රාජ්‍ය සාහිත්‍ය සම්මාන - හොඳම කෙටිකතා සංග්‍රහය - 1971
මීට පනස්දෙවසරකට පෙර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් මෙම කෙටිකතා සංග්‍රහය මට මෑතක ගොඩගේ පොත් සාප්පුවේ අන් ප්‍රකාශකයින්ගේ කෙටිකතා රැගත් රාක්කයක පහළම තට්ටුවක තිබී හමුවිය. ඒ මා සම්මාන දිනූ නවකතා/ කෙටිකතා එක්කාසු කිරීමේ ව්‍යායාමයක යෙදිසිටිනා අතරය. මේ එහි තෙවෙනි මුද්‍රණයයි (2011) - ඒ ද කර්තෘ ප්‍රකාශනයකි ( එහි මුල් මුද්‍රණය හංස ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශ වී ඇත.). එහි පසු පිටකවරයෙහි කතුවරිය ට ආචාර දැක්වීම් දෙකකි; "ඇය අපේ ප්‍රථම නිර්ධන පංතික ලේඛිකාවයි" ( ගාමිණි හත්තොටුවේගම); "මම ඇයගේ පෙරළිකාර හඬට ආචාර කරමි..." (රෙජී සිරිවර්ධන). පෙරවදනේ ද ලේඛිකාව පොත ප්‍රකාශ වූ එම යුගය ගැන මෙසේ කියයි."'අඳුරට එළියක්' පාඨක ඔබ අතට ආවේ 1971 දී ය. ඒ තරුණ නැගිටීමක උණුසුම පැවති කාලයයි. සමාජයේ පවත්නා පංතීන් ගේ වෙනස හඳුනාගන්නට තැත් දැරූ නිර්ධනීන් ගේ පීඩිත ජීවිත ගැන හැඟීමක් තිබූ තරුණ ලේ උණුසුම්ව නැඟී සිටි අවධියකි ඒ"
ඉතින් මෙහි එන කෙටිකතා දහයේම මෙම පීඩිත පංතියේ අත්දැකීම්, ඔවුනට ඇති අභියෝග, ඔවුන් ඒවාට ක්‍රියාත්මක වන ආකාරය ගෙනහැර දක්වා ඇත. පංති වෙනස නිසා විඳිනා පීඩාවන් ට ගතානුගතික ලෙස කර්මයට ලඝු කරලිමේ සාම්ප්‍රදායික දැක්ම (එලොවින් බිඳක් ගේන්න ඇත්නම්), කුමන බලපෑම ඇති වුවද දේශපාලන වශයෙන් ධනවාදී කඳවුරට නොනැමීම ( නොසැලෙන කඳුළු), පවුල් බරේ අභියෝග හමුවේ නීතියේ සීමාවෙන් ඔබ්බට ක්‍රියා කිරිමට සිදුවීම, සම්ප්‍රදායෙන් පිටයෑමට, නැතිනම් අයථා යැයි හැඳින්වෙනා සබඳතාවන් වලට යොමුවීම ( වැස්ස වහිනවා, අඳුරට එළියක්), මේ ආර්ථික සමාජ පීඩනය තුල අධ්‍යාපනයෙන් විසඳුමක් තිබේද, විසඳුමක් තිබුන ද එතෙක් කෙසේ මේ ගමන යන්නේ ද යන අභියෝගය ( කවුදෝ කෙනෙක් වැරැද්දක් කරලා, ශිෂ්‍ය නායිකාව), එසේ අධ්‍යාපනය හරහා අභියෝග ජයගත්ත ද, එම ජයග්‍රහණයන් තාවකාලිකය -තවෙකෙක් එම පිඩනයේ ම තවම විඳවන්නේය යන සිතුවිල්ල (ඊයේ දවසද අද දවස එක්කම එකට සිටියි....), මෙහි එන සමාජ ගටළු වෙත පිවිසෙනාකාර කිහිපයකි. තැනෙක දෙකක රුවන් වැකි මෙන් කොටස් ද හමු වේ:
"ඉගෙන ගත්තහම කුලී වැඩක්වත් කරන්න ලැජ්ජා හිතෙනවා මිස්. ඒකයි...." (කවුදෝ කෙනෙක් වැරැද්දක් කරලා)
එනුමුදු, මෙම සංග්‍රහයේ අද වන විට වටිනාකම ඇත්තේ මෙම කෘතියේ ඓතිහාසික බව නිසා යැයි සිතමි. එ දවස තිබූ සමාජ පීඩාව පිළිඹුවේ වැදගත් සාහිත්‍ය සටහනකි මෙය. අද වන විට සාහිත්‍යමය අතින් මෙහි යම් ඒකාකාරි මාතෘකා ගොන්නක හිර වී ඇතුවා දැකගත හැකි පමණක් නොව, මෙහි එන ආර්ථික සමාජ ගැටළු පංති අතර වෙනසක ට වඩා පුළුල් ලෙස සාකච්ඡා වන වටපිටාවක් බිහි වී ඇතැයි සිතේ. එදාට වඩා අද පීඩිතයාට සාපේක්ෂ වශයෙන් අවස්ථාවන් පුළුල් ය. මුළු ලෝකය ම "එකිනෙකා ට ආසන්න වී" ඇති යුගයක, අද එම පාංතික ගැටුමට වඩා එහා ගිය දේශපාලන බල හස්තයේ මර්දනය නිර්ධන පාංතිකයා ද, මධ්‍යම පාංතිකයා ද විඳී. වෙනත් වචන වලින් කිවහොත්, මෙම කෙටිකතා වල එන සමාජයේ ස්ථරයක් සතු ගැටළු සියල්ලට වලට විසඳුම් ලැබී නැත; එහෙත් එහි ස්වරූප වෙනස් ව ඇත - තවමත් කෙනෙක් දුක් විඳ කෙසේ හෝ "ඔළුව උස්සා" ගනී. තවකෙක් දේශපාලනයේ මෙවලමක් ව සමාජයට භීතිය ගෙන එයි, නැති නම් සමාජයට හානිකර දෑ බෙදාහැරීමට උඩු ගෙඩි දෙමින් ආර්ථික ශක්තියක් ලබා ගෙන ඇත - මෙහි තනි වරදකරුවකු නැතත් (අප රට නම් දේශපාලඥ්ඥයා නියත වශයෙන් වගකිව යුතු වුවද - ඔහු තනි වරදකරු නොවේ) , එය අර කියනා පංති අතර වෙනස කියනා කාරණය ට ලඝු කරන්නේ කෙසේද යන්න මට නම් අපැහැදිලිය.
1971 අප මුහුණු දුන් ගැටළු, එම සමාජ වටපිටාවත්, අද අප රටක් ලෙස සමස්ත වශයෙන් මුහුණ දෙන ගැටළුත් හමුවේ, තමතමන්ට යමක් සිතීමට ඉතිරි කරනා කෙටිකතා එකතුවක් ලෙසය මා මෙය දකිනුයේ.
ශානරය: කෙටිකතා (1971)
ශ්‍රේණිය: ***
No comments:
Post a Comment