Saturday, 11 June 2016

අසන්ධිමිත්තා - සමන් වික්‍රමාරච්චි


සමන් වික්‍රමාරච්චි ගේ අසන්ධිමිත්තා නවකථාව කියවූවෙමි. සාපේක්ෂ වශයෙන් කෙටි නවකථාවක් වූ මෙය, මා ද ඉතා කෙටි කලකින් කියවූවෙමි.

 මේ කෘතිය මට රසවින්දනයක් ගෙන කෘතියකි.  මෙහි පළමු කොටස, අසන්ධිමිත්තා ගේ කථාවේ, මහලියන නම් ඇගේ මිතුරාගේ මාර්ගයෙන් ලියැවෙන නවකථාමය ස්වරූපයයි. නවකථාකරුවා ද, ලේඛකයකු වශයෙන් නවකථාවේ චරිතයකි.

"මහලියන මහ හඬින් හිනාවෙනවා. එතන මම කළේ රඟපෑමක්. විකීගේ මන්තරය අමුම අමු බොරුවක්. එහෙව් එකේ මට කිලිපොලා යන්න අයිතියක් නැති වග මහාලියන සිහිපත් කර දෙනවා." (84 පිටුව )




කෘතියෙන් අර්ධයකට වැඩි කොටසක් "අසන්ධිමිත්තා" තම කථාව පවසන්නීය. මේ කොටස ඉතා වේගයෙන් කියවා හැකි ආරේ, සරල කියවීමකට පාඨකයා පොළඹවන සුළු ආරේ, හාස් රසය නොඅඩුව සපිරි රචනයකි. මේ දිග හැරුම තුල අප දන්නා කාලයේ, ප්‍රසිද්ධියට පත් වූ ප්‍රදේශ ( අසරණයින්ගේ ආරාමය ),  ප්‍රසිද්ධියට පත් වූ වාද විවාද ( වල්පොල රහල් හිමියන්ගේ සත්යෝදය කෘතියේ කියැවෙන බුද්ධ පූජාව පිළිබඳ මත ), ආදිය කැටිකොට ගත්මතුපිතින් සරළ යැයි පෙනෙන කථාන්දරයක දිගුහැරුමකි. මෙහි සමහර කොටස් ඕළාරිකයඑහෙත් එක් අතෙකින් මේ චෝදනාව වැරදි . කිම අප කියවන්නේ , අසන්ධිමිත්තාගේ ඉල්ලීම නිසා මහලියන ලියන නවාකථාවයි. අන් වචන වලින් පවසතොත්, නවකථාවේ කොටසක් වන  නවකථාව, ඉහළ ගණයේ එකක් වීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ.  ඉතින් නවකථාව තුල, දිගුහැරුම තවත් නවකථාවකින් සිදු වීමේදී, එය පරම විශ්වාසනීයත්වයෙන් සිදුවිය යුතුයැයි වාද කල නොහැකි යැයි මතයක් ගෙනහැර පැ හැකිය.  විකීගේ "සත්‍යෝදය" දහම් කොටස් පුනරුච්චාරණය, "අසරණයින්ගේ ආරාමය" වන් අප රට කලෙක තිබූ ස්ථාන නාම "අසරණියන්ගේ ආරාමය" ලෙස භාවිතාව ට ගැනීම, පෙර සඳහන් කල පෙර ලේඛකයා නවකථාව ලියන ලේඛකයා ලෙස ම නවකථාව තුල චරිතයක් වැ විසීම සහ අධිස්ථූල අසන්ධිමිත්තාගේ ජීවන තොරතුරු  ආදිය මිස, මේ පළමු කොටසේ එතරම් සුවිශේෂි බවක් නැත.

නවකථාව පිම්මක් පනිනුයේ, කථිකයා අසන්ධිමිත්තගෙන් ලේඛක  මහලියන මාරු වූ පසුව . එවිට ඉදිරිපත් කෙරෙන නව ආඛ්යායන රීතිය, මනෝවිද්යාත්මක විශ්ලේෂණ, අනාරක්ෂිතබාවය, මතිභ්‍රමය තත්ත්වයන් ආදිය ඉඟිකරමින් නවකථාව වඩා ඉහල තලයකට නංවයි. මේ කොටස පිටු ගණණින් සීමිත වුවද පාඨකයා තුල කුකුස වඩමවින්, හිච්කොක්ගේ කථාවක ආසන්න වින්දනයක් කරා පාඨක අප ගෙන යයි. මෙහි එන චරිත මීට කිසිදා හමු නොවූ ඒවා නොවන්නට පුළුවන. සමහර චරිත සුළභ චරිත විය හැකිය - නිදසුන් - වික්‍රමසේකර. එහෙත්, අවසන් පිටු පණස් හය තුල කථිකයා ලෙස මහලියන නවකථාවට වරෙක ගෙනෙන දෙගිඩියාව, වරෙක ගෙනෙන පැහැදිලි කිරීම - ( ඊළඟ අවිනිශ්චතාව නැගෙන තෙක්) , මේ කථාවේ ප්‍රගමනය ත්, පාඨක මනස ඇද බැඳ තැබීමටත්  හේතු වෙයි. අර්ථයෙන් සරල කථාවක් ලෙස ගලා ගිය නවකථාවක්, අවසන් පිටු පණස් හය තුල අමුතුම වර්ණ ගැන්වීමක් තුල, අපූරු භාව නිෂ්පත්තියකට හේතු පාද වී ඇත. 103 පිටුවේ සිට දිගැහෙරන් ඉතිරි පිටු පණස් හය පමණ, පළමු පිටු එකසිය ගණණේ සරල කථාන්දරයට නව අරුතක්, නව ගැඹුරක් එක්කාසු  කරයි. මදාරා-සමදරා සහෝදරියන් ගේ ගෙදර  ගිය මුල් දවසේම නැවතීමට ආරාධනා ලැබීම වැනි තරමක් බොළඳ කොටස් ද තිබුණ ද, සමස්තයක් ලෙස මේ කොටස, මහලියන තමන්ගේ ආඛ්‍යායනයක් ලෙස දිගහරිනුයේ, ලේඛකයා සැබැවින්ම කෘතිය තුල නවකථාවේ ලේඛකයා වන චරිතයෙන් ඔබ්බට ගොස් නවකථාවේ නවකථාවේ සිද්ධිමාලාව ට  ඍජුවම සබැඳි පුද්ගලයෙකි වීම ඔස්සේ ය.


සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා 2015 වසරේ ප්‍රකාශ වූ, කියවිය යුතු වූත්, අවධානයට ලක් කිරීමට සුදුසු වූත්, පාඨකයා වින්දනයක් ගෙන දෙන්නා වූත්, සාර්ථක පැත්තට වඩා බර කෘතියක් ලෙස දකිමි.


No comments:

Post a Comment