දූල-දූලාය පටන්, කන්දක් සේ මා - අත අත නෑර ඔස්සේ, තුරු සමුදා තෙක් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය, සිය සෑම කෘතියකට ම මීට පෙර සාක්ච්ඡාවට බඳුන් නොවූ විෂයක් වස්තු බීජ කරගනිමින්, තම නවකථා ගෙත්තම නිමැවුමට යත්න දරන්නා සේ ය. එම ප්‍රයත්නයන්හී ධනාත්මක ලක්ෂණ ඍණාත්මක ලක්ෂණ අභිබවා ඇති සෙයකි, මට නම් හැඟෙන්නේ. ඇය ගිය වසේ ප්‍රකාශ කිරීමට යෙදුණු, සහ ස්වර්ණ පුස්තක සහ විදුදය සම්මාන උදෙසා අවසන් වටයට ඒමට සමත් වූ තරු සමුදා ද පුළුල් වශයෙන් ඇගේ මේ අරමුණේ සිට, මීට පෙර සාකඡ්චාවට බඳුන් නොවූ, මේ ගැන ලියවී තිබුනා නම්, වැඩි පාඨක අවදානයකට යොමු නොවූ ඉසව්වක් ඔස්සේ නිර්මාණය වූවකි.
මාතෘකාව නම් අප රට ප්‍රසංගීක නාට්‍ය කණ්ඩායම් ඔස්සේ සිදුවන නාට්‍ය කලාව, අප රට පාරම්පරික නැටුම් කලාව සහ වෙළඳපොළ ආර්ථිකය මත, මේ දෙක පෑහෙන්නේ-නොපෑහෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවය. ශාස්ත්‍රීය අංශය විසින් නවකථාවේ රිද්මය අදාළ නොවන ලෙසින් ද, එහෙත් ශාස්ත්‍රීය අංශය අත හැරීම මඟින් නවකථාවේ විශ්වාසනීයත්වය ට පළුදු වීමේ අවදානම මගහරිමින් ද, මේ දෙක සමබර කරගෙන ලිවිමට ගොස් නවකථාවේ වේගය ට හානියක් නොවෙනාකාරයෙන් ද, කෘතිය ඕනෑවට වඩා දිගු කරන්නේ ද නැතුව, ලේඛිකාව මේ සිදු කොට ඇත්තේ අතුරේ යනවා වගේ වැඩක් යැයි මට සිතේ. කිම ද මෙය ලිවීමට පහසු නවකථාවක් යැයි මට නම් සිතුනේ නැත. කියවීමට විශේෂ අපහසුවක් නොමැතිව, මේ විෂය ඔස්සේ නවකථාවක් ලිවීම එතරම්ම පහසු කාර්‍යයක් විය නොහැක.
වන්‍යා උණන්තැන්නගේ ධෛර්‍යය, අන් අය තම අරමුණු උදෙසා භාවිත කල හැකි අපූරු හැකියාව, කඩඇණයක් ලෙස සියල්ල දරා සිටීමේ හැකියාව සමඟ වෙළඳ වාසිය උදෙසා යම් යම් සදාචාරයන් තඹ දොයිතුවකට මායිම් නොකරන ස්වභාවය ආදිය විදහා දක්වමින් කතුවරිය එම චරිතයට සාධරණයක් ඉටු කොට ඇත. මෑතක කියවූ "බණ්ඩාර මැරූ උන්"හි අපට හමුවුණු තේණි වරෙක සිහි ගැන්වුව ද, තේණි ඉක්මවා, වන්නා පරිපූර්ණව අපට දිස්වන්නේ, එම කෘතිය වඩා වැඩි චරිත සංඛ්‍යාවකින් පෝෂිත වීමත්,තරු සමුදා ප්‍රධාන චරිත දෙක වන සුන්දර හා වන්නා අතර ගොඩ නැඟෙන නිසාත් විය යුතුය. මෙම නවකථාවේ මා සිත් ගත්තේ සියුම් කරුණු කාරණා ය. "මතක තියාගනින් වෙලාවකට මේ මනුස්සයාට අම්මා කියන්න මගෙත් දිව නැමෙනවා" (239 පිටුව, සුන්දර, තම දියණිය ට බිණිමින ), එවන් එක් ස්ථානයකි. සුන්දර හා වන්නා අතර යම් මතභේද තිබුන ද, වන්නා ගෙන් සිදු වූ කාර්යභාරයේ තරම ඉතා මැනවින් ඒත්තු ගැන්වෙන අවස්ථාවක් ලෙස මෙය දකිමි. එසේ කියන සුන්දර ම, තම කෘතියේ කර්තෘත්වය පිළිබඳ ගැටළුවත්, ඊට වන්නා ප්‍රතිචාර දක්වන අයුරුත් පිළිබඳ කළකිරෙන ආකාරයත් මඟින් වන්නා ගේ සුදු-කළු දෙපැත්ත පෙන්වීම ට ලේඛිකාව සමත්වී ඇත.
මීට වඩා සමාජ කාරණාවක් මතු කිරීමට මේ අවස්ථාව යොදා ගනිමි. ඊට ද වන්‍යා සහ තේනි දෙපළ භාවිත කරමි. මේ අප ජීවත් වන්නේ වෙළඳපොළ යුගයක ය. ඒ වෙළඳපොළ යුගයේ එක්කෝ විකිණිය යුතුය - නැතහොත් විකිණෙන්න ඕනෑ ය. අප සාහිත්‍ය කරුවන් (මේ අවස්ථාවේදී තෝරදෙනිය සහ රාහුබද්ධ - ගිය වසරේ අමරකීර්ති ), මේ කාල වකවාණුවේ දි මේ කාරණාව ඉස්මතු කිරීම ඉතාම උචිත ය. මේ වෙළඳපොළ මඟින්, කැලේ හැංගිලා මිය යාමට නියම වූ ගිරිදේව ලා, කිවිඳා ලා පුළුල් සමාජයට දායාද කර දෙයි. ඒ වාගේම කුරුලු වගේ මිනිසුන්ට සමාජයේ තැනක් ලබා ගැනීමට යම් විවරයක් මතු කර දෙයි. එහෙත් අවසානයේ දි මේ සියළු දෙනා ට තමන් ව ම නැති වීමේ දැඩි අවදානමක් ඇති බව පසක් වෙයි. එක් අන්තයක දී කැළෑ මල් ලෙස කැළෑවේ ම ඉපි ද, ඒ අවට සුවඳ හමමින් වර්ණවත් කරමින් එහි ම මිය යාම උරුම කර ගනි. අනෙක් අන්තයේ දී යම් අලුත් දෙයක් නිර්මාණය කොට කෙටි කලකින් තමන ට තමන් ව ම නැති කර ගනී. නිෂ්පාදානය දිනෙන් දින වැඩි වීම මත, ක්‍රියාත්මක න්‍යායක් උඩ දිවෙන පද්ධතියක, නිර්මාණකරුවෙකු "උමතු" නොවී, සමභරතාව රැක ගැනීම ඉතා අපහසු දෙයකි. එහෙම රැක ගන්නා අය විරළය. තරු සමුදා හි අපට හමු වන මෙත්කිරණ එවන්නෙකි යැයි සිතේ - එහෙත් එවැන්නන් ලාභ වෙනුවෙන් පහතට නොබැස්ස ද තමන් ප්‍රයෝජනයට නොගත් එම අවස්ථා භාවිත කර "ගොඩ යන" අනෙක් අය දැක ඊර්ශ්‍යවෙන් පෙලීම හෝ උරුම කර දෙයි. මෙය සංකීර්ණ තත්ත්වයකි.
මට හැඟෙන පරිදි මෙහි දොස් ද කියා පෑම ඔබින්නේ යැයි සිතේ. කෘතියේ මුල් තුනෙන්නෙකක පමණ කොටස තැනින් තැනට පණින ආකාරය පාඨකයෙක් ලෙස මා සිත් ගත්තේ නැත. වන්නා, කිවිඳාව කොළඹ ඒමට කෙසේ කැමති කරවාගත්තේ ද යන්න අපට කියාපාන්නේ නැත. පසුව නොයෙක් අවස්ථා වල ඒ ගැන කථා කල ද, එම පෙළඹවීමේ විස්තරය තිබිය යුත්තක් යැයි හැඟුණි. අනෙක මෙහි එන සමහර පරසිද්ධ නැටුම් චරිත සැබෑ චරිත වලට ළඟා වැඩි වුවා දෝ, ඉන් ඔවුන ට යම් අසාධාරණයක් වුවාදොයි සිතුවිල්ලක් මට ඇති විය. අනිවාර්යයෙන්ම උසාවියකදි මට මේ කාරණාව ඔප්පු කිරීමට කිවහොත් කල නොහැකි මුත්, අප හදවත් ක්‍රියා කරන්නේ උසාවි ලෙස නොවේ.
බුමුතුරුණු, උදානය, ඉටිපහන්, දූල-දූලාය, කන්දක් සේ මා, අත අර නෑර සහ තුරු සමුදා වශයෙන් මා මේ වන විත කතුවරියගේ නවකථා සතක් කියවා ඇත. දළරළපෙළ, අග පිපි මල්, සුර අසුර ආදි වශයෙන් කියවිය යුතු පොත් කිහිපයක් මග හැරී ද ඇත. මා රහුබද්ධ ලියනා කෘති කියවීමට කැමති, ඉතා පැහැදිලිව, කෘතියෙන් කෘතියෙන් ඈ ලේඛිකාවක් වශයෙන් වඩා වඩා පරිපූර්ණත්වයට ළඟා වීම දැකිය හැකි බැවිනි. බුමුතුරුණු ඈ අද ලියන නවකථා වලට සාපෙක්ෂව ඉතා සරල කථාන්දරයකි. වසර හතලිහකට ආසන්න කාලයක් ලිවීමේ දි නව්‍යතාවයෙන් ලිවීමට විෂයන් සෙවීම ඊට අභියෝගයක් වීමට පුළුවන. එහෙත් ඒ අභියෝගය ඈ ජයගන්නා තෙක්, පාඨකයන් සතුටට පත් කරවන සුළු නිර්මාණ ඇය අපට තිළින කරාවි!

No comments:
Post a Comment