Tuesday, 31 May 2016

The Art of Disappearing - The Buddha's path to lasting joy - Ajahn Brahm


I started to read this book, upon being successfully convinced to do so by a close friend of mine- a friend, whom I have known for more than three fourths of my life. A deeply religious type ( unlike me ) , he managed to convince me to read this book,  not because he was my friend, nor due to his religious zeal ( I am wont to regard with circumspect mixed with caution, all those with religious zeal ), but rather due to his outlook at life, and the essence of happiness he tends to carry with his person or his countenance. I felt that maybe he was trying to pass a massage to me, which he mayn't be able to pass on to me by his own words.

 I have many - probably around fifty or sixty books on Buddhist philosophy written by reputed Buddhist scholars in particular, which always gets postponed in winning a reading slot ( I have read a few chapters in most of these, more than half in many others etc. ). 
Most of those written by University based intellectuals, explore "The Philosophy of the Buddha", weighed, measured and based with modern standards of knowledge as a scale. They are a criticism on another body of knowledge as they are wont to treat Buddhist Philosophy.   Upon completion of many of these, no doubt I will become more knowledgeable about Buddhism. I would know more facts, and possibly possess more points of views to nurture a dialogue etc. But does it assist me in following the path recommended by the Buddha, towards liberation ? No. They are at best, well written books on Buddhist Philosophy. They are most excellent treatises if one's hunger is to become knowledgeable about "Buddhist Philosophy" as categorized by schools of philosophy. I am afraid that  this includes the Abhidhamma as we learn it from books today. Then there are the other  types of books, which hold every word present in the Buddhist commentaries, as the absolute truth. While it is still possible to disregard these references and glean out the real Dhamma in them, they are to some degree an exercise of scholasticism  , which add work more , and which is not my intention in reading a book on Dhamma. (  This in no way is a criticism on others who read the two types of books referred above. It is only my account, upon long years of reading these two types of books. )

What is different about this book ? The most attractive thing about this book is the simplicity that it is written in. It is written in a style that makes the reader convince that maybe meditation wouldn't be too difficult a thing to venture upon. That it is must be a rewarding experience, if a Cambridge graduate of theoretical physics, a scholarship winner, gave all that up, to don the robes. Then in these eleven concise essays he dwells on how to begin meditation, how to look out for distractions, how to avoid pit falls and how to make progress with meditation.

I make the following extracts as   demonstrations to build my case on the usefulness of this book:

------------------

"When you disengage from the outside, meditation just happens. It’s important to realize that you don’t make it happen. I don’t like it when people teach others to use willpower to watch the breath. It’s better to use wisdom power. Through wisdom you see that the world is suffering, and then you disengage, you get nibbidā. you can’t do anything else; it’s an automatic reaction. So understanding suffering and disengaging are the base that you always come back to. And the more you disengage the easier it is to meditate. When I say easier, it’s just that meditation happens, that’s all."
-------------------------


 "Once you start to taste the stillness in the mind, it’s terribly addictive. It’s meant to be. It’s a good thing because the addiction of the mind to stillness is what’s going to drive you deeper toward nibbāna. The Buddha actually said that attachment to deep meditation can lead only to the stages of enlightenment (DN29). you don’t have to be concerned or worried about the addiction to letting go. This is the pleasure, joy, and path of monastics. It’s their freedom. It’s an addiction that leads to more and more fading away and letting go. Nibbidā increases and it pushes you  away from the world."

------------------------

"To make this sort of practice truly effective, use caring attention. Caring attention is not just being mindful but also looking upon those feelings with gentleness and compassion. you’re not just aware of the sensations, but you’re kind and gentle with them. Kindness and gentleness, along with mindfulness, make it easier both to engage with the object and to calm and tranquilize it. For example, if you have aches in the knees or some sort of tension in the body, you’ll find that using mindfulness, plus a little bit of compassion for yourself,makes it easy to maintain   your attention on the body."

-----------------------


  "Don't go looking for insights at this stage. Don't get into thinking and trying to understand things. Understand stillness - just one thing. The great thinkers in this world can think, but they don't necessarily have a deep understanding. There are very few people who can get their minds still and peaceful, so become one of those few. See how much stillness you can create, or rather, allow to occur, in your mind. The truly calm mind is so still that hardly anything happens in it. Don't be afraid of the dullness that initially may be a result of the stillness. The dullness soon disappears, and the stillness becomes a vibrant, powerful, and full of energy. The still energy - that's the one to go for. In deep meditation there's absolutely no motion, and you've got more energy than a nuclear reactor.

It's a great practice. As the mind does less, it has more energy, and in time the mindfulness becomes incredibly powerful. With the power comes great brightness - a naturally caring and energetic brightness. When you have happiness and the compassion that comes with it, its easy to go deep into the beautiful breath meditation."


At the time of writing this , I haven't started practicing any meditation.  But if ever I am to give meditation a try, this book did the trick of convincing me (I may still never do it, given my inclination towards more material things in life).  It also convinced me that maybe I don't need to wait till I meet this perfect guru to start up on meditation. This itself is a change in my attitude towards meditation, it being something I've hitherto postponed for years later, given that my love for family life and desire for books on various subjects and music is such. As for my friend, I may never thank him, just as I never say sorry to him - or he to me - we be beyond those terms. Yet, I may share this with him - and I am almost sure the fellow will not read it.

( Note that this is no way a so called "criticism" of this book. This is just a tale about what convinced me to read this book, and my feelings upon completing this, a couple of weeks back - delayed in putting into writing by various other factors. )
         








Friday, 13 May 2016

සඳුන්ගිර ගිනිගනියි - සුනේත්‍රා රාජකරුණානායක



සුනේත්‍රා රාජකරුණානායක පළමු වරට 1989 දී පළ කල, ඇගේ කුළුඳුල් නවකථාව කියවුවෙමි. මා සතුව ඇත්තේ 2012 නිකුත් වූ සත්වෙනි මුද්‍රණයයි. සැලකිය යුතු පිරිසක්, මේ කෘතිය ඇගේ හොඳම ලෙස සැලකූ හෙයින් කියවන්නට සිතුවෙමි.
මෙහි එන ප්‍රධාන චරිතය වන කුසුමාවති, තමනට ආදරයක් හෝ රැකවරණයක් හෝ ලබා නොදෙන තමන්ගේ මවගෙන් ඈත් වී, කොළඹ ගෙයක සේවය කිරීමට යාමත්, අවුරුදු දහයකට වැඩි කාලයක් එහි විසුමෙන් අනතුරුව, තම ගම පළාත  වන පැල්මඩුල්ලේ කඳුකර ගම්ගොඩේ පුරුෂයකු හා සරණ බන්ධනයකින් පසුව එහි විසුමට පැමිණෙන්නිය. කොළඹ ජීවිතයට පළමුව නුහුරවක් දැනීම, ඊට අවශෝෂණය වීම සහ අනතුරුව තම ගමට පැමිණිමෙන් පසු ගම හා ඇති අති මහත්  දුරස්ථ බවත්, විදහා දක්වමින් නිර්මාණය වූවකි.

ඇත්තෙන්ම නවකථාවේ කථාන්දරය, මෙය ලියවුණු 1989 යුගයේ නැවුම්බවක් ගෙන දුන්න විය හැකිය. එලෙසම ලේඛිකාව ඉතා ශූර නිර්මාණයක නිරත වන්නි, කොළඹ වෙසෙන පිළිවෙලකට හැඩ ගැසුණු උදවිය වඩා අර්ථවත් ය‍යි වරෙක ද, ඊළඟ නිමේෂයේ,  මේ ගම්ගොඩවල් වල මිනිසුන් ඔවුන් ජීවත්  වන අයුරෙන් විනා වෙන කුමන අයුරින් ජීවත් වන්න දැයි, දෙපැත්ත ම පාඨකයා  විසින් සාධාරණීකරණයකට පෙළඹෙන්නේ ය.


එනම් මේ දෙපාර්ශයේම ගුණ සහ දොස් ඇත. මේ දෙපාර්ශවය අතර පරතර උත්තරද්‍රැවය සහ දක්ෂිණද්‍රැවය තරම් යැයි සිතේ. නවකථාව 1989 දී පළ වුවද, භාවිත වන මුදලේ වටිනාකම ආදිය නිසා, කෙන්ද්‍රගත කාල පරාසය 70 දශකයේ මුල සිට 80 දශකයේ මුල යැයි සිතේ. කතුවරිය පෙරවදනේ , මෙහි බීජ අවස්ථාවන් 1985 දී ඈ ඕපනායක්, හත්තැල්ලේ සේවය කරන අවදියේ තම සිතේ රෝපනය වු වගක් පවසා ඇත.. එනම් අද ට වඩා නගරය සහ හද්දා පිටිසර අතර පරතරය  වඩාත් තීව්‍ර වූ යුගයකය. එනම් "නගරය ගමට යෑමට" බොහෝ කලකට පෙර ය.

මේ කථාව ලියැවුණු යුගයේ, මේ කියනා ප්‍රදේශ අතර දිවි ගැලපීම "යා දෙක නොරත රත" යන්න ඒත්තු ගැන්වන්නකි. අද වන විට මේ කියනා ගම් දනවු බොහෝ නාගරීකරණය වී ඇතිවාට සැක නැත. ඒ අනුව, මෑත ඉතිහාසයක අප රට නගරය සහ ගම අතර වූ දුර කෙතෙරම් දැයි සිතුවිල්ලක නිමග්න වීමට මෙය අපූරු නිමිත්තකි.

මෙහි  එන කුසුමාවති වැරදි නැත - ජයසේන වැරදි ද නැත - කුසුමාවතිගේ නැන්දම්මා වැරද ද නැත - කොළඹ ලොකු හාමු හෝ බන්ටි නෝනා හෝ වැරදි ද නැත.  කුසුමාවති ට වසර දහයක වෙනස් පරිසරයක් විසුමෙන් පසු ව ඈ  තම මූලයන්ගෙන් ඉදුරුණු  ඇත්තියකි. ඇගේ කුඩා කල අත්දැකීම්, ඇගේ ස්වාධීනත්වය,  ඇගේ පසු කාලීන මානසිකත්වය තීව්‍ර කරන්නකි. අනෙක් පැත්තෙන් කොළඹ ඈයන් ට කෙතෙරම් ලන්ගතු වුව ද, කෙතෙරම් එම දිවියට  කෙතෙරම් අනුගත වූ ව ද, ඇය ට සාධාරණයක්, එනම් ඇගේ දිවියේ ඉතිරි අදියර ට අදිතාලම දැමීම ට කොළඹ ඈයෝ පමා වූ බවත් පිළිගත යුතු සත්‍යයකි.





පහත සඳහන් සිතුවිල්ල කුසුමාගේ සිතේ ඇතිවන්නේ ඈ කොළඹ නිවෙසට ගිය දිනය :
"මේ මහ රාත්තිරියේ දත් මදින, මූණ හෝදන මෝඩ වැඩේ නං මහ කරදරයක්.... බුදිය ගන්න ඇඳුම් මොට ද? කුසුමෙගෙ ඔළුව ආයෙමත් අවුල් වුණා" (78 පිටුව )

අනතුරුව, වසර දහ-දොළහක් ඇවෑමෙන් තම සැමියා සමඟ සයනය බෙදා ගනිද්දි කුසුමා තුල ජනිත වන සිතුවිලිය, පහත දැක්වෙන්නේ.

"රෑට දත් මදින්න පුරුද්දක් නෑ. රෑට කන කරවලවල ඌරල් ගඳයි, බුලත් විට පල්වෙච්චි ඒවයි කටේ තියෙද්දි ළං වෙනකොට ජයසේනගේ මුණ මගාරින්න කුසුමගේ මූණ එහාට මෙහාට හැර වෙන්නේ වයින් කරපු බෝනික්කෙක් වගෙයි."

කුසුමාගේ වෙනස් වීම තේරුම් ගැනීමට මෙය ම පමණක් වුව ප්‍රමාණවත් ය. ඉතින් ඒ වෙනස් වීමට ඈත දෙස් තැබිය හැකි ද ? කිසිදා ගම්දොඩෙන් එපිට නොයන ජයසේන ට දොස් තැබිය හැකි ද ?


ඉදින්, මෙවන් නවකථාවකට , වඩා ඖචිත අවසානයක් - එනම් අසම්පූර්ණ, අතීරක අවසානයකින්ම නවකථාව සමාප්ත කිරීම සාධාරණය. කිම ද, මෙහි මතුවනව අන්තර්-සංස්කෘති ගැටුමට පිටු 250කින් තීන්දු තිරණ දීම නොකල හැක්ක කි. ලේඛිකාව මෙතැනදී ද, තම ප්‍රඥ්ඥාව, නිර්මාන‍ය තුල ට ගොණු කර ඇත්තා සේ ය.

සිතන්නට යමක් ඉතිරි කරන, ලියැවුණු කාලය අනුව තරමක් විවාදාත්මක ද, නිර්මාණයක් ලෙස හුදෙක් කථාන්දරයකින් ඔබ්බට ගිය සාර්ථක නිර්මාණයකි.

මෙය මා ලේඛිකාවගේ කියවූ සත්වැනි නවකථාවයි. ඉන් මුල් තැන ගන්න කෘති තුන හතර අතර්ට මෙය ද ඉදිරිපත් කිරීමට නොපැකිලෙන්නෙමි.

Sunday, 8 May 2016

නැති වුණු දෙවිවරු - එරික් ඉලයප්ආරච්චි


භාවාතිශෝක්තියෙන් විනිර්මුක්ත වීම එරික්ගේ කවියේ සළකුණ යැයි සිතමි. භාව ජනනය අප බොහෝ කවියන්ගේ ලකුණක් නම්, කව් නිමිත්ත ට එපිටින් සිට, උපමා-උපමේය ආදිය භාවිතවෙන් යම් උපෙක්ෂක නෙතකින් කව් නිමිත්ත ගැන පබැඳුම එරික්ගේ ක්‍රමය දෝ සිතේ. ඉදින්, ඊට කැමැත්තෝ ද, අකමැත්තෝ ද වෙති. මා මින් කුමන ගණයට අයත් දැයි මම තවම නොදනිමි. ඔහුගේ කවියට කැමති ගණයට ආනත යැයි සිතමි. මේ මා කියවු එරික්ගේ තෙවෙනි කාව්‍ය සංග්‍රහයයි. මෙතෙක් නොකියවූ "කේ.කේ." කාව්‍ය සංග්‍රහයත්, "මැදියමේ ගීතය සහ තවත් කවි" නම් වූ පෙර සංග්‍රහ වල කවි එක්කාසුවත්, ලක්දිව අප නිවෙසේ රාක්කයක මා එනතුරු බලා සිටී - එනම් මා දිගටම එරික්ගේ කාව්‍ය සංග්‍රහ මිලදි ගැනීමට පෙළඹි ඇත. එහෙත් මා කියවූ එක් සංග්‍රහයක ට වත්, මට තරු තුනකට වඩා ලබා දීමට නොහැකි වී ඇත. සමස්ත වශයෙන් මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ ව ද  කිව හැක්කේ, එරික්ගේ කවීත්වයට කැමති පාඨක පෙළ තව දුරට ත්, රඳවා ගැනීමට සමත් මුත්, මේ නිර්මාණය හරහා ඔහු නව පාඨකයන් දිනා ගන්නේ යයි සිතිය නොහැකි බවයි (සමහර විට සම්මානයක් දිනුවහොත් මේ තත්තවය වෙනස් වනු ඇත. ඔහු මීට පෙර කවි සඳහා සම්මානයට පාත්‍ර වී ඇත ).  අන් වදනින් කියන්නේ නම්,  "අලුත් මාතෘකා" උදෙසා ලියැවුණු එරික් ගේ පැරණි ආරේම කවි එකතුවකි මෙය. ආකෘති හරඹ වලින් අවම වූත්, සුපුරුදු වියළි, නො ඇළුණු ස්වරයෙන් රචිත, එහෙත් ලොව බොහෝ දේ දැක එය තම කවියට නිමිත්තක් කරගන්නා එරික් ඉලයප්ආරච්චි, තමන් දැනටම දිනූ පාඨකයන් වෙත, තවත් මීට පෙර ආරේම රසයක් ගෙනෙන ආරේ කාව්‍ය සංග්‍රහයක් ප්‍රදානය කොට ඇත. ඔවුහු තව දුරටත් ඔහුගේ කවියෙන් තෘප්තියට පත්වන්නෝ ය.

ඔහු ලියූ  "පිත්තල හන්දිය" සහ " මගේ කොළඹට හඳ පායයි" හි කවියේ දිගුවක් මෙනි, "කොළඹ අලුයම දසුන" මා දුටුවේ. ඔහු දකින්නේ නැවත පෙර දින ලෙස දින චක්‍රයට සූදානම් වන බලාපොරොත්තු මිල දි ගත් කොළඹකි. කොළඹුන් ට එසේ බලාපොරොත්තු මිල දි ගත නොහැකි නම් විකල්පයක් ලෙස ගෙළ වැල දා ගත  හැක.

"නුඹ කුස ගෙලේ වැලලා
මියගිය දුගී අඩ සඳ
පොළොවට ගෙනෙනු නොහැකිව
වළලයි වල සොහොනක

ඉපැයූ රැයේ මුදලින්
දවසක් මිලට ගනු රිසි
 වෙසඟන බඳියි මුහුලස
බලමින්  කිරණ කැඩපත"

එරික් කාව්‍යකරණයට උචිත උපමා-උපමේය යහමින් භාවිත කරන මුත්, මෙවන් කව් වලට වඩා උචිත, මාතෘකාවට නොබැඳුනු ස්වරය ආරෝපනය කරගන්නේ කෙසේ ද? ඒ විකුමේ රහස, ඔහු භාවිත කරන සම මාත්‍රා ගණනකින් බැඳුනු කෙටි පද පේළි  ද ?

ඔහු  "පැරණි මඟුල් පින්තූරය" නම් කවියෙන් ද, වෙනස් වන ලෝකය ඉදිරියේ පෙර පැවති සබැඳියාවන්, වර්තමානයේ වෙනසට භාජනය වන  අයුරු නොසැලි දකී. නවීනයෝ,  නව මානයෙන් නිරීක්ෂණ කරන්නෝ වෙත, උපෙක්ෂක නෙතක් හෙළන්නේ, ඒ මතැ සිට කව් පබදලන්නේ ය. ඔහු භාවිත කරන පස්මත් විරිත මේ උපෙක්ෂක ගුණය තීව්‍ර කරයි යැයි සිතමි.

"ඔබේ දරු මුනුබුරන්
වෙසෙන නව දේශයෙහි
කාලයේ පා පහර
අතුල් අවමන් පහර
නොදෙයි අවසර නොදෙයි
පැරණි කැමරා ඇසින්
විවාහය දෙස බලන
ඉසුරුමුනි ගල්වඩුට"



මෙහි එන "ත්‍රී වීලර් කවි" යන්න නම් එරික් ගේ විශිෂ්ඨත ම නිර්මාණයකි. පස්මත් විරිතකින් පෝෂිත, රිද්මයෙන් අනූන අපූරු කවි පංතියකි. එහි එරික් ට ආවෙණික, නො ඇළුණු බව සමඟ, සියුම් උපහාසයක් ද, අප සමාජයේ හොඳ-නරක දෙකේ "නිති පෙරළීම" පිළිබඳ යථාර්තවාදි  පද බැඳුමකි, මෙය. සියුම් ලෙස පද බෙදීමේ, විරාම රීතිය අදියත් හේ තම ගෙත්තමට ආධාර කර ගෙන තිබේ.

"පන්සලට ගිය ගමන
නිමා කොට එන අතර
නඟින විට වසවර්ති
මාරයකු ඉවත් කර
එහි රැඳුණු මල් සුවඳ
 - චේ තමයි පින්තූරෙ

මනමාල යුවළකට
මල් කළඹ භාර දී
හැරෙන විට මංසලෙන්
පිම්පියෙකු අත වනා
ළැඟට කැන්ධවන විටදි
 - චේ තමයි පින්තූරෙ"


කවියා ට තමන් රූපවාහිනි තිරයේ බලන නාලිකා සමූහය තුලින් ලොව නොතිර බව, සිත රවටා ගැනීම, විනෝද වීම යන විවිධ සිතුවිලි හට ගැනීම ද කව් සිතුවිලි වලට නිමිත්තකි. මෙහි වික්‍රමය නම්, මේ අනේකවිධ මාතෘකා ඔස්සේ කවියා සාර්ථක නිර්මාණ බිහි කිරීමට ඇති හැකියාව යි. සනාථ කරයි.  "ඩිස්කවරි" නම් කවි පංතියේ කව් දෙකක් මෙලෙස ය.

"විසිවෙයි බලන පුටුවෙන්
දුටු කල අයිස් පර්වත
දිය වී ලොවම යට කොට
මතු දින කරන ව්‍යසන

...

අපොයි සුළු දෙයකි විසඳුම
නවතන සියලු ව්‍යසන
තිරයට ගෙනෙමි භාරත
සිනමා පටක සුමිහිර"



එරික් ගේ කවිය සතුටක් නූපද්දවන මුත්, එහෙත් දුක දෙස නො ඇළි, අතිශය  ලෙස සංවේදි නොවී, මැදහත් බවක් ම නිරූපනය කරයි.  වෙසෙසින් කොළඹ අවලස්සන, මෙතරම් සාර්ථක ලෙස කවියට නගන අන් කවියෙක් මතකයට නො නැගෙයි.

"උදා මිහි මුව අරින ඈනුම
කසළ වළකට වඩා දුගඳයි
සිහින බොජුනෙන් ඉතිරි බත් ඇට
නරක දත් මැද රැඳි කුණු වෙයි

තැඹිලි නටුවෙන් මදින දත් ටික
සුද ලබන්නට බැරිව සෙලවෙයි
උගුර හාරා දැමූ සෙම පිඩ
කාස ලකුණක් සමඟ වැළලෙයි"

 ප්‍රේමය, එරික් නිතර කවියට නගන මැයක් නොවේ. එහෙත් ,මෙහි එන "අවසන් ලියුම" ද යම් නැවුම් බවකින් පිරි ආදරය පිළිබඳ කවියකි. වර්තමාන සමාජයේ පෙම්වතුන් සුහද සිතින්  වෙන්වීමට එකඟ වීම සාපේක්ෂ ව සුලභය. එය නවීන ලොවේ වෙසෙසින් බටහිර බොහෝ සුලභය. ඇය, නික්මුණු තම පෙම්වතාගේ අවසන් ලිපිය කියවයි. මාත්‍රා එකොළස බැගින් රචිත කවිය, අවසන් ලිපියේ කොටස් අඟවනු වස් එය ලියැවී ඇත්තේ නිසදැසිනි:

"සිතක ඇති ආදරය නිවා දා පහන ලෙස
ඉඩ දෙන්න ඉත සිතින් සිනාසී සමු ගන්න

එකට එක්වී දෙදෙන ඇරඹි ලෙස ආදරය
සමු ගන්න අත වනා ඈත යන පිළිරුවට"

එනුමුදු ඇය, ඔහුගේ ඉල්ලීමට ඉඩ දුන්නි, සිතින් තවෙන්නි, තම ආලය ඉතා සියුම්ව අඟවන්නීය.

"යුගල ප්‍රතිමා නෙළු
සත් වසක ආලයට
දැන් ඉතින් ඉඩ දෙන්න
නෙළන්නට නොවැලපෙන
ඔබේ තනි ප්‍රතිමාව"

මේ දින වල මා කියවමින් සිටින කෘතියකි, අග්‍රගණ්‍ය නවකථාවක් ලෙස සැලකෙන, "ලොලිටා". එහි හම්බර්ට් නම් වූ කථිකයා ගේ හැඟීම් වල බලවත්කම, ඔහුගේ හැසිරීමේ සාධාරණීකරණය ඉඟි කරනා අපූරු කවි පංතියකි, "ලොලිටා මල":

"මගේ ලොලිටා කෙල්ල වූ මල
විදා ඇස්වල කොමල වියරුව
සවස වැඩිහිටි මවෙත යොල්මු කළ
බැල්ම සිහි වී මහද පෑරෙයි"

...

"අධම බලහත්කාර රැයකට
ගොදුරු වුණු මල යමක් මුමුණා
තැළී ගිය පෙති කමල ඔසවා
මගේ උර මත වරද පටවයි"

එනුමුදු බොහෝ කවි මැ ලෙස, කවියා තෝරා ගෙන ඇත්තේ රටේ හෝ ලොවේ හෝ සිදු වූ කාලීන සිදු වීමක් ය ; නැතිනම් ලෝක ප්‍රසිද්ධ කලා කෘතියකි. ඊට කවියා ගේ ආත්මගත නො-ඇළුණු කව් ලකුණු එක්කාසු වූ විට, පාඨක සිතේ ද ඇති කරන්නේ කවියෙකු පුවතක වනනායුරු මිස, කම්පනයක් හෝ අලංකාරයක් නොවේ. අලංකාරය අවම වීම තුලින් ඒවා රසවත් නොවන වගක් නොකියවේ. මගේ විශ්වාසය නම් මේ එරික් ගේ කව්-ලකුණ ම මිස, කවියේ දොසක් නොවේ. නිදසුන් ලෙස "ටෙක්නිකල් හන්දියේ ගිනිබත් අවන් හල", "ප්‍රපාතය අද්දරට", "විල්පත්තුවේ දී" "මැජස්ටික් සිටියේ දී", ""කිචි බිචි මැෂිම", "අටමාකා දුරදක්න", "ලොලිටා මල" ආදි නිර්මාණ නම් කල හැකිය.

මෙහි මා සඳහන් කල කවි කිහිපයට අමතරව, මා සිත් ගත් අන් කවි පංති කිහිපයක් නාම මාත්‍රිකව සඳහන් කරන්නේ නම්, "නැති වුණු දෙවිවරු", "සහෝදර මරණය","පළවෙනි රිචඩ්","කේ.කේ." සහ "රෑට ලුණාව" ආදිය නම් කල හැක.

පෙර කීවා සේ, එරික් ගේ කවි මීට පෙර කියවා රස විඳ ඇත්නම්, මෙය සොයාගෙන කියවන්න. එරික්ගේ කවි ස්වභාවය ඔබට දුරස්තර, නම් එය මේ තුලින් ලං නොවනු ඇත. කිසිදා එරික්ගේ කවියක් කියවා නැතිනම්, අප රට නිර්මාණකරණයේ යෙදී සිටිනා අපූරු කවියෙක් හඳුනාගන්න. සැසඳීමක් කිරිමට තරම් මා ටී. ඇස්. එලියට් කියවා නැතත්, කියවා ඇති ස්වල්පයෙන් නම්, කවි ආරේ යම් සමානතාවක සෙවනැල්ලක් තිබේ දොයි මා සිත මගෙන් ප්‍රශ්ණ කරයි (මෙහි සිටිනා කවිය මට වඩා හොඳින් තේරුම් ගත් පාඨකයින්, වියතුන්, මේ සැසඳීම වැරදි නම්, මට කමා කොට, හැකිනම් හේතු ද සපයන මෙන් ඉල්ල සිටිමි ).

Thursday, 5 May 2016

"Ask her if she still keeps her Kings in the back row"





"You've got a lotta nerve to say you are my friend
When I was down you just stood there grinnin'
You've got a lotta nerve to say you got a helping hand to lend
You just want to be on the side that's winnin' ...

You see me on the street, you always act surprised
You say 'how are you?', 'good luck', but ya don't mean it
When you know as well as me, you'd rather see me paralyzed
Why don't you just come out once and scream it ...

I wish that for just one time you could stand inside my shoes
And just for that one moment I could be you
Yes, I wish that for just one time you could stand inside my shoes
You'd know what a drag it is to see you"
                                        ( "Positively 4th Street" - Bob Dylan )

         Salinger's novel "The Catcher in the Rye" features the word "phony", as part of the main character Holden Caulfield's narration, no less than forty-six times. It is highlighted here, along with a lyric on the same lines, to present the mindset of  the individual that carry this novel. For example following are his thoughts upon seeing a certain piano player, upon the latter's performance in a bar, in which the former had no business to be in, in the first place. 

"
Anyway, when he was finished, and everybody was  clapping their heads off, old Ernie turned around on his stool and gave this very phony, humble bow. Like as if he was a helluva humble guy, besides being a terrific piano player. It was very phony--I mean him being such a big snob and all. In a funny way, though, I felt sort of sorry for him when he was finished. I don't even think he knows any more when he's playing right or not. It isn't all his fault. I partly blame all those dopes that clap their heads off--they'd foul up anybody, if you gave them a chance. " 
On another instance he meets this "Navy guy", with a girl his brother used to date:
"The Navy guy and I told each other we were glad to've met each other. Which always kills me. I'm always saying "Glad to've met you" to somebody I'm not at all glad I met. If you want to stay alive, you have to say that stuff, though."
 
Holden, postpones going home, after his latest expulsion from a school, and the novel is but the 3-4 days within that period, prior to his going home. We come across an exhaustive account of the sixteen year old's mindset, as he talks about his dormitory friends, his feelings towards his crushes, what he considers as genuine, and the huge numbers of people he terms as "phonies". Thus we are presented through a first person narration, of an adolescent trying to find his place in a world, that he finds somewhat difficult to adjust. We find that he has two kinds of people he appreciates - those who stood their ground for what they believed and those who has time for him. A school mate who jumps to death rather than going back on his stand, represents the former category, while his siblings (including one that has passed away),  and a teacher who has time for him come under the latter one.

This is a narration about a youth, who finds growing up a challenge. He misses home, through his siblings, but not necessarily his parents, who mayn't have had time for him. He finds many things to be pretensions, and abhors it. Yet, as in the above quote, where he meets this Navy man, and owns that "if you want to stay alive, you have to say that stuff". It is not that he cannot understand the niceties and the role they purpose either, as that quote shows.
The novel ends with the slightest indication of hope, hinting that he works it out. It was finally his sibling's  attachment which worked for him, despite some solid, almost "beyond his age" advice that he gets from a caring teacher.
The beauty and depth of the novel is in the fact that the whole narration is, from the mindset of the sixteen year old  Holden. The memory of his deceased brother haunts him, no end. 

"In the first place, I certainly don't enjoy seeing him in that crazy cemetery. Surrounded by dead guys and tombstones and all. It wasn't too bad when the sun was out, but twice--twice-- we were there when it started to rain. It was awful. It rained on his lousy tombstone, and it rained on the grass on his stomach. It rained all over the place. All the visitors that were visiting the cemetery started running like hell over to their cars. That's what nearly drove me crazy. All the visitors could get in their cars and turn on their radios and all and then go someplace nice for dinner--everybody except Allie. I couldn't stand it. I know it's only his body and all that's in the cemetery, and his soul's in Heaven and all that crap, but I couldn't stand it anyway. I just wish he wasn't there."

The death of his kid brother is probably at  the root of his mental state. The confused mind that doesn't know what he should be doing next , is presented in all it's perplexity and muddle headedness.

I suspect that this book may not be everybody's cup of tea.  But I found it in relation to other American novels (e.g. Saul Bellow's "The Adventures of Augie March" and to a lesser extent to Donna Tartt's "The Gold Finch" ). While Bellow presents Augie for a longer period of time through his narration - possibly a decade or so - we see Holden for just a couple of days. I felt that the only way to have a close up with the character of Holden was to have it limited in time span, such as here.  In essence Salinger has created a character that will be etched in the reader's mind for a long, long time.