කිවිඳිය ගේ දෙවෙනි කාව්‍ය සංග්‍රහය ලෙස සඳහන් වෙතත්, මා ඇයගේ කිය වූ පළමු සංග්‍රහයයි. පළමු සංග්‍රහද සම්මා ඇගයීමට ලක් ව ඇති අතර, උක්ත කෘතිය ද සම්මාන කිහිපයකට නිර්දේශ වූවා මතකය ( ඉන් එකක හෝ ජයග්‍රහණයක් ලැබුවා ද විය හැක).
කෘතිය ඇරඹෙන්නේ ත්‍රිවේණි සංගමම් නම් කිමැයි යන්න පිළිබඳ අතිශය කාව්‍යාත්මක හැඳින්වීමකිනි. සංග්‍රහයේ කවිවර ගන්නා ව්‍රතයන් තිස් හතරකි. එම ව්‍රත සියල්ලේම පාහේ භාවිත කවි බස මනරම් ය. භාවිත වදන් බුහුටිය, සැකෙවිය, සරල බස හා වඩා ව්‍යක්ත බස අතර අන්ත්ර්ගමනයක යෙදෙන්නේ කියවන්නියට අමුත්තක් නොවෙනාකාරයටය.
"ශුෂ්ක වූ ප්‍රේමයක පාමුල
තිත් පොළොං දළ වැදී තිබුණා
එදා නුඹ බින වැටී හුන් තැන
දූට ගත් හැඩ අකුරු තිබුණා"
( ශුෂ්ක ව්‍රතය)
"නැගෙයි මළ බෙර
දැවෙයි, සැලෙයි, සිල
සෝකයම දල්වමින් සියොලඟ
මිටිකොට එ'දිවි අතැඹුල
ගුම්ගනියි නිහඬතාවෙත් හඬ
යටගිය දවස
මහතෙකු ලියා මතුකළ
පිරිපහදු පුම සිතක බණවර"
( විරාග ව්‍රතය)
කතුන් දෙදෙනුකුගේ ප්‍රේමයන් පිළිගැනීමට මැලි වූ අරවින්ද චරිතය ආභාෂ කොට ගෙන, එවන් චරිතයක් දැකීමට සිත් සදා ගනිමින්, "රොස් දූලි අතැර - පෙර පුරුදු ආදරයෙන්", හේ ඇමතීම ඇත්තෙන්ම අපූරු කාව්‍යමය සිතුවිල්ලකි.
කිවිඳියගේ සිය කවි මනස යොමු කරන ඉසවු පරාසය පුළුල්ය. විටෙක ඈ කථක රුව හෙම්ලොක් පානයකට ආවේශ කරන්නේ, එම පානය සචේතනික වූයේ නම් සොක්‍රටිස් ගේ වියොව ගැන කෙසේ දුක් වන්නේ ද යන්න පිළිඹිබුවටය.
"තුරුණු මන විකල කළ බවට අපවාද ලද
නැණ මගේ පරතෙරට නම ලියැවු මහරු මිණ
සුණු විසුණු කළ මැනව මරණයේ කෙසඟ බව
නොඉක්මන් නොවෙමි එමි යුහුව ඔබ වෙත මැතිඳ"
( හෙම්ලොක් ව්‍රතය)
තැනෙක සුලභ යැයි ගිණිය හැකි මැයක් ( කල් ඇරී ගිය පෙමක් ) ගැන කවි පංතියක් වෙතත්, එහි දී ද කිවිඳිය ගේ සැකෙවි බුහුටු බස, කවියේ සමස්ත අගය දෙගුණ කරන්නේ, එම බස නිසා ම මැවෙන දම් පැහැ අඳුරකින් මැකී යන මතක ගොන්නක් කියවන්නියගේ සිත මවමිනි.
"උල්දිය වෙසින් පාදම තෙරපා මතුව
උල්පත කියයි ඇති මහ සවි ඈ සතුව
කල්ගිය හිමිකමකි අන් අතකට නතුව
කල් දැන පුපුරවයි ඉඟි දී කල් ඇතුව"
( මතක ව්‍රතය)
මෙහි එන තරමක් දිගු රසවත් කවි පංතියකි කොල්ලුපිටියේ සිට වේයන්ගොඩ දක්වා දුම්‍රිය මාර්ගයේ හමුවන දුම්‍රියපොළ වැණීමකි, ගමන් ව්‍රතය.
"මීරි කැවිලි පෙන්නා සාගින්න පෙලූවනවාසල, හුණුපිටිය, එඬේරමුල්ල, රාගම, බටුවත්ත,ගම්පහ හාරහා වේයන්ගොඩට සේන්දු වන තෙක් මෙම ගමන් විස්තරය ඇදෙයි. ඒ ඒ ඉස්ටේසමේ තතු කෙතෙරම් සාර්ථක ද යන්න කීමට තරම මා වගතුග නොදනිතත්, අලුත් කාව්‍ය අත්දැකීමක් කියවන්නියට ලබා දීම ගැන ඈ තුති පූරක වනු ඇතැයි සිතිය හැක.
බේකරියකි තුන් තිස් පැය සුවඳ ගැලූ
ගමන අතරමග ගිමනට පලස එලු
නුවර මෙයයි පවත් කියමි ගණිහිමුලූ"
හසිත ව්‍රතය, නගර ව්‍රතය, කෞතුක ව්‍රතය, ජවන ව්‍රතය ( මෙය කොල්ලුපිටිය ගැන යැයි සිතමි), ආදි රසවත් කවි පංති මෙන්ම භාරතයේ අත්දැකීම් කවියට නගා ඇතැයි සිතිය හැකි අවස්තාද රස වින්දෙමි ( ගෝපි ව්‍රතය, මිත්‍ර ව්‍රතය, කුමර ව්‍රතය).
කිවිඳියගේ කවිකමේ මහරු පෙන්වන පරිපූර්ණ ම කවියක් ලෙස යැදුම් ව්‍රතය දකිමි:
"අරුණු අහසක ඇඳෙන සිතුවම වැසූ තිරපට තුරුණු මිහිදුමසමස්ත ලෙස සැලකුවහොත්, කිවිඳිය උක්තකරගන්නා මාතෘකා වලට වඩා, ම සිත් ගත් ඈ එම මැයන් තම බසට නම්මවා ගෙන ඊට ලබා දෙන කාව්‍යමය ජවය, හෝ ලයාන්විත බව, හෝ වර්ණවත් බව හෝ ය. සමහර කවි පංති පූර්ණ ලෙස වටහා නොගත් අවස්තා ද තිබුණු බව නොවලහා පවසමි - එය මගේ ම දොසක් බව සැක නැත. යශෝධා සම්මානි, කල්පනා ඇම්බ්‍රෝස්, අනුරාධා නිල්මිණි ආදි පසුගිය වසර දෙක තුන තුල, මට කියවන්නට ලැබුණු, දක්ෂ, මෑත පරම්පරාවේ කිවිඳියන් හා එක පෙළ සිටීමින්, අපට සාර්ථක කවි නිර්මාණ ලබා දෙන්නියක් ලෙස ධනුස්කා නිෂාදී ද නම් කල හැකි බව පැහැදිලිය.
සමග රහසිව පෙමක පැටලී මහරු පැහැකම් මතුකරන මෙන්
දිනෙක අවසන ඉසිඹු අයදින ගෙයක දොරකඩ පහන් දල්වන
ගෙහිමි මැතිණිය සිනා පොබකර අගිල් සුවඳක එතී එන මෙන්"
ශ්‍රේණිය: ****
පළමු මුද්‍රණය: 2020 (සයුර ප්‍රකාශකයෝ)
No comments:
Post a Comment