වසර 1993 දී, ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් නිශ්ශංක විජේමාන්න ගේ "තිත්ත සීනි" කෙටි කථා සංග්‍රහය, 1998දී මුද්‍රණාද්වරයෙන් එළිය ඇත. 2006 දී විදර්ශන ප්‍රකාශයක් ලෙස එළිය දුටු ඒ කෙටි කථා සංග්‍රහය, එහි අධිපති ජනක ඉණිමංකඩයන්ගේ පරිත්‍යාගශීලිත්වය හේතුවෙන් මා අතට පත් වූයේ පසුගිය මැදින් මාසයේ ය. ලේඛකයාගේ සියළු කෙටිකථා නැවත මුල සිට අගට කියවීමේ ව්‍යායාමයේ ආරම්භක අවස්ථාව ලෙස මෙම සංග්‍රහය පසුගිය දිනෙක කියවා හමාර කලෙමි.
කෙටි කථා අටකින් සපිරි මේ සංග්‍රහය, ලේඛකයාගේ ප්‍රථිභාව ගැන පාඨක අපට බලාපොරොත්තු තබා ගත හැකි බැව් පසක් කරයි. පිටු සැත්තෑ හතරක ට සීමිත මෙහි කෙටි කථා වල සංක්ෂිප්ත ආරක් ඇත.
සංක්ෂිප්ත කෙටි කථාවකින් බලාපොරොත්තු විය හැකි පරිදි, යම් මනෝ භාවයක් මගින් පාඨකයා තුල කම්පනයක් ඇති කිරීමත්, ඔහු ව සිතුවිල්ලක නිමග්න කිරීමත් යන දෙකම හෝ ඉන් එකක් හෝ, මත කෙටි කථාවේ සාර්ථකත්වය මැනීමේ එතරම් දොසක් නැතැයි සිතමි.
එසේ සලකන කල, මෙහි පළමු කෙටි කථාව වන "කෑම පැය" ඉතා සාර්ථක එකක් ලෙස සිතුණි. යම් අසරණත්වයකට පත් කාන්තාවක්, ඒ අසරණත්වය නිසා ම නොවූ මුත්, පෘථග්ජන හැඟීම් හමුවේ දැඩි ස්ථාවරයක සිට මෙලෙක් වන අයුරු, ඇගේ සිතුවිලි ඔස්සේ ඉදිරිපත් කිරීමට යත්න දැරූ සාර්ථක උත්සාහයක් ලෙස දකිමි.
තිත්ත සීනී කෙටි කථාව ද මෙලෙස මා තුල කම්පනයක් ඇති කල, සිතුවිලි වල අතරමං කල කෙටි කථාවකි. කෙටි කථාවේ තිත්ත සීනී කැවුණේ ඇත්තෙන්ම සියදෝරිස් ට නොවේ ද ? මධුමේහය පෙරේරා ට වැළඳි තිබුනා ට, ඔහු වැළඳුවේ පැණිරසක් පමණක් නොවේ ද ?
කතුවරයාගේ පසුබිම මත යම් උපකල්පනයක් කරන්නේ නම්, පරිසරයට, ගහට කොළට, සතා සීපවට ආදරය කරනා මිනිසුන් ඔහු ට අමුත්තන් විය නොහැක. ඉතින් අපිට එවන් සංවේදි මිනිසුන් දෙපොළක් මේ කථා වලදී ද හමු වේ. "ගස්" කෙටි කථාවේ ප්‍රධාන චරිතය සියඹලාවේ ගුණපාල එවන් චරිතයකි. පිටු හතකට සීමිත මේ කෙටි කථාවෙන් ගුණපාල කැළයට ඇති බැඳීම ගැන අපව කම්පනයට පත් කරනු විනා, කැළෑ කපන මුදලාලි හෝ මිනීමරුවා හෝ චරිත ලෙස අප දකින්නේ අසම්පූර්ණව ය. ඒ කතුවරයා ගේ අරමුණ වෙනකක් ම නිසා විය යුතුය.
"කුරුලු බාස්" අපට හමු වන අනෙක් එවන් චරිතයයි. ඔහු ගේ ඉරණම ඊට වඩා බොහෝ සතුටුදායකය. එහි එන කුරුලුබාස් චරිතයේ වචන උච්චාරණය මගින්, මෙම චරිතයේ සාමාන්‍ය මනුස්වාසයෙන් තරමක් දුරස්ථ බවක් ඉඟි කරයි.
"අල්ලලා මුනා කරනවා.";"ඉතිං උඹ මුනා කරනවා!"
අසිංහල චරිතයක් (මුසල්මානු ) සහ තමන් වැඩ ගන්නා ගවයා අතර බැඳීමක් ඇතිවීම, අප ට නැවුම් අත්දැකීමකි (මස් කරත්තය දැක්කූ මිනිසා). ගවයා ට නුදුරු අනාගතයේ අත්වෙන ඉරණම මගින් ජෙලාබ්දීන් සිතන්නට යොමු කොට, ඉතා කෙටි කලක් තුල ඔහු හා එම සතා අතර අපූරු බැඳියාවක් සදනා අයුරු එම කෙටි කෙථාව කියා පායි.
පිං ගෙවී යන දිව්‍යපුත්‍රයෙකු අළලා නිර්මාණය වූ "දෙවියන්ගේ සැන්දෑව", වෙනස් ආරක කෙටිකථාවක් නිර්මාණයෙහි ලා අරමුණෙන් යෙදුණු නිර්භීත ව්‍යායාමයකි. එය පුරා පාඨකයා රඳවා ගැනීම ට සමත් අයුරකින් එය රචනා වී ඇද්දැයි යන්න සැක සහිත වුව ද, අගය කල යුතු ව්‍යායාමයක් ලෙස දකිමි.
මෙහි එන අවසන් කෙටිකථා දෙක, "දෙවෙනි බිරිඳ" සහ "සිරකාරිය" ය. ඒ දෙක මෙහි එන ඉහළත ම තලයේ නිර්මාණ නොවන බව සිතේ. මින් පළමුවැන්න හස්තියාගේ මද කිපීම සහ මිනිසා ගේ හැඟීම් අතර සබඳතාවක් ගොඩ නැගීමට යත්න දැරුව ද, එය එතරම්ම සාර්ථක දැයි යන්න සැක සහිතය. ඊට සාපේක්ෂව සිරකාරිය කථා රසයෙන් අනූනමුත්, එහි එතරම් නැවුම් බවක් අත් නොවින්දෙමි.
කතුවරයාගේ අවසන ට කියූ කෙටි කථා සංග්‍රහය "මුවා මැරූ සලමන්" හා සසඳද්දි, ලේඛකයා බොහෝ දුරක විත් ඇති බැව් පැහැදිලිය. එහෙත් මුවා මැරූ සලමන් හි එන විශිෂ්ඨ නිර්මාණ වලට පාදක වූ ඒ නිර්මාණ කෞශල්‍යයේ බීජ අවස්ථා මෙහි ඉව කල හැකි යැයි සිතමි.
ලේඛකයා හැදෑරීමේ මේ ප්‍රයත්නයේ මීළඟ පියවර ලෙස "දළරෙදි සහ කසීසළු" තව නොබෝ කලකින් කියවීමට බලාපොරොත්තු වෙමි.

No comments:
Post a Comment