2018 වසරේ බොහෝ සම්මානයනට නිර්දේශ වූත්, මට මතක පමණින්, රාජ්‍ය සාහිත්‍ය සම්මානය ජයග්‍රහණයට සමත් වූ ද, විමල් උදය හපුගොඩාඅරච්චි ගේ "යකඩ සිල්පර" නවකථාව කියවීමි. සමහර නවකතා, වත්මනයේ නවකතා යන නිර්මාණයේ තිබිය යුතු යැයි සාමාන්‍යයෙන් හඟින, සංකේත භාවිතාව, ආකෘතික වික්‍රමයන්, චරිතයන් හි පිරිපුන් බව, ආදිය ගැන අවදානයට වඩා වැඩි අවදානයක් කථා රසයට යොමු කරයි. මේ කෘතිය හෝ, ඊටත් වැඩියෙන් කතා රසය වෙනුවෙන් යොමු වූ සිංහල නවකථාවක් මෑතක කියවූවේ නම්, ඒ නෝබට් අයගමගේ ලියූ "කාල නදී ගලා බසී" විය යුතුය. එහි දොසක් වූයේ නම් එහි ප්‍රධාන චරිතය වූ සාදිරිස් නවකථාවේ සීමාව තුල වීරයෙකු තරම ට ඉහළ නංවා තිබීම ය. ඒ දොස අතහැරියොත් එය කතා රසයෙන්, ඉතිහාස රසයෙන් පිරිපුන් නිර්මාණයකි. එය ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ බවකි මට මතක.
යකඩ සිල්පර ද කථා රසයෙන් පෝෂිත ය. සාදිරිස් වන් වීරයෙකු නැති වීම කථාවේ වටිනාකම වැඩි කිරීමට හේතු වේ. කුරුණෑගල සිට වන්නි හත්පත්තුව හරහා අනුරාධපුරයට ද, එතනින් උතුරුකරේ ට ද, කෝච්චි පාර තැනූ යුගයයි ඒ. අදට ද ඒ කෝච්චි පාර ද, ඊට බොහෝ සෙයින් සමාන්තරව දිවෙන, පසුව තැනුනු, පාදෙනිය- රිදීබැඳි ඇල්ල පාර ඔස්සේ , අනුරාධපුරයට දිවෙන පාර ත් (ඇල්ල පාර), මේ කෘතියේ කියෙනා යුගයේ ලක්ෂණ මද වශයෙන් කියා පායි. අදට ත් අයෙක් රාත්‍රි කෝච්චියෙන් අනුරාධපුරය දිසාවට ගමන් ගන්නේ නම්, ඇත්තෙන් ම තරමක් නාගරීකරණය වී තිබුන ද, ළඳු කැළෑ හරහා දිවෙන ස්වභාවයක්, කැළෑ ආශ්‍රති පාළුවක්, ඒ කළුවර ඇතුලේ මගියා ට අඟවයි. රාජාංගණයට, හත්තිකුච්චියට අවතීර්ණය ඇත්තේ මේ "ඇල්ල පාරෙනි". වැව් වලින් සහ කුඹුක් ගසින් දෙපස පිරි පාරක් වන "ඇල්ල පාර" මා පෞද්ගලිව අනුරධපුරයට යාමට වඩාත් ප්‍රිය කරන පාරයි. මේ කෘතියේ කියවෙන යුගයේ "ඇල්ල පාර" තිබී නැත. එහෙත්, නිකවැරටිය ඔස්සේ අඹන්පොළ හා තඹුත්තේගම ට පාරක් පැරණි පාරක් තිබී ඇත. එය මේ කෘතියේ කියවෙන ආරේ "පිං පාරක්" වෙන්ටැති - ඒ වසර සියගණන් හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ භාවිත කැළෑ පාරක ට කියනා නමක් යැයි සිතුවෙමි. එහෙත් ලේඛකයා සමඟ කෙටි පෙළිසඳරකින්, ඒ සුද්ද්දාගේ කාලේ අවුරුද්දක ට දින කිහිපයක් ( හතක් ? ) ශ්‍රමය ලබා දීමෙන් නඩත්තු වූ කරත්ත පාරවල් බවක් දැන ගත්තෙමි. ඔහු තව දුරටත් කියා සිටියේ රිදීබැඳිඇල්ල පාර කෝච්චි පාර නිමැවිමෙන් අනතුරුව, සෑදු එකක් බවයි. එවිට මට මතක් වූයේ මාර්ටින් වික්‍රාසිංහයන් ඔහුගේ කළුනික සෙවීම කෘතියේ පුත්තලම, කළුවරගස්වැව, නොච්චියාගම හරහා අනුරාධපුර ගිය හැටිය. සමහර විටෙක වික්‍රමසිංහයන් ඒ ගමන ගිය යුගයේ ප්‍රධාන අනුරාධපුර පාර, පුත්තලම හරහා යෙදී තිබෙන්න ට ඇත. මේ ටික කීවේ, කෘතිය මට කෙසේ ආමන්ත්‍රණය කරන්නේ ද යන්න පිළිබඳ ඇඟවීමට ය. මීට, එහි යෙදෙන පැරණි ව්‍යවහාරික භාෂාව, තවත් රසය උත්පාදනය කරයි. ඒ කතුවරයා ගේ පරීක්ෂණ වල ප්‍රතිඵලය. මේ සියල්ලෙන් සිදුකෙරෙණුයේ, නවකථාවේ අවකාශය නිර්මාණයයි. ඒ අතින් කතුවරයා ට උපරිම ලකුණු බිහි විය යුතුය. හපුගොඩාඅරච්චි අඹන්පොළ අයෙක් වන අතර, නවගත්තේගම ප්‍රවේශය ද මේ පාරෙනි.
නවකථාවේ එන කතාව ද බොහෝ සෙයින් රසවත් ය. ගවරා නම් වූ කැළෑ මිනිසෙකු ගැන සඳහනක් වේ. ඒ චරිතය ප්‍රබන්ධයකි. අයෙකු ට ඒ චරිතය ඔස්සේ කථාවේ විශ්වාසනීයත්වයට යම් අභියෝගයක් එල්ල වන්නේ යැයි සිතෙනු ඇත. කිම ද අන් තැනෙක මේ පොතේ "ටාසෑන්" කෙනෙකු ද ඉන්නා බව අයෙකු කියා තිබෙනු දුටුවෙමි ( ඔවු, යම් ආරක ජේන් කෙනෙකු ද වේ ) . පෞද්ගලිකව මම ගවරා හේතුවෙන් කථාවට මහා හානියක් සිදු වූයේ යැයි නොසිතමි. ඒත් කථා රසයට ගවරා සම්මාදම් වී ඇත.
මෙහි එන ඩන්ස්ටන් මුලර් සහ රූත් විල්යමස් (මුලර්) යුවල යන ද්විචරිතයන් ගොඩනගා ඇති ආකාරයට මා ප්‍රියය. සුදුත් නැති කළුත් නැති, එහෙත් යුගයේ සාමාන්‍ය හැසිරීම් රටාවන් මධ්‍යයේ වුව යම් මානුෂීය ස්වභාවයක් සම්ප්‍රයුක්තයක් ලෙස පෙන්නුම් කරනු පමණක් නොව, යම් ආරක නවීනත්වයක සිතුම් පැතුම් පෙන්වන්නෝය, මෙහි එන චරිත බොහෝමයක්. එපමණක් නොව, රම්බා වේවා, පදක්කයා වේවා, සොයිසා වේවා, වඩා ස්වභාවික චරිතයන් හේතුවෙන් නවකතාවේ අගය කල යුතු පාර්ශවයන් වැඩි යැයි සිතමි. කළු චරිත නැත්තේ නොවේ - එහෙත් අළු චරිත රැස මැද කළු චරිත ස්වල්පයක් තිබීම, කෘතියේ පමණක් නොව කතුවරයා ව ද, වඩා උසස් තලයක පිහිටුවා ඇත. කතුවරයා, ආරච්චිල දකින්නේ ද, තමනට සාම්ප්‍රදායිකව ලැබෙමින් තිබූ යම් යම් ලාභ ප්‍රයෝජන නැති වීමේ වේදනාවෙන් ක්‍රියා කරන්නෙකු ලෙසට ය.
සමස්ත වශයෙන් ධනාත්මක ලක්ෂණ වැඩි, කථා රසයෙන් පිරි, එක දිගට කියවීමට පෙළඹෙන ආරේ කෘතියකි. පෙර යුගයක ට සිතින් ගොස්, රසවත් කතාවක් කියවීම ට කැමති අයට නිර්දේශ කරමි.
( 2017 ප්‍රකාශ වූ, 2018 නේක සම්මානයනට නිර්දේශයට සුදුසු වූ, මා මෙතෙක් කියවූ කෘති ගැන සාරාංශය: පළමු ස්ථානය "පේමතො ජායති අසෝකෝ", දෙවෙනි ස්ථානය "බලකොටු සහ නෞකා", තෙවෙනි ස්ථානය "යකඩ සිල්පර", සිව්වෙනි ස්ථානය "චක්‍ර"; කියවා ඇති මුළු කෘති ගණන අටයි ; තව කෘති දෙකක් කියවීමට ඉතිරිව ඇත )