසය භාවිත කොට ඇත්දැයි මතක් කිරීම වටී. වික්‍රමාරච්චි ගුරු කොට සළකන මිලාන් කුන්දේරා ඔහුගේ "The Art of the Novel " කෘතියේ නවකථාව ගැන මෙසේ කියයි:
The World of theories is not my world. These are simply the reflections of a practitioner. every novelist's work contains an explicit vision of the history of the novel, an idea of what the novel is. It is the idea of the novel inherent in my novels that I give voice to here.

 කුන්දේරා එසේ කියද්දි, කුන්දේරා කී දේ කියන වික්‍රමාරච්චි නවකථාව නම් මෙයයි කියා සීමා පැණවීම් කල යුතු ද ? ශාස්ත්‍රීය පක්ෂය අගය කරන ලේඛකයින් එහි ශාස්ත්‍රීය රීතින් අනුගමනය කරමින් නවකථා ලියූවා වේ. අපි ඒවා ද කියවමු. එහෙත් සම්මානය නිරපේක්ෂ දෙයක් නොවේ - එය සම්මාන කමිටුව මත තීරණය වේ. අපේ මේ කොදෙව්වේ නොව, නොබෙල් ත්‍යාගය ගැන ද වාද අවිවාද පවති.

කුතුහලය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස - ගිය වසර දහය තුල පළ වු නව කතා අතරින් කුතුහලය ප්‍රධාන ලක්ෂණයක් ලෙස සලකමින් නිර්මාණය වූ නව කතා හතරක් මගේ සිතට නැඟේ (තව එවන් කෘති තිබෙන්නට පුළුවන - මේ නම් මගේ මනසට නිරායාසයෙන් එන ඒවාය  ). අමරකීර්තිගේ අටවක පුත්තු හා කුරුලු හදවත, ජයසේකරගේ මරියා සිලොනිකා වස්තුව හා රාජකරුණානායකගේ පොදු පුරුෂයා ඒවා ය. චරිත පිළිබඳ ඇති විමර්ශණය, දිග හැරෙන සමාජ පසුබිම ආදියෙන් මේ කෘති එකම මට්ටමක නොවූව ද, කුතුහලය යම් පමණකට මේ කෘති වල ඇත. කාල නදි ගලා බසි හි, මෙම කුතුහලයට ත්‍රාසය මැණවින් සංයෝජනය වී ඇත. මේ ගුණාංග අනිවාර්යයෙන්ම නවකථාව පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට සමත් ඒවාය. ඊට පාරු කරුවන්ගේ ජීවන රටාව, යටත් විජිත යුගයේ සමාජ පසුබිම, පාරු - කරත්ත යුගයෙන්, මෝටොරිය ට මාරු වීම ආදි යුග ගැන දිග හැරෙද්දි, ඒ හරහා තමතමන්ගේ මුත්තලා කියු කථා ආවර්ජනය වෙද්දි , ඒවා පාඨකයාට සංවේදි වීම අරුමයක් නොවේ. පාඨකයාගේ රසාඥ්ඥතාව ගැන සියුම් විවේචන ඉදිරිපත් කිරීම පමණක් නොසෑහේ. "ඕවා නොවේ, නවකථා, මේවා " යැයි කීමට නම්, ඔවුන් කියන "මේවා" පාඨයකා‍යගේ සිත ග්‍රහණය කරනා අයුරින් ලිවීම ඒ නව රීතින් අනුගමනය කරන ලේඛකයින්ගේ වගකීමයි.


Saturday, 20 June 2015

Gods, Demons and Spirits - Abraham T. Kovoor


Gods, Demons and Spirits - Abraham T. Kovoor


***

( පිට කවරයේ පෙන්වා ඇති මුල් කෘතිය කියවූවද සිහලින් සටහනක් තැබීමට ඉටා ගත්තේ, මේ පොතේ "දෙවියෝ සහ භූතයෝ" යන පරිවර්තනය ගැන බොහෝ පිරිස් දක්වන දැඩි කුතුහලය, උනන්දුව හා කැමැත්ත හේතු කොට ගෙනය. ඇමෙසන් අන්තර්ජාල අඩෙවිය $4 ට මෙහි කින්ඩ්ල් මෘදු පිටපත් විකීණිමට ඇති බැව් දැක, මිලදී ගෙන කියවූවෙමි. )

මෙම කෘතියේ බොහො ලිපි ලියැවී ඇත්තේ හොල්මන්, භූතයින්, යක්ෂයින්, දෙවියන් නැති බව පෙන්වා දීමට ය. පොතේ ඇති බොහො ලිපි අනුව 1960 දශකයේ වෙසෙසින්, හා එක්දහස් නවසිය හැත්තෑව දශකයෙත්, කොවූර් මහතා යම් ආකාරයක "Ghost Buster " (සොල්මන් විනාශකයා ) කෙනෙක් ලෙස ක්‍රියා කොට ඇති සේය්. ඔහුගේ හේතුවාදි, භෞතිකවාදි න්‍යායට, දර්ශනයට එය මහත් සේ උචිතය. ස්ථාන කිහිපයක භූතයින්, සොල්මන් හා දෙවියන් ආරූඪ වීමේ සිද්ධින් තුල සිදුවු රැවටීම්, ගෙන හැර දක්වමින්, ඒවා මිථ්‍යා ලෙස බැහැර කරමින් කොවූර් තම දර්ශනය තහවුරු කිරීමට තැත් කර ඇත.

තවත් ලිපි කිහිපයක් හරහා කොවූර් මේ "සරල" කටයුත්තෙන් ඔබ්බට ගිය මත ප්‍රකාශ කොට සිටී. ඒ ලිපි වෙසෙසින් කියවීම වටී. ඒ අනුව පවුල් පාලනය, මිශ්‍ර ජන-වාර්ගික විවාහ, සුඛමෘත්‍යු (Euthanasia),  ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය, බෞද්ධ විශ්වවේදය ප්‍රතික්ෂේප කිරීම ආදි මාතෘකා රාශියක් ගැන ද කොවූර් අවදානය යොමු කොට ඇත. සායි බාබා ප්‍රමුඛ බොහෝ ඉන්දීය බාබා වරුන්, බ්ලැවට්ස්කි මැතිනිය හා ඕල්කොට් මහතා ආදින්ගේ චරිත වල ඇති රැවටිලි සහගත ස්වරූපයත් කොවූර් ගේ විමර්ශනයට ලක් ව ඇත. වෙසෙසින් බ්ලැවට්ස්කි මැතිනියගේ චරිතය බලවත් ලෙස විවේචනයට ලක් කොට ඇත්තේ ඇගේ පෞද්ගලික ජීවිතය ද ඉතිරි නොකරමිනි. මින් සමහර මාතෘකා ඔහු ඒවා සාකඡ්චා කල කාලය අනුව ම වඩාත් ප්‍රගතිශීලිය (උදා - විශේෂ  අවස්ථාවන්හි වේදනාවෙන් තොර මරණයට අවසර දීම හෙවත්  සුඛමෘත්‍යු. ) සමහර න්‍යාය බොළඳ මට්ටමකට වඩා ලං වේ. මේ කොටස කියවන්න. "The Government too is in duty bound to come forward to promote national integration through intermarriages. Other qualifications being equal, preference should be given to the children of inter-married parents for employment. "[Kovoor, Dr. Abraham . Gods, Demons & Spirits (Kindle Locations 731-732). Kindle Edition. ] මිශ්‍ර විවාහ වලට බාධා කිරීම නොකල යුත්තක් සේ ම ඊට අනවශ්‍ය ලෙස දිරි ගැන්වීමක් කරන මෙවන් යෝජනා අන්තවාදී ය. එක් පාර්ශවයකට වෙනස් ලෙස සැලකීමකි (Discrimination).

කොවුර් සහ බුදුදහම ( හෙවත්, කොවුර් නොදත් බුදුදහම ) - කෘතිය ආරම්භයේ තැනෙක කොවූර් මෙසේ කියයි. "Similarly I discarded the beautiful land of my birth— Kerala— and adopted Sri Lanka— an equally beautiful country— because most of the Sri Lankans are followers of Gouthama Buddha who taught a more rational and tolerant philosophy than the founders of any other religion." [Gods, Demons & Spirits (Kindle Locations 168-169) ] මේ කියමන දැක බෞද්ධයකු ලෙස මා අමන්දානන්දයට පත් විය හැකිය. එහෙත් මා එලෙස සතුට ට පත් නොවූයේ, කොවූර් ගේ "බුදු" දහම, මා පිළිපදින්නට යත්න දරණ බුදු දහම නොවන නිසාය. ලාංකේය බුදු දහමේ සියළු ජනප්‍රිය ආගමික ලක්ෂණ ප්‍රතික්ෂේප කලත් ( එසේ ප්‍රතික්ෂේප කල යුතුයි යන්නක් මින් නොකියවේ ),  කොවූර්ගේ "බුදු" දහම අපි විශ්වාස කරන බුදු දහමෙන් දහයෙන් පංගුවක් වත් නැත. කොවුර්, අනාත්ම, යන ත්‍රිලක්ෂණේය සංකල්පය වචනාර්ථයෙන් දැඩිව ග්‍රහණය කොට ගෙන, අන් ආත්මය විශ්වාස කරනා ආගම් සමඟ සැසඳීමක යෙදෙයි. බුදු දහම ආත්මය ප්‍රතික්ෂේප කරන් බව සැබවි. එහෙත් බුදු දහම ඉතා පැහැදිලිව උච්ඡේදවාදයත්, ශාස්වතවාදයත් ප්‍රතික්ෂේප කරයි. කොවුර් කියනා පරිදි පුනර්ජන්ම සංකල්පය බුදු දහමට පසු කාලීනව බමුණන්ගේ ආභාශයෙන් විත් ඇත. පුණර්ජන්මය, භාවනාව, අර්හත් මග  නොමැති තැන බුදු දහමක් නැත - ඇත්තේ විකෘතියකි. එහෙත් කොවූර්ගේ "බුදු" දහමේ මේවා නැත. ඔහු ගේ භාවනාව ගැන කියවීම මෙලෙසය.
 The unusual pattern of the brain wave of a person in deep meditation clearly indicates the deranged state of his mind, No sensible person, who has any knowledge of psychiatry, will accept this state of abnormality as a desirable thing. [Gods, Demons & Spirits (Kindle Locations 457-459)]
Numerous able-bodied men and women in the “spiritualistic” East waste their time in yogie asanas and at meditation centres in the hope of attaining “enlightenment” [ Gods, Demons & Spirits (Kindle Locations 434-435) ] ඕනෑම අයෙකුට බුදු දහම ප්‍රතික්ෂේප කිරීමේ නිදහස ඇත. මට බුදු දහම ඔප්පු කිරීමේ වෑයමක් හෝ ඊට උවමනාවක් හෝ හැකියාවක් ද හෝ නැත. එහෙත් බුදු දහමේ නාමයෙන් එහි ලඝුවක් ,විකෘතියක් ඉදිරිපත් කරන්නන් වෙත විරෝධය පෑමේ අයිතියක් නම් මට ද ඇත.

කොවූර් ගැන මගේ කියවීම - කොවූර් තමන් දැඩි ලෙස විශ්වාස කල භෞතිකවාදය මත පිහිටා තම සමාජය නිරෝගි කිරීම තම වගකීම යැයි සිතා කටයුතු කල අයෙක් යැයි හැඟේ.  ඔහු හා ඔහුගේ අනුගාමිකයින් සැට සහ සැත්තෑ දශක වල සමාජයේ එක්තරා කොටසක් කරනා රැවටිලිකාර ක්‍රියාවලි එලිකිරීම ට මහත් උත්සාහයක් දරා ඇති බවක් පෙනී යයි. එහි දී ඔහු උදාර අරමුණක් ඇතිව ක්‍රියා කොට අති බව පැහැදිලිය. ඔහුගේ සමහර සිතුවිලි ඔහු දශක ගණණාවක් ඉදිරියෙන් සිටි අයෙක් බැව් තහවුරු කරයි.

මම කොවූර් කියවීමට එක් සිදුවීමක් හා බුදු දහමේ එක් සූත්‍රයක් භාවිත කරමි. ඒවා මෙසේය:

- ආචාර්‍ය නන්දසේන රත්නපාලයන්ගේ වියෝවේ අලුත, ආචාර්‍ය සරත් අමුණුගමයන්, රත්න්පාලයන්ගේ සමාජ විද්‍යාව ගැන මෙවන් මතයක් පළ කලේය.
“මහාචාර්ය රත්නපාලගේ සමාජ විද්‍යාව ජනප්‍රියයි; ශාස්ත්‍රීය නෑ”
මම රත්නපාලයන් ගැන අමුණුගමගේ වදන් පිළිගැනීමට මැළිවෙමි. එහෙත් කොවූර් පිළිබඳ ව නම් මට එසේ සිතේ. ඒ ඔහු බොහෝ විට තමන් සිටිනා මතය තහවුරු කිරීමට පරීක්ෂණ සිදුකලා මිස, විවෘත මනසකින් ඒවා සිදුකලා ද යන ගැටළුව මතය. සමාජයේ අනුන් රැවටීමෙන් මුදල් හම්බ කරගන්නන් හෙළිදරවු කිරීම එකකි (එය පැසසිය යුත්තකි ) ; ඒ ඔස්සේ දෙවියන් නැත, යකුන් නැත, භූතයින් නැත; රහත් පළය කියා දෙයක් නැත, භාවනාව ගන්ජා ගැසීමක් වැනිය යයි දොඩමින්, සීමාසහිත පචෙන්ද්‍රයිනට සියල්ල සීමා කිරීම අන්තවාදයකි. අන්ත්වාදයන්ගේ විවිධ ප්‍රභේද ඇත. කොවූර්ගේ මතයන් ද එලෙසය.

-  මම භාවිත කරනා සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රයයි. එහි, විවිධ ඇදුරන් තමන්ගේ භාවනා හා පෙර බැව් මතක් කිරීමේ ශක්තිය අනුව, පෙර බැව් X ප්‍රමාණය ක් ඇත, ‍Y ප්‍රමාණය ක් ඇත, ආත්මය සදාකාලිකය ආදි වශයෙන් දෘෂ්ඨි වලට එළඹෙන්නෝය. කොවූර් තම සිමාසහිත, සරල පරීක්ෂණ ඔස්සේ මුළු ජීවවිද්‍යාව ත් නොපෙනෙනන ලෝකය ගැනත් දැඩි මතයනට නැතහොත් දෘෂ්ඨියකට එල්බ ඇත.

කොවූර් ආගම් ගැන කියූ දේ - ඔහු බොහෝ තැන් වල ආගම් වලට පහර දී ඇත. හින්දු දේව මණ්ඩලය විකෘතියටත්, අපහාසයටත් පත් කොට ඇත. යම් අවස්ථා වල යම් පුරුෂ දෙවියන්, ස්ත්‍රී ආත්මයක හරහා වෙස් වලාගෙන තව පුරුෂයෙකු සමඟ සංසර්ගයේ යෙදීම,  සමලිංගික සේවනයක් ලෙස දක්වා ඇත.
Once Aruna visited Devaloka in the disguise of a woman. When Indra saw this woman in disguise he could not control his passion. He had sexual intercourse with this imitation woman. Bali was born as the result of this un-natural homosexual cohabitation. [Gods, Demons & Spirits (Kindle Locations 1257-1259) ]

ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙවන් විවේචන ඇත. Even Jesus Christ held such a foolish belief. He is reported to have cured the sick by exorcising “evil spirits” from them! [ Gods, Demons & Spirits (Kindle Locations 2460-2461) ]
බුදුන් වහන්සේ ගැන ( භාවිත බෞද්ධ පතපොත ගැන විවේචන ඔහුට ඇත ) විවේචන නැත්තේ හේ  බුදු දහම නොදත් නිසා (නැතහොත් දැන හිටියේ එහි විකෘතියක් බැවින් ) ය. එහෙත් පටිච්ඡ සමුප්පාදයේ පුනර්ජන්මය අනිවාර්යය යැයි  අයෙක් පෙන්වා දුන්නේ නම්, බුදුන්ට ද ක්‍රිස්තුස් වහන්සේ ගැන දේ කී දේ කීමට ඉඩ තිබිණි.   ඉස්ලාම් දහම හා යුදෙව් දහම පිළිබඳ විවේචන ලෝක නිර්මාපක දේවාවාදි ආගම් විවේචනයට සීමිතිය. ඔහු එම දහම් වෙසෙසින් දැන සිටි බවක් නොපෙනේ. එක් අතකින් භෞතිකවාදයෙන් ඔබ්බට ගිය සියළු විශ්වාස ප්‍රතික්ෂේප කරන කල, කොවූර් මේ ඉහත දැක්වූ විවේචන කල යුතුව තිබුණු බැව් ද තර්ක කල හැකිය. මා මේ කොටස් ඉදිරිපත් කලේ කෘතියේ ස්වභාවය හා ස්වරය පෙන්වා දීමට විනා කොවූර් ව විනිශ්ච්යට නොවේ. (බුදු දහම පිළිබඳ කොටසේ ඔහු පිළිබඳ යම් විනිශ්චයක් කර ඇති බැව් පිළිගැනීමට මැළි නොවෙමි ).



මේ කෘතිය කොවූර් හඳුනාගැනීමට මග පෙන්වන්නකි. ඔහු ඉතා අවංකව තම මුළු පුද්ගලාන්තරය ම විවෘත කර ඇත. එහි පැසසිය යුතු ලක්ෂණ ඇත. දෘෂ්ඨිගත වීම් ද ඇත. මා අන් පොත් කියවීමට ඇති කාලය මිඩංගු කර මේ කෘතිය කියවූවේ, කොවූර් කවුරුදැයි හඳුනා ගැනීමටය. ඔහු ඉතා කාරුණික මේ පොත හරහා මට ඒ උපකාරය සිදු කොට ඇත.

Saturday, 13 June 2015

පන්සලේ විප්ලවය (බෞද්ධ පුනරුදය ගංගොඩවිල සෝම හිමි දක්වා ) - වික්ටර් අයිවන්


පන්සලේ විප්ලවය (බෞද්ධ පුනරුදය ගංගොඩවිල සෝම හිමි දක්වා )
- වික්ටර් අයිවන්
===================
****1/2


හැඳින්වීම: රචනයට ආසන්නම හේතුව ලෙස ගංගොඩවිල සෝම හිමි ඇවෑමෙන් ඇති වූ දේශපාලන වාතාවරණය යැයි සිතිය හැකි වූත් , කිතු දහම පෘතුගිසි යුගයේ මෙරටට ඒමෙන් අනතුරුව එදා මෙදා තුරු බුද්ධාගම සම්බන්ධව සිදු වූ පුනරුදයන් විග්‍රහ කරමින් ලියැවුණු අගනා කෘතියකි. තම ප්‍රස්තූත මතෘකාව විග්‍රහ කිරීමට භාවිත කල ආශ්‍රේය ග්‍රන්ථ ගොණ්ණ ම, ලේඛක තෙමේ මේ කෘතිය යම් ශාස්ත්‍රීය පදනමක් ඉඟි කරමින් දැරූ උත්සාහය කියා පායි. පරිච්ඡේද නවයකින් (හා උපලේඛන ත්‍රිත්වකින්) සුසැඳි කෘතියේ මුල් පරිච්ඡේද සත ම වෙන් වී ඇත්තේ ප්‍රස්තූත මාතෘකාව විග්‍රහ කිරීමටය. කතුවරයා මුළුමනින්ම පාහේ අන් කෘති භාවිත කොට, එහි කරුණු ඉදිරිපත් කරමින්, අප රට බුදු දහම ඒමේ සිට, කිතු දහම ඒමත් සමඟ යම් අර්බුදයකට යෑමේ තත්ත්වයත්, යටත් විජිත යුගයේ තිබූ අර්බුදය හා පුනරුද ව්‍යාපාරයත්, නිදහසින් පසු බුදුදහමේ පුනරුදය හා ගැටළුත්,  හා අවසන් වශයෙන් සෝම හිමි යුගය දක්වාත් ඉතා සූක්ෂමව, හැකි තරම් මධ්‍යස්ථව විශ්ලේෂණය කරයි. මේ පරිච්ඡේද සත තුල නව අදහසක්, අළුත් නිරීක්ෂණයක් නැති තරම් ය- ඇත්නම් ඇත්තේ නොදැනෙන්න රිංගවමිනි (ඒ ගැන පසුව ). අවසන් කෙටි පරිච්ඡෙද දෙක වන (8) නිරීක්ෂණ හා (9)නිගමන හරහා කර්තෘ සත්‍ය වශයෙන් තම හඬ අවදි කොට ගැටළුවට පිලිතුර හා උපදෙස් ලබා දෙයි.


මාතෘකාව සාකච්ඡා කිරීම  : බුදු දහම සිංහල ජාතිය තැනීමේ ඓතිහාසික සිද්ධිදාමය හා ලොව අන් තැනෙක මෙවන් සිදුවීම් සිදු වූ අයුරු ගැන විග්‍රහයකින් ඇරඹෙන කෘතිය, දෙවෙනි පරිච්ඡේදයෙදී, අප රට කුල ක්‍රමය ගැනත්, වෙසෙසින් බටහිර ඉන්දියාවේ මලබාර් වෙරළ, කේරළ දේශයෙන් මෙරටට පැමිණ සංක්‍රමණිකයින්, සිංහල හා දෙමළ ජනයාට අවශෝෂණය වූ  අයුරුත් විග්‍රහ කරයි.  කරාව, දුරාව හා සලාගම කුල, කේරළ සංක්‍රමණිකයින්ගෙන් අවශෝෂණය වූවන්ගෙන් පැවත එන්නන් හරහාත්,  නවන්දන්න කුලය දකුණු ඉන්දීය දෙමළ ජනයාගෙන් පැවත එන අයුරුත්, ආශ්‍රේය ග්‍රන්ථ හරහා කියා පායි. ගොයිගම කුලයට සාපේක්ෂව මේ කුල, හීන කුල ලෙස සැලකුණු අයුරුත්, 19 වෙනි සියවසෙන් පසුව, යටත් විජිත අර්ථක්‍රමයේ මුහුණුවර භාවිත කොට, ගොයිගම කුලය හා ගැටෙමින් මේ කුලයන් තරඟකාරීව ඉදිරියට ආ අයුරුත්, ඒ හරහා සිංහල-බෞද්ධ හා සිංහල ක්‍රිස්තියානි ලෙස අවශෝෂණය වූ අයුරුත් පෙන්වා දෙයි. බෞද්ධ පුනරුදය යන කාරණාව පිළිබඳව ලේඛකයා ඓතිහාසික අවස්ථා කිහිපයක් හරහා ඉතා සවිස්තරව කරුණු ගෙන හැර දක්වයි. කිතු දහම පෘතුගීසින්ගේ ආගමනය සමඟ පැමිණීම හරහා සිංහල අනන්‍යතාව අර්බුදයට යාම, 1815 සිට 1915 දක්වා කාලය තුල සිදු වූ බෞද්ධ පුනර්ජීවනය ( මේ කොටස ඉතා සවිස්තරව පිටු 117ක් පුරාවට විග්‍රහ වී ඇත ), නිදහසේ සිට '56 පෙරළිය දක්වා තිබූ තත්ත්වය, 1956 සිට 1972 දක්වා බෞද්ධ අයිතිවාසිකම් පරිපූර්ණ කිරීම හා නව අර්බුද ඇති වීම (හෝ සැඟවී තිබූ අර්බුද කරළියට ඒම ) හා ගංගොඩවිල සෝම හිමියන්ගේ ධර්ම විප්ලවය යන මාතෘකා ඔස්සේ ඉතා සියුම් ලෙසත්, බොහෝ අවස්ථා තුල මනා වූ ශාස්ත්‍රීය ශික්ෂණයකිනුත්, බොහෝ සෙයින් මධ්‍යස්ථ ලෙසත් තම කරුණු, මුළුමනින්ම පාහේ ආශ්‍රේය ග්‍රන්ථ හරහා සාධනය කොට ඇත. එක් අතකට කෘති ගණණාවක් හරහා පාඨකයෙකු එකතු කල යුතුව තීබූ කරුණුකාරණා ගොන්නක් එක් තැන් කොට පිළිවෙලට ඉදිරිපත් කොට ඇති සේය. මෙම කරුණු ගොන්නට ලේඛකයාගේ සම්බන්ධය වී ඇත්තේ, ඉදිරිපත් කොට ඇති කරුණු තේරීම හා කලාතුරකින් නොදැනෙන සුළු අයුරකින් කතෘ මතයක්, සිද්ධාන්තයක් ලෙස ඇඟවෙන අයුරින් කරුණු පෙළගැස්මට රිංගවීම - ඔබ්බවීම හරහා පමණි. අප රට බොහෝ නූතනවාදි ලේඛකයන් මෙන් නොව වික්ටර් අයිවන් අගතිගාමි නොවී, වෙසෙසින් අනගාරික ධර්මපාල හා ගංගොඩවිල සෝම හිමියන්ගේ චරිත වලට සාධාරණයක් ඉටු කරමින්, ඔවුන්ගේ සේවය විග්‍රහ කරයි.

(143  පිටුව ) 'අනගාරික ධර්මපාලගේ වේගවත් හඬ බෞද්ධයින් කුල්මත් කිරීමට හේතුවූවා පමණක් නොව, ඔහු දුසිරිත් ලෙස හැඳින්වූ සමහර ගති පැවතුම් ඇති සිංහලයෝ ඔහුගේ කතා අසා ලජ්ජාවට පත්ව සිය ජීවිත වෙනස් කළේය. කුමාරි ජයවර්ධන කියා ඇති පරිදි "බයින් හැකිළෙමින් නිවට ලෙස බඩගෑ යටහත් පහත් ලාංකිකයින් අතර හිස කෙළින් කොට ගමන් ගත් එකම වංශවතා" ඔහු විය. අනගාරික ධර්මපාලගේ අමද්‍යප ව්‍යාපාරය රටේ පැන නැගුණු පළමු සංවිධානාත්මක බහුජන ව්‍යාපාරය වී යැයි කිව හැකිය.'

(221 පිටුව ) "ගමන් මගේ පළමු අදියර යෙදී තිබුණේ ආරණ්‍ය තිබූ උණුවතුර බුබුල සිට මහඔය, කෙහෙල්-උල්ල, පදියතලාව, ඇත්-රජකුඹුර හරහා බිබිලට යාමය. ඉන්පසු බදුල්ල හරහා පස්සරට යා යුතුය. ඉන්පසුව ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුගතලාව, කැප්පෙටිපොළ, තලවකැලේ, ලිඳුල, කොටපොළ හරහා ගිනිගත්-හේන, පිටවල, කිතුල්ගල, යටියන්තොට, කරණවැල්ල, දෙහි-ඕවිට, කළු-අග්ගල, හංවැල්ල හරහා කැළණියටත් ආ යුතුය. මුළු ගමනම යෙදිය යුත්තේ පිණ්ඩපාතේ ගොස් සිඟාකෑමෙනි. සමහා ගම්වල දින දෙක තුනක් නතර වී ධර්ම දේශනා පැවැත්වීමට සිදු වූ අවස්ථා ද් අතිබුණි... ධර්ම චාරිකාව සම්පූර්ණ කිරීමට ගතවූ කාල දින තිස්පහකි. මෙවැනි දුෂ්කර කාර්යයක යෙදිය හැක්කේ දැඩි අධිෂ්ඨානයක් ඇති නිර්භීත පුද්ගලයකුට පමණි. ( සෝම හිමියන්ගේ ධර්ම චාරිකාව ගැන කියමින් )

(231 පිටුව ) "සෝම හිමියෝ ද බුද්ධාගම හා සිංහල සංස්කෘතිය අතර වෙන් නොකළ හැකි සම්බන්ධයක් දුටුවෝය. මිථ්‍යා දෘෂ්ඨික විශ්වාසයන්ගෙන් හා ඇදහිලිවලින් කිළිටි වී ඇති බුදු දහම ඉන් බේරාගැනීමට අසමත් වෙතොත් 'මෙ ලක්දිවෙන් බුදු දහම ද තුරන්ව වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති සිංහල ජාතිය මෙලොවින් සදහටම තුරන් වී යනු ඇති බව'කීවේය."

                                       මින් මේ චරිත පිළිබඳ සියුම් විවේචන ඉදිරිපත් නොවී ඇතැයි නොකියවේ.  විවේචන ද ඇතුලත් ය - උදෘතපාඨ සම්ප්‍රයුක්ත කියවීම ඉදිරිපත් කරනු වස් ය.


ගැටළුකාරි තැන් කිහිපයක්:  (i) යම් ආගන්තුක ජනකොට්ඨාශයක් තමන් සංක්‍රමණය වීමෙන් අනතුරුව යම් අවශෝෂණයකට ලක් වූවා නම්, ඉන් මතුවට ඔවුන්ගේ  මුල් සම්භවය වැදගත් වන්නේ සමාජ විද්‍යාත්මක සන්දර්භයක් තුල පමණි. වර්තමාන පරම්පරාව, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ සම්භවය මත කියවීම, අයෙකුගේ දේශපාලන වාසියට කියාපාන්නක් මිස ඉන් ඔබ්බට් කිසිවක් එහි නැත.  ඊට අමතරව එම සම්භවය සියුම්ව විකෘත කරනවා නම්, එහි ඇත්තේ සිතා මතා යම් අරමුණක් අරභයා කෙරෙන විකෘතියකි. දෙවෙනි පරිච්ඡේදයේ 'සාංක්‍රණිකයින් සිංහල දෙමළ සමාජයට එකතු වීම' යන උප-මාතෘකාව ඔස්සේ 29-35 පිටු අතර දීර්ඝ විස්තරයක් හරහා කරාව, දුරාව හා සලාගම කුලත්‍රය බටහිර ඉන්දියාවේ මලබාර් වෙරළේ සිට සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන් ලෙස ආශ්‍රේය ග්‍රන්ථ අසුරෙන් තහවුරු කරන ලේඛක තෙමේ, 76 පිටුවේ දි මෙසේ කියයි: " එක් අතකින් ඔවුන් (කරාව, දුරාව, සලාගම ) සිංහල සමාජයට එකතු වී සිටියේ අලුතෙනි. බුද්ධාගම ට එකතු වී සිටියේ ද අලුතෙනි. දකුණු ඉන්දියානු දෙමළ පසුබිම් ද යම් පමණකට පෙනෙන තත්ත්වයක් තිබුණි. මේ තත්ත්වය ඉදිරියේ සිංහල බෞද්ධ සමාජය තුල තමන් අපේක්ෂා කළ පිළිගැනීම ලබා ගැනීම සඳහා සිංහල-බෞද්ධ අනන්‍යතාවට වැදගත් වන වර්ගය, ආගම, භාෂාව වැනි ප්‍රශ්ණ වලදි පෙරමුණ ගෙන සටන් කරන තත්ත්වයකට යොමු වීමට ඔවුන්ට සිදු වූ තිබුණේය." මෙම සාංක්‍රමණිකයින් ගැනත්, ඇහැලේපොළ, කැප්පෙටිපොළ ආදි රදලයන්ගේ සම්භවය ගැන වෙහෙසෙමින්, වෙසෙසින් කථා කරන ලේඛක තෙමේ, තම සංයමය බිඳ ගනිමින් කිසිදු ආශ්‍රෙය මූලාශ්‍රයකින් තොරව, කේරළෙන් පැමිණි අය, දෙමළ අය කරයි. සාංක්‍රමණිකයා අවශෝෂණය වූවාට පසු ව ඔහුගේ සම්භවය දේශපාලන වශයෙන් වැදගත් විය හැකි නොවේ. එම සම්භවය විකෘතිවැ ඉදිරිපත් කරන්නේ හුදෙක් අතපසුවීමකින් ම ද ?
(ii) (22 වෙනි පිටුව )" I වන විජයබාහු ( ක්‍රි.ව. 1110) රජුගේ අභාවයත්,  I වන පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153) රාජ්‍යප්‍රාප්තියත් අතර රජකම් කල් සිංහල රජවරුන්ගේ ලේඛන වැඩි ගණණක් ලියැවී ඇත්තේ දෙමළ බසිනි" - නැවතත්, මුලාශ්‍ර නැත. මා දන්නා තරමින් අප රට දෙමලෙන් ලියැවී ඇති ශිලාලිපි ම  ඇත්තේ අතලොස්සකි. එනම් මේ කියන ලේඛන මොනවා ද ? සමස්තයක් ලෙස සුපරික්ෂාකාරි ලෙස, සියුම් විග්‍රහයන් ගෙන් ලියැවුණු කෘතීයේ  මෙවන් තැන් වලට, කර්තෘ මූලික මෙවන් තැන් වලට,  මුලාශ්‍ර සඳහන් කරන්නට අප ලේඛකයාට අතපසු වී ද ?
(iii) - මා කතුවරයාගේ චෞර රැජිණ කියවා නැත. කියවීමට බලාපොරොත්තුවක් ද නැත. එහෙත් ලේඛකයාට "චෞර රැජිණ" ලිවීමේ හැකියාව ඇති බැව් හෙතෙම ඔප්පු කර ඇත. (207 පිටුව ) "සෞඛ්‍ය ඇමතිනි විමලා විජේවර්ධන (බුද්ධරක්ඛිතගේ අනියම් බිරිඳ ) බුද්ධරක්ඛිතගේ මෙම කුමන්ත්‍රණ වැඩපිළිවෙළේ ( බණ්ඩාරනායක ඝාතන වැඩපිළිවෙල )  වැදගත් භූමිකාවක් ඉටු කල චරිතරයක් විය".
සිව්වන ගැටළුකාරි තැන මුද්‍රණ දෝෂ ය. මා ළැඟ ඇති දෙවෙනි මුද්‍රයේද මුද්‍රණ දෝෂ එමට ය.  වෙසෙසින් දාතම දෝස සහිතය. අයෙක් ජන්මය ලබා ඇත්තේ මරනින් පසුවය. තව අයෙක් උපත ලබා ඇත්තේ පෙබරවාරි මස 31 දා ය. මෙවන් වැරදි පාඨකයා ගේ අවදානය බිඳියි.

නිරීක්ෂණ හා නිගමන: කතුවරයාගේ නිරීක්ෂණ හා නිගමන රැගත් කෙටි පරිච්ඡේද දෙකකි, 8 සහ 9 වෙනි පරිච්ඡේද. ඔහු ගේ නිරීක්ෂණ අතර මේවා ද වෙයි;
i.අප රට බුදුදහම සිංහල ජාතිය හා ගැටගැසී ඇති බැවින් බුදුදහමේ විශ්ෂ්ඨ හරයන්ට පටහැනිව ක්‍රියා කිරීමට සිදු ව ඇත
ii.කුලවාදය හේතුවෙන් සමහර බෞද්ධයන් වෙනත් ආගම් වලට එකතු කිරීමේ ප්‍රවණතාවක් ඇත.
iii. ශාසනයේ වැඩවසම් ස්වරූපය අද දක්වා වෙනස් නොවී පවති.
iv. බෞද්ධ පුනරුදයන් හරහා අභ්‍යන්තර ප්‍රතිශෝධන සිදු නොවුණු බව
v.බෞද්ධයාට වඩා, කිතුනුවාට ඉන්ගිලිසියට හා බටහිර හර පද්ධතීන් වෙත නැඹුරු වීමට පහසුය.
vi."භික්ෂූන් වහන්සේ අනවශ්‍ය තරමට සිංහල ජාතිය සමඟ අනන්‍ය නොවී බුදුන්ගේ ධර්මයට අනුකූලව උපෙක්ෂාව, මෛත්‍රිය හා සාධාරණත්වය යන ගුණ ධර්ම මත් පිහිටා කරුණු සලකා බලන තත්ත්වයකින් ක්‍රියා කරන්නට සමත් වී නම්, ශ්‍රි ලංකාව මෙතරම් අවලස්සන රටක් නොවන්නට් ඉඩ තිබුණු" (283 පිටුව ) බව.
vii.බුදු දහම පැවිද්දන් ඉලක්ක කොට ගත් දහමක් මිස ගිහියන් සඳහා ඇත්තේ සූත්‍ර කිහිපයක් පමණකි; ජීවිතය දුකක් ලෙස සැලකිය යුත්තේ පැවිද්දන් මිස ගිහියන් නොවන මුත්, මෙම ආකල්පය අප රට භික්ෂූන්ට වඩා ගිහියන් ට තිබෙන බවත් ය.
ලේඛකයාගේ නිගමන මොනවා ද? (287 පිටුව )"සිංහල ජනවර්ගයා විශේෂ ජනවර්ගයක් ලෙස සැලකීමේ පිළිවෙත ද බුද්ධාගමට පටහැනිය. ශ්‍රි ලංකාවේ බුද්ධාගම සිංහල ජනවර්ගය සමඟ ඇති කර තිබෙන අනන්‍ය බවෙන් නිදහස් විය යුතුය"(288 පිටුව )"පන්සලේ විප්ලවය සැබෑ ලෙස සක්ෂාත් වනු ඇත්තේ එවිට ය."


මගේ පසුවදන: නිරීක්ෂණ සියල්ල හා එකඟ විය නොහැක- එකඟ විය හැකි ඒවා ද වෙත් ( ii, iii, iv යන කාරණා ; vi  ඇත්තක් ඇතත්, එය සරල් සූත්‍රගත කිරීමක් නොවේ ). වික්ටර් අයිවන් කියූ පමණින් හෝ, ලිබරල් ආණ්ඩුවක් හරහා හෝ, අප රට බෞද්ධ ජනයා, සිංහල කමින් බෞද්ධ කම ඈත් කරන්නට පෙළෙඹෙන්නේ නැත. අයිවන්ගේ පිළියම, පිළියමක් නොව, අනෙකකි.  ඇත්තෙන්ම ජාතිකවාදි සළු පිළි ඇඳගත් ආණ්ඩුවකට මේ ක්‍රියාව යම් පමණකින් කල හැකි බව මගේ වැටහීමයි. විසි එක්වෙනි සියවසේ මෙම සිංහලකම හා බෞද්ධකම අතර ඇති සබඳතාව ස්වයං විවේචනයකින් අනතුරුව නැවත ප්‍රති-නිර්මාණය කල යුතුව ඇතැයි සිතමි.  ඊට අද ඇති ප්‍රධානතම බාධකය, ධනවාදි නූතන සමාජය තුල යම්තාක් දුරකට වල්මත් වූ බවක් පෙන්වන භික්ෂු පරපුරයි. බුදුදහමේ විශිෂ්ඨ හරයන්ගෙන් ඈත් වී සිටින්නේ එය සිංහල ජාතිය හා බැඳි තිබෙන නිසා නොවේ - මෙය වැරදි නිරීක්ෂණයකි -ඇත්තෙන්ම වැරදි නිගමනයකි. වෙසෙසින් 19වෙනි සියවෙන් පසුව සිංහලයා මෙහෙයවීමට මෙරට බුද්ධ ශාසන‍යට ඇති ශක්තිය මදි වීමේ ගැටළුවකි මීට මුල. එය අන්යෝන්‍ය වශයෙන් එකක් අනෙකට බලපායි- ගහට පොත්ත වගේ නිසා ය. අයිවන් ගේ තව නිරීක්ෂණයක් වන්නේ ක්‍රිස්තු භක්තිකයින් බටහිර පද්ධතීන්ට හා ඉන්ගිලිසියට වඩා නැඹුරු බව කියා පෑමය. මීගමුවත් හලාවතත් අතර ජනයා ඇසුරු කල අයෙක්, මෙම ඉනිගිලිසි නැඹුරුතාව ගැන කියන්න එන්නේ නැත. මොරටුව හා මීගමුව අතර පෙදෙසේ මෙවන් ලක්ෂණයක් ඇතත්, නගරාශ්‍රිත බව ඊට රුකුල් දෙයි.

සමාප්තය: සමස්තයක් ලෙස අප රට බුද්ධ ශාසනය පිළිබඳ වත්මනෙහි සිට අතීතය දක්වා ස්වයං විවේචනයකට මග පාදන කෘතියකි. අයිවන්ගේ පිළියම පිළිනොගත්ත ද ඔහු ප්‍රශ්ණය දෙස බලනාකරය, ඊට කරුණු ගොණු කර ඇති ආකරය, ඒවා ඉදිරිපත් කොට ඇති මැදහත් බව, පාඨකයාගේ කියවීමේ බුද්ධියට නිගා නොදෙයි. මනා සංයමයෙන් ලියැවුණු, ශිෂ්ඨ, ශාස්ත්‍රීය කෘතියකි.



Wednesday, 24 December 2014

2015 ජනාධිපත්වරණය පිළිබඳ මගේ සත දෙක හෙවත් මයි ටූ සැන්ට්ස්




2015 ජනවාරි 8 දා ජනාධිපතිවරණයලු. 2005, හා 2010 දී හැකි පමණින් ක්‍රියාකාරි ලෙස මේ ඡන්ද සටනට දායක වූ මා මෙවර එතරම් උනන්දුවක් දක්වන්නේ නැත්තාක් සේ කෙනෙකු දැකිය හැකිය. උනන්දුවක් නැතුවා නොවේය, මේ අවස්ථාවේ ඇත්තටම අප රට දේශපාලකයින් අපව අසරණ කර ඇත. ඇයි මා එසේ කියන්නේ:

- ජාතියේ ආඩම්බරකාර පියායැයි තමන්වම හඳුනාගත් නායකයා, ඔහුට පමණක් නොව බලන් සිටිනා රට වැසියන් ලෙස අපටද ලජ්ජා හිතෙන විදිහට රටේ සාරෙම උරා ගනිමින් හිඳී. ඔහු කෙතෙරම් බලයෙන් මත් වී ඇත්දැයි කිවහොත්, මට ඔහුව සමාන කල හැක්කේ 1815 දී සුරාවෙන් මත් වැ තම රජකම් නැතිවුණු තැනට වැඩ කල ශ්‍රි වික්‍රම රාජසිංහ රජුව ය. 2015 දී, හරියටම වසර 200කට පසුව බලයෙන් මත්ව මහින්ද රාජපක්ෂයෝ රට වැසියන් අසරණ තත්ත්වයට පත් කර ඇත්තෝය. රට වැසියන් කෙතෙරම් අසරණ වී ද යත්, තවම පෞරෂය සොයන ඒ උදෙසා මෝඩි සරණ ගිය "මෛත්‍රිපාලත්" නායක් වෙස් ගැනීමට යත්න දරයි. සත්‍ය වශයෙන් ම, යුධ බිය දුර කරලීමෙන් අනතුරුව රජෙකු ලෙස තම දිවි ඇති තුරා ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ තීබුණු රාජපක්ෂ ට අද මිනිසුන් බැණ වදිනා සැටි බලා සිටීමට සිත් නොදෙයි. ඒ කොළඹ වාසය කල අප, ඒ කාලේ කෙතෙරම් ජීවිත අවදානමකින් සැමදා අප කටයුතු වල් නිරත වුනා දයි අපට හොඳින් මතක නිසා ය. එහෙත් එම ගෞරවය නැති කරගත්තේ ඔහුම ය.

- මහින්ද රාජපක්ෂ තව දුරටත් පාලනයේ තබා ගත නොහැකි යන්න බොහෝ සෙයින් පැහැදිලි හෙයින්, මෛත්‍රි පාලනයක් උදෙසා මෛත්‍රිපාල සිරිසේනයන් පිටියට පැමිණ ඇත. මෛත්‍රිය ඉතිරවීම උදෙසා ඔහුගේ දකුණත්සව් ලෙස ජාතියේ මහා අභාග්‍යයට අප රට වසර එකොළහක් නායකත්වය දැරූ, මෛත්‍රිය යැයි ලියන්නට හෝ දන්නේ දැයි සැක සහිත, තමන් ඉන්නතාක් කල් දේශපාලන පළිගැනීම් වල නිරත වූ චන්ද්‍රිකාවෝ ද වීදි බැස ඇත. වමත්සව් ලෙස  පරාජය උරුම කර ගත් රනිලුන් සිටී. ඔහු කෙරේ ඇත්තේ 2002 සාම ගිවිසුම ට රැවටුණු නිසා ඇති වූ කළකිරීමක් මිස, ඔහු දෙස බැලීමට චන්ද්‍රිකාවන්ට සාපේක්ෂව පිළිකුලක් නැත. එහෙත්  මට මතක් වන්නේ සාම ගිවිසුම අත්සන් කිරීමට පිරබාහරන් නම් ත්‍රස්තවාදියා එනවායැයි   රැවටී, ඒ ත්‍රස්ත නායකයා නො ආපු කල, ජොන් වෙස්ට්බොග් අතට අත දීමට,  අතදෙද්දි, තම අත නොදීපු රනිල්ගේ මුහුණය. ඔහු හොරෙකු නොවෙන්නට පුළුවන, එහෙත් ඔහු රැවටීමට ලක් වූ බවත් ඊට සාපේක්ෂව, යුද්ධය නවත්තන්න යැයි බල කිරීමට පැමිණි විදෙස් ඇමතිවරුන් තුන්දෙනා ඇඹිලිපිටියට ගෙන්වා මිරිස් මාළු කවා යැවූ මහින්ද රාජපක්ෂ නම් බයියා ගව් ගණනක් ඉදිරියෙන් බැව් නොකියා බැරිය. දැනුමෙන් රාජපක්ෂ ට රනිලුන්ට ලං වීමට නොහැකි වීමට පුළුවන -එහෙත්  දේශපලඥ්ඥයකු ලෙස තම රට වැසියාට තඹ දොයිතුවක වැඩක් තවම වී නැති ඒ දැනුම කුමට ද ?

- මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නෝ කියනුයේ ඔහු බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් පෙනී සිටින බවත්, රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් ය. රටේ ඒකීයභාවය වෙනුවෙන් ඔහු පෙනී සිටින බැව් සැබෑ වුවද, ඔහු තම විදේශ අමාත්‍යාංශය තම ඥාති හිතමිත්‍රාදීන්ට ලාභ සංග්‍රහ ලබාදීමට ඇති තැනක් යැයි වරදවා තේරුම් ගැනීම හේතුවෙන්, තමන් පෙනී සිටිනා ඒකීයභාවය තමන් විසින්ම අවදානමට ලක් කරන්නේ ය. දළඳා මාළිඟාව ඉදිරිපිට ධාවන තරඟ පවත්වන, දි.මු, වගේ කෙනෙකුන් බුද්ධ ශාසන ඇමැති කරගෙන සිටින, සංඝ රත්න ඉදිරිපිට ගරුසරු ඇතිව බිම වාඩිවීමට නොහැකි (මොහුට අන් ආගමික ස්ථාන වලට ගිය කළ හොඳින් බිම වාඩිවීමට පුළුවන ) මොහු ශාසන චිරස්තිථිය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන්නේ නම් ඒ තරම් විහිළුවක් තවත් නැත.

- ඉතින් අපි මහින්ද රාජපක්ෂට යන්න යැයි කිව යුතුය. එහෙත් ඒ 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ අයින් කලා වගේ ය.  ඔහු අයින් කරන තැන ගනීමට ඉන්නේ අශුද්ධ සන්ධානයකි. සත්‍ය වශයෙන්ම කියතොත්, චම්පික රණවක අන් කඳවුරේ නොහිටින්න මම මහින්ද යටතේ තවත් දියවී යාමට සිත හදා ගනිමි. එහෙත් අපි අවදානමක් ගත යුතුය. ඒ නිසා ඔය කියන යහපාලනය, හෝ නීතියේ ආධිපත්‍යය හෝ, සාධාරණත්වය හෝ, ලං කර  ගැනීමට කැණහිලුන් ටිකක් සමඟ පොර බැදීමට සිදුව ඇත. ඒ කැණහිලුන් අතර සාම ජාවාරමේ සිටියවුන්ද, මාක්ස්ගෙන් අන්ධවූවන්ද, බෙදුම්වාදීන්ද, අන්ත ලිබරල් වාදින්ද, "වැරදි" කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නන්ද ඇත. ඒ නිසා මෛත්‍රි කෙරේ නැති පෞරෂයක් ආරූඪ කර, එතන නැති මිනිහෙක් මවා පාන්නට අවශ්‍ය නැත. ඔහු තාම පෞරෂය සොයන්නෙකි - මෝඩි වගේ අඳින්නේ ඒ නිසාය. කම් නැත - අප රට ජනතාව කෙතෙරම් නායකත්ව අහේනියකට පත්ව ඇත්දැයි පවසතොත්, දැන් මෛත්‍රිත් මිනිසෙකි. මට මෛත්‍රි ගැන ආරෝවක් නැත. ඒත් එතන නැති මිනිසෙකු මවන්නට යත්න දරණ අනෙකුන් ගැන නම් ඇතිවෙන්නේ කණගාටුවකි. අපි සත්‍ය ට මුහුණ දෙමු. අපි මේ තෝරා ගන්නේ දෙපැත්තේම බලවත් දෝෂ සහිත දෙදෙනෙකුගෙන් අයෙක්වය. ඒ උදෙසා අපි අපිව රවටා ගත යුතු නැත - නැති වර්ණනා කල යුතු නැත. ඉදිරියට පත් වනු ඇත්තේ සංක්‍රාන්ති සමයකි. ඒ සංක්‍රාන්ති සමයෙන් අනතුරුව අපිට වාසි සහගත තත්ත්වයක් අපි සාදා ගත යුතුය. ගමන පටන් ගත යුතුය. ඒ සඳහා මෛත්‍රිපාලත් කම් නැත - කවුරු උනාම මොකෝ... එහෙත් අවදානම ගත යුතු බව සිතමි. අවදානමක් ගන්නේ යයි ඉතා හොඳ අවධානයෙන් , නැති මිනිසෙකු මවා ගන්නේ නැතුව, ඉදිරියට ඇති අපහසු ගමන ගැන සිත යොමු කරමින් ඒ අවදානම ගත යුතුය. 

Saturday, 29 November 2014

"A Happy Man has no past, while an unhappy man has nothing else"




The Narrow Road to the Deep North - Richard Flanagan

==========================================
****1/2

(Man Booker Award Winning novel 2013 )



"A Happy Man has no past, while an unhappy man has nothing else" (From " The Narrow Road to the Deep North")




Writing an essay called "Freeing My father", for  the Sydney Morning Herald, Flanagan says that his father totally forgot  about his time as a Prisoner of War (PoW), upon his son's account of meeting and conversing with some of the men of the Japanese Imperial Army, under whom his father was a PoW, back in 1942-43, in then Siam. Flanagan Snr. was 98 at the time that his son spoke to his father's former Prison officials, and soon after, passed away towards the tail end of completion of this book. I read this essay, as is my wont, two days after reading the booking - a time during which I randomly read sections of the book, read reviews, write sentiments about the book, in a notebook I keep especially for that purpose, and meander in and out of the world of the tale. And I thought that this is a book, worthy of a meandering.





The author says that he wanted his book to be based on a romance, ever though although very much a war tale. The Romance is there for all to see - the protagonist's  affair with his uncles' young wife. It is a tale of interest and has significance within the novel - yet, the romance  ended up in the periphery of the novel. It is in the periphery, along with most of Dorrigo Evans' (the protagonist) pre-war life, and his post-war life. True that his war time experience made him the man he was, a war hero, a famous surgeon, a public figure and an uninterested, cheating husband and an almost a passive father - ( until a moment arises in which, he is to prove himself in the face of a life threatening incident to  his family. And for a second time, cometh the hour, and rises the man! ) This then, this rising to be a man beyond his own expectations is the part that  captured my interest most about this novel, most. The Protagonist is a man with many failings, but all throughout, "the big fella",  the leader  to a thousand Australian prisoners of war slaving in the "death railway" in Siam, he rises above his usual self, just as the men around him expect it of  him. This then, is a leader born at the moment. In everyday life he had no place for virtue. "Virtue was vanity dressed up and waiting for applause", believed Evans. "... Dorrigo Evans understood himself as a weak man who was entitled to nothing, a weak man whom the thousand were forming into the shape of their expectations of him as a strong man. It defied sense. They were captives of the Japanese and he was the prisoner of their hope."(excerpt)  It is this expectation, which he tried to fulfill during that period, from April 1942 to September 1943, in a stretch building the Burmese death Railway under the Japanese Imperial Army. They had to do this under minimum tools, no medication, torrential rains, starvation and all sorts of diseases - malaria, dengue, dysentery, topical ulcers and the dreaded cholera. The horror that this combination brings about is absolutely harrowing.
"The Horror! The Horror!" - this is the weak whisper that Marlow hears as Kurtz dies, in Conrad's seminal work, "heart of darkness". However much a great read "heart of darkness" was, I always felt that Conrad did not sufficiently capture this horror, that he hinted of. In contrast, it is  horror that defines this novel. Hence my argument that the romance is just in the borders.
Following is an excerpt of Dorrigo Evans operating on Jack Rainbow, whose leg has already been amputated twice.
"There was noise from the general hospital huts but it was almost immediately drowned out by jack's screaming as Dorrigo Evans began cutting away his leg stump. The stench of the dead flesh was so powerful it was all he could do not to vomit......

 But there was really no leg left to get, only a weirdly moving and bloody thing that seemed just want to be left alone. The tiny piece of thigh that remained was now so slippery with blood that it was very difficult to work on....

With each galvanic jolt blood was spewing out in a small fountain. It was as if Jack Rainbow's body were willingly pumping itself dry. Dorrigo Evans was trying to stitch as far up the artery as he could go, the blood was still galloping out, Squizzy Taylor was unable to staunch the flow, blood was everywhere, he was desperately trying to think of something that might buy some time but there was nothing. He was stitching, the blood was pumping, there was no light, the stitches kept ripping, nothing held.
Push harder, he was yelling to Squizzy Taylor. Stop the f...ing flow.
But no matter how hard Squizzy Taylor pushed, still the blood kept surging, spilling over Dorrigo Evans' hand and arm, running down into the Asian mud and the Asian morass that they could not escape, that Asian hell that was dragging them all ever closer to itself."
This, in a makeshift thatched hut functioning as  the operating theater, with a kitchen saw as the cutting tool, and a soup ladle forced upon the femoral artery to stop the blood flow!
Then there was the Benjo! "... the benjo was a trench twenty yards long and two and a half yards deep, over which the men precariously squatted on slimy bamboo planking to relieve themselves. The bobbing excrement below was covered with writhing maggots-like desiccated coconut on lamingtons, as Chum Fahey said. It was a vile horror. When the prisoners competed in devising ways of doing in their most hated guard, they joked of one day drowning the Goanna in the benjo. Even for them, a more terrible death was hard to conceive." It is in this hell that Darky Gardiner, hinted as the illegitimate son of Dorrigo's brother, Tom (he gets to know of it only upon his return  drowns in, trying to relieve himself after a beating that lasted for many  hours. (He is beaten because some of the men  in his work group had  absconded work, and he was in charge of the work group that day.)
" THEY FOUND HIM late that night. He was floating head-down in the benjo, the long, deep trench of rain-churned shit that served as the communal toilet. Somehow he had dragged himself there from the hospital, where they had carried his broken body when the beating had finally ended. It was presumed that, on squatting, he had lost his balance and toppled in. With no strength to pull himself out, he had drowned....
Oh, you f...ing stupid bastard, Darky. Couldn't you just have shat yourself on the bunk like every other dopey bugger? Couldn't you just have folded their f...ing blanket the right way out?
As they raised Darky Gardiner's body, Jimmy Bigelow glimpsed it by the light of the kerosene lantern. Coated in maggots, it was something so oddly bruised, crushed, filthy, so dirty and broken, that for a moment he thought it could not be him."
By the way, relieving themselves where they were was acceptable, in this dysentery infested, cholera weakened prisoner camp, as can be understood by Jimmy's lamentations against his deceased colleague. This then is a glimpse to the unfathomable horror enclosed within these pages. But then, it is not my objective to portray the Japanese as evil, in a literal sense. Thus I continue.
Major Nakamura is the commanding officer from JIA, and this is what he has to say in one of his exchanges with Dorrigo, via a translator. Further it can be easily understood that it is this Nakamura, albeit with a different name that the author met in his trip to Japan, in the essay which I referred to, at the beginning.

"It is true this war is cruel, Lieutenant Fukuhara translated. What war is not? But war is human beings. War what we are. War what we do. Railway might kill human beings, but I do not make human beings. I make railway. Progress does not demand freedom. Progress has no need of freedom. Major Nakamura, he say progress can arise for other reasons. You, doctor, call it non-freedom. We call it spirit, nation, Emperor. You, doctor, call it cruelty. We call it destiny."

It is clear that the JIA had an embodiment of the concept of Japan, the Emperor, and the Japanese spirit and even their own death against this belief is not too great a price. So much so they literally treat prisoners of war as being less than human, since they surrendered (against killing themselves). In Nakamura's own mind he is a good man, for he felt the pain as Darky Gardiner was beaten out of sense, as a result of his order for  punishment,  but  he sees no alternative . Either he has to deliver the railway, or kill himself in shame. This is the same man, who abstains from even killing a mosquito, later in life, now settled with a wife and kids. I felt that war is unfathomable. The horror of war is something that arises out of the conditions, circumstances and higher orders that make the "men in the field" act in a particular manner.  For those who are involved in the very midst of it, at that precise moment, they believe that they are doing the best they could. Nakamura firmly believed in it, in his circumstances. Dorrigo Evans firmly believed it given his circumstances. And I honestly feel that people who decide and judge these men who were made to war, a war fed, groomed and declared by those who are never on the battle field, are much worse than those men who had the heat of the war in their hands, which largely forced them act in the way they did.  For it is these men, who are miles away from the horror and the filth of war, but are the very ones to declare the next war. Then how much credibility can their judgment on who is a war criminal and who is not, carry ?  I can't help, but be reminded of Bob Dylan's words....

Come you masters of war
You that build all the guns
You that build the death planes
You that build all the bombs
You that hide behind walls
You that hide behind desks
I just want you to know
I can see through your masks.

You fasten all the triggers
For the others to fire
Then you set back and watch
When the death count gets higher
You hide in your mansion'

In this novel, we have a Korean guard of the prisoners, who had joined the Japanese army solely due to the stipend of 50 yen, and whatever actions he carried out were are under the orders of his superior, Maj. Nakamura. He is given the death sentence by an Australian Court after Japanese surrender, and until his death he cannot think of anything else, but the 50 yen, the promised stipend which he is yet to receive. It is at the trial that he understands the Geneva convention, the chain of command and the military structure of the Japanese - this then is a so called "war criminal" who pays the ultimate price for his "atrocities", undoubtedly in which he part took in. Yet, Maj, Nakamura, having gone to the Japanese mainland, forges a new identity and lies low until the anti-Japanese mood changes sufficiently. When it does change, the Americans are now friends with Japanese, and have adopted the philosophy of "let bygones be bygones" and that of "forgiving and forgetting", for most diabolical of reasons. In an exchange many years after the war, between Nakamura and another doctor who part took in the war, Sato, we are told that: " Mr. Naito was one of the leaders of our very best scientists in similar work there. Vivisection. And many other things. Testing biological weapons on prisoners. Anthrax. Bubonic plague, too, I am told. Testing flamethrowers and grenades on prisoners. It was a large operation with support at the highest levels. Today Mr. Naito is a well-respected figure. And why? Because neither our government nor the Americans want to dig up the past. The Americans are interested in our biological warfare work; it helps them prepare for war against the Soviets. We tested these weapons on the Chinese; they want to use them on the Koreans. I mean, you got hanged if you were unlucky or unimportant. Or Korean. But the Americans want to do business now."
Here we see, what a farce the whole thing is, and it is the misguided, the gullible, those with their own political objectives and of course those out with a vendetta who seek redress through trials, in a post war environment. For almost always, the true guilty can never be judged, in a post war environment. For one thing the question remains as to who the true guilty is, and for another the judges try to judge the happenings on a battlefield that is almost beyond comprehension, for those who took no part in it. In this respect, other than attempting to avoid war by all possible means, seeking justice in a post-war environment appears largely, to do a second wrong in a futile effort to put right what could've been an initial wrong.