Saturday, 25 February 2017

අච්චාරු සහ තවත් කතා - විරාජිනි තෙන්නකෝන්



අච්චාරු සහ තවත් කතා - විරාජිනි තෙන්නකෝන්
=============================


විරාජිනි තෙන්නකෝන් ගේ කුළුඳුල් කෙටි කතා සංග්‍රහය වන "අච්චාරු සහ තවත් කතා" කියවූවෙමි. මෑතක කියවූ මහත් විවිධත්වයෙන් සපිරි කෙටිකතා අටක් මට මෙහි හමුවිය. ඒ කෙසේ ද යත්, අප අවිඥ්ඥාණකව කෙටිකතාකරුවකුට යම් වර්ණයක් ආදේශ කරන්නේ ද ( උදාහරණ - විජේමාන්න - මාපාකඩවැවේ සැඳෑ යාමයේ වර්ණය ), එවන් සිතුවිල්ලක් මට මේ ලේඛිකාව කෙරෙහි  ඇති නොවුණේ, එතරම්ම කෙටිකතා අට
විවිවධත්වයකින් සපිරි නිසා ය.

1- අච්චාරු - කෙතෙරම් ව්‍යඤ්ජන වලින් සපිරි බත් වේලක් තිබුන ද, අච්චාරුවක කට කාරන රසයකට ඇල්මක් ඇතිවන්නේ අපටත් නොදැනීම ය. ඉතින් සමහර ගැහැණු සිතක, පැරණි පෙමක ට අවසර පතන්නේ මේ අච්චාරුව සොයනාකාරයෙනි. අවදානම ඉදිරියේ, තම සිතට විනයක් ආරූඪ කරගැනීම, අවදානම පහ වූ වහාම, නැවත සිත හීළෑ නැති වීමේ ස්වභාවය ලේඛිකාව අපූරුවට ග්‍රහණය කොට ඇත්තීය.

2- තිර නොතිර: නිළියක් ආත්ම ගවේෂණයක යෙදෙන්නි සහ තමන් ළඟා කර ගත් සම්මාන, ජනප්‍රියතාව උදෙසා  ඈ ගෙවා ඇති මිල පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්නි, ඒ සිතුවිලි ඔස්සේ යතාර්තයේ සීමවෙන් ඔබ්බට එබෙමිනි.  අපූරු නිර්මාණයකි.

3- කන් පෙති මත: වසර ගණණාවකට පෙර තමන් හදා ගැනීම අත් හළ, සරණ බන්ධනයෙන් මෙපිට උපන් දැරිය තම සත්‍ය මව සොයා ලංකාවට එන්නීය. මිනිස් සිත අපූරු එකකි. මේ දැන් නොතිබෙන බැඳීමක් එක් කුඩා ශරීරලක්ෂණයක් දැකීමෙන් කණ පිට පෙරළීමට ලක් ව, මහා බැඳීමක් දක්වා වෙනස් විය හැකිය.

4- බලු කතාවක්: "උන් පුදුම බැල්ලියො මැඩම්. උන්ට පැට්වු ඕනි නෑ. මේ වගෙ ලොකු වර්ගෙ බැල්ලියො පැටවුන්ට ආදරේ නෑ මැඩම්" - නූතන, නාගරික, වෛවාහික, රැකියා නියැති, ඉහළ පාංතික කාන්තාව පිළිබඳ, කාන්තාවකගෙන්ම ලියැවුණු අපූරු කියවීමකි.

5- චිත්ත වග්ගය - හුදෙක් කතාවක් වශයෙන් මෙහි එන සංකීර්ණ ම කෙටි කතාවයි. සිතක් වරදෙහි බැඳීමට කෙතෙරම් නැඹුරු දැ යි කෙටි කතා කිහිපයක් තුලින් ම පෙන්වා දුන් කතුවරිය, මිනිස් සන්තාවයේ දරු පෙමට සීමා නැති බවත්, වරෙක පති භක්තිය කෙතෙරම් අපූරු දෙයක් ද යන්නත්, වරදෙහි බැඳුනු කෙනා සිතින් කෙතෙරම් දඬුවම් අත්විඳින්නේ ද යන්න ත් පිළිබඳව අපූරු ගෙත්තමකි.


6- නාග බන්ධන - අප රට බුදුදහම, දේව වන්දනාව ඉදිරියේ කෙතෙරම් අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇතැයි යන්න මතුපිට කියවීමක් ලෙසත්, ව්‍යාජය ඉදිරියේ සත්‍ය කෙතෙරම් අවතක්සේරුවට ලක්වන්නේ ද යන්නත් පිළිබඳ අපූරු  නිර්මාණයකි. ඉහත කෙටි කතා පහට සපුරා ම වෙනස් ය.



7- මණ්ඩුක සහ උපාසක: ගිහි ජීවිතයේ වේවා, පැවිදි ජීවිතයේ වේවා, ආශාව ඉදිරියේ මිනිස් සිතේ ව්‍යාකූලත්වය, එය කෙතෙරම් ශුද්ධ කරන්නට තැත් කල ද, පිට මං කරන්න කරන්න, නැවත ගෙතුලට රිංගන ගෙම්බකු මෙන් සිත අභ්‍යන්තරයට ආශාව රිංගන අයුරු  පෙන්වන දාර්ශනික අංශයට වඩා ආනත කෙටි කතාවකි.

8-මුස්නය මත දැවටි - කිසාගෝතමිය නිබ්බුත පද වදාරණ චිත්තය ඔස්සේ නිමැවුණු අපුරූ ම නිර්මාණයකි. මෑතක බෞද්ධ සංස්කෘතිය ඔස්සේ කියවූ ඉහළ ම තලයේ කලා නිර්මාණයකි.

අවිවාදයෙන් මෑතක කියවූ අපූරුතම කෙටි කතා එකතුවකි. මා ඇත්තෙන්ම මේ පොත අත ට ගනිද්දි මෙවන් අගනා නිර්මාණ මෙහි වෙතැයි බලාපොරොත්තු නොවුනෙමි. එහෙත්, 2017 වසරේ අප රට විවිධ වූ කෙටි කතා සංග්‍රහ උදෙසා වන සම්මාන උදෙසා මෙය අවම වශයෙන් අවසන් වටයට හෝ පැමිණේවි යන්න මගේ අදහසයි. මෙහි කෙටි කතා බොහෝමයක් මතුපිටින් සරලය. එහෙත්,  ඒ තුල අප සැමට පොදු සිතුවිල්ලක් හෝ, ඓතිහාසික චරිතයකට ඇති වුණා යැයි විශ්වාස කල හැකි ආරේ සිතුවිල්ලක්, හෝ මගින් පෝෂිතය. ඉහත කී 1,4,5,8 යන නිර්මාණ වෙසෙසින් ඉහළම තලයේ නිර්මාණ ලෙස විශ්වාස කරමි.

    නන්දෙඩවිල්ල - මා මේ කෙටි කතා සංග්‍රහය කියවීමට පෙළඹුනේ, කතුවරිය ඉන් පිටපතක් මට තෑගි කල නිසා ය. නැතහොත්, මේ වසර තුල අවම වශයෙන් මෙම සංග්‍රහය කොහොමටවත් නොකියවෙනු ඇත.  (එහෙත් මෙය අනාගතයේ මහත් කතාබහට ලක්වීමට සංග්‍රහයක් ලෙස විශ්වාස කරන හෙයින්, 2018 කියවීමට පොත් තෝරා ගන්නා විට බොහෝ විට කියවීමට ඉඩ තිබිණි.)  කෘතිය පිටු අසූ ගණණකට සීමා වූ නිසාත්, තැනින් තැන ලැබෙන විනාඩි 15-20 විරාමයන් භාවිත කොට ඇඟට නොදැනෙන්න, මහත් මසුරු ලෙස වෙන්කොට තබාගෙන ඇති දිනකට ලැබෙන පැයක හෝ, හමාරක "කියවීමේ කාලය" කාලය භාවිත නොකොට මේ කෙටි කතා පොත කියවා හමාර කලෙමි. ( මීට සමගාමිව Jhumpa Lahiriගේ "The Interpreter of Maladies " පොත තනිකරම කියවා හමාර කලේ දිනකට යෙදෙන විනාඩි 35-40 පමණ දුම්රිය ගමන තුලදී ය. නීල් ගේමන් කියවනවා නම් කියවෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් පමණක්ම ය; ඒ ඔහු විසින් ම කියවන ශ්‍රවණ පොත්, අසා සිටීමට රුකුල් දෙන නිසා ය. ) ඒ ඒ මාධ්‍යයෙන් හා කාලවේලාව අනුව  කියවිය යුතු ඒ ඒ පොත් ඇතැයි මම මින් හඟිමි. මේ දිනවල කියවන නදීගේ වුල්ෆැන්ඪාල් ස්ට්‍රීට් සහ කැෆ්කාගේ "The Castle" කුමන විදිහට හෝ මේ විනාඩි 15-20 විරාම තුල කියවිය නොහැකිය. මේ කොටස මෙම කෘතියට  පමණක් අදාල නොවුන ද, දිනෙන් දින අපට කියවීමට ඇති කාලය අඩුවන වටපිටාවක, කියවීමට වඩා පහසු පොත් ( ඉන් එහි අවතක්සේරුවක් නොකෙරේ. Lahiriගේ පොත කියවීමට පහසු වුව ද  එය නිසැකයෙන් ම ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. ), වඩා අවතක්සේරු කල කුඩා කියවීමේ "කාල-කවුළු" වලට යොමු කල යුතු ‍යයි සිතෙන නිසා කියා පෑවෙමි.

How to Read Lacan - Slavoj Zizek


"How to Read Lacan" is from the "How to Read" series, where "Each author has selected ten or so short extracts from a writer's work and look at them in detail as a way of revealing their central ideas and thereby opening doors onto a whole world of thought." The expert Guide in this case is Slavoj Zizek, and he uses an introduction and seven chapters, each of which focus on an idea by Lacan. It is my first exposure to Lacan, and to Zizek too in the process, both of whom, I stumbled upon reading a review by Deepthi Kumara Gunarathne, which he wrote for the collector's edition of K.K. Saman Kumara's "සර්පයකු හා සටන් වැද".

In the introduction, Zizek highlights Lacan's stance of "Return to Freud".   Zizek warns us that this as "not understand this return as a return to what Freud said, but to the core of the Freudian revolution of which Frued himself was not fully aware". He further elaborates a fundamental view of Lacan, which I copy in verbatim, "In Lacan's view, pathological formations like neuroses, psychosis and perversions have the dignity of fundamental philosophical attitude towards reality - When I suffer obsessional neurosis, this 'illusion' colours my entire relationship to reality and defines the global structure of my personality.... for Lacan, the goal of psychoanalytic treatment is not the patient's well being, successful social life or personal fulfillment, but to bring the patient to confront the elementary coordinates and deadlocks of his or her desire"  Zizek explains that such imaginary symbols such as "triad of imaginary, symbols and Real", are implicitly present in Freud even if  Freud didn't understand them as such.

The first chapter is titled "Empty Gestures and Performatives: Lacan confronts the CIA plot". Here he elaborates on how the idea of the Big Other works on the subject, a properly virtual, insubstantial subjective presupposition. Zizek explains the notion of empty gestues - gestures or offers that are meant to be rejected, yet, if not made amount to a breach in the code of behaviour. Another interesting insight is the irreducible gap between the enunciated  content, and the act of human speech; what is implied, what is told and what is not told outright for the path of normalcy to continue.

The Second Chapter titled, "The Interpassive Subject: Lacan turns a Prayer Wheel", begins by analysing such norms as chorus singing in Greek Tragedies, Hired Weepers at deaths and Canned Laughter on TV comedies,  and what that is meant to do, for the audience. This discussion then progresses to various actions that we make ourselves endure, since we belong to a community. There is a very powerful passage here about religion , which I copy in verbatim:
"With regard to religion, we no longer 'really believe', we just follow (various) religious rituals and behaviours as part of a respect for the 'lifestyle' of the community we belong to (non-believing Jews may obey kosher rules 'out-of-respect for tradition'). 'I do not really believe in it. It is just part of my culture' seems to be the predominant mode of the displaced belief, characteristic of our times.'Culture' is the name for all those things we practice without really believing in them, without taking them quite , seriously. This is why we dismiss fundamentalist believers as 'barbarians', as anti-cultural, as a threat to culture - they dare to take their beliefs seriously."

In the chapter titled "To Fantasy: Lacan with eyes wide shut", Zizek begins with an analysis of what man desire and how is is structured by the "decentralised" Big Other -  "the subject desires only in so far as it experiences the Other itself as desiring, as the site of an unfathomable desire, as if an opaque desire is emanating from him or her. Not only does the other address me with an enigmatic desire, it also confronts me with the fact that I myself do not know what I really desire, with the enigma of my own desire." For Lacan, fantasy provides an answer to the enigma of the Other's  desire. Here Zizek describes in detail how fantasy can best be explained using sexual intimacy, since that is the domain in "which we get closest to the intimacy of another human being, totally exposing ourselves to him or her." The mismatch of fantasy is how it is something to dream of, but what one usually flees from at the point of its realisation.

Chapter 4: Troubles with the Past: Lacan as a viewer of  Alien
Here Lacan introduces the Lamella, an imaginary organ which gives body to Libido, something similar to Freud's 'partial' object and which Zizek draws comparison with the Grin of the Cheshire cat, which survives its' disappearance."The Lamella inhabits the intersection of the Imaginary and the Real."  This chapter in particular, appears to be a relatively challenging Read.

Chapter Five is titled "Ego ideal and Super Ego: Lacan as a viewer of Casablanca". Here, Zizek speaks of one of the most important concepts that Lacan introduced - "jouissance" -translators of Lacan often leave it in French in order to render palpable its excessive, properly traumatic character. In this chapter Zizek discusses three of Frued's important terms - ideal ego, ego-ideal and superego. Zizek then goes on to elaborate how Lacan introduced these terms.
Ideal Ego- The way I would like to be; the way I would like others to see me.
Ego Ideal- The Agency  whose gaze I try to impress with my ego image, the Big Other who watches over me and impels me to give my best.
Super Ego- Is the same agency in its vengeful, sadistic, punishing aspect.
The rest of the chapter is dedicated to describing this, with such examples of Kutrz of Apocalypse Now, A Few Good Men and Vice President Dick Cheney's admission, that 'a lot of what needs to be done have, will have to be done quietly without any discussion', when fighting terrorism.

The Primary concept in chapter six that although God is Dead, he apperas alive for all practical purposes. ( i.e. God is Dead, But he doesn't know it). Lacan's premise was that "the true formula of atheism is not God is dead - the true formula of atheism is that God is unconscious" Zizek uses Dostoevsky's short story "Bobok". to explain. Zizek, moves forward from this primary concept to explain what tolerance really amount to. "Tolerance coincides with its opposite: my duty to be tolerant towards the other effectively means that I should not get too close to him,  not intrude into his/her space - in short, that I should respect his / her intolerance towards my over-proximity. This is what is more and more emerging as the central 'human right' in late-capitalist society"

The last chapter in this book is titled "The Perverse Subject of  Politics: Lacan as a Reader of Mohammad Bouyeri". The primary question discussed here is "Somebody has to do the dirty job, so let's do it! It is easy to do a noble thing for one's country, even to sacrifice one's life for it - it is much more difficult to commit a crime for one's country." Under this premise, the essay elaborates on the the Nazi executions and the Islamist extremist Bouyeri's killing in Amsterdam.

This book which is sure to make an impression on the interested reader,  not only discusses the views of Lacan and Zizek, but even Freud, as it discusses how Freud's theories, although not applicable in its' original form, serve to inspire and serve as a foundation for thinkers interested in  psychology. Further I have taken the trouble of writing this rather long essay ( which I doubt even a handful will read ), as an effort in grasping the core essence of this book, for this is the kind of book that a reader will return to, as a reference over time. Another point to note is that, I found Zizek much more comprehensible than our local thinkers who are influenced by Lacan, Zizek etc. I've been reading Gunaratne's "ඇසිඩ් වැස්ස", in which I found several of the concepts discussed in this book, usually adopted to a local context. Yet, there are digressions, use of Sinhalese terms not much in use, and ideas at times not expressed as clearly as a reader wishes, which can deter the reader. In that sense this book is rather "readable" albeit it is hardly everyone's cup of tea. I will not recommend this to anyone who is not even slightly intrigued by one's own mind, and the teachings' of Lacan and Zizek, not to mention Frued. For those who are interested, this book could very well serve as a launching pad for understanding other philosophies from these thinkers.

Saturday, 11 February 2017

The Sellout – Paul Beatty


“Unmitigated Blackness is essays passing for fiction…Unmitigated Blackness is coming to the realization that as fucked up and meaningless as it all is, sometimes it’s the nihilism that makes life worth living.”

Using humour, Sarcasm and Satire as Garbs, Paul Beatty has written a novel which questions the ethnic awareness innate in all of us, present in various degrees, some pronounced, others not so much, but ever present like a defilement or as an extrinsic. I feel it would be  a grave injustice to label this book  as pro-Black Fiction or under any such partisan theme – yet, it is based on a  minimalist pro-black foundation ( in contrast to Black foundation, which it undoubtedly is ).  It is more of an account of how this identity works in subtle ways, throughout our lives. In this narration, the narrator, “Me” by name, "Bonbon" by nickname, shows how most of his predominantly Black environment understands and reacts to America’s modern version of subtle, concealed racism. And we see examples of them, across the book.

“When a white bitch got problems, she’s a damsel in distress! When a black bitch got problems, she’s a welfare cheat and a burden on society. How come you never see any black damsels?”

“I seriously doubt that some slave ship ancestor, in those idle moments between being raped and beaten, was standing knee-deep in their own feces rationalizing that, in the end, generations of murder, unbearable pain and suffering, mental anguish, and rampant disease will all be worth it because somebody my great-great-great-great-grandson will have Wi-Fi, no matter how slow and intermittent the signal is.”

“Remember those photos of the black president and his family walking across the White House lawn arm-in-arm. Within those fucking frames at that instant, and only in that instant, there’s no fucking racism.”

Me’s dad, a genius social scientist (the “sole practitioner of the field of Liberation Psychology” ), used  his disappointing son was a convenient Lab Rat for most of his experiments. The changes happening in the neighbourhood - the change of the name of his city, “Dickens” which had a black identity (albeit a bad one), to a new one unannounced and  on the sly, and  the changes in his friend Hominy Jenkins, ( a former child star who never got his chance in his youth to fulfill his promise, now in his eighties and a little unstable )  who prefers to be a  slave to him, calling him the Master, make the narrator realise that not stressing ethnicity is counter-productive. . He then plots to bring back Racial segregation as a means of rebuilding his society.  It is subtly argued that  whatever ambition a relatively backward community can glean out to succeed, dilutes and disappears in the act of integration with a stronger, big other.  

On the subject of integration:
“you can’t force integration, boy. The people who want to integrate will integrate.” I’ve never figured out to what extent, if at all, I agree or disagree with him, but it’s an observation that’s stayed with me. Made me realize that for many people integration is a finite concept. Here, in Amercia, “Integration” can be a cover-up. “I’m not racist. My prom date, second cousin, my president is back (or whatever).” The problem is we don’t know whether integration is a natural or an unnatural state.”

It is this “cover up”, which bothers our narrator and makes him take up certain actions, which soon lands him in trouble ( The book starts with Me, at the doors of the Supreme Court of the United States of America ).

The humour is not confined to ethnic flavours. See the below for example:
“A Jaguar, one of those ugly American-made models was overturned in the fast lane. Its turtlenecked passenger unhurt, leaning against the median fence and reading a hardback novel you see only at airport bookstores. The rear-ended Honda sedan with both its back and its driver flattened and smoking, lay in the middle lane waiting to be carried to the junk and graveyards, respectively. Jaguar model names sound like rockets: XJ-5, XJ8, E-Type. Hondas sound like cars designed by pacifists and humanitarian diplomats. The Accord, Civic, insight.”

The Label, “The Sellout”, too is a misleading one, for the label comes from one who makes a living  out of the woes of others, and out of other people’s theories. Not withstanding the satire the book is oozing with, it is not always an easy read. For, as the narrator hints himself it is “an essay passing for fiction”. The book is filled with witticisms, at least some of which don’t have the same level of comprehension to us of a different cultural setting.  I honestly feel that I will never be able to enjoy the book as much as an American would. That is not to say that it shouldn’t be read, No. It can be read, and can most definitely be enjoyed too. Some knowledge of American popular culture would go a long way to make the most of this book – it is rich with references to famous characters – from Gary Coleman to Tupac to Prince ( of course, when is he ever absent ? )  to NWA,   Highly recommended for Readers who like Satire, and those with a keen eye for ethno-cultural subtleties. 

Friday, 3 February 2017

එක ම කතාව - ගුණදාස අමරසේකර



      

ප්‍රථම වතාවට 1969 දි ප්‍රකාශ වූ, ගුණදාස අමරසේකරයන්ගේ එක ම කතාව නම් වූ කෙටි කතා සංග්‍රහය කියවුවෙමි. මෙය ඔහුගේ තෙවෙනි හෝ සිව්වැනි කෙටි කතා එකතුව යැයි සිතමි. රතු රෝස මල සහ ජීවන සුවඳ හි නොමැති දේශපාලන මේරීමක් අමරසේකරයන් මේ තුලින් දෘෂ්‍යමාන කරයි. එපමණක් නොව මේ කෘතිය ප්‍රකාශයෙන් වසර දෙකක් අනතුරුව අප රට ඇති වූ ප්‍රථම කැරැල්ල, පිළිබඳ ඉතා සියුම් හෝ ඉවක් මේ කෘතිය ඔස්සේ හමන්නේ යැයි සිතිය හැකිය. ඒ අතින් අප රට මැද පංතියේ මිනිසුන්ගේ දෛනික ගිහි ජීවිතයේ ඇති උභතෝකෝටික, සමාජ -දේශපාලන කලකිරීම, සහ අප රට විසූ කීර්තිමත් කලාකරුවන් අලලා කල කර්කශ විචාර කෙටිකතාවක් ඔස්සේ ඉදිරිපත් කරලීම යන ප්‍රධාන ලක්ෂණ මේ කෘතිය තුලින් දැකිය හැක.


පසුකාලීනව ඔහුගේ දේශපාලන අනාවැකියක් සහ බලාපොරොත්තුවක් වූ ( එනමුදු ඔහු කියන අර්ථයෙන් කිසිදා සැබෑ නොවුනු ), "මෙරට අනාගතය ඇත්තේ උගත් ගැමි තරුණයන් අතේය" යන අදහස මුල් වරට කියවුණේ මෙහිදී දෝ යැයි කල්පනා කරමි. ඒ මෙහි එන "උපකොමසාරිස්" නම් කෙටි කතාවෙහි ය. එහි ම එන "අපි ආවෙ ලොකු චරපුරුෂ කාර්යයකට. අපි අද මෙහේ තරුණ සංවිධානයක් ආරම්භ කරනවා. ඒකට අපේ සහෝදරයො දෙදෙනෙක් කොළඹින් ඇවිල්ල ඉන්නවා", යන ප්‍රකාශය තුල 1971 ඇති වූ පළමු දේශපාලන කැරැල්ලේ ඉවක් ඇත්දෝයි සිතේ. මෙරට දේශපාලන ව්‍යූහය කෙතෙරම් පිළිකුල් කල ද, තමන් තුලින් ද  පංති ස්තර ඔස්සේ ඇට මිදුළු වලට කා වැදී ඇති මහන්තත්තය පිටුදැකිය නොහැකි වීමත්, තමන් ළඟා කරගෙන ඇති සැපයන් ඈත් කරලීමට පැකිලීමත් ඉතා මැනවින් මේ කෙටි කතාවෙන් පිළිඹිඹු වෙතැයි සිතමි.


අප රට විසූ කීර්තිමත්, එලෙසම අතිදක්ෂ කලාකරුවෙකුගේ පෞද්ගලික දිවියට ද අපහාස වෙන ආකාර නිර්මාණයක් ද මෙහි වෙයි. ඒ කෙටි කතාව කියවාගෙන යද්දි පාඨක අපිට මේ කියනුයේ මොහු ගැන නේ යැයි ඒත්තු ගැන්වෙන නිසා ය. ඒ  "එක් විදග්ධයෙක් හෙවත් අපූරු වන්දනා ගමනක්" යන කෙටි කතාව ඔස්සේ ය.
"තමුසෙත් සිංහලයෙක්නේ.. සිංහල ඈයින්ට තේරෙන එක ම තූර්ය භාණ්ඩෙ දවුල විතර යි... කන පැළෙන ඒවඉන් විතර යි රසයක් විඳින්න පුළුවන්... සිංහලයාගේ ඕළාරික භාවේන්ද්‍රියවලට මොන සියුම් රසයක් ද?"  මෙසේ කියා, අනෙක් පැත්තෙන් ඉන්දීය සංස්කෘතිය වැනීම ඔස්සේ, කෙතෙරම් නිවැරදිව එම කලාකරුවාව මින් නිරූපනය වන්නේ දැයි නොදන්න මුත්, ශරීර ලක්ෂන, ඔහුගේ ආවාහ විවාහ ආදියෙන් අමරසේකරුන් මේ ඇණුම් පද ගසා ඇත්තේ කවුරු ගැන දැයි වැටහේ. අමරසේකරයන් ගැන මට ඇති පැහැදීම සුළුවෙන් හෝ අඩු කිරීමට සමත් වූ කෙටි කතාවක් බව නොකියා ම බැරි ය. ඒ කෙටිකතාවේ දොසකට නොව, ඔහු අනුගමනය කල පිළිවෙත පිළිබඳව ය.

මීට යම් සමානතා පෙන්නුම් කරන කෙටිකතාවකි, මෙහි එන "නවකතාකරයකු ගේ ජීවිතයක්" යන කෙටි කතාව. නවකතාකරුවෙකු, තම විෂය උදෙසා භාවිතා කරනා සිද්ධීන් පිළිබඳ යම් පිළිඹිඹුවක් මෙහි දැක්වේ. මෙහි එන නවකතාකරුවා කෙතෙරම් ආර්මාර්ථකාමියෙකු ද යන්න ඉතා හොඳින් පෙන්වන,   ඉතා ඉහළ තලයේ නිර්මාණයක් ලෙස මෙය දකිමි.



මෙහි එන "එක ම කතාව" මා තුල යම් කම්පනයක් ඇති කරලීමට සමත් කෙටි කතාවකි. අයෙක් අවුරුදු ගණණාවක් පුරා පුරුදු වූ ජීවිතයෙක් ඈත් වී හිඳිද්දි, ඔහු ගේ අලුත් සිතුවිල් රටාව අනුව, තමන් පෙර කල රසවිඳි පරණ කතා අලුත් ආකාරයෙන් දැකීම, ඒවා තම නව වටපිටාව හා ගැලපීම ආදි මාන ඔස්සේ මා මහත් සේ රස විඳි කෙටිකතාවකි.
"සිරුර තුළ ඇඹරෙන වේදනාව ගසාදමා මා උන් තැනින් නැගිට කාමරයෙන් එළියට ආවේ කිසියම් කෝපයකිනි. මෑ මේ සියල්ල කියන්නේ කිසි දු සිත් පිත් නැති පුද්ගලයකු ලෙස නො වේ ද ? මා මෙයට කලකට පෙර මේ පුවත අසන විට ශෝකි ස්වරයක් දැන් ඈ තුළ නැත. මගේ හදවත සියුම් අවියකින් කැබලිවලට කපන සුලු මේ තොරතුරු ඈ පවසන්නේ ඉන් කිසියම් ආස්වාදයක් ලබන්නියක මෙන් නොවේ ද " මේ ඔහු සිතින් දෝෂාරෝපනය කරන්නේ ඔහුගේ මව ට ය.


මීට සමාන මාතෘකවක් ඔස්සේ නිර්මාණය වූ කෙටි කතාවකි "අතරමඟ" යන කෙටි කතාව. තම විවා පත් වූ අයියා සමඟ අමනාපයෙන් සිටින්නී, පෙර අයියා සමඟ ගත කල විනෝදමත් කුඩාකාලය මතක් කරමින් තමන් තුල ඇති ඉච්ඡාභංගත්වය පිළිඹිබු කරන කෙටිකතාවකි.
   

තම දෙමාපියන්ගේ බලාපොරොත්තු මත තම දිවිය දිය හැරි,  මැදි වියට ලංවූවෙකු, අමුත්තෙකු වශයෙන් පැමිණි තම යටත් නිලධාරියා සහ ඔහුගේ අලුත ගෙනා මනමාලිය ඔස්සේ තම සිත තුලට ස්ත්‍රී පහස එබිකං කරන අයුරු, ඉතා සියුම් ලෙස පෙන්නුම් කරනා රසවත්, එලෙසම සාර්ථක නිර්මාණයකි, "ධර්මසේන".


මෙහි එන "සිතුවම් පට" යන කෙටි කතාව තුල "ගන්ධබ්බ අපදානයේ" සියුම් හෝ ආභාෂයක් ඇත්තේ දෝ යි සිතේ. මුළු කෙටිකතාව ම සවසක මිතුරෙකුගේ පැමිණීම බලාපොරොත්තු වීමත්, ඒ ඔස්සේ අතීතාවර්ජනය සහ තත්කාලීන සමාජ දේශපාලන දිගහැරීමක් වන "මිතුරා බලාපොරොත්තුවෙන්" මෙහි එන අනෙක් කෙටිකතාව යි.
  
දුර්වල යැයි කිවහැකි කෙටිකතාවක් නොමැති මෙම සංග්‍රහය, අමරසේකරුන්ගේ සංක්‍රාන්ති සමයක ලියවුන්නක යයි සිතේ. ගමේ ජිවිතෙන් මෑත්ව නගරයට හුරු වීම, නොහොත් ගම අත හැරීම, සමාජ දේශපාලනය, නිර්මාණ කරුවන්ගේ මනෝභාවයන් යන කාරණා ඔස්සේ කෙටිකතා  බෙදී ගිය සාර්තක කෙටි කතා සංග්‍රහයක් ලෙස නම් කල හැකිය.