Monday, 26 June 2017




රජත පුස්තකයට නිර්දේශ වූ කාව්‍ය සංග්‍රහයන් (  සිව්වැනි කොටස)

මෙවර රජත පුස්තකයට නිර්දේශ වූ සිව්වෙනි කෘතිය එරික් ඉලයප්ආරච්චිගේ කපුටා සහ සිටාණෝ (**1/2)  කාව්‍ය සංග්‍රහයයි. පිත්තල හන්දිය, මගේ කොළඹත හඳ පායයි ආදි කාව්‍ය කෘති කිහිපයක් ඔහුගේ කියවා ඇත. ඔහුගේ කවියේ යමෙක් ඈත සිට නිරීක්ෂණය කරන බවකුත්, හැඟීම් වලින් වියුක්ත බවකුත් අඟවන ඔහුගේ කවියේ ආකර්ශනයක් නැත්තේ නොවේ. එනුමුදු ඔහුගේ කවි නිමිති ඉතා ක්ෂුද්‍ර දෙයක්  මත බොහෝ විට පිහිටා ඇත. ඉතින් ඒ කවි නිමිති මුල් කොට ගත් කවි පංති සාර්ථක වන අවස්ථා තරම්ම, අසාර්ථක වන අවස්ථා ද වේ. ඒ අනුව මේ කාව්‍ය සංග්‍රහය එතරම් මා සිත් ගත්තක් නොවේ.

එරික්ගේ කවිය තැනෙක වර්තමානය පිරීක්සයි. වත්මනෙහි ජංගම දුරකථන කැමරාවට අසු නොවෙනා දෙයක් නැති තරම් ය. කවියා "අනංග කැමරාව" ඔස්සේ මෙය පබඳයි.
"ආලයෙහි ඇරයුමෙන්
සළුපටක් ලිහිල් වෙත
ඇතුළු වෙයි වසල දෙවි
සැරිසරනු වස් ළමැද

වරදෙ බැඳෙනා විට ද
රැඳෙ එය නරඹනුව
...

රහස් තැන සවි කෙරුණු
අනඟ දෙවි කැමරාව
රබර් කොපුව ද දකියි
තෙත් බරව බිම වැටුණ"

එරික් කවියෙන් බොහෝ විට තම නිරීක්ෂණ කියා පාන්නා මිස,විනිස්Cඅ දෙන්නකු නොවේ. ඔහු මෙතැන මේ අනග කැමරාවට අකමැත්ත පෙන්වන සියුම් විදි දෙකකි -එකක් ඊට වසල විශේෂණය යෙදීමෙනි. අනෙක අන් අය විසි කරනා කොපුව ද කැමරාවට අයැසි බව කියාපෑම මගින්, එහි වසල බව තවත් පසක් කරමිනි.

මෙහි වූ කවි හතලිස් තුනෙන් මා රස විඳි කවි අතලොස්සේ මුලින්ම පාහේ තිබෙන කවියකි, "ගොවි උපත" කවි පංතිය.

"විජයසින් මත්ව මම
නැගී සුදු අසෙකු පිට
පිරිවරා ගෙන සෙබළු
ඇතුන් දෙදෙනකු ලවා
වී බිස්ස බිඳින්නට
වඩින සැටි සිහි කළෙමි
...

කම්පාව දෙයි සිතට
එදා ගත් අවි දරුණු
ලජ්ජාව දෙයි සිතට
හිනායන ගොවි උපත

පාළු අස්වනු නිසා
සිස්ව ගිය වී බිස්ස
මුදුන තෙක් පුරවනුව
සිතින් වපුරමි කුඹුරු
කපමි අස්වනු නිතර"

 හේ තම කුඩා කල දි, අස්වැන්නෙන් පිරුණු වී බිස්ස ට සෙල්ලම ට හෝ විරුද්ධ වූ සැටිත්, එහෙත් මෙදා ඊට හිමිකරුව, එහි අස්වනු පුරවනු අපොහොසත්ව කම්පා වන්නේ කවියට නගා ඇති අයුරු මා සිත් ගත්තේය.

මහපාරේ මුගටිකුණ පවා කවියට නිමිත්තක් කරගන්නා අප කවියා, තැනින් තැන සිත්ගන්නා සුළු මාතෘකා ද කවියට නගයි. චයිනමන් එවැන්නකි.

"ලකුණු ලොබ රට දැයට
ඔබ යි ලොතරැයි දිනුම
දරුවෝ බිම වැටෙති
නරඹන මවුන් ඇකයෙන

...

තේ රබර් කුරුඳු ණය
පහර දී අය කොට
ගුවන් නැව එයි මග
පටවා පරණ ඇත් දළ

...

ලෝඩ්ස් පිටියේ දැවී නොගිය ද
වෙළඳු වෙනුවෙන් අතට බඩු ගෙන
සිටින ඔබ අර ඇඳුම ඇඳගෙන
වෙළැඳ පිටියක දැවෙන ඉක්මන"

  මට මතක් වනුයේ මගේ මිතුරෙකු කියූ කතාවකි. ඔහුගේ බාල ම දුව ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩයකු ව අඳුනන්නේ, "අර සුපර් මාකට් එකේ එළවළු විකුණන අංකල් " ලෙස ය. ඉතින් මේ කව ට එරික් ට ලකුණු දිය හැක.

එහෙත් මෙවන් අවස්ථා ඇත්තේ අතරින් පතරය. සමස්තයක් ලෙස කාව්‍ය සංග්‍රහය කියවාගෙන යද්දි මට සිතුණේ, එරික් තම සිතට නැගෙන සැම කවි සිතුවිල්ලම ඔප මට්ටම් නොකර තම සංග්‍රහයනට එක්කාසු කරන්නේ දෝ යන සිතුවිල්ලයි. නවකථාවෙදි මා බුහුමණට ලක්වන එරික්, වසරකට වරක් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශනයට තිතක් තබා, තෝරා බේරා කවි පළැ කරන්නේ නම්, පාඨක අපේ ප්‍රසාදයට හේතු වනු නියත ය.

රජත පුස්තකයට නිර්දේශ වූ කාව්‍ය සංග්‍රහයන්




මෑතක නිම වූ හොඳම කාව්‍ය කෘතිය ට හිමි රජත සම්මානය ට නිර්දේශ වූ කෘති සතරෙන් මා පළමුව කියවා නිම කලේ නඳුන් යසිත දසනායක ගේ "විල් නෙතක මල් මතක" (****) කාව්‍ය සංග්‍රහයයි. කවියා ගේ තෙවෙනි සංග්‍රහය වුව ද, මා කියවූ පළමුවැන්නයි. කවි පංති තිස් අටකින් හෙබි මේ සංග්‍රහයේ, මා වඩාත් සලිතයට පත් කල පංති අටකුත් ( වැහි දවස්, තේ බඳුන, ජීවිතේ දේදුන්න, මොඩර්න් සිත්තරෙක්, බඹර චක්කරයක් කියයි, දෙපහන්, හංගන්ඩ පුළුවන්, යතුර ), ඊට අමතරව මාතෘකා වල නැවුම් බව ආදි හේතුන් නිසා රස විඳි පංති දහයකුත් ( නිර්මලා, එක එක්කෙනා කියූ කතා, නටන සැපින්නට දුවගෙන් ලියුමක්, ගසක මතක සටහන්, ගිරා පෝතක වස්තුව, සල්මල් මතක, ඇත්තමයි ඇස් තෙත් උනා මගෙ, දඩ, හිසරදය, සෙල්ලම් පිට්ටනියක තණකොළ ගහක පැමිණිල්ල ) ලෙස සංග්‍රහයෙන් අඩක් පමණ ම අගය කරන්නෙමි. මේ පංති සියල්ල පිළිබඳ කීමට තැන නොවන බැවින්, පංති පහක් පමණක් තෝරා ඉන් සමහර කවියක් පමණක් ගෙනහැර දක්වමි.

මෙහි මා වඩාත් සිත් ගත් කවි පංතිය "වැහි දවස්" ය.

"වසන්තය නෝළඹි දිය හිඳුණු දිවි පෙතේ
අද තමයි මං දැක්කේ වැහිවලා ආකහේ
වහිනවා නම් ඉතින් අන්ඩ අන්ඩා හීතලේ
තෙමි-තෙමී නටනවා නිවෙන තුරු ජීවිතේ...

මේ තරම් වැහිබර ව වලාකුළු දුටු දිනේ
ඇයි තාම නොවතින්නේ හිත අසයි හාමතේ
වැහි අකුණු  පුපුරවා තෙත පිරුණු ඇස් ඉමේ
මැකී යාවී ද? වළාකුළු යළිත් නුබ ගැබේ"

   කෙනෙකු ට ලෙන්ගතු සිතක තෙතමනයක් ජීවිතයේ කිහිප විටක් ම ඉඟි කොට, ඒ පිළිබඳ පොරොන්දු තබා සැංගී ගොස් යොවුන් විය අගට පැමිනෙද්දි, මැදි විය අත වනද්දි, කොපමණ සිත්තැවුලෙන්, තම දිවිය දෙස ආපසු හැරි බලනවා ඇති ද ?

"තේ බඳුන" වූ කලි මා වඩාත් කම්පනයට පත් කල කවි පංතියකි. ඒ ගැන යමක් කීමට අනවැසි, එය කියවන්නාට ඉන් අඟවන  බර, පිටු ගණනාවකින් කිවිය නොහැකි ජීවිත කථාවක්  බැවිනි. ඒ මෙලෙස ය:

"කුස්සියේ කෙළවරක
දමා තිබුණු
ඔබෙ බිඳි ගිය තේ බඳුන
සීතල මළැකඳක් සේ
දෝතින් ම ගත්තෙමි...

මේ මෙතැන
ඔබ තොල තැබූ තැන
දැනේ තාමත් උණුසුම...

පුරවා එය
මටත් දී උණුසුම් වූවා මිස ඔබ
පුරවා දෙන්නට බැරි විය මට ඔබට
මේ බඳුන කිසි දවසක...

දැනේ හිස් බවක්
පුරවා නොහැකි ලෙස
තබමි තොල බිඳුණු ඉරිතැළුණු
තොල් මත..."

ජීවිතය ට එක් ම ප්‍රමිති පෙළක් නොමැත. අයෙක් තමුන්ගේ කාලාත්‍රයාගේ වරදකට කිසි වරදක් නොදෙන මුත්, දිවියෙන් අර්ධ වශයෙන් පරාද වූ අයෙකුට, බලාපොරොත්තු අඩු අයෙකුට, වරදේ බැඳුනු තම සුනඹුවගේ නැවත පැමිණීම බලාපොරොත්තු ගොණ්ණක් ඇති කරවන්නකි.

"ඔයා ඇවිදින් ආයෙ
ගෙදර බඩු අස්කරනකොට
මං හිතන් උන්නෙ ම
අරය එක්කං ඔයා
ආයෙමත් හබ වෙලා
ඇවිත් යැ යි..

මුත්‍ර බට අල්ලගෙන
ඔයාට වාරුවෙකා
මං නැගිටිනකොට ම
මතක්වුණා
මට ඔය ඇස් හමුවෙච්ච
ඒ දවස...

පොඩි උන්ට පොඩි දෙයක්
උයා දී කවඩකො
උන් ආස කතන්දර පොත් එහෙම
ඇති අතන
එක යතුරක් ඔයා ගෙනියන්ඩ
එපා බෙල් එක ගගහ
දොර ගාව වදවෙන්ඩ...
             ( යතුර )

නිදසුන් මෙතකට සීමා කල ද, මෙහි මා සිත් නොගත් කවි අඩු ය. පෙර කී මා සිත් ගත් කවි පංති ගොණ්ණට අමතරව, අන් අර්ධය කවි මාතෘකා අතින් සුලභ මුත්, ඒවා ද බොහෝ සෙයින් රසවත් ය. තැනෙක කවියා දේශපාලනය මුසු කොට ගත් උපහාසයක් කවියකට නගන්න උත්සාහ දැරුව ද එය සාර්ථක ද යන සැක සහිතය (රජ වාසලින් ඇසෙන කතා )

"අන්දරේ දැං අලුත් ජොබ්-එකකටත් යනවලු
ජෝක් වැඩ නෑ ෆුල් සීරියස් වැඩ කරනවලු
රජ්ජුරුවො දැං හිනාවෙන්නෙත් ඉඳලා-හිටලලු
කවට වේකන්සියක් ගැන පත්තරෙන් දැම්මලු"

මෙහි එන ඉංග්‍රිසි වචන "ගෙඩිය" පිටින්  එබ්බවීම, මා කවිය දමා සැතැපුමක් පමණ දිවවීමට සමත් ය.

එහෙත් මෙවන් අවස්තා අඩු ය. එහෙයින් සමස්ත වශයෙන් සාර්ථක කාව්‍ය සංග්‍රහයක් ලෙස හඟිමි.

======================================

මෙවර නිර්දේශ වූ කවීන් සිව්දෙනාගෙන් පෞද්ගලිකව මගේ ප්‍රියතම කවියා ලක්ෂාන්ත ය. එනුමුදු නිර්දේශ කෘති අතරින් හොඳම කෘතිය තේරීමේ දි මෙවන් පුද්ගලික කැමැත්තයන් හැකි තරම් ඈත් කරලීම ට උත්සක වෙමි. එසේ වුව ද "සමහර කමටහන්" (****1/2) කියවමින් ඉදිරියට යෑමේ දි, ලක්ෂාන්ත තමන්ව ම අභිබවමින් අග්‍රගන්‍ය කාව්‍ය සංග්‍රහයක් නිමවා තිබේ දො යැයි මට සිතුණි. ඒ කවි සිතුවිලි නිමවා තිබූ අලංකෘත බස නිසා පමණක් නොව. ඒ පද ගැලපීම නිසා ම ඒ පෙළ මගින් පාඨකයාගේ සිත ට සියුම් ඊතල වලින් ඇනීමට තරම් ඒවා සියුම් නිසා ය.

"පවුල් දෙවොලේ ජීවිත පෙරහරේ
දළ ඇතා වූ නුඹ
කනේරු මලක් ලඟ
දණ නැමුවා පුදුමයි
කොහොමත් පුදුමයක් තමයි
ප්‍රේමය

කසු කුසු විස පෙදෙසෙන්
අවමන් ගාලෙන්
දුර අලුත් ආල නුවරකට
යන බවයි එදා කීවේ
මා බදාගෙන"
  (සුමිතුරේ ඔබ දහවලේ වැහි පොදක් සේ )
අප දිවියේ හොඳම මිතුරන් අතලොස්ස අපෙන් ඈත් පෙදෙසක හෝ රටක විසීම දුකට කරුණකි. දිවියේ අපහසු තීරණයක් නිසා ඈත් වන්නෙකු, නැවත කවදා හෝ නොදකින්නේ නම් ඒ දුකේ තරම කෙතෙරම් විය යුතු ද?
ත්
"ග්‍රීස්මේ පිපෙන මහනෙල් අමුතුයි ලස්ස්නයි", අප රටේ අවම වරප්‍රසාද යටතේ ජීවිතය නම් මඩ ගොහොරුවෙන් උපන් නෙලුම් වලට උදාන වැකි පෙළක් සේ ය.

"පුලින මලු ගෙන දෙගොඩ පිහිනන
කැළණි ගඟබඩ සිහිනි කොල්ලෙක්
නුහුරු පිරිසුදු නිල් තටාකෙක - ලබයි ජය පළැඟක්
මුදා අබිමන ඔහුගේ අත
දවටන්න සුබ පැතුමක්

නිහඬ සෝබර ගැහැනියක කුස
නැගී මෙලොවට වාද කතිකා - නැණ සභා වදනින්
එයින් පැහැදී මොහොතකට
නැගිටින්න ඔබ අසුනින්"


අප ර්‍අට දෛනික දිවි පොර පිටියේ පොර බදින, දුක් විඳින මිනිසුන් දෙස විමසිලිවන්නී, භාවනාවකට "සමහර කමටහන්" අඳුනා ගන්නීය.

"සුරූපියක සීන් ඇඟිලි
අත් බෑගයෙ බැස කළැඹන
ලතු - විලවුන් - පුයර බඳුන්
සුදු මුදු මුව පිස්න මැදින්
මඳකට ගිළිහි විසිවුණ
පිළිකා රෝහල් තුණ්ඩුව
මොහොතකින් කියවා ගන්නට
හැකි වූ තව ලොකු පොතක්ය...

තැඹිලි කරත්තෙක -අ කමතක
මාළු ලෑල්ලක - පතළක
දුටු අත් මත කැපුම් කැළැල්
ලේ සුවන්ධැති සිහිනයන්ය
මුහුණක පීඩා දුක් රැලි
ඇඹරුණු පය නහර ගැටිති
ජීවන සිතියම් පත් මත
පං සළකුණු තිලකයන්ය"
  (අඳුරු පෙදෙස් විමසන භාවනාවන්ට කමටහන් )



මා ලක්ෂාන්ත නම් කවියා ගේ නිර්මාණ වලට වඩාත් ප්‍රිය කරනුයේ, ඔහු තවමත් අලංකෘත සිහළ බසින්, එනුමුදු නුහුරු අවභාවිත වදන් භාවිත නොකරමින් මනරම් කව් පද බඳින නිසා ය. වර්තමාන පරම්පරාවේ ඔහු හා සැසඳිය හැකි බස භාවිත කරන්නෙකු වන්නෙක් ඒ වෙඩිවර්ධන විය යුතුය. වෙඩිවර්ධන ධ්වනි රසයට, කාව්‍ය රිද්මයට, සහ ක්‍රීඩාශීලි පද පෙරළියට සමත්තේ, අරුත් පරාසය ලක්ෂාන්තයන් තරම් නොමැත්තේ ය. ලක්ෂාන්ත ගේ "කුඩ සපත්තු පිළිණ වටේ සිනහ කටේ ඉහෙන සතුටු"  බස භාවිතාවෙන්, මාතෘකාවේ සුළභ බව අබිබවා යන වටනාකමක් කවි පංතියට එක්කාසු කරන බවකි මට හැඟුනේ.

"නිසුවඳ වහන් මිරිවැඩි ලෙස ලැගි තුරුළ
කුඩ නණ පොකුරු නටු අග පිපි සිනා කට
හිතවත දිරිය දිවියට අලවා තබන
සංතුෂ්ටියේ ලාටුව මට දුන මැනව

පොද වැසි - කිනිසි සේ දැක සැඟවෙන අපට
ගං කුස ගිලි පිහිනන ඔබ මවිතයෙක
අහසත් බිමත් තව ගැට ලනු බැරි කලට
මුළු ලොව ළිහා ඔබ මෙන් අත් හරිමි හෙට"

"වෙහෙස තුළමය පහස - රිදුම තුළමය සතුට", වූ කලි දවසින් දවස හැල්මේ දුවන, වරෙක සුළු ඉසුඹුවකින් විඩා නිවා, නැවත තම ශ්‍රමය වැය කරන ජනීජනයාට කෙරෙන උපහාරයක් වැනි ය.

"කොටුව පාලම උඩට පෙනෙයි ශ්‍රම හමුදාව
දස අතට ඇවිදියි දුවයි
හිස් හැරුණු අත දුවන දස දහස් වෛවර්ණ
කඩි - කුහුඹු - දිමි රොතු වැනිය
...

අඳුර එන තුරු නොඉඳ යුතු වේ සතුට
ගෙවෙනතර මේ ජීවිතේ
වෙහෙස තුළමය පහස - රිදුම තුළමය සතුට
ගමන තුළ නැවතුඅ ඇතේ."



"ෆැක්ටරි මෝලෙ ඇඹරෙන ඉස්කෝලෙ අන්තිම දවස්", "යුද්දෙන් උපන් ආදරේ යුද්දෙත් පස්සේ යුද්ධයක්", "අන්ධකාරය මැදින් ගමන් කළ අම්මා", "හැමෝටම තමන්ගෙම පෙම් කතාවක් තියෙනවා", " සහනුත් අරුණිත් තරණිට කතා කරති" සහ "ප්‍රේමය සමඟ ගැඹුරුතම හුදකලාවේ කාමරයක" ආදි වශයෙන් මෙහි මා සිත් ඇද කවි පංති රැසකි.  පෙර කීවාක් මෙන් මනරම් බස, කව් මාතෘකා වල පුළුල් පරාසය සහ ඒවා ලියැවී ඇති දෘෂ්ඨිකෝණමය විවිධත්වය, මෙය සුවිශේෂි කාව්‍ය සංග්‍රහයක් බවට පත් කරයි. අවම වශයෙන් ලක්ෂාන්තගේ ම යටි වියන සහ ඊ යන කාව්‍ය සංග්‍රහයන් අබිබවා, ඔහු දිගු කවි පංති වලින් හෙබි අමාවකේ සඳක් සිඹිමි සහ වැසි වැටන ඉසව් නම් වූ මා වඩාත් ප්‍රිය කරන කාව්‍ය සංග්‍රහයන් සමඟ එකට සිට ගැනීමට සමත් කාව්‍ය සංග්‍රහයකි, මෙය.


===============

බ්ලොග් පිටු වල කොතෙකුත් ඇගේ කවි දැක ඇතත්, ( එකක් දෙකක් කියවා තිබුනත් ), "ඔබ ගැඹුරු නින්දක"(****1/2)  කවි පොත කියවීමට පෙර, සිතට එකඟව, සොයාගෙන කියවිය යුතු කිවිඳියක් ගණයට නොහැඳින සිටි මාලති කල්පනා ඇම්බ්‍රෝස්, මේ කෘතියත් සමඟ, මාගේ "කියවිය යුතු" කුලකයට ඇතුලත් කරගත්තෙමි. ඇත්තෙන්ම ඇගේ මේ පොතවත් සරසවියේ මිලට ගන්නට තිබුනේ නැත. මා සතු පිටපත ඉනික්බිතව අන්තර්ජාලයෙන් මිල ගෙවා ඇණවුමෙන් ගෙන්වා ගත්තකි. ඊට අමතරව, ඈ මෙම සම්මාන තරඟයෙන් ඉල්ලා ඉවත් විණ. එහෙත් මම ඇගේ පොත මිස, ඈ ඉවත්වීමෙන් පසු ඇතුල් කරගත් කෘතිය කියවීමට තෝරා නොගත්තේ, මුල් තීරණයට එවකට හොඳම පොත් සතර ලෙස විනිසුරන් දැරූ මතය වඩා නිරවද්‍ය යැයි සිතූ හෙයිනි.

ඉතින් කෙලෙස ද කල්පනා ගේ කවිය ?  ඈ සැලකිය යුතු අවස්ථා ගණණක එළිවැට රකිමින් කව් පබඳින්නීය. එහෙත් ඇගේ කව් සිතුවිලි නූතනය, වරෙක දේශපාලනීය ය. ඈ ප්‍රේමය ගැන කියා ඇති අදහස් ඇගේ අවංක අදහස් බව පාටකයනට හැඟේ. වරෙක ඈ තුල වෙඩිවර්ධන ගේ ආභාෂයක් හෝ දෙදෙනා ම වදන් සමඟ කෙළිලොල් වන අයුරක් දිස් වේ.

"ඔබ නිදනවාට මම කැමති
සිහින දකිනවාට අකමැති
ඔබ නිදන හැටි මට දකින්නට හැකි
ඔබේ සිහිනය මට දකින්නට බරි"
                    ( ඔබ ගැඹුරු නින්දක )

ඈ ප්‍රේමය ගැන කව් පබදිද්දි, එහි ඇගේ ප්‍රේම කතාවේ කොටසක් ඇති බවත්, එහි අව්‍යාජ බවක් රැඳී ඇති බවත් හැඟෙයි.

"නම නො දන්නා නුවරක්
පෙම නම් මෙයැයි නම් කොට
දින දින පිපෙන කටු මත
සනහස් මලින් මල් උපද්දන
සදාතන සිනාව
ඔබ මගේ ඉනාව"
     ( ඔබ මගේ ඉනාව )

එලෙසම ඈ වෙන්වීම්, බිඳවැටීම් ගැන කව් පබඳින විට එහි  කවිය තුලට හොඳින් හා වුණු තර්කයත්, දැන්මුතුකමක් ඇතත්,  ඒ තුලින් කවියේ කලාත්මක බවට හානියක් නොවී තිබීමත්, ඇත්තෙන්ම ආශ්චර්යයක් බඳුය.

"මල් පෙති සුබ පැතුම් පත්
අව පැහැව රන් මුදු රාමු මැද
සල් උයන් පවා හිස් වූ විට පර
පර මල් රකිනු ඇයි, කුමට ?

..

ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ"
     (ඔබ නැවතුණ තැන )

"ළබැඳියන් නික්ම යන විට
හැර තබයි අලුත් දොර කවුළු
කැමති නම් එබී බැලුමට
කැමති නම් මඳක් දුර ගොස් හැරී ඒමට
ආදරේ නම්,
දිගට පියමැන
ඒ අය මුණගැහෙන්නට"
             (නික්මයාම )

වරෙක ඈ අවම වදන් කිහිපයක් තුලින්  අඟවන දේ විසල් ය. තාලයකට වැටෙන වැහි බිඳු ඇති කරනා නිහඬතාව නිමි කරන්නේ විදුළි කෙටිල්ලකි, හෙවත් ආලොඅකයකිනි. ඒකාන්විත රිද්මයක නිහඬතාව, ආලෝකය බිඳ දමා ඇත.

"වැසි බිඳු වැටෙයි
බිඳිමින්
රකිමින්
තානය
එක දෙක
එක දෙක

කිසිත් නැත
මා තුළ
නිහඬ
වැසි හඬ
මිස

ඉඳහිට
පතිත
අකුණු එළියකි
නිහඬ බව
බිඳෙන
ක්ෂණයකි"
   ( නිහඬ )

එහෙත් ඇගේ සියළු කවි මෙ ආකාර නොවේ. එළිවැට රකින්, ජනකවි හා වෙනත් අතීත උරුමයන්ගෙන් ඈ ලත් ආභාෂය ද තැනින් තැන දැකිය හැක.

"රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුණේ අල්ලා ගත් අත නො හැරා
මටත් කලින් බුදු වෙන්න ද යසෝදරා

පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන් රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොම වී හෙට එළි වෙන්න
හේමමාලි එක සැරයක් යළි එන්න"

     ( හේමමාලි )

"ඈත ම දුරක හිටියත් අර වන අරණේ
ලෝකෙ ම නති පාට ඔය කවිවල් රැඳුණේ
හීනෙක හැබෑවක මොන වෙනස ද තිබුණේ
නාවම දුකයි ආවම ඇයි දුක දැනුනේ

වනේ දදා හිත කෙටුවා පොළව දනී
සෙනේ නිසා කවි එරුණා පපුව දනී
අනේ උඹට යන්න ම ඕනෑ බැවිනි
උඹේ බරට කවි ලියලා යන්ට දෙමි"
   ( සෙනේ නිසා කවි එරුණා පපුව දනී )



එහෙත් පෞද්ගලිකව සිතින් මා සමඟ එක් නොවූ කවි පංති ද මෙහි තරමක් වෙති. ඒවා අන් අයෙකුට වෙසෙසින් "Bleeding Heart" කෙනෙකුට බොහෝ සේ අර්ථාන්විත විය හැකිය. යුද්ධය කුරිරු බවත්, ඊට ඇති හොඳම විසඳුම යුද්ධයක් ආරම්භ වීම වැලැක්වීම බවත්, යුද්ධයක් ඇරඹුණ පසුව තිබෙන එකම විසඳුම අවම හානියකින්, කෙටිම කාලයකින් එය අවසන් කිරීම පමණක් බවත් මා විශ්වාස කරන හෙයින්, මැයි දහ අට මතක් කර කරා හූල්ලන කවි මට ගෝචර නොවේ -එය උදක්ම පෞද්ගලික කරුණක් බව නැවත කියමි.
ඒ කෙසේ වෙතත්, මෙතෙක් කියවූ කවි පොත් තුනෙන් ලක්ෂාන්තගේ කවි පොතත්, මාලතිගේ පොතත් කරට කර සිටින බවත් කිව හැකිය.
 

=================================

මෙවර රජත පුස්තකයට නිර්දේශ වූ සිව්වෙනි කෘතිය එරික් ඉලයප්ආරච්චිගේ කපුටා සහ සිටාණෝ (**1/2)  කාව්‍ය සංග්‍රහයයි. පිත්තල හන්දිය, මගේ කොළඹත හඳ පායයි ආදි කාව්‍ය කෘති කිහිපයක් ඔහුගේ කියවා ඇත. ඔහුගේ කවියේ යමෙක් ඈත සිට නිරීක්ෂණය කරන බවකුත්, හැඟීම් වලින් වියුක්ත බවකුත් අඟවන ඔහුගේ කවියේ ආකර්ශනයක් නැත්තේ නොවේ. එනුමුදු ඔහුගේ කවි නිමිති ඉතා ක්ෂුද්‍ර දෙයක්  මත බොහෝ විට පිහිටා ඇත. ඉතින් ඒ කවි නිමිති මුල් කොට ගත් කවි පංති සාර්ථක වන අවස්ථා තරම්ම, අසාර්ථක වන අවස්ථා ද වේ. ඒ අනුව මේ කාව්‍ය සංග්‍රහය එතරම් මා සිත් ගත්තක් නොවේ.

එරික්ගේ කවිය තැනෙක වර්තමානය පිරීක්සයි. වත්මනෙහි ජංගම දුරකථන කැමරාවට අසු නොවෙනා දෙයක් නැති තරම් ය. කවියා "අනංග කැමරාව" ඔස්සේ මෙය පබඳයි.
"ආලයෙහි ඇරයුමෙන්
සළුපටක් ලිහිල් වෙත
ඇතුළු වෙයි වසල දෙවි
සැරිසරනු වස් ළමැද

වරදෙ බැඳෙනා විට ද
රැඳෙ එය නරඹනුව
...

රහස් තැන සවි කෙරුණු
අනඟ දෙවි කැමරාව
රබර් කොපුව ද දකියි
තෙත් බරව බිම වැටුණ"

එරික් කවියෙන් බොහෝ විට තම නිරීක්ෂණ කියා පාන්නා මිස,විනිස්Cඅ දෙන්නකු නොවේ. ඔහු මෙතැන මේ අනග කැමරාවට අකමැත්ත පෙන්වන සියුම් විදි දෙකකි -එකක් ඊට වසල විශේෂණය යෙදීමෙනි. අනෙක අන් අය විසි කරනා කොපුව ද කැමරාවට අයැසි බව කියාපෑම මගින්, එහි වසල බව තවත් පසක් කරමිනි.

මෙහි වූ කවි හතලිස් තුනෙන් මා රස විඳි කවි අතලොස්සේ මුලින්ම පාහේ තිබෙන කවියකි, "ගොවි උපත" කවි පංතිය.

"විජයසින් මත්ව මම
නැගී සුදු අසෙකු පිට
පිරිවරා ගෙන සෙබළු
ඇතුන් දෙදෙනකු ලවා
වී බිස්ස බිඳින්නට
වඩින සැටි සිහි කළෙමි
...

කම්පාව දෙයි සිතට
එදා ගත් අවි දරුණු
ලජ්ජාව දෙයි සිතට
හිනායන ගොවි උපත

පාළු අස්වනු නිසා
සිස්ව ගිය වී බිස්ස
මුදුන තෙක් පුරවනුව
සිතින් වපුරමි කුඹුරු
කපමි අස්වනු නිතර"

 හේ තම කුඩා කල දි, අස්වැන්නෙන් පිරුණු වී බිස්ස ට සෙල්ලම ට හෝ විරුද්ධ වූ සැටිත්, එහෙත් මෙදා ඊට හිමිකරුව, එහි අස්වනු පුරවනු අපොහොසත්ව කම්පා වන්නේ කවියට නගා ඇති අයුරු මා සිත් ගත්තේය.

මහපාරේ මුගටිකුණ පවා කවියට නිමිත්තක් කරගන්නා අප කවියා, තැනින් තැන සිත්ගන්නා සුළු මාතෘකා ද කවියට නගයි. චයිනමන් එවැන්නකි.

"ලකුණු ලොබ රට දැයට
ඔබ යි ලොතරැයි දිනුම
දරුවෝ බිම වැටෙති
නරඹන මවුන් ඇකයෙන

...

තේ රබර් කුරුඳු ණය
පහර දී අය කොට
ගුවන් නැව එයි මග
පටවා පරණ ඇත් දළ

...

ලෝඩ්ස් පිටියේ දැවී නොගිය ද
වෙළඳු වෙනුවෙන් අතට බඩු ගෙන
සිටින ඔබ අර ඇඳුම ඇඳගෙන
වෙළැඳ පිටියක දැවෙන ඉක්මන"

  මට මතක් වනුයේ මගේ මිතුරෙකු කියූ කතාවකි. ඔහුගේ බාල ම දුව ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩයකු ව අඳුනන්නේ, "අර සුපර් මාකට් එකේ එළවළු විකුණන අංකල් " ලෙස ය. ඉතින් මේ කව ට එරික් ට ලකුණු දිය හැක.

එහෙත් මෙවන් අවස්ථා ඇත්තේ අතරින් පතරය. සමස්තයක් ලෙස කාව්‍ය සංග්‍රහය කියවාගෙන යද්දි මට සිතුණේ, එරික් තම සිතට නැගෙන සැම කවි සිතුවිල්ලම ඔප මට්ටම් නොකර තම සංග්‍රහයනට එක්කාසු කරන්නේ දෝ යන සිතුවිල්ලයි. නවකථාවෙදි මා බුහුමණට ලක්වන එරික්, වසරකට වරක් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශනයට තිතක් තබා, තෝරා බේරා කවි පළ කරන්නේ නම්, පාඨක අපේ ප්‍රසාදයට හේතු වනු නියත ය.

==================


නිගමනය
----------
ඉතින් මේ කවි පොත සතරෙන් ඉදිරියෙන් ම සිටිනුයේ කොයික ද ? නිර්දේශ දුටු විත ඉන් ලක්ෂාන්ත ගෙ අකවි පොත ඉදිරියෙන් ඇති බව සිතුණු මුත්, මාලති කල්පනා ගේ පොත මෙතරම් සාර්ථක වී ඔහු ට අභියෝගයක් එල්ල කිරීමට සමත් එකක් වනු ඇතැයි මම නොසිතුවෙමි. නඳුන් ගේ පොත ද සැලකිය යුතු මට්ටමක සහ පාඨක අවදානයට ලක් විය යුතු පොතක් බවත්, බලාපොරොත්තු තබා ගත හැකි කවීත්වයක් පිළිඹිබු කරන බවත් කිව යුතුය. ඒ අනුව පළමු තැන ට ලක්ෂාන්ත ගේ නිර්මාණය ද, ඊට බොහො ළඟින් දෙවෙනි තැන ට මාලති කල්පනා ද, තෙවෙනි තැනට නඳුන් ගේ පොත ද මේ අවස්ථාවේදි අනුස්ථාන ගන්වමි

Saturday, 10 June 2017

Choices (Inside the Making of India's Foreign Policy ) - Shivshankar Menon


s book presents  five specific scenarios, in which India had to make choices with regards to  decisions, during Menon's long illustrious career as a diplomat. In each of these situations Menon shows that deciding factor was the minmax strategy - minimising the damage and maximising the advantage, a concept borrowed from game theory, since there are no right or wrong answers at the time of taking decisions in matters of  International politics, and the advantages and disadvantages of  the decisions become more visible years later. 

There is a certain part in the introduction, upon which no non-partisan reader cannot help but  congratulate India, given their vast development over the last twenty five years or so, not with standing their poverty issues.
"India itself was very different from the India that had gained independence in 1947, when the average life expectancy was twenty-six years, only about one-seventh of the population was literate, and there had been half a century of near zero growth in the economy under empire." Menon attributes India's success to three of their prime-ministers, P.V. Narasimha Rao, Atal Bihari Vajpayee and Manmohan Singh, who implemented strong policies which resulted in the country's growth and stuck to them, irrespective of which side of the political divide they were from. Here's a good lesson to our politicians, which essentially means that a country can be turned back around within two decades if the political will so desires it.


The First chapter in this book, is on the Border Peace and Tranquility Agreement in 1993, with China. The decision here was the willingness of India to settle for "both Chinese and Indian purposes to try to impose peace along the border while leaving to the future the more politically difficult task of settling the boundary." The challenge was that Ind
ia still carried the scars of the 1962 conflict, in which the victor was China.It was a question of permitting bilateral relations in other areas while the boundary question remained unsettled.
"The process of LAC clarification has effectively has effectively stalled since 2002. India therefore does not have an agreed-upon delineation of the LAC with China."
"Bilateral trade between expanded sixty-seven times between 1998 and 2012, and China is India's largest trading partner in goods... And there are more than 11,000 Indian students in China." 
"Finding the balance between rivalry and incentives for good behaviour, between competition and cooperation, is among the hardest tasks in strategy."
Menon credits Indian PMs Narasimha Rao and A.B. Vajpayee of the hard work they put in, and their actions for the "greater good than immediate party political advantage."
Since then, with China's aim of becoming the number one in the world the situation is changing, says Menon, and more nationalistic inclination is hinted as the reason for the current situation in flux.
"..a leadership that increasingly relies on nationalism for its legitimacy find it easy to make the compromises necessary for a boundary settlement ( This is equally true of India)." To me it appears that Menon hints at Narendra Modi too, here.

The Second chapter titled Natural Partners, is how the Civil Nuclear Initiative with the United States materialised. India advanced in Nuclear and Space technology, while they were under sanctions from the U.S. after their first experiment in 1974. The gist of the Indian argument is presented at the start.
"That India was still making progress in nuclear and space technology and was moving toward becoming a player in this arena internationally had only strengthened the voices of those in India who thought that anything worthwhile in the Indian economy had to be done autonomously and indigenously, and further, that the world would only with India, as an equal once the country had developed its capacities on its own."
Seven years after India declared itself a NWS (Nuclear Weapons State), she was ready to work with the United States to get the NSG (Nuclear Supplies Groups ) to permit civil Nuclear commerce with India, given that she was afflicted by an energy crisis. This chapter explains why it was a race against time as India was working with president Bush, whose term was drawing to a close. Besides this PM Manmohan Singh's advisors were cautioning about how the U.S. has been an unreliable partner in the past. All the necessary international legal framework, including the consensus of the NSG and IAEA board was needed before the end of Bush' second term. To aggravate matters the Left has withdrawn support for the government and a vote of no confidence was scheduled in the Lok Sabha on July 22nd, 2008.Manmohan Singh's resolve in seeing all through  to success is commended.
"..it was Singh's dogged but quite persistence that sustained the initiative at every stage and ultimately made all the difference. Personalities matter."( page 78)
While Menon has succeeded in showing the challenges and how they were overcome, he sometimes tends to go out on a limb to give character certificates, to people of whom the public opinion is not so glowering. George W. Bush is one such individual. Here's what Menon says of him.
"In all our meetings with Bush I found him focused, clear on the issues, well prepared, and willing to listen. I can only speculate that this son of privilege, born to the blue-blooded in the US establishment, went to great pains to appear ordinary, and succeeded. But the image concealed a sharp mind and a genuine ability to connect with other people, as shown by his close and productive relationships with Manmohan Singh ...When Bush and Singh were together, they were relaxed to the point of laughing and joking with each other. On the US side as well, personalities mattered."

The most troubling chapter in this volume has to be the third which deals with cross border terrorism from Pakistan and the Mumbai Attack. While it is a pleasure to read  about the calculated diplomacy which made India not to retaliate for the 26/11 attacks on Mumbai ( Menon differed with this decision at the time, he admits ), Menon concedes in a veiled threat that it is unlikely that India would tolerate any further such attacks as not only the circumstances has changed but even decision makers. Menon goes on to say that where Pakistan is concerned there are multiple centers of power and the Army is one such, with their nuclear arsenal under the military, the only NWS to have it so. While personally I am not sympathetic towards India given their overly Big-brother attitude in the region, they cannot be envied for their prospects of prolonged intractable conflict with nonstate actors. Thus Menon finds the method that of the Israelists, described as "mowing the grass" is useful for India too. Menon concedes that their relations with Pakistan is an utter failure and the best that can be done is managing the problem. One important sentence needs highlighting here before I move to the next chapter. To Quote:
"The Saudis and Qataris had successfully used this tactic for years, exporting their radicals to the rest of the Middle East and Afghanistan and Pakistan" (page 105), "this" being a design to move Jihadi violence from domestic soil to another country,  from Pakistan to India as is being speculated here by Menon, as he discusses motives for this attack. 

The fourth chapter is obviously the main reason for me to purchase this book, since it is about our efforts to eradicate the LTTE terrorism, and I wanted to hear the account from a third party, yet involved sufficiently to qualify commenting with minimum prejudice. First thing I noted was that India's uninvited forceful intervention is mentioned in typical diplomatic language.
"The population of jaffna was under siege and without supplies and food. on June 5 (1987), the Indian Air Force air-dropped 25 tons of medicine and food in Jaffna, informing the Sri Lankan government only just before the action. The situation was deteriorating rapidly, and India's relations with this strategically located neighbor were at considerable risk" (Page 130)

I quote below a few notable sentences which need to be heard from him, as he writes it here. 

* "It could be argued that India's action in 2009, which made Prabhakaran's end inevitable and inspired the hands-off attitude of the international community were a direct result of that one act by Prabhakaran, whose involvement in the assassination was conclusively proved." (Page 132)
* "Norway came closest to success in 2001, when the LTTE for the first time suggested it might be willing to settle for less than a fully independent Eelam. Cynics attribute this development to the success of the long-range reconnaissance patrols of the SLA, which took down several LTTE commanders in 2000-2001. Optimists attribute it to fatigue with the war and a strong civil cociety peace movement. Both are right. (page 136)
*"Particularly memorable were midnight visits to Colombo with Pranab Mukherjee when we flew into Colombo at 8 p.m., went straight to the Presidential Palace for a military briefing by Fonseka and a political one by President Rajapakse, and had a long conversation exploring options..." (page 140)
*"To their credit, while the Rajapaksas negotiated hard to avoid limitations on their ability to wage war against their mortal enemy, they did agree to allow safe passage corridors and o create safe zones for civilians in January and February (2009). Later in March they also agreed not to use heavy-caliber weapons when the LTTE had trapped a large number of civilians with them in a tiny area along the coast in the final stages of the war. More significantly, the Rajapaksas implemented these commitments in practice"( page 140 )
   True that this statements suggest that these measures on behalf of the civilians were taken only at the behest of the Indians. This has to be taken with due consideration for the fact the Indian career diplomat would need to highlight what he would like to portray as his achievements. I am more inclined to believe that the Sri Lankan government didn't have designs to inflict untoward damages on the civilians, bu not adopting whatever safety mechanisms possible, but would've held a high bar to negotiate, given that a low bar or a wavering one would be detrimental to their military goals.  Negotiating with the Rajapaksa's wouldn't have been an easy affair. When reading this essay I felt that while their was no love lost between the Indians and President Rajapakse, there is plenty of  backhand compliments to suggest that,  from a Sri Lankan perspective that him being in India's good books was not what was most important to us.
*"...Norway and the United States were attempting to secure a cease-fire, to negotiate exile for Prabhakaran, and to explore other exit strategies that would effectively keep the LTTE alive to fight another day, Politically or Militarily. For politicians and leaders in India, whether in Tamilnadu or in Delhi, this was not an acceptable stance or outcome." (page 141)
The biggest criticism against President Rajapake is this:
*"While he facilitated India's reconstruction and relief work, Rajapaksa could not bring himself to be politically magnanimous in victory. To some extent he was correct in telling us that there was no one he could work with on the Tamil side. Such Tamil politicians as had survived the war in the Tamil National Alliance were either complicit with or indebted to the LTTE and the most radical elements in the diaspora. But Rajapaksa did not use his effective and overwhelming power to promote a moderate Tami leadership" (page 149)
   While this allegation is difficult quantify, personally the more pertinent question would be whether a majority of this State believes that a political solution is needed. This is visible every time that this matters gains currency, and such a solution to date can only be forced upon the majority of the population. Whether it will change in time to come is another matter. I am afraid that India is not sensitive to this aspect of the issue.

To conclude I cite the following quotes:
*"The Sri Lankan civil war is one of the few instances I can think of where terrorism ( but not separatism ) was successfully eradicated by purely military means." ( Page 151)
  And I couldn't help but recalling the ridiculing  our self styled think tank Nalin de Silva had to undergo when he said this is his own inimitable way.

*"I found that as defense secretary, Gothabaya had a clear view of the Sri Lanka's interests, one that was compatible with ours.....At no stage was exclusivity sought or promised. And realistically speaking, it would be unreasonable to expect exclusivity. For  Sri Lanka, as for India's other smaller neighbors, using China to get India's attention and invest in the relationship and using India to get Chinese investment and support is a productive  strategy, empirically proven in the past. For India not to recognize and deal with this fact of international life would be foolish." ( pages 150--151)

"Why India pledges No First Use of Nuclear Weapons" is the fifth chapter is in this book. It elaborates the doctrine that National Democratic Alliance (NDA) government adopted, upon testing nuclear weapons publicly in 1998.
"[T]he fundamental purpose of Indian nuclear weapons is to deter the use and threat of use of nuclear weapons by any State or entity against India and its forces. India will not be the first to initiate a nuclear strike, but will respond with punitive retaliation should deterrence fail;
.       .. India will not resort to the use or threat of use of nuclear weapons against States which do not possess nuclear weapons, or are not aligned with nuclear weapon powers."
This is a position that is hard to disagree in my honest opinion, especially given that it has to contain a country in constant turmoil such as Pakistan  as its neighour. There is a section titled "India-Pakistan Deterrence" which clearly elaborates the unenviable position that India finds itself with regards to Pakistan.

This excellent book with a few pages dedicated to "a final word" in which he hopes that "If these extended essay have left readers with some sense of the complexity and joys of foreign policy decision making, of the balancing interests that it requires, and of minimizing harm and maximizing gain, in situations where not all considerations are entirely synchronized, then this book has served its purpose". To me it has, in its entirety.


Monday, 5 June 2017

The Castle - Franz Kafka



I read Kafka's "Trial" seven or eight years ago, borrowing it from the Colombo Public Library, at the time. I think I bought my copy of "The Castle", round about the same time. The Trial which was  a shorter book ( compared with The Castle), was also comparatively a more engrossing read, albeit it being within a confusing labyrinth of a policing system, where the accused cannot comprehend his charge - and the success of Kafka's creation was that without understanding the charge, we the reader too felt that K was guilty ( of an undisclosed charge ). I recall reading a Goodreads review, and the many comments under the review, which agreed that Joseph was "guilty has hell". The fact that we readers felt that K was guilty, not knowing what the charge was tantamount to admission of a totalitarian  government's success in its ways of policing. Besides the stuffy rooms, the tables of officials with stacks of paper spilling over, K's escapades, his endless efforts to find a clearance of himself from the charge, which he too was subtly beginning to admit, not withstanding the fact charge was never spelt out, all made  The Trial a compelling Read. These two books are not sequels.

Why I made this summary on Trial was to base it as a platform to write a bit about The Castle, which I completed reading recently. In "The Castle", K. has been hired as a surveyor, by the authorities of the Castle as a land surveyor. Yet, once the authorities concede that he was indeed officially called upon for his duties, he enters a labyrinth of laws, decisions, denials which make him confused and literally seek without success, an audience with the powers that be, to comprehend clearly his role in the village. He tries to settle down in the village not withstanding the discouragement and the sense of him being rejected.

It is usually considered that The Castle was an unfinished work. The Vintage Classics edition  translated by Willa and Edwin Muir contain 58 pages of "Additional Material", which were "found among Kafka's papers after the publication of the first edition." As the original publication nears its end, we find that it is not only K who is a victim  of the labyrinth of authority, which dictate the lives of its inhabitants, but almost all of the village. The villagers have agreed upon a tacit admission of agreement to the unwritten laws of the authorities and who ever contests that, becomes outcasts instantly.  Consider the following: Barnabas' family has fallen from grace in the eyes of the village due to no fault of their own, and when Barnabas manages to get a position of some ambiguity as a messenger to the castle, the family has some respite and possibly a slim chance of regaining their due place in the village. Barnabas is the messenger who brings out correspondence from the Castle to K, and although these messages do not grant any assurance for K's supposed employment terms, it is the only slim hope he has, in an environment which rejects him in total, otherwise. The following part is  Barnabas' sister's admission of the true nature of Barnabas' role as a messenger as well as the messages  itself. While K was depending on the messages, Barnabas' family has given undue importance to his role and the messages, since they too need these to rebuild themselves.
"More, in doing that we might depreciate the value of the letter itself in your eyes and so disappoint you sore against our will. But if we didn't lay much stress on the letters we should lay ourselves equally under suspicion, for why in that case should we have taken the trouble of delivering such an unimportant letter, why should our actions and our words be in such clear contradiction, why should we in this way disappoint not only you, the addressee, but also the sender of the letter, who certainly hadn't handed the letter to us so that we should belittle it to the addressee by our explanations? And to hold the mean, without exaggeration on either side, in other words to estimate the just value of those letters, is impossible, they themselves change in value perpetually, the reflections they give rise to are endless, and chance determines where one stops reflecting, and so even our estimate of them is a matter of chance."
I think the above extract is a fair sample of the confusion which emanates with each passing page, a confusion of intent,  immersed in a labyrinth. The explanation given by each of the characters other than K. are lengthy, which being comprehensible at one level, does nothing to rid the miasma of confusion at a macro layer. One could argue that a good portion of this book needs to be edited out - but it is this miasma of confusion which is the work of Art, and editing it is counter productive. The copy I have has praise from Kundera in the front page ("Thanks to him that the very notion of the novel is not the same as it was before" - Kafka's influence on Kundera is apparent, although the latter's work is more refined ), and the back page has Nabakov claiming that Kafka was "the greatest German writer of our time".

But be forewarned that this is a stuffy, cold book, which emanates the despair of a relentless German winter across its breadth. It is not an easy book to go on reading, although a sense of admiration of the author cannot be helped seeping through to the reader upon completion. The stuffiness of the work makes one gasp for breath, and I clearly recall thinking that it will be a while before I touch "The Castle" upon completing "The Trial". True to that sentiment it took seven or eight years for me to start on The Castle. I am not sure if I will ever read The Metamorphosis or America, but I can comprehend the awe that the man has instilled in the Nabakovs, the Kunderas, the Nawagattegamas and the Piyal Kariyawasams ( more closer to home ) in this world.