Sunday, 22 February 2026

පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර

 2024 වසරේ ප්‍රකාශ වූ නවකතා සඳහා වූ ස්වර්ණ පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් 'පියාසර සමය' නවකතාව කියවුවෙමි. කතුවරයා ගේ නවකතා කිහිපයක් ම මා සතුව වෙතත්, කිය වූ පළමු නවකතාව මෙයයි. 


ජීවිතය යනු තමන් මුහුණ දෙන තත්වයන්, වාතාවරණයන්, අනුව බොහෝ විට තීරණය වන්නක් බවත්, අයෙක් තමන්ගේ වටිනාකම් - විශ්වාසයන් මේවා යැයි සම්මතයේ සිටිය ද, ඒවා අභියෝගයට ලක් වන අවස්ථාවන් ගැන තේරුම් ගන්නේද තම ස්ථාවරයන් වලින් තමන්ට ද නොදැනී, හෝ තම අවදානය තම සිතට වංචනික ලෙස තමන් විසින් ම මෑත් කර ගත්තායින් පසු බව ගම්‍ය කරවන නවකතාවකි, පියාසර සමය. 

 මෑතක අප රට මුහුණ පෑ ආර්ථික කඩාවැටීම හමුවේ ඇති වූ ජනතා අරගලයන් හි ක්‍රියාකාරී සමාජිකයෙකු වූ චමත්, දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙන් කැනඩාවට යාමත්, එහිදී ඔහු ට ප්‍රතිවාදී දේශපාලන කඳවුරට ඥාතී සබඳතා ඇති මිලංකා ගේ හමු වීමත් නවකතාවේ ප්‍රධාන ආඛ්‍යායනට හේතු වුව ද, මට නම් නවකතාවේ වඩා රසවත් තැන් වූයේ සමහර දේශපලන නිරීක්ෂණයන් සහ බැඳීම් ඉදිරිපත් කොට ඇති තැන් සහ ඒවා හි විසං‍යෝජනයන් ගැන කියවෙන ඡේදයන් ය. නිදසුන් ලෙස මෙම අවස්ථා දෙක සලකන්න.


"ඔහුගේ ජීවිතයට අනවසරයෙන් පිවිස එහි ගමන් සිතියම වෙනස් කළේය යන පසුතැවිල්ලක් හැමදාමත් මිලංකාට තිබිණ. ඔහු සතු වගකීම් ඉටු කිරීමට ඔහුගේම වූ ක්‍රමවේදයක් තිබෙන්ට ඇත. එසේ නොතිබුණා නම් ජීවත්වීමෙන් ලබන පන්නරයෙන්, එය ඔහු එය සකසාගනු ඇත. එහෙත් ඔහු පොළඹවාගැනීමෙන් තමා කළේ ඒ ඔහුටම අනන්‍ය ජීවන මං පෙතක් අහුරා දැමීමකි. මේ සියල්ල සිදු වූයේ තමාගේ ලෝකයේ ඇති දැවැන්ත කුහරය වසා ගැනීමට ඔහු පාවිච්චි කිරීමෙන් නොවේද ?"

චමත් මානසිකවත්, ආර්ථිකවත්, වැටී සිටි අවස්ථාවේදී උදවු කර ඔහු මෙතෙක් නොවිඳි සෙනෙහසක් ලබා දී, ඔහුගේ බොහෝ ආර්ථික ප්‍රශ්ණ වලට පිටුවහලක් වුවද, මිලංකා තුල ඇති වූ වරදකාරී හැඟීම ඉස්මතු වූ අවස්ථාවකි මෙය.

එපමණක් නොව, චමත් කෙතෙරම් දේශපාලන මතවාදයේදී පරමාදර්ශි වී සිටියද, මිලංකා ගේ ආශ්‍රය නිසා, චමත් සහ ඔහු කලින් විරුද්ධ වූ පාර්ශවන් අතර වෙනස බොඳව ගොස් ඇති බව, ස්වයං විවේචානාත්මකව ඉදිරිපත් කල අවස්ථාවකි, මේ:

"ඈ පුෂ්පේගේ ධනය පරිහරණය කළාය. තමාටද මතු නොව තම මවගේ ඉඩමේ උගස බේරාගැනීමෙ සිහිනය වෙනුවෙන්ද වැය කරන්නට ඒ මුදල් උපයෝගී වන්නට ඇත. බොහෝ විට තමා ඉගෙනගන්නා පාඨමාලා ගාස්තු ගෙවා ඇත්තේ ඔහුගේ මුදලින් විය හැකිය. තමන්ගේ -විප්ලවීය වන්දනා ගමන- කියුබානු සංවාරය සිදුවන්නට ඇත්තේද ඔහුගේ මුදලින් විය හැකිය. අහස කඩා වැටෙන්නාක් මෙන්ද, මහ පොළොව තමාවද දරාගෙන ඉහළට එසවෙන බවක්ද ඔහුට හැඟේ. ප්‍රේමයේ  පරිත්‍යාගයන් ලෙස ලැබුණු ඒ සියල්ල තමාගේද, පියාගේද පරමාදර්ශ විනාශ කරන්නක් නොවෙද ?"


අනෙක් අතට, මිලංකා පුෂ්පේ කෙරෙහි එතරම් විවේචනාත්මක ව හැසිරී, ඔහුගේ මුදල් තමන් මෙතෙක් නොලැබූ දෙයක් ලබා ගැනීමේ ලෝබයෙන් නොපැකිළි වියදම් කරයි. එනම් චමත් සහ මිලංකා යන දෙදෙනාම තමන් පරමාදර්ශී ස්ථර වල සිට පහළ ස්ථරයකට ඇද වැටෙන්නෝය. පැදුරෙන් බිමට වැටෙන්නට නොහැකි නිසා පුෂ්පේ ඔහුගේ සතුරෙකුගේ ගොදුරක් වන තෙක් තමන් ගේ න්‍යායන් මත ම ජීවත් වනවා පමණක් නොව, පිටස්තර ලොවට වංක එහෙත් තමන්ගේ පටු සිතීම ට අවංක අංජලී ව ද ලං කර ගනී.

දේශපාලන දර්ශනයන් ඊට අදාළ ග්‍රන්ථ වල, මතවාදමය ලෙස කෙතෙරම් සංඝත වුව ද, ආකර්ශනීය වුවද, යථාර්තවාදීව ක්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය මහජනතාව කෙතෙරම් ගැහැටකට නතු කරගත හැකි දැයි නිදසුන් සහිතව මෙම නවකතාව පෙන්නුම් කරයි.  මේ තත්වයන් ජනතා උද්ඝෝෂණ සමයේ ශ්‍රී ලංකාවේ දේශපාලඥ්ඥයින් ක්‍රියාත්මක වූ ආකාරයෙන්ද, දශක ගණනාවක් ඔස්සේ සමාජවාදී දේශපාලනයෙන් බැට කන කියුබානුවන් මාර්ගයෙන් ද කතුවරයා පෙන්නුම් කර දෙයි. Harari ඔහුගේ Sapiens/Homo deus පොත් වල කියනා එක් කාරණාවක් නම්, පළමු ලෝකයේ ධනවාදී රාජ්‍යයන්, වාම දේශපාලනයේ මානුෂික ගුණාංග තම දේශපාලන භාවිතාවට එක්කාසු කරගෙන ඇති ආකාරයයි. එනම් දේශපාලන අන්තයන් හි නොරැඳී, තමන් කෙරෙහි ස්වයං විවේචනාත්මකව තම මග නිසි ලෙස වෙනස් කරගැනීමේ වටිනාකමයි.

මුල දී කී ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කල ද මෙම නවකතාවට මට ඉත සිතින් බැඳී කියවීමට නොහැකි විය. ඒ හේතුවෙන් ම දීර්ඝ කාලයක් ගෙන කියවන්නට වූ නවකතාවකි, මෙය. ඩෝනා ටාර්ට් (Donna Tartt) වන් ලේඛිකාවන් වේවා ( බලන්න The Goldfinch, The Secret History), Hanya  Yanagiraha ගේ A Little Life වේවා, මා මේ දින වල කියවන කිරන් දේසායි (Kiran Desai ) ගේ The Loneliness of Sonia and Sunny හී වේවා, නවකතාවේ පාත්‍ර වර්ගයාගේ ජීවන රටාව ට බැඳි විෂයන් ගැන තරමක් විස්තර කිරීම නූතන නවකතාවට ගෝචර වුවද, පියාසර සමයේ එන අමතර විස්තර පාඨකයා නවකතාව කියවීම අඩාල කරවන බවකි මගේ අත්දැකීම. එරික් ගේ මුල් කාලින නවකතා වල මීගමුවේ ජීවන රටාව අපට ඉදිරිපත් කර තිබුනේ පාඨක රසය වඩවන ආකාරයෙනි. අදටත් මීගමුවේ මීට වසර 30-50 කලකට පෙර අහුමුලු වල ජීවිතය ගැන ගුප්ත රෝමාන්තික අදහසකි අප සතුව ඇත්තෙ. එහෙත් මෙම නවකතාවේ විටෙක කැනඩාවේ විස්තර සඳහන් කර ඇත්තේ නවකතාවකට සුදුසු ආකාරයකට වඩා ටොරොන්ටෝවේ විස්තර ගැන අවබෝධයක් පාඨකයාට ලබා දීම කතු වගකීම ලෙස සිතනාකාරයෙනි. මා ඇතුලත් කියවීම් කණ්ඩායමේ අන් කියවන්නන් කිහිප දෙනෙකු ම මෙම පොත විෂයෙහි ඒ විවේචනය නැගුවෝය. ඒ නවකතාවට විෂය වී ඇති පසුබිම තරමක් නව්‍යතාවකින් යුක්ත වුවද, පාඨකයා නවකතාවෙහි රඳවා තබා ගැනීමට ඇවැසි ගලායෑම් වේගය අනවශ්‍ය විස්තර මගින් අඩාල කෙරී ඇති හෙයිනි.  

ඒ විවේචනයන් මධ්‍යයේ වුව ඇත්තෙන් ම අවසන් ලෙස සම්මානයක් ජයගැනීමට උචිත යැයි සිතූ ලෙස නවකතාවන් ලෙස මා කියවූයේ 2019 ප්‍රකාශ වූ පේත සහ නිශ්ක්‍රාන්තිය යි (ඒ දෙකට ම වඩා නිම්නා ගේ ඉතිහාසය විශිෂ්ඨය - ඇත්තෙන් ම මට නම් එය මෑත කාලයේ අප රට ප්‍රකාශ වූ ශ්‍රේෂ්ඨතම නවකතාවයි.) ඉන් පසු මෙම නවකතාව මා කිය වූ සම්මාන ජයග්‍රාහී නවකතා අතරින්, සම්මාන ජයගැනීමට තරම් විභවයක් තිබූ නවකතාවක් ලෙස මෙය පිළිගත හැක - එහෙත් ඒ සිත පුරා නොවේ,  අකමැත්තෙන් වුව, ශාඛ්‍යතාව සපුරලන කාරණා යන්තං පසුකරනා නිසා ය. පසු ගිය කාලයේ සිංහල නවකතා කියවීම වඩාත් අඩු වී ඇත්තේ ඊට මිඩංගු කරන අප සතු සීමිත කාලය ( හෙවත් අපේ ජීවිතයේ කාල කොටස් ) ට සුදුසු ප්‍රතිලාභ නොලැබෙනා නිසාය. 

( සැ.යු. පසු ගිය අවුරුදු පහ ඇතුලත සම්මාන ජයගත් නවකතා අතරින් තවම ප්‍රේමානිශංස, වාපි, එරික් ගේ සඳ ගමන, නකුල මුනි, පහනක අඳුර තවම කියවා නැත - එහෙත් සම්මාන ජයගත් මැස්සා සහ තිවංක කතාව කිය වූ මට එරික් ගේ මෑත කාලීන නවකතා ගැන එතෙරම් බලාපොරොත්තු නැත. )

ශ්‍රේණිය: ****



Thursday, 29 January 2026

Flashlight - Susan Choi

 Read the fifth of the Booker short listed nominees of 2025, namely, Susan Choi's Flashlight.

 There are some authors, where upon reading them the first time, one looks forward to exploring their other works. It has happened a couple of times - Donna Tartt, Kazuo Ishiguro, Julian Barnes, comes to mind. Susan Choi now joins that list as at least Trust Exercise. Plus, out of the five Booker nominees that I read, this one clearly had the best plot (while 'Flesh' and 'The Rest of Our Days' rate highly for other aspects - more on that on another essay ).


On Flashlight;
While the main plot of the novel involves the inhuman behaviour of a rogue state, in destroying the innocent lives, not only of their own citizenry, but those that of neighbouring too. Choi excels in revealing only when she absolutely have to, this rogue nation's utter disregard for human rights, as apt to the key characters of this novel. Further credit is due to Choi, for the characters she has chosen and how they she grooms them - especially Anne and Louisa. I should say, Serk too - but we don't see much into Serk's way of thinking, other than his single mindedness, his brilliance, and his short comings and idiosyncrasies in the limited exposure we get of that character. What I suggest is that any further exposure to that character could've been too much to that character, and in turn the respect, and maybe a hint of reverence that the reader feels towards the end of the book. The character development's depth can be illustrated with the following for example:
"Both had gone off the tracks before finishing high school, both- despite intelligence that, if disregarded by those nearest them, had later caught a more discerning eye- had hovered uncertainly in the vicinity of, but never managed to keep themselves enrolled at, a college."

Building the characters of a mother and daughter - who had differences throughout their lives, and then point out similarities in this fashion, as well as how Louisa is a better parent than her mother, more like her father goes out to show the nuanced consideration that has gone into this excellent work.

Another aspect that Choi points out quite well is how  in the interest of avoiding geopolitical unrest, nations will turn a blind eye to single, or relatively few cases, of their citizens being victimised. It clearly suggest the necessity of organizations for upholding of human rights, irrespective of international politics, politicising those very organizations.

To wind up, this is an excellent book, well worthy of the international recognition the book received. I have already made a note to read at least one more book by the author, which the literati has praised.

Rating: ****1/2