Saturday 13 July 2024

ගිරිජා - මනෝහරී ජයලත්

 මනෝහරී ජයලත් ගේ ගිරිජා නම් වූ නවකතාව කියවුවෙමි. මෙය මා කතුවරියගේ කිය වූ පළමු ප්‍රබන්ධයයි.


මේ නවකතාව මා වඩාත් සිත් ගත්තේ, උක්ත කාලයට උචිත යැයි අපගේ සිමීත දැනුම අනුව අප ට සිතෙන, පිළිගත හැකි දෙබස් හා ජීවන පිළිවෙඅතකින් ය පෝෂණය වී තිබීම හේතුවෙනි. 1848 ආසන්නයේ යයි සිතිය හැකි කාල පරාසයක, සමස්ත ලෙස බාහිර ආක්‍රමණියෙකුගේ ක්‍රියාවන් ට එදිරිව වඩා ප්‍රඥ්ඥා ගෝචර ව සාමාන්‍ය රට වැසියන් ලෙස ක්‍රියා කල යුතුව තිබුනේ එසේ ද යන්න ට පාඩමක් ලෙස ගිරිජා ගේ ක්‍රියා කලාපය පෙන්වා දිය හැකිය. එහි ම මෙම නවකතාවේ තරමක අවිශ්වාසනියත්වයක් ද අයෙකුට පෙනීමට ඉඩ ඇත. නිදසුන් ලෙස පටු චින්තනයක වෙලී සිටි සුන්දරා ගිරිජා ට මෙහි කියැවෙන ලෙස එහෙ මෙහේ ගමනට නිදහසක් දෙයි ද, යන්න විවාදිතය. එලෙසම ගිරිජා ට එතරම් දූර දෘෂ්ඨියක් කෙසේ ලැබෙන්නේ ද යන්න අයෙකුට ප්‍රශ්ණ කල හැකි මුත්, එවන් බුද්ධිමත් භාවයක් තිබීම ප්‍රශ්ණ කල හැක්කක් නොවෙන හෙයින්, එම චරිතය සමස්ත ලෙස සාර්ථකය. ඒ අනුව ගිරිජා යන චරිතය වඩාත් ඉදිරිය පෙනෙන ප්‍රගතශීලි කාන්තා චරිතයක් පමණක් නොව, තරමක වීරත්වයකින් ද හෙබිව ලේඛිකාව ගොඩ නංවා ඇත. ඇය ක්‍රියා කරන පරිසරය, භාෂාව ආදිය භාවිතයෙන්, සමස්ත රචනයට ආකර්ශනයක් ගෙන ඒමට ලේඛිකාව සමත්ව ඇත. එම ආකර්ශනය හමුවේ අයෙකුට පෙර කී අවිශ්වාසනීය අවස්ථාවන් එතරම් තැකීමක් නොකිරීමේ රිසියක් ජනිත වන්නා සේය. එය ලේඛිකාව ගේ ශුරත්වයක් සහ නිර්මාණයේ සාර්ථකත්වයක් හේතුවෙන් යැයි කිව හැක.

සිංහල නවකතා කියවීමට රිසි පාඨකයාට, සහ ඓතිහාසික නවකතාවට ලොල් පාඨකයන් හට නිර්දේශ කරලීමට නොපැකිලෙමි.

ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: විදර්ශන (2022)
2022 ප්‍රකාශිත නවකතා කියවීම - 3

No comments:

Post a Comment