2015 ප්‍රකාශ වූ නවකතා අතරින් කියවීමට තෝරා ගත් අවසන් කෘතිය, හෙවත් පහළොස්වැන්න ලෙස කෘතීම දූපත් කියවූවෙමි. ලේඛිකාවගේ මා කියවූ නමවෙනි නවකතාව මෙයයි ( අනෙක්වා - සඳුන් ගිර ගිනි ගනී; සද්ගුණාකාරය ; නන්දිතය; සුබෝධාලංකාරය ; පොදු පුරුෂයා ; කවි කඳුර ; බුද්ධදාසි ; ෂැංහයියා සහ කොළඹයා ). ප්‍රතමයෙන් ම කිව හැක්කේ මේ අතරින් "අපරාදේ කියවීමට ගත වෙච්චි කාලය" යැයි පසුතැවීමකින් හමාර කල එකම පොතක් නැති බව යි. ඉතින් කෘතිම දූපත් කෘතිය ද කලින් කියවීමට නොසිටියත්, කියවීමෙන් අනතරුව 2015 ප්‍රකාශ වූ ඇගේ අනෙක් නවකථාව වූ ෂැංහයියා සහ කොළඹයා ට ද ඉදිරියෙන් තිබෙන්නක් යැයි සිතුණු වග ද කිව යුතුය. 2016 වසරේ කෘතීම දූපත්, ගොඩගේ අවසන් වටයට තේරුණු පොත දහය ට ඇතුලත් වූ බවත්, ෂැංහයියා සහ කොළඹයා ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු බවත් මතක් කරමි.
අනාගත දෘෂ්ඨියකින් ලියැවී තිබීමත්, කෘතීම දූපත් පිළිබඳ කොට ඇති අධ්‍යයනයත්, එය රූපකයක් ලෙස භාවිත කොට මිනිසුන් සහ ගැහැණුන් ගේ හැසිරීම් අධ්‍යයණයත්, ව්‍යූහාත්මක වෙනස්කමුත් සමග සමස්ත වශයෙන් මේ පොත මගේ සිත දිනා ගත්තේ ය. අනාගතය අලලා ලියවීම ලේඛිකාවට තනිකරම අලුත් අත්දැකීමක් නොවන්නේ, ඇය කවිකඳුරේ ද අනාගතය අලලා එහි අවසන් කොටස නිර්මාණය කොට තිබූ නිසා ය. නුමුත් මේ නිර්මාණය එම අනාගතවාදි කොටස ට වඩා ඉතා සාර්ථකය.
අසාර්ථක, හිස්, රැවටිලිශීලි දේශපාලන සටන් පාඨයකින් ඔබ්බට සිහින මැවූ යහපාලනයක් කෘතීම දූපත් වල දී හෝ, අනාගතයේ දී ද අප රට අඩපණ කරන සුව නොවෙන දේශපාලන පිළිකාවක් හා සටන් වදින අයුරු, අද වන විට දිස්වෙන රෝග ලක්ෂණ හා මැනවින් පෑහේ. විශ්‍රාමලත් ඉංජිනේරුවකු සහ ව්‍යවසායකයකු ලෙස අපරාජිත් නම් වූ චරිතය ගොඩ නංවා ඇති අපූරුය. දක්ෂ මිනිසෙකු වුව ද, නිර්දෝෂි නොවන මිනිසෙකු ලෙසත්, ඔහු හරහා වියත් මිනිසෙකු වශයෙන් ජීවිතය නම් සරසවිය ඉගැන්වූ පාඩම් ලෙස ගෙනහැර දක්වා ඇති කියුම් කෘතිය රසවත් කොට ඇත.
සමස්ත කෘතියේ දේශපාලන දිශානතිය වමට බරවූවක් මුත්, යුතෝපියාව ට අකුල් හෙළන මව් දූපතේ ජාගර දේශපාලනයත්, ධනවාදි දිශානතියත් යුතෝපියාව තවත් දුරස්ත බැව් මතක් කර දෙයි.
"මං කිව්වේ පාරිසරික සරණාගතයන් වෙනුවෙන් නව භූමි සොයා දීම ජාත්‍යන්තර වගකීමක් කියලයි.... මං තර්ක කළේ මේ කෘතීම දූපත් ධනවතුන්ගේ පාරාදීස කිරීමට වඩා පාරිසරික සරණාගතයන් වෙනුවෙන් අදාළ රටවල් වටා හෝ ඒ ආසන්නයේ හෝ තැනිය යුතු බව යි. ඒකෙන් කාටවත් වාසියක් නැති නිසා ඒ කාලේ ඒක හුදකලා හඬක් විතරයි." (75 පිටුව )
"මහ දූපතේ තිබුණේ ළමයෙක් ඉස්කෝලෙකට දා ගැනීමේ ඉඳලා විදේශ ශිෂ්‍යත්වයක් ලබා ගැනීම දක්වා දෙමාපියො වංචනික ලේඛන සැලසීමේ ක්‍රමයක්...දූෂණ වංචා නතර කරන්න කියලා කවුරු හරි බලයට ආවම කලින් හිටිය මීයෝ ටික ඒ නැවෙන් මේ නැවට පැනීම සුලභ දර්ශනයක් වුණා. මෙහෙම කෙටියෙන් කියන්න බැරි තරම් හිරිකිත වැඩ සිද්ධ වෙනකොට ඒවා නිරාවරණය කරන්න බැරි තරමේ අවුල් ඇතිවෙලා තිබුණා. එතොකොට අපි මේ කවදාවත් හදන්න බැරි විදියේ කෘතිම දූපතක යෝජනාවක් ගෙනාවේ නව පාලන ක්‍රමයක් එක්කයි." (81-82 පිටු )

"hell hath no fury like a woman scorned" ( William Congreve )
කෘතියේ අවසන් පරිච්ඡේදය වෙන් වන්නේ ජයත්‍රි නම් අපරාජිත්ගේ සමීප මිතුරියගේ ආගමනය සහ ඇය අපරාජිත් ගේ සමීපතම නැයින් හා බෙදාගන්නා අදහස් ඔස්සේ ය. ඇය ඇත්තටම අපරාජිත් ට ආදරය කල ද, ඇය ව වෛවාහක බිරිඳ ලෙස තෝරා නොගැනීමේ ආරෝවෙන්, සුව නොවෙන තුවාලයකින් පීඩා විඳින්නිය.
ජයත්‍රි නැන්දාගේ කතාවල ආදරයයි අනාදරයයි හරි හරියට තිබුණා....ඒත් මේ ගෑනු මනුස්සයට ඕන අපේ මාමාගේ කැපවීමයි දායකත්වයි පිත්පස්සෙ එයයි, යොහානුයි, තව කණ්ඩායමකුයි හිටියා කියන එක තහවුරු කරන්න ද ? ඒ වැඩේට සැබවින්ම දායක වෙච්චි මිනිස්සු ඉතිහාසයට මඟ ඇරුණා කියලා කියන්න හදනව ද ?( 158-159 පිටු )
"...යටින් ඉතිරිව තිබුණේ මාමා අන්වීක්ෂයක දමා පරීක්ෂා කරමින් විශාල තුවාලයක් සුවපත් කර ගැනීමේ අසරණ ස්ත්‍රී ප්‍රයත්නයකි. එය හොඳින් වටහා ගත හැක්කේ ද ස්ත්‍රියකට පමණක් ය" (187 පිටුව )
"නවසීලන්තයේ හරි වෙන රටක හරි ඉන්න දෙවෙනි පරම්පරාවට හරිම විහිළුවක් අපි තාම මෙහේ මුල් ගලවලා නැහැ කියලා.....ආර්ථික හේතු හරි දේශපාලන හේතු හරි නිසා රට අතඇරලා ගියාට මහ දූපතේ හැම නරක වැඩක්ම මැද ඒක අම්මාගේ උකුලයි, මහ ගෙදරයි, තමන්ගේ ඉස්කෝලෙයි තුනම වගේ දැනෙන එක නැවතුණේ නෑ. දැවිල්ල තියෙනවා." ( 160-161 පිටු ) මේ කථාවට නම් තනි ඇත්ත ය. ස්ථාවර පදිංචියකට නොවුන ද, වසර හයකට ආසන්න කාලයක් රටින් බැහැරව සිටි අයෙක් ලෙස මෙය තහවුරු කරමි. එලෙසින් ම නැවත ආ පසු ද, තමන්ගේ මවුබිම කෙරෙහි ඇති වන කලකිරීම ද සුළුපටු නොවේ. ඇත්තෙන්ම කාලයක් පිට රටක විසූවෙකුට දැනෙන්නේ නැවත ආව ද, නො ආව ද " Damn if you do, Damn if you don't" තත්ත්වයකට මුහුණ පාන්නෝ ය. මේ ටික කියා පාන්නේ දිනෙන් දින මෙහි විසුම ගැන කලකිරෙනා නිසාවෙ නි.

අනාගත ලෝකය්මත දිවෙන නවකතාවක්, ඒ අනාගතයේ දි පවා මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ
මුල් ස්වරූපික භාවයන් නොවෙනස් ව ක්‍රියාත්මක වන බැව් පෙන්වීමට කතුවරිය
දක්වා ඇති සමත්කම පැසසිය යුතු මට්ටමේ ය. ඉතින් මේ ගැලපීම ලිවිය හැක්කේ
මිනිස් ජීවිතය හොඳින් අධ්‍යයනය කල, අත්දැකීම් බහුල, ලොව පුරා සංචාරය කල
ඇත්තියක් විසින් පමණකි. මට මේ කෘතිය, මා බලාපොරොත්තු නොවූ අන්දමේ සාර්ථක
එකක් වීමට බලපෑවේ මේ ගැලපීමය.
No comments:
Post a Comment