උක්ත කෙටි කතා සංග්‍රහය කතුවරයාගේ මා කියවූ දෙවැන්නයි. කෙටි කතා දොළසකින් පෝෂිත, 2002 හි නිකුත් ව ඇති සංග්‍රහයේ කෙටි කතා තුනක් කතුවරයාගේ ලේඛණ දිවියේ මුල් යුගයේ යැයි පැහැදිලිය.
මෙහි එන මා වඩාත් සිත් ගත් කෙටි කතා කිහිපයක් ගැන ලුහුඬින් අදහස් පහත දක්වමි.
"මිතුරුලඳ", 1961 දී ය. කතුවරයා පේරදෙනිය සරසවියේ සිප් හදාරණ කල්හි හෝ ඊට ආස්‍රිත කලෙක ලියැවෙන්නක් යයි සිතමි. සරසවි සිසුන් කෙරෙහි ආශ්‍රිත ජනයා දක්වන සැලකිල්ල පිළිබඳ හොඳ කියවීමකි. වරෙක අමරසේකරුන්ගේ ජීවන සුවඳ හෝ රතු රෝස මල මතකයට නැගෙයි.
"සියළු සාරය උකහාගෙන තැන්පත් කොට ඇති තැන එතැන වේයයි අප සිතූ නමුත් එහි සත්‍යය අබබෝධ කර ගැනීමට පේරාදෙණියට පැමිණ වැඩි කලක් ගත කිරීමට අවශ්‍යැ නොවීය. මෙහි දේශපාලන කටයුතු ද රටේ පවතින දේශපාලනය නොවන බැව් ප්‍රත්‍යක්ෂ විය."
1962 දී ලියැවී ඇති "මුළුතැන්", සරසවි දිවිය හා බැඳුන ද, ප්‍රේමය මුල් කොට ගත්තකි. වරෙක ප්‍රේමය යැයි "පෙම් කරන්නී" සිතුව ද, ඒ පෙම නොවේ.
"ඇය තුළ සැඟවී තිබුණු ආසාවන් ප්‍රේමයේ ව්‍යාජයෙන් තමා වෙතට එන්ට ඇතැයි රූපදේව සිතුවේය...සැඟවුණු, යටගිය, ඉටුවිය යුතු අවශ්‍යතාවයි. මුළුතැන්ගෙය අසළත කපුටුවා ගෙන්වූයේ අරක්කැමියා නොවේ. මුළුතැන්හි සුවඳයි. කපුටුවාගේ මුළුතැන් සොරා ගැනීමේ ආසාවයි."
"කරත්තයකින් ගිය ගමනක්" කෙටි කතාවත් මා සිත් ගත්තෙකි. ලේඛණ විසතරය උක්ත පුත්තලම ප්‍රදේශය ගිණි කාෂ්ඨකේ පාඨකයා ට ගෙනෙ එන්නකි. මෙහි එක් වැදගත් කරුණක් දිටිමි. ඒ කාලය ගත කිරීම යන්නය. කල් මැරීම යන්න නැතිනං නිකං සිටීම අද වන විට මහා අපරාධයකි. කාලය රන් හා වටි යන්න කොයි කාලේ ගොඩ නැඟුනක් දැයි නොදනිමි.
"කාලය ගත කිරීමට අපහසු තමා වැනි අයට වේ යයි 'ඔහු' සිතුවේය. මහල්ලාට එහි දුෂ්කර බවක් නොපෙනේ. මහල්ලා තුළ වෙහෙසකර බවක්, නොඉවිසිලිබවක්, අපේක්ෂාවක් නොපෙනේ."
"බේරා" ගැනීම සාපේක්ෂ ද? ගොදුර ට බේරෙන්න අවශ්‍ය නොවුණු විට බේරා නොගත යුතු ද ?
"අම්ම අප්ප් නැතුව අසරණ වෙච්චි මේ ගෑණිට පිහිටට හිටියේ මං විතරයි. උන්දැගෙ මිනිහ දැදුරු ඔයේ ගිලිල මරෙන කොටත් බඩැත මාස තුනයි. මරණෙ දා ඉඳලම ගමේ කොල්ලොයි, බැඳපු උනුයි ඔක්කොම වැලගෙඩියට එන කපුටො රැළ වගේ ගේ වටේ කර්‍ඇකෙන්ට උණා. මං ( මහල්ලා) කපුටොන්ගෙන් වැලගෙඩිය බේරන් මයෙ ගෙට ගෙනාවා."
"මං දැක්කා උඹ බස්සෙකෙන් බැහැල එනකොටත් හැට්ටෙ කිරිවලින් තෙමිල. මහත්තය හිටියටැ කමක් නෑ. කිරි ටිකක් දීහන්...
'ඔහු' යළිත් ඇය දෙස බැලුවේය. ඇය කෝල ලෙසින් සිනාසි පියයුරට යටින් අත ගසා එසවුවාය....
'මහත්තයට නවතින්ට තැනක් හොයා ගන්ට අමාරු වෙයි. හොඳ තැනක් හොයා ගන්න කල් අපේ ගෙදර නවතිමු.'"
මෙහි එන සමහර කෙටි කතා පසූව පූර්ණ සාර්ථක නවකතාවන්ට පාදක වූ බිජ අවස්තාවෝ වෙතැයි සිතේ. දෙමාපියන්ගෙන් ආදරය සහ තම ජයග්‍රහණ කෙරෙහි වෙසෙස් අවදානය නොලැබීම යන කරුණ මෙහි "මිතුරුළඳ" කෙටිකතාවේ දැක්වේ. එය පසු කලෙක බණ්ඩර මැරූ උන් හී දක්වා ඇත. නෑ පරපුරෙන් සිදුවන වෙනස්කම් පිළිබඳ කරුණ "උන්මාදචිත්‍රාවන්ගේ දියණියෝ" කෙටිකතාවේ කියවේ. සදත් විල මහා සුභද්‍රාවෝ හි මේ කරුණ විස්තීර්ණව නවකතාවට බද්ධ කොට තිබුණි. සප්ත අපදාන වස්තුවෙ හි මේ අවස්තාවන් මතු වේ දැයි එය කියවූ කලෙක කිව හැක.
මෙහි එන 'ප්‍රිය ප්‍රයාන' කෙටිකතාවද මා සිත් ගත්තෙකි. මත්පැන්හලෙක අයෙක් වටපිටාවේ සිදුවීම් ඔස්සේ තම දිවිය ආවර්ජනය කරයි. කරදර සමස්ත වශයෙන් සැමට පොදුය යන්න ඉතා නිර්මාණාත්මක ලෙස ත්, මත්පැන්හලෙක අඳුරත් පාඨක මනසේ ජනිත කරමින් සාර්ථක ව නිර්මාණය වී ඇත.
සංග්‍රහයට නම් දුන් පොර මිගොන් කෙටිකතාව පිටු 41ක් පුරා දිවෙන තරමක් දීර්ඝ කෙටිකතාවකි. රාජ්‍ය ආයතනයක ඉහළ නිල දරණ්නක් දෙදෙනෙකු අතර ගැටුමකි. වසර ගණනවාක් පුරා ඇදෙන්නකි. සමස්ත වශයෙන් වරද කරුවෙකු හා නිවැරදි කරුවකු පොරයන් ආරම්භයේදී අඳුනාගත හැකි වුව ද, ගැටුම උඩු දුවද්දි හා නිමා වෙද්දි ජයග්‍රාහකයකු නැත. ඇත්තෙන්ම ජය ගත්ත ද අපතේ ගිය කාල හා සසඳද්දි නිවැරදි කරු වුව ද පරාජයක් ලබා ඇත. මට නලින් ද සිල්වා සහ ජී.ඇල්. පීරිස් නඩු හබය මතක් විණ. මෙහි එන "මාතලීගෙන් ( කළමනාකරණා නායකත්ව පාඩමක්" කෙටිකතාව ද රැකියා ආයතනයක් හා බැඳී ඇති හෙයින් යම් සමාන කමක් තිබුන් ද, නිල අතර වෙනස අති මහත්ය. එය ද රසවත් කතාවකි.
තෝරදෙනිය ගේ කෙටි කතා සංග්‍රහයන් තුල ගුණාත්මකව සංඝතබවේ අඩුවක් තිබීමට පුළුවන. එහෙත් එහි ඇති රස මුසු අවස්තා දුර්වල තැන් අබිබවා මතුවෙත නිසා දෝ ඒ කෙටි කතා කියවීමට මා ප්‍රිය කරමි.
No comments:
Post a Comment