Thursday, 9 July 2020

වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි

ප්‍රංශ පෙම්වතා සහ ඇමෙරිකා කියවීමෙන් අනතුරුව මට මේ ලේඛිකාව ගේ සාහිත්‍ය ලේඛන්‍ය පිළිබඳ යම් විශ්වාසයක් ඇති විය. ස්වර්ණ පුස්තක අවසන් වටයට සහ ගොඩගේ (දීර්ඝ ලයිස්තු) සම්මානයට නිර්දේශ වූ වීනස් ගේ උපත කියවීමට මා සිතා ගත්තේ, එම නිර්දේශනයනට අමතරව, ඈ කෙරෙහි ඇති මේ විශ්වාසයයි. 2018 ප්‍රකාශ වූ ම කියවීමට තෝරා ගත් කෘති ගොන්න අතරට මෙය එකොළොස් වැන්නයි - (මුළු නවකතා සංඛ්‍යාව 12 කි).

තෙවෙනි වතාවට ත්, ශමෙල් පාඨක අප, ඇය කියවීමට යොදා ගත් කාලය ට වටිනාකමක් දී ඇත. වර්තමාන ලේඛිකාවන් අතර, නවකතාවක චරිත  වෙත ගැඹුරින් ඉදිරිපත් බලනා ලේඛිකාවක් ලෙස මා ඇගේ නිර්මාණ කියවීමට කැමතිය. මෙහි එන සංඛ වේවා, මුතුමිණි වේවා, අයියලා දෙදෙනා වේවා, නදීරා වේවා, හරේන්ද්‍ර වේවා, අම්මා-තාත්තා වේවා - මේ සියළු චරිතකතාව කියවාගෙන ඉදිරියට යාමේදී, පාඨකයා ගේ ස්වභාවය සහ රුචි-අරුචිකම් අනුව "දැන හඳුනන" චරිත බවට පත් වේ. 

වීනස් ඇත්තෙන්ම සංඛ ගේ පවුලේ සියළු පිරිමින් ට, තමන් ව සොයා ගැනීමට, ඔවුන් මුහුකුරා ගොස් ඔවුන් ට ලඟා කර ගත හැකි උපරිම දේ ලබා ගැනීමට, පළ දරන්න ට දෙව්දුවක් මෙන් උපකාර කලා ය. සාර්ථක, සම්මත ජීවිත රාමුව තුල සිර වී සිටි සංඛ ට ද තමන් ව අඳුනා ගැනීම ට ඇය උදවු නොකලේ ද ?
"...ආදරය යනු වෙන කිසිවක් නොව, අපේ ජීවිතයේ නොමැකෙන මං සලකුණුය. ආදරය ජීවිතය වෙනස් මගකට හරවන්නේය; ඒ මාවත්වල අපට යන්නට බල කරන්නේය."( 296 පිටුව)

නවකතාමය තේමාව සැලකුවහොත්, කතුවරිය ජීවිතය යන දේ ගැන පිළිබඳ නැවත බැලිමට අපෙන් ඉල්ලා සිටියි. වඩාත් "ජිවත් වී ඇත්තේ" උගත් සංඛ ද, නැතහොත් යම් "වැරදි මග" නැතහොත් "අයාළේ" ගිය ඔහු ගේ සොයුරන් ද ? මිණිමුතු පවා ඇයට අවශ්‍ය මග යාමට කුමන බාධා මධ්‍යයේ හෝ අදිටන් කරගෙන සිටියා ය.

තැනින් තැනේ කියමනකින් මේ ජීවිතය ගැන ඉඟි කරනා ගැඹුර ගම්‍ය කරයි:
"ඊට වඩා හොඳ නැද්ද මිණිමුතුට එයාගේ පාඩුවේ ඉන්න ඉඩ දීලා එයාව බැන්දා කියලා උඹේ හිත සනසගන්න එක...", (313 පිටුව )
හරේන්ද්‍ර ගේ කියමන එවැන්නකි. 

"මම අහන්නේ ඔයාගේ රස්සාව නෙමෙයි. ඔයා ජීවත් වෙන්න සල්ලි හම්බ කරන එක ගැන නෙමෙයි. ඔයාගේ ආසාව ගැන.. ඔයාගේ ආත්මය සතුටු කරගන්න ඔයා කරන දේ ගැන."
( 27 පිටුව )

සොයුරන් තිදෙනා අතරින් වඩාත් ම "පීල්ලේ" ගියේ,  නැතිනම් සම්මතයේ සිටියේ සංඛ ය. ඒත් නවකතාව සමාප්ත වන විට වඩාත් පසුතැවීම් ඇත්තේ ද ඔහු ට ය. ඔහුගේ සොයුරන් ට හෝ, මිණිමුතු ට හෝ එවන් පසුතැවීම් නැත - නැතහොත් ඔවුන්ගේ සිත් ඔවුනට පසුතැවීමට ඉඩක් දෙන්නේ නැත. පසුතැවීම ම යනු අයෙකු සවිඥාණික තීරණයක් පමණක් ද ?  ජීවිතයේ වැරදි සිදුවීම් යනු ජීවත්වීමේ දී පසුකිරීමට සිදු වූ යම් අවදි ද ?  ඒවා පසු නොකලේ නම් ජීවිතයේ යම් අඩුවක් ඇති වේ ද? තැනෙක මිණිමුතු මෙසේ කියයි.
"මම මැරෙන දවසක ආපස්ස හැරිලා මට කියන්න ඕනැ මම ඉපදුණා.. මම කැමති දේ කළා.. ඉතින් එච්චරයි කියලා..".. "ජීවිතෙන් තවත් දේවල් බලාපොරොත්තු වෙන එකේ තේරුමක් තියෙනවා කියලා ඔයා හිතනවද ?" (297 පිටුව )
සංඛ පසුතැවෙන්නේ ද ? නැතහොත් අවසන ඔහුට එම පසුතැවීම යම් තාක් දුරකට නිවැරදි කරගනී ද ? සංඛ පළමුව සිය අම්මා ගේ සැලසුම් සහගත චෙස් ක්‍රිඩාවට ඉඩ දී බලා සිටියි. නදිරා ට තිරණයක් ගන්න ට බලා දී කල් අරියි. මිණිමුතු විෂයෙහි පවා ඔහු ගේ ඉවසීම තේරුම් ගන්න වන්නේ "සුදුසු කල් දක්වා" කල් මැරීමක් ලෙස නොවේ ද? ඔහු දන්නේ ම නැතුව ඔහුගේ තරුණ වියේ සැලකිය යුතු කොටසක් අහිමි කරගන්නේ මේ නිසා නොවේ ද?

මෙම නවකතාවත් සමඟ, තුන්වෙනි වතාවට ත් ශමෙල් ජීවිතය යන්න කුමක් ද යන්න සිතන්න ට අප ව යොමු කොට ඇත. මේ යන විදිහට මට මගැරුණු ඇගේ මුලි

අවිවාදයෙන් ම "වීනස්ගේ උපත" 2018 වසරේ ප්‍රකාශ වූ සාර්ථකම නවකතා 3-4 අතර තිබිය යුතුය. 2019 වසරේ ප්‍රකාශ වූ ඇගේ නවකතාව ද කියවීම ට ද කැමැත්තෙන් බලාපොරොත්තු වෙමි.
න් ප්‍රකාශ වූ පොතක් දෙකක් ද කියවන දවසක් ළඟදීම උදා විය හැකිය.

No comments:

Post a Comment