2018 හොඳම කෙටි කතාවට හිමි ගොඩගේ සම්මානය දිනා ගත්, රජත පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය හොඳම කෙටිකතාව සම්මානය උදෙසා අවසන් වටයට නිර්දේශ වූ, ප්‍රවීණ කතුවර ලියනගේ අමරකීර්ති ගේ "අළු පැහැති ආරංචි" කෘතිය කියවීමි. ඒ 2017 ප්‍රකාශ වූ කෙටි කතා කියවීමේ මගේ තැතේ හත්වැන්න ලෙස ය.
කෙටි කතා හතකින් සපිරිය. ඒ ඒ කේ කතාව ගැන මට සිතෙන දෑ මෙසේ ය.
කවියෙකු සොයා: මෙය රසවත් සහ සංවේදි වනුයේ කතාවේ අග, මෙහි එන ස්ත්‍රිය මුහුණ දී ඇති දුක් කම්කටොළු ගැන කියවෙන කොටස් සහ ඒ අනුව ඇය කවියාට සලකන අයුරේ ය. එහෙත් එතනට ඒම ට කතුවරයා ගොඩනැඟූ ආඛ්යානය මා සිත් ගත්තේ නැත. "කවියාගේ" සැබෑ තත්ත්වය ඔහුගේ දෙවෙනි පැමිණීමත් සමඟ පැහැදිලිය; එය මහාචාර්‍යවරයා ට නොතේරීම කතාවේ විශ්වාසනීයත්වයට බාධාවකි. ඊට අමතරව X-කණ්ඩායම ඉලක්ක කල "ටොක්කත්", මහාචාර්‍යවරයාගේ මධ්‍යම පාංතික සිතීමේ රටාවත් මා සිත් ගත්තේ නැත.
එකම පුතා: ඩොලර් කුට්ටි ලබා ගැනීමේ සැබෑ තත්ත්වය ත්, දේශානුරාගයත් ප්‍රශ්ණ කරමින්, ඊට ඊළඟ පරම්පරාව ගෙවන ඉහළ මිලත්, අප රටේ සැලකිය යුතු කොටසක් ජාතිමාමකත්වය ප්‍රශ්ණ නොකරමින් භාර ගැනීමත් අමුද්‍රව්‍ය ලෙස භාවිත කොට තැනූ සිතීමට යමක් ඉතිරි කරන කෙටි කතාවකි. මෙහි එන මන්ද මානසික දරුවාගේ චරිතය ඉතා තාත්වික ලෙස ගොඩනංවා ඇත්තේ, ඔහු හරහා යම් සංකල්ප ප්‍රශ්ණ කරලීමට රූපක භාවිත කරමිනි.
සෝ බර සමය : මේ එකතුවේ මා වඩාත් සිත් ගත් කෙටිකතාවයි. මා අදටත් වඩා ප්‍රිය කරන "අටවක පුත්තු" ලියූ අමරකීර්ති මෙහි හමු වන්නා සේය ( මෙය කාලයකට පෙර ලියූ කතාවකැයි මට සිතේ - නැතහොත් වස්තුබීජය පැරණි විය යුතුය ). තරුණ ගුරුවරියක් කෙරෙහි ගැටව් තුල පහළ විය හැකි සිතුවිලි ත්, ගුරුවරියකගේ සිතක දුබල සිතුවිලි තාවකාලිකව හෝ ක්‍රියාකාරි විය හැකි අපූරත්වයත් පෙන්නුම් කරනා අපූරු නිර්මාණයකි.
ඉඩි අමීන් සහ වැලිමඩ සමන්: මෙය ඇත්තෙන් ම අටවක පුත්තු හි අතුරු කතාවක් තරමට ඒ කාලයට ත් තේමාටවත් ගැලපෙන රසවත් ය. 89 හා ආශ්‍රිත වකවානුවේ සිද්ධියට අමතරව කතුවරයා ගම වනා ඇති අපූරුව සිත් ගනී.
"පිහිඹියාව කියන්නෙ දවාලක බැලුවොත් ඇස් අන්ධකාර කරන කර්කෂ අව්වක් වැටිලා කොළපාට තැන්වලින් පවා මිරිඟුව මතු කරාන ගමක්. ලොකු ගමක්. අහස් වතුරෙන් කුඹුරු කරන. මිරිස්, වැටකොළු, බණ්ඩක්කා, වම්බටු, තිබ්බටු, කැකිරි, වට්ටක්කා වගේ වියළි කලාපෙ වියලි එළවළු වැවෙන ගමක්... අන්න ඒ වගේම තමයි හතරෙන් විතර පස්සෙ ආයෙ පහුවදා ඉර නගින කල්ම පුදුම ලස්සනක් අපේ ගම. ගම දෙපැත්තෙම වැව් දෙකක්. කෙළවරක් කියන්න බරි වෙල් යායක් තියෙන හින්ද හැන්දැඇවට හමන සුළඟ පුදුම සිසිලක්." (84 පිටුව )
දෙවෙනි රංගය: මෙම සංග්‍රහයේ කතා රසවත් මුත්, වෙසෙස් වූ නව ඉසව් වෙත කතුවරයාගේ අවධානය යොමු වුවා මද යැයි සිතුණි. එවන් සිතුවිල්ලක් තාවකාලික ව හෝ ප්‍රශ්ණ කරන ආරේ, අලුත් මාතෘකාවක් වෙත එබිකං කරන, රසවත් කතාවකි මෙය. ස්ථූලත්වය තුල සුන්දරත්වයක් නැති ද ? පිරිමියෙකුට ස්ථූල කතක් හා පෙමින් වෙළිය නොහැකි ද ? මෙහි එන ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයා මේ කාරණා ගැන සිතත් ම, ඒ ඔස්සේ දායාද කරන නිර්මාණය අප ජනප්‍රිය රසිකත්වය විසින් පිළිගන්නා අයුරු පිළිබඳ අපූරු කියවීමකි මෙය. මට මේ නිර්මාණය තුල ඉලයප්-ආරච්චි සිදු කරතැයි සිතිය හැකි ආරේ විකල්ප සිතුවිලි ඔස්සේ කතා ගෙතීමක නැඹුරුවක් දැක ගත හැකි විය.
අළු පැහැති ආරංචි: මේ කෙටි කතාව ඔස්සේ අප රට බහුල "ඔහේ ඇදී යන", "පතෝල-වැටකොළු" ආරේ පවුල් සහ ඔවුන් ට වරෙක පිටස්තර උත්තේජනයක් ඇවැසි වීමේ සත්‍යතාව ගැනත් කතා කරයි. අසපු ගැනත්, පෙර කී පවුල් රටාව දරුවන් එවන් අසපු වලට තල්ලු කරලීමට උඩගෙඩි දෙන්නක්,
හදවත සිඳුණු තැන: මෙහි එන එක්තරා ක්‍රිකට් පුහුණුකරුවෙකු ඉලක්ක කර ඇති ටොක්ක මා සිත් නොගත්තේ, යමක් වඩා සියුම් ව කීමට අවකාශ ඇති නිසා ය. ඊට පසුබිම් වන අසත්‍ය වීමට වැඩි ඉඩක් ඇති කුණු කතා වලට නව පණක් ලැබිය හැකි බැවිනි. පසුව කෙටි කතාව වැඩෙත් ම තාප්ප ඉහළ යාමත් සමඟ අවට පරිසරයෙන් ඈත් වීමත්, නිවැසියන් ට ඔවුනොවුන් අතර රහස් ද වැඩි වන බව පෙන්වා ඇති අයුරෙහි යම් නිර්මාණත්වයක් ද කලාත්මකබවක් ද ඇත.
සමස්ත ලෙස කෙටි කතා හතින් හයක් ම පාහේ රසවත් ය.එම නිසා සංඝතව රසාස්වාදයක් ම ගෙන දෙන සංග්‍රහයකි. එනමුදු, මින් විශ්මයක්, කම්පනයක් ලද්දේ නම් ඒ මද වශයෙනි. අමරකීර්ති ආදර්ශය රැගත් සංග්‍රහය තැනෙක දෙකක අලුත් ඉසව් වලට එබිකම් කර ඇති බවකි මට හැඟුණේ. එනමුදු දැනට කියවූ සංග්‍රහයන්ගෙන් මෙයත් ඉලයප්ආරච්චිගේ "ලේ විල සහ ඩාන්ටේ" ත් මා වඩාත් රස වින්දේය ( එරික් ගෙන ආ විචත්‍රත්වය, හා තැනෙක විස්මය, එය මට මෙය අභිබවා තිබෙන කෘතියක් බවට පත් කරයි )

No comments:
Post a Comment