Monday, 22 January 2024

මමත්වතා - ඉසුරු චාමර සෝමවීර

 අද උදෑසන වන තෙක්, අන් පොත් කිහිපයක් කියවනා අතර, කවි පොත් දෙකකට ද දවසක් හැර දවසක් හෝ වේලාව උත්පාද කර ගත්තෙමි. එකක්, මා ගිය වසර අවසන කියවීමට තනා ගත් සැලැස්මට ඇතුලත්, ලක්ෂාන්ත අතුකෝරාල ගේ 'ලියසැව් ලිහී ගිය ගනසාමඬුලු" ය. එය කියවීම හේතුන් දෙකක් නිසා මන්දගාමීය (ඒ පොත ගැන යමක් පවසන දිනෙක වැඩිවිස්තර පවසන්නම්). අනෙක මීට සතියකට - දින දහයකට පමණ පෙර, අන් පොතක් එක්කාසු කරගැනීමේ අටියෙන් සරසවි පොත් හලට ගොඩ වූ විට නෙත ගැටී මිල දී ගත් ඉසුරු චාමර සෝමවීර ගේ "මමත්වතා" ය. අද උදැසන එහි කවි පොතේ කවි 45 ම වරක් හෝ බලා අවසන් කෙරුවෙමි. එහි සරලත්වයත්, ඒ සරලත්වය තුල සැඟ වූ ගැඹුරත් එම කවි පොත ඉක්මනින් කියවීමට හේතු සාධක වූයේය. තාණ්ඩව, සහ අප දෙදෙනා මැද මහ මුහුද අප ට ගෙන ආ, ඒආශ්චර්‍යයක් බඳු වූ සරලත්වයක ගැඹුරේ ම අලුත් මානයක්, අප ට මහත් වින්දනයක් ගෙන ආවේය.


මා සිත් ගත් කවි කිහිපයක් තැන නතර වෙමි.

"හැරෙන්නත් බෑ දැන්
පරක්කුයි

බදාදා පොළෙන් ගෙනැවිත්
ගෝවා, තක්කාලි
බටු, මෑ කරල්, කංකුං
බිත්තර, හුරුල්ලන්
ශීතකරණයෙ අසුරමි

ඔෆිස් යමි, එමි
නාඳුනන මුහුණක
යම් හුරුපුරුදු ලකුණක්
සොයා මොහොතක් නවතමි

..."

40 නම් වූ මේ කව සිතට දැනුන එකකි. වෘත්තීය ජීවිතයේ පෞරෂත්ව වර්ධනය වෙනුවෙන් වූ අනේක පුහුණුවීම් තිබුන ද, ඒ මගින් රටාවෙන් මිදීම ගැන උපදෙස් ලැබුවද,  (සහ වෘත්තීය අවශ්‍යතා හේතුවෙන් යම් සුළු වෙනස්කම් සිදුකරගත්ත ද,)  'හැරෙන්නට බෑ දැන් - පරක්කුයි' - කිමද අවදානම් නොගන්නා අප ජීවිත මතින් රෝපනය වන බීජ පැළ වලට අවදානමක් ගෙන ආ නොහැකිය. අපූරු කවියකි.

"උන් මාව දන්නවාද ?
මං උන්ගෙන් එකෙක්ද ?
මට සැකයි
තමුන් ගැන තීරණ ගන්න බැරි
එක එකා එක්කහු වෙලා
මහජනතාව වෙනුවෙන්
තීරණ ගන්නවා

...

අනේ මන්දා
ඇයි නන්දා එහෙම කිව්වේ

මහජනතාව
මහ බයක් ගේනව"

ලංකාවේ මහජනතාව නම් අතිශය බහුතරය නම් කිසිදු වරප්‍රසාදයක් නොලත් කොටසේ එකෙක් වීම ඇත්තෙන්ම මහ බියක් ගේන්න හේතුවක්ම ය. කිමද ඉහලම තැනේ සිට ට්‍රැෆික් පොලිසියේ රාළහාමි දක්වාම ඇත්තන් ඇත්තේ අපට ඉහළින් ය. ලක්ෂ දහයකට ජීවිතයක් ලඝු කෙරෙන ජීවිත සතු මහජනතාවගේ අයෙක් වීම ඇත්තෙන්ම බියට කාරණයකි. දෙකට නැමී වන්දි මුදල් ගන්නා ස්ථාවරය කුඩු පට්ටම් වන දිනයක් දක්වා ම මෙම අවධානම පවතිනු ඇත.

එක්තරා වයසකින් පසුව, පෙර මතක, පැරණි සබඳතා - ඒවා අලුත් නොකර ගත්තද - දෛනික ජීවිතයේ ඒකාකාරි රසය පිරි බනිසේ හමුවන මුද්දරප්පලම් මෙනි.

"ඔබ තුලය තාරා
මඳහසෙහි රාධා
බැල්මක සිටී සීතා

ඔබ

පොලිතින් මල්ලක
එළවළු ලාගෙන
මාළු මැස්ස ළඟ
සාලයන්ට කේවල් කරමින්
මා නොදකිමින්"


කෙවල් කරමින් දෛනික ජීවිතයේ සුළු ජය ගැන සතුටු වන ජීවත් වන ඔබ ද එවන් තත්වයක් විය හැක.

මෙහි අප ට ළබැඳිව අප ආමන්ත්‍රණය කරන ආරේ කවි පංති බොහෝමයකි. එහෙත් කවි එකතුවේ සාරය තේරුම් ගනු වස් ඉහත නිදසුන් ප්‍රමාණවත් වගය, අප විශ්වාසය. මහළු සිංහයෙක්, දෛනික තේ කෝප්පය, සිහින නිවහන, වන දෙවඟන, ඔපූට, මා, ආදි රසවිඳි කවි පංති බොහෝමයකි, මෙහි. එතරම් සාර්ථක කාව්‍ය සංග්‍රහයක් වුව ද, ඉසුරුගේ තාණ්ඩව, සහ අප දෙදෙනා මැද මහ මුහුද තරම් ම මෙහි කවි මා සලිත නොකල බවද කිව යුතුය. එහි කවි වල තිබූ වඩාත් නිදහස වෙනුවෙන් වූ කැමැත්ත, සුලභ නොවූ කවි මැයන්, තමන් කැමති විදිහට ජීවත් වීමේ ඇති ආශාව වෙනුවට,  දැන් ජීවිතය දෙස වඩා උපේක්ෂාවෙන් බැලීමක කවියා නිරත වනවා සේ ය, මේ කවි කියවනා විට අපට දැනුනේ.

එහෙත් සිංහල කවියේ රසිකාවියක් නම් අනිවාර්‍යයෙන්ම කියවිය යුතු කාව්‍ය සංග්‍රහයකි.

ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: විදර්ශන (2023)






Sunday, 7 January 2024

The Love of a Good Woman - Alice Munro

 Possibly I may have said this before.


Alice Munro was introduced to me by a book worm friend, early into our friendship. Since then she and a handful of others have grown to be my cherished, and possibly only reading circle - given my introvert ways, and we've discovered other authors. But Alice Munro, was definitely introduced to me, not with standing that by that time I had read other prominent authors - Camus, Naipaul, Coetzee to name a few.  Anyway, I ventured Munro ground with an audiobook of Runaway, abiding my friend's advice, and was blown away. Ever since,  I have made it a habit of reading one short story collection of hers' every year. Last month I read "The Love of a Good Woman", - her ninth, and the tenth overall that I've read to date,  and thought, for the umpteenth time, what a remarkable writer she was. I may not summarize each of the short stories as is my usual practice with short story collections. Instead this is going to be an overall summary of her style - the themes she broaches with such an unhurried subtlety, usually in a style in which an idea is born with a mere fragrance of a hint, and then picks form to make up the whole of the story (e.g. The Children Stay - there is something in Pauline as she holidays with her husband, young kids, and her in-laws, to suggest that she is not all present in the beach). Munro, makes the reader even more keen an observer of life, of Life's Love, of sex lives, of memories which keep the aged hanging on. 
Let's dwell a moment in each;
Life's Love - In Jakarta, it is clear that both Kent and Sonje still love their respective spouses although both have moved on in life, got into other relationships, and have grown children. Some loves are like that, where even though one partner doesn't feel the intensity of a relationship, the impact to life, if not life itself is defined by this same relationship for  the other partner
Sex Lives - what Kath was missing in her relationship with Kent in 'Jakarta'; what Pauline missed with Brian in 'The Children Stay'; possibly her last chance at intimacy for Eve with a girl junkie ('Save the Reaper') when it was clear that Eve was no longer needed in her daughter's life.
Memories that keeps one hanging on - Mr. Willens' has his 'way' with Mrs. Queen - an unmentioned act of force (which could even suggest even a silent consent,) and how Rupert put a 'stop' to it for for good, and how this secret was possibly the most important thing which kept the otherwise terminally Mrs. Queen alive, a little later in her life ('The Love of a Good Woman'). Or Mr. Gorrie, and his secret that he possibly lived over and over again in his mind, in those last paralyzed years of his ('Cortes Island'). It was noted that neither Mrs. Queen nor Mr. Gorrie hinted of any regret given that both acts fall under acts of crime.

Then there are other stories which reflect on somewhat different topics for Munro. Parenthood - good and bad feature prominently in this collection.

As an example of bad parenthood, we find  Karin, hungry for her mother's love trying to find her place as a child while her mother fights her own battles, in 'Rich as Stink'. The last scene in which Karin burns herself accidentally, while retaining her scars on her neck till her college days, which symbolize her becoming comfortable with the scars that life has thrown her way, and maturing through them.

"She came out of that, of course, she came back to being a Karin. Everybody thought she was just the same except for her skin. Nobody knew how she had changed and how natural it seemed to her to be separate and polite and adroitly fending for herself. Nobody knew the sober, victorious feeling she had sometimes when she knew how much she was on her own."


Parental love, genuine, but not shown in obvious ways is captured beautifully in 'Before the Change'. Was it his daughter's admission, which caused too much of a shock, given what he has been practicing as a doctor, that killed the father ? Was it the missing bloodied money that made the daughter realize her father's true love for her ?

'My Mother's Dream' is possibly the most unusual short story of Munro I have read to date, as the narrator is a baby girl of some month's age. The baby's initial dislike of its mother, her preference for her aunt, her fight for her life, her decision to 'lose' and 'survive' which she thinks of as an acceptance of her sex, all make for a deeper analysis.

In summary, all I can say is that this is yet another brilliant short story collection. I still have four of her short story collections lined up to read, and then possibly reread her work from start as she requested her readers to do, when she announced her retirement from writing in 2013.

Rating: *****