Friday, 25 May 2018

Numbercaste - Yudhanjaya Wijeratne

"And I believe
These are the days of lasers in the jungle
Lasers in the jungle somewhere
Staccato signals of constant information
A loose affiliation of millionaires
And billionaires and baby
These are the days of miracle and wonder
This is the long distance call
The way the camera follows us in slo-mo
The way we look to us all
The way we look to a distant constellation
That's dying in a corner of the sky
These are the days of miracle and wonder
And don't cry baby, don't cry
Don't cry"
      ( "The Boy in the Bubble" - Paul Simon; from Graceland ) 

     Paul Simon sang this back in 1986. Hell ! That was 32 years back. Although "the days" that he mentioned are now "ancient" at the rate that change is "happening", one gets the drift of Simon was singing about. For, this is the single track that started playing in mind, as I switched off the Kindle. ( Probably a out of date one I confess, given that I don't dig modern hip-hop)

Yudhanjaya Wijeratne won the Vitural FantasyCon award for the best HardSciFi novel, for this book. And get this ? Reading this, it didn't quite feel science fiction. The turn of events plotted here, and rolling at a pace in sync' with the times, doesn't quite sound too distant and impossible. While am tempted to call this a modern 1984, it doesn't quite fit the bill. 
For several reasons:
- Numbercaste is about possible events in another 12-22 years; that's not quite that far ( in contrast 35 years separated 1984, from its year of publication, 1949 ); and the predictions aren't quite far fetched. A smaller version with limited scope of the system is already in Beta version, in certain parts of the world, we are told.
- While 1984 is necessarily Dystopian, Numbercaste isn't - well, not quite. With the twenty first century and on wards, modern society's tolerance of bigotry has declined to minuscule levels. So much so that it is at times laughable - like the time when Kendrick Lamar stopped a fan  in the audience saying the N-word; but she was singing along to his own lyrics ! The height of absurdity !! But I digress. 

The book is about "The Number". What is the number ?
“This is the Number. It is in the things we do, the people we meet, the ID cards that we carry. It's part of our identities, our credit cards, our social interactions. It takes our influences, our biases, morals, lifestyles and turns them into a massive alternate reality that no-one can escape from. It lives on our phones, in our televisions, in the cards we swipe to enter office. At its best, it’s an exact mirror of how human society actually works - all our greatness, all our petty shallowness, all our small talk and social contacts all codified and reduced and made plain. At its worst, it’s also exactly that. It’s how poor and rich and famous and desirable you are. It’s the backchannel given a name and dragged out into the limelight for everyone to see.
It's a state George Orwell would kill to see”  
                            Well, yes, and No. Exactly my point. Orwell would be disappointed, but if his  grand child had a similar expectation, with her modern ideals, then, yes, she would kill. Let's face it, the rate of change since the early nineties, is much more than possibly the thirty years before that.

Our protagonist is Patrick Udo. A marketeer, or rather a story teller (if am to use the big data parlance ), for NumberCorp.  He relates the story and the journey as he lived it, in Numbercorp, once he was out of it. The Number is destined to be the single factor which determines a human's value, in economic, social, political domains - it is the story, of how this happens that is told here. As with most modern companies, the  cruel perseverance is displayed, as NumberCorp is determined to bulldoze everything on its way. 
"If someone ever tell you that big companies control the media, believe them. We don't control everything you read, but we control everything you don't see."

In essence if oil was black Gold, data is the invisible Gold. And this book, although a work of fiction, tells us why. . Am not particularly a science fiction fan, and for me this didn't quite ring "science fiction", say 100%. Probably why I enjoyed it that much.

In conclusion, It is a narration of a futurism, that is a work of fiction, but quite believably so.  I won't be much surprised if Yudhanjaya  Wijeratne  is proven to be correct in a few decades to come.
And until such time, keep writing Yudhanjaya, while you keep crunching your data. We the reader, await, your next book!

Saturday, 19 May 2018

අකාල යාත්‍රා - කැත්ලීන් ජයවර්ධන


  තඹරවිල, සත්‍යකාම සහ මහසෙන් යන නවකතා තුන කියවා ලේඛිකාව කෙරෙහි යම් ගෞරවයක් මා සිත් තුල හට ගත්තේ නිතැතිනි. ඒ, කෘතියෙන් කෘතියෙන් ඇය ලේඛිකාවක් ලෙස යම් පරිචයකුත්, මුහුකුරා යාමකුත් හඳුනා ගැනීම හේතුවෙනි (අන් ලේඛිකාවන්ගේ ද මේ ලක්ෂණය නැතුව නොවේ - සුමිත්‍රා රාහුබද්ධයන්ගේ බුමුතුරුණු සිට සිය සිය පත් සිය දක්වා කෘති සියල්ල නොවෙතත්, යම් තරමක් කියෙව්වත් මෙය වැටහේ ). ඉතින් ඇය මේ ගමනේ මහසෙන් යම් උච්ඡස්ථානයක් සනිටුහන් කලාය. එය හුදෙක් ඉතිහාස කතාවක් නොවේ. ඒ කෘතිය ඔස්සේ ඈ මහසෙන් ගේ මනෝභාවයන් හඳුනාගන්නට වෑයම් කලාය. සිහළින් ලියනා ලේඛිකාවන් අතරින් දර්ශනය තම ලිවීම උදෙසා ඉතා මැනවින් භවිත කරන ලේඛිකාව ලෙස ද මා ඇය ව සලකමි. ඇය සත්‍යකාම වල සත්‍ය ගවේෂකයා ඔස්සේ දර්ශනය මුහු කලා ය. මහසෙන් හි එ නිරිඳුගේ සිතුවිලි ඔස්සේ ඒ කර්තව්‍ය ඉටු කලා ය. ඈ ඇගේ 2016 ප්‍රකාශ වූ නවකතාව වූ අකාල යාත්‍රා හි ස්වභාව ධර්මයා ට කටහඬක් දෙමින්, ඇය ද චරිතයක් හා සම තැන් දෙමින්, කෘතියේ දාර්ශනික පාර්ශවය ඉදිරිපත් කරන්නී ය.

 අකාල යාත්‍රා අපූරු රචනාවකි; පාඨකයා ව සිතන්න ට යොමු කරවන ආරේ, යම් විදිහකින් සිංහල නවකතාවට අලුත් ආකෘතීක භාවිතාවක් ගෙන එන්නීය. ප්‍රධාන චරිතයෝ ත්‍රිත්වයකි - එනම් එක පවුලක - විසිරුණු චරිත තුනකි - පියෙක්, මවක් සහ දියණියකි.

පියා රාජ්‍ය නායකයාට ආසන්න  ඔහුගේ උපදේශකයෙකි. එම සමාගමය ඔහු මහත් වෙනස් කම් වලට භාජනය කරන්නේ ය. එම සමාගමය ට හසු වූ පසු ඔහුට පස්සා ගැසීමට අවස්ථාවක් ලැබෙනුයේ එක්කො බලය පිරිහුණු විට ය; නැතහොත් බලවතාගේ වියෝවත් සමගය. කතුවරිය සුවිමල්ගේ වරප්‍රසාද ලත් එහෙත් ව්‍යාකූල අවිවේකි ජීවිතය හොඳින් ඉදිරිපත්කොට ඇත. රාජ්‍ය නායකයාට ආසන්නයෙකු වූ පසු ඔහුට බලැති තැන් වල දූෂණයන් ට කත් ඇදීම මග හැරීම විකල්පයක් නොවන අයුරු අපූරුවට පෙන්වා ඇත.

මෑණියන් සත්‍යයට ගරුකරන්නියකි; දූෂණය ට විරුද්ධ ය; තම සැමියාගේ පිලිවෙත් ප්‍රතික්ෂේප කරමින් නුමුදු, ඔහුගේ "ආදර්ශ" බිරිය ලෙස සමාජය ඉදිර්යේ පෙනි සිටින්නී ය. එහෙත් සිතැතුලෙන් දැවෙන්නී ය. එහෙත් ඇගේ ම වරදේ බැඳෙන අවසරයක සිතුවිල්ලක් ඇය බිඳ දැමීට සමත් ය. කතුවරිය සත්‍යයේ සීමාවන්, මනුෂ්‍ය ස්වරූපයේ සීමාවන් පිළිබඳ මැනවින් පෙන්නුම් කරන්නීය.
"මා තුළ උපතිස්ස කෙරෙහි හැඟීමක්, ආකර්ශනයක් පැවතුණේ දැ යි මා සිතා බලන්නේ බියෙන් ගැහෙමිනි. ඒ එසේ නම් එදා ත්‍රිරෝද රිය තුළ දී එතරම් කෝප වෙමින් මා ඔහු වැළැක්වූයේ ඇයි? ඒ කෝපයේ මූලය පවතින්නේ කොතැන ද? නොකැළැල් චරිත ශක්තියක් වගා කර ගත් පිවිතුරු ගැහැනියක ලෙස වඩාත් ඇගයුමකට බඳුන් වීමේ යටි ආශාවක් මා තුළ වූයේ ද? වංචාව, ව්‍යාජය වගා-දිගා කරගෙන ඇත්තේ දේශපාල්නඥ්යන්, රාජපුරුෂයන් පමණක් ද?" (259 පිටුව )

දියණිය නයනතරා, එක්සත් ජනපදයට ශිෂ්‍යත්වයක් ලබා එහි උසස් අධ්‍යාපනයට යන්නි, එහි වඩා විවෘත අදහස් වලින් පෝෂණය වන්නී ය. ඇය හා මව ගැටෙන්නේ මවගේ අවංක වුව ද, දරදඬු යල් පැනගිය අදහස් හා ගැටෙමිණි. නයනතරා නවකතාකාරිණිය සම්බන්ධ කරන්නේ පසුගිය රජය සමයේ එක් ජනප්‍රිය කීඩකයෙකුගේ මරණය හා යම් තරමක් සමාන සිද්ධියක් උපයෝගි කරගනිමිනි. මෙහි නයනතරා වර්තමාන පරම්පරාව පෙන්නුම් කරන්නී ය - ඉන් දෙමව්පියන් අතර නොපෑහීම, නූතන ලෝකයේ විවෘත අදහස් වල ආභාෂය, බලයේ ඉහළ පුටු වල සිටින අයට ඉතා සමීපතයන්ගේ ආදර ආරාධනා - ප්‍රතික්ෂේප කල නොහැකි තරමට - ආදියෙන් වික්ෂිප්ත වන්නී ය. ඒ සමහර ආදර ආරාධනා සැමට අදාළ නොවූව ත්, සමාජ ජාලා ආදියෙන් පිටස්තර ලොව ට විවෘත වූ සාම්ප්‍රදායික පසුබිමකින් පැවතෙන නව යොවුනන් ගේ ඇස් කණ වැටීම සමාජ ජාලා තුල ඉහළ පහළ යන්නෙක් ට වුව ක්ෂාත්ක්ෂාත් වේ.

මෙහි සිව්වන චරිතය "අකාලික" නමි. මුලින් මවුම්කාර දෙවියෙකු ඇඟෙව්ව ද, ඉතා ඉක්මනින් ම එය සොබාදම්තොමෝ බවටත් ඇය චෝදනා මුඛයෙන් මෙහි පෙනී සිටින්නි, මනුසතා නම් ඇගේ නිමැවුම පිළිබඳ මහත් සේ තැවෙන්නී යැයි ද වෙයි. වත්මනෙහි තවත් ජනප්‍රිය සිතුවිල්ලක් වන "Nature is a Bitch" ( ස්වභාවධර්මය පරට්ටියකි ) යන අදහස හා නොගැලපෙන මුත් ( මම ඒ ස්ථාවරයේ නොසිටින්නෙක් මි ) මෙම චරිතය නිසා නවකතාව ට මහඟු දාර්ශනික නැඹුරුවක් සහ අගයක් ලේඛිකාව එකතු කරන්නිය. එය පසුබිම සංගිතාකාරයෙන් සහ අටුවාවක් ලෙස සේවය කරමින් කෘතිය රසවත් කරමිනි.
මෙහි අකාලික, මනුසත ප්‍රශ්ණ කරනුයේ මෙලෙසිනි:
"මතු යම් දිනෙක වඩාත් සූක්ෂම වූ උපකරණ නිෂ්පාදනයට අත ගසමින් අනුන්ගේ සිත් කියැවිය හැකි විද්‍යුත් උපාංගයක් ඔබ විසින් නිර්මාණැය කරනු ලැබුණේ යැ යි මොහොතකට සිතමු. ...

එදා මෙදා තුර විවාහය නම් වූ සංස්ථාව මේ තරමින් හෝ ආරක්ෂිත ව පැවතුණේ දෙදෙනාගෙන් කෙනෙකුට අනෙකා විනිවිද දැකීමේ හැකියාව අහිමි ව තිබිම නිසා නොවේ යැයි ඔබ කියන්නේ ද ?" ( 244 පිටුව )

අවසන් වශයෙන් කීමට ඇත්තේ, මෙය කියවිය යුතු ආරේ නවකතාවක් බවටත් අවිවාදයෙන් වසරේ හොඳම නවකතා පහ තුලට ඇතුලත් විය යුතු බවටත්, එහෙත් ලේඛිකාවගේ ස්ථාවරය වන්නේ ඇගේ නිර්මාණ සම්මාන නිර්දේශයනට නොසැලකිය යුතු නිසා කෘතියට හිමි ගෞරවය තරමක් මද වන්නේ පිටස්තර ලෝකය එය ගැන දන්නේ මද වශයෙන් බවත් ය. මගේ පෞද්ගලික අදහස වන්නේ ඉන් ලේඛිකාවට පාඨකයනට අවාසියක් ම සිදුවන බවයි. සම්මානයන්ගේ හොඳ සහ නරක ඇත - එය ලොව අන් බොහෝ දෑ හි ස්වභාවය මෙනි.

Saturday, 12 May 2018

ඉක්බිතිව ඔහු මරාපීහ - පී. බී. ජයසේකර



( ගොඩගේ සම්මාන - හොඳම සිංහල නවකතාව 2016 )

     මේ කෘතිය ට නැඟුණු ප්‍රධානත ම චෝදනාව, මෙය නවකතාවක් නොව ඓතිහාසික වාර්තාවක්, නොහොත් සටහනක් බවට ය. පළමුව මාගේ කියවීම අනුව නම් එම චොදනාව බැහැර කරමි. මෙය සත්‍ය සිදුවීමක් අලලා, සත්‍ය චරිත අලලා කෙරුණු නිර්මාණයකි. ඇයි ඊට නිර්මාණය යන පදය භාවිත කරන්නේ ? මහසෙන් චරිතය අලලා නවකතා ලියවේ නම්, ඇහැලේපොල චරිතය අලලා නවකතා ලියැවේ නම්, මෑත කාලීන සිද්ධියක් අලලා නවකතාවක් ලියවෙන්න නොහැකි ද ? ( මෙහි එන චරිත සත්‍ය චරිත හා බොහෝ දුරට සමාන හෙයින්, ඉන් නැගෙන නෛතික තත්ත්වය ගැන කීමටැ නොදනිමි ) බණ්ඩාරයනායක සිතූ ආකාරය, සෝමාරම සිතූ ආකාරය, බුද්ධරක්ඛිත සිතූ ආකාරය, දේශපාලනයේ දි මුහුණ දීමට ඇති වන ගැටළු   ආදිය සියුම් ව ඉදිරිපත් කරමින් ලියැවී ඇති නිසා මා එය ප්‍රබන්ධයක් ලෙස සලකමි.  බන්ඩාරනායක යනු උදක් ම අප රට සිංහල-දමිළ දෙපිරිස් අතර භාෂා ප්‍රශ්ණයට මුල් වූ තැනැත්තා යන අවිචාරවත් කියවීමට වඩා එය ඔහු ට ඓතිහාසිකව එක් පාර්ශවයකින්  ලැබුණු වගකීම ඉටු කල තැනැත්තා බවත්, එම තීරණය ගැනීමෙන් අනතුරුවු හේ එහි යම් දුර්වලතා අවබෝධ කරගැනිමෙන් වගවීමට යත්න දැරූ අයුරු විදහා දක්වමින්  එම චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කර ඇති නිසා ය.  බුද්ධරක්ඛිත ප්‍රමුඛ පිරිස්, එම මුඛ්‍ය කාරණාව හා ඔවුන්ට අවාසිදායක මුල්‍යම තීරණ හේතුකොටගෙන, ඔහුව "මකා දැමීම" ට යොමු වූ අයුරුත් පාඨකය ඇඳ බැඳ තබන වේගයකින්, ආරකින් හා, ගවේෂන කොට සොයා ගත් තතු වලින් පෝෂිතව ලියැවී ඇති නිසා ය. ඉතින් මෙහි නිර්මාණාත්මක අංශය තේරුම්ගත් ගොඩගේ සම්මාන නිර්දේශ කමිටුව  ට ස්තූතිවන්ත වෙමි. අන් සම්මානයන් "නොදැක්ක (?)"  එහෙත් සාර්ථක කෘති වලට ( නිදසුන් - ආෂාඪ පුෂ්පය ) සුදුසු ඇගයීම කිරීම පැසසිය යුත්තකි.

ඉතා පැහැදිලිව, මෙවන් "රට හෙල්ලූ" කාරණාවක් පිළිබඳ මධ්‍ය ස්ථානයක සිට ආදානග්‍රාහි නොවී ලිවීම පහසු නැත. කතුවරයා ඒ ඒ චරිතයට සාධාරණයක් ඉටු කරන අයුරු නිදර්ශන කරමි:

සෝමාරාම: "ඔහු අක්ෂි වෛද්‍යවරයෙකි. ඔහු අන්ධවෙමින් සිටි බොහෝ රෝගීන් අන්ධ භාවයෙන් මුදාගෙන ඇත. ඒත් ඔහු අන්ධ වුයේය. කෙනෙකු අන්ධවන කාරණා බොහෝය. ඇතැමෙක් බලයෙන් අන්ධ වේ. ඇතැමෙක් ආදරයෙන් ආලයෙන් අන්ද වේ. ඔහු ජීවිතයේ කිසිමදාක ඒ කියනා ලෝකාස්වාද රතී සුවය විඳ නැත. ඔහු කිසිමදාක ගැහැනියකගේ මුවා වූ තැන් දක නැත. ඔහු ඒ උවමනාව මැඩගගත්තේ වෙනත් අයුරින් අන්ධ වීමෙනි." ( 18 පිටුව )

විමලාවති විජයවර්ධන: "ඇගේ වියපත් සැමියා නවඔවුන් ඇය තුළ ගින්නක් ඇවිඅළවින. ඔහුට එය නිවාදැමීට නොහැකි විය. ඒ හිනි මැඩීමට ඔහු කළේ ඇය තමා නිතර යන එන කැලණි විහාරයට කැටුව යාමයි. එසේ ඔවුන් අතර පරස්පරතා තව තවත් ගොඩනැඟිණ. ඔහු මල්පහන් තබා දොහොත් මුදුනට ගෙන බොහෝ වේලා ගාථා කියමින් වැන්දේය. ඇය එය  කළේ පන්සල් ආවා වෙනුවටය....ඔහු බුදු දහා ගැන පොත් ලියනවිට ඇය නිදිමරාගෙන කවි ලීවාය. ඔහු දුම්පානය කලේ නැත. ඇය කවි ලියන විට බොහෝ කවිකාරයින් මෙන් සිගරැට් බොන්න වූවාය. ඇය තුළ දැවෙන ගිනි ඇය ඔහුට දැක්වූයේ ඔහු අගය කරන දේට පරස්පරය කරමින් ඔහුට එරෙහි කම් පෑමෙනි." ( 71 පිටුව )



බුද්ධරක්ඛිත: "බණ්ඩාරනායකට ජාතික ඇඳුම වගේ මට සිවුර, කොතලාවලට කලිසම කෝට් එක වගේ මට සිවුර... බණ්ඩට සිරිම වගේ මට ඔයා. බණ්ඩට දේශපාලනය වගේ තමයි මට මගේ ව්‍යාපාර... බණ්ඩට දේශපාලනේ කොරගන්න සල්ලි නැතිව ළතවෙනකොට මං මිනිහට සල්ලි දුන්න. නැති බැරිවෙලවාට මිනිහට පිහිටවෙන්න මට මුදල් කොහෙන්ද කියල බණ්ඩ හිතන්න ඕනෑ. ඒවා මං පින්කැටේ කඩල ගත්තු සතේ දෙක නෙමෙයි." ( 235 පිටුව )


බණ්ඩාරනායක ගැන විචාරයන් මීට පරිපූර්ණ ලෙස, ඔහුගේම සිතිවිලි ලෙස ලියවී ඇත. එක් තැනෙක ඔහුව බලයට ගෙන ආ පිරිස හේතුවෙන් ඔහු ට රටේ සියළු ජනතාවගේ නායකයා වීමට නොහැකි වීම ගැන හේ පසුතැවෙයි. අන් තැනෙක හේ දැඩි ලෙස සිතාගන්නේ තමන් ව මරුමවට පත්කල ද අන් අයගේ ව්‍යාපාර දිනවීම පිණිස තමන් උදව් නොකරන බවයි. තම පෞද්ගලික දේපල විකුණා ඡන්දේ දි ගත් ණය ගෙවා නිදහස් වීමට සිතුව ද එය ඒ තරම් ලේසි නැත. ඔහු ට ගැලවීමක් නැත. ඒ අර්ථයෙන් බණ්ඩාරනයාක හා සෝමාරාම යන දෙදෙනා ම අන් පාර්ශවයන්ගේ වාසිය උදෙසා භාවිත කල ඉත්තන් ය. වියත් බණ්ඩාරනායක තමන් පසුව කොටු වූ බව වටහා ගත්ත ද, සෝමාරාම ට එම බුද්ධිය එන්නේ තම මරණය කරා ඉන්නා විට ය.

මේ අපූරු නවකාතාව අවසන් වන්නේ ඇත්තෙන්ම මරණීය තුවාල ගෙන දුන් වෙඩි උණ්ඩ පිට කලේ කවුරුන්ද යන්න ගැන සැකයක් මතු කරලමිනි. බණ්ඩාරනායක් ඝාතන සිද්ධිය ගැන මා මීට කලින් විස්තර සොයමින් කියවා නැති හෙයින්, එහි සත්‍ය-අසත්‍යතාව ගැන නොදන්නෙමි.  මෙය කියවිය යුතු ම නවකතාවක් ලෙසත්, මරිය සිලොනිකා වස්තුව,

අවලමා සහ ඇහැටුව ආදි රසවත් කෘති ලියූ ලේඛකයා එම නිර්මාණ වල සාර්තකත්වය ද අභිබවා යාමට හැකි තරමේ කෘතියක් පළ කොට ඇත.

Friday, 4 May 2018

මහිලාවංශය - කේ. කේ. සමන් කුමාර

  
"සෙල්ලම් ඉතිහාසයකට සෙල්ලම් නඩුවක් මිසක් මේ වගේ සෙල්ලම් උසවියක... කොහෙන්ද ඇත්ත නඩුවක්... ඒත් සහෝදරී ඒ සෙල්ලම් ඉතිහාසෙ ගලපු ලේ, ඇවිලිච්ච දුක්ගින්දර සෙල්ලමක් කියලද හිතන්නෙ?...අපි මේක විසඳලන්න ඕන අපේ පුතා ලව්ව යුක්තිය පසිඳලා අදම... මං ලෑස්ති ඇත්තටම හිරේ යන්න... ඕන දඬුවමක් විඳින්න...." (302 පිටුව )

 කේ. කේ. සමන් කුමාර විසින් රචිත, "මහිලාවංශය" මහත් වෑයමක් සහ කාලයක් වැය කොට කියවූවෙමි. ඒ 2016 ප්‍රකාශ වූ නවකතා කියවීමේ මගේ ව්‍යායාමයේ එකොළොස් වැන්න ලෙසට ය. මීට ඉහත ලේඛකයා ලියා පළ කල කෙටි කතා සංග්‍රහ දෙකක් පමණක් කියවා තිබුණෙමි. පිටු 425ක් පමණ දිගු නිර්මාණයක් වූ මෙය සියළු අතින් විවිධත්වයෙන් යුක්තය. කෘතියෙන් අඩකටත් වැඩි කොටස ඒකපාත්‍ර භාෂණයකි - ලේඛකයාගේම රූපණයක් ලෙස දැකිය හැකි කකසකු භාෂණයේ යෙදෙන්නේ කු හෙවත් කුවණ්ණා සමඟිනි. මෙහි කුවණ්ණා වරෙක ලංකාවේ ඓතිහාසික කාන්තාවයි; වරෙක ඇය විශාඛාවයි - ආදි වශයෙන්  නානාප්‍රකාර චරිත නිරූපනය කරන්නීය. ඒ අර්ථයෙන් මේ නවකතාව ඉතා පුළුල් පරාසයක් හරහා දිගු ගමනකි. මෙය විවිධ දාර්ශනික මත වලින් පෝෂිතය. එලෙසම වෙසෙසින් ඉහත කී ඒකපාත්‍ර භාෂණයන් හි හාස්‍ය රසය කියවන්නා ප්‍රමුදිත කරවයි. බොහෝ විට ඒ හාස්‍ය යම් "කාළ" ( dark humour යන අදහසින් ) බවක් නිරූපනය කරයි. තත්කාලීන කියමන්, අසැබි හාස්‍ය රසය, දේශපාලනික හාස්‍ය රසය ආදි වශයෙන් විවිධ හාස්‍ය රසයන්ගෙන් අනූනය. තැනෙක සාහිත්‍ය හා හාස්‍යය අතිනත ය.
"ඒක නෙමේ කූ මට කියාපන් උඹ වෙඩ්ඩා එක්කත් හැමනුනා නේද? තෝ අර ඌ පොටෝ ගහලා එෆ්බී එකේ දාන ගඟේ ඉවුරෙ නේද හැමනුනේ... වේසි මාත් දෙනවා තොට මහවැලි ගඟ අයිනෙ හරි, කැළණි ගඟ අයිනෙ හරි දාගෙන පරට්ටි.. යකෝ ඌ නාකියි... බලපිය දැන් ඉන්නෙත් මහලු මඩමක... ඌ නාකියි... ඊළඟට ඌ මහ විපරිතයා.. හරි හරි.. අපේ එවුන් තමයි පටන්ගත්තෙ... වීදුරු කඩන සිරිමලා... උගෙන් පස්සෙ මූ බැටන් එක ගත්තා.. මාරයාගෙන් පස්සෙ චින්තා වගේ... බලන්න කූ වෙඩ්ඩා එක්ක බොන්න පුළුවන්ද... බීලා පාරෙ යන්න පුළුවන්ද... ඕකා ගල් ගහනවා ගෙවල්වලට... මාත් ඔහොමයි ඉස්කෝලෙ සන්දියේ. කාර් ඉස්සරහට පනිනවා ධනපතියො කියලා... මූ තාම ඉස්කෝලෙ සන්දියෙ... ඊළඟට කූ ඕකා ඩයස්පෝරාකාරයා... ඒකයි ඔයාව දෙමළ කළේ... (72 පිටුව )

වෙඩිවර්ධන කුවේණි දෙමළ කරත්, සර්පයාගේ අරෝව අනෙකකි... මහා බඹා කෝලම රූපකයක් ලෙස ගෙන එමින් එක් මුහුණක් ගැමුණුගේ ද, අනෙක් මුහුණ එළාර ගේ ද වන් අයුරින් කෙරෙන නඩු විමසීමක දී දෙදෙනාම තමන් නිර්දෝෂයැයි පවසන්නෝ ය. ඔවුන් දෙදෙනා ම තමන් ජීවත් වූ වකවානුව හා අවස්තාවන්හි නිර්මාණ බවය හේ කියනුයෙ. ඇරත් ලේඛකයට කළු බණ්ඩාර සබැඳි ප්‍රවාදයක් ඇත. හේ එය කෘතිය පුරාවටම ඉදිරියට ගෙන එයි.

කතුවරයා බොහෝ තැන් වල සිතෙහි මවා ගැනීමට යමක් ඉතිරි නොවන අයුරින් හාස්‍ය මිශ්‍රිතව, ලිංගික හැඟීම් හා ආශාවන් කියා පායි. එය විටෙක ආන්තික ලෙස නිරූපිතයි. එය කෙතෙක් දැයි පිළිබඳ නිදර්ශනයට පහත උපුටනය ගෙන හැර දක්වමි.


"අඩේ අර ජංගිය උඩ යනවා නේද මළා... ෂිහ්... පින නෑ කූ... අතට හම්බවෙච්ච එක කටට දාගන්න පින නෑ... මං හිතන් හිටියෙ ඕක අහුල ගන්න... එතකොට මට ඔයා ගෙදර නැති වෙලේට, ඔයාට නින්ද ගිය වෙලාවට මට ඒකෙ සුවඳ බැලියැහැකි... සුවඳ බල බලා සරුංගල් අරියැහැකි... මං කැමති නෑ මුසාවාද කියන්න... මං ජංගි වලට ලව් කූ ඔයාට වගේම... ලව් නෙමෙයි, පෙරේතයි... ඔව් මං ජංගි පෙරේතයෙක් යකෝ" ( 223 පිටුව )

සමස්ත වශයෙන් පිටු හාරසීය තිස් ගණණ පුරා ලේඛක තෙමේ ඉදිරිපත් කර ඇත්තේ කුමක් ද ? ලිංගිකාශ්වාදය පිළිබඳ සහ ස්ත්‍රී ශරීරයේ යම් යම් කොටස් කෙරෙහි ඇති ග්‍රස්තියක්  බඳු ඇල්ම, රටේ ඉතිහාසයත් සමඟ ඇති විසංවාදය, විවිධ වූ සාහිත්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ වලින් ලේඛකයා ලබා ඇති ආභාෂය ආදිය මේ පොත සමස්තයක් බවට ඔසවා තබයි - රේඛීය, වක්‍ර හෝ තාරුකාවක් විලස විහිදෙන ඓන්ද්‍රීය කතාන්දරයක් මෙහි නැති තරම් ය. එහෙත්, ලේඛකයා පවසන පරිදි, මෙය ඔහු ගේ කොටස් හයකින් පිරි නිර්මාණ ආඛ්‍යයනයක පළමු කොටසයි. ඒ අනුව කතුවරයාට තම නිර්මාණය,  හැඩතලයට කාලය ඇති හෙයින්, පාඨකයන් ලෙස අප තරමක් විමසිල්ලෙන් නිගමන වෙත අවතීර්ණ විය යුතුය.


තව දුරටත් පවසන්නේ නම් මෙහි  ඇත්තේ දාර්ශනික සූක්ෂම විමසීම්,  පෙර සාහිත්‍ය කෘති සම්බන්ධ කර ගැනීම්, ඓතිහාසික කතා පිළිබඳ විවේචන, තමන් නො අදහන දේශපාලන මතවාද වලට පහර දීම් ආදියයි.  වෙසෙසින් දේශපාලන ගැලපීම් මගේ කියවීම් හැටියට නම් අවිචාරවත් ය. තැනෙක තමන් ගේ මතයට පටහැනි මත දරන්නන් ගැන ඇත්තේ මුසාවක් ය.
"ඒ අතර වූ තාපසයෙක්ව ඔහුට පෙනී ගියේ සාපේක්ෂණි අවසානයේ හමුවන තාපසයා මෙනි. ඔහු සමඟම අත්වැල් බැඳ උන්නේ ශ්‍රී නේරු ය. යුරෝපියානු ඇඳුමින් සැරසුනු තවෙකෙක් ජාක් ලකාන් බව ඔහු හඳුනා ගත්තේය. ඊළඟට බේබිට වැන්ද සිල්වා උන්නේය. කවය සම්පූර්ණ වුනේ යකඩ ගැහැණිය තැචර්ගෙනි." ( 347 පිටුව ).  ඊට පසු පිටුවේ ඇත්තේ ජාතිකත්වය පිළිබඳ විවේචනයන් ය. මා ඊට එකඟ නොවුනද එම විවේචන ඉදිරිපත් කිරීම මට ගැටළුවක් නැත. එහෙත් ලිඛිතව තමන් එසේ වන්දනාවක් නොකල බවත්, එය මෘදුකාංග වලින් කල වෙනස්කිරීමක් පමණක් බවත්, "බේබිට" තියා බේබිගේ පියාටවත් තමන් නොවඳින බව "එම පියා" බලයේ සිටිද්දී ම කීයා තිබියදී මෙසේ ලියා ඇත්තේ  බොරුවකට තවත් ආයු කාලයක් ලබා දීමට මෙනි

මා දැක්ක පරිදි නම් මෙහි එන දේශපාලනය ද එක් පාර්ශ්වයකට ලැදිය. බාලසිංහම්, සුගතපාල ද සිල්වා දැන සිටි නිසා සහ සුගතපාල මිය ගිය විට හඬා වැටුණා යැයි කියනා නිසා, ඔහු ගැන සඳහන ඒ හඬාවැටුම ගැන පමනක්ම ය. මහින්ද රීරි යකෙකු ලෙස ලේඛකයාට පෙනෙන්නේ එල්ටීටීඊය යුධමය වශයෙන් පරාජය කල හේතුවෙනි.

කාරවල්ලිකා වග්ග නම් වූ පටුනෙන් මෙපිට ට කූ සහ කකසකු දකිනා ස්වප්නයන් ආඛ්‍යායනයේ වැදගත් කොටසක් දරයි. එනුමුදු මින් ඔබ්බට කියවීම පෙර කොටස් තරම් පහසු නැත. රූපක බොහෝය. යම් තැනෙක් පාඨකයාට හසු වේ; අන් තැනෙක් එසේ නොවේ. රූපක වටහා ගැනීම යම් තරමින් හෝ ලේඛක මනස වටහා ගැනීම හා බැඳී තිබේ. ඉතින් මේ කොටස් කියවා තේරුම් ගැනීම තරමක් ව්‍යාකූලය.

සමස්ත වශයෙන්, ව්‍යායාමයක් දැරීමට සිත තර ගතහොත්, නා නා විද වූ විෂයන් ඔස්සේ කියවීමක් ගෙන දෙන කෘතියකි. ඉවසීමක් තිබිය යුතුම ය.

කෘතියේ අවසන් වාක්‍ය මෙසේ ය:
"කාලකණ්ණි රටකට, කාලකණ්ණි ජාතියකට තවත් කාලකණ්ණියෙක් උපන්නේය." ( 436 පිටුව )
ලේඛකයා දාර්ශනික අර්ථයෙන් හා පෞද්ගලිකාර්ථයෙන් එලෙස සිතනවා විය යුතුය. එහි සත්‍යයක් නැත්තේ ද නොවේ.  වෙසෙසින් අවසන් පිටු සියයය පමණ පුරාවට පාඨකයාට ද යම් තරමක කාලය කා දැමීම ගැන නොපහන් හැඟීමක් ඇති වුවහොත් එය පුදුමයක් නොවේ. ආයෝජනය කල කාලය ට සාපෙක්ෂව ප්‍රතිලාභ නොලැබුනු කෘතියකැයි සිතේ ඇති වුනු කුකුස යටපත් කර ගැනීමට මට හැකි නොවුනි. හෂිතයන්ගේ අට්ඨ කතා යම් තරමකට කෘතිය කියවීමට අත්වැලක් සපයයි. එහෙත් ඒ ඒ මාතෘකා හරහා දිව යන හුය පැහැදිලිව දැක ගැනීම පහසු නැත.