Monday, 25 December 2017

සුවඳ සන්නිය - සේපාලි මායාදුන්නේ



  2016 ප්‍රකාශයට පත් වූ නවකතා අතුරින් මා කියවූ පස්වැන්න සුවඳ සන්නිය යි. මහාසාමි නම් වූ මහැඟි කෘතියෙන් පසු ලේඛිකාව ලියූ කෘතියක් කියවීමට පෙළඹවීම ස්වභාවික කරුණක් වුවද, පොත් පිළිබඳ සාකච්ඡා කරන දෙදෙනෙකු මේ පොත ඉතා ඉහළින් වනද්දී, අයෙකු කීවේ මෙය තවත් මාගම් සෝළියක් බවත්, එතරම් ම අසාර්තක කෘතියක් බවත් ය.

  එහි මාගම් සෝළිය ආරේ අභව්‍ය සිදුවීම් නැතුවා නොවේ. වෙසෙසින් සුවඳි පිළිබඳවත්, පසුව ඇය හා කුණු බන්ධියා පිළිබඳව ලියැවුණු කොටසුත් මායා යතාර්තවාදී රීතීය උඩ ලියැවී ඇත. එහෙත්, මෙහි එම රීතිය කෘතිය වෙළාගෙන නවකතාවේ ප්‍රධාන ධාරාව අඩපන කොට නැත ( මාගම් සෝළියේ නැතිනම් වුල්ෆැන්දාල් ස්ට්‍රීට් හි මෙන් ). එය කතුවරිය හමුවේ, ප්‍රධාන කතාන්දරය සුදුසු තැනට ගෙන ඒමට ආධාරකයක් පමණි. වෙසෙසින්, දීර්ඝ කාල පරිච්ඡේදයක් හලුළුවා ඉදිරිපත් කරලීමේ ප්‍රයෝගයක් වැනිය. ඉන් ඔබ්බට විසිවන සියවසේ දෙවෙනි කාර්තුව පමණ අලලා කොළඹ ආශ්‍රිත ව ලියැවී ඇති කොටස ඉතා රසවත් ය.

මා සිත් ගත් කොටසක් වූයේ, පොල්වත්තේ ලොන්ඩරිය පිළිබඳ කතාවයි. මා පාසැල් යන සමයේ ,  බේරේ වැව ට ඔබ්බෙන් පෙරහර මාවතේ මෙම ලොන්ඩරිය ක්‍රියාත්මක වූ බවත්, රෙදි වැල් බොහෝ ගණනක් එකල තිබූ බවත්, මෑතක් වන තුරු ම එය ක්‍රියාත්මක වූ බවටත් හීන් මතකයක් ඇත. අද වන විට එම ගොඩනැඟිලි වලින් බහුතරයක් බිඳ දමා ඇතැයි සිතමි. කළු පැහැ ගැන්වුණු එම ගොඩනැඟිලි මෑතක් වන තුරු ම තිබිණි. වරෙක හෝ දෙකක, කුල ක්‍රමය අහෝසි වීගෙන යන සමයෙක, මෙතැන ,එතරම් රෙදි කන්දරාවක් සේදෙන්නේ ඇයි යන ප්‍රශ්නයක් ඇති වුව ද , ඊට ඔබ්බෙන් ඒ පිළිබඳ විමසීමේ උවමනාවක් මා තුල නොවුණි. පොල්වත්තේ ලොන්ඩරිය පිළිබඳ කෘතියේ සඳහන, මෙලෙසය:
"ඒ සන්තෝසෙන් ම පොල්වත්තේ ලොන්ඩරියේ අලුත රාජකාරියට පහුවදා හිට ම පිටත් වෙන්නට හැකි විය. මේ ලොන්ඩරිය හිතින් හිතාගන්නටවත් බැරි තරම් විසාල එකකි. සුදු මහත්තැන්ලාගේ තැපරබෝන්, ගෝල්පීස් ආදි මහ හෝටල්වලත් රෙදි කඳු ගැහී කිලුටු රෙදි තෝරන කාමර තිහට එක්කාසු කෙරෙයි. දෑහැ අදහා ගන්නටත් අමාරු රෙදි හෝදන සාලාව උහට වහල ගැහූ මහා පතරංගයකි. කොටු කැපූ සුදු මාබල් වතුර ටැංකි එක එකක බාසුන්නැහේලා අපට මීළඟට කරන කටයුත්ත ගැන කියා දෙමින් පසු වූහ. මේ වතුර ටැංකියට ඉදිරියෙන් හරි හතරැස් දිගැටි කළු ගලක් ගණනේ ද බැඳ තිබුණේ ය." (78 පිටුව )

අන් තැනෙක, අද වන විත පර්චසය රුපියල් මිලියන ගණණකට හෝ  ඉඩමක් සොයා ගත නොහැකි, ධනවතුන් වෙසෙන තිඹිරිගස්යාය පිළිබඳ කියවෙන කොටස පසුගිය වසර 80-100 අතර සිදූ වූ වෙනස්කම් රැස ගැන කියා පායි. එහෙත් මෙහි සීඝ්‍ර වර්ධනය සිදු වූයේ ඉතා මෑතකය.

"හැලමර් වීදියේ සද්දන්ත මාලිගාවේ මැද මිදුල අද්දර පසුපස උසට බිච්චි බැඳ තිබූ දිග කාමරය අස්ස ඉස්තාලය වුණේ ය. අස්සයින්ට නිතර නිතර ඇඟ කසා ගන්නටත්, ඉඳහිට කටේ දමාගෙන හපන්නටත් පිදුරු හා රට තණකොළ ගෙනෙන්නට සුමානයකට දෙතුන් වතාවක් ම තිඹිරිගස්යාය කුඹුරු ඉඩම් දක්වා ම යාගන්නට මට සිද්ද වුණේ ය. හිවලුන් හා කබරගොයින් ද අඳුන් දිවියන් ද ගහන මේ පාළු ගම්මානයට යන්නට මා මනාප වුණේත් වෙන කළ හැකි දෙයක් නති කමට ම ය." (118 පිටුව )

එක් සමාජ ස්ථරයක් විසින් ඊට පහලින් ඇති ස්ථර

මගේ අවංක හැඟීම නම් පසු ගිය සම්මාන උළෙල වල දී මේ කෘතියට මීට වඩා අවදානය යොමු වීමට තිබුණු බවකි. පිටු 176ක් තුල මෙතරම් සිදුවීම පරාසයක් ලියැවී ඇති මේ කෘතිය කියවීම පාඨක අපට කාලය අපතේ නොයෑමක් බව නම්, ඉඳුරා කිව හැකිය.
යේ රී රී මාංසේ උරා බීම, සුවඳි ගේ කඳු බෑවුම් පිහිටි ගම්පලාත් වල පරිසරයේ මේ කාලය වන විට සිදූ වූ වෙනස් කම්, නිදහස ට පෙර යුගයේ වූ දේශපාලන හැලහැප්පීම්, දෙවෙනි ලෝක යුධ සමයේ රටේ තිබූ අහේනිය  සහ වෙසෙසින් කොළඹ ජීවත් වූ සමහර සමාජ ස්ථර බිරිතානීන් රට හැර යාම කෙතෙරම් නොඉවසූවේ ද ආදි ඓතිහාසික සමාජ සිදූවීම්, හකුළා කෙටියෙන් එහෙත් පාඨකයා ට දැනෙන්න ට ලියැවී ඇති අපූරු නවකතාවකි.


( ඒ ඒ පරිච්ඡේදය අවසන සන්නි යකුන් පිළිබඳ කෙටි ලියැවිල්ලක් තිබුන ද, ඒ කොටස සුළුවෙන් ඒ පරිච්ඡේදය ට ආශ්‍රේය බවක් පිළිඹිබු කල ද, එම කොටස මා අවදාන්ය එතරම් දිනා ගත්තේ නැත. )

Wednesday, 20 December 2017

Wonder - R.J. Palacio



 "People see me
I'm a challenge to your balance
I'm over your heads
How I confound you and astound you
To know I must be one of the wonders
Of god's own creation
And as far as you can see you can offer me
No explanation"
                     ( Natalie Merchant - "Wonder" )

   It's not everyday that I read books which fall under the category of  "Child-Lit". But when the book is titled after and inspired by a song by one of your favourite Artistes, one does tend to take notice. And then one notices, its on one of the most sensitive subjects, as a parent. I started reading the book with my elder two kids off the Kindle, and after a while bought a printed copy, after searching for a copy at all Sarasavi book shops from Kiribathgoda to Maharagama. So after all this rigmarole in getting started to talk about the book, how did I find the book ?

Here's a quote:
"If I found a magic lamp and I could have one wish, I would wish that I had a normal face that no one ever noticed at all. I would wish that I could walk down the street without people seeing me and then doing that look-away thing. Here's what I think: the only reason I'm not ordinary is that no one else sees me that way."

Yes, this is the story of August Pullman, trying his level best to live his life like a normal kid, despite his facial anomalies And the story is told in first person by several characters - Auggie himself, his Sister Via, his friends, her friends, her boy friend, and concluding with the "Julian Chapters" - Julian being Auggie's biggest bully. Despite being an intelligent kid with a nice sense of humour, Auggie finds it a challenge all the way to make him accepted - for the "natural" ( political incorrect term here ) tendency is to stare momentarily and look away. But no one is more aware of this as Auggie, himself. He explains his looks thus:
"I won't describe what I look like. Whatever you're thinking, it's probably worse."
But he toils away, nearly calling it quits, but supported by a loving family and a  Principal who goes out of his way to accommodate the "different" kid, Auggie pulls it through. Probably what is stressed in subtlety is that Mr. Tushman, the principle did bend the rules a wee bit to accommodate Auggie, even getting himself to hot water in the process.
Although the "Julian Chapters"do have a feel of an after thought, it adds a value to the book - especially it being a children's book - on how one is never too late to concede that one is in error and and could start over.

Highly recommended children and parents, who believe that a little kindness can go a long way in making another person's world, that much more beautiful.



Sunday, 17 December 2017

The Underground Railroad - Colin Whitehead

( Pulitzer Award for Fiction, 2017 )


"I saw cotton
and I saw 'bacc
Tall white mansions
and little shacks.
Southern man
when will you
pay them back?
I heard screamin'
and bullwhips cracking
How long? How long?"
                         ( from "Southern Man" - Neil Young )

Yes, the Slave owning Southern Man was cruel to the level of sadism and savagery. It is a known fact. However if the aim of a work of literature is to hint, under the license of artistic freedom, a general cruelty where a parent upholds a child punishing of an escaped slave, or fighting for a chance to punish a slave ? .

The Underground Railroad was the Pulitzer award winning novel for 2017, and admittedly the primary reason for me to take notice of the book, and my decision to read it. Upon completion, I have but mixed feelings about it. On a year of reading, where the 2016 Pulitzer winner "The Sympathizer" proved to be a much more complete and engrossing novel than it's successor, Whitehead's stretching of history - his license at fiction clearly - didn't quite leave me impressed and in awe, as Viet Thanh Nguyen did. My honest take is that Whitehead discounted the endless sacrifices that the slave community made, by some of the stretches he made - and it didn't add much, as pure literature either. In summary it didn't carry the ring of truth that Alex Haley's Roots did. But that is not to say that Whitehead had taken many liberties when detailing the horrors of the South's punishment. For example the punishment meted out to Big Anthony, whose torturing included having his mouth stuffed with his manhood and sewn, doused in oil and roasted was previously whipped for three days as entertainment for guests. Whipping as entertainment ? Here's the part:


"On the second day a band of visitors arrived in a carriage, august souls from Atlanta and Savannah. Swell ladies and gentlemen that Terrance had met on his travels.... They ate at a table setup on the lawn, savouring Alice's turtle soup and mutton and devising compliments for the cook, who would never receive them. Big Anthony was whipped for the duration of their meal, and they ate slow. The newspaperman scribbled on paper between bites. Desert came and the revelers moved inside to be free of the mosquitoes while Big Anthony's punishment continued."

This detail tends to suggest that it was not the sadistic slave owner, but a whole community which was sadistic. For the then Whites to feel that slavery is a natural thing, a "lesser being" serving the civilised is one thing. Yet, to paint a scene of generalization of a society which was immune to cruelty and possibly deriving a pleasure thereby, isn't within the limits of artistic freedom ( if it was that).


As a whole the novel, is of a genre bending sort, rather than being of mixed genres It takes the "Underground Railroad", literally and does a bit of time travel at the various stations. It doesn't stop at the exposure of crude brutal punishments of the slave owners. It exposes the finer mechanisms of Eugenics, using the unsuspecting Blacks as mice for their experimenting.


The overall tone of the book suggests a sense of exaggeration. Possibly the topic in purview is not ideal for mixing of genres, here. A few characters and incidents here and there start to minimise the tone of generalization the book carries. Donald and Ethel; the white station masters; Cora's own frowns at white children. But this was not enough to dilute the general community wide cruelty that is quoted above or the ones that took outside at the park opposite Dona;d and Ethel's house. End result being a book that leaves the reader with mixed opinion about the nature of writing - that, and the feeling that Alex Haley did a mighty good job when writing Roots. And without doubt last year's winner Paul Beatty did a commendable job discussing racism in America, with proper use of humour and satire.

Friday, 8 December 2017

රූපාන්තරය හෙවත් සෝමදේව ගේ සංක්‍රාන්තිය - ගුණදාස අමරසේකර




      ඉහත නමැති පිටු සියයක ට අඩු කෙටි නවකතාව කියවූවෙමි. එය 2012 ප්‍රකාශ වූවකි. කිනම් හෝ හේතුවක ට එය ප්‍රකාශ වූ වසරේ හෝ 2013 හෝ එය කියවීම මගහැරී තිබින. බොහෝ විට ඒ පිළිබඳ එතරම සංවාදයක් නොවෙන්න ට ඇත ; මා ඒ වන විට රටින් බැහැර වීමා ද හේතුවක් වන්නට ඇත.

සුවනේරිස් හෙවත් සුමනසේකර, හෙවත් සෝමදේව, තම කුල හීන ආරම්භයේ සිට විවිධ ජීවන අවදි පසු කරගනිමින් අප රට විදෙස් තානාපතිවරෙයෙකු බවට පත් වූ අයුරුත්, ඒ හා සමගාමී ව අප රට ඒ අවධි වල ක්‍රියාකාරි දේශපාලන සිතුවිලි ධාරාව වෙනස් වූ අයුරුත් මෙහි ඉතා හොඳින් පෙන්නුම් කර ඇත.

නවකතාව ආරම්බයේදී, ගමේ පන්සලේ හාමුදුරුවෝ සහ ප්‍රධාන දායක තැන, සංවාදයේ යෙදෙන්නෝ, රදා කුල දරුවෙකුට අකුරු කිරීමට අවස්තාව තමන් උදා කර දුන් අයුරුත් දැන් ඒ පිළිබඳ ගරුසරුවකින් තොරව එම දරුවා හැසිරෙන අයුරු ගැන කම්පා වෙයි. පසුව එම දරුවා හොඳින් සිප් සදාරයි. ඔහු මාක්ස්වාසි දේශපලනයට යොමු වන්නේ තමන ට ඇති වූ කුලපීඩනය නිසා වෙනි. එතැන් පටන් ඔහුගේ ප්‍රමුඛ දේශපාලන චින්තාවලිය ඔහු වටා ඇති අයගේ ආභාෂය සහ තමන ට ක්‍රියාත්මක වීමට ඇති අවස්තා මත තීරණය වේ.

රචනාවේ ඇති ප්‍රමුඛතම සාධනීය ලක්ෂණය නම් ඒ ඒ දේශපාලන මතවාදි සංක්‍රමණ තුල මතුවන චරිත ඔස්සේ අගතිගාමි නොවී ඉදිරියට ගලා යාමයි.  ඒ අනුව රාජ‍ය නොවන සංවිධානයක දෘෂ්ඨියෙන් කතාව දිගැරෙන සඳ පාඨකයා ට සිතෙන්නේ ඒ මතවාද වරදක් නැති බවත්, ඔවුන් සාමාන්‍යයෙන් පිළිගැනෙන ආකාර අගතිගාමි නොවන බවත් ය.



චන්දිකා යුගය ගැන කියැවෙද්දි ඈ කෙරෙහි අගතිගාමි දෘෂ්ඨියකින් බැහැරව ය ( හෙවත් අමරසේකර ට අයිවන් ට තරම් චන්ද්‍රිකා කෙරෙහි වෛරයක් නැති සෙයකි ). ඇය ඒ අවස්තාවේ දි ක්‍රියා කල අයුරු, එම කොටස කියවන කල්හි සාධාරණ යැයි සිතෙන අයුරින් රචනා වී ඇත. ඇගේ දේශපාලනයෙන් බාහිර "කුණු" රස සොයා ගොස්  නැත.
"මේ සැරේ තමුසෙල එක දෙයක් කරන්න ඕනෙ.. මේ සැරේ බණ්දාරනායක අනුස්මරණ දේශනයක් පවත්වන්න ඩොක්ටර් සෝමදේවට ආරාධනා කරනව...ගිය සැරේ කවුද ජාතිවාදි පිස්සෙක් නේ ද ඒක කළේ... ඒ මිනිහා කිව්ව නේද ඕක ඔළුවක් නැති කවන්ධයක් ය කියල.. ( පිටු 74-75 )
මේ කියවෙන්නේ අමරසේකරුන් ගැන ම ද ?

ගමේ පන්සලේ හාමුදුරුවන් සහ විදුහල්පති පිළිසඳරේ යෙදෙන්නෝ, ඔවුන් සිංහල බෞද්ධකම තුල වටිනාකමක් දකින්නේ එහි භාවිතාවේ විවේචනයක් ද සහිතව ය.

මේ සියුම් ලියවිල්ල මට මතක් කර දුන්නේ සමහර නූතන ලේඛකයින්, තම මුළු ලියැවිල්ල පුරාවටම තම මතවාද වලට විරුද්ධ අයට "ටොකු ඇණීමේ ව්‍යාපෘතියක්" ක්‍රියාත්මක කිරීම ය. "මැද පංතියේ කතාන්දරයේ" අග කෘති තුන තවම කියවා නැති හෙයින් අමරසේකර  මින් ඔබ්බට ට චරිත සහතිකයක් දීමට ( ඔහුගේ ලේඛක ක්‍රියාකලාපය තුල දි ) ඉක්මන් නොවන මුත්, අමරසේකරගේ පරිණත කම හේතුවෙන් තම ක්‍රියාවලියේ වඩා සියුම් ව යෙදෙනෙවා  වීමට පුළුවන.

අවසන් වශයෙන් කීමට ඇත්තේ හැකි නම් සොයාගෙන කියවන ලෙසත්, මා මෙය පුස්තකාලයෙන් කියවූ මුත්, මා ගේ පිටපතක් මිල දී ගැනීම ට බලාපොරොත්තු වන්නේ, මෙවන් පොත් වෙත නැවත නැවත ආගමනයේ යෙදෙන නිසා බවත් ය.